Sunday, October 23, 2022

සිරිසේනගේ තවත් ගැහිල්ලක් මාට්ටු



https://srilankaequity.forumotion.com/t54786-world-bank-confirms-bribery-involving-maithri-australian-co-that-gave-it-blacklisted



 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දෙවරක් උල්ලංඝනය කිරීම, පාස්කු ප්‍රහාරය, මරණ දණ්ඩනයට නියම වූවෙකු නිදහස් කර කෝටි ගණනක අල්ලසක් ලබා ගැනීම ආදී බරපතල වැරදි කිහිපයකට චූදිතයෙකු ව සිටින මෛත්‍රීපාල සිරිසේනගේ මහා වංචාවක් මේ වන විට නැවත කරළියට පැමිණ තිබේ.

මෛත්‍රීපාල සිරිසේන වාරිමාර්ග ඇමති ධුරය දරන සමයේ ඔස්ටේ්‍රලියානු ීඵෑක්‍ සමාගමෙන් අල්ලස් ගත් බවට වන චෝදනාවයි. මෙම චෝදනාව 2016 වසරේදී ලෝක බැංකුව ද පිළිගෙන තිබේ. ඒ පිළිබඳ ඔස්ටේ්‍රලියානු මාධ්‍ය විසින් 2017 දී හෙළි කළ අවස්ථාවේ එවකට ජනපතිව සිටි සිරිසේනගෙන් විමසූ විට ඔහු ප්‍රකාශ කළේ “ මම දන්නේ නැහැ. මම මේ ගැන විමර්ශනයක් කරනවා” යනුවෙනි. එහෙත් 2019 ඔහු විශ්‍රාම යන තෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු විමර්ශනයක් සිදු වුණේ නැත. ඔහුගේ නම ලෝක බැංකුව ීඵෑක්‍ ආයතනය අසාදු ලේඛනගත කළේ ය.
කතාව සැකවින් මෙසේ ය. 2009 දී ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාවේ 
වාරි ව්‍යාපෘතියක් සඳහා ඩොලර් මිලියන 1.82 මූල්‍ය ආධාරයක් නිකුත් කළේය. එම ව්‍යාපෘතිය පැවරුණේ ීඵෑක්‍ සමාගමට ය. ඒ මොහොතේ විෂය භාර ඇමතිව සිටි මෛත්‍රීපාල සිරිසේන එම සමාගමෙන් අල්ලස් මුදලක් ලබාගෙන ඇත.
ඔස්ටේ්‍රලියාව ලංකාව වගේ නොවේ, ඔස්ටේ්‍රලියානු නීතියට අනුව එම රටේ සමාගමක් වෙනත් රටක කෙනෙකුට අල්ලසක් ලබා දෙන්නේ නම් එය දඬුවම් ලැබිය හැකි වරදකි. ඒ අනුව එරට දූෂණ විරෝධී සංවිධාන හා ජනමාධ්‍ය ීඵෑක්‍ සමාගමට එරෙහිව ගොනු කළ පැමිණිල්ල සම්බන්ධයෙන් ඔස්ටේ්‍රලියානු ෆෙඩරල් පොලීසිය පරීක්‍ෂණයක් ආරම්භ කළ අතර, ලෝක බැංකුව ද ඊට සමගාමීව තවත් පරීක්‍ෂණයක් ආරම්භ කළේ ය. මේ දෙකෙන්ම සිරිසේනට අදාළ සමාගම අල්ලසක් ලබා දුන් බව සනාථ වූ අතර එම සමාගම ඔස්ටේ්‍රලියානු නීතිය අනුව අසාදු ලේඛනගත කෙරිණි.
අද වන විට සිරිසේන මෙරට ධනවත්ම දේශපාලඥයින් දස දෙනාගේ ලැයිස්තුවේ තුන් වෙනියා වන්නේත් ඔහුයි.ඔහුට ඉිදිරියෙන් සිටින්නේ අර්ජුන රණතුංග සහ මහින්ද රාජපක්ෂ පමණි. එම ලැයිස්තුවට අනුව සිරිසේනගේ වත්කම ඇ.ඩො. මිලියන 14කි. කොළනියක උපන් ගොවි පුත් මෛත්‍රී ජනාධිපති ධුරයෙන් විශ්‍රාම යන විට මෙවැනි වත්කමක් හිමි කර ගත්තේ කෙසේ ද යන්න සොයා බැලීම වටී.

