Thursday, May 5, 2022


 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් තීරණ ගැනීම සඳහා උසස් නිලධාරීන්ගේ තනතුරුවල වෙනස්කම් කිහිපයක් කර ඇති බව පුවත්පත් කිහිපයක් වාර්තා කර තිබෙනවා.


ඒ අනුව ජනාධිපති ආරක්ෂක සේනාවේ සහාය සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු පත්කර ඇති බවයි වාර්තා වන්නේ.


එමෙන්ම පුත්තලම භාර නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා මහතා ජනාධිපති ආරක්ෂක සේනාවේ පොලිස් කණ්ඩායම් භාරව පත්කර තිබෙනවා.


මේ අතර බුද්ධි හා ආවේක්ෂණ අංශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බී.ටී. ජයලත් ඇතුළු සියයක පොලිස් බුද්ධි අංශ කණ්ඩායමක්ද ජනපතිවරයාගේ ආරක්ෂක කටයුතු සඳහා පත්කර ඇති බවද වාර්තා වනවා.


මේ අතර ජනපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් පසුගිය 04 වනදා ආරක්ෂක අමාත්‍යංශයේදී පවත්වා ඇති බවද පුවත්පත් කිහිපයක් වාර්තා කරනවා


 2018 වසරේ මැයි 24 වනදා මාවනැල්ලේ බුදු පිළිමවලට හානි කළ බව කියන සිද්ධියට අදාළව වසර 03 කට වැඩි කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවන් 14 දෙනෙකු නිදොස් කොට නිදහස් කරන ලෙස මාවනැල්ල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා ඊයේ (05) නියෝග කළා.


මෙම පුද්ගලයන් 14 දෙනාට අමතරව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ තවත් සැකකරුවන් 7 දෙනෙකු ඇප මත මුදාහැරිමටයි.


නිදොස් කොට නිදහස් කර සැකකරුවන් 14 සම්බන්ධයෙන් නීතිපතිවරයා අධිකරණයට දැනුම්දී ඇත්තේ ඔවුන් සම්බන්ධයෙන් මින් ඉදිරියට නීති මගින් කටයුතු කිරීමට බලාපොරොත්තු නොවන බවයි.


ඒ අනුව අධිකරණය ඔවුන්ට නිදහස ලබාදී තිබෙනවා.

 පාර්ලිමේන්තුව අසල නව ගම්මානයක් ඉදි වී තිබෙනවා.


ඒ ‘හොරු ගෝ ගම’  නමින්.


ඊයේ (05) දින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධානය කරන ලද දැවැන්ත පා ගමන කෙළවර වූයේ, පොල්දූව වටරවුමෙන් වසා තබා පාර්ලිමේන්තු මාර්ගයට ශිෂ්‍ය අරගලකරුවන් ඇතුල්වීමට උත්සාහ කිරීමත් සමගයි.


විජේරාම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අසලින් ඇරඹි දීර්ඝ පා ගමන හයිලෙවල් – නුගේගොඩ හරහා රාජගිරියෙන් පැමිණියේ බත්තරමුල්ල වෙතයි.


ඉන් අනතුරුව පාර්ලිමේන්තු කටයුතු සඳහා මාර්ග බාධක යොදා වසා දමා තිබූ පාර්ලිමේන්තු මාවතට උද්ඝෝෂකයින් ඇතුල්වීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති වුණා.


ඒ පොලීසිය සහ අරගලකරුවන් අතරයි.


යොදා තිබූ පොලිස් මාර්ග බාධක බිඳ හෙලමින් ඉදිරියට ගමන් කිරීමට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සහ විරෝධතාකරුවන් උත්සාහ කිරීමත් සමග විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලීසිය විසින් කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කළා.


ඉන් අනතුරුව විරෝධතාකරුවන් සිය අරගලය නොනැවතී රැගෙන යාමට ඊයේ රාත්‍රියේ දී බිඳ දැමූ පොලිස් මාර්ග බාධක උපයෝගී කරගනිමින් පාර්ලිමේන්තු මාවත අවට රැය පහන් කිරීමට අට්ටාල සැකසීම ආරම්භ කෙරුණා.


