Thursday, July 14, 2022

ආදරයේ අරගලය විනාශ කරන්න එපා


මාධ්‍ය ආයතනවලට කඩා වැදීම අනුමත කරන්න බෑ

පොදුජන අරගලය අවභාවිත කරමින් ජාතික රූපවාහිනය සහ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට බලහත්කාරයෙන් ඇතුළු වී බලපෑම් කිරීම දැඩි ලෙස හෙළා දකින බවත්, ජනමාධ්‍යවලට ලබපෑම් කිරීම වහා නැවැත්විය යුතු බවත්, නිදහස් මාධ්‍ය ව්‍යපාරය සහ ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.


ජාතික රූපවාහිනි පරිශ්‍රයට ඇතුළු වී, එහි වැඩසටහන් සැකැසම පිළිබඳ නියෝග පනවමින්, සජීවී වැඩසටහනකට සහභාගී වෙමින් පළ කළ අදහස් පිලිබඳ දැඩිව අවධානය යොමු කරන නිදහස් මාධය ව්‍යාපාරය, එම බලහත්කාරී ක්‍රියා කලාපය හා ආන්තික අදහස් තරයේ ප්‍රතික්ෂේප කරන බව පවසයි.


මාධ්‍ය අන්තර්ගතය තීරණය කිරීම ඒ ඒ මාධ්‍ය ආයතනවල සංස්කාරක මණ්ඩලය සතු අයිතියක් වන අතර ඊට බලපෑම් කිරීම මාධ්‍ය නිදහස පිළිබඳව සලකා බැලෙන පිළිගත් නිර්ණායකවලට අනුව පැහැදිලිවම මාධ්‍ය නිදහස උල්ලංඝනය කිරීමක් යැයි ද එම සංගමය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

අරගලකරුවන් ලෙස පෙනී සිටි නියෝජිතයන් ජාතික රූපවාහිනිය තුළ නියෝග දෙමින් හැසිරුණු ආකාරය ශිෂ්ට සම්පන්න සමාජයක් කිසිසේත අනුමත නොකරන තත්ත්වයක් බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

ජාතික මාධ්‍ය ආයතන තුනකට ඇතුළු වීමත්, එක් ආයතනයක වාහනයකට අලාභහානීකිරීමත් පිළිබඳව බලවත් කනස්සල්ල කරන් බවත්, ආදරයේ ආරගලය නමින් ආරම්භ කළ දියුණු සංස්කෘතික විරෝධතා අවකාශය විනාශ වීමට ඉඩ නොතබන ලෙසත් දැඩිව අවධාරණය කර තිබේ.

No comments:

Post a Comment