Wednesday, June 1, 2022

 

රටේ පවතින ආර්ථික තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවෙන් හජ් වන්දනාව සඳහා කිසිවෙක් නොයවන බව මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.

ජාතික හජ් කමිටුව, හජ් සංචාරක සංවිධානය, මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව ඇතුළු පාර්ශව කීපයක් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව එම තීරණයට එළඹ තිබේ.

මෙවර හජ් වන්දනාව සඳහා ශ්‍රී ලංකාවෙන් පුද්ගලයින් 1585ක් සහභාගී වීමට අවස්ථාව හිමිව තිබිණි.

රටේ පවතින ඩොලර් හිඟය මෙම වන්දනාකරුවන්ට සිය ආගමික සංචාරය අහිමි කර තිබේ. තත්ත්වය එසේ වුවද එළඹෙන ජූලි මස 10 වෙනි දින යෙදී ඇති හජ් උත්සවය වෙනුවෙන් මෙරට ඉස්ලාම් දේවස්ථාන වල විශේෂ ආගමික වැඩසටහන් රැසක් ම සංවිධානය කරමින් පවතින බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය .

No comments:

Post a Comment