Saturday, November 5, 2022

මහින්දගේ වශී බෝලයේ බල බිඳිලාද?




අළු මතින් නැගිටින්න කරමතින් ආපු මහින්ද වැඩේ අතෑරලා කියලා ආරංචියි.ඇත්තටම නාමල් වටේට ඉන්න දේශපාලන බබාලට ඒක නොතේරුණාට මහින්දට ඒක හොඳ තේරෙනවා ඇති.ඕකෙන් වෙන්නේ මහින්ද තව තවත් අබලන් වෙන එක විතරයි කියලා මහින්දට හිතෙනවා ඇති. ඉස්සර මහින්දට තිබුණ ජනතා ආකර්ෂණය දැන් නෑ.ඒ ජනතා ආකර්ෂණය හදන්න මහින්ද අතේ තියන වශී බෝලෙත් දැන් බල බිඳිලා වගෙයි.ඒක අතින් පිරි මැදමැද ඉන්න කියලාලුනේ තිබුනේ.දැන් ඉතින් මහින්දට වයස නිසා හරියට පිරිමැදෙන්නේ නැද්ද දන්නේ නෑ.නැත්තං කවුරු හරි වශී බෝලයේ බල බිඳෙන්න හූනියම් කරලද දන්නෙත් නෑ. 


රාජපක්ෂලා මේ සම්ම කපේදී නං ආය මේ රටේ දී නැගිට්ටවන්න බෑ. උත්සාහ කරලා වැඩකුත් නෑ.ඊට වඩා ලේසියෙන් සීවාසිලන්තයේදී හරි උගන්ඩාවේදී හරි නැගිට්ටවගන්න ලේසි වෙයි.පහුගිය දවස්වල රාජපක්ෂලාගේ ගෝලයෝ කියපු ජනප්‍රිය කතාවත් තමයි මේ අයවැයෙන් පස්සේ මහින්දගේ නායකත්වයෙන් ආණ්ඩුවක් හදනවා කියලා.ඒක සාර්ථක කරගන්නයි, නාමල් පොහොට්ටුවේ නායකයා විදිහට තහවුරු කරගන්නයි තමයි මහින්ද කරමතින් ගෙනිහින් අළු මතින් නැගිටින Program එක හැදුවේ.ඔන්න වැඩේ ලත් තැනම ලොප්.ඔයාලට මතක ඇති රටේ රාළ කිව්වා මහින්ද වැරදි වෙලාවේ පාට බැස්සේ කියලා.ඒක හරියටම හරි. ඒකෙන් රාජපක්ෂලාට ආයෙත් සමාජයේ විරෝධය වගේම පොහොට්ටුව ඇතුළේ කැකෑරෙමින් තිබුණ විරෝධයතුත් උඩට ආවා. දැන් රාජපක්ෂලාගේ උද්දච්ච කතා නිකං හීන් කෙදිරිලි බවට පත්වෙලා. නාමල් නං තවම මෝඩ කතා කියනවා.ඒ ඉතින් නොමේරූකමට වෙන්න ඕනි.දැන් ඔන්න පොහොට්ටුවෙන් තවත් යෝජනාවක් ඇවිත්. යෝජනාවකටත් වඩා ඒක Plant කරපු News එකක්.මහින්ද දේශපාලනයෙන් සමු ගන්නවාලු. 


ඒක නිසා මහින්දට ගෞරවාන්විත සමුගැනීමකට ඉඩදෙන්න ඕනිලු. ඒකට ටික දවසකට මහින්දට අගමැතිකම දෙන්න ඕනිලු. එතකොට මහින්දට හිත හොඳින් සමුගන්න පුළුවන්ලු.දැන් ඒ ගැන සාකච්ඡාවක් පොහොට්ටුව ඇතුලේ යනවාලු.පොහොට්ටුව ඇතුලේ කිව්වට රාජපක්ෂලාට තවදුරටත් දේශපාලන බැලමෙහෙවර කරන දේශපාලන භිගන්නෝ ටික අතර වෙන්න ඕනි.රටේ රාළ නං කියන්නේ මහින්දට හිත සතුටින් සමුගන්න ඕනි නං හවසට හවසට හාමුදුරුනමක් වැඩමවලා පිරිත් ටිකක් කියවන්න කියලයි.එහෙමත් නැත්තං රුවන් වැලි සෑයට හරි, දළදා මාලිගාවට හරි,ජයසිරි මහ බෝධියට හරි මල් ටිකක් පූජ කරවන්න.ඒක තමයි මහින්දට සමුදෙන්න තියන හොඳම විදිහ.හරි දැන් මහින්දව සතුටින් තියන්න කාටද ඕනි?මේ රටේ ජනතාවට මහින්ද සතුටින් තියන්න ඕනිද?තමන්ගේ අනාගතය අඳුරු කරපු මහින්දව සතුටින් තියන්න ජනතාවට ඕනිද?තමන්ගේ දරුවන්ගේ අනාගතය විනාශ කරපු මහින්දව සතුටින් තියන්න ජනතාවට ඕනිද?මේ රට බංකොලොත් කරපු මහින්ද සතුටින් තියන්න ජනතාවට ඕනිද? 


රටේ මහජන දේපල මංකොල්ල කාපු,හොරකම,තක්කඩිකම ඉහවහා ගිය මහින්දව සතුටින් තියන්න ජනතාවට ඕනිද?සුනාමි අරමුණ මංකොල්ල කාපු මහින්දව සතුටින් තියන්න මේ රටේ ජනතාවට ඕනිද?සමහරවිට ජනතාව අතර ඉන්න පිස්සෝ කීපදෙනෙකුට එහෙම උවමනවක් ඇති.හැබැයි මේ රටේ සාතිෂය බහුතර ජනතාවට එහෙම ලෙඩක් නෑ.එහෙම උවමනාවක් ශිරන්තිට ඇති.එහෙම උවමනාවක් නාමල්ට ඇති.යෝෂිතට,රෝහිතට ඇති. බැසිල්ට,ගෝඨාභය,චමල්ට ඇති.ඊට අමතරව රාජපක්ෂලාගේ දේශපාලන වහල්ලුන්ට ඇති. එයාලට එහෙම උවමනාවක් ඇතිවීම හරිම ස්වභාවිකයි වගේම හරිම සාධාරණයි.මොකද රටේ මහජන දේපල කොල්ල කකා මහින්ද ගොඩගැවිවේ පවුලේ අයටනේ.වහල්ලුන්ටත් ඒකෙන් කටුවක් දෙකක් වීසිකලානේ. ඇත්තටම මේ රටේ ජනතාවට නං ඕනි මහින්ද සතුටින් තියන්න නෙවෙයි කොහොම හරි මහින්ද ජීවතුන් අතර තියාගන්නයි ඕනි.ඒ මේ කරපු අපරාධවලට, හොරකම්වලට මහින්ද ඇතුළු සියලු දෙනා ඉක්මනින් නීතිය හමුවට ගෙනත් රටට සහ ජනතාවට සාධාරණය ඉෂ්ඨ කරගන්න.එතකන් මහින්ද සතුටින් හිටියත් එකයි නැතත් එකයි. කොහොම හරි ඉන්න තමයි ඕනි. 