ඒ අනුව අරගලකරුවන්ට අවශ්‍ය ආහාරපාන ලබාදීමට ඊයේ රෑ වනවිටත් වැල නොකැඩී විව්ධ පාර්ශ්වයන් ඉදිරිපත් වුණා.




 විමල්- ගම්මන්පිල-ගෝටා තුන්කොන් ප්‍රේමයට කරූ වැට බදියි ද?

 

ජවිපෙ ලාංඡනේ  වෙච්ච සීනුවේ ගෙඩිය කියල ඉස්සර කිවුවේ විමල් වීරවංශට. ගම්මන්පිල කියන්නෙත් ඒකාලේ නමක් දිනාගත්තු නායකයෙක්. එත් අද වෙනකොට මේ දෙන්න දකිනකොටත් මිනිස්සුන්ට  උඹ නොදකින් කියන තරමටම එපා වෙලා ඉවරයි. රාජපක්ෂවරුන් එක්ක ඔවුන්ට කඩේ ගිය නායකයෝ සේරම ජනතාව ප්‍රතික්ෂේප කරන්න අරන් ඉවරයි. එනිසා විමල්- ගම්මන්පිල කියන්නේ තවදුරටත් දේශපාලන සරණාගතයෝ දෙන්නෙක් විතරයි කියල අපි හැමෝම දන්නවා. ඉතින් මිත්‍රවරුනි මේ නිර්ලජ්ජිත දේසපාලුවෝ දෙන්න කියන සුරංගනා කතා කවුද ගණන් ගන්නේ?

අවලස්සන ඇමෙරිකානුවෙක් එක්ක හාද වුන අවලස්සන බීච් බෝයිස්ලා දෙන්නෙක් වගේ ඒ දෙන්න අයෙත් බැසිල් ගෝටා එක්ක එකතුවෙලා. ඉස්සරහ හිටිය මහත්මා දේශාපාලනය කරපු නායකයෝ එක්ක බලද්දී මේ මිනිස්සු මොක්කුද කියලත් හිතෙනවා. ඩී එස් සේනානායකගෙන් ආරම්ඹ වෙච්ච මහත්මා දේශපාලනය චන්ද්‍රිකා මැඩම් ගෙදර යනවත් එක්කම ඉවර වුනාද කියලත් හිතෙනවා. ඉස්සර් නායකයෝ මොනා වුනත් තමන්ගේ ගෞරවේ තියාගෙන හිටිය. කොහොම වුනත් මේ සිදධි අතරේ තව අපූරු දේකුත් වෙලා තියෙනවා. ඒතමයි හිටපු කතානයක කරු ජයසූරියත් මේ අවලස්සන බීච් බෝයිස්ලා දෙන්නට තරවටු කරලා තියෙනව. රට විකුණන් නැතිව පාඩුවේ ඉන්නවා අයිසේ කියල කරු මේ දෙන්නටම බැනල තියෙනව. එවෙලාවේ විමල්ගෙයි ගම්මන්පිලගෙයි කටවල් ඉබේම වැහිලා තියෙනව. දින 52 කට මහින්ද අගමැති කරලා කරූට අපහාස කරපු අය අතරෙත් මේ දෙන්න ඉස්සරහින්ම හිටිය. කොහොම වුනත් ඒ වෙලාවෙත් කරු මේ දෙන්නව ගණන් ගත්තේ නෑ. මොනා වුනත් කරු ජයසූරියට මේ දෙන්නට එහෙම කතා කරන්න බයවෙන්න හේතුවකුත් නැනේ. එනිසා විමල්- ගම්මන්පිල-ගෝටා තුන්කොන් ප්‍රේමයට කරූ වැට බදියි ද?

Wednesday, May 4, 2022

අන්තර් වාර පාලනයේ නායකත්වයට ගැලපෙන්නේ කවුද?

