Thursday, July 14, 2022

පෙරෙට්ටන්ගේ මීළඟ ඉලක්කය පන්සල්

 පෙරෙට්ටන්ගේ ඊළඟ ඉලකක්ය පන්සල්


අරගල ජයග්‍රහණයෙන් උද්දාමයට පත්ව සිටින අරගලකරුවන්ගේ මීළඟ ඉලක්කය පන්සල් සහ අනෙකුත් ආගමික ස්ථාන බව මේ වන විට රාවයක් පැතිරෙමින් තිබෙනවා. 


දළදා මාළගාව ඇතුළු බොහෝ ප්‍රසිද්ධ විහාරසථාවල සිදු කරන පෙරහැර මේ මොහොතේ අනවශ්‍ය වියදමක් බවත්, ඒ සියලු වියදම් නවත්වා, පන්සල් සහ අනෙකුත් ආගමික ස්ථාන සතු වත්කම් මහජනතාවට ලබා දිය යුතු බව ඔවුන්ගේ අදහසයි. මේ මොහොතේ ලද පොදු ජන ජයග්‍රහණය වඩාත් ඵලදායී වන්නේ ඒ ප්‍රත්සංස්කරණ ක්‍රියාවලියට ද කඩිනමින් යොමුවීමෙන් පමණක් බවයි ඔවුන්ගේ අදහස වී තිබෙන්නේ.

අරගලයට සම්බන්ධව වැඩකටයුතු කළ එක්තරා ස්වාමීන් වහන්සේ නමක් වට්ස් ඇප් හරහා යවන ලද පනිවිඩයක් මේ දිනවල  සංසරණය වෙනවා. එහිදී උන්වහන්සේ පවසන්නේ අරගලය තුළ මේ වන විට ක්‍රියාත්මක වන ආගම් විරෝධය සමස්ත අරගලයට ම මහත් විනාශයක් බවයි. උන්වහන්සේ විසින් යවන ලද පනිවිඩයයි මේ.


‘ගරුතර ස්වාමීන් වහන්ස


මම හැකි සෑම විටම අරගලයට ගියා. ඒ රාජපක්ෂවරුන්ට විරුද්ධවයි.නමුත් 11 වෙනිදා අරගලයේ දී මගේ කන වැකුණු ප්‍රකාශයක් පිළිබඳවයි මේ. 


එතන අයියා කෙනෙක් තවත් කීප දෙනෙක්ට කියනවා"මචං අරගලය ඉවර නෑ. දැන් තමයි පටන් ගත්තේ. දැන් අපි බලන්න ඕන කොහොමද පන්සල් ටික, පල්ලි ටික වහලා දාන්නේ කියලා. බලහං දළදා පෙරහැර කියලා කොච්චර සල්ලි නාස්ති කරනවා ද ? මේවා නවත්වන්නෙ නැතුව රටක් හදන්න බෑ. මේ සංස්කෘතිය, සභ්‍යත්වය නිසා රට හදන්න බෑ. ඒක නිසා ඕවා නැති කරලා දාන්න ඕනේ. 


JVP පෙරටුගාමී ද මම දන්නේ නැහැ. හැබැයි අරගලයෙ NGO නඩ, කල්ලතෝනි නාඩගම් ඒකෙ මුල ඉදන්ම තිබ්බ. ජෙහාන් කලෙත් නාඩගමක්.  මේවා මුල සිටම අපි දැක්කා. මේවා share කරලා බයියො කියලා හංවඩු ගැහුනා. මේ දේවල් දැන ගෙන අරගලය මග ඇරියා. නමුත් 9,11 කියන දවස්වල ගියා. මේවා ඇහුනම හිතුනා  ඇයි අපි තුනුරුවනට ගරහන්න පාරට ආවෙ. කියලා. ඒකට සමාව අයදිනවා. දැන් මොනවා කරන්නද ඒත්😥 


මේ වෙනකොටත් ස්වාමීන් වහන්සේලා කෝච්චිවල හිටගෙන වඩිනවා. ඒක හොඳ දෙයක් කියලා මිනිස්සු share කරනවා. බෝධින් වහන්සේ විශාලවට හැදෙද්දි   බෝ මලුවේ බෝ පැල හැදුනම ගලවනවා මහ ගහ විතරක් හැදුනම ඇතිද කියලා බෝධින් වහන්සේට ගරහනවා. බුද්ධ පූජාවට, ත්‍රිපිටකයට ගරහනවා. ස්වාමීන් වහන්සේලාට සම්මා heroes, සම්මා selfie, කිය කියා ගරහනවා. ස්වාමීන් වහන්සේලාට දානෙ දෙන එකටත් ගරහනවා. තෙරුවන් කෙරෙහි ඇති අසීමිත ගෞරවය නිසා මට නම් පුදුමාකාර සංවේගයක් තියෙනවා. 


ආර්ථික, දේශපාලන ස්ථාවරත්වය වෙනුවෙන් මේ නිරාගමික අන්තවාදීයොන්ට රටේ නායකත්වය යයි. අනේ මගේ account එකේ ඉන්නෙ ගොඩක් තරුණ ජව සම්පන්න, උගත් , පණ්ඩිත හාමුදුරුවරු, සමහර දෙනා වහන්සේලා අස්ගිරිය, ගල්දූව ආරණ්‍ය, මහරගම වජිරඥාන ධර්මායතනය , පන්නිපිටිය දෙව්රම් වෙහෙර, කප්පින වලව්ව ,කළුපළුවාව තපෝවනය,වගේ සංඝ මූලස්ථාන වල වාසය කරනවා, අනේ මහ නාහිමිවරු දැනුවත් කරනු මැනවි නිරාගමිකකරනය ගැන,  


ඔබ වහන්සේලාගේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාත්, දායක සභාවනුත්, ගම් වැසි, රට වැසි හැමදෙනාම දැනුවත් කරනු මැන, 


ගිහියන්ගේ තුනුරුවන් පිළිබඳව ඇති ශ්‍රද්ධාව වැඩිදියුණු කිරීමට කටයුතු කරනු මැන,

එසේ කටයුතු කිරීමට ඔබ වහන්සේලාට ශක්තිය ධෛර්යය නීරෝගී සම්පත ලැබේවා!’


No comments:

Post a Comment