Thursday, December 1, 2022

පාර්ලිමේන්තුවෙන් වාර්තාවක්


 

පාර්ලිමේන්තු ඉතිහාසයේ දිනකදී වාර්තාගත වැඩිම පාසැල් සිසුන් සංඛ්‍යාවක් පාර්ලිමේන්තුව නැරඹීම සඳහා  ඊයේ(01)  පැමිණි බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය.

  අනුවල දිවයිනේ විවිධ ප්‍රදේශ නියෝජනය කරමින්  පැසැල් 32 කට අයත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 5000 කට අධික පිරිසකට  එදින පාර්ලිමේන්තුව නැරඹීමේ අවසරය ලබා දී ඇති බවද මහතා වැඩි දුරටත් පැවසීය.

 ලෝක පාර්ලිමේන්තු සමග සැසඳීමේදී , එක් දිනක් තුළ මෙපමණ පිරිසක් පාර්ලිමේන්තුව නැරඹීම සඳහා පැමිණීම වාර්තාවක් විය හැකි බවද තවදුරටත් වේත්‍රධාරිවරයා සදහන් කළේය.

කොවිඩ් වසංගතය හේතුවෙන් වසා තබන ලද මහජන ගැලරිය පාසැල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා පසුගිය සැප්තැම්බර් 19 වන දින සිට නැවත විවෘත කිරීමෙන් පසු 25000 කට වඩා වැඩි ශිෂ්‍ය සංඛ්‍යාවක් දිවයිනේ විවිධ ප්‍රදේශ වල පිහිටි පාසැල් නියෝජනය කරමින්  පාර්ලිමේන්තු විවාද නැරඹීම සඳහා පැමිණ ඇත.

 තවද  2023 වසරේ ජනවාරි මාසයේ සිට පාර්ලිමේන්තුව නැරඹීම පිණිස පැමිණෙන සෑම පාසැල් සිසුවෙකුටම  නොමිලේ කිරි වීදුරුවක් ලබා දීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද   මහතා  සඳහන් ළේය.

මේ සඳහා කිසිදු පැකිලීමකින් තොරව අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරය මගින් ලබා දිම සඳහා මුදල් අමාත්‍යවරයා වශයෙන්  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් තිරණය ළ බවද වේත්‍රධරී වරයා සදහන් කළේය







බදු වාර්තා ගොනු කිරීමේ කාලය දීර්ඝ කරයි

 




දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු ලිපිගොනු බාර ගන්නා පරිගණක මෘදුකාංගයේ තදබදයක් හේතුවෙන් ජනතාවට බදු තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා දඩ මුදල් අයකිරීමකින් තොරව සතියක කාලයක් ලබාදෙන බව මුදල් රාජ් අමාත් ෂෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (01) පැවසීය.

නිසා අදායම් බදු වාර්තා ගොනු කිරීම සඳහා සතියක සහන කාලයක් ලබාදෙන බව මුදල් රාජ් අමාත් ෂෙහාන් සේමසිංහ මහතා කීයඑම කාලය තුළ කිසිදු දඩ මුදලක් අය නොකෙරෙන බව ත් අමාත්‍යවරයා කීවේය.

 ඊයේ දිනය වෙද්දි සියලු දෙනා තමන්ගේ ආදායම් වාර්තා ලබාදිය යුතුව තියෙනවා. මේ නොවැම්බර් 30 කියන දිනයත් එක්ක මේ මෘදුකාංගයේ තදබදයක් නිර්මාණය වෙලා තියෙනවා.

පුද්ගලික ආදායම් බද්ද, සමාගම් බද්ද, හවුල් ව්යාපාර බද්ද මේ ආදි බදු ෆයිල් කළ යුතුව තියෙනවා. මේක කඩාකප්පල් කිරීමක් නෙමෙයි. මේ මෘදුකාංගයේ ඇති වෙලා තියෙන තදබදය අපි හඳුනා ගෙන තියෙනවා. එයට විසඳුමක් හැටියට අපි සතියක කාලයක් ලබාදෙනවා.

