පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක සහ විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර අතර අද(08දා) පාර්ලිමේන්තුවේදී උණුසුම් වචන හුවමාරුමක් සිදුවිය. ඒ විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකිරීම සම්බන්ධයෙන් අදහස් දැක්වීම් හේතුවෙනි. විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේදී ජලවිදුලි බලාගාර පෞද්ගලික අංශයට ලබාදෙන බවත් එමගින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් ඇතිවෙන බවත් මන්ත්‍රීවයා සඳහන් කළේය. කරුණු වැරදි ලෙද ඉදිරිපත් කරමින් චමිපික මන්ත්‍රීවරයා රට සහ පාර්ලිමේන්තුව නොමග යවන බව එහිදී විදුලිබල අමාත්‍යරවයා සඳහන් කර අතර එහිදී දැඩි වචන හුවමාරුවක් සිදුවිය. එහිදී ඇතිවුයේ මෙවැනි සංවාදයකි.
විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර - විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහ ගතකිරීම ගැන වාර්තාව සියලුම මන්ත්‍රීවරුන්ට ලබාදුන්නා. චම්පික රණවක මන්ත්‍රීතුමා වාර්තාවේ කොටසක් කියවා ඉතිරි කොටස කියවන්නේ නැතිව ප්‍රකශයක් කිරීම ගැන මම කණගාටුවෙනවා. සුළං බලයෙන් සහ ජල විදුලියෙන් ක්‍රියාත්මක වන බලාගාර සියල්ලම රජය සතුව තියාගන්න ඔනේ කියලා මේ වාර්තාවෙන් කියලා තියෙනවා. චම්පික මන්ත්‍රීතුමා කියන තර්කය හැටියට මේක පෞද්ගලික අංශයට යන්නේ නැහැ. කමිටුවක සභාපති හැටියට පාර්ලිමේන්තුවම සහ ජනතාව නොමග යැවීම ගැන මම කණගාටුවට පත්වෙනවා. ඒවගේම මෙහිදී මහජන උපයෝගීතා කොමිසම අහෝසි වෙලා බලශක්තිය නියාමනය කරන්න පුළුවන් ආයතන කිහිපයක් පත්කරන් යෝජනා කර තිබෙනවා. ලෝකයේ අනිත් රටවල සිදුවන තත්වයක් එයයි. ඒ නිසාම තමයි සමහරු කළබල වෙලා තියෙන්නේ.
ඒවගේම ලාංකවේ භාවිතාවන සාමාන්‍ය විදුලි ප්‍රමාණය ගිගාවොට් 35 වගේ ප්‍රාමාණයක් කියලා චම්පික ඇමතිතුමා පෙන්වන්න හදනවා. වර්ෂාව වැඩි කාලයට භාවිතා කරන විදුලිය ප්‍රමාණය අඩුයි . ඒක එතුමා දන්නවා නමුත් ජනතාව කියන්නේ නැහැ . ලබන අවුරුද්ද වන විට අඛණ්ඩව විදුලිය දේන්න සැලසුම්කරගෙන යනවා ඒ වගේම ලබන අවුරුද්දේ විදුලි ඉල්ලුම සියයට එකකින් තවත් වැඩිවෙයි කියලා උපකල්පනය කරලා තමයි මේ සියල්ල කරලා තියෙන්නේ. විදුලි මිල වැඩිකිරීම සම්බන්ධයෙන් තවම තීරණයක් අරගෙන නැහැ . විදුලිබල මණ්ඩලය ලාබ ලබන තත්වයකට පත්වෙලා කියලා මෙතුමා තව බොරුවක් කිව්වා.විදුලි බල මණ්ඩලය මේවසරේදීත් ඔක්තෝම්බර් වනවිට බිලියන 112 ක් පාඩුයි. දෙසැම්බර් වන විට 152 ක පාඩුවක් වෙයි කියලා සැලසුම් කරලි තිබෙනවා. වහලය මත සවිකරලා තියෙන සුර්ය පැනල වලින් ගන්නා විදුලියට මාස 08 කන් ගෙවීම් කරලා නැහැ. ඒවගේම මේවෙද්දි ක්ෂේත්‍ර කිහිපයකට විදුලි සහනාධාර දෙනවා. මේ වෙද්දි ජල විදුලිය සහ ගල්අගුරු හැරෙන්න තාප බලාගාර භාවිතා කරන්නේ නැහැ. ඒ නිසා තමයි සුළු ලාබ තත්වයක් ඇතිවෙලා තියෙන්යෙන්. විදුලි කප්පාදුවක් නොකර අඛණ්ඩව විදුලිය දෙන්නන්ම් තාප බලාගාර ක්‍රියාත්මක කරන්න වෙනවා.විදුලි බල මණ්ඩලය ක්‍රියාත්මක වෙන්නනම් රටේ අඛණ්ඩව විදුලිය දෙන්නනම් මේ දේවල් ක්‍රියාත්මක කරන්න කරන්න වෙනවා. දේශපාලනවාසි ගන්න මෙහෙම කරන්න එපා කියලා මම කියන්න කැමතියි.