 අද අපේ රටේ තියෙන ප්‍රශ්න ටික ඇහුවොත් අපි ආසියාවේ විතරක් නෙවේ මුළු ලෝකෙම අශ්චර්යට යන දවස වැඩි ඈතක නෙවේ කියල කවුරුත් දන්නවා. ඒ තරම් මුළු ලෝකෙම අපි හරි ප්‍රසිද්ධයි. ඉතින් මේ තත්ත්වෙන් අපි කවදද ගොඩට එන්නේඅද මුළු රට පුරාම අරගල කරන අය කියන්නේ මේ ඉන්න ජනාධිපතිවරයා ඇතුළු අගමැතිවරයා ඇතුළු 225ම ගෙදර යන්න ඕන කියලයි. එකට අපි කවුරුත් එකගයි. හැබැයි ඊට පස්සේ තියෙන ප්‍රශ්නේ තමයි ඊට පස්සේ අපි කවුද ගේන්නේ කියන එක. ගොඩක් අය ඒගැන කතා කරන්නේ නැ . එත් අපිට වැඩපිළිවෙලක් තියෙන්න ඕන. එහෙම නැති වුනොත් අපි ඉන්න තැනෙනුත් තවත් පහලට වැටෙනවා. 

ඉතින් මිත්‍රවරුනි අපි කාවද ගේන්නේ?

දැන් ඕකයි පුරස්නේ. සමහරු කියනවා තරුණයෙක් ගෙන්න ඕනලු. සමහරු කියනවා දෙසපාලනේ කරපු නැති කෙනෙක් ගෙන්න ඕනලු. ඔය වගේ කතා ගොඩක් හැමතැනින්ම ඇහෙනවා. මේකයි සහෝදරයා අපි ඇත්තටම දැන් ඉන්න 225නිසා ලොකු කට්ටක් කාල ඉන්නේ. එත් අපි මුලින්ම කල්පනා කරන්න ඕන අපි දැන් ඉන්න තත්ත්වේ ගැන. අපිට එදිනෙද අවශ්‍යතාවයන් ටික විසඳ ගන්නවත් සල්ලි නැ. මේ හොර ආණ්ඩුව ඉන්නකල් ලෝකේ ඉන්න එකෙක්වත් අපිට සල්ලි දෙන්නේ නැ. එහෙනම් ඡන්ද තියනවාජනමත විචාරණ තියනවා වගේ විහිලු කතා නොකිය ඉන්න වෙනවා. අපිට ඒවාට සල්ලි නැ. එනිසා ලිඳට වැටුණු අපි දැන් ලිං කටෙන්ම ගොඩ එන්න ඕන. ඒක නිසා අන්තර්වාර පාලනයකට යනවා හැර වෙන විසඳුමක් නැ. ඒකට සමාජේ ඉන්න විවිධ අය එකතු කරලා කණ්ඩායමක් හදන්න ඕන. උපරිම ඇමතිවරු 15 වගේ ඉන්න ආණ්ඩුවකට යන්න වෙනවා. එතනට සුදුසු නායකයෙක් තෝරාගන්න ඕන. ඉන්න තැනින් තවත් වට්ටන එකෙක් නෙවේ ඉන්න තැනින් අපිව ගොඩ ගන්න පුළුවන් එකෙක්. එතැනදී අපිට අභියෝග ගනනාවක් තියෙනවා. මූලිකවම එදිනෙදා අවශ්‍යතා ටික සපුරාගෙන ඊටපස්සේ අපේ ඩොලර් සංචිත ටික වැඩි කරගෙන දූෂණයෙන් තොරව අන්තර්ජාතික සහයෝගෙත් අරන් වැඩ කරන්න පුළුවන් කෙනෙක් ගැනයි අපි හිතන්න ඕන. ඉතින් සහෝදරවරුනේ වෙනදාටත් වඩා හොඳට හිතලයි මේ පාර කෙනෙක් ගෙන්න ඕන. 

 

ඒකට දැනට 225 ඉන්න කෙනෙක් එපා කියමුකෝ. ඒත්

ඒකට අත්දැකීම් නැති තරුණයෙක් හරියයි ද?

ඒකට දේශපාලන දැනුමක් නැති ප්‍රාදේශීය සභාවකවත් හිටපු නැති කෙනෙක් හරියයි ද?

ඒකට ජාත්‍යන්තර සබඳතා නැති කෙනෙක් හරියයි ද?

මුල් පුටු වල ඉදල මුකුත් කරගන්න බැරි වුන අයත් හරියන්නේ නැ තමයි.