සතියක කාලය තුළ රිටර්න්ස් භාර දුන්නා එය නොවැම්බර් මස 30 භාරදුන්නා ලෙස සලකන්න අපි අවශ් වැඩකටයුතු මුදල් අමාත්යංශ ලේකම්තුමා විසින් උපදෙස් ලබා දීලා තියෙනවා. කාලය තුළ කිසිදු දඩයකට යටත් කරන්නේ නෑ.”යැය පැවසීය.

Wednesday, November 30, 2022

දකුණු ආසියා කලාපයේ අධ්‍යාපන කේන්ද්‍රස්ථානය බවට පත්කරන්න පුළුවන් - ජනපති

 


 


වසර 25 ක් ඉදිරියට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණයක් නිර්මාණය කරගැනීමට අවශ්‍ය බවත් ශ්‍රිලංකාවට දකුණු ආසියාවේ අධ්‍යාප කේන්ද්‍රස්ථානය විය හැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද(01දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

“2022 සිට අවුරුදු 25 ක් ඉදිරියට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් අපි හදාගන්න අවශ්‍යයි අපි හදාගන්න අවශ්‍යයි.  ශ්‍රීලංකාවට දකුණු ආසියා‍වේ අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානය වෙන්න පුළුවන් . අධ්‍යාපනය දරුවන් පිටරට යන නිසා බිලියන 03 ක් විතර අපිට නැතිවෙනවා.නමුත් අපි මේක හරියට කරනවානම්  බිලියන 10 ක් ලංකාවට ගෙන්නවා ගන්න පුළුවන් තත්වට ඒක වර්ධනය කරන්න පුළුවන්. අපි ඒක කරන්න ඔනේ.

ඒවගේම විශ්ව විද්‍යාල වලින් ශිෂ්‍යයෝ වයස 21,  22 වෙද්දි පිටවෙන්න ඔනේ. මම පිටවුනේ 21 දී. මේ තත්වය ඇති කරන්න ඔනේ. රැකියා වෙළඳපොලට අවශ්‍ය විදිහට අපි මෙය සකස් කරන්න ඔනේ. අනාගතයේදී රජයේ රැකියා නැතිවෙනවා.  කලා සමාජ විද්‍යා අංශ වලට අයට දැන් ඉදන්ම සැලසුම් හදන්න ඔනේ.පාර්ලිමේන්තුව මේගැන අවධානය යොමුකරනවානම් විතරයි මේක කරන්න පුළුවන්. අධ්‍යාපනය දියුණු කරන්න ඔනෙ කියන්නේ අනාගතය වෙනුවෙන් කටයුතු කරන්න අවශ්‍යයි.

ඒවගේම රජයේ නොවන අංශයක් ඇති කළ යුතුයි. එය ලබා නොලබන එකක් වෙන්න පුළුවන්. එයට බඳවා ගැනීම් සහ ක්‍රියාත්මක වන ආකාරය ගැන යම් ක්‍රමවේදයක් තිබෙන්න ඔන. ඒ ක්‍රමවේදයට ශීෂ්‍යයෝ තොරනවානම් දුප්පත් උනත් පෝසත් උනත් ශිෂ්‍යයන්ට අපි ණය දෙන්න ලැස්තියි. පවුලේ දුප්පත්කම නිසා සමහර අයට ගෙවන්න බැරිනම් අපි ප්‍රදානයක් විදිහට ඒක දෙන්නම්. අධ්‍යාපනය කියන්නේ විශ්වීය අයිතයික්. එය සැමටම ලැබිය යුතුයි.