සමන් ලියනගේ

Friday, October 21, 2022

ඒඑස්පී සහ එස්එස්පී චූදිතයන් කර සිතාසි නිකුත් කරයි

 



ගාලුමුවදොර සිට අලුත්කඩේ නීතිඥ සංකීර්ණය දෙසට ගිය විරෝධතා පාගමනක් නතර කරමින් අයුතු අවහිරයක් සිදු කළායැයි චූදිතයින් ලෙස නම් කළ සහකාර පොලිස් අධිකාරී නලීන් දිල්රුක් සහ ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් ඩයස් හට ලබන 08 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට සිතාසි නිකුත් කිරීමට කොටුව මහේස්ත්රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේය.
මහේස්ත්රාත්වරයා එම නියෝගය කළේ තරුණ ජනමාධ්යවේදීන්ගේ සංගමයේ සභාපති ජනමාධ්යවේදී තරිඳු ජයවර්ධන ගොනු කළ පෞද්ගලික පැමිණිල්ලක් කැඳවූ අවස්ථාවේදීය.
මෙම පැමිණිල්ලෙන් චූදිතයන් ලෙස නම් කර ඇති පොලිස් නිලධාරීන් දෙදෙනාට එරෙහිව දණ්ඩ නීති සංග්රහ⁣යේ 330 සහ ජාතික මංමාවත් පනතේ 59.1 යටතේ ගොනු කර ඇති චෝදනා සම්බන්ධයෙන් නොතීසි නිකුත් කිරීමට සෑහීමකට පත්විය හැකි කරුණු ඇති හෙයින් පිස්කල් හා ලියාපදිංචි තැපෑල මාර්ගයෙන් ⁣සිතාසි බාර දෙන ලෙස මහේස්ත්රාත් නියෝග කළේය.
පැමිණිලිකරු වන තරිඳු ජයවර්ධන වෙනුවෙන් නීතිඥ මනුජය ද සිල්වා සහ නීතිඥ ජයන්ත දෙහියත්තගේ මහතා සමඟ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා කරුණු දැක්වීය.
ඔක්තෝබර් මස 9 වැනිදා පොලිසියේ ක්රියාකලාපයට එරෙහිව වෘත්තිකයන් සහ ප්රජාතන්ත්රවාදය අගය කරන පිරිස් විරෝධතාවයක් සූදානම් කර තිබූ බවත්, විරෝධතා පාගමන සහ එම විරෝධතා ගාලුමුවදොරින් 10 වැනි දා සවස 3 ට ආරම්භ වන බවට පැමිණිලිකරු කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට පෙර දින රාත්රියේ දී ඊමේල් මගින් සහ වට්ස් ඇප් මගින් දැනුම් දී ඇති බවත්, එම ඊමේල් පණිවිඩය එම අවස්ථාවේදීම පොලිස්පතිවරයාට ද පිටපත් කර ඇති බවත් අධිකරණයේ කරුණු දක්වමින් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ප්රකාශ කළේය.
පැමිණිලිකරු ඇතුළු 50ක 100ක පමණ පිරිසක් සාමකාමීව පැවැත්වූ මෙම පාගමන පොලිසිය මාර්ගය වසා අවහිර කළ බවත්, පාගමන පදික වේදිකාව ඔස්සේ සාමකාමීව ඉදිරියට යද්දි පොලිසිය පදික වේදිකාව සහ මාර්ගය සම්පූර්ණයෙන් වසා දැමූ බවත් කී සාලිය පීරිස් මහතා ඊට අදාල වීඩියෝ දර්ශන ඉදිරිපත් කර ඇතැයි ද සඳහන් කළේය.
පළමු සහ දෙවැනි චුදිතයන් වන පොලිස් නිලධාරීන් දෙදෙනා මෙම අවහිර කිරීමට එම ස්ථානයේ සිටිමින් සක්රීයව දායක වූ බවත්, මෙම පාගමන සම්බන්ධයෙන් පැය 06කට පෙර දැනුම් දී නැතැයි කියමින් එම අවහිරය කළද පැය 06කට පෙර දැනුම් දුන් බවට පැමිණිලි කරු ප්රකාශ කරද්දී එය ගණන් නොගෙන නිලධාරීන් හැසිරුණු බවත්, ඔවුන් අයුතු අවහිරයක් කළේ සද්භවයෙන් නොවන බව එම ස්ථානයේ ඔවුන්ගේ හැසිරීම බැලූවිට තහවුරු වන බවත් ජනාධිපති නීතිඥවරයා කීවේය.
⁣එදින විරෝධතාවය ගැන පොලිසිය දැනුම්වත් කර තිබියදී සහ විරෝධතාවය නතර කිරීමට පොලිසිය කළ ඉල්ලීමක් අධිකරණය ප්රතික්ෂේප කර තිබියදීම මෙම නිලධාරීන් දෙදෙනා මෙම වැරදි ⁣මෙන්ම ආණ්ඩුක්රම ව්යවස්ථාවෙන් ආරක්ෂා කර ඇති මූලික අයිතිවාසිකම් ද කඩ කර ඇති බවත් සාලිය පීරිස් මහතා සඳහන් කළේය.
ඉදිරිපත් වූ සියලු කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්රාත්වරයා චූදිතයන් ලෙස නම් කළ නිලධාරීන් දෙදෙනාට ලබන 08 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කිරීමට නියෝග කළේය.


