Friday, December 30, 2022

මෝදි මැතිණියගේ අහාවය පිළිබඳ ශ්‍රී ලංකා මහාබෝධි සංගමය ශෝකය පළ කරයි

 ලෝවට මහා ආදර්ශමත් උත්තම පුරුෂ මාතාවක් වූ ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රීමත් නරේන්ද්‍ර මෝදි මැතිතුමන්ගේ මෑණියන් වූ  හීරාබෙන් මෝදි මැතිණියගේ අහාවය  පිළිබඳ ශ්‍රී ලංකා මහාබෝධි සංගමය සිය බලවත් හෘදයාංගම ශෝකය පළ කරයි.

 


ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ  සභාපති   දඹදිව සාංචි චේතියගිරි විහාරාධිපති හා ජපානයේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියෝ මෝදි මාතාවගේ  අභාවය පිළිබඳ ශෝක ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටින්නේ ,

" වයස අවුරුදු 99 ක් ආයු වළඳා  අභාවප්‍රාප්ත වූ හීරාබෙන් මෝදි මාතාව රටට ලෝකයට වැඩදායි දරුවන් බිහි කරලීමේ උත්තුංග ආදර්ශය ලබා දුන් ගෞරවනීය භාරත මාතාවක් බවයි.

ඇය කිසිවිටෙකත් තම   පුතුනුවන් මහා ඉන්දියාවේ

අගමැති බව නොසැලකූ ,එම වරප්‍රසාදයන් තම ජීවිතයේ කොටසක් කර නොගත්,තමා  ගතකළ සාමාන්‍ය ජීවිතයෙන්  මතකට හෝ ඔබ්බට නොගිය මහා ආදර්ශමත් මාතාවකි.

ඇයගේ ඒ නිහතමානිත්වයට ඉන්දියානුවන් පමණක් නොව ලෝකවාසී ජනතාව ද මහත් ගෞරවයෙන් සැලකූහ.

ශ්‍රීමත් නරේන්ද්‍ර මෝදි  අගමැති තුමන් සිය  මෑණියන්ගේ අභාවයේ දී ප්‍රාර්ථනා කළ පරිදිම  "මහිමාන්විත ශතවර්ෂයක් දෙවියන් වහන්සේගේ පාමුල රැඳේවා" යන්න අපිදු ඇයට ප්‍රාර්ථනා කරමු.

බුදු දහමට අනුව අපි ඇයට නිවන් සුව පතමු.

 

පූජ්‍ය බානගල උපතිස්ස

සභාපති

ශ්‍රී ලංකා මහාබෝධි සංගමය

Thursday, December 29, 2022

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පත්කරනවාට සජිත් විරුද්ධයි?

 


විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ බාධාකිරීම් හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සිවිල් සාමාජිකයින් පත්කිරිම කල්දැමීට සිදුව ඇති බව පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සඳහා සිවිල් සාමාජිකයින් පත්කිරීම අග්‍රාමාත්‍යවරයා කතානාකවරයා සහ විපක්ෂ නායකවරයාගේ ඒකඟතාවයෙනි.

21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් සංඛ්‍යාව 10 කි. එයින් සිවිල් සාමාජිකයින් සංඛ්‍යායාව 03 කි.  සිවිල් සාමාජිකයින් සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට ඊයේ(29දා) පාර්ලිමේන්තු සංකීරණයේදී සාකච්ඡාවක් පැවති නමුත් එයද එකඟතාවයකින් තොරව අවසන්වී ඇත.

 මේවනවිට මැතිවරණ කොමිෂන් සභාවේ නිල කාලය අවසන්වී ඇති අතර ඒ් සඳහා සාමාජිකයින් පත්කිරීමටනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්විය යුතුය. මැතිවරණ කොමිසමට නව සාමාජිකයින් පත්කිරීමට සමගි ජනබලවේගය විරුද්ධ වීම හේතුවෙන් විපක්ෂ නායකවරයා මේ සඳහා ඒකඟතාවය ලබානොදී ඇත.

