Monday, November 28, 2022

රියදුරන්ගේ ලකුණු කැපෙන හැටි

 


 2023 වසරේ ජනවාරි මස සිට රියදුරු බලපත්‍රය සඳහා අකුසලතා ලකුණු ලබාදීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා   පාර්ලිමේන්තුවේ දී පැවැසීය.

මෙම ක්‍රමවේදයට අනුමැතිය හිමිව තිබුණත් වසර 8 ක කාලයක් පුරා ක්‍රියාත්මක වී නොමැති බවත් ගුණාත්මක රියදුරෙක් බිහිකිරීමේ අරමුණින් එම ක්‍රමවේදය හඳුන්වා දෙන බවත් ඇමැතිවරයා කීය.

ඒ අනුව රිය පැදවීමේ දී සිදුවන වැරදි 32 කට අදාළව ලකුණු කැපීම සිදුවන බවත් ලකුණු 24 ක් කැපී ගියහොත් අදාළ රියදුරාගේ රියදුරු බලපත්‍රය වසරක කාලයක් සඳහා අත්හිටුවන බවත් ලසන්ත අලගියවන්න මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.

 මේ අතර පරිවාස කාලය තුළ දී යම් රියදුරෙකුගෙන් ලකුණු 12ක් කැපී ගියහොත් එම රියදුරාට වසරක කාලයක් බලපත්‍රය ලබාගත නොහැකි බව ද රාජ්‍ය අමාත්‍යවරයා කීය.

 නව ක‍්‍රමය යටතේ පොලිසියට සහ සියලුම මහේස්ත‍්‍රාත් සහ දිසා අධිකරණවලට දෝෂ පද්ධති ලකුණු වෙත ප‍්‍රවේශ වීම සඳහා ජංගම දුරකතන ලබාදීමට නියමිතව ඇත.

 එමඟින් දඩ මුදල එම ස්ථානයේදීම හෝ තැපැල් කාර්යාලයකින්, අන්තර්ජාලය හරහා හෝ ගෙවිය හැකි බවයි රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවැසීය.

 

No comments:

Post a Comment