Thursday, March 7, 2024

මිහින්තලේ හිමි සුද්ධවන්තයෙක් ද?


 මිහින්තලය රාජමහා විහාරාධිපති වලවා හැංගුණ වැවේ ධම්මරතන හිමියන් මේ වන විට අලුත් නාට්‍යයක් රඟපෑමට පටන් ගෙන තිබේ. ඒ දූෂිතයන් එළවා නැවතත් භික්‍ෂුන්ට කීකරු පාලක පන්තියක් ගොඩනැගීම වෙනුවෙනි. එය බැලූ බැල්මට ඉතා හොඳ කර්තව්‍යයකි. එහෙත් මතුපිටට නොපෙනෙන සත්‍යය නම් දුස්සීල භික්‍ෂු පිරිසකට නතු වූ පාලකයන් රට කුමන දිසාවකට ගෙනයා දැයි යන ගැටළුවයි.

මීට කදිම නිදසුනක් 2019 ජනාධිපතිවරණයේ දී මෙරට බෞද්ධ බලවේග කියා ගන්නා වාණිජවාදී භික්‍ෂුන් පිරිසක් සහ සේරිවාණිජ කුලයේ බෞද්ධ වෙළඳ පන්තියක් විසින් සිදු කළ විනාශය තවම මෙරට ජනතාවට අමතක නැත. දියසෙන් කුමරා, බෝධි සත්ත්වයකු ලෙස පිළි අන්දා රජ පුටුවේ තැබූ පාලකයා අමුම අමු ගවයෙකු බව මෙරට ජනතාවට අවබෝධ වන විට ප්‍රමාද වැඩිය. ඒ අත්වැරැද්ද නිසා සිදු වූ විනාශයට මේ රටේ ජනතාව අසීමාන්තිකව වන්දි ගෙවමින් සිටී. එහෙත් ඒ මොහොතේ මේ රටේ ජනතාව මුලාවට පත් කළ කිසිදු ගිහි හෝ පැවිදි බෞද්ධ නායකයෙකු සිදු කළ විනාශය පිළිබඳ ජනතාවගෙන් සමාව ගත්තේ නැත.
ඉතිහාසය විමසීමේ දී මෙරට භික්‍ෂු සමාජය ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් හඳුනාගත හැකිය. ඉන් පළමු පිරිස බුදුන් වදාළ පරිදි ශාසනික මගෙහි ගමන් කරමින් පිළිවෙත් සරු මහ සඟ රුවනයි. දෙවන පිරිස දේශපාලනික භික්‍ෂුවයි. මොවුන් ශාසනික ද නොවේ. ඔවුන් සිය පෞද්ගලික ආත්ම ලාභය වෙනුවෙන් බුද්ධ ශාසනය සහ භික්‍ෂුත්වය අළෙවිකරණයෙහි යෙදෙන පිරිසයි. ඔවුන්ට අවශ්‍ය තමන්ට නතු රූකඩ පාලකයෙක් බිහි කර ගැනීමටයි. ලංකා ඉතිහාසය විමසීමේ දී භික්‍ෂු නායකත්වයේ සහ අනවශ්‍ය මැදිහත්වීමෙන් පත්කළ රජවරු බහුතරයක් සාර්ථක වූයේ නැත. නිදහසින් පසු ලාංකේය දේශපාලනයේ ද එය පැහැදිලිව හඳුනාගත හැකි වේ.
නිදහසින් පසු භික්‍ෂු මැදිහත් වීමෙන් බලයට ගෙන ආ පළමු නායකයා වූයේ බණ්ඩාරනායක අගමැතිතුමායි. එතුමා බලයට පැමිණි පසු තමන්ට අවශ්‍ය පරිදි හැසිරවීමට නොහැකි වූ පසු එතුමාව ඝාතනය කරන්නේ ද භික්‍ෂුවක විසිනි. ඒ මේ රටේ සුප්‍රසිද්ධ ප්‍රධාන විහාරස්ථානයක් වන කැලණිය රජමහා විහාරයේ නායක හිමියන්ගේ අවශ්‍යතාවයකටය.
බණ්ඩාරනායක ඝාතනයෙන් පසු මෙරට භික්‍ෂු බලය ඉතා බරපතල සෝදා පාළුවකට ලක් වන අතර ඒ අනුව භික්‍ෂු මැදිහත්වීමෙන් තොර පාලකයන් පිරිසක් බලයට පත්වූහ. එහෙත් නැවතත් ප්‍රේමදාස ජනාධිපතිවරයා වෙනුවෙන් ඒ භික්‍ෂු බලය ගොඩනැගුණි. ඔහුගෙන් ලැබුනු වරදාන හා වරප්‍රසාද නිසා ප්‍රේමදාස පාලනයේ ජඩබව ඒ භික්‍ෂුන් දුටුවේ නැත.
2005 වසරේ දී මහින්ද රාජපක්‍ෂ බලයට එන්නේ ද භික්‍ෂු බලයෙන් බව සියලු දෙනා දන්නා සත්‍යයකි. ඔහුගේ දූෂිත, භීෂිත පාලනය වසා සිවුරු ඔතා, ඔහුව රැකගත්තේද, තවමත් ඔහුගේ ජඩකම්වලට සුදු හුණු ගාන්නේ ද ඉහත කී දේශපාලනික භික්‍ෂුව විසිනි. ඒ වෙනුවෙන් ඔවුන් අසීමාන්තික සැප සම්පත් ද භූක්ති විඳිති. අප්‍රමාණ ලාභ ප්‍රයෝජනද ලබාගනිති.
අවසන් වශයෙන් 2019 දී බලයට ගෙනා ගෝඨාභය මේ රට නැත්තටම නැති කර දමා තිබේ.
එතරම් විනාශයක් සිදු කර තිබිය දීත්, තවමත් විලි ලැජ්ජා නැතිව රජවරු තනන්නට මොවුන් දරණ උත්සාහය නම් පිළිකුල් සහගත ය.
මේ රටේ ධනවත්ම විහාරස්ථාන කිසිවක් මේ මෑතක් වනතුරු විදුලිබිල් ගෙව්වේ නැත. සියලු වැඩ කටයුතු සඳහා සිවිල් ආරක්‍ෂක අංශය සිටියේ ය. ඉදිකිරීම් සිදු කළේ ත්‍රිවිධ හමුදාව විසිනි. තීරු බදු රහිත වාහන බලපත්‍ර එසේ කඩේ ගිය බහුතරයකට ලැබුණි. පොලිස් ප්‍රභූ ආරක්‍ෂකයන් සිටී. මේ සියල්ලට වැය වන්නේ අහිංසක ජනතාවගේ බදු මුදල් නොවේ ද?
මිහින්තලේ නාහිමියන් පවසන ආකාරයටම ඔවුන් 1979 වසරේ සිටම විදුලි බිල් ගෙවා නැත. එහෙත් මිහින්තලය ඇතුළු ප්‍රධාන විහාරස්ථාන වල විදුලි බිල වෙනුවෙන් දායකත්ව මුදල් අයකරයි. මිහින්තලා නගරයේ සහ පූජා භූමියේ ඇති වෙළෙදසැල් වලින් මාසිකව කුලී ලබා ගනී. පූජා භූමියට අයත් අක්කර දහස් ගණනක ආදායම් ලබයි. එහෙත් පන්සල නඩත්තු කරනු ලැබුවේ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ ත්‍රිවිධ හමුදාවයි.
එසේ නම් මේවා මහජන මුදල් අවභාවිත කිරීම් නොවේ ද? සුචරිතවාදී භික්‍ෂුන් තමන් අනීතිකව මෙලෙස මහජන මුදලින් වරප්‍රසාද භූක්ති විඳින්නේ ඇයි?
මිහින්තලේ හාමුදුරුවන් ඇතුළු දේශපාලන භික්‍ෂුන් වහන්සේලා සිදු කරන්නේ මුදලට තම භික්‍ෂුත්වය විකිණීමකි. ඔවුන්ට වඩා වීදි ගණිකාව සිය ගුණයකින් වැදගත් ය.
මේ රටේ ආගමික ස්ථානවලින්ද ආදායම් බදු අයකර, භික්‍ෂුන්ට අනවශ්‍ය වරප්‍රසාද ලබාදීමට මහජන මුදල් නාස්ති නොකරන පාලනයක මේ රට වඩා යහපත් වනු ඇත. ධම්මරතන හිමියනි, ඔබවහන්සේ නිරුවතින් සිට අන් අයගේ නිරුවත සොයනු වෙනුවට තමා මුලින් ම ප්‍රතිපත්ති ගරුක වී අවංකව කටයුතු කරනු මැනවි. එය බුද්ධ ශාසනයේ චිරස්ථිතියට ද මහත් සේවයක් වනු ඇත.

