Friday, July 15, 2022

අරගලකරුවන්ට පක්ෂයි, කැරලිකරුවන්ට විරුද්ධයි. - රනිල්


 19 කඩිනමින් බලාත්මක කරනවා - වැඩබලන ජනපති ලෙස දිව්රුම් දෙමින් රනිල් කියයි.

19 වන ව්‍යවස්ථා සංශෝධනය නැවත වරක් කඩිනමින් බලාත්මක කිරීමට පියවර ගන්නා බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

වැඩ බලන ජනාධිපතිවරයා ලෙස අද පෙරවරුවේ දිව්රුම් දෙමින් අනතුරුව වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේබව සඳහන් කළේය.

, ලබන සතියේ පත් වන ජනාධිපතිවරයාට අදාළ කටයුතු ඉදිරියට සිදු කර ගෙන යාමට හැකි වන පරිදි අවශ්‍ය මූලික කටයුතු ආරම්භ කරන බවත්, මින් ඉදිරියට ජනාධිපතිවරයා හැඳින්වීමට අතිගරු යෙදීම සහ ජනාධිපති ධජය නීත්‍යානුකූලව ඉවත් කරන බවත්, වඩා ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ස්ථාපිත කරන බවත් වික්‍රමසිංහ මහතා මෙහිදී  වැඩිදුරටත් පැවසීය.


අරගලය ආරම්භයේ සිට සිටි පිරිස් අද වන විට ප්‍රචණ්ඩ ක්‍රියාවල නියුතුව සිටින කලහකාරීන්ගේ ක්‍රියා අනුමත නොකරන බවත් හෙතෙම පැවසීය. බිඳ වැටී ඇති දේශය ගොඩනැගීමට මේ මොහොතේ සියලු දේශප්‍රේමී පිරිස් එකට එක්තු විය යුතු බව අවධාරණය කළ වැඩ බලන ජනාධිපතිවරයා, පාර්ලිමේන්තුවෙන් පත්වන නව ජනාධීපතිවරයාට රට ගොඩ නැගීමට සහාය ලබා දිය යුතු බවත් අවධාරණය කළේ ය.

No comments:

Post a Comment