සමහරු කියනවා පරිණත නායකයෝ වයස වැඩියි කියල. එත් අපිට දැන් ඕන එහෙම කෙනෙක් කියල ඔබට තේරෙනව ඇති. නැත්නම් අපි තවත් පහලට වැටෙන්න පුළුවන්. අපි පක්ෂ පාට භේද අමතක කරලා මේ වෙලාවේ සියලු දෙන සහයෝගයෙන් රට ගොඩ ගන්න පුළුවන් කෙනෙක් අන්තර්වාර පාලනයේ නායකයා කරගමු.

ජරාජීර්ණ වුණ මැලේසියාව නැවතත් ගොඩනගන්න මහතීර් මොහොමඩ් දෙවන වරට රට භාරගත්තේ වයස අවුරුදු 93දී. ජාතින් වලට වෙන් වෙලා කඩා වැටෙමින් තිබුණු දකුණු අප්‍රිකාව නෙල්සන් මැන්ඩෙලා බාර ගන්නේ වයස අවුරු 76 දියි. ඔහු අවුරුදු 81ක් වෙනකල් රට පාලනය කරනවා. ට්‍රම්ප්ගෙන් විනාශවූ ඇමෙරිකාව නැවත ගොඩ ගන්න ජෝ බයිඩන් රට භාරගන්නේ වයස අවුරුදු 79දී. ඉතින් ලෝක දේශපාලනයේ පරිණත නායකයනේගේ අවශ්‍යතාව හැමවිටම පෙන්වාදීල තියෙනව.

 

ඒ නිසා අන්තර්වාර පාලනයේ නායකයා මෙහෙම කෙනෙක් වුණොත් හොදයි නේද රෑ

1. අත්දැකීම් බහුල අභියෝග මැද නොසැලෙන පරිණත නායකයෙක් 

2. දේශපාලන අත්දැකීම් ඇති දූෂණ චෝදනා නැති නායකයෙක්

3. අන්තර්ජාතික සම්බන්දතා තිබෙන නායකයෙක්

4. ප්‍රජාතන්ත්‍රවාදය සහ ව්‍යවස්ථාව ගරු කරන නායකයෙක් 

5. සියලු ජාතින් අතර හොඳ හිත වර්ධනය කරගත් නායකයෙක්

 

මිත්‍රවරුනි අපි එහෙම කෙනෙක් හොයා ගමු.




Tuesday, May 3, 2022

රාජපක්ෂලා එළවලා එතනින් පස්සෙ?

 මට ඊයෙ ගෝටාගමදි තරුණයො දෙන්නෙක් එක්ක කතා කරන්න හම්බුනා. ඔවුන් සතියකට දවස් තුන හතරක්ම අරගලයට එනවලු. ජොබ් කළත් ඕෆ් වෙලා ගෙදර යන ගමන් හරි එන්නෙ මේ අරගලයට පුලුවන් උපරිම සහයෝගය දෙන්න ඕනෙ කියන විශ්වාසය නිසාලු. 


මම ඇහුවා මේ අරගලයෙන් ඔයාලා බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද කියලා. ඒ දෙන්නා කියනවා අගමැති, ජනාධිපති ඇතුලු රාජපක්ෂ පවුලම ගෙදර යන්න ඕනෙලු. මම ඇහුවා හරි ඔයාලාගෙ ඉල්ලීම හරි, ඊළඟට කාවද ගේන්න ඕනෙ කියලා. එයලාගෙ අදහස උනේ මේ 225 න් පිට අලුත්ම කෙනෙක් ගේන්න ඕනෙ කියලා. මුන් ඔක්කොම හොරුලු. ඒ වෙලාවෙ මට හිනා ගියා. මම ඇහුවා මල්ලී එක පාරක් අලුත්ම එකෙක් ගෙනල්ලා නේද අපි මේ කරුමෙ ගෙවන්නෙ කියලා? මේ තියෙන ආර්ථික අර්බුදය විසඳන්නතරම් ඔය එන කෙනා පරිනත, අත්දැකීම් බහුල කෙනෙක් වෙයිද කියලා මම ඇහුවා. ඔන්න කොල්ලො දෙන්නා පොඩ්ඩක් කල්පනා කරන්න පටන් ගත්තා. 

