Thursday, September 1, 2022

සිරිසේන හිටලර්ට අඳීයි - ශ්‍රීලනිපය කම්මුතුයි

 



ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ඔනෑම සාමාජිකයෙක් ඉවත් කිරීමේ බලය පක්ෂයේ සභාපතිවරයාට ලැබෙන පරිදි පක්ෂ ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කිරීමත් සමග ඔහුට පක්ෂ අභ්‍යන්තරයේ දැවැන්ත විරෝධයක් එල්ල වෙමින් තිබේ.

මෙම ව්‍යවස්ථා සංශෝධනයට ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම දැඩි ලෙස විරුද්ධවී ඇති අතර සිරිසේන මහතාට හිතවත් පිරිසක් පමණක් ඒ සඳහා පක්ෂ වී තිබේ.

පක්ෂ ව්‍යවස්ථාවට මෙලෙස සංශෝධන එකතුකරන බවට පෙර දැනුම්දීම් නොකර මධ්‍යම කාරක සභාව කැදවා ඇති අතර එහිදී මේබව දැනුමදී තිබේ. ඒ අවස්ථාවේදී මධ්‍යම කාරක සභාවේ විශාල පිරිසක් එයට විරුද්ධවී ඇති බවද වාර්තාවේ.

පක්ෂයේ සභාපති ඒකාධිපති බලය නිර්මාණය කරගත් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම එයට විරුද්ධ බවත් නිමල් සිරිපාලද සිල්වා ඇතුළු මන්ත්‍රීවරු රැසක් ඊයේ(01) පැවසුහ.

සර්ව පාක්ෂික ආණ්ඩුවේ අමාත්‍යධුරයන් ගැනීම වැළක්වීමට සභාපතිවරය මෙලෙස හිතුමතේ කටයුතු කරන බවද නව පක්ෂ ව්‍යවස්ථා සංශෝධනයෙන් උප සභාපතිවරුන් 14 ක් පත් කිරීමටත් උපලේකම්වරුන් 08 ආදී නිලධාරීන් 40 ක් පත්කිරීමට යෝජනා කර ඇති බවද , පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා අදහස් දක්වමින් පැවසීය.

පක්ෂයේ ව්‍යවස්ථාව සංශෝධනය කරන්නේනම් එය සමස්ත ලංකා කාරක සභාව වෙත යොමුකර සංශෝධනය කළ යුතු අතර එසේනොකරන්නේනම් විශේෂ කාරක සභාවක් රැස්කර එය සිදුකළ යුතුය. විශේෂ කාරක සභාවක් රැස්කිරීමේදී අදාළ කාරණය දැනුම්දී සාමාජිකයින් කැදවිය යුතු අතර මෙහිදී ඒ කිසිවක් සිදුවී නොමැති බව ශ්‍රිලනිප පාර්ලිමේන්තු කණ්ඩායම සඳහන් කරයි. අවශ්‍යනම් මේ සඳහා නිතිමය ක්‍රියාමාර්ග ගතහැකි බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේය. පක්ෂ සභාපති සිරිසේන මහතාගේ මෙම තීරණය සමග පක්ෂය යළිත් දෙකඩ වීමේ අර්බුධයක් ඇතිවී තිබේ.

 

No comments:

Post a Comment