සමන් ගණකධාර

Monday, February 26, 2024

 #ඔබ_කලා_විෂයන්_හැදෑරිය_යුතු_ඇයි -


- මහාචාර්ය ලියනගේ  අමරකීර්ති


(පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙහි ශාස්ත්‍ර පීඨයට ප්‍රවේශ වූ නවක සිසුන්ගේ නම්නීකරණ වැඩසටහන සඳහා පෙබරවාරි 10 වනිදා ලියනගේ අමරකීර්ති මහතා පැවැත්වූ දේශනය ඇසුරිණි)


ශාස්ත්‍ර පීඨ


මානව ශාස්ත්‍ර සහ සමාජයීය විද්‍යා යනුවෙන් හැඳින්වෙන්නේ අප ශාස්ත්‍ර පීඨ යැයි සාමාන්‍යයෙන් හඳුන්වන පීඨවල ඉගැන්වෙන විෂයයන්. සාහිත්‍ය කලා, භාෂාව, ඉතිහාසය, දර්ශනය, ලලිත කලා ආදී විෂයයන් මානව ශාස්ත්‍ර ලෙසත්, ආර්ථික විද්‍යාව, සමාජවිද්‍යාව, මනෝ විද්‍යාව, භූගෝල විද්‍යාව, මානවවිද්‍යාව ආදිය සමාජයීය විද්‍යා ලෙසත් සාමාන්‍යයෙන් හැඳින්වෙනවා. නමුත් මේවා මෙතරම් පැහැදිලිව බෙදුම්කරණය කරන්න අමාරුයි. භූගෝල විද්‍යාව, පුරාවිද්‍යාව, සහ වාග්විද්‍යාව ගන්න. ඒවා අර බෙදුම්කරණයෙන් තේරුම්ගන්න බෑ. භූගෝල විද්‍යාව එක පැත්තකින් රසායන විද්‍යාව, භෞතික විද්‍යාව ආදියටත් තව පැත්තකින් සාහිත්‍ය කලා ආදියටත් සම්බන්ධයි. අද ලලිත කලා වැනි විෂයයන් භෞතික විද්‍යා, ඉංජිනේරු විද්‍යා ආදිය සමග සම්බන්ධයි. පුරාවිද්‍යාව සඳහා රසායන විද්‍යා ආදිය අවශ්‍යයයි. වාග්විද්‍යා ක්ෂේත්‍රයේ ඇති වූ එක්තරා විප්ලවීය චින්තන සම්ප්‍රදායක් වන ව්‍යූහවාදය මානවශාස්ත්‍ර විෂයයන් විතරක් නෙමේ, සාමාජීය විද්‍යාවලටත් විශාල බලපෑමක් කළා. එපමණක් නොවෙයි විද්‍යා පීඨවල ඉගැන්වෙන ස්වභාවික විද්‍යා ගැන අප කල්පනා කරන ආකාරය ව්‍යූහවාදය නිසා තීරණාත්මක වෙනස්වීම්වලට ලක් වුණා. භාෂා අධ්‍යයන ක්ෂේත්‍රයෙහි ඇති වූ චින්තන විධියක් ස්වභාවික විද්‍යාවලටත් බලපෑම් කරන ආකාරය දැන් අපි කවුරුත් දන්නවා. ඒ විතරක් නෙමේ ස්නායු විද්‍යා, ජාන විද්‍යා ක්ෂේත්‍රයේ ඇති වූ අලුත් වර්ධනය අපේ විෂය ක්ෂේත්‍ර වෙතත් බලපෑම් කරලා තියෙනවා. මනුෂ්‍යයන් අතර පවතින ආදරය යනු කුමක්දැයි යන්න ගැන කවීන් විතරක් නෙමේ රසායන විද්‍යාඥයන්, ජීව විද්‍යාඥයන් කතා කරනවා. “ආදරය” විඳින විට, “ආදරය” කරන විට මොළයෙහි සිදුවන රසායන ක්‍රියාවලි ගැන අපූරු පර්යේෂණ කෙරී තිබෙනවා. ඒ නිසා මනුෂ්‍ය ඥානය ගැන විද්‍යා සහ කලා යනුවෙන් කර ඇති මෙම බෙදීම් ඉතාම කෘත්‍රිම බෙදීම්.


අපේ රටේ මානවශාස්ත්‍ර සහ සමාජයීය විද්‍යා යනුවෙන් හැඳින්වෙන අධ්‍යාපනයට ඇමරිකා එක්සත් ජනපදයෙහි භාවිත කරන නම තමයි ලිබරල් ආර්ට්ස් හෙවත් නිදහස් කලා යන්න. නමුත් ලොකු වෙනසක් තියෙනවා. එහි නිදහස් කලා යන්නට විද්‍යාව, ගණිතය වගේ දේවලුත් අයිතියි. ලිබරල් හෙවත් නිදහස් යනුවෙන් එතනදි අදහස් කරන්නේ වැදගත් දෙයක්. මනුෂ්‍ය චින්තනයේ නිදහස, මනුෂ්‍යයාගේ නිදහස සාධනය කරන ඥානය තමයි නිදහස් කලා යන්නෙන් අදහස් කෙරෙන්නේ. අද වන විට ලංකාවේ විශ්වවිද්‍යාලවලත් මානව ශාස්ත්‍ර සහ සමාජයීය විද්‍යා ඉගෙනීමට එන අයටත් ගණිතය, සංඛ්‍යානය වගේ විෂයන් ඉගෙනගන්න වෙනවා. විද්‍යාව පිළිබඳ මූලික ඥානය ලැබෙන පාඨමාලාවක් දෙකක් වත් තවමත් ඔබට හදාරන්නට අවකාශ නැති වුවත් මේ පීඨයේදී ඔබට ලැබෙන අධ්‍යාපනය විශාල වශයෙන් පුළුල්.


සාමාන්‍යයෙන් අපේ රටේ ඔබ වැනි අය ඉගෙනගන්න විෂය දිහා බලන්නෙ අවතක්සේරු ස්වරයෙන්. “කලාව කෙරුවොත් මළා” තමයි කියල සෝමලතා සුභසිංහගෙ විකෘති නාට්‍යයෙදි කියවෙන්නෙ ඔබ ඉගෙනගන්න විෂය ගැන අපේ සමාජයේ තියෙන අවබෝධයේ තරම. මානව ශාස්ත්‍ර විෂයවලට පරිභෝජන ධනවාදී ලෝකයේදී අත්වන ඉරණම පිළිබඳ ලංකාවේදී දක්වන ලද මුල්කාලීන ප්‍රතිචාරයක් තමයි විකෘති නාට්‍යය.


කලා විෂයන් කියන්නෙ චිත්‍ර, සංගීත, නැටුම් හෝ සිව්පද ආදිය ගැන කියල හිතන අය චිත්‍ර, සංගීත, නැටුම් වැනි ලලිත කලාවලටත් කරන්නෙ දරුණු නිගරුවක්. මේ විෂයට බැහැරින් ඉන්න අය මොනව හිතුවත් කමක් නෑ කියමු. විෂය ඇතුළෙ ඉන්න අපිත් බොහෝ විට හිතන්නෙ කලා කියන්නේ සාමාන්‍ය පෙළ හොඳින් සමත් වෙන්න බැරි, ගණිතය, ඉංග්‍රීසි වගේ ඒවත් බැරි අය ඉගෙන ගන්න විෂයක් කියලා. ඒ නිසා අපි ඉගෙනගන්න කාලෙත්, ඉගෙනගත්තට පස්සෙත් හිතන්නෙ වෛද්‍ය, ඉංජිනේරු, විද්‍යා වගේ පීඨවලට යන්න බැරි වුණ අය සම්පූර්ණයෙන් අනාථ වෙන එක වලක්වන්න තියෙන පීඨයක් තමයි ශාස්ත්‍ර පීඨය කියලා. මේ අවබෝධය වැරදියි. විද්‍යා, වානිජ වැනි විෂයධාරා හදාරන්නට තරම් ඉහළින් සාමාන්‍ය පෙළ විභාගය සමත් වූ අයත් මෙතන ඉන්න නිසා අර ප්‍රකාශය කොහොමත් වැරදියි.


අපි මේ පීඨයෙ ඉගෙනගන්න කිසිම විෂයයක් අනික් පීඨවල උගන්වන කිසිම විෂයකට වඩා හරයාත්මකව පහළ වන්නේවත් වැදගත්කමින් අඩුවන්නේවත් නෑ. මනුෂ්‍ය ඥානයේ විවිධ ප්‍රභේද සහ ශාඛා තියෙනවා. ඉන් එකක් වත් අනිකට වඩා පහළවත් ඉහළවත් නෑ. යම් යම් විෂයයන් නිසා අත්පත් කරගත හැකි ප්‍රාග්ධනය හා සංකේත ප්‍රාග්ධනය අතර පරතරයක් තියෙනවා. ඉතා ඉක්මනින් විශාල නිවසක්, මෝටර් රථයක් ආදිය අත්පත් කරගන්නට ඉඩ දෙන විද්‍යාව වෛද්‍ය විද්‍යාව වී තිබෙන්නේ ඒ විද්‍යාවේ නෛසර්ගික උසස්කමක් නිසා නොවේ. අනික වෛද්‍ය විද්‍යාව ලෝකයට පහළ වී ඇත්තේ එය ඉගෙනගත්ත පිරිසට ඉක්මනින් විශාල කාර් සපයන්න නොවේ. මානව වර්ගයා සුවපත් කරන්න. අනික අපේ රටේ සෑම පාසලකම පාහේ විද්‍යා විෂයයන් හදාරන්න ඉඩ තිබුණා නම්, වෛද්‍ය පීඨවලට බඳවා ගන්නා ශිෂ්‍ය පිරිස විශාල වශයෙන් වැඩි කළා නම් ඒ විද්‍යාව ඉක්මනින් කාර් සපයන විද්‍යාවක් වෙන්නේ නෑ.