 

රතු තටු විදහා මත්තලට පැමිණි ගුවන් කුරුල්ලා


සංචාරකයින් 412 කු රැගත්  බෝයිං 777 වර්ගයට අයත් රෙඩ් වින්ග්ස් රුසියානු ගුවන් යානය අද පෙරවරුවේ මත්තල ගුවන් තොටුපළට පැමිණියේය.

මොස්කව් සිට පැමිණි මෙම ගුවන් යානය රැසියාවේ ජාතික ගුවන් සමාගමට අයත් ඒකකි. අද සිට සතියට ගුවන් ගමන් වාර දෙකක් මොස්කව් සහ මත්තල අතර පියාසර කිරීමට නියමිතව ඇති බව ගුවන්තොටුපොළ කළමණාකරු පැවසීය.

සිරිසේන කෑගැහුවට වැඩක් නැහැ - පක්ෂෙ තියෙන්නේ අපි ලඟ

 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේවනවිට කොටස් කිහිපයකට කැඩී ගොස් ඇති අතර නිදහස් පක්ෂ මුලස්ථානයේ ඉතිරිව ඇති මෛත්‍රීපාල සිරිසේන පාර්ශවයේ  පිරිස ක්‍රමයෙන් අඩුවෙමින් පවතී. මේ අතර විවිධ පාර්ශව විසින් ශ්‍රිලනිප සභපති ලෙස කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ක්‍රියාකලාපය විවේචනයට ලක්වෙමින් තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තිබෙන්නේ තම කණ්ඩායම අතේ මිස ශ්‍රී.ල.නි.ප බෝඩ් එකේ හෝ ඩාලි පාරේ ගොඩනැගිල්ලේ නොවෙන බව කෘෂිකර්ම වන ජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙසැම්බර් 31 දින 60 වන වරටත් කතරගම කිරිවෙහෙර අබියස පවත්වන  පිරිත් පිංකම පිළිබඳව දැනුවත් කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යංශයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මේ බව කීය.

මෙම මාධ්‍ය හමුවට පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාද සහභාගී විය.

මෙහිදී ප්‍රශ්නයක් නැගූ මාධ්‍යවේදියෙක් විමසූයේ ශ්‍රිලනිප  පිරිත් පිංකම පිරිසක් විසින් ආක්‍රමණය කරන ලද බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් මහලේකම්වරයා ප්‍රකාශයක් කර ඇති බවයි.

ඊට පිලිතුරු දුන් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා කීවෙි ශ්‍රිලනිප මහලේකම්වරයා එම කාරණය පිළිගැනීම ම හොඳ දෙයක් බවයි.

 

Wednesday, December 28, 2022

මෙරට පළමු කාෂි රසායනාගාරය නැගෙනහිරින් ඇරඹෙයි

 

කාර්මික තාක්ෂණ ආයතනය සහ නැගෙනහිර පළාත් සභාව එක්ව මෙරට  ප්‍රථම වතාවට ISO ප්‍රමිතියෙන් යුතු කෘෂි තාක්ෂණ රසායනාගාරයක් ඇති කිරීම සදහා වන අව‌බෝධතා ගිවිසුමට අත්සන් තැබිම  පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිනි.

ආණ්ඩුකාරවරිය විසින් ක්‍රියාවට නංවන  ලද දැයට හිතැති තිරසර කෘෂි සංස්කෘතිය නමැති  ව්‍යාපෘතියට සමගාමිව මෙම නව රසායනාගාරය ඉදිකෙරෙණු ඇති.

එම ගිවිසුමට අත්සන් කිරීම සිදුවුයේ  නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම් ආර්.එම්.පී.එස්. රත්නායක සහ කාර්මික තාක්ෂණික ආයතනයේ අධ්‍යක්ෂක ජෙනරාල් ජේ.කේ.ආර්.රාධිකා සමරසේකර අතරය.

මෙම නව රසායනාගාරය හරහා කාබනික පොහොර සහ යෙදවුම්, බීජ සහ රෝපණ ද්‍රව්‍ය, කෘෂිකාර්මික ආහාර සහ පස් නියැදි පරික්ෂාව සිදු කෙරෙන අතර එම සහතික සදහා දේශිය සහ  විදේශිය වටිනාකමක් ලබාදිමද විශේෂත්වයකි.