Thursday, October 20, 2022

ආයෝජන ගෙන්වා ගැනීම නිතී රැසක් වෙනස් කරයි

 



 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හැව්ලොක් සිටි මිරෙකා ටවර් සාප්පු සහ කාර්යාල සංකීරණය ((Mireka Tower) විවෘත කිරීමට ඊයේ(20 දා ) සහභාගී වුණා.

කඩාවැටී ඇති ශ්‍රී ලංකාවේ ආර්ථිකය වේගවත් වර්ධනයක් කරා යොමු කර  , ආයෝජනයට හිතකර පරිසරයක් රටේ ඇතිකිරීම සම්බන්ධයෙන් රජයේ සැලැස්ම ඔහු එහිදී අනාවරණය කළා . ඒ අනුව,

 

·      ශ්‍රී ලංකාවේ ආර්ථිකය වේගයෙන් නගා සිටුවිමට නම් විදේශ ණය වෙනුවට විදේශීය ආයෝජන පිළිබඳව අවධානය යොමුකළ යුතුයි. ඒ නිසා පවතින නීති වෙනස් කර  කාර්යක්ෂම නීති පද්ධතියක් හදුන්වා දිය යුතුයි.     

 ·      මහ කොළඹ ආර්ථික කොමිසම වැනි මොඩලයක් ඒ සඳහා අවශ්‍ය වෙනවා. 1977 මහ කොළඹ ආර්ථික කොමිසම පිහිටවූ නිසා වසර දහයක් තුළ ආයෝජන කලාප 04 ක් රටතුළ පිහිටවීම හැකියාව ලැබුණා. එයින් පසුව ආයෝජන කලාප රටේ බිහිවුනේ නැහැ.

