Tuesday, December 13, 2022

රටේ ඉදිරි ගමන පිළිබඳ කරුණු කියන්න ජාතික තරුණ වේදිකාවක්

 

   


“ජාතික තරුණ වේදිකාවරටේ ඉදිරි ගමන පිළිබඳ සිය දැක්ම රජයට ඉදිරිපත් කිරීමට තරුණ තරුණියන්ට ලැබෙන මහඟු අවස්ථාවක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

 

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ලබන වසරට යෙදෙන 75 වන නිදහස් දින සැමරුමට සමගාමීව නිර්මාණය කෙරෙන ජාතික තරුණ වේදිකාව (National youth Platform) සඳහා විශ්වවිද්‍යාල  සිසුන් දායක කර ගැනීම පිළිබඳ  ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡවේ දී ය.

 

රටේ ඉදිරි සංවර්ධන සැලසුම් සකස් කළ යුත්තේ අදට නොව තවත් වසර 25කට සරිලන අන්දමින් බවත් එහිදී තාරුණ්යයේ දායකත්වය උපරිමයෙන් ලබා ගැනීම අපේක්ෂාව බවත් මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා  තවත් වසර 25කින් නිදහසේ සියවන සංවත්සරය සමරන විට මේ රටේ නායකත්වයට පත්ව සිටින්නේ රටේ තරුණ තරුණියන් බව පැවසීය.

 එබැවින් තරුණ තරුණියන් අපේක්ෂා කරන සංවර්ධිත රට ගොඩනැගීම වෙනුවෙන් ඔවුන්ගේ දැක්මල සැලසුම් සහ නිර්මාණශීලි කුසලතා ජාතික තරුණ වේදිකාව හරහා රජයට ඉදිරිපත් කළ හැකි බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

 එමෙන්ම  ලංකාව කලාපීය අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම සඳහා ගතයුතු පියවර පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරිණු අතර ඉන්දියාවල බංග්ලාදේශය සහ පකිස්තානය ඇතුලු කලාපීය රටවල සිසුන්ට මෙරට විශ්වවිද්යාලවල අධ්‍යාපනය  ලැබීමට එමගින් අවස්ථාව ලබාදිය හැකි බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

 

ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සඳහා ජාතික ප්‍රතිපත්තියක්

 

  


 

ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සඳහා ජාතික ප්‍රතිපත්තියක්       ගෙන එන බවත් සඳහා ඉදිරියේ දී නව නීති හඳුන්වාදීමට බලාපොරොත්තු වන බවත් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය.

ඊට අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය පිළිබඳ ඒකාබද්ධ යාන්ත්‍රණයේ කමිටු නියෝජිතයන් දැනුවත් කිරීම වෙනුවෙන් අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේබව සඳහන් කළේය.

ආහාර සුරක්ෂිතතාව සහ ජනතාවගේ පෝෂණ තත්ත්වය තහවුරු කිරීමේ දී නිවැරදි දත්ත ලබා ගැනීමේ අවශ්‍යතාවපැහැදිලි කළ ජනාධිපතිවරයා ජාතික මටිටමින් සහ ප්‍රාදේශිය මට්ටමින් තිබෙන දත්තවල විශාල වෙනස්කම් දක්නට ඇති බවත්ල ඒවා කඩිනමින් නිවැරදි කරගත යුතු බවත් අවධාරණය කළේය.

මෙම වැඩසටහන සාර්ථක කරගැනීමට රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේද සහය අවශ්‍ය බව මෙහිදී ජනාධිපතිවරයා සඳහන් කළේය.

Monday, December 12, 2022

චෙන්නායි - යාපනය අතර යළිත් ගුවන් ගමන්

 


පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගුවන්සේවා කටයුතු අද(12දා) යළිත් ආරම්භ විය.

 ඒ අනුව ඉන්දියාවේ චෙන්නායි සිට යාපනය පලාලි ගුවන්තොටුපොළ දක්වා ගුවන් ගමන් සිදුවන අතර එහි සිට අද උදෑසන මගී ගුවන් යානයන් පැමිණියේය.

යුද සමයේ වසා දමා තිබු පලාලි ගුවන්තොටුපොළ යහපාලන ආණ්ඩුව විසින් යලි විවෘත කළ අතර පසුව පත්වු ආණ්ඩුව විසින් එය යළිත් වසා දැමීමට කටයුතු කළේය.