දැනට දිවයිනේ  මෙවැනි රසායනාගාර 2ක් මහඉලුප්පල්ලම සහ ගන්නෝරුව කෘෂි  පර්යේෂණ ආයතන වල පිහිටා ඇති අතර කාර්මික තාක්ෂණ ආයතනයේ මැදිහත් විමෙන් සියලු පහසුකම් වලින් සපිරි ISO ප්‍රමිතියෙන් යුතු මෙවැනි රසායනාගාරයක් නොමැත. මේ අතර කාබනික කෘෂි නිෂ්පාදන  වලට රසායනාගාරයක සහතිකයක් තිබිමෙන් ජත්‍යන්තරය තුල ඉතා ඉහළ වටිනාකමක් ලැබෙන අතර ජත්‍යන්තර වෙළදපොළ ජයග්‍රහණය කිරීමේ පහසුවද සැලසේ.

යෝජිත නව රසායනාගාරය ඉදි කිරීමෙන් දැනට කෘෂි ‌බෝග බහුල වශයෙන්  වගා කෙරෙන උතුරු මැද සහ උතුරු පළාත් වල ගොවින්ට ද දුර බැහැර නොගොස් මේ හරහා පරීක්ෂණ කටයුතු සිදු කර ගැනීමටද හැකිවිම  විශේෂත්වයකි.

මෙහිදි අදහස් දැක්වූ ආණ්ඩුකාරවරිය කියා සිටියේ අද රටේ විශාල ඩොලර් හිඟයක් පවතින බැවින් ගොවින්ට මෙමගින් ලබා ගන්නා වටිනා තත්ව සහතිකයක් මගින් සිය නිෂ්පාදන ජත්‍යන්තර වෙළදපොළට යවා රටට ඩොලර් ගෙන ඒමේ හැකියාව ඇතිවන බවයි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අනුරාධා යහම්පත් මහත්මිය මෙසේද පැවසුවාය.

අපි දැන්  හිතන්න ඕනේ තවදුරටත් ණයට ඩොලර් අරගෙන අපේ ණය කන්ද තවත් ගොඩ ගහ ගන්නවද එසේත් නොමැති නම් අපේ නිෂ්පාදන මෙවැනි ක්‍රම හරහා පිටරට වෙළදපොළට යවලා ඩොලර් හිගයට මුණ දෙනවද කියන එකයි. ජත්‍යන්තර වෙළදපොළට අපේ නිෂ්පාදන යන්න නම් හොද තත්ව සහතිකයක් ඕනේ. ඒ්කට තමයි අපි මේ රසායනාගාරය නිර්මාණය කරන්නේ. කෘෂි තාක්ෂණය අපේ රටේ හොදටම මදි. ඒ නිසා තමයි අපේ  නිෂ්පාදන පිටරට වෙළදපොලට යන එක අඩු වෙන්නේ . අපි මේ මොනවා කිවුවත් යූරියා නැතුව වැඩ කරන්න බෑ කියන ගොවියෝ තාමත් ඉන්නවා. ඔවුන් මේ කරන්නේ අපේ දරුවෝ අසනීපකාරයෝ කරන එක. පරිසරය දූෂණය කරන එක. එසේ නොවි වැඩ කිරීමට අපි කටයුතු කළ යුතුයි.

නව රසායනාගාරය සදහා චීනයේ යුන්හාන් ප්‍රාන්තයේ කෘෂි විශ්ව විද්‍යාලයක් හා  සම්බන්ධ කිරීමට අපි ඉදිරියේදි කටයුතු කරනවා. මොනවා වෙනස් වුනත් මෙය ඉදිරියට ගෙන යන්න කොන්ද සහ උනන්දුව තියෙන්නම ඕනේ යැයි ද ආණ්ඩුකාවරිය වැඩිදරටත් කීවාය.