දැන් මම ඉහත කිව්වා වෛද්‍ය විද්‍යාවත් අනික් ඥාන පද්ධතිත් පහළ වී තියෙන්නෙ මනුෂ්‍ය ජීවිතය සුවපත් කරන්න, නිදහස් කරන්න. ඕනෑම විද්‍යාවක් පහළ වී ඇත්තේ කුමකටද කියන ප්‍රශ්න අහන එක අපේ පීඨයේ ඉගැන්වෙන විෂයවල එක කාර්යක්. මනුෂ්‍ය ඥානයේ එක අරමුණක් තමයි මනුෂ්‍ය නිදහස සාධනය කරගැනීම. මනුෂ්‍ය දැනුම භාවිත කරලා මනුෂ්‍යයා ලෙඩරෝගවලින් නිදහස් කරගැනීම වෛද්‍ය විද්‍යාවේ කාර්යක්. අප අවට තියෙන භෞතික සම්පත් වෙනස් කරලා මනුෂ්‍ය නිදහස වර්ධනය වෙන ආකාරයේ නිෂ්පාදන කිරීම, ස්වභාව ධර්මයේ ඇතැම් නියාම නිසා මනුෂ්‍යයාට ඇති වන බාධා ජයගැනීම ඉංජිනේරු විද්‍යාවේ කාර්යක්. මෙහෙම හිතමු. අව්ව වැස්ස අපට තියෙන ස්වභාවික බාධා. අපි අපගේ ඉංජිනේරු ඥානය භාවිත කරලා නිවාස හදා ගත්තම ඒ ස්වභාවික බාදා ඉවත් කරලා අපේ නිදහස වැඩිවෙනවා. මහා සාගරය කියන්නේ මනුෂ්‍යයා හමුවේ තියෙන දරුණු ස්වභාවික බාධාවක්. මනුෂ්‍යයා තමන්ගෙ ඉංජිනේරු ඥානය භාවිත කරලා නැව් හැදුවම අපට ඒ මහා සාගරය තරණය කරන්න පුළුවන්. ඒ නිසා මනුෂ්‍ය නිදහස වැඩි වෙනවා.

මනුෂ්‍ය නිදහස සාක්ෂාත් කරගැනීම විතරක් මදි වෙන තත්ත්වයක් අද ඇති වී තිබෙනවා. මනුෂ්‍යයා සහ අනෙකුත් ජීවය පිණිස මෙතරම් උචිත වූ ග්‍රහලෝකයක් අපට ළඟා විය හැකි දුරක තවම හොයාගෙන නෑ. ඒ නිසා පෘතිවිය නමැති අපේ ලෝකය වඩා වැඩි කාලයක් මනුෂ්‍යයන්ට සහ අනෙක් සතා සිව්පාවන්ට උචිත ලෙස පවත්වා ගනිමින් මනුෂ්‍ය නිදහස සාක්ෂාත් කරගන්නේ කොහොමද කියන ප්‍රශ්නෙ තියෙනවා. ඒක අද ලොකු ප්‍රශ්නයක්. එවන් පසුබිමක ඔබ මෙම පීඨයට පැමිණ හදාරන්නේ මොනවාද? ඒවා හැදෑරිය යුත්තේ ඇයි? යනාදී ප්‍රශ්න ගැන අදහස් කිහිපයක් මම ඔබට කියනවා. 

අපි මෙම පීඨයේ ඉගෙනගන්නා දේවල වටිනාකම වටහා ගන්න කොට අපි ප්‍රවේශ තුනක් ගන්න පුළුවන්.


නෛසර්ගික අගය ( intrinsic value)

2. ශාස්ත්‍රාලයෙන් එපිටදී ප්‍රයෝජනවත් වන්නා වූ බුද්ධිමය ගුණාංග සහ ප්‍රායෝගික ගුණාංග වර්ධනය-


3.චරිත සංවර්ධනය සහ යම් උත්තර පරමාර්ථයක් පිළිබඳ හැඟීමක් වර්ධනය කිරීම


අපි දැන් මේ ප්‍රවේශ තුන ගැන තරමක් සවිස්තරව සාකච්ඡා කරමු. පළමු වැන්න තමයි අපි ඉගෙනගන්න දේවල්, විශේෂයෙන් ශාස්ත්‍රපීඨයේ ඉගෙනගන්න දේවල් අපි ඒවාගේ නෛසර්ගික අගය නිසා. ඉන් අදහස් වෙන්නෙ මෙහෙම දෙයක්. .එයින් අදහස් කරන්නේ ඉගෙනීම සඳහාම ඉගෙනීම. ජීවිතය ගවේෂණය කිරීමේ ප්‍රීතිය. ජීවිතයෙහි අර්ථ පිළිබඳ මහා ප්‍රශ්න ඇසීම, ගවේෂණය කිරීම. මෙම බුද්ධිමය ප්‍රයාමය ප්‍රීති ඇති කරන එකක්. ශාස්ත්‍ර පීඨයේ අපි අපේ අධ්‍යයන කටයුතු අවංකව කරන වෙලාවට මෙම ප්‍රීතිය අත්වෙනවා. අපි ඒක විඳිනවා. නමුත් මේ සඳහා ඥාන ගවේෂණයට කැපවුණු ගුරුවරු වගේම ශිෂ්‍යශිෂ්‍යාවනුත් ඉන්න ඕනෙ.


අපි පුරුදු වෙලා ඉන්නව අපේ අධ්‍යාපනයේ අගය මනින්න ඒ නිසා අපට ලැබෙන ප්‍රායෝගික දේවල් මොනවද කියන එක අනුව. ඉහළ ආර්ථික තත්ත්වයකට යන්න ඒ අධ්‍යාපනයෙන් මොනවද ලැබෙන්නෙ කියන එක අනුව. අධ්‍යාපන දර්ශනයෙදි මේකට කියනවා කරණීය තර්කනය කියලා. ඒ කියන්නේ අධ්‍යාපනය වෙනත් ප්‍රායෝගික වාසියක් ලබාගන්න උපකරණයක් ලෙස භාවිත කරන්නෙ කොහොමද කියන එක. අපේ අධ්‍යාපනය විශාල වශයෙන් අද මේ තර්කනයට යටවෙලා තියෙන්නෙ. අධ්‍යාපනය ඔස්සේ හොඳ වෘත්තියකට ප්‍රවේශවීම නරක දෙයක් නෙමේ. මම ඒ ගැන ඉදිරියෙදි කතා කරනවා. නමුත් අපේ පීඨයේ ඉගැන්වෙන බොහෝ දේවල් කරණීය තර්කනයෙන් මැන්නොත් වරදිනවා. ඒ නිසා අධ්‍යාපන දර්ශනයෙදී අපේ වගේ විෂයයන් අගය කරන්නෙ වටිනාකම පිළිබඳ තර්කනය අනුව. එතන වටිනාකම කියන්නෙ රුපියල් සත වටිනාකම හෝ ප්‍රායෝගික වටිනාකම නොවේ.


අපේ විෂයයන්වලදි අපි අහන්නෙ උපරිම වටිනාකම් පිළිබඳ ප්‍රශ්න. මනුෂ්‍ය ජීවිතය යනු කුමක්ද? ජීවිතයක හරය යනු කුමක්ද? මරණයෙන් මතු ජීවිතය කුමක්ද? ආදරය යනු කුමක්ද? සහෝදරත්වය යනු කුමක්ද? මනුෂ්‍යයන් විවිධාකාරයෙන් සමාජය සංවිධානය කරගන්නේ ඇයි? මනුෂ්‍යයන් එකිනෙකා වෙත සම්බන්ධ වන ආකාරය ඉතිහාසය ඔස්සේ වෙනස් වී ඇත්තේ ඇයි? වඩා හොඳ ආදරවන්තයන්, ආදරවන්තියන් වන්නේ කෙසේද? වඩා හොඳ ස්වාමි පුරුෂයන් හෝ භාර්යාවන් වන්නේ කෙසේද? විවාහය නමැති ආයතනය තුළ ආධිපත්‍යය හිමිව ඇත්තේ කාටද? ඒ ඇයි? මනුෂ්‍ය ලෝකයෙහි ඇති පළමු බෙදීම වන ස්ත්‍රී-පුරුෂ භේදයේදී ඉහළ පහළ යනාදී වශයෙන් ධුරාවලි සම්බන්ධයක් පවතින්නේ ඇයි? මේ බෙදීම වඩා ප්‍රජාතාන්ත්‍රික කළ නොහැකිද? සමාජයක පවතින ධනය සහ සම්පත් ඒ සමාජයේ බහුතරයක් දෙනාගේ නිදහස සාක්ෂාත් වන ආකාරයට බෙදා හරින්නේ කෙසේද? හුදෙක් ධනය සමානව බෙදා හැරීමෙන් පමණක් සාධාරණය සහ සමානත්වය ඇති වන්නේද? ධනයෙන් ඉහළ වුවත් වෙනත් අනන්‍යතා නිසා පහත් කොට සලකනු ලබන ජනයා නොසිටීද? ආර්ථික සංවර්ධනයෙන් පමණක් එවන් ජනයා වෙනුවෙන් සාධාරණය ඉෂ්ට කළ හැකිද? මේවා ඉහළ තලයක පිහිටන ප්‍රශ්න. ඒ ඉහළ බවේ විවිධතා තියෙන්න පුළුවන්. සම්භාව්‍ය විශ්වවිද්‍යාලය යනු කුමක්දැයි පැහැදිලි කරමින් ජෝන් හෙන්රි කාඩිනල් නිව්මන් 1863 දී මෙහෙම කිව්වා:


