Thursday, July 14, 2022

ජනපති ඩලස් - විපක්ෂ නායක නාමල්

 

 


ගෝඨාභය රාජපක්ෂ මහතගෙන් ගිලිහුණ ජනාධිපති ධුරය නැවත රාජපක්ෂ කඳවුර වෙත ලබාගැනීමේ මෙහෙයුමක් රාජපක්ෂ කඳවුර හා පොදුජන පෙරමුණ ආරම්භකර ඇත.

ඒ අනුව දැනට රාජපක්ෂ විරෝධියකු ලෙස තාත්වික රංගනයක යෙදෙන ඩලස් අලහප්පෙරුම අනුප්‍රාප්තික ජනාධිපති ලෙස පත්කරගැනීමට පොදුජන පෙරමුණ තුළ මේවනවිට පොදු එකගතාවයක් ලබාගැනිමට බැසිල් රාජපක්ෂ මහතා ඊයේ(13දා) වනවිට කටයුතු කර තිබේ.

මේවනවිට පොදුජන පෙරමුණෙන් කැඩිගොස් ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස පෙනී සිටින මන්ත්‍රීවරුන්ද ඩලස් අලහප්පෙරුම ජනාධිපති ලෙස පත්කරගැනීමට ඡන්දය ලබාදීමට සුදානම් බවද බැසිල් රාජපක්ෂ මහතාට පෙරේදා පැවති සාකච්ඡාවකදී දැනුම්දී  ඇත.

මේ අතර අනුප්‍රාප්ත්‍රික ජනාධිපතිවරයා ලෙස ඩලස් අලහස්පෙරුම පත්කරගැනීමෙන් අනතුරුව විපක්ෂයේ ස්වාධීනව සිටින මන්ත්‍රී කණ්ඩායමට තවත් මන්ත්‍රීවරුන් පිරිසක් එකතුකර ගනිමින් නාමල් රාජපක්ෂ ද විපක්ෂයේ අසුන් ගැනීමට මේවනවිට රාජපක්ෂ කඳවුර සැලසුම් කර තිබේ.

ඒ අනුව විපක්ෂ නායක ධුරය සඳහා නාමල් රාජපක්ෂ පත්කර ගැනීමටත් මේ හරහා තීරණයකර ඇත.

විපක්ෂ නායක ධුරය ලබාගැනීමේදී සමගි ජනබලවේගයෙන් එල්ලවන විරෝධය වළක්වා ගැනීමේ ආකාරයද රාජපක්ෂ කඳවුර අතර සාකච්ඡා වී ඇති අතර එහිදී මෙතෙක් රාජපක්ෂවරුන් විසින් සඟවාගෙන සිටින සජිත් ප්‍රේමදාස විසින් සිදුකර ඇති රුපියල් බිලියන ගණනක වංචා වන මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් පෞද්ගලික පරිහරණයට ලබාගැනීම සහ නිවාස සංවර්ධන අධිකාරියේ මුදල් වංචා සමාජ ගතකිරීමටද සාකච්ඡා කර ඇත.

 

- ධනංජය රළපනාව

 

 

 

 

 

  

 

 

No comments:

Post a Comment