මම ඇහුවා මැලේසියාව පහුගිය කාලෙ ඇතිවුන අර්බුදයෙන් ගොඩ ගන්න තරුණ නායකයෙක් ආවා නම් ම්ප්කක් වෙයිද කියලා. ට්‍රම්ප් විනාස කරපු,  කොරෝනා වලින් ලක්ෂ ගාණක් මිය ගිය ඇමරිකාව ගොඩ දාන්න ඒ වෙලාවෙ අලුත් තරුණ නායකයෙකුට කැපෑසිටි තියේද කියලා මම ඇහුවා. කොල්ලො දෙන්නට අන්දොස්. මං දිහා කට ඇරගෙන කල්පනා  කරනවා. එක පාරටම එතන හිටපු එක කොල්ලෙක් අහපි ඔයා කියන්නෙ මේ හොරුන්ටම මේක භාර දෙන්න කියලද කියලා? 


මම ඇහුවා ගිය ඡන්දෙන් අලුතෙන්ම පාර්ලිමේන්තු ගෙනාපු උන් බර ගානක් ඉන්නවා නේද? උන් අනිත් උන්ට වෙනස්ද? උන් මොනවද කළේ කියලා මම ඇහුවා. 

ඒක ඇත්ත අයියේ එතකොට අපි මොකද කරන්නේ? ඔයා කියන්නේ මුන් දෙන්නට ඉන්න ද්ව්න්න කියලද ? නැහැ මල්ලී මම කියන්නේ ඊට වඩා වෙනස් දෙයක්. මම කියන්නෙ අපි පුරවැසි බලයක් හදලා මුන්ට බල කරමු මරාජපක්ෂලා නැති අන්තර් කාලීන ආණ්ඩුවක් හදන්න කියලා. ඒකට ඉන්න ඕනෙ උපරිම ඇමතිවරු 15යි.  ඒ 15 ට හැම පක්ෂ්වකම ඉන්න දක්ෂ, හොරු නොවන පිරිසක් තෝරාගමු. මදි හරිය ජාතික ලැයිස්තුවෙන් ඇතුලට ගමු. අපිට පේනවනෙ මෙතන ඉන්න එකෙකුටවත් ජනාධිපති කරගන්න මුන් එකතු වෙන්නෙ නැහැනෙ. ඒක නිසා පිටින් කෙනෙක් ගේමු. 

අයියා කවුද හිතන්නේ? 

මගේ අදහස නම් කරු ජයසූරිය ගේමු කියලා. මනුස්සයගෙ අතෙව් ලේ , කුණු ගෑවිලා කියලා චෝදනා නැහැනෙ. අපි නිකමට හිතම අපි ජාතික ලැයිස්තුවෙන් හිටපු මහබැංකු අධිපති ක්‍රිශාන්ත කුමාරස්වාමි ජාතික ලැයිස්තුවෙන් අරගෙන මුදල් ඇමතිකම දෙනවා, හිටපු විගනකාධිපතිව, හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක වගේ කීප දෙන්ව්කුත් ගේනවා. එහෙම ගෙනත් එයාලා ලවා අවුරුද්දක ප්ලෑන් එකකට රටේ මූලික ප්‍රශ්නවලට විසඳුම් ගේනවා. ඊට පස්සෙ අපිට පුලුවන් පාර්ලිමේන්තුව විසිරුවලා අලුත් රජයක් පිහිටුවන්න. 


එහෙම නැතුව මේ විදිහටවිසඳුමකට එළබෙන්නෙ නැතුව  උද්ඝෝෂණය කරන එකෙන් වෙන්නෙ රාජපක්ෂලා තව තවත් එල්ලිලා ඉන්න එක විතරයි. 


මම කියපු දේට උන් දෙන්න මොකවත්බ්කිව්වෙ නෑ. පාඩුවේ කල්පනාවට වැටුනා. මමත්  ගෝටාගමේ පුස්තකාලෙ පැත්තට ගියෙ පොතක් වත් කියවන්න කියලා හිතාගෙන.