මෙරට සෞඛ්‍ය පද්ධතිය සදහා එළඹෙන වසර වන
විට හිගයකින් තොරව ඖෂධ ලබාදීමට හැකිවෙතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වා දෙයි. ඒ සදහා
කෙටි කාලීන, දිගු
කාලීන හා මාධ්‍ය කාලීන වැඩපිළිවෙළ රැසක් ගෙන ඇතැයිද එමෙන්ම විවිධ අංශ ඔස්සේ
ඉදිරියට අවශ්‍ය ඖෂධ ඇණවුම් කර ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය
සමන් රත්නායක මහතා කීය.
ඒ අනුව ඉදිරි සති දෙක තුළ ඖෂධ ගැටලු රැසක්
මග හරවා ගැනීමටද හැකි වෙතැයි ඒ මහතා පෙන්වා දෙයි. සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති විශේෂ මාධ්‍ය
හමුවකදී මෙම කරුණු අනාවරණය විය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු සෞඛ්‍ය අමාත්‍යංශයේ
අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා -
මෙරටට ජීවිතාරක්ෂක
ඖෂධ 14 ම රට තුළ පවතී. ඒමෙන්ම
අත්‍යවශ්‍ය ඖෂධ 683 අතරින් 151 ක හිගයක් වෛද්‍ය සැපයුම් අංශයේ පැවතියද රෝහල් පද්ධතිය තුළ එම හිගය ඖෂධ 22 දක්වා අඩුව තිබේ. මෙම ජීවිතාරක්ෂක ඖෂධ 14 අතරින් 02 ක් මේ වන විට ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන අතර විශේෂයෙන් මේ වන විට
දේශීයව නිෂ්පාදනය කරන අනෙකුත් ඖෂධ වැඩි වශයෙන් රෝහල් හා සායන කටයුතු වලදී බෝ නොවන
රෝග , හෘද රෝග, දියවැඩියාව, අධිරුධිර පීඩනය හා ගර්භණී මව්වරුන්ගේ
විටමින් සදහා භාවිතා කරයි.
ජීවිතාරක්ෂක ඖෂධ හා අත්‍යවශ්‍ය ඖෂධ අවශ්‍ය
ප්‍රමාණයට උපරිමයෙන් රැස් කර තබා ගැනීම අපේ අරමුණයි. අතීතයේ සිට කිසිදා 100 % ක් රටතුළ ඖෂධ තිබී නැහැ. ඖෂධ වර්ග 15 ක 25 ක අතර ප්‍රමාණයක් සෑම විටිම අඩුව තිබෙනවා. විශේෂයෙන් අපට මේ ප්‍රශ්නය
ඇති වුයේ විදේශ විනිමය හිඟකම නිසායි. ඒ සදහා තමයි රජය මේ වෙනුවෙන් ක්‍රෙඩිට් ලයින්
ක්‍රමය හදුන්වා දුන්නේ. ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 200 ක් , ආසියානු
ණය යෝජනා ක්‍රමය යටතේ ඩොලර් මිලියන 66.6 ක්, ලෝක
බැංකු ආධාර යටතේ ඩොලර් මිලියන 22 ක් මෙන්ම ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවෙන් ඩොලර් 100 ක් වශයෙන් ඖෂධ සදහා ණය ආධාර ලැබී තිබෙනවා. එහෙත් ලෝක බැංකුව හැරුණු විට
අනෙක් ආයතනයන්හි යම් යම් කොන්දේසි තුළ ඖෂධ ලබා ගැනීමේ යම් ප්‍රමාදයක් ඇතිව
තිබෙනවා. එහෙත් මේ වන විට අවශ්‍ය ඖෂධ ඇණවුම් කර
පැවතීම තුළ සාමාන්‍ය තත්වයට පවත්වාගෙන යා හැක.
