Wednesday, June 1, 2022

 

රටේ පවතින ආර්ථික තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවෙන් හජ් වන්දනාව සඳහා කිසිවෙක් නොයවන බව මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.

ජාතික හජ් කමිටුව, හජ් සංචාරක සංවිධානය, මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව ඇතුළු පාර්ශව කීපයක් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව එම තීරණයට එළඹ තිබේ.

මෙවර හජ් වන්දනාව සඳහා ශ්‍රී ලංකාවෙන් පුද්ගලයින් 1585ක් සහභාගී වීමට අවස්ථාව හිමිව තිබිණි.

රටේ පවතින ඩොලර් හිඟය මෙම වන්දනාකරුවන්ට සිය ආගමික සංචාරය අහිමි කර තිබේ. තත්ත්වය එසේ වුවද එළඹෙන ජූලි මස 10 වෙනි දින යෙදී ඇති හජ් උත්සවය වෙනුවෙන් මෙරට ඉස්ලාම් දේවස්ථාන වල විශේෂ ආගමික වැඩසටහන් රැසක් ම සංවිධානය කරමින් පවතින බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය .

Monday, May 30, 2022

""රැට්ටා"" අත්අඩංගුවට

 සමාජ මාධ්‍ය ක්‍රියාකාරී ‘රැට්ටා’ නොහොත් රතිදු සුරම්‍ය සේනාරත්න මහතාව මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පසුගියදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ කළහකාරී ලෙස හැසිරීමේ චෝදනාව මතයි.

අද (30) පස්වරුවේ රතිදු ඇතුළු පිරිසක් අදාළ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා කොම්පඤ්ඤවීදිය පොලීසියට කැඳවා තිබුණා.


එම ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඔහුව මෙලෙස අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.

‘රැට්ටා’ නොහොත් රතිදු සුරම්‍ය සේනාරත්න ගාලු මුවදොර අසළ පැවැත්වෙන ගෝඨාගෝගම විරෝධතා ස්ථානයෙහි ක්‍රියාකාරී සාමාජිකයෙක් ලෙස කටයුතු කරන පුද්ගලයෙක්.

වර්තමාන රජයට එරෙහිව පැවති විරෝධතා රැසකට ඔහු ක්‍රියාකාරී ලෙස සහභාගී වුණා.

හිටපු ඇමති ජීවන් දරුවන් වෙනුවෙන්

 



ජනකාන්ත සිනමා රංගන ශිල්පී ජීවන් කුමාරතුංග මැතිතුමා දරුවන් වෙනුවෙන්නැවතත් සමාජ සේවාකටයුතු වලටඑකතුවමින් සිටිනබව වාර්තා වේ.
එතුමාට පසුගියදිනකදී කැස්බැව මැතිවරණ කොඨාශයේ "සැමට අධ්‍යාපනය" වැඩ සටහන යටතේ වාර්ෂික ශිෂ්‍යධාර බෙදා දෙන ලදී.

මේ අවස්ථාව සදහා හිටපු අමාත්‍ය ප්‍රියංගනී අබේදීර මැතිණිය හා ප්‍රකට සමාජ ක්‍රියාකාරීනියක වන නේත්‍රාන්ජලි ලියනගේ මැතිණිය සහබාගි වි සිටියහ.

Thursday, May 26, 2022

ශ්‍රිලනිපය අනතුරේ


 ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්තානය අල්ලා ගන්න අරගලකරුවන් උත්සාහයක නිරත වන බවට ආරංචි මාරග සඳහන් කරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වෘත්තීය සමිති කිසිවක් මේවන තෙක් රගලයට කිසිම සහායක් දක්වා නොමැති අතර පක්ෂ නායකයන් මෙන් ඔවුන් ද ඉතාමත් සෙවෙල ප්‍රතිපත්තියක් අනුගමනය කරනු ලැබීය. 


මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වය මේවන විට පක්ෂ අභ්‍යන්තරයේ ප්‍රතික්ෂේප කරන මට්ටමට විශාල අර්බුධයක් නිර්මාණය වී තිබේ. 