මේ රටේ ජනතාවට මහින්ද සතුටින් තියන්නවත්,මහින්දගේ සතුට වෙනුවෙන් මහින්ද අගමැති කරන්නවත් ඕනි නෑ.හැබැයි මෙතනදී රාජපක්ෂලාට එකක් කියන්න ඕනි.ආයෙත් මහින්ද අගමැති උනොත් ඒ මොහොතේම මේ රටේ තවත් ජනතා නැගිටීමක් ඇති වෙනවා.ජූලි 09 වෙනිදාට වඩා එහා ගිය ජනතා නැගිටීමක් ඇති වෙනවා.තවමත් මහින්දව ගෙනත් කොතනක හරි හිටවලා තිබ්බම ජනතා ආකර්ෂණය ගන්න පුළුවන් කියන සිතුවිල්ලත් දැන් පිස්සුවක්. නාමල්ට තාත්තා පෙන්නලා ගොඩයන්න තිබුණ කාලේ දැන් ඉවරයි.ඊට වැඩිය හොඳයි මැදමුලන ඉස්සරහා ලේන්සුවක් බිම එලාගෙන ඉදගෙන හිටියා නම්.මේ සියල්ලෙන්ම අපට තේරුම් ගන්න තියෙන්නේ එකම එක දෙයයි.ඒ තමයි පොහොට්ටුවේ ගමන අවසානයි කියලයි.රාජපක්ෂලාගේ උද්දච්ච,වැඩවසම් දේශපාලනය ඉවරයි.පහුගිය දවසක පොහොට්ටුවේ 06 වෙනි සංවත්සරය යෙදිලා තිබුණා.ඒකත් ඒක්ක පොහොට්ටුවේ මළගමත් සටහන් උනා.අපිටත් කියන්න තියෙන්නේ නිවන් සැප ලැබේවා කියලා තමයි.මතු උපදින ආත්මයකදීවත් මෙවන් අකල් මරණවලට ගොදුරු නොවේවා කියලා රටේ රාළත් ප්‍රාර්ථනා කරනවා. 


ඊළගට අවුරුද්දේ දානය එන බවත් මතක තියාගත්තට කමක් නෑ.දැන් පොහොටුවක් නෑ.තියෙන්නේ.ඒ කෑලි හයක්.ඒ හයටත් නායකයෝ හයක් ඉන්නවා.ඊළගට පොහොට්ටුවේ ඉන්න බැසිල්වාදීන් කීපදෙනා ආයෙත් බැසිල්ව ගේන්න ට්‍රයි කරනවා කියලා ආරංචියි.බැසිල් ගේන්නේ ජනතාව අතරට යන්න නෙවෙයිනේ.මහින්දට ජනතාව අතරට යන්න බැරි නම් බැසිල්ට කොහොමවත් යන්න බෑනේ.කට්ටිය බැසිල් ගේන්න හදන්නේ වෙන මොකකටවත් නෙවෙයි.තවත් තිරය පිටිපස්සේ කුමන්ත්‍රණයකට. බැසිල්ට ඒවා නං පුළුවන් කියලා රටේ රාළත් පිලිගන්නවා.ඒත් දැන් රටේ ඡනතාව දන්නවා ගොනා හැරෙන්නේ පැලේ කන්න කියලා. පහුගිය දවසක ඔයාලත් දකින්න ඇති පෙරළලා දාපු ඩී.ඒ රාජපක්ෂලා පිළිරුව ආයෙත් කෙලින් කලා කියලා ලොකු ප්‍රචාරයක් දුන්නා. කමක් නෑ.තමන්ගේ දෙමව්පියන් අනුස්මරණය කරලා පින්කම් කරන්න,සොහොන් කොත් හදන්න,ප්‍රතිමා හදන්න දරුවන්ට අයිතියක් තියෙනවා.ඒකට රටේ රාළ කවදාවත් අභියෝග කරන්නේ නෑ. හැබැයි ඒවා කරන්න ඕනි තමන්ගේ පෞද්ගලික සල්ලිවලින්.ගෝඨාභය මව්පිය සොහොන් කොත් හැදුවේ කොහොම කියලා රටම දන්නවා. 


ගෝඨාභය ඒකට වියදම් කළේ මහජන මුදල්.ගෝඨාභය ඒක අධිකරණයේදී පිලිගත්තා.මේ පාර වැටිලා තිබුණ එකත් කෙලින් කරන්න වියදම් කළේ ජනතාවගෙන් හොරාකාපු සල්ලිද කියලා අහන්න මේ රටේ ජනතාවට අයිතියක් තියනවා.දැන් නං මොන ප්‍රතිමා කෙලින් කරගෙන ආවත් බෑ.ප්‍රතිමා නෙවෙයි මහින්ද බුදු හාමුදුරුවන්ගෙත් නෑයෙක් කියලනේ ඒ කාලේ කිව්වේ. ගෝඨාභය බුදු වෙන්ඩ පෙරුම්පුරන බෝධිසත්වයෙක් කියලා සමහර උන්නාන්සෙලත් කිව්වනේ.ඒක නිසා රටේ රාළ මහින්දට කියන්නේ දෙයියන්ගේ නාමයෙන් ගෙදර යන්න.ගිහින් යන තැනකට පිනක් දහමක් කරගන්න.තවත් මේ රටට වධ දෙන්න එපා.නිකං හිතන්නකෝ මහින්දට ගෞරවාන්විත සමුදීමක් දෙන්න මහින්ද ආයෙත් අගමැති කලා කියලා.ඒකෙන් මේ රටට වෙන යහපත මොකද්ද?මහින්ද ආයෙත් පරණ සෙල්ලම පටන් ගන්නේ නැද්ද?යන යකා කොරහත් බිඳගෙන යනවා කියලා කතාවක් තියෙනවානේ.මේ යකා නැති කරපු රට මැරියානා අගාධය වගේ ලෝකේ ලොකුම අගාධයට ඇදලා දාලා තමයි යන්නේ. 


