මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ස්ථානගත කිරීම් ගුරු සංගම් හා මාරු මණ්ඩල ගැටුම් ආදි පරිපාලනමය ගැටලු බොහෝමයක් ම උද්ගත වී තිබෙන්නේ පරිපාලනය සඳහා තාක්ෂණය නිසි ලෙස භාවිත නොකිරීම නිසා බවය. තාක්ෂණය හඳුන්වා දී බොහෝ කලක් ගත වී තිබුණ ද එය නිසි ලෙස භාවිත වී නොමැති බවත් හතර වෙනි කාර්මික විප්ලවය අභියස තාක්ෂණික වශයෙන් අප බොහෝ පසුපසින් සිටින බවත් ඉදිරියේ දී ප්‍රතිසංස්කරණවලින් ඔබ්බට ගොස් පරිවර්තනීය වෙනසක් ඉලක්ක කරගනිමින් ම අධ්යාපනය තුළ ක්‍රියාත්මක වන බවත් ඒ මහතා සඳහන් කළේ ය. සියලු ආධ්‍යාපනික පරිවර්තනවල පදනම රඳා පවතින්නේ තාක්ෂණික පරිපාලන ක්රමවේදය මත නිසා වහා ම විප්ලවීය තාක්ෂණික පරිපාලන වෙනසකට යා යුතු බව අමාත්යවරයා මෙහි දී පෙන්වා දුන්නේ ය.
No comments:
Post a Comment