Monday, August 29, 2022

බලහත්කාරයෙන් අතුරුදහන් කරවීමෙන් ගොදුරු බවට පත්වූවන්ගේ ජාත්‍යන්තර දිනය: ''මම මැරෙන්න කලින් මගේ පුතාලා එන්න ඕනා''

 




අතුරුදහන් වූ පුතුන් දෙදෙනාගේ මුහුණු තමන් මිය යෑමට පෙර දැකීම එකම සිහිනය බව වවුනියාවේ ජීවත්වෙන අන්නලක්ෂ්මි  පැවසුවාය.

අතුරුදහන්වූවන් සොයා දෙන්නැයි ඉල්ලා දින 2000කට වැඩි කාලයක සිට වවුනියාවේ පැවැත්වෙන අඛණ්ඩ උපවාසයට ද ඇය ආරම්භයේ පටන් එක්ව සිටින්නීය.

ශ්‍රී ලංකාවේ බලයට පත්වෙන පුද්ගලයන් විසින් අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ව දිගින් දිගටම රැවටීමට ලක්කර ඇති නිසා ජාත්‍යන්තර මැදිහත්වීමකින් පිළිසරණක් අපේක්ෂා කරන බව ඇය වැඩිදුරත් පැවසුවාය.

අතුරුදහන්වූවන්ගේ දෙමාපිය සංගමයේ ලේකම් රාජ්කුමාර් පවසන්නේ උපවාස අතරතුර උතුරු නැගෙනහිර මවුවරු 120ක් පමණ මියගිය බවයි.

මේ අතර බලහත්කාරයෙන් අතුරුදහන් කරවීමෙන් ගොදුරු බවට පත්වූවන්ගේ ජාත්‍යන්තර දිනය, අගෝස්තු 30 වන දින එනම් අදට යෙදී තිබේ.

ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පෙන්වාදෙන ආකාරයට ශ්‍රී ලංකාව බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම් වැඩිම රටවල් අතරින් 2වැනි ස්ථානයේ පසුවෙයි.

1992 දෙසැම්බර් 18 වැනි දින 47/133 දරන යෝජනාවෙන් එක්සත් ජාතින් විසින් සියලුම රාජ්‍යයන් සඳහා වූ ප්‍රතිපත්ති මාලාවක් ලෙස එහි මහා සභාව විසින් ප්‍රකාශයට පත් කරන ලද බලහත්කාර අතුරුදහන්වීම්වලින් සියලු පුද්ගලයන් ආරක්ෂා කිරීම පිළිබඳ යෝජනාවලිය ප්‍රකාශනයට පත් කොට තිබේ.

ඒ අනුව එය බරපතල මානව හිමිකම් උල්ලංඝණයක් ලෙස හැඳින්වේ.


- BBC

චිචීට කෙළවෙයි ද?


 

රැකියාවක් හෝ් වෙනත් ආදායම් මාර්ගයක් නොපෙනෙන රෝහිත රාජපක්ෂට අයත් බව කියන නිවාඩු නිකේතනය පිළිබඳ ඇත්ත   සොයා බලන ලෙස ඉල්ලමින්  සර්ව-පාර්ශ්වික අරගලකරුවෝ ව්‍යාපාරය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ පුත් රෝහිත රාජපක්ෂට අයත් බව පැවසෙන කොළොන්න ප්‍රදේශයේ හෝටලයකට ගිනි තබා දේපළ සොරකම් කිරීමේ චෝදනාව මත පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පසුගිය සතියේ ප්‍රකාශ කළේය.

එම වාර්තාව ගැන සඳහන් කරමින් සර්ව-පාර්ශවික අරගලකරුවෝ ප්‍රශ්න කර තිබුණේ නිසි ආදායම් මාර්ගයක් නොමැති  රෝහිත රාජපක්ෂට හෝටලයක් හිමිවන්නේ කෙසේද කියාය.

අදාළ ප්‍රදේශයේ තමන්ට හවුල් දේපළක් ඇති බවත්, සියලු නීතිමය අවශ්‍යතා සපුරාලීමෙන් පසු හෝටලය ඉදිකර ඇති බවත් රෝහිත රාජපක්ෂ   News 1st වෙත තහවුරු කර ඇත.