මහින්ද දන්නවා එයාලා අතින් පොහොට්ටුවේ බලය ගිලිහුණේ කොතැනින්ද කියලා.ඒ තමයි අගමැතිකම පොහොට්ටුවේ කෙනෙකුටම නොදී දිනේෂ්ට දුන්න එක.දිනේෂ් මොකටද අනේ පොහොට්ටුව ශක්තිමත් කරන්නේ. අනික දිනේෂ්ට එහෙම හැකියාවකුත් නෑ.හැකියාවක් තිබුණත් දිනේෂ් ඒක කරන්නෙත් නෑ.එහෙනම් දිනේෂ් තමන්ගේ පක්ෂය මහජන එක්සත් පෙරමුණ ශක්තිමත් කරන්න එපායෑ.මිනිහා මහජන එක්සත් පෙරමුණ ශක්තිමත් කරන්නෙත් නෑ.දිනේෂ් ශක්තිමත් කරන්නේ යදාමිනීව.ඒ කියන්නේ පුතාව.දැන් මහජන එක්සත් පෙරමුණ යදාමිනි මත යැපෙන පක්ෂයක් කරලා ඉවරයි. රාජපක්ෂලා ශ්‍රිලනිපය කඩලා පවුලට පක්ෂයක් හැදුවා වගේ දිනේෂුත් මහජන එක්සත් පෙරමුණ එයාලට සින්න කර ගත්තා.නැත්තං තාත්තා ඡන්දෙන් ඇවිත් පුතා ජාතික ලයිස්තුවෙන් දායිද ලැජ්ජාවක් තියනවා නම්.ඇත්තටම පුදුම ලැජ්ජා නැති දේශපාලුවෝ තමයි මේ රටේ ඉන්නේ.ඒක වෙනම කතාවක්.ඒත් රාජපක්ෂලා දිනේෂ් අගමැති කිරීමෙන් වැඩේ වරද්ද ගත්තා.හැබැයි ඒ වෙලාවේ රාජපක්ෂලාට වෙන කරන්න දෙයක් තිබුණේ නෑ.රටෙන් ආපු විරෝධය ඉස්සරහා රාජපක්ෂ කෙනෙක් අගමැති කරන්න බෑ. 


පොහොට්ටුවේ වෙන කෙනෙක් අගමැති කලොත් මිනිහා පොහොට්ටුවේ නායකයා වෙන එක නවත්තන්න බෑ.ඩලස් ලෑස්ති වුනේ ඒ වැඩේට.හැබැයි ටක් ගාලා රාජපක්ෂලා ඩලස්ගේ දේශපාලනය පොහොට්ටුව ඇතුළේ අවසන් කළා. ඩලස් නැතිව වෙනකෙකුට දුන්නත් ඔයදේ වෙනවා.බලය අතාරින්න කිසිකෙනෙක් අකමැති බව රාජපක්ෂලාට ඉතින් උදාහරණ කියන්න ඕනිද?ඒකට එයාලා තරම් හොඳ උදාහරණ තියනවද?වෙන කාටහරි ඒ අවස්ථාව දීලා නාමල්ගේ අනාගත විනාශ කරගන්න ඕනි නෑ කියලා රාජපක්ෂලා ඒ වෙලාවේ හිතුවා.ඒකත් එක්ක උනේ පොහොට්ටුවේ ආණ්ඩුවක් ඇතුලේ ජනාධිපති රනිල් වෙද්දී දිනේෂ් අගමැති වීමයි.දෙන්නම පොහොට්ටුවේ නෙවෙයි.දිනේෂ් කෙසේ වෙතත් දැන් රනිල් බලය අතහරින්න කැමති නෑ.ඒ වගේම රනිල් රාජපක්ෂලා අතට බලය Hand Over කරන්න කැමතිත් නෑ. රනිල් රාජපක්ෂලා බලාහිටිද්දී පොහොට්ටුවේ බලය ඇල්ලුවා. පොහොට්ටුවේ සහ රාජපක්ෂලාගේ දේශපාලන අවසන් කරන්න ගහන්න ඕනි කොතෙන්ටද කියලා රනිල්ට හරියටම තක්සේරුව කළා. ඒකට ගහන්න ඕනි මහින්දට නෙවෙයි.මහින්දට ගහන එක පාඩුයි. 


ගෝඨාභයට ජනතාව ගහලා එලවලා නිසා ඒ ප්‍රශ්නයත් ඉවරයි. ඇත්තටම රාජපක්ෂලාගේ දේශපාලන වට්ටන්න ගහන්න ඕනි බැසිල්ට.බැසිල් තමයි තක්කඩි රාජපක්ෂවාදයේ මහ මොළකාරයා. බැසිල්ට සාපේක්ෂව නාමල් සූපින් කෑල්ලක් විතරයි.රනිල් හරියටම තෝරලා මහ මොළකරුටම ගැහුවා. වැටෙන්නම ගැහුවා.ඒකත් එක්ක සියලු රාජපක්ෂලා දැන් වැටිලා ඉවරයි.ඔක්කොම අවලංගු කාසිවගේ.පොඩි හරි වටිනාකමක් තිබුන මහින්දත් දැන් කල් ඉකුත් වෙලා.දැන් මහින්දගේ තියෙන්නේ ඇන්ටික් Value එකක් විතරයි. මහින්දගේ බලය දැන් ඉවරයි.ඒ කියන්නේ මහින්දට තිබුණ ජනතා ආකර්ෂණය දැන් නෑ.මහින්දට ජනතා ආකර්ෂණය හැදුවා කියන වශී බෝලයෙත් දැන්  බල බිඳිලා. මහින්ද සහ වශී බෝලය ජනතා සාපය නැමති කිල්ලට අහුවෙලා. 


හරි එහෙනම් ගිහින් එන්නම්.

ජයවේවා. 


මීට

රටේ රාළට.

Tuesday, November 1, 2022

සංචාරක කර්මාන්තයේ නව පිබිදීමක් - නව ගුවන් සේවා රැසක් මේ මාසයේ සිට ශ්‍රී ලංකාවට

 



 

මෙරට සංචාරක  ක්ෂේත්‍රයේ නව බලාපොරොත්තු ඇති කරමින් නව ගුවන් සේවා රැසක් මේ මාසයේ සිට ශ්‍රී ලංකාවට ගමන්කිරීම ආරම්භ කර ඇත. මේහරහා මෙරටට පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය වැඩිවනු ඇත. එලෙස පැමිණෙන නව  ගුවන් සේවා වන්නේ ,

ස්විස්ටර්ලන්තයේ - ඒඩල්වයිස් (EdelWeiss)

ප්‍රංශයේ  - එයාර් ෆ්‍රාන්ස් (Airfrance)

නෙදර්ලන්තයේ - LKM

රුසියාවේ - අසූර් එයා (azurair)

 

 

Saturday, October 29, 2022

මෛත්‍රීගේ තවත් ගේමක්

 මෛත්‍රිපාලගේ නිල නිවසේ තිබූ ජනාධිපති මාධ්‍ය ඒකකයට අරන් ගිය කෝටි තුනහමාරක ලැප්ටොප්-අයිපෑඩ්-මැක් බුක්-ජංගම දුරකතන අතුරුදන්! කිසිම විමර්ශනයක් කරලා නෑ!