ගාස්තු අයනොකරන එක රජයේ විශ්ව විද්‍යාලයක් මට කියන්න. මේ හැමෝම බාහිර උපාධි තියලා සල්ලි ගන්නනවා. නිදහස් අධ්‍යාපනය නම් බාහිර කලත් අභ්‍යන්තර කලත් නිදහස් වෙන්න ඔන. එහෙනම් අපි බාහිර උපාධි වලට අපි බදු අයකරන්න ඔනේ.  විශ්ව විද්‍යාලය ව්‍යාපාර කරනවානම් ඒ ව්‍යාපාරවලට බද්දක් දාන්න ඔනේ.”  යැයි ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

සියලුම මන්ත්‍රීවරියන් තැඹිලි පැහැයෙන් සැරසෙයි

 

 


පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ විපක්ෂ සියලුම මන්ත්‍රීවරියෝ අද(01දා) පාර්ලිමේන්තුවට තැඹිලි පැහැති සාරසි වලින් සැරසී පැමිණ සිටිති.  

සියලුම මන්ත්‍රීවරුන් ඇමතිවරුන් තැඹිලි පැහැලි අත්පලනාවක් පැළද සිටිති.

කාන්තාවටන් එරෙහි සියලු ආකාරයේ හිංසනයට එරෙහිවීම සංඛේතවත් කිරීම වෙනුවෙන් මෙලෙස සියලුම මන්ත්‍රීවරියන් තැඹිලි පැහැයෙන් සැරසී පැමිණෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිනී කවිරත්න මහත්මිය පැවසුවාය.

කාන්තාවන්ට එරෙහි සියලුම හිංසනයන් යනු කායික, මානසික , ලිංගික , සහ  ආර්ථික හිංසනයයන් වලින් කාන්තාවක් මුදවාගැනීම වෙනුවෙන් පෙනීසිටින බවත් ඒ වෙනුනේ දින 16 මෙලෙස පැමිණෙන බවත් මන්ත්‍රීවරිය සඳහන් කළාය.

 

 

          

 

ගුරුවරුන් විෂය අනුව ස්ථානගත කිරීමේ වැඩපිළිවෙලක්

  



පොදුවේ රාජ්‍ය  සේවකයන් මාරු කරන ක්‍රමවේදයට අනුව ගුරුවරුන් මාරු කළහොත් දරුවන්ට විෂය ආවරණය කිරීමේ ගැටලු මතු වන බැවින් සිසු අවශ්‍යතා කේන්ද්‍ර කරගනිමින් ගුරුවරුන් උචිත පරිදි ස්ථානගත කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

ඩිජිටල් ධ්‍යාපන සංවර්නය සඳහා වූ ප්‍රතිපත්ති මත සැකසුණු ඩිජිටල් අධ්‍යාපනයේ ප්‍රධාන සැලසුම පිළිබඳ කෙටුම්පත ධ්‍යාපන අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමේ     අවස්ථාවට එක් වෙමින් මහතා මේ අදහස් පළ කළේ .

මෙහි දී වැඩිදුරටත් අදහස්   දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ස්ථානගත කිරීම්  ගුරු සංගම් හා මාරු මණ්ඩල ගැටුම් ආදි පරිපාලනමය ගැටලු බොහෝමයක් උද්ගත වී තිබෙන්නේ පරිපාලනය සඳහා තාක්ෂණය නිසි ලෙස භාවිත නොකිරීම නිසා බවය. තාක්ෂණය හඳුන්වා දී බොහෝ කලක් ගත වී තිබුණ එය නිසි ලෙස භාවිත වී නොමැති බවත් හතර වෙනි කාර්මික විප්ලවය අභියස තාක්ෂණික වශයෙන් අප බොහෝ පසුපසින් සිටින බවත් ඉදිරියේ දී ප්‍රතිසංස්කරණවලින් ඔබ්බට ගොස් පරිවර්තනීය වෙනසක් ඉලක්ක කරගනිමින්       අධ්යාපනය තුළ ක්‍රියාත්මක වන බවත් මහතා සඳහන් කළේ . සියලු ධ්‍යාපනික    පරිවර්තනවල පදනම රඳා පවතින්නේ තාක්ෂණික පරිපාලන ක්රමවේදය මත නිසා වහා විප්ලවීය තාක්ෂණික පරිපාලන වෙනසකට යා යුතු බව අමාත්යවරයා මෙහි දී පෙන්වා දුන්නේ ය.