 ·      ආයෝජනය සම්බන්ධයෙන් සංකීරණ රාජ්‍ය ආයතන ගණනාවක් තිබීම ආයෝජනයේ දී  ගැටලුවක් නිසා ආයෝජන මණ්ඩලය , අපනයන සංවර්ධන මණ්ඩලය , ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව එකට සම්බන්ධ කර එක් ආයතනයක් ලෙස සේවය කිරීමට සලස්වනවා. ආයෝජනයක් ලැබුණු පසු ඒ පිළිබඳ සලකා තීන්දු තීරණ ගැනීමට මෙම ආයතනයට සති දෙකක් හිමිවෙනවා.  මේ නිසා  ආයෝජනකරුවන්ට වසර හතළිහක බදු නිදහස් ලබාදීමට අවශ්‍ය වෙන්නේ නැහැ.

 ·      බිංගිරියේ අක්කර 1000 ක නව ආයෝජන කලාපයක් ඇති කරනවා. ත්‍රිකුණාමලය ට සහ හම්බන්තොට ට එය ව්‍යාප්ත කිරීමට බලාපොරෝතු වෙනවා.

 ·      අධ්‍යාපනය නවීකරණය වගේම ආර්ථිකය , කර්මාන්ත හා කෘෂිකර්මාන්තය නවීකරණය පිළිබඳවත් රජයේ අවධානය යොමුව තිබෙනවා ඒ අනුව 2023 ජනවාරි වන විට මෙම නීති සම්පාදනය කර ක්‍රියාත්මක කරනවා.

 ·      රට ආර්ථික වශයෙන් විශාල ලෙස පහත වැටී තිබෙන නිසා වේගවත් ආර්ථික වර්ධනයක් අවශ්‍යයි. ඒ නිසා මේ ප්‍රතිසංස්කරණ සිදුකර රටේ සහ ජනතාවගේ ආදායම් මාර්ග ඉහළ දමාගත යුතුයි.



Monday, October 17, 2022

කාන්තා හිංසනය නැති කිරීමට නම් නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වන ප්‍රජාත්‍රන්ත්‍රවාදී යාන්ත්‍රණයක් අවශ්‍යයි - CBK

 


 


 

 

කාන්තා සහ ළමා හිංසනය පිටුදැකීමට නම් ප්‍රජාත්‍රන්ත්‍රවාදය සහ මානව නිදහස මනා ලෙස ක්‍රියාත්මක වීම අතිශ්‍ය වැදගත් බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ප්‍රකාශ කළාය.

කොළඹ බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති “නිදහස උදෙසා කාන්තාවෝ” සංවිධානය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් හිටපු ජනාධිපතිනිය මේබව පැවසුවාය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ,

“අපේ කාන්තාවන්ගෙන් 25% ක් පමණ ශාරීරික හෝ ලිංගික හිංසනයට ලක්වෙනවා. ඒහා සමානවම දරුවනුත් ඒ විදිහටම ලිංගික අපයෝජනයට ලක්වෙනවා.  රාජ්‍ය යාන්ත්‍රණය මේ සම්බන්ධයෙන් බොහෝ ප්‍රදේශවල නිසි පරිදි ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා සිවිල් සංවිධාන මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙලා ඉන්නවා.  මෙවැනි සිද්ධියක් සිදුවුනාම ක්‍රියාතමක වීම බොහොම වැදගත්. නමුත් එවැනි සිදුවීම් සිදුවෙන එක වළක්වාගන්නයි අපි කටයුතු කළ යුතු වෙන්නේ.  ඒ වගේම මෙහි තිබෙන මූලික හේතුව අපි හදුනාගන්න අවශ්‍යයි. ඒක අපේ සමාජයේ පතුලටම කිදා බැස තිබෙන ප්‍රශ්නයක්. අධ්‍යාපනය උසස් අධ්‍යාපනයේදී ඒ සම්බන්ධයෙන් කෙරෙන ඉගැන්වීම් මේ ප්‍රශ්නය විසඳන්න ගොඩක් ඉවහල් වෙනවා. ඒ වගේම සමාජීය සහ දේශපාලන ප්‍රචන්ඩත්වය පිළිබඳව අවධානය යොමුකරලා මේ ප්‍රශ්නයට විසඳුම් සොයාන්න වෙනවා.