ජනාධිපති මන්දිරයේ හා ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය අංශය සතුව තිබූ කෝටි ගණනාවක් වටිනා භාණ්ඩ රැසක් 2018 -20 කාලය තුළ අස්ථාන ගතව ඇතැයි විගණන වාර්තාවකින් අනාවරණය වේ.


ජනාධිපති මන්දිරයේ ගබඩා බාරකරුගෙන් ලද තොරතුරු අනුව විගණනයේ සඳහන් කර ඇති පරිදි ජනාධිපති මන්දිරයේ පැවති ඉන්වෙන්ට්‍රි අයිතම 12ට අයත් භාණ්ඩ 24ක් මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවසට රැගෙන ගොස් ඇතත් ඒවා සම්බන්ධයෙන් අදාළ පොත් පත්වලට කිසිදු සටහනක් ඇතුළත්ව නැත.


ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් 2019 නොවැම්බර් 18 වැනිදා කරන ලද දැනම් දීමකට අනුව ජනාධිපති මන්දිරයේ ගබඩා භාරකරු කළ සොයා බැලීමකදී එහි නව ගොඩනැගිල්ලේ තිබු ඉන්වෙන්ට්‍රිගත අයිතම 35කට අයත් භාණ්ඩ 61ක් සොයගත නොහැකි වි ඇති අතර ඒ සම්බන්ධයෙන් 2022 මාර්තු දක්වා කිසිදු විමර්ශනයක්ද සිදුකර නැත.


මෙම විගණන වාර්තාවට අනුව ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය අංශය ඒකක 2019 දක්වා පවත්වාගෙන ගොස් තිබෙන්නේ ඒකක හතරක් යටතේය. එහෙත් 2019 නොවැම්බර් මාසයේ මාධ්‍ය අංශය ආරම්භ කර තිබෙන්නේ නව මාධ්‍ය අංශය යන නාමය යටතේ වන අතර එයට භාරගත් භාණ්ඩ පිළිබඳවද නිසි ලේඛනයක් පවත්වාගෙන ගොස් නැත.


මාධ්‍ය අංශයේ භාණ්ඩ සම්බන්ධයෙන් ඉංජිනේරුවන් විසින් ජනාධිපති ලේකම් වෙත යොමුකරන ලද වාර්තාවකට අනුව එම ඒකකය සතුව තිබු රුපියල් කෝටි තුනහමාරකට ආසන්න වටිනාකමින් (3,41,89,688) යුත් භාණ්ඩ රැසක් අස්ථානගතව ඇතැයිද එම විගණන වාර්තාවේ සඳහන් වේ.


එම වාර්තාවට අනුව අස්ථාන ගත වු භාණ්ඩ වලට 2015 සිට 2020 ජනවාරි දක්වා කාලය තුළ මාධ්‍ය අංශය වෙත ලැබුණ 1,77,86,325 විටනා ලැප්ටොප් හා මැක් බුක් එයාර් වර්ගයේ පරිඝනක 78ක්ද 1,03,80,423ක් වටිනා ඩෙක්ස්ටොප් පරිඝනක 52ක් අතරින් 48ක්ද මාධ්‍ය අංශයේ නිලධාරීන්ට නිකුත් කරන ලද රුපියල් 34,70,742ක් වටිනා ජංගම දුරකථන හා අයිපෑඩ් 45ක් අතරින් 28ක්ද ඇතුළත් වේ.


මාධ්‍ය අංශයේ නිලධාරින් වෙත ලබාදුන් ජංගම දුකරථන හා අයිපෑඩ් 45න් ආපසු ලබාදී තිබු ජංගම දුරකථන 14 කින් නවයක්ද අය්පෑඩ් තුනෙක් දෙකක්ද අක්‍රීය බවද එම වාර්තාවේ සඳහන් වේ.


මීට අමතරව කතරතම ජනාධිපති මන්දිරයේ අයිතම 12කට අයත් භාණ්ඩද අනුරාධපුර ජනාධිපති මන්දිරයේ රූපවාහිනි යන්ත්‍ර දෙකක්ද අස්ථාන ගතව ඇතැයිද එම වාර්තාවේ සඳහන් වේ.


මේ කිසිදු භාණ්ඩයක් සම්බන්ධයෙන් 2022 මාර්තු 25 වන විටත් කිසිදු විමර්ශනයක් සිදුකර ඇති බවද විගණනයට වාර්තා නොවුන බවද එම වාර්තාවේ සඳහන් වේ.



Thursday, October 27, 2022

සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ට අද සිට විශේෂ ණය පහසුකමක්

 



රටේ නිෂ්පාදනය වැඩි කරන්න සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ට 12% අවම පොලියට අද සිට විශේෂ ණය පහසුකමක් රජය විසින් ලබාදී තිබෙනවා.

ඒ අනුව මාස 06 ක සහන කාලයක් සහිතව වසර 03 න් ගෙවා අවසන් වන පරිදි රුපියල් මිලියන 10 ක් දක්වා ණය ලබා ගැනීමට රාජ්‍ය සහ පෞද්ගලික බැංකු 08 කින් පහසුකම් ලබාදී තිබෙන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරනවා.

මේ වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුව (ADB)  ඇමරිකානු ඩොලර් මිලියන 13.5 ක් මෙම බැංකු 08 වෙත බෙදාහැර තිබෙනවා.


Wednesday, October 26, 2022

පළාත් පාලන ආයතනයක් විසින් සිදුකරන විශාලතම ව්‍යපෘතිය අර්බුදයක ද?