“යම් යම් දැනුම් තියෙනවා හුදෙක් ඒවාගෙන් කෙරෙන්නේ මොනවාද යන්න නොසලකා ඒවා ඒවා පිණිසම අත්පත් කරගැනීම වැදගත් වන.” There is a knowledge worth possessing for what it is not merely for what it does.” දර්ශනය, සාහිත්‍යය, ඉතිහාසය, සමාජවිද්‍යාව, මනෝවිද්‍යාව, දේශපාලන විද්‍යාව ආදිය අපි ඉගෙනගන්න පළමු හේතුව ඒවා අපිව අර වගේ වැදගත් ප්‍රශ්න වෙත යොමු කිරීම. ඒ ප්‍රශ්න වෙත යොමු කරන නිසාම පමණක් අර විෂයයන් වටිනවා විතරක් නෙමේ, ඒ ප්‍රශ්නත් නෛසර්ගිකව වටිනවා.


ඒවගේම ශාස්ත්‍රපීඨයේ අපි භාෂා සාහිත්‍ය ආදිය ඉගෙනගන්නවා. ව්‍යක්ත, අලංකාර, අර්ථවත් භාෂා භාවිතවල අගය අපි ඉගෙනගන්නවා. මනුෂ්‍ය භාෂා භාවිතයෙහි ඇති සංකීර්ණතා, සියුම් අර්ථ, ඇඟවුණු අර්ථ ආදිය ගැන අපි සංවේදී වෙනවා. කවිය වැනි ඇතැම් භාෂා භාවිත අසළ වැඩි වේලාවක් ගත කර, සෙමින් කියවමින් බහුවිධ අර්ථ මතු කරගන්නා සැටි අපි ඉගෙන ගන්නවා. කාලය යනු මුදල් යැයි සිතන සමාජයක හා යුගයක කවියක් කියවන්නට එපමණ වෙලා ගත කරන්නේ ඇයි? අන්තර්ජාලයෙන් හරි බිස්නස් එකක් කරලා කීයක් හරි හොයාගන්න කැප කළ හැකි වෙලාවෙ අපි හෙට (පෙබරවාරි 11) මහාචාර්ය සරච්චන්ද්‍ර එළිමහන් රංපීඨයේදී ජර්මානු නාට්‍යකරු බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ හුණුවටයේ කතාව නරඹන්නේ ඇයි? එය නැරඹීමම වටිනාකමක් නිසා. සංකීර්ණ දේශපාලන අවස්ථාවක මනුෂ්‍ය චර්යාව කෙසේ වන්නේද? පන්තිමය වශයෙන් බෙදී වෙන්වුණු මනුෂ්‍ය සමාජය තුළ මනුෂ්‍ය වටිනාකම් විපරීත වන්නේ කෙසේද? මේ ප්‍රශ්න ගැන හිතන්නට අපට ඉඩ ලැබෙන නිසා.


- මහාචාර්ය ලියනගේ අමරකීර්ති


Friday, January 26, 2024

සනත් නිශාන්තගේ මරණයෙන් අනුකම්පාව දිනාගන්න ගත් උත්සාහයද අසාර්ථකයි


 පහු ගිය කාල වකවානුව පුරා රාජපක්ෂලාට අසීමාන්තිකව කඩේ යම නිසා ජනතාවගේ දැඩි අප්‍රසාදයට පත්ව සිටි පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තගේ හදීසි අභාවය රාජපක්ෂ දේශපාලනයේ බරපතල කඩාවැටීමක් බවට පත්ව තිබේ. මේ නිසාම ඔවුන් මෙම මරණය තම දේශපාලන වාසියට හරවා ගැනීම වෙනුවෙන් දරුවන් සිව් දෙනා යොදාගනු පෙනුණි. ඒ හරහා මහජන අනුකම්පාව දිනා ගැනීම ඔවුන්ගේ අභිප්‍රාය විය.


එහෙත් ඒ උත්සාහය ඔවුන් සිතූ පරිදි සාර්ථක වූයේ නැත. සිදු වූයේ ප්‍රගීත් එක්නැලිගොඩගේ සහ වික්‍රමතුංගගේ දරුවන්ගේ ඡායාරූප මුහුණු පොතේ පෙරට පැමිණීමය. 

දැන් පොහොට්ටුව වෛරීසහගත පෝස්ට් දමන්නේ ජනතා විමුක්ති පෙරමුණු පාක්ෂිකයින් බවට චෝදනා කරමින් සිටී. එහෙත් එම උත්සාහය ද සාර්ථක බවක් පෙනෙන්නට නැත. මන්ද සනත් නිශාන්තට සුදු හුණු ගාන්නට ගෙනෙන තර්ක කිසිවක් ජනතාව පිළිගන්න සූදානම් නැත. ඒ සියල්ල මේ වන විට කල් ඉකුත් වී තිබේ. 

පොහොට්ටුව නැවත් උට්ඨානය වන්නට සිතන්නේ නම් රාජපක්ෂලා අතැර අලුත් දර්ශනයකින් පෙරට පැමිනිය යුතු ව ඇත.

Sunday, January 21, 2024


 රනිල් ෆැසිස්ට්වාදියෙක්ද,බොනපාට්වාදියෙක්ද?


වෛද්‍යවරුන්ට සහ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට දීමනවක් දෙන කැබිනට් පත්‍රිකාව සම්මත වෙනත් එක්කම සෞඛ්‍ය සේවය ගිනි අරගෙන තියනවා.සෞඛ්‍ය සේවයේ ඉන්න අනිත් සේවකයෝ ඒ හා සමාන දීමනාවක් ඉල්ලනවා.මේ කැබිනට් පත්‍රිකාව දාලා තියෙන්නේ රනිල්.රනිල් මේ සංචාරයට ගිහිල්ලා තියෙන්නේ මේ බෝම්බය පත්තු කරලා.රටේ රාළ කියන්නේ රනිල් ඔය වගේ වැඩක් ආවට ගියාට කරන්නේ නෑ. 


අනිවාර්යයෙන්ම ඒක ඇතුලේ දේශපාලනයක් තියෙන්න ඕනි. ජනාධිපතිවරණයක් කට උඩ තියාගෙන අපේක්‍ෂකයෙක් විදිහට ඉදිරිපත් වෙන්න හිතාගෙන ඉන්න රනිල් මොනවද මේ කරන්නේ කියලා ගොඩක් එජාප පක්ෂිකයොත් අහනවා.රනිල් මීයක් කඩන්නේ සජිත්ලා,අනුරලා වගේ අත ලෙවකන්න නෙවෙයි.රනිල් කැඩුවොත් මීයම කනවා." ජවිපෙ මර්ධනයක් ගෙන්වා ගනීද " ලිපියෙන් රනිල් කරන්න හදන වැඩේ එක සැක කටයුතු පැත්තක් ගැන රටේ රාළ කතා කළා.


රටේ රාළ කියන්නේ මෙතන කතා කරන්න ඕනි තවත් පැත්තක් තියනවා.ඔයාලා අහලා ඇති ෆැසිස්ට්වාදය කියලා එකක් ගැන.ඒ වගේම බොනපාට්වාදය කියලා එකක් ගැන.මේවා නිකං බොරුවට දාපු නම් නෙවෙයි.ලෝක දේශපාලන ඉතිහාසයේ අත්දැකීම් ආශ්‍රිතව ගොඩනගපු සංකල්ප.ෆැසිස්ට්වාදය කියන්නේ කෙලින්ම මර්ධනය ඉළක්ක කරගෙන යන පාලන ක්‍රියාවලියක්.


පොල්පොට්,මුසලෝනි කියන්නේ කෙලින්ම ෆැසිස්ට්වාදියෝ. බොනපාට්වාදය කියන්නේ මර්ධනයත් තියන යම් පමණකට වරදාන,වරප්‍රසාදත් තියන අතර මැද එකක්.කට්ට සූර පාලකයෙකුට මේ වරදාන වෙනුවට සුභසාධන කියන වචනය යොදාග්න පුළුවන්. බොනපාට්වාදය ඇතුලේ පඩි වැඩි කිරීම්,සහන ලබාදීම්,තනතුරු, වරප්‍රසාද තියන නිසා එහෙම විග්‍රහකට ගෙනියන්න පුළුවන්. බොනපාට්වාදය ඇතුලේ තියන මේ වරදාන දීම සමාජ ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිලිවෙලක් හැටියට පෙන්නනත් පුළුවන්.