මේකට තිබෙන සරලම උත්තරය තමයි ප්‍රජාත්‍රන්ත්‍රවාදය සහ මානව නිදහස. ඒ වගේම නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වන ප්‍රජාත්‍රන්ත්‍රවාදී යාන්ත්‍රණයක් ඒ සඳහා අවශයයි. ඒකට තවත් අරගල කිහිපයක් කරන්න අවශ්‍ය වෙනවා. මෙහෙම කිව්වාම මාව අත්අඩංගුවට ගන්නේ නැතිවෙයි කියලා මම හිතනවා.” යැයි පැවසුවාය.

“නිදහස උදෙසා කාන්තාවෝ” (Women For Freedom)   සංවිධානය හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ අනුශාසකත්වයෙන් ක්‍රියාත්මක වන සංවිධානයක් වන අතර  කාන්තාවන්ට සිදුවන ප්‍රචන්ඩත්වය වළක්වා ගැනීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක වේ.

අධ්‍යාපන, නීතිය සහ සමාජීය කාරණා සම්බන්ධයෙන් කාන්තාවන් සවිබල ගැන්වීමද එම සංවිධානය මගින් සිදුකරයි. දැනට ශ්‍රීලංකාවේ ක්‍රියාත්මක කාන්තාවන් සම්බන්ධයෙන් කටයුතු කරන සිවිල් සංවිධාන සමඟ එකතුව ලංකාවේ කාන්තාවන් වෙනුවෙන් විශිෂ්ට සේවයක් ඉටුකිරීම බලාපොරොත්තු වන බව  “නිදහස උදෙසා කාන්තාවෝ” (Women For Freedom)   සංවිධානය මෙහිදී සඳහන් කළේය.































 

 

 

Thursday, October 13, 2022

සිස්ටම් වෙනස් කරන්න - සෘජු බදු වැඩි කරන්න

 


 රජය විසින් සිදුකළ ආදායම් බදු සංශේධනය  මේ මස 01 දා සිට ක්‍රියාත්මක වන අතර මාසික ආදායම රුපියල් ලක්ෂයක ඉක්මවන පුද්ගලයින්ගෙන් බදු අයකිරීමට නියමිතය.

නව පනත් කෙටුම්පතට අනුව මේ වසරේ ඔක්තෝබර් පළමුවනදා සිට ලබන වසරේ මාර්තු 31 වනදා දක්වා මාස 06 තුළ ආදායම රුපියල් ලක්ෂ 6 ඉක්මවන සෑම පුද්ගලයෙකුගෙන්ම ආදායම් බදු අයකර ගැනීමට යෝජනා කර ඇත.

ඒ අනුව 2022 ඔක්තෝබර් 01 වනදා සිට 2023 මාර්තු 31 දක්වා ඉදිරි මාස 06 හි ආදායම රුපියල් ලක්ෂ 6ක් හෝ ඊට අඩු නම් ඔවුන් ආදායම් බදුවලින් නිදහස් වේ.

මුල් රුපියල් ලක්ෂ 6 හැර මාස 06 හි ආදායම රුපියල් ලක්ෂ 6 සීමාව ඉක්මවන්නේ නම් එහිදී පළමු රු.250,000 සඳහා 6% ක බදු මුදලක් අයකිරීමට යෝජිතය.

මුල් රුපියල් ලක්ෂ 6 හැර එතැන් සිට රුපියල් 250,000 සිට රුපියල් ලක්ෂ 5 අතර ආදායම පවතින පුද්ගලයෙකුගෙන් රුපියල් 15,000ක මුදලක් සහ මුල් ලක්ෂ 5 සීමාව ඉක්මවා තවත් රුපියල් ලක්ෂ දෙකහමාරක් දක්වා 12% ක ආදායම් බද්දක් අයකරගැනීමට යෝජනා වී තිබේ.