 



 ජනතාව වෙනුවෙන් පවතින රාජ්‍ය ආයතන මගින් ව්‍යාපෘති සිදුකිරීමේදී ජනතාවගේ කටයුතු පහසු කිරීම සඳහා ව්‍යාපෘති සිදුකළ යුතුවේ. එසේ උවද රටතුළ සිදුකර ඇති බොහොමයක් ව්‍යාපෘති දෙස බැලු කළ එය එසේ නොවන බව පැහැදිලි කිරීමට වැඩි වෙහෙසක් ගතයුතු නොවේ. බොහොමයක් ව්‍යාපෘති අසාර්ථක ව්‍යාපෘති බවට පත්ව ඇත්තේ මහජන මුදල් ද විශාල වශයෙන් පුලුස්සා දමමින්ය. එබැවින් මහා පරිමාණ ව්‍යාපෘති සිදුකිරීමේ දී ජනතාවගේ ආයතන ලෙස කටයුතු කරන රාජ්‍ය ආයතන දැඩිලෙස සැලකිලිමත් විය යුතුය.
මෙය මධ්‍යම රජයේ ආයතනයක් වේවා පළාත් සභා හෝ පළාත් පාලන ආයතන වේවා මේ සියල්ලටම පොදු කාරණයක් ය. මේ අතර මෙරට පළාත් පාලන ආයතනයක් විසින් සිදුකරන විශාලතම ව්‍යපෘතිය ලෙස දැනට හදුනාගෙන ඇති බහුකාර්ය ගොඩනැගිල්ලක් ඉදිකිරීම කුලියාපිටිය නගර සභාව මගින් සිදුකරමින් පවතින අතර සැලසුම් කළ පරිදි එය මෙතෙක් අවසන් කරගැනීමට නොහැකි වීමේ අර්බුදයකට එම නගර සභාව පත්ව සිටියි.


  කුලියාපිටිය සිටි සෙන්ටර් (KULIYAPITIYA CITY CENTER)


 සුවපත් ජීවිතයක් - අලංකාර නගරයක් තේමාව  මුල්කරගනිමින් කුලියාපිටිය නගර සභාව විසින් ක්‍රියාත්මක කරනු ලබන විශාලතම ව්‍යාපෘතිය ලෙස රුපියල් මිලියන 1089 ක වියදමින් මෙම  පොදු වෙළඳපල හා බහුකාර්ය ගොඩනැගිල්ල ව්‍යාපෘතිය ඉදිකිරීම් 2020 වර්ෂයේ ආරම්භ කර ඇත.

කුලියාපිටිය නගර මධ්‍යයේ ඉදිකෙරෙමින් පවතින මෙම ගොඩනැගිල්ල මේ වසරේ (2022) අප්‍රේල් මාසයේදී ඉදිකිරීම් අවසන් කර විවෘත කිරීමට නියමිතව තිබුණ ද මේ වනතෙක් එහි ඉදිකිරීම් අවසන් කර ගැනීමට ඉදිකිරීම් කරන සමාගමට නොහැකි වී තිබේ. මේවනවිට සිදුකර ඇත්තේ එම ව්‍යෘපෘතියෙන් 75% ක පමණ ප්‍රමාණයකි.

ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතනයක් විසින් තම අරමුදල් යොදවා සිදුකරන විශාලතම ව්‍යාපෘතිය ලෙස මෙම ව්‍යාපෘතිය සුවිශේෂී වේ. මේ සඳහා මධ්‍යම රජයේ අරමුදල් ලබාදී නොමැති අතර කුලියාපිටිය නගර සභාවේ අරමුදල් සහ දේශීය ණය සංවර්ධන අරමුදල මගින් ලබාගෙන ඇති ණය පහසුකමක් මත ව්‍යාපෘතිය ආරම්භකර ඇත.

ඉදිකෙරෙමින් පවතින කුලියාපිටිය සිටි සෙන්ටර් ගොඩනැගිල්ල  භුගත මහල ද සහිතව මහල් හතකින් සමන්විත ගොඩනැගිල්ලකි.  භුගත වාහන අංගනයක් සහ බිම් මහල තුළ කඩ කාමර 51  ක්  ද පළමු මහලෙහි කඩ කාමර 17 ක් ද ඉදිකිරීමට සැලසුම් කර ඇත.  දෙවන මහලෙහි සිනමා ශාලා 02 ක්  කායවර්ධන මධ්‍යස්ථානයක්  රූපලාවණ්‍යාගාරයක්  ක්‍රීඩා කලාපයක් ආහාරපාන අලෙවිසැල් 08 ක් ළමා ක්‍රීඩාංගනයක් ඉදිකෙරේ.  තුන්වැනි මහලේ උත්සව ශාලා 02 ක් හා ආපහන ශාලාවක් සහිත විවෘත ඉහළ මහලකින් සමත්විත වන ලෙස ඉදිකිරීමට සැලසුම් කර තිබේ. එමෙන්ම   සුපිරි වෙළඳපල පරිශ්‍රයක ලෙස ඉදිකිරීම්ට  නවීන සෝපාන සහ විදුලි පාපුවරු ආදිය යොදා ගැනීමටද හරිත සංකල්පයට අනුගමනය කරමන් මෙහි අපජල පිරිපහදු ඒකකයක් මෙන්ම ලීටර 10 000 ක ධාරිතාවයකින් යුතු වැසි ජල රඳවනයක් ඉදිකිරිමටද සැලසුම්කර තිබේ. එමෙන්ම විදුලිය ලබාගැනීම සඳහා සුර්ය පැනල සහ LED විදුලි පහන් භාවිතා කිරීමටද සැලසුම් කර තිබේ.


 

අර්බුදකාරී තත්වය

 නගර සභාවේ අරමුදල් සහ ලබාගත් ණය පහසුකම් මත මෙම ගොඩනැගිල්ල  ඉදිකිරීමට නගර සභාව යොමුව ඇති අතර නියමිත කාලයට එය අවසන් කර ගැනීමට නොහැකිවීම තුළ නගර සභාවේ කටයුතු සඳහා අරමුදල් සපයා ගැනීමේ දුෂ්කරතාවයකට මේවනවිට නගර සභාව මුහුණ දී ඇත. නියමිත කාලය අවසන් කිරීමෙන් පසුව එම ගොඩනැගිල්ලෙන් ලැබෙන ආදායම යොදාවා ගනිමින් නගර සභාවේ කටයුතු සිදුකිරමට සැලසුම් කර තිබුණද  සැලසුම් කළ පරිදි ව්‍යාපෘතිය අවසන් කරගැනීමට නොහැකිවීම තුළ යම් දුෂ්කරතාවයන්ට පත්ව ඇති බව පිළිගන්නා බව නගර සභාවේ ලේකම් එච් එම් පී කේ හේරත් මහතා සඳහන් කළේය.