රටට අවශ්‍ය ඖෂධ වලින් 80 % ක් ආනයනය කෙරේ. රට තුළ නිෂ්පාදනය කරනුයේ 20 % ක් පමණ ප්‍රමාණයකි.
ආනයනික ඖෂධ සදහා ඇණවුම් ලබා දීමේදී ඒවා මෙරටට ගෙන්වා ගැනීම සදහා යම් කාලයක් ගතවන
අතර ඇතැම් ඖෂධ නිෂ්පාදන ක්‍රියාවලිය සදහා විශාල කාල පරාසයක් ගත වේ.
සාමාන්‍යයෙන් ඖෂධ ඇණවුම් කිරීමේදී අවම
වශයෙන් මාස 02 ක පමණ කාලයක් ගත වුවත් එන්නත් වැනි ඖෂධ සදහා මාස 06 ක පමණ කාලයක්
ගතවේ. ඇතැම් ඖෂධ සඳහා සැපයුම්කරුවන් සොයා ගැනීම අපහසු වු විට ඒ සදහා යම් ප්‍රමාදයක්
සිදුවේ.
මෙරට රාජ්‍ය සහ පෞද්ගලික ක්ෂේත්‍රයට ඖෂධ ගෙන්වීම සදහා වාර්ෂිකව ඩොලර් මිලියන 750 ක පමණ මුදලක් වැය වන අතර ඉදිරියේ දී දේශීය ඖෂධ නිෂ්පාදනය 60 % ක් පමණ දක්වා ඉහළ නැංවීම තුළ ඒ වෙනුවෙන් අපට විසදුම් ලබා ගත හැක.
රට තුළ සේවයේ යෙදෙන ගෘහ සේවිකාවන්ගේ සේවා තත්වයන් සහ ආරක්ෂාව තහවුරු කිරීම සදහා විශේෂ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා තීරණය කර තිබේ.
ඒ සදහා
වන
වැඩසහටනක්
වහාම
ක්‍රියාත්මක
කරන
ලෙස
කම්කරු
කොමසාරිස්
ජනරාල්වරයාට
අමාත්‍යවරයා
උපදෙස්
ලබාදී
ඇත.
මේ වන
විට
ගෘහ
සේවිකාවන්
ලෙස
විදේශ
රැකියා
සදහා
පිටත්ව යන
ශ්‍රමිකයින්ගේ
ආරක්ෂාව
සම්බන්ධයෙන්
කටයුතු
කිරීම
සදහා
ක්‍රමවේදයක්
ශ්‍රී
ලංකා
විදේශ
සේවා
නියුක්ති
කාර්යාංශය
හරහා
ක්‍රියාත්මක
කරන
නමුත්
දේශීය
වශයෙන්
ගෘහ
සේවයේ
යෙදෙන
ශ්‍රමිකයින්
සම්බන්ධයෙන්
සොයා
බැලීම
සදහා
නිශ්චිත
ක්‍රමවේදයක්
නොමැතිවීම
සම්බන්ධයෙන්
අමාත්‍යවරයා
සිය
අවධානය
යොමු
කළේය.
තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත් හැර සමගි ජන බලවේගයට සම්බන්ධ වූ බවට ශ්‍රීලනිප ඇතැම් නායකයන් පළ කරන දහ්ස් සාවධ්‍ය බවත් තමා කිසි විටෙක ශ්‍රීලනිපය හැර නොයන බවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය අවධාරණය කරයි.
මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඇය සඳහන් කරන්නේ ඇය මිය යන්නේ ද ශ්‍රීලනිපාක්ෂිකයෙකු ලෙස බවයි. ඒ නිවේදනය මෙසේ ය.
"මා එක්සත් ජාතික පක්‍ෂයට හෝ සමගි ජන බලවේගයට එකතු වූ බවට විවිධ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කරති.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හැර දමා වෙනත් කිසිදු පක්‍ෂයකට එකතු නොවන බව මම නැවත නැවත අවධාරණය කරමි.
මා ඉපදුනේ ද ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ය. හැදී වැඩුණේ ද ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ය. විවිධ පහර කෑම් වලට ලක් වූයේ ද ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය වෙනුවෙනි. අවසානයේ මා මිය යාමට බලාපොරොත්තු වන්නේ ද ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයෙකු ලෙසිනි.
විවිධ වැරදි ප්‍රතිපත්ති අනුගමනය කිරීම නිසා අද ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඉතාමත් දුර්වල තත්ත්වයට පත්ව තිබේ. ඒ නිසා බණ්ඩාරනායක දර්ශනය අගය කරන, පැහැදිලි දර්ශනයක් මත කටයුතු කරන මම, ඒ දර්ශනය පිළිගෙන ඊට අනුගත දේශපාලනයක නියුතු වන ඕනෑම දේශපාලන කණ්ඩායමකට උපදෙස් ලබා දීමට නොපැකිළි වෙමි.
මේ මොහොතේ අප දේශය මුහුණු දෙන ජාතික අර්බුද දෙකක් වන රටේ පවතින ළමා මන්ද පෝෂණ තත්ත්වය සමනය කිරීම සහ ජනවාර්ගික ගැටළුවට ස්ථිර සාර විසඳුම් ලබා දීම යන අවස්ථාවන් හි දී පමණක් රටේ වගකිව යුතු ජ්‍යෙෂ්ඨ නායිකාවක ලෙස ඊට මාගේ උපදෙස් ලබා දෙමි.
වර්තමාන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ නායකයින් විසින් සිය අවස්ථාවාදී පටු වාසි වෙනුවෙන් පක්‍ෂ ප්‍රතිපත්ති අමු අමුවේ පාවා දෙන විට සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයන් වෙනුවෙන් නිර්මල බණ්ඩාරනායක ප්‍රතිපත්ති රැක ගැනීමට අදත්, හෙටත් මතුවටත් අඛණ්ඩව කැපවන බව අවධාරණය කරමි.
මෙරට පවතින පරිවාස සහ ළමාරක්ෂක ක්ෂේත්‍රයේ ගැටලු සොයාබැලීම සදහා “ළමයින් සදහා වන පාර්ලිමේන්තු සංසදය” සහ පරිවාස හා ළමාරක්ෂණ සේවා පළාත් කොමසාරිස්වරුන් අතර විශේෂ සාකච්ඡාවක් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.
එම සංසදයේ සභාපතිනිය වන පාර්ලිමේන්තු මන්ත්‍රීනි
රෝහිණි කුමාරි විජේරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන්
පැවති මෙම රැස්වීමට පරිවාස හා ළමාරක්ෂක සේවා
දෙපාර්තමේන්තුවේ කොමසාරිස් නාමල් ලියනගේ මහතා ඇතුළු කාන්තා, ළමා කටයුතු හා
සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ. එසේම දිවයින පුරා
සිටින පරිවාස හා ළමාරක්ෂණ සේවා පළාත් කොමසාරිස්වරු මාර්ගගත තාක්ෂණය (Online) ඔස්සේ රැස්වීම
සමග සම්බන්ධ වූහ.