යම් වරදක් සිදුවී ඇත්නම් ඊට එරෙහිව අධිකරණ ක්‍රියාවලියක් ආරම්භ කළ හැකි බව ද රෝහිත රාජපක්ෂ කියා සිටියේය. එවැනි චෝදනා එල්ල කරන පුද්ගලයන් ඔවුන්ට එරෙහිව තම පාර්ශවය විසින් ගනු ලබන නීතිමය ක්‍රියාමාර්ගවලට මුහුණ දීමට සූදානම් විය යුතු බවද ඔහු සඳහන් කළේය.


Sunday, August 28, 2022

හිත ඇත්නම් පත කුඩා ද?

 

දෑත් සහ එක් පාදයක් අහිමිව මෙලොව එළිය ලැබ හිමි එකම වම් පාදය   හුරු කරමින් අකුරු ගැලපූ  ඒ විශිෂ්ට දියණිය,  ඇහැලියගොඩ ජාතික පාසලේ රෂ්මි නිමේෂා ගුණවර්ධන    උසස්පෙළ වාණිජ විෂය ධාරාවෙන් A- 3 ක් ලබා ගෙන ඇත්තීය.

අඩුපාඩු හා නැති බැරිකම ගැනම කියමින් වැළලෙන්නට හදන දුගී පසුගාමී මානසිකත්වයක් සහිත අප වැනි රටක අභියෝග ජයගත යුත්තේ කෙසේද යන්න පිළිබඳ පාඩමක් නොව පාඨාමාලාවක් සේ හැදැරිය යුතු මේ තරුණ දියණිය ගැන මාධ්‍ය වරින්වර කථා කළේය. ඇය ලබා ගත් සෑම ජයග්‍රහණයක්ම වාර්තා කළේය.

රෂ්මි උපදින්නේ වර්ෂ    2002 ක්වූ දෙසැම්බර් 23 වන දිනය. ඇය ප්‍රාථමික අධ්‍යාපනය ලබන්නේ  දෙල්ඔළුව කනිටු විදුහලෙනි.     වර්ෂ 2012 දී ඇය  5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වූවාය. අනතුරුව ඇහැළියගොඩ ජාතික පාසලට තේරුණාය. රෂ්මි  අපොස සාමාන්‍යෙපළ  පෙළ විභාගයට පෙනී සිටින්නේ වර්ෂ 2018 දී ය.   සාමාන්‍ය පෙළ විභාගයේ A සාමාර්ථ 8ක් සහ B සාමාර්ථයක් සහිතව සමත් වූවාය.

රෂ්මි උසස්පෙළ විභාගයට ලියන 2021 අවුරුද්ද ලෝක ඉතිහාසයේම එන දුර්ග සමයකි.  ඒ දුර්ග වකවානුව ආත්ම ශක්තියෙන් ජයගත් ඇය A සාමාර්ථ තුනක් සහිතව උසස්පෙළ විභාගය සමත්වී සිටින්නීය.

ඇය විෂය බාහිර ක්‍රියාකාරකම්හි විශිෂ්ටතා පෙන්වූ දියණියකි.   2017 සැප්තැම්බරයේ දී වියට්නාමයේ පැවති   Global IT challenge 2017 Super challenger ජාත්‍යාන්තර තරගයෙන්  රන් පදක්කම   රැගෙන එන්නට සමත් වූවාය.   සරසි සහ රෂ්මිධාරා ඒක පුද්ගල ගී ප්‍රසංග පවත්වමින් ජනාදරයට පත් වූවාය.

ජීවිතය ජයගත හැක්කේ කෙසේද යන්න පිළිබඳව රෂ්මි ජීවිතාදර්ශයක් සපයා ඇත්තේ එලෙසය.


Thursday, August 25, 2022

රන්ජන් නිදහස්

 අධිකරණයට අපහාස කිරීමේ වරදට සිරගතව සිටින රන්ජන් රාමනායකට අද (26) දිනයේ ජනපති සමාව හිමිවනු ඇතැයි අධිකරණ අමාත්‍ය ආචාර්ය

විජේදාස රාජපක්ෂ පවසයි.