එමෙන්ම මෙම ඉදිකිරීම ආරම්භ කළ අවස්ථාවේ කොවිඩ් වසංගතයට මුහුණ දීම හේතුවෙන් රට වසාතැබීමේදී දුෂ්කරතාවයන්ට ලක්වීම නිසාද රටේ පැවති අර්බුද තත්වයන් නිසා මෙන්ම ඉදිකිරීම් ද්‍රව්‍ය අසීමිතව මිල ඉහළ යාම හේතුවෙන් කටයුතු කරගෙන යාම දුෂ්කර වු බව ඉදිකිරීම් කරන සමාගම  වරින්වර දැන්වු බවද හෙතෙම සඳහන් කළේය.

කෙසේවෙතත් මේ හේතුවෙන් නගර සභාව රුස්වී ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව අවසන් කිරීමේ කාලය අවස්ථා දෙකකදී දීර්ඝ කිරීමට කටයුතු කර ඇති අතර එම දීර්ඝ කිරීමේ කාලයද මෙම ඔක්තෝම්බර් මාසයෙන් අවසන් වී ඇත.

ගොඩනැගිල්ලේ ඉදිකිරීම් වලින් මේවනවිට 75% ක ප්‍රමාණයක් අවසන් කර ඇති අතර එසේ උවද ව්‍යාපෘතිය සම්පුර්ණයෙන් අවසන්කර ලබාදෙන දිනයක් ඉදිකිරීම් සමාගම මෙතෙක් සභාවට දැනුම්දී නොමැත. ඒ අතරම දේශීය ණය සහ සංවර්ධන අරමුදලින් සභාව ලබාගෙන ඇති ණය මුදල ද මෙවනවිට අවසන් වී ඇති අතර සභාවේ ස්ථීර තැන්පත් මුදල් ද මේ සඳහා යොදවා තිබේ. මේ හේතුවෙන් සභාව මේවනවිට මුල්‍ය අර්බුදයකට මුහුණ දීමට සිදුව ඇත.

                      



විගණන විමසුමක්

 කුලියාපිටිය නව පොදු වෙළඳපල හා බහු කාර්ය ගොඩනැගිල්ල ඉදිකිරීම සම්බන්ධයෙන් විගණන විමසුමක්ද සිදුව ඇති අතර මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් නගර සභාව විසින් ශක්‍යතා අධ්‍යනයක් සිදුකර නොමැති අතර ව්‍යාපෘති වාර්තාව පමණක් පිළියෙල කර ඇති බව එහිදී හදුනාගෙන තිබේ. එමෙන්ම මෙම ව්‍යාපෘතියේ ඉංජිනේරු ඇස්තමේන්තු මිල රුපියල් මිලියන 996 ක් ලෙස සඳහන් ව තිබුණද කොන්ත්‍රාත් අත්සන් කිරීමේ ගිවිසුමේ එහි මිල රුපියල් මිලියන 1089 ලෙස සඳහන් වීමද විගණනයේදී අවධානට ලක්ව තිබේ. එමෙන්ම මෙම ව්‍යාපෘතියේ මිල විචලනයන මෙන්ම ගෙවීම් සිදුකිරීමේ කාර්ය පටිපාටිය අනුගමනය කර නොතිබු අවස්ථා කිහිපයක්ම විගණනය මඟින් හදුනාගෙන ඇත.



                                             බහුකාර්ය ගොඩනැගිල්ල සම්බන්ධයෙන් වු  දැන්වීමක්

  

බහු කාර්ය ගොඩනැගිල්ල වෙනුවෙන්ම විශේෂ මහා සභාවක්

  මහා පරිමාණ ව්‍යාපෘතියක් හේතුවෙන් සභාව මේවනවිට අර්බුදයකට ලක්ව සිටින බැවින් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර කඩිනම් තීරණ ගැනීමට කුලියාපිටිය නගර සභාව මෙමස 07 දා විශේෂ මහා සභාවක් ලෙස රැස්විය. කොවිඩ් වසංගතය  හේතුවෙන් ඉදිකිරීමේ ගිවිසුම් කාලය දීර්ඝ කිරීම මත මේවනවිට විශාල මුදල් ප්‍රමාණයක් ණයට ගැනීමට සිදුව ඇති බවත් එය නගර සභාවට අවාසි සහගත තත්වයක් බවත් නගර සභාව මෙහිදී හදුනාගත්තේය.

තවදුරටත් අවාසි සිදු නොවීමට නම් මෙම ගොඩනැගිල්ලේ මහල් කිහිපයක් කඩිනමින් විවෘත කර එමගින් ලැබෙන ආදායම් යොදවා ඉතිරි වැඩකටයුතු සිදුකළ යුතු බවටද සභාව මගින් යෝජනා සම්මත විය. ඒ අනුව පොදු වෙළඳපල හා බහුකාර්ය ගොඩනැගිල්ලේ බාහිර සියලු වැඩ උද්‍යාණ අලංකරණ කටයුතු මේ වසරේ දෙසැම්බර් 31 ට පෙර අවසන් කිරීමටත් ගොඩනැගිල්ලේ ඉතිරි සියලු කටයුතු 2023 වර්ෂයේ මාර්තු මාසය වන විට අවසන් කිරීමටත් යෝජනාවක් සභාපතිවරයා ගෙන ආ අතර ඒසඳහා සභාවේ අනුමැතිය හිමිවිය.

 

නව සංශෝධිත ඇස්තමේන්තුවක්

 ද්‍රව්‍ය මිල ඉහළ යාම සහ සේවා ලබාගැනීමේ දුෂ්කරතා ආදිය සලකා ගොඩනැගිල්ලේ ඉදිකිරීම පිළිබඳ නව සංශෝධිත ඇස්තමේන්තුවක් සකස් කිරීමට කටයුතු කර ඇති අතර එමගින් 120% ක පමණ මිල වැඩිවීමක් සිදුවී ඇත. කෙසේ උවද එම ඇස්තමේන්තුව සභාවට ඉදිපත් නොවීමද ගැටලු සහගතය. මිල ගණන් වැඩි වු ද්‍රව්‍ය සහ මිල වැඩිකිරීම් කර ඇත්තේ කෙසේද යන්න පිළිබඳ සභාව දැනුවත් වී නොතිබීමද මේ සම්බන්ධයෙන් ගැටලුකාරී තත්වයක් මතුකර ඇත.

එමෙන්ම මෙම ගොඩනැගිල්ල නියමිත කාලසීමාවේදී විවෘත කළේ නම් සැලකිය යුතු ආදායමක් නගර සභාවට ලබාගැනීමට අවස්ථාව තිබු අතර මේවනවිට එම ආදායම් අහිමී වී ඇත. ඉදිරි කටයුතු සැලසුම් කිරීමේදී නගර සභාව මෙවැනි තත්වයන් පිළිබඳ අවධානය යොමුකළ යුතුව ඇත . මන්දයත් මේ සියලු මුදල් මහජනතාවගේ බදු මුදලින් ගෙවීමට සිදුවන බැවිනි.