මේ අවස්ථාවට පළාත් කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් අයි.ජී.කේ.  මුතුබණ්ඩා , ආණ්ඩුකාර ලේකම් ඒල්.පි.මදනායක ,ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් ඩී.ඒච්.ඒම්.ජයවර්ධන මහතා, ත්‍රිකුණාමල දිස්ත්‍රික් ගොවිසංවිධාන නියෝජිතයන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Tuesday, December 27, 2022

සංචාරකයෝ පොකුරු පිටින් ලංකාවට

 


ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාව ක්‍රමයෙන් වර්ධනය වෙමින් තිබෙන අතර දෙසැම්බර් මාසයේ පමණක් හැත්තෑ දහසකට වැඩි සංචාරකයන් පිරිසක් රටට පැමිණෙමින් තිබේ.

මේ වසරේ රටට පැමිණි විදෙස් සංචාරකයින් පිරිස ලක්ෂ 07 සීමාව ඉක්මවා ගොස්  ඇති අතර මේ වසරේ (2022)  සංචාරකයින් ලක්ෂ 08 ක් පැමිණෙතැයි සංචාරක අමාත්‍යාංශය අපේක්ෂා කර තිබුණි. 2018 වර්ෂය අවසාන වන විට ලක්ෂ 19 වැඩි විදෙස් සංචාරකයින් පිරිසක් සංචාරය සඳහා ශ්‍රී ලංකාව තෝරාගෙන තිබුණි.

කෙසේවෙතත් මේ වනවිට සංචාරකයින්ගේ පැමිණීමේ ක්‍රමික වර්ධයනයක් පෙන්නුම් කරන බව සංචාරක අමාත්‍යාංශය සඳහන් කරයි.

මේවසරේ දෙසැම්ර් 26 දින වන විට මෙරටට පැමිණි මුලු සංචාරකින් සීමාව 701331 කි. ඒයින් 49% ක් මුල් මාස හතර තුළ පැමිණ ඇති අතර ඒම සංඛ්‍යාව 348314 වේ.

මැයි සිට සැප්තැම්බර් මාසය අතර කාලය තුළ මාසිකව වාර්තා වී ඇත්තේ සංචාරකයින් 29 000 ත් 48 000 ත් අතර ප්‍රමාණයකි.

නොවැම්බර් මාසයේ සංචාරක පැමිණීම වැඩිවී ඇති අතර  පුද්ගයින් 59 759 ක් ඒලෙස පැමිණ  තිබේ.  දෙසැම්බර් මාසයේ  26 දින දක්වා සංචාරක පැමිණීම 73 314 ක් දක්වා වර්ධනය වී ඇත.

 

මේ වසරේ ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදෙස් සංචාරකයින්

 

ඉන්දියාව - 119546

රුසියාව -86 990

එක්සත් රාජධානිය - 83818

ජර්මනිය -  54335

ප්‍රංශය - 35011

ඔස්ට්‍රේලියාව - 30020

කැනඩාව - 26343

අමරිකාව - 21662

මාලදිවයින - 17954

පෝලන්නතය - 15062

 

විදෙස් මාධ්‍ය වාර්තා

 

මේ වනවිට ශ්‍රී ලංකාව සංචාරය සඳහා සුදුසු රටක් බවත් ශ්‍රී ලංකාවේ සංචාරය කරන ලෙසත් විවිධ විදෙස් මාධ්‍ය විසින් ලිපි සහ වැඩසටහන් මගින්  සංචාරකයින් දැනුම්වත් කරනමින් සිටියි. ඒමෙන්ම ලබන 2023 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරක පිරිස තවදුරත් ඉහළ යනු ඇතැයි රජය අපේක්ෂා කර ඇත.

 

රජයේ වැඩපිළිවෙළ

 

වැඩි වශයෙන් සංචාරකයින් රටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල රැසක් ලබන වසරේ ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම්කර ඇති අතර සංචාරකයින් සඳහා පහසුකම් සැපයීම ක්‍රමවත් කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.