ජනාධිපති සමාව ලබාදීමට අදාළ නිර්දේශ මේ වනවිට තමන් විසින් ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති බවත්, ජනාධිපතිවරයා ඊට අද දිනයේ අනුමැතිය ලබාදෙනු ඇතිබවත් ඔහු සඳහන් කළේය.

සිරගතව සිටින රන්ජන් රාමනායක ඊයේ (25) දිවුරුම් ප්‍රකාශයක් යොමු කරමින් අධිකරණයෙන් සමාව ද අයැද සිටියේ ය.

ඔහු අදාළ ලිපියෙන් සඳහන් කර ඇත්තේ, තමන් සිදුකළ ප්‍රකාශ අසත්‍ය බවත්, එම ප්‍රකාශ ඉල්ලා අස්කර ගන්නා බවත් ය.

2017 වසරේ අගෝස්තු 21 වැනිදා අරලියගහ මන්දිරයෙන් පිටත සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පසුගිය වසරේ ජනවාරී 12 වැනිදා රන්ජන් රාමනායකට වසර හතරක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කෙරිණි.

301427898 10159800901444818 4322585068598177942 n

''අධිකරණය ඉදිරියේ වැඳ වැටී සමාව ගෙන ලබන නිදහස කුමක්ද?'' -Mahinda Pathirana


රන්ජන් රාමනායක අධිකරණයෙන් සමාව අයැද පෙත්සමක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් විවිධාකාරයේ අදහස් දක්වා ඇති අතර පුවත්පත් මණ්ඩලයේ සභාපති කථිකාචාර්ය මහින්ද පතිරණ සිය ෆේස්බුක් පිටුවේ මෙවැනි සටහනක් පළකර තිබේ.


 ''රංජන් ලබා ගැනීමට නියමිත ආකාරයේ සමාවක් මම නම් කවුදාවත් ලබා ගන්නේ නැහැ. අධිකරණය ඉදිරියේ වැඳ වැටී සමාව ගෙන ලබන නිදහස කුමක්ද? මා සිතන්නේ ඔහුට එම ක්‍රමය නඩුව අතරතුර දී පවා යෝජනා වෙන්න ඇති. ඒ කෙසේ වෙතත්, නිදහස ලබා ගැනීම පිළිබඳ ඔහුගේ තීරණය අතිශය පුද්ගලික එකක්. දඬුවම් විඳින්නේ ඔහුයි. ඒ අනුව, ඉන් බැහැර සිට අප කරන සියලු ප්‍රකාශ ආත්මාර්ථකාමි විය හැකියි.''

(උපුටා ගැනීම අවසන්)


''විඳින දුක දන්නෙ ඒක විඳින කෙනා විතරයි'' - Uvindu Kurukulasuriya


'කලම්බෝ ටෙලිග්‍රාෆ්' කර්තෘ, ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය සිය ෆේස්බුක් පිටුවේ මෙවැනි සටහනක් පළකර ඇත.

''මට ලංකාවෙ ඉන්නකොට කීත්ට හරි පොද්දලට හරි වගේ වද දීල අතපය කැඩුව නම් මම කවදාවත් ලංකාව දාල එන්නෙ නැහැ. [මගේ නම් කට කපනව කියල තර්ජනය කරේ "මූණ ලස්සනයි" කියල.]


ඒ වගේම මම රන්ජන් කරපු වරදට හිරේ ගියා නම්, ඉතුරු මාස කීපයත් හිරේම ඉඳල තමා එන්නෙ. ඒත් ඒක වදයට භාජනය වෙච්ච එක එක අයගෙ තීරණයක්. අපි කාටවත් කියන්න බැහැ අනිත් අය විඳින මානසික වේදනාවන්.



සමහර විට පෝද්දල ජයන්තට ලංකාවෙදි ලබාගන්න බැරි මානසික උපදේශණ සේවාවන් හා සෞඛ්‍ය සේවාවන් ඇමරිකාවෙදි ලබාදෙන්න ඇති. කීත්ටත් ඔස්ට්‍රෙලියාවෙදි එහෙම ලබාදෙන්න ඇති.

