Thursday, September 1, 2022

උද්දමනය තුන්ගුණයකින් වැඩිවෙලා




 රුපියල් හැට තුන් දහසක් ලෙස පැවති ශ්‍රී ලංකාවේ සාමාන්‍ය පවුලක 2019 වර්ෂයේ මාසික පරිභෝජන වියදම (ආහාර ඇතුළු විවිධ භාණ්ඩ සඳහා වැය කරන මුදල) උද්ධමනකාරී තත්ත්වය හේතුවෙන් අද ​ෙවනවිට රුපියල් එක් ලක්ෂ දස දහස දක්වා රුපියල් 47,000කින් පමණ ඉහළ ගොස් ඇතැයි විශේෂ අධ්‍යයනයකින් පෙනීගිය බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා  පැවැසීය.   

රුපියල් දාහතර දහස් පන්සියයක් (14,500ක්) ලෙස පැවති මෙරට අන්ත දුගී පවුලක 2019 වර්ෂයේ මාසික පාරිභෝජන වියදම උද්ධමනකාරී තත්ත්වය හේතුවෙන් අද ​ෙවනවිට රුපියල් විසිපන් දහස් පන්සියයක් (25,500) දක්වා රුපියල් එකොළොස් දහසකින් (11,000) පමණ වැඩි වී ඇතැයි පවසන මහාචාර්යවරයා මෙම දුගී පවුල් සමාජයට ලක්ෂ 21ක ජනගහනයක් ඇතුළත් වන බව ද සඳහන් කළේය.   


රුපියල් එක්ලක්ෂ අනූ අට දහසක් ලෙස පැවැති මෙරට ඉහළ ආදායම් ලබන පවුලක 2019 වර්ෂයේ මාසික වියදම උද්ධමනකාරී තත්ත්වය හේතුවෙන් මේ ​ෙවනවිට රුපියල් තුන්ලක්ෂ හතළිස් පන්දහසක් දක්වා රුපියල් එක්ලක්ෂ හතළිස් දහසකින් වැඩිවී ඇතැයි ඔහු පෙන්වා දුන්නේය.   


එම ඉහළ ආදායම් ලබන පිරිසට ලක්ෂ 20ක ජනගහනයක් ඇතුළත් ​ෙවන බව ද වසන්ත අතුකෝරළ මහතා කීවේය.   


එසේම රුපියල් හතළිස් අට දහසක් ලෙස පැවැති මෙරට මැදි ආදායම් ලබන පවුලක මාසික වියදම උද්ධමනකාරී තත්ත්වය හේතුවෙන් මේ ​ෙවනවිට රුපියල් අසූතුන් දහසක් දක්වා රුපියල් තිස් පන්දහසකින් වැඩි වී ඇති බව එම අධ්‍යයනයේදී පෙනීගියේ යැයිද මහාචාර්යවරයා පැවැසීය.

 -‘ඉරිදා ලංකාදීප’

No comments:

Post a Comment