ඒමෙන්ම සංචාරක ආකර්ශනය දිනාගන්නා ඩිස්නිලෑන්ඩ් වැනි Theme park ලංකාව තුළ ස්ථාපිත කිරීමට  Sentosa හැදූ ජපන් සමාගම සාකච්ඡා කරන බව රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය සඳහන් කළාය.

ඒමෙන්ම මෙරටට සංචාරක ආකාර්ශනය වැඩි ප්‍රදේශ වල සංචාරකයින් සඳහා පහසුකම් සැපයීම් වැඩිදියුණු කිරීමට ද විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමටද අමාත්‍යාංශය සැලසුම් කර තිබේ

 



Monday, December 26, 2022

පිල් පවුරු වළලු බිඳ දමා





 සොයුරු සොයුරියනේ

සකල දේශවාසී

දෙදරා ගිය රට යළි ඉදි කරනුව

පිල් පවුරු වළලු බිඳ දා

පටු හටන් ගැටුම් නවතා

විය යුතුය ඒකරාශී


බිලිපූජා ගන්නට වියරු වැටී

ආවත් ජල දළ රළ රකුසන්

ගිනිබිය රෝබිය දිය කඳුරු විදා 

අළු දූලි කළත් අප සොයුරන්

ඒ දූලි මතින් නැගිටිමු අලුතින්

ගොඩනගමු අපේ රට සොයුරු සොයුරියනේ


පුදදුන් පණනල දස දහස් ගණන්

මිහිදන් වී ඇති මේ පොළොවේ

හෙට වෙනුවෙන් මල් ඵල හිසින් දරා

සුහුඹුල් තුරුවැල් යලි මතුවේ

නොවැටෙමු දෙදණින් අපි දිවිහිමියෙන්

රැකගනිමු අපේ රට සොයුරු සොයුරියනේ


සොයුරු සොයුරියනේ....


මෙම ගීතය කණ නොවැකුණ ශ්‍රී ලාංකිකයෙක් නැති තරම්.අදින් වසර 18 කට පෙර සමස්ථ ශ්‍රී ලංකාවම උඩු යටිකුරු කළ ඒ ඛේදජනක සිදුවීම වෙනුවෙනුයි මෙම ගීතය ලියවුනේ.වටිනා වූ මනුෂ්‍ය ජීවිත දහස් ගණනක් අහිමි කරමින් ගොඩබිමට ඇදුණු ඒ ප්‍රචණ්ඩකාරී රළ විසින් අපට සිදුකරනු ලද තුවාලයන්හි වේදනාවන් අමතක කිරීමට ජාතියක් ලෙස අපිට හැකියාවක් කිසිදා නොවනු ඇත. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් රචිත මෙම ගීතය පළමුවෙන්ම ගායනය කෙරෙන්නේ සුනාමි ඛේදවාචකයෙන් මියගිය සහෝදර සහෝදරියන් සිහිකිරීම වෙනුවෙන් 2004 වසරේ දෙසැම්බර් 31 දින පැවැත්වුණු අධිෂ්ඨාන පූජාවක් අවසානයේදී ය. එම අධිෂ්ඨාන පූජාව සඳහා සර්වාගමික පූජක උතුමන්ලා වගේම එවක ජනාධිපතිව සිටි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ ඇතුළු පිරිස් කිසිඳු දේශපාලන භේදයකින් තොරව සහභාගී වීම මෙහි සුවිශේෂීත්වය තවත් තීව්‍ර කළේය."ජාතිය ගොඩනැගීමේ ගීතය" ලෙස නම් වුණු මෙම ගීතය සැබෑ ලෙසම බලාපොරොත්තු සුන්වී බිඳ වැටී ගිය දේශයෙහි බලාපොරොත්තු අවදි කරවන ගීතයක් විය.