එතනදී රටේ රාළට කියන්න ඕනි බොනපාට්වාදය සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ එකිනෙකා ප්‍රති විරොධී වැඩපිලිවෙලවල් දෙකක් කියලයි. ජේආර් ජයවර්ධන practice කළේ ඔය බොනපාට්වාදී ක්‍රමය.ඡේආර්ගේ අනුප්‍රාප්තිකයා උන රනිල්ගේ දේශපාලන භූමිකාව ඇතුලේ ඒක නැති වෙයි කියලා හිතන්න බෑ. මොකද රනිල් කියන්නේ ඩීඑස් ඉස්සරහින් තියාගෙන ජේආර් අනුගමනය කරන කෙනෙක්.


රනිල්ගේ වර්තමාන දේශපාලන භූමිකාව ගැන හිතුවොත් රනිල්ගේ දේශපාලනයේ බොනපාට් පන්නයේ ලක්ෂණ තියනවා.ඒක ඇතුලේ මර්ධනය වගේම වරඳාන, වරප්‍රසාදත් තියනවා.රනිල් කරන්නේ ඕනි ප්‍රශ්නයක් ඉස්සෙල්ලා ඇවිලෙන්න අරින එකයි.සෞඛ්‍ය ප්‍රශ්නය උනත් තව ටිකක් ඇවිළුනාට පස්සේ රනිල් කරන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඊළඟ ශ්‍රේණිවලටත් ඔය දීමනාව දෙන එක.


විශ්ව විද්‍යාලවලත් තව ස්ථරයක් පහලට දෙයි.රටේ රාළ කියන්නේ රනිල් මේක දෙනවා.හැබැයි දෙන්නේ බෙදීම් හදලා,තමන්ට ඕනි විදිහට කළමණාකරණය කරලා. ගිනි තියලා,ගින්න නිමෙන්න ඇරලා, නැත්තං ඕනි පමණට ගිනිගත්තට පස්සේ ගින්න නිවලා,තවලා,අයිස් තියලා තමයි.ඒ කියන්නේ ඉස්සෙල්ලා වේදනාව විදින්න දීලා පස්සේ බෙහෙත් දෙන ක්‍රමය තමයි රනිල්ගේ system එක.


දැන් ඔයාලට තේරෙනවා ඇති මේ රටේ ඒ ක්‍රමය හොඳට practice කරපු නායකයා ජේආර් කියලා.දැන් දොස්තරලාට,ලෙක්චර්ස්ලට වරදාන දීලා තියෙන්නේ.එයාලා දැන් ආණ්ඩුවට විරුද්ධව පාරට බහින්නේ නෑ.පාරට බැස්සොත් බහින්නේ තමන්ට ඇටෑක් කරන සෞඛ්‍ය සේවකයන්ට විරුද්ධවයි. කොහොමද හදලා තියන බෙදීම. දැන් මේ යන්නේ ඒ පීරියඩ් එක. ඉතින් මේ දේශපාලනය විග්‍රහ කරගන්න බැරි සජිත් සහ අනුර අමාරුවේ වැටෙන එක අහන්නත් දෙයක්ද?


එහෙම විග්‍රහක් කරගන්න සජිත්ට කොහොමවත්ම බෑ.රටේ රාළ මේ විග්‍රහ කලාට පස්සේ ඕනිනං මේක යම් පමණකට තේරුම් ගන්න අනුරට සහ ටිල්වින්ට පුළුවන් වෙයි. අනුර සහ ටිල්වින්ලා ඇතුලේ සමාජවාදියෙක් නෑ.අඩුම ගානේ බොනපාට්වාදියෙක්වත් නෑ ඉන්නේ තනිකරම ෆැසිස්ට්වාදියෙක්.හැබැයි ෆැසිස්ට්වාදයේ ඔරිජිනල් එක නෙවෙයි ඩුප්ලිකේට් එක. බොනපාට්වාදයේ මර්ධනය පැත්තටවත්,වරදාන පැත්තටවත් මුහුණ දෙන වැඩපිලිවෙලක් සජිත්ටවත්,අනුරටවත් නෑ.


අපි මේක තේරුම් ගන්නත් එක්ක බොනපාට්වාදයේ ෆැසිස්ට් කෑල්ල නැත්තං මර්ධන කෑල්ල මතු වෙන්නේ කොහොමද කියලා බලමු. ෆැසිස්ට්වාදය මතු වෙන්නේ ජනතා අරගලයත් එක්ක.ෆැසිස්ටිවාදයට සක්‍රීය වෙන්න අවශ්‍ය පස තියෙන්නේ මහජන නැගිටීම් ඇතුලේ.ඒ කියන්නේ වෘත්තීය අරගලවලින්,ජනතා නැගිටීම්වලින්. ඒවත් එක්ක තමයි ෆැස්ස්ට්වාදය සක්‍රීය වෙන්නේ.නැතුව නිකං මිනිස්සුන්ට ගහන්න මරන්න බෑනේ.


ඒකෙන් රටේ රාළ කියන්නේ නෑ මර්ධනයට බයේ ජනතා නැගිටීම් නවත්තන්න ඕන කියලා.රටේ රාළ කියන්නේ ඒ ගැටුමේදි ගුටි කාලා දුවන ක්‍රියාමාර්ග නැතිව ඒක යට කරලා බලය ගන්න ක්‍රියාවලියක් තියෙන්න ඕනි.හරි....අපි බලමු රනිල්ගේ බොනපාට්වාදය ඉස්සරහා සජිත්ගේ සහ අනුරගේ භූමිකාව මොකද්ද කියලා.දාර්ශනිකව රනිල් කවුද කියලා බේරගත්තොත් තමයි රනිල් එක්ක යුද්ධ කරන්න පුළුවන්.


රනිල් එක්ක මොන දේශපාලන ක්‍රියාමාර්ගයකට ගියත් රනිල් හරිට හදුනාගෙන තියන එක වැදගත්. රනිල් එක්ක සාකච්ඡා කරන්න උනත් රනිල් කවුද කියලා දැනගෙනයි යන්න ඕනිනේ.ඒක බේරගත්තොත් තමයි හෙට වෙන්නේ මොකද්ද කියලා දැනගෙන ඉන්න පුළුවන්.ඒක දන්න හින්දා තමයි රටේ රාළ ජවිපෙ දාන පුස් පාට්වලට බය නැත්තේ.මේ තියන ජවිපෙට බලය ගන්න බෑ කියලා රටේ රාළ සහ සුද්දෙන්ම දන්නවා. රනිල් ඉස්සරහා සජිත්ගේ භූමිකාව කියන්නේ බොඳ වෙච්චි එකක්.


වරදාන වරප්‍රසාද කතාවෙදී රනිල් සහන දෙනකොට සජිත්ට මොකද්ද කරන්න තියෙන්නේ.අනුරට මොකද්ද කරන්න තියෙන්නේ. ෆැසිස්ට්වාදී අන්තයක ඉදන් නං රනිල් වැඩ කරන්නේ සජිත්ට වෙන්නේ අතරමං වෙන්න,නැත්තං යටත් වෙන්න.අනුරට වෙන්නේ එක්කෝ සටන් කරන්න.නැත්තං පසුබැහැලා පලා යන්න.අනුර තෝරගෙන තියෙන්නේ පසු බැස පලායෑම.බොනපාට්වාදය ඉස්සරහා අනුර සහ සජිත් කියන්නේ අසමත් නායකයෝ දෙන්නෙක්.


බොනපාට්වාදයේ මර්ධනය කියන කොටසේදී දෙන්නම පැනලා දුවනවා.රනිල් එයාට මර්ධනය අවශ්‍ය තැනදී පාවිචිචි කලා. පාර්ලිමේන්තුවට ගහන්න ආපු ජේවීපීකාරන්ට ගහලා එලවලා ඒකම මර්ධනය සාධාරණීකරණය කරගන්න පාව්චිචි කළා. පාර්ලිමේන්තුව අල්ලන්න ගිය ජෙප්පන්ගේ අමන මරි මෝඩ ගොන් තකතීරු වැඩේ නෙවෙයිද රනිල් මර්ධනය සාධාරණීකරණය කරන්න පාවිචිචි කළේ.


එහෙම කරගෙන අරගලකාරයෝ ගහලා එලෙව්වා.පලාත් පාලන ඡන්දය තිබ්බේ නැත්තං බලාගමු කියලා කොළඹ වටලන්න මාලිමා සෙට් එක ආපු වෙලාවේ එක කඳුළු ගෑස් පාරින් අනුරයි, ටිල්විනුයි දෙන්නම තමන්ගේ බලවේගය දාලා දිව්වා.මර්ධනය කියන ක්‍රියාමාර්ගය ඇතුලේ අනුරට සිද්ධ උනේ පසු බහින්න සහ පලා යන්න.අනුරලාට ඒකට උත්තර නෑ.ඉතිහාසයෙත් අනුර කළේ මර්ධනය ආපු හැම තැනදීම අරගලය පාවාදීලා පැනලා යන එකම තමයි.