මුල් රුපියල් ලක්ෂ 6 හැර එතැන් සිට රුපියල් ලක්ෂ 5ත් රුපියල් හත්ලක්ෂ පනස්දහසත් අතර ආදායම පවතින පුද්ගලයෙකු රුපියල් 45,000ක මුදලක් සහ අතිරික්තව උපයන රුපියල් ලක්ෂ 5 දක්වා සියයට 18ක් ආදායම් බදු ලෙස අය කරගැනීමට යෝජිතය.

මුල් රුපියල් ලක්ෂ 6 හැර එතැන් සිට රුපියල් හත් ලක්ෂ පනස්දහසේ සිට රුපියල් ලක්ෂ 10ත් අතර ආදායම පවතින පුද්ගලයෙකු නම් රුපියල් 90,000ක මුදලක් සහ  අතිරික්තව උපයන රුපියල් හත්ලක්ෂ පනස්දහසක මුදලින් 24% ක් ආදායම් බදු ලෙස අය කරගැනීමට යෝජිතය.

මුල් රුපියල් ලක්ෂ 6 හැර එතැන් සිට රුපියල් ලක්ෂ 10ත් රුපියල් දොලොස්ලක්ෂ පනස්දහසත් අතර ආදායම පවතින පුද්ගලයෙකු නම් රුපියල් 150,000ක මුදලක් සහ අතිරික්තව උපයන රුපියල් ලක්ෂ 10 දක්වා 30% ක් ආදායම් බදු ලෙස අය කරගැනීමට යෝජනා වී තිබේ.

මුල් රුපියල් ලක්ෂ 6 හැර එතැන් සිට රුපියල් දොලොස් ලක්ෂ පනස්දහසට වැඩි ආදායමක් පවතින පුද්ගලයෙකු නම් රුපියල් 225,000ක මුදලක් සහ රුපියල් දොලොස් ලක්ෂ පනස්දහසේ සීමාව ඉක්මවා උපයන මුදලින් 36% ක් ආදායම් බදු ලෙස අය කරගැනීමට යෝජිතය.

මෙම ආදායම් පනත් සංශෝධන කෙටුම්පත මේවනවිට ගැසට් මගින් ප්‍රකාශයට පත්කර ඇති අතර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනීමට නියමිතව තිබේ.

කෙසේවෙතත් ලංකාවේ බදු අය කිරීමේ ක්‍රමවේදය පිළිබඳ මේවනවිට දැඩි කතාබහට ලක්ව ඇති අතර වක්‍ර බදු අයකිරීම වෙනුවට සෘජු බදු අයකිරීම වැඩි කළ යුතු බව බොහොදෙනාගේ අදස වී තිබේ.

කථිකාචාර්ය මලින්ද අලහකෝන්  මහතා යූටියුබ් නාලිකාවක් වෙත අදහස් දක්වමින් පවසා තිබුණේ ලංකාවේ  බදු අයකිරීමේ ක්‍රමවේදය වෙනස් කළ යුතු බවය. දැනට 18% ට ව පවතින වක්‍ර බදු අයකිරීම 80% දක්වා වැඩිකළ යුතු බවද හෙතෙම  සම්බන්ධයෙන් මෙසේ පවසා තිබුණි.

“ලංකාවේ බදු ක්‍රමය බැලුවොත් 82෴ ක් වක්‍ර බදු 18෴ ක් සෘජු බදු. ඒක අතිශය අමානුෂික ක්‍රමයක්.  හිතන්න මම දවසකට රුපියල් 10,000 ක් හොයනවා.  ඒ කියන්නේ මම මාසෙකට ලක්ෂ 03 ක් හොයනවා. මධ්‍යම පාන්තික මනුස්සයෙක්. ඔයා දවසකට හොයන්නේ රුපියල් 1000 යි. මාසෙකට 30,000 යි. හොදටම දුප්පත් මුනුස්සයෙක්.