මෙම ගීතය තුළින් ලබාදෙන පණිවිඩය මනාව තේරුම් ගත හැකිවේනම් එය අන් කවරදාටත් වඩා වර්තමානයට උපකාරී වේ යැයි හැඟේ.එදා ජාතියක් ලෙස දරුණු ස්වභාවික ව්‍යවසනයකට මුහුණ දුන් අපි වර්තමානයේ අපේම පිරිස් විසින් නිර්මාණය කළ දරුණු "ආර්ථික සුනාමියකට" හසුව සිටිමු. එදා 2004 දී අපි මුහුණ දුන් සුනාමිය එක්වරම පැමිණ සැණෙකින් මහා විනාශයක් කොට පහව ගියත්, මෙම ආර්ථික සුනාමිය එසේ එක්වරම පහව යාමට සූදානමක් නැත.ඇතැම් විට එය අපිට සිදුකරන බලපෑම දශක ගණනක් තරම් විය හැකිය.


මෙම ආර්ථික සුනාමියෙන් ගොඩ ඒමට හැකිවන්නේ පාට පක්ෂ භේද අත්හළ සාමූහික ප්‍රයත්නයකින් පමණක් බව සියලු දෙනා තේරුම් ගත යුතුය. වගකීම එකිනෙකා වෙත පවරමින් වගකීමෙන් වියුක්ත වෙමින් චෝදනා කිරීම වෙනුවට රට වැටී ඇති අගාධයෙන් ගොඩට ගැනීමට සියලු දෙනාගේ සහයෝගය ලබාදීම එකී පාර්ශවවල යුතුකම වන්නේය. දේශපාලන තීන්දු තීරණ ගැනීමේදී ආත්මාර්ථයන් පසෙකලා බහුතරය වෙත සුබදායී ප්‍රතිපල ලැබෙන අයුරින් කටයුතු කිරීමට දේශපාලන අධිකාරිය කටයුතු කළ යුතුය. දේශපාලන කුහකත්වය තුළින් පාලනය කරනු ලබන දේශපාලන ධාරාවන් වටහා ගතයුතු සත්‍යය මෙයයි. රටක්‍ ලෙස මෙම සාමූහික වගකීම තේරුම් ගැනීමට අපොහොසත් වීම නිසා ඉතිහාසය පුරාම අප වෙත පැමිණි ස්වර්ණමය අවස්ථාවන් රාශියක් අපි විසින්ම විනාශ කර දැමීමේ දරුණු ප්‍රතිපල අපි අත්විඳිමින් සිටින්නෙමු.නැවතත් එම වැරැද්ද අපි ඉටු කිරීමට සැරසෙමින් සිටින්නේ නම් ඊටත් වඩා අවාසනාවක් ඉදිරි පරම්පරාව ලෙස අපි වෙත උරුම නොවෙනු ඇත.


දේශපාලනය යනු ක්‍රීඩාවකි. මිනිස්සු එහි පිල් බෙදී ක්‍රීඩා කරති. ක්‍රීඩාවට තරඟය අත්‍යවශ්‍ය. නමුත් ක්‍රීඩාවේ ජීවගුණය ආරක්ෂා වන්නේ තරඟය මතම නොවේ. කාට ක්‍රීඩා කිරීමට වුවද පිටිය අවශ්‍යයය. පිටිය විනාශ වෙන අවස්ථාවේදී පිටිය බේරා නොගතහොත් ක්‍රීඩා කිරීමට තැනක් නොමැති බවද මෙම ක්‍රීඩාවේ යෙදෙන ක්‍රීඩකයෝ මැනවින් අවබෝධ කරගත යුතුය. 

එහෙයින් පළමුව එක්ව පිටිය රැකගනිමු. පිටිය සකසා ගෙන ක්‍රීඩා කිරීම පසුව කළ හැකිය.


- සහන් තෙන්නකෝන්

Thursday, December 22, 2022

සිමිත කාලයකට ඡන්දෙ කල්දැමීම ප්‍රජාත්‍රන්ත්‍රවාදය හකුලාගැනීමක් නෙවෙයි

 



 










සිමිත කාලයකට ඡන්දෙ කල්දැමීම ප්‍රජාත්‍රන්ත්‍රවාදය හකුලාගැනීමක් නොවන බව ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා පවසයි. පළාත් පාලන මැතිවරණයක් පැවැත්වීම පිළිබඳව දිනමිණ පුවත්පත සමග සංවාදයකට එක්වෙමින්  ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා  මේබව පවසා ඇති අතර එම සංවාදය මෙසේය,

පළාත් පාලන ආයතනවල නිල කාලය අවසාන වෙමින් පවතින නිසා පළාත් පාලන මැතිවරණය සඳහා සූදානමක් පවතිනවා. මේ කාලය පළාත් පාලන මැතිවරණයක් සඳහා සුදුසු කාලයක්ද?