එසේම මේ යෝජනා විෂය භාර අමාත්‍යවරයා වන
ජනාධිපතිවරයාට ඉදිරිපත් කර කඩිනමින් විසදුම් ලබා දීම සදහා “ළමයින් සදහා
වන පාර්ලිමේන්තු සංසදය” මැදිහත් වන බවද
ඇය පැවසුවාය.
න්දිත දරුවන්ට නෛතික කටයුතු සදහා දිවුරුම්
ප්‍රකාශ ලබා ගැනීමට සිදුවීමේදී ඇතිවන අපහසුතාව මගහරවා ගැනීමට පරිවාස නිලධාරීන්හට
සාම විනිසුරු පත්වීම් ලබා දීමේ අවශ්‍යතාව පිළිබදව මෙහිදී සාකච්ඡා විය. සංසදයේ
සභාපතිනිය මෙහිදී පවසා සිටියේ මේ පිළිබදව අධිකරණ අමාත්‍යතුමා සමග සාකච්ඡා කොට මීට
අදාළ පියවර ගැනීමට කඩිනමින් මැදිහත් වන බවයි.
පරිවාසගතවන දරුවන් සමාජගත කිරීමේදී පවතින
ගැටලු පිළිබදව පළාත් කොමසාරිස්වරු මෙහිදී සංසදය දැනුවත් කළහ. මේ අනුව පරිවාසගත දරුවන් සමාජයට වැඩදායි පුරවැසියන්
ලෙස හැඩගැස්වීම සදහා වැඩපිළිවෙලක් සකස් කරන ලෙස සංසදය පරිවාස හා ළමාරක්ෂක සේවා
දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේය. එසේම
විශේෂ වෘත්තීය පුහුණු වැඩසටහන් හරහා මෙම දරුවන් පුහුණු ශ්‍රමිකයන් ලෙස සමාජගත
කිරීම සදහා ද යෝජනා ඉදිරිපත් කරන ලෙස දන්වන ලදී.
මාධ්‍ය තුළ වින්දිත දරුවන් නිරාවරණය වීම
වැළැක්වීමේ අවශ්‍යතාව ද මෙහිදී සාකච්ඡා
විය. මීට අදාළ නෛතික විධිවිධාන සහිත පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන
බවට අධිකරණ අමාත්‍යතුමා සංසදයට දැනුම් දී
ඇති බවත් එම කටයුතු සදහා මැදිහත්
වන බවත් විජේරත්න මහත්මිය පැවසුවාය.
පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ
කොමසාරිස්වරයාට මෙන්ම පරිවාස පළාත්
කොමසාරිස්වරුවන්ට අදාළ වන පරිදි ක්‍රියාකාරී
සැලැසුම් ද්විත්වයක් පිළියෙල කරන ලෙසද සංසදයේ සභාපතිනිය විසින් මෙහිදී උපදෙස් දෙන ලදී.
එසේම පරිවාසගතවන දරුවන් මෙන්ම දරුවන්
පරිවාසගත වීම වැළැක්වීම සදහා ඉදිරි වසර පහක් සදහා ජාතික වැඩපිළිවෙලක් සකස් කරන
ලෙස ද සංසදය අදාළ අමාත්‍යාංශයට දැනුම් දුන්නේය.
පරිවාසගත දරුවන්ගේ පෝෂණය සහ ආරක්ෂාවට අදාළ
ගැටලු පිළිබදව ද නිරතුරුව අවධානය යොමුකළ යුතු බවද සභාපතිවරිය මෙහිදී අවධාරණය කළාය.
තවද
පරිවාස හා ළමාරක්ෂක ක්ෂේත්‍රයේ ගැටලු සහ ප්‍රගතිය පිළිබදච සාකච්ඡා කිරීම
සදහා මාස හයකට වරක් “ළමයින් සදහා
වන පාර්ලිමේන්තු සංසදය” හා පරිවාස හා
ළමාරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර රැස්වීමක් පැවැත්වීමට අපේක්ෂා කරන බවද
සංසදයේ සභාපතිවරිය පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන වීරසුමන වීරසිංහ, රාජිකා වික්‍රමසිංහ හා මංජුලා
දිසානායක යන මහත්ම මහත්මීහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.