Wednesday, November 16, 2022

සියලු මන්ත්‍රීවරුන්ගේ වත්කම්බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කරන්න නීති වෙනස් කරමු

 


සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වත්කම්බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කිරීමට හැකිවන ආකාරයට නීතිය වෙනස් කිරීමට කටයුතු කරන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද(17දා) පාර්ලිමෙන්තුවට යෝජනාවක්  කළේය. අයවැය දෙවනවර කියවීමේ විවාදයට එක්වෙමින්

සියලු මන්ත්‍රීවරුන් ඒ සඳහා පක්ෂව ඡන්දය දෙනු ඇති බවත් සියලු මන්ත්‍රීවරුන්ගේ වත්කම්බැරකම් ප්‍රකාශ කිරීමට පාර්ලිමේන්තු වෙඩ්අඩවියේ අවස්ථාවක් ලබාදෙන ලෙසද හෙතෙම ඉල්ලීමක් කළේය.

ඒ සඳහා පිළිතුරු දෙමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එකතුව ඒ සඳහා යෝජනාවක් ගෙන එන ලෙසය.

No comments:

Post a Comment