නිල වශයෙන් පළාත් පාලන මැතිවරණයක් සඳහා කාලය පැමිණ තිබෙනවා. මැතිවරණයක් කියන්නේ ප්‍රජාත්‍රන්ත්‍රනාදී ක්‍රියාදාමය තුළ අනිවාර්ය අංගයක්. නිසා ඡන්දයක් එපා කියලා කියන්න අපට බැහැ. ඒත් රට තුළ පැවති විවිධ අර්බුද සහ ගැටලු නිසා මීට පෙරත් පළාත් පාලන මැතිවරණ මාස හයක් අවුරුද්දක් වගේ කල් ගිය අවස්ථා තිබෙනවා.

මැතිවරණයක් පැවැත්වීම කොතෙක් දුරට රටේ පවතින අර්බුදකාරී තත්ත්වය ග්‍ර වීමට හේතුවක්ද කියන එක සලකා බැලිය යුතුයි. අපේ රටේ පළාත් පාලන ආයතන අවුරුදු තිහකට වැඩි කාලයක් ක්‍රියාත්මක වුණා. ඒත් ආයතනවලින් සිදු විය යුතු නිසි සේවය නිසි විදිහට ඉටු වුණාද කියන කරුණ සලකා බැලිය යුතුයි. පළාත් පාලන ආයතනයකට ලොකු වැඩ ප්‍රමාණයක් ග්‍රාමීය මට්ටමින් නාගරික මට්ටමින් කරන්න පුළුවන්. ඒත්, දේවල් හරියට ඉටු නොවුන බවයි මගේ පුද්ගලික මතය වගේම සමාජයේ සැලකිය යුතු ප්‍රමාණයක මතය. ආයතනයක නිල කාලය දිගු කරනවා නම්, ගැනත් අවධානය යොමු කළ යුතුයි. පළාත් පාලන ආයතනයකින් නිසි විදිහට වැඩ කරන්නේ නැති නම් එවැනි ආයතනයක් පවත්වා ගෙන යායුතු ආකාරය ගැන වෙනම අධ්යයනය කළ යුතුයි.

 

ඔබ කියන්නේ පළාත් පාලන මැතිවරණය නිශ්චිත කාලයකට කල් දමා ආයතන නිල කාලය දිගු කරනවා නම් එය නිසි ක්‍රමවේදයකට අනුව කළ යුතු බවද?

ඔව්, කොමසාරිස්වරයකු යටතට ආයතන පත් කරනවා නම් හෝ නිල කාලය දිගු කරනවා නම් එය හිතුමතේ කිරීම නොකළ යුතුයි. ඉදිරි වසරක හෝ මාස හයක කාලය තුළට නිශ්චිත වැඩසටහනක් මඟ පෙන්වීමක් තියෙන්න ඕනෑ. මම නම් යෝජනා කරන්නේ එවැනි නිසි වැඩපිළිවෙළක් තුළ වැඩකටයුතු කළ යුතු බවයි. එමඟින් පළාත් පාලන ආයතනවල අරමුණු නිසි ආකාරයට ඉදිරියට ගෙන යාමට හැකියාව ලැබෙනු ස්ථිරයි.

 

එහෙත් අද ඇති තත්ත්වය තුළ පළාත් පාලන මැතිවරණය කල් දැමීමක් සිදු වුවහොත් එහි පසුබිම ගැන ඔබේ විග්‍රහය පැහැදිලි කළ හැකිද?