දැන් ඊලඟට එන්නේ රනිල්ගේ වරදාන සහ වරප්‍රසාද ලබාදීමේ ක්‍රියාන්විතය.ඒකෙදීත් රනිල් කටයුතු කරන්නේ දේශපාලන ඉලක්කයක් එක්ක.එකතු වෙලා තියන තැන් බෙදෙනවා.ඒ බෙදීම්වලට ඕනි පියවරයන් තියලා තියෙන්නේ.සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිද්ධ වෙන්නේ ඒක.විශ්ව විද්‍යාල ක්ෂේත්‍රයේත් ඒකම තමයි වෙන්නේ. ඉදිරියේදී තව තව සමාජ තීරුවලට, වෘත්තිය කණ්ඩායම්වලට සහන පැකේජ එයි.


ජනතාවටත් යම් සහන ටිකක් ලෑස්ති කරලා තියනවා.රනිල් මේ ටිකත් අරන් පාරට බහිනකොට ජවිපෙ දැන් හදාගෙන තියන සියලු සටන් පාඨ වාෂ්ප වෙලා යනවා. එතකොට ජවිපෙ මොකද්ද මේ රටට කියන්නේ.ජවිපෙට සහ මාලිමාවට පරාජය බාරගැනීම හැර වෙන විකල්පයක් ඉතිරි වෙන්නේ නෑ. සජිත් හොයා ගන්නත් නැති වෙනවා.ඒක හින්දා රටේ රාළ මේ කියන්නේ රනිල් හොඳයි කියන එක නෙවෙයි.රනිල්ගේ දේශපාලන ඉස්සරහා අනුර සහ සජිත්ගේ දේශපාලනය හරිම ලාමකයි කියලයි. 


සමාජ විද්‍යාත්මකව හිතුවොත් මේ වෙලාවේ කරගන්න තියෙන හරිම විග්‍රහ තමයි රටේ රාළ ඔය කරලා තියෙන්නේ.ඇත්තටම මෙතන රටේ රාළගේ භූමිකාව කියවාගන්න බැරි ගොඩක් අය ඉන්නවා. හැබැයි ඒක රටේ රාළගේ වැරද්දක් නෙවෙයි. රටේ රාළ කරන්නේ මතුවෙන දේශපාලන තත්වයන් හරහා නිර්මාණය වෙන්න පුළුවන් නව තත්වයන් ගැන අනතුරු අඟවමින් ජනතාව සවිඥානික කරන එකයි.


රටේ රාළ බළකාය ඒක කරන්නේ බොහොම සද්භාවයෙන්.ඒ සටනේදී ලැබෙන අවසන් උත්තරය ගැන ඒ වෙලාවටම හිතමු.හැබැයි එකක් පැහැදිලියි බොනපාට්වාදී දේශපාලනයට මුහුණ දෙන්න දියුණු සමාජ ව්‍යාපාරයකට හැර සජබ, ජවිපෙ,ජාජබ වගේ ටොපි,චොකලට් කඩවලට බෑ.


හරි එහෙනම් ගිහින් එන්නම්.

ජයවේවා.

මිට

රටේ රාළ.


Tuesday, January 16, 2024

මෛත්‍රී වමේ පොදු අපේක්ෂකයා?

 සන්ධානය අයිති මට. වමේ බලවේග එකතු කරගෙන මම ආපහු බලය ගන්නවා. මාත් එක්ක වැඩ කරන්න කැමති අය ඉන්න. අනිත් අයට ඕන වෙලාවක යන්න දොර ඇරලා තියෙනවා. මෛත්‍රී තිලංග සහ අමරවීර ඉදිරිපිට තබාගෙන සිංහ වෙස් ගනී. 


එළඹෙන ජනාධිපතිවරණයේදී  සියලු වාමාංශික බලවේග එකතු කරගෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂ ජේෂ්ඨයන් වෙත තර්ජනාත්මකව පැවසූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. 


මේ වන විට පොහොට්ටුවේ මන්‍ත්‍රීවරුන්  පිරිසක් ද තමන් සමග එකතු වීමට අප්‍රෙක්ෂාවෙන් සිටින බව ඔහු එහි දී ප්‍රකාශ කර තිබේ. 

පසුගියදා මෛත්‍රීපාල සිරිසේන සහ ධම්මික පෙරේරා අතර ද රහස් හමුවක් තිබී ඇති අතර එහිදී ධම්මිකගේඉල්ලීම වී ඇත්තේ තමාට ජනාධිපතිවරණයේදී සහාය ලබා දුනහොත් මෛත්‍රීට අගමැති කම ලබා දෙන බවයි. එහෙත් මෛත්‍රීට තවමත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ ආශාව ඉවත් වී නොමැති බැවින් ඊට නිශ්චිත පිළිතුරක් ල්බා දී නැත.

කෙසේ හෝ පොහොට්ටුවේ සහාය ධම්මිකට නොලැබෙන බවට උපකල්පනය කරගෙන සිටින මෛත්‍රී ඔහුට අගමැති ධූරය ලබා දී ඔහුගේ සහාය පබා ගැනීමේ උත්සාහයක ද නිරත වී සිටින බවට ආරංචි මාර්ග වාර්ථා කරයි.


කෙසේ වෙතත් වාමංශික බලවේග එකතු කරගත් සන්ධානයක් හරහා මෛත්‍රී නියත වශයෙන් ම ජනාෆ්හ්හිපතිවරණයට ඉදිරිපත් වන බව ඔහුට හිතවත් පාර්ශ්ව කිහිපයක් සනාථ කර ඇත. 

එහෙත් පාස්කු නඩුව හරහා තමාව රනිල් වික්‍රමසිංහ හිර කිරීමට ඉඩ ඇති බවින් අවසන් මොහොත තෙක් එය රහසක් වශයෙන් තබා ගෙන රනිල්ට සහය දෙන බවක් ඇඟවීමට  ඔහු තීරණය කර ඇත. මේ වන විට ඒ සම්බන්ධයෙන් විශාල බෙදීමක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අභ්‍යන්තරයේ ඇතිවී තිබේ.

සන්ධාන ලේකම් තිලංග ද මෛත්‍රීගේ මෙම තීරණය දැඩිව විරුද්ධ මතයක් දැරුවත් ඔහු මෛත්‍රීගේ පාස්කු වන්දියෙන් සැලකිය යුතු ප්‍රමාණයක ගෙවීමට දායක වී ඇති බැවින් ඔහුට ඍජුව විරුද්ධ වීමට මෛත්‍රීට හැකියාවක් නොමැට්බිකම නිසා එහි දී ඔහු අසරණ වී ඇති බවද අපට ආර්ංචි විය.


කෙසේ වෙතත් ඔදිරි මාස කොහිපය ඇතුලත මෛත්‍රී ද වමේ පොදු අපේක්ෂකයෙකු ලෙස තරඟයට ප්‍රවේශ වීමට බොහෝ දුරට ඉඩ ඇති බව ආරංචි මාර්ග පවසයි.


Thursday, June 8, 2023

ලෝක සිතියමේ අපට අනුගමනය කිරීමට සුදුසු රටක් තිබේනවානම් ඒ ජපානයයි

 

ලෝක සිතියමේ අපට අනුගමනය කිරීමට සුදුසු රටක් තිබේනවානම් ඒ ජපානයයි

-         -  කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පැට්‍රික් රත්නායක


 

ශ්‍රී ලංකාව සහ ජපානය අතර දිගු කාලීන මිත්‍රත්වයක් පවතින අතර මේ නිසාම පජානය ශ්‍රී ලංකාව වෙනුවෙන් අවස්ථා ගණනාවකදී විවිධ අයුරින් උදව් උපකාර සිදුකර තිබේ. එම මිත්‍රතත්වයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවට ඉතා පහසු ණය අධාර යටතේ ලැබුණු සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අවලංගු කිරීමත් සමග ජපන් ශ්‍රී ලංකා සබඳතා පලුදු වු අතර වත්මන් ආණ්ඩුව විසින් එම සබඳතා යළිත් ශක්තිමත් කරගැනීමේ උත්සහයක නිරතවෙමින් සිටියි. මෙහි ප්‍රතිඵලයක් ලෙස යලිත් සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය රටට ලැබී තිබේ. ජපන් මිත්‍රතත්වය සහ සම්ප්‍රදාය තුළින් ශ්‍රී ලංකාව වෙනස් විය යුත්තේ කෙසේද යන්න පිළිඳව දීර්ඝ සාකච්ඡාවක් අවශ්‍ය වේ. කෙසේ උවද ජපානය සම්බන්ධයෙන් අත්දැක්ම් බහුල   කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පැට්‍රික් රත්නායක මහතා මහතා සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළෙමු.

 

ජපන් ශ්‍රී ලංකා සම්බන්ධතා සඳහා දිර්ඝ ඉතිහාසයත් තිබෙනවා. මේ ගැන මුලින්ම කතාකළොත්?