සීනි කිලෝ එකක් තියෙනවා රුපියල් 100 යි. ඔයත් ගන්නවා කිලෝ එකක් මමත් ගන්නවා කිලෝ එකක්. මට 10,000 ක් ලැබුණා කියලා සීනිකිලෝ 10  ක් ඔනේ නැහැනේ.  මේ සීනි කිලෝ එකෙන් රජය රුපියල් සීයක බද්ධක් ගහනවා. ඒ කියන්නේ වක්‍ර බදු (VAT වගේ). ඒ බද්ධත් ගෙවලා රුපියල් 200 ට සීනී කිලෝ එකක් ඔයා ගෙදර ගෙනියනවා. මාත් රුපියල් 200 ට සීනි කිලෝ එක ගෙනියනවා. ඔයාගේ බදු බර 10% යි නමුත් මගේ බදු බර 1% යි . ඒක හොඳද? . පට්ටම වැරදියි.  රජයට ලැබෙන්නේ රුපියල් 200 යි. ඒක වෙනුවට ඔයාගේ ආදායමෙනුත් 5% ක් රජය අරගන්නවා. ඒකියන්නේ රුපියල් 50 ක් රජයට දීලා සීනි කිලෝ එක රුපියල් 100 ට අරගෙන ගෙදර යනවා.  දැන් ඔයාගේ සම්පුර්ණ වියදම රුපියල් 150 යි. මමත් මගේ ආදායමෙන් 5% රජයට දෙනවා ඒ කියන්නේ රුපියල් 500 ක්. දැන් අපි දෙන්නගෙම බදු බර සමානයි. නමුත් රජයෙ ආදායම කීයද?. රුපියල් 550. ඒ කියන්නේ වක්‍ර බදු වලට වඩා සෘජු බදු වලින් රජයේ ආදායම සම්පුර්ණයෙන් දෙගුණ කරගන්න පුළුවන් උනා. සෘජු බදු වැඩිපුර තියෙන්න ඔන උනත් ලංකාවේ සෘජු බදු තියෙන්නේ 18 % යි.  නමුත් හරි නම් 80% ක් සෘජු බදු වෙලා 20% ක් වක්‍ර බදු වෙන්න ඔන. මේ වෙනස්කම් කරන්නනම් ඒ මතය භුමියේ තියෙන්න ඔන”.යැයි ඔහු පැවසුවා.

 

Wednesday, October 12, 2022

සිස්ටම් චේන්ජ් එක බදු සංශෝධනයෙන්ම පටන් ගමු





 ආණ්ඩුවේ බදු ගහන එක ගැන ආයෙත් වැඩි කතාබහක් ඇතිවෙලා තියෙන්නේ ආදායම් බදු වැඩිකිරීමත් එක්ක. මාසෙක පඩිය ලක්ෂයකට වඩා ගන්න අයට මේ මාසේ පළවෙනිදා ඉදන් බදු අයකර ගන්න බදු පනත සංශේධනය කරල තියෙනවා.

අරගලය කරලා අපි ඉල්ලුවේ සිස්ටම් එකකට රට ගෙනියන්න කියලා. එහෙම සිස්ටම් එකකට රට අරගන යන්නනම් රටේ පුරවැසියන් විදිහට අපිත් ඒ සිස්ටම් එකට ඇතුලත් වෙන්න සූදානම් වෙන්න ඔන.  ඒකේ මුලිකම දෙයක් තමා සෑම පුරවැසියෙක්ම බදු ගෙවන්න කටයුතු කරන එක. 

එකතු කරන බදු සල්ලි ආයෙත් හොරා කයිද කියලා මිනිස්සු අතර ප්‍රශ්නයක් තිබෙනවා. ඒක සාධාරණයි. මොකද මෙච්චර කාලයකට අපිට තියෙන්නේ හොරා කාපු අත්දැකීම් නිසා. කොහොම උනත් අරගලයෙන් පස්සේ රටේ පාලනයට පුරවැසියන් විදිහට සක්‍රීයව දායක වෙන්න අපි කටයුතු කරන්න අවශ්‍යයයි. හොරා කන්න කලින් ඒක වළක්වා ගන්න අපි මැදිහත් වෙන්න ඔන.