නීතිය අනුව බැලූ බැල්මට මැතිවරණය පැවැත්විය යුතුයි.ඒක නීතියට අනුව හරි දෙයක්. ඒත් අපි රටේ තියෙන ප්‍රායෝගික තත්ත්වය ගැන සලකා බලන්න ඕනෑ අද රට තියෙන්නෙ ආර්ථික වශයෙන් හොඳ තත්ත්වයක නොවෙයි. නිසා මැතිවරණයක් පවත්වද්දි මූලිකව බලන්න ඕනෑ දෙයක් තියෙනවා. කරුණ තමයි අද රටේ ආර්ථික තත්ත්වය අනුව මැතිවරණයක් පැවැත්වීමට සුදුසු වටපිටාවක් ආර්ථික තත්ත්වයක් තියෙනවාද කියලා සොයා බැලිය යුතුයි. සාමාන්‍ය මැතිවරණයකට විශාල මුදලක් වියදම් වෙනවා. එහෙත් මේ මොහොතේ ඒවගේ මැතිවරණයකට වියදම් කරන්න මුදල් තියෙනවාද? මුදල් ප්‍රමාණය සොයා ගන්නේ කොහොමද? කියන එක ගැටලුවක්. දැන් තියෙන තත්ත්වය අනුව සල්ලි අච්චු ගහන්නත් බැහැ. මැතිවරණය නිසා දෛනිකව සිදු කරන රටේ වැඩ නවත්වන්නත් බැහැ. එනිසා මම පෙර සඳහන් කළා වගේ සීමිත කාලයක පළාත් පාලන මැතිවරණය කල් දමනවා නම් ආයතන විසුරුවා හැර කොමසාරිස්වරයකු යටතට පත් කරන්න පුළුවන්. මීට පෙරත් පළාත් පාලන මැතිවරණය කල් දැමූ අවස්ථාවල කොමසාරිස්වරු පත් කරනු ලැබ තියෙනවා. වගේම මැතිවරණය කල් දමනවා නම් පළාත් පාලන ආයතනවලට නිශ්චිත ඉලක්කයක් දෙන්න ඕනෑ ඉතිරි කාලය තුළ ඉටු කළ යුතු කාර්යභාරය පිළිබඳව. එහෙම වුණොත් අඳුර මැද රිදී රේඛාවක් දැක ගැනීමට හැකියාව ලැබේවි.

 

ඔබ අදහස් කරන මැතිවරණය පැවැත්විය යුතු කාලය ලෙස ඔබ දකින්නේ කොයි කාලයද.?

මම කියන්නේ නැහැ අවුරුදු ගණන් මැතිවරණ කල් දමන්න කියලා. මගේ මූලික අදහස තමයි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට හැකියාවක් ඇත්තේම නැතිනම්, අයි.එම්.එෆ් ණය මුදල ලැබෙන තෙක්වත් මැතිවරණය පැවැත්වීම කල් දැමිය යුතුය යන්න.

 

ඒත් සමහරුන්ට පෙනෙන්න පුළුවන් මෙය ප්‍රජාතන්ත්‍රවාදය හකුළා දැමීමක් කියලා.

සාධාරණ හේතුවකට සීමිත කාලයකට මැතිවරණය කල් දැමීම ප්‍රජාතන්ත්‍රවාදය හකුළා දැමීමක් විදිහට හඳුන්වනවා නම් ඒක සුදුසු දෙයක් නොවෙයි. අප සෑම දෙයක් ගැනම මැදහත්ව කල්පනා කර අදහස් ප්‍රකාශ කිරීම තමයි වඩාත් හොඳ දේ වන්නේ.

  

රජය යෝජනා කර තිබෙනවා මැතිවරණයකට අපේක්ෂකයකු වියදම් කළ යුතු මුදල සීමා කළ යුතු යෝජනාවක්, ගැන ඔබේ අදහස පැහැදිලි කළ හැකිද.?

මෙය ඉතාමත් හොඳ යෝජනාවක්, ඇත්තෙන්ම මේ යෝජනාව ක්‍රියාත්මක කළ යුතුව තිබුණෙ කලකට පෙරයි. ඒත් එවැනි යෝජනාවක් ක්‍රියාත්මක කිරීමට ප්‍රමාද වී හෝ උනන්දු වීම ගැන සතුට පළ කළ යුතුයි.