Sunday, December 11, 2022

ජනපති කාර්යාලයට පරිසර හිතකාමී නිෂ්පාදන

 



 


වත්මන් ගැටලුවලට විසඳුම් සොයමින් රට යළි ගොඩනැගීමේදී තාරුණ්‍යයේ සහභාගීත්වය ඉතා වැදගත්  බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, කොළඹ රාජකීය විද්‍යාලයේ අද (11) පැවති උත්සවයකට එක්වෙමිනි.

දිස්ත්‍රික් 306 C-2 ලියෝ සමාජය සඳහා දීපව්‍යාප්තව සාමාජිකයින් 6,500 ක් බඳවාගැනීම සහ ලියෝ දිනය වෙනුවෙන් සංවිධාන කළ උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ රාජකීය විද්‍යාලයේදී අද පෙරවරුවේ පැවැත්වුණි.

මෙහිදී අදහස් දැක්වූ ජනපති,

"ඔබේ ප්‍රදර්ශනයේ සියලුම අංගයන් මා නැරඹුවා. ඒ අතුරින් ඉතා සිත්ගන්නා දෙයක් මට හමුවුණා. මෙය ආනන්ද විද්‍යාලයේ කුටියෙන් මට හමුවුණේ. ඔවුන් මට පැවසුවේ මෙය ලිවීමට මෙන්ම වගා කිරීම සඳහාත් යොදාගත හැකි බවයි. මම පළමුව සිතා බැලුවා මෙය ලිවීමට හැකියාවක් පවතීද යන්න සොයා බලන්න. ඔව් ඉන් ලියන්න පුළුවන්. එය වැඩකරනවා. මම පළමුව සුබ පැතිය යුතුයි ඔබගේ නිර්මාණය සඳහා. දෙවනුව අප පරිසර හිතකාමී දේවල් ප්‍රචලිත කරන නිසා මම මගේ කාර්ය මණ්ඩල ප්‍රධානියාට පැවසුවා ජනාධිපති කාර්යාලය සඳහා මෙම නිෂ්පාදනයෙන් තොගයක් මිලදී ගන්නා ලෙසට. අපි මේ රටේ තාරුණ්‍යයට අනාගතයක් සලසාදිය යුතුයි. ඒ වගේම අප නිදහස ලබාදිය යුතුයි ඉදිරියට ගොස් අපි සිදුකළ යුත්තේ කුමක්ද කියා පවසන්න. මේ රටේ දේශපාලනය වෙනස් විය යුතුයි. ජපානය ළඟට දෙවැනියට සාර්ථක රටක් ලෙස ගමන් ආරම්භ කළ අපේ රට දැන් ඉන්නේ ඇෆ්ගනිස්තානයට උඩින්. බොහෝමයක් තරුණයින් ඡන්දය ලබාදී රටින් පිටව යනවා. නමුත් මම සිතනවා මගේ දැක්ම අනුව මේ රට නැවත හැරවිය හැකි බව. දේශගුණික විපර්යාස පිටුදැකීම සඳහා වැඩපිළිවෙළක් අප ලබන වසරේ දියත් කරනවා. මම ඒ සඳහා වන කාර්යාලයක් දැනටමත් පිහිටුවා අවසන්. අප තීරණය කර තිබෙනවා විවෘතව අදහස් පළකිරීමට වගේම අර්ථාන්විත ක්‍රියාවන් දියත් කිරීමට."යැයි සඳහන් කළේය.

 


Friday, December 9, 2022

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාර්ෂික ක්‍රීඩා තරඟාවලිය අවසන් වේ










පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාර්ෂික ක්‍රීඩා තරඟාවලියේ පාර්ලිමේන්තුවේ බිලියඩ් ශාලාවේදී ඊයේ (08) පැවැත්විණ.

අංශ 06 ක් යටතේ මෙම තරඟාවලිය පැවැත්විණ අතර එහිදී මන්