ලෝකයේ දියුණු රටවල් සියල්ලගේම සෘජු බදු අයකිරීම වැඩියි. යුරෝපා රටවල ආදායම් බදු අයකරගැනීම සාර්ථකව කරනවා. අපිත් දියුණු වෙන්න අවශ්‍යනම් මේ වක්‍ර බදු අයකිරීම අඩුකරලා සෘජු බදු අයකිරීම වැඩිකරන්න ඔන. එතැනදී මිනිස්සුන්ගෙන් වගේම ඉහළ ආදායම් උපයන සමාගම් වලනුත් බදු අයකරගන්න ඔන.  සිස්ටම් එකකට රට යනවානම් ඒ හැමදේම හරියට කරන්න අවශ්‍යයි. එහෙම නැතිව එක සෙට් එකකට විතරක් බදු ගහලා රටක් දියුණු කරන්න බැහැ.

වක්‍ර බදු නිසා මේ රටේ අඩු ආදායම් උපයන, එදිනෙද පොඩි ව්‍යාපාර කටයුත්තකින් ආදායම් උපයන දුප්පත් මිනිස්සු මහ විශාල පීඩාවකට පත්වෙලා ඉන්නවා. ඒක හරිම අසාධාරණයි. ඇති හැකි අය වැඩියෙන් බදු ගෙවිය යුතුයි.  එතකොට තමයි නැති බැරි මිනිහගෙ කර මත පටවල තියන මහ දැවැන්ත බර නිදහස් වෙන්නේ. 

සාමාන්‍යයෙන් බදු ආදායමෙන් 40%ක් වත් සෘජු බදු වෙන්න ඕන. නමුත් ලංකාවේ  ප්‍රතිශතය 18% යි. ඒ කියන්නේ 82% වක්‍ර බදු.  කිරිපිටි,  පරිප්පු, හාල් මැස්සො විතරක් නෙමෙයි යට ඇදුමටත් බදු ගහලා තමයි ඒ 82% අරගෙන තියෙන්නේ.  අපි මේ ක්‍රමය වෙනස් කරන්න ඕන. ඒ කියන්නේ සිස්ටම් චේන්ජ් කරන්න ඕන.

 ඒවගේම තමයි බදු අයකර‍ගෙන ඒ බදුවලින් මොනවද කරන්නේ කියන විනිවිදභාවයත් තියෙන්න ඔන. ඒ විනිවිදභාවයෙන් කටයුතු කිරීම ආණ්ඩුවේ  වගකීමක්. බදු අයකර ගැනීමේදී  පහුගිය ආණ්ඩු වගේම මේ ආණ්ඩුවත් කටයුතු කළොත් ජනතා විශ්වාසය නැතිවෙලා යාවි. ඔනෙම රටකට පැහැදිලි බදු ප්‍රතිපත්තියක් තියෙන්න ඔන. ඒක සාධාරණය  එකක් වෙන්න අවශ්‍යමයි.  සාධාරණ බදු ප්‍රතිපත්තියකට විරුද්ධ වෙන්න අපිට අවශ්‍ය නැහැ.

පාර්ලිමේන්තුවේ ඉන්න 225ම හොරු කියලා හිතලා බදු අයකිරීමට විරුද්ධ වෙන්න එපා. ඔබ ජන්දය දීලා පාර්ලිමේන්තු යවපු පුද්ගලයා  හොරෙක් නම් මීළඟ මැතිවරණයේදි ඔහුව පරාජය කරන්න.  හැබැයි අද දවසේ මේ බදු  පැනවීමට විරුද්ධ වෙලා රට පරාජය කරන්න එපා. 

මේ වැටුන රට අපිම එකතු වෙලා ගොඩගමු. සිස්ටම් චේන්ජ් එක බදු සංශෝධනයෙන්ම පටන් ගමු