  රුපියල් මිලියන 2,250 වියදමකින් පලාලි  ගුවන්තොටුපොළ යළි  සංවර්ධනය කර මෙලෙස විවෘත කර ඇත.

මේ අනුව නව ගුවන් ගමන් සේවා ආරම්භයත් සමඟ ඉන්දියාවේ සිට පලාලි දක්වා සතියේ සෑම සඳුදා, අඟහරුවාදා හා සෙනසුරාදා දිනයකම ගුවන් ගමන්  සුදානම් කොට ඇති බව ගුවන්තොටුපොළ භාර නිලධාරීහු පැවසූහ.

 

Sunday, December 11, 2022

නැගෙනහිර පළාතේ පාසල් වලට චීන රජයෙන් සෝලා ලයිට්


 


 

නැගෙනහිර පළාතේ පාසල් සදහා චීනය විසින් සූර්ය වීධි ලාම්පු පරිත්‍යාග කර තිබේ.

මෙහිදී නැගෙනහිර පළාතේ  තෝරාගත් පාසල්  40 ක් වෙනුවෙන් මෙම සූර්ය විධිලාම්පු බෙදා දීමට සැලසුම්කර ඇති බව චීන තනාපති කාර්යාලය සඳහන් කරයි. ශ්‍රි ලංකාවේ චීන තානාපති Qi Zhenhong        මහතාගේ මැදිහත්වීමෙන් චීනයේ  යුන්හාන් පළාතේ ජනතා සංගමයේ Hand in Hand වැඩ සටහන මගින් මෙම බෙදාදීම සිදුකළ බව තනාපති කාර්යාලය සඳහන් කරයි.

 


සිරිසේනට එරෙහිව පාක්ෂිකයෝ විරෝධයේ

 







ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යාවජිව සාමාජික සහ පක්ෂයේ උපදේශක හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ  පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට එරෙහිව පාක්ෂිකයෝ රටපුරා විරෝධය දක්වමින් සිටිති.

එම පක්ෂයේ වත්මන් සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම තීරණය ගෙන ඇති අතර එයට විරුද්ධව මෙලෙස හොරගොල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවැත්වුණි. 





මහ රෑ පාතාල ජවනිකා රගපෑ පේරාදෙණිය සිසුන්

 

 



පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් හිටපු උපකුලපතිවරයාට පහර දීම හේතුවෙන් විශ්වවිද්‍යාලයේ සියලුම ආචාර්යවරුන් වැඩවර්ජනයක නිරතවීමට තීරණය කර තිබේ.

පසුගිය දා රාත්‍රියේ විශ්වවිද්‍යාල සිසුන් 300 ක් පමණ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතාගේ නිවස වටකර උපකුලපතිවරයාට සහ ඔහුගේ පුත්‍රයාට පහර දී තිබේ.

මේ හේතුවෙන් හිටපු උපකුලපතිවරයා පේරාදෙණිය රෝහලට ද ඔහුගේ පුත්‍රයා මහනුවර ජාතික රෝහලට ද ඇතුළත් කර ඇති අතර පුත්‍රයා තවදුරටත් ප්‍රතිකාර ගනිමින් සිටියි.

උපකුලපතිවරයාගේ මෝටර් රථය  හා විශ්ව විද්‍යාල සිසුවෙකුගේ යතුරුපැදියක් ගැටී අනතුරක් විම මුල්කරගෙන මෙම ගැටුම හටගෙන ඇති අතර මේ හේතුවෙන් උපකුපතිවරයා‍ගේ නිවසට විශ්ව විද්‍යාල සිසුන් දැඩි අලාබහානි සිදුකර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසිය පරීක්ෂණ පවත්වන අතර මේවනතුරු කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැත. මේ සිද්ධිය සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය( අන්තරේ) මේවනකෙත් කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැත. හිටපු උපකුලපතිවරයාට පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් කර වැරදිකරුවන්ට දඩුවම් ලබා නොදෙන්නේනම් අඛණ්ඩ වැඩවර්ජනයකට යොමුවන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වැඩිදුරටක් සඳහන් කරයි.