 

සභාපතිගේ යෝජනාව

 කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කුලියාපිටිය නගර සභාවේ සභාපතිවරයා පැවසුයේ මෙම ව්‍යෘපෘතිය කඩිනමින් සාර්ථක කරගැනීමට හැකි උවහොත් නගර සභාව වෙනුවෙන් ජනතාවගෙන් අයකරන වරිපනම් බදු විශාල ප්‍රමාණයකින් අඩුකිරීමට තමා කටයුතු කරන බවයි. සභාපති ලක්ෂ්මන් අදිකාරී මහතා ඒ සම්බන්ධයෙන් පැවසුයේ මෙසේය,

“ සාප්පු සංකීරණය විවෘත කිරීම දින නියමයක් නොමැතිව ඉදිරියට ඇදෙමින් තියෙනවා. නමුත් අපි ලබන වසරේ ජනවාරි වෙද්දි පළමු මහල් දෙක විවෘත කරන්න සැලසුම් කරගෙන තිබෙනවා.  නගර සභාවේ ආදායම වැඩිකරගැනීමට අවශ්‍යව තිබෙනවා . ඒ නිසා අපි එය අනිවාර්යෙන් එය සිදුකරන්න කටයුතු කරනවා. ඒවගේම නගර සභා සාප්පු සංකීරණයේ සියලු කටයුතු විගණනයට යටත් කරන්න අපි සැලසුම් කර තිබෙනවා. කොහොමඋනත් මේ ප්‍රමාදය අපේ ප්‍රමාදයක් නෙවෙයි. කොන්ත්‍රාත් සමාගමේ ප්‍රමාදයක්. ඒ නිසා අපි ඉදිරියේදී මේ ප්‍රමාද ගාස්තු අයකිරගැනීමටත් අදහස් කරගෙන ඉන්නවා. මේ සාප්සු සංකීරණය සාර්ථක වෙන්න තිබුණු ව්‍යාපෘතියක්. එය ක්‍රියාත්මක කිරීම තරමක් පසුවෙලා තිබෙනවා මිස අසාර්ථක වෙලා නැහැ. මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා සමඟම මගේ තවත් අදහසක් තිබෙනවා. එය ලංකාවේ මෙතෙක් කොහෙවත්ම ක්‍රියාත්මක වෙලා නැහැ. ඒ තමයි මේ ව්‍යාපෘතියේ ආදායම ලබාගන්නා විට ජනතාවගේ වරිපනම් බද්ධ විශාල ලෙස අඩු කරන්න මම සැලසුම්කරගෙන ඉන්නවා. ජනතාවට සහනයක් දෙන්න අපි සැලසුම්කරගෙන යනවා යැයි හෙතෙම පැවසීය.

කුලියාපිටිය නගර සභාව මේවනවිට ගෘහස්ත ඒකක වලින් 5% ක වරිපනම්  බදු අයකිරීමක් සිදුකරන අතර ව්‍යාපාරික ඒකක වලින් 7% ක බදු අයකිරීමක් සිදුකරයි. ඒ අනුව වාර්ෂික බදු ආදායම ලෙස රුපියල් 28,742,226 ක මුදලක් නගර සභාව ලබාගන්නා අතර මුල් අදියරේ බදු අඩුකිරීමේදී ගෘහස්ත 3% ක් ව්‍යාපාරික 5% දක්වා බදු අඩුකිරීමට සභාපතිවරයා සැලසුම්කර තිබේ. ජනතාවගේ මානයේ සිට බලනවිට බදු බර අඩුකිරීමට සැලසුම් කිරීම ඉතා විශිෂ්ට ක්‍රියාවකි. මන්ද යත් මේවනවිට  රටේ සම්ස්ත බදු බර ක්‍රමයෙන් වැඩිවෙමින් පවතින අතර  එය ජනතාවට දරාගැනීමට නොහැකි මට්ටමට පැමිණ ඇති බැවිනි. එසේ උවද නව ව්‍යාපෘතිය මගින් ලබාගැනීමට අපේක්ෂිත ආදායම සම්බන්ධයෙන් මෙතෙක් නිසිලෙස සැලසුම්කර හෝ ගණනන් බලා නොමැති බවද ඒ සම්බන්ධයෙන් විමසීමේදී සභාපතිවරයා කීවේය.

කෙසේවෙතත් මහජන බදු මුදලින් ක්‍රියාත්මක වන මෙවැනි ව්‍යෘපෘති මගින් උපරිම මහජන සුබ සිද්ධිය උදෙසා ක්‍රියාත්මක කිරීමට යොමුවීම යුගයේ අත්‍යවශ්‍ය කාරණයක් වී ඇත.

 

 

සටහන  - චාමර සම්පත්

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Tuesday, October 25, 2022

සුද්දන්ගේ ලොක්කා වූ ඉන්දියානුවා - සහන් තෙන්නකෝන්




මහා බ්‍රිතාන්‍යයේ අගමැතිවරයා සැලකෙන්නේ එරට දේශපාලන විධායකය ලෙසයි.ව්‍යවස්ථානුකූල කිරීටය එරට රාජ්‍ය නායකත්වය, නැතිනම් නාමික විධායකය ලෙස කටයුතු කරයි. මහා බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධූරය එදා පටන්ම ගෝලීය දේශපාලනය තුළ කීර්තිමත් තනතුරක් ලෙස පිළිගැනීමට ලක්වන අතර බොහෝ බැරෑරුම් අවස්ථාවන්හිදී ලෝකයට නායකත්වය සැපයීමට එම ධූරය දැරූ ඇතැමුන්ට සිදුවිය. එහෙව් තනතුරකට පත්වූ පළමු ආසියාතික සම්භවයක් ඇති පුද්ගලයා බවට පත්වීමට මීට සුළු වේලාවකට පෙර ඉන්දියානු සම්භවයක් සහිත රිෂී සුනාක්ට හැකිවිය.


කොන්සවේටිව් පක්ෂය විසින් 21 සියවසයට දායාද කරනු ලැබූ පස්වන අගමැතිවරයා ලෙසයි ඔහු සැලකෙන්නේ. ඉකුත් පක්ෂ නායකත්ව සටනේ තම ප්‍රතිවාදියා වූ හිටපු අගමැති ලිස් ට්‍රස්ගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ අගමැති ධූරයට ඔහු පත්වන්නේ මහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සභා නායිකාව වූ පෙනී මෝර්ඩන්ට් පරාජයට පත්කරමිනි.