 

ලෝක සිතියමේ තිබෙන විවිධ ජාතීන් විවිධ රටවල් අතරින් මගේ අත්දැකීම් අනුව අපේ ඉපැරණි ඉතිහාසය සහ සංස්කෘතිය ගැන සලකා බලනවිට අපිට ලගම තිබෙන ඉන්දියාවටත් වඩා  ජපානය හැම අතින්ම සමීපයි. ප්‍රධාන වශයෙන්ම ගත් විට බත් ආහාරයට ගැනීම ආසියානු සංස්කෘතියේ පොදු ලක්ෂණයක්. සහල, බැත හා කෙත මූලික කරගත් මෙම සංස්කෘතිය ජපන් බසින් 'ඉනසකු බුන්කා' නමින් හඳුන්වනවා. මේ සංස්කෘතික ලක්ෂණය අපට මෙන්ම ජපානයටත් පොදුයි. ජපානය තාක්ෂණය හා කර්මාන්ත පදනම් කරගත් රටක් කියලා බැලූ බැල්මට හිතෙන්න අපට පුළුවන්. නමුත්, ඒ අදහස වැරැදියි. ජපන් රට හා ජන සමාජය පදනම්ව තිබෙන්නේ කෘෂිකර්මය මතයි. මේ මත පදනම්ව රටක් දියුණු කිරීම සඳහා කෘෂි කර්මාන්තයෙන් ගත හැකි දායකත්වය ගැන ජපන් සමාජයෙන් අපට අදහසක් ගන්න පුළුවන්. ඊළඟ කාරණය බුදු දහමයි. බුදුදහම හා කෘෂිකර්මය මධ්‍ය කර ගත් සංස්කෘතිය අප දෙරට අතර මහා පොදු සාධකය බවට පත්ව තිබෙනවා.මේ අනුව ලෝක සිතියමේ අපට අනුගමනය කිරීමට සුදුසු රටක් තිබේ නම් ඒ ජපානයයි.

අපේ රටේ විවිධ රජයන් යටතේ පැවතුනු මතවාද රටට ප්‍රතිපල දායක නොවන හදිසි ප්‍රතිපත්ති වලට යොමුවීම නිසා අපේ විදේශ ප්‍රතිපත්තියට බරපතල ගැටලු සිදුවුනා.  ජපානය වගේ රටක් සමඟ අපේ සම්බන්ධතා වර්ධනය කරගත යුතුව තිබුණේ අපේ දූත මෙහෙවර සමගයි. ජපානය පමණක් නොවෙයි අනිකුත් රටවල් වලටද අපේ නියෝජිතයින් යවන විට අපේ සංස්කීතිය සංකල්ප නියෝජනය වන උගතුන් බුද්ධිමතුන් යොමුකළ යුතුයි කියලා මම හිතනවා.

 

 

ලෝක සිතියමේ අපට අනුගමනය කිරීමට සුදුසු රටක් තිබේනවානම් ඒ ජපානයයි 

 

 

ඇමරිකානු ඩොලර් බිලියන 1.5 වගේ විශාල මුදල් ප්‍රමාණයක් වෙනුවෙන් 0.1෴ ක පොලියක් යටතේ වසර 40 කින් ගෙවන්න කාලය ලබාදීලා ණයක් ලබාදීම ගැන මටනම් අදටත් හිතාගන්න බැහැ. එයටත් වසර 12 ක නිදහස් කාලපරිච්ඡේදයකුත් ලබාදුන්නා. මෙය තමයි අපිට ලෝකයෙන් ලැබුණු වැඩිම සහනශීලි ණය ප්‍රමාණය. නමුත් අපේ තිබුණු දේශපාලන මතිමතාන්තර , බෙදුනු ආකල්ප නිසා මේ ව්‍යාපෘතිය පැවති ආණ්ඩුව විසින් නතර කලා. ජපානය කියන රට අතහිත දීමට තමයි මෙවැනි ව්‍යාපෘතීන් හදුන්වලා දුන්නේ. එය භාරගන්නවා වෙනුවට අපි එය ප්‍රතික්ශේප කළා. ඒසඳහා විවිධ හේතුන් තිබෙනවා. නමුත් විවිධ දේශපාලන පක්ෂ ආණ්ඩු  පුද්ගලයින් මේ රට පාලනය කරන්න පුළුවන් නමුත් මේ සියල්ලටම හරි මාවතක් සිස්ටම් එකක් තිබිය යුතුයි. එසේ නොතිබුණු නිසා අපිට සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අපිට අහිමිවුණා.

ලෝකයේ දියුණු රටවල්වල අගනුවර කේන්ද්‍රීයව විශාල දියුණුවක් ඇතිවෙන විට ඒ අගනුවර සිට ඈත පළාත් වලට දිවෙන මංමාවත් වල ඇතිවෙන අවහිරතාවන් මගහරවාගැනීමට දුම්රිය මාර්ග පද්ධතිය අහසට ගන්නවා නැතිනම් පොළව යටට ගෙනියනවා. කුමක් හෝ ක්‍රමවේදයන් ක්‍රියාත්මක කළ යුතුයි. උදාහරණයක් ලෙස ජපානයේ ටෝකියෝ නුවර දුම්රිය මාර්ග පද්ධතිය විශාල වියදමක් කරලා ඉහළට ගත්තා. මේනිසා ඉන්ධන කාලය ඉතිරිකරගැනීමට විශාල උදව්වක් වෙනවා. අපේටටත් ඒ ආභාශය ලබාදෙමින් සැහැල්ලු දුම්රිය පද්ධතිය ක්‍රියාත්මක කළා. එය හරියට කලානම් අපිට දෙවැනි අධියරත් ක්‍රියාත්මක කරවාගන්න තිබුණා. නමුත් අපි එය ප්‍රතික්ශේප කළා. නැවත වරක් එය ලැබීම සතුටට කරුණක්. ජපානය කියන රට දෙවන ලෝක සංග්‍රාමයෙන් පසුව  කිසිම දවසක ඔවුන් කිසිදු ජාතියකට රටකට සංස්කෘතියකට අභියෝග කරන්නේ නැහැ. ඔවුන් නිහතමානීව කටයුතු කරගෙන යනවා. ඒකෙන් අපිට පාඩුවක් නැහැ.

 

 

වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට ජපන් සබඳතා යළි තහවුරු කරගැනීමට දරන උත්සහය සාර්ථක වේවිද ?

 

ජපානය අපිට හිටපු හොදම හිතවතා ඥාතියා . අපි ඔහුව තරහා කරගතතේ නැහැ. අපි අමනාප කරගත්තා. එයට ප්‍රධානම හේතුව වුනේ අපේ සංවර්ධන ප්‍රතිපත්තිය තුළ ජපානය දුන්නු අතහිත අපි අමතක කළ නිසා. කොහොම උනත් රාජ්‍ය නායකයාගේ ජපන් සංචාරය සමග මේ ඇතිවී තිබුණු දුරස්ථභාවය නැවත සමීප කරගන්න ගත් උත්සහයක් ලෙස මම දකිනවා. ජපානය අපි සමග ඇතිවුණ සිත්තැවුලට සමස්ත රටවෙනුවෙන්ම කණගාටුව ප්‍රකාශ කරන්න රාජ්‍ය නායකයා ගත් උත්සහයක් ලෙස මෙය හදුන්වන්න පුළුවන්. ඒවගේම මෙවර ජනාධිපතිවරයා ජපානයට ගොස් ආසියාවේ අනාගතය නමින් පැවැත්වු විශේෂ සමුළුව ඇමතුවා. ඒ ඇමතීමේදී ඉතාම බලවත් කතාවක් කිව්වා. දියුණුවෙමින් පවතින රටක රාජ්‍ය නායකයෙන් විදිහට එවැනි ප්‍රකාශයක් කිරීම ගැනත් මම පුදුමයට පත්වෙනවා. ජනාධිපතිවරයා කිව්වේ අපි ඇමරිකාව සහ චීනය කියන බලවතුන්ගේ අතරමැදි තත්වයට පත් නොවිය යුතුයි කියන කාරණය . ආසියාවේ දියුණුව උදෙසා නිවැරදි මාවතක් තෝරාගත යුතුයි කියන ජනාධිපතිවරයා අවධාරණය කළා. එකෙන් අදහස් වෙන්නේ ඇමරිකාවවත් චීනයවත් ප්‍රතික්ශේප කිරීමක් එමගින් සිදුවුනා කියලා. යම් ආකාරයකට අතීතයේ තිබුණු මැද මාවත එහෙමත් නැතිනම් නොබැදි ප්‍රතිපත්තියේ හිදිමින් ඉදිරියට ගමන් කිරිම කියන ප්‍රතිපත්තිය පිළිබඳ ඔහු අදහස් දැක්වුවා කියලයි මම හිතන්නේ.