අපි කවුරුවත් පිටරටවල්වල ජීවත් වෙන්න හීනෙන්වත් හිතපු අය නෙමෙයි. රන්ජන්ට ජනාධිපති සමාව නොලැබුණොත් තව මාස කීයද ඉන්න තියෙන්නෙ කියල අපිට හිතුනත්, ඒ නරකාදියෙ නොඉඳ දවසක් හරි කලින් එන එක හිතෙනව ඇති. ඒක අපි කාටවත් තීරණය කරන්න බැහැ. විඳින දුක දන්නෙ ඒක විඳින කෙනා විතරයි. ඒ නිසා ජෝක් කරන එක හොඳ නැහැ නේද?';

(උපුටා ගැනීම අවසන්)


''ජිවිත කාලයක් පරිප්පු කන gon පතිවත රකින්න යන්න ඕන නෑ''-Chinthana Dharmadasa


මේ අතර 'ලංකා සෙක්ස් පක්ෂයේ' නායක චින්තන ධර්මදාස සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් මෙසේ සඳහන් කර තිබේ.

''රංජන් උසාවියෙන් සමාව අරන් එලියට එන එකෙන් රංජන්ගෙ මොකක්ද එකක් නැති වෙනවා කියල පෝස්ට් කීපයක් දැක්කා.

මං නං කියන්නෙ තමන් කියපු ඔක්කොම බොරු කියලා හරි එලියට එන එකයි මොලේ තියෙන එකෙක් කරන්න ඕන.


සොක්‍රටීස් වගේ කියපු දේ වෙනුවෙන් වහබීලා මැරෙන මෝඩකම මේ සියවසේ මිනිහෙක් කරන්න ඕන නෑ. කියපු දේ කිව්වා, ඇහුන මිනිස්සුන්ට ඇහුනා. ඊට පස්සෙ ආ, ඒ මං බොරුවට කිව්වෙ කියල නිදහස් වෙලා එන එක තමයි කරන්න ඕන.


ඔය තමන් කියපු දේ වෙනුවෙන් ජිවිත කාලයක් පරිප්පු කන gon පතිවත රකින්න යන්න ඕන නෑ  කිසිම කෙනෙක්. ඒ කාඩ්බෝඩ් වීරකම අතෑරලා සමාව ඉල්ලලා එලියට එන එකට මං  කියන්නෙ රංජන් නියමයි කියල.''

ගෝටා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුට?


 

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉහළ තනතුරක් ලබා දී ඔහු ජාතික ලයිස්තුවෙන් මන්ත්‍රීවරයෙක් ලෙස පත් කළ යුතු බවට යෝජනා වී ඇත. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා පැවති රැස්වීමක දී මෙම යෝජනාව ඉදිරිපත් වූ බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
කෙසේ වෙතත් මෙම යෝජනාවට පක්ෂව කණ්ඩායමක් හා විරුද්ධව කණ්ඩායමක් ද පොදු ජන පෙරමුණ තුළ නිර්මාණය වී ඇතැයි එම ආරංචි මාර්ග කියයි.

මහ ජන විරෝධය හේතුවෙන් පසුගිය ජූලිමස 13 වැනිදා රටින් පලා ගිය ගෝඨාභය රාජපක්ෂ ලබන සැප්තැම්බර් මාසයේ මෙරටට පැමිණීමට නියමිතව තිබේ. එසේ පැමිණීමෙන් පසු ඔහු පක්ෂයේ ඉහළ තනතුරකට පත්කිරීමට සැලසුම් කර ඇති බව  පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලංකාසරට පැවසීය.

මේ සම්බන්ධව පොදුජන පෙරමුණේ ඉහළ නිලධාරියෙකුගෙන් කළ විමසීමක දී ඔහු  කියා සිටියේ එවැනි යෝජනාවක් ඉදිරිපත් වී තිබුණ ද ඒ සම්බන්ධව මෙතෙක් නිල සාකච්ඡාවක් හෝ අවසන් තීන්දුවක් ගෙන නොමැති බවය.

Tuesday, August 23, 2022

ඇබෑර්තු ඇත

 ඇබෑර්තු ඇත!