හිටපු අගමැති ලිස් ට්‍රස් විසින් ඉදිරිපත් කරන ලද අන්තර්වාර අයවැය සහ ඇයගේ ඇතැම් අමනෝඥ ආර්ථික ප්‍රතිපත්ති විසින් තීව්‍ර කරන ලද උග්‍ර ආර්ථික අර්බුදය සමනය කිරීමත්, දැඩි ලෙස මහජන අප්‍රසාදයට ලක්ව සිටින තම පක්ෂය එළඹෙන මහා මැතිවරණයකදී ජයග්‍රහණය කරා මෙහෙයවීමත් රිෂී හමුවේ ඇති ප්‍රමුඛ අභියෝගයන්ය. රුසියානු-යුක්‍රේන යුද්ධය විසින් වේගවත් කරන ලද බ්‍රිතාන්‍යයේ ආර්ථික කඩාවැටීම, ට්‍රස් පරිපාලනයේ බදු ප්‍රතිපත්තිය සහ අන්තර්වාර අයවැය සමඟින් අවපාතයකට යමින් තිබෙන පවුම ස්ථාවර කරගැනීම ආදිය කාරණා හමුවේ රිෂී වෙත පැවරෙන්නේ මහා බ්‍රිතාන්‍ය සියවසයේ මුහුණ දෙන දැවැන්තම ආර්ථික අර්බුදය සහිත දේශයයි. හිටපු චාන්සලර්වරයෙකු ( Chancellor of the Exchequer යනු මහා බ්‍රිතාන්‍යයේ මුදල් ඇමති ධුරයයි ) ලෙස පසුගිය කෝවිඩ් වසංගත සමයේ රට අගුළු දමා තිබූ අසීරු මොහොතක ආර්ථිකය මෙහෙය වීමෙන් ලද අත්දැකීම් ඔහුව යම් පමණකට මෙම අර්බුදයට පිළියම ලෙස දැකීමට බ්‍රිතාන්‍ය වැසියන් පොළඹවා ඇත. කෙසේ වෙතත් සුනාක්ට එම විශ්වාසය උරඟා බැලීමට හැකිවන්නේ ඉදිරි මැතිවරණයකදීය.


තාමත් 42 හැවිරිදි වියේ පසුවන රිෂීගේ පියා යෂ්විර් සුනාක් වෛද්‍යවරයෙක් වන අතර මව ඌෂා ඖෂධවේදිනියකි. බ්‍රිතාන්‍යයේ සුප්‍රක්‍රට ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් සහ සමාජීය විද්‍යාවන් සඳහා ලොව ඇති කීර්තිමත්ම විශ්වවිද්‍යාලයක් වන ඇමෙරිකාවේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හදාරා ඇති සුනාක් විවාහ වන්නේ ඉන්දීය තොරතුරු තාක්ෂණ ව්‍යාපාර ක්ෂේත්‍රයේ දැවැන්තයා ලෙස සැලකෙන බිලියනපති නාරායන් මූර්තිගේ දියණිය අක්ෂතා මූර්ති සමඟයි. වරක් මාධ්‍ය වාර්තා කලේ අක්ෂතා මූර්තිගේ මුළු වත්කම දෙවන එලිසබෙත් රැජිනගේ වත්කම් අභිබවා යන බවයි.එමෙන්ම රිෂී සුනාක් අග්‍රාමාත්‍ය පදවියට පත්වීම ලොව පුරා විසීරී සිටින ඉන්දියානු ඩයස්පෝරාව ඉමහත් අමන්දානන්දයට පත්කර ඇත. ලොව බලවත්ම රාජ්‍යයයේ උප ජනාධිපතිනිය, සුද්දන්ගේ රටේ අගමැති හරහා ඉන්දියානුවන් විසින් ගෝලීය දේශපාලනයට ඉමහත් බලපෑමක් කරමින් සිටින බව පෙනෙන්නට තිබේ.


කෙසේ වෙතත් රිෂී සුනාක්ට ගමන් කිරීමට ඇත්තේ සුවපහසු මාවතක් නොවේ. ඇතැම් විට එය ඔහු සිතනවාටත් වඩා බියකරු එකකි.2023 අග භාගය වන විට බ්‍රිතාන්‍යය මුහුණ දෙන්නේ දෙවන ලෝක යුද්ධයෙන් පසුව එරට මුහුණ දෙන දැවැන්තම හදිසි තත්ත්වයට බව ආර්ථික විශේෂඥයන් ඉඟි පළකරයි. ලිස් ට්‍රස්ට මෙන්ම සුනාක්ට ද කාලයේ රුදුරු අත්දැකීම්වලට මුහුණ දීමට සිදුවන බවට දැනටමත් පෙනී යයි. එසේම 90 දශකයේ අග භාගයෙන් පසුව කම්කරු පක්ෂය විසින් දැවැන්ත උද්යෝගයක් පෙන්නුම් කරන අතර විපක්ෂ නායක සර් කෙයර් ස්ටාමර් සමඟ ඔවුන් නැවත පුනර්ජීවය ලාභ තිබෙන බව දැකිය හැකිය. කෙසේ වෙතත් මැතිවරණයක්‌ නොකැඳවා බොහෝ දුර යාමට නව අගමැතිවරයාට හැකියාවක් පවතින්නේ නැත. ඉදිරි මැතිවරණයකදී කොන්සවේටිව් පක්ෂයේ ජයග්‍රහණය තරමක් අවිනිශ්චිත බවක් ගන්නා බවද පෙනීයයි.


නව ලිබරල්වාදියෙක් ලෙස තමාව හඳුන්වාගන්නා රිෂී සුනාක් පසුගිය නායකත්ව තරගය අතරතුර පැවසුවේ තමා තැචර්වාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මකට කොන්සවේටිව් පක්ෂයේ සිටින එකම සුදුස්සා බවයි. කෙසේ වෙතත් සුනාක් හමුවේ ද ඇත්තේ එදා මාග්‍රට් තැචර් හමුවේ තිබූ අභියෝගයයි. ඒ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීමයි. එකී අභියෝගය ජයගනිමින් තැචරියානු පන්නයේ නායකයෙක් වනවාද නැතිනම් ඇන්තනි ඊඩ්න්, නෙවිල් චැම්බර්ලේන් වැන්නවුන් සමඟින් එකට අසුන් ගන්නවාද යනවාද තීරණය වන්නේ සුනාක්ගේ ඉදිරි කාලය තුළ ඔහු විසින් ගන්නා තීරණ අනුවය.


#sahantwrites 

24.10.2022