මේ ගැටුම් තම වාසියට හරවා ගැනීමට උත්සාහ දරන දයාසිරි ජයසේකර ද මේ අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් සිරිසේන එලවා දමා පක්ෂ නායකත්වය ලබා ගැනීමට සිය හිතවතුන් කිහිප දෙනෙකු සමග කුමන්ත්‍රණය කරන බව ද අපට විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කළේය. මේ වන විට සිරිසේනට. වඩා මධ්‍යම කාරක සභාව තුල දයාසිරි ජයෙසේකර බලය පතුරවා ගෙන සිටින අතර මේ සීතල  ගින්න කොයි මොහොතේ ඇවිලී යා දැයි කිව නොහැකි මට්ටමක් ඇති වී තිබේ. 


මේ සියලු අර්බුද හමුවේ පක්ෂ වෘත්තීය සමිති මධ්‍යස්තානයේ නිද්‍රාශීලී ක්‍රියා පිළිවෙත නිසා අරගලකරුවන් කොයි මොහොතේ හෝ ඩාලි පාරට කඩා වැදුනොත් පක්ෂයට කුමක් වෙව්වි දැයි ඩාලි පාර පක්ෂැ මූලස්ථාන ප්‍රාක්ශකයෙක් අපට පැවසීය. 


මේ දිනවල මයිත්‍රීපාල සිරිසේනගේ පක්ෂ නායකත්වය නීති විරෝධි බවට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ද විභාග වෙමින් පවතී.

Sunday, May 8, 2022


 අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (08) උදෑසන අනුරාධපුරයේ සංචාරයක නිරතවී තිබෙනවා.


මෙහිදී අග්‍රාමාත්‍යවරයා අනුරාධපුරය ශ්‍රී මහා බෝධිය වැඳපුදාගත් අතර අනුරාධපුරයේ තවත් සිද්ධස්ථාන කිහිපයක්ම වැඳපුදාගැනීමට නියමිතයි.


මීට අමතරව අනුරාධපුරයේ කුප්‍රකට දේවාලයක් වැඳපුදාගැනීමටද අග්‍රාමාත්‍යවරයා සහභාගීවන බවට තොරතුරු වාර්තා වනවා.


මේ අතර අග්‍රාමාත්‍යවරයාගේ අනුරාධපුර සංචාරයට විරෝධය පා ජනතාව අනුරාධපුරයේදී විරෝධතා ව්‍යාපාරයක නිරත වනවා.


අග්‍රාමාත්‍යවරයා යන මඟ සිටි පිරිස ඔහුට කියා සිටියේ කරුණාකර දැන්වත් වහාම ඉල්ලා අස්වන ලෙසයි.

Saturday, May 7, 2022

 අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉවත් වීමත් සමග ආණ්ඩුව පිහිටුවීමට සමගි ජන ජනබලවේගය ඉදිරිපත් නොවන්නේ නම්, අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමේ වගකීම බාරගැනීමට ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධින වූ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබෙනවා.


ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඔහුගේ නිල නිවසේ දී ඊයේ (07) රැස්වූ අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇතැයි වාර්තා වනවා.


සමගි ජන බලවේගය ආණ්ඩුව බාරගැනීමේ වගකීමෙන් ඉවත් වන්නේ නම් රට අරාජික වීමට ඉඩ නොදී තවත් පාර්ශව රැසක් එක්කර ගනිමින් අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් බව එහිදී සාකච්ඡා වී තිබෙනවා.


පක්ෂ නායකයන් එක්ව පිහිටුවන ජාතික සභාවකින් නව අග්‍රාමාත්‍යවරයා තෝරා ගැනීමට ද එහිදී යෝජනා වී ඇතැයි වාර්තා වනවා.


විශ්වාසභංගයට සහාය


මේ අතර සමගි ජන බලවේගය මගින් ඉදිරිපත් කර ඇති ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවට සහය දැක්වීමට ශ්‍රීලනිප ප්‍රමුඛ ස්වාධීන කණ්ඩායම තීරණය කළ බව ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා සඳහන් කළා.


ආණ්ඩු පක්ෂයේ සිට ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම් රැස්වී සාකච්ඡා කර මෙම තීරණය ගත් බවයි ඔහු සඳහන්