වර්තමාන රාජ්‍ය නායකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මා ආසන්න කාලයේ අවස්ථා දෙකකදී ජපානයට ගියා. ජපන් අගමැති ෆුමිඕ කිෂිඩා මහතා හමුවුනා. ඒවගේම හිටපු අග්‍රාමාත්‍යවරුන් කිහිපදෙනෙක් හමුවුනා. ජපන් කැබිනට් මණ්ඩලයේ ප්‍රධානීන් හමුවුණා. ජපන් ව්‍යාපාරික සමුළුව ඇමතුවා. ඒවගේම ලෝකයේ අනාගතය තිබෙන ආසියාව පිළිබඳ ඔහු බොහොම වැදගත් කතා කිහිපයක්ම කිව්වා. ආසියාවේ ප්‍රබල රටවල රාජ්‍ය නායකයින් , අමාත්‍යවරුන් හමුවුනා. මම හිතනවා මේ ගමන ප්‍රතිපලදායක වෙයි කියලා.

 

ජපානය තුළ සාර්ථක අධ්‍යාපන ක්‍රමයක් ක්‍රියාත්මක වෙනවා. ඔබත් ජපානයේ අත්දැක්ම් සමුදායක් ලද පුද්ගලයෙක් . ඔබේ අත්දැකීම් සමග ඒ පිළිබඳවත් කතාකළොත්?

 

ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය තුළ උසස් අධ්‍යාපනය ගැන කතාකරද්දි අපිට විශ්ව විද්‍යාල 16 ක් තිබෙනවා. නමුත් ජපානයේ ටෝකියෝ නුවර විතරක් විශ්ව විද්‍යාල 150 ට වඩා තිබෙනවා. ඒකෙන් වැඩි ප්‍රමාණයක් පුද්ගලික විශ්ව විද්‍යාල. නමුත් අපේ රටේ පුද්ගලික විශ්ව විද්‍යාල කියන සංකල්පයම අතිශය විශ්වසනීයත්වයෙන් තොරවුණ මිනිසුන් විරුද්ධවන තැනකට තමයි  යොමුවෙලා තිබෙන්නේ. නමුත් ජපානය කියන රට තුළ නීති ප්‍රතිසංස්කරණ  තුළ ජපානයේ එක්දහස් අටසිය හැට ගණන් වල ඇතිවුණ සමස්ත පරිවර්තනයට හේතුවුනා. ඒ නීති ප්‍රතිසංස්කරණ වලදී ගත්තු නිදහස් ප්‍රතිපත්තිය තමයි වර්තමාන ජපානය බිහිවෙලා තියෙන්නේ. අධ්‍යාපනය ආර්ථිකය විදෙස් ප්‍රතිපත්ති මේ හැමදේම ගැන නීති ප්‍රතිසංස්කරණය කලා. අපේ රටේ ප්‍රතිසංස්කරණවලදීත් මේ අභාශය ලබගනියි කියලා මම හිතනවා. අපිට වෙනස් වෙන්න තිබුණු අවස්තා කිහිපයක් තිබුණා. නමුත් අපි ඒ සියල්ල අතහැරියා. දැන් ආයෙත් අවස්තාවක් අපිට ඇවිත් තිබෙනවා වෙනස් වෙන්න. ඒඅවස්ථාව හරියට භාවිතා කරන්න අපි හැමෝම සුදානම් වෙන්න අවශ්‍ය වෙනවා.

ඒවගේම අපේ විශ්ව විද්‍යාල ගැන කතාකරද්දි මානව ශාස්ත්‍ර හා කළමණාකරන වැනි පීඨවල නිවැරදි කළමණාකාරීත්වයන්  නොමැති නිසා බොහෝ විට ඒවා නඩත්තු මධ්‍යස්ථාන බවට පත්වෙලා තිබෙනවා. ඇත්තටම මේ බදුමුදල් වලට සරිලන ලෙස අපි අපේ ශ්‍රමය , ඥානය අපි කැපකරලා තියෙනවාද කියන ප්‍රශ්න අපිට මතුවෙනවා. මේ රට අනාගතයට යාමට සරිලන ලෙස අපේ විශ්වවිද්‍යාල පද්ධතිය තවම සුදානම් වෙලා නැහැ. එදා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඇති කළේ ප්‍රතිපාදන බෙදා දෙන්න. අදවන විට අනවශ්‍ය විදිහට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් මධ්‍යස්ථානට නඩත්තු මධ්‍යස්ථානයක් වෙලා. මේ යන විදිහට වත්මන් රාජ්‍ය නායකයා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අහෝසි කරලා ඊටවඩා සරල සුගම ක්‍රමවේදයක් ඔස්සේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින ආයතන විදිහට විශ්ව විද්‍යාල වලට ස්වාධීනව නැගී සිටීමේ අවස්ථාව ලබාදෙන්න යනවා කියලා මට හිතෙනවා. එයත් ජපන් ක්‍රමයක් ලෙසයි මම දකින්නේ. ජපානය ඒසඳහා මුලික වැඩපිළිවෙල ආරම්භකළේ අර මුලින් සඳහන් කළ ප්‍රතිසංස්කරණ වලින්. රාජ්‍ය විශ්ව විද්‍යාල සංකල්පය වෙනම තිබෙනවා, පුද්ගලික විශ්වවිද්‍යාල සංකල්ලපය වෙනම තිබෙනවා. ඒවා නිසි පරිදි නියාමයන වීමත් සිදුවෙනවානම්  අපේ අධ්‍යාපන පද්ධය සැලකිය යුතු ලෙස වර්ධනය කරන්නය පුළුවන්කම ලැබෙනවා. එහෙම කළොත් උසස් අධ්‍යාපනය අයුතු විදිහට ක්‍රියාවේ යෙදවෙන්නේ නැහැ. ජපානයේ අධ්‍යාපනය ලබන විද්‍යාර්තයින්ගෙන්  80.6෴ ම විශ්වවිද්‍යාල, උසස් තාක්ෂණික ආයතන , වැනි කුමන හෝ ආයතනවලට මේ ප්‍රජාව යොමුවෙනවා. මේ සියල්ලම රටේ ව්‍යවසායට දායකවෙනවා. නමුත් අපේ රටේ මේදේ වෙන්නේ නැහැ. ඒ නිසා අධ්‍යාපනය සහ ව්‍යවසාය ඒකබද්ධ වෙන්න අවශ්‍යයි. එහෙම උනොත් තමයි ජනතාවට සහන ලැබෙනනේ .උදාහරණයකට එක නගරයක ඉන්ධන පිරවුම්හල් හතරක් තිබෙනවා කියලා හිතන්න. මේ හතර හිමිකාරිත්වය වෙන වෙනම ආයතන හතරක්  යටතේ සිදුවෙන්නේ. නමුත් මෙවා පවතින්න අවශ්‍ය නිසා පාරිභෝගිකයාට සහනශීලීත්වකයක් ලැබෙනවා. එය තමයි ඇතිවෙව්ව අවශ්‍ය දේ. නමුත් අපේ රටේ සිදුවේනේ ඒක නෙවෙයි. ජපානයේ තිබෙන්නේ අවසාන පුරවැසියා දක්වා ප්‍රතිලාභ ලැබෙන ක්‍රමයක්. අපේ රටේ බදු සම්බන්ධයෙන් තිබෙන්නේ අකමැති ආකල්පයක්. නමුත් ජපානයේ මිනිස්සු බදු ගෙවන්නේ කැමැත්තෙන්. සමහර නගරවල බෝඩ් ගහලා තියෙනවා “වැඩිම බදු අයකරන බඩු භාණ්ඩ අනේ නගරයෙන්ම මිලදී ගනිමු” කියලා ඒ මොකද බදුවලින් තමයි ඒ නගරය දියුණුවෙන්න්.

 

ඔබ කැළණිය විශ්වවිද්‍යාලයට ජපන් අභාශය යොදාගත්තාද?

 

මම කැළණිය විශ්වවිද්‍යාලයට  පැමිණියේ 2000 වසරේදී. ජපන් ක්‍රමය මම විශ්වවිද්‍යාලයට ගෙනාවා. අධ්‍යයන අංශයක් විශ්වවිද්‍යාලය තුළ ඇති කළා. ඒසඳහා විවිධ ආධාර සපයාගෙන වැඩසටහන් සාර්ථක කරගත්තා. විදෙස් සිසුන් ගණනාවක් ලංකාවේ විශ්වවිද්‍යාලවල අධ්‍යයාපනය හදාරනවා. විශේෂයෙන්ම ඔවුන් හදාරන්නේ අපේ සංස්කෘතිය ආගම භාෂාව වගේ කාරණා. අපි මේගැන අවධානය යොමුකළ යුතුයි. මොකද එයත් ඩොලර් උපයාගන්නා තවත් එක ක්‍රමයක් නිසා.

 පපානයේ පාසල් අධ්‍යාපනය ගැන කතාකළොත් ඒරටේ ළමයට තමයි ලියුම ලැබෙන්නේ ඔහුව ළගම පාසලට තෝරාගත්තා කියලා. ළමයි පාසල් යන්නේ පයින්. මුළු රටේම පංති කාමර ඒකසමානයි. සිසුන් ප්‍රමාණය සමානයි. අඛණ්ඩ අධ්‍යාපනයෙන් පසුව උසස් අධ්‍යාපනයට යොමුවෙනවා. බොහොම සාර්ථකව අධ්‍යාපනය ක්‍රියාත්මක වෙනවා. මෙවැනි සංකල්ප අපි අපේ රටට යොදාගත යුතුයි.