මංගල සමරවීර නම් දැවැන්ත දේශපාලන සත්ත්වයා නික්ම ගොස් වසරක් ගතවීම, විශ්වාස කිරීමටත් නොහැකි කාරණයක්. ගතවූ අවුරුද්ද පුරාම සිදුවුණු නොයෙක් සිද්ධි මංගලගේ නික්ම යාමෙන් ඇති වුණු හිඩැස තවත් තීව්‍ර කළා.ඇතැම් විට මෙරට දේශපාලන ඉතිහාසයේ ගෙවුණු ක්‍රියාකාරීම මාස කිහිපයේ මංගල අප අතරේ නොවීමත්, මේ අවුරුද්ද පුරාම මංගලගේ මතකය නොමරා තියන්න උදව් කරන්න ඇති.

සමහර තැනක මංගල හිටියනම් අපි හැමෝටම මෙච්චර මහන්සිත් නොවෙන්න තිබුණා. කොහොමහරි ඒ අවුරුද්ද පුරාම මංගලගේ රූපය පෙනුනේ නැති වුණත් සිදුවුණු හැමදෙයක් නිසාම මංගලගේ මතය තවත් ඔපවත් වෙලා පෙනුණා.


පහුගිය කාලේ පුරාම මැරුණු මංගල නිසා ජීවත් වෙලා හිටපු මංගලට මිනිස්සු ආදරේ කරන්න ගත්තා. ඒ මංගලව තේරුම්ගන්න පටන්ගත්තා.කොටින්ම කිව්වොත් ඔහුගේ දේශපාලන පිළිමළුන් පවා මංගලගේ දර්ශනය පිළිගත්තා.හැමෝම ආකර්ෂණය වුණු මංගලට උරුමව තිබූ රැඩිකල් චින්තනයත්, ඒ හා කැටුව පැමිණි රාජ්‍යතාන්ත්‍රිකභාවයත්,නිර්මාණශීලිත්වයත් "මංගල" යන්න සන්නාමයක් බවට පත්කළා.


මංගලගේ ඇඩ්වෙන්චරස් දේශපාලන ජීවිතය ඇතුළේ මංගලට තිබ්බ ලොකුම හයිය, ඔහුට තිබුන නොනැමෙන කොඳු නාරටිය. යුද්ධය පිටිපස්සේ තියෙන්නේ ජනවාර්ගික ප්‍රශ්නයක් කියලා කියන්න ඔහුට පුළුවන් වුණා.ත්‍රස්තවාදී සිංහල බෞද්ධ හෙජමොනිය එක්ක හැප්පෙන්න ඔහුට පුළුවන් වුණා. කාටත් කලින් රාජපක්ෂලාගේ ආණ්ඩුවෙන් එළියට බහින්න කොන්දක් තිබුණා. සමලිංගිකත්වය තහනම් වුණු රටක තමන්ගේ අනන්‍යතාවය ආඩම්බරයක් කරගත්තා.කොටින්ම මංගල අපිව හිරකරලා තිබ්බ ගෝත්‍රික රාමුව කුඩුපට්ටම් කරලා පෙන්නුවා.මේ සේරම එක්ක දේශපාලනයට මංගල කියන මනුස්සයා බිලිනොදෙන්න තරම් හැකියාවක්‌, ඉවසීමක් ඔහුට තිබුණා.


මංගල ලංකාවේ ශේෂ වෙලා හිටපු අවසාන නව ලිබරල්වාදී දේශපාලනඥයා. ඒ අදහස් මංගල කතාවෙන් වගේම ක්‍රියාවෙනුත් පෙන්නුවා. ඡන්ද ගොඩ වෙනුවට මංගල තමන්ට හරියැයි හිතෙන දේ වෙනුවෙන් හිටගත්තා. ඒ මංගලම අනාගත පරම්පරාවට මාවතක්‌ පෙන්නුවා. ඒ හෘදසාක්ෂියේ මාවත. මංගල ගියේ මංගලලා දහස් ගාණකට බලාපොරොත්තුවක් දීලා.ඒ නිසා මංගලගේ හිස්තැනට ඇබෑර්තු තියනවා.මේ රටට මංගලල ඕනෙම වෙලාව.එකෙක් දෙන්නෙක් නෙවෙයි. ඕනෑ තරම්....


එන්න අපි මංගල නවත්තපු තැනින් පටන් ගමු!


සහන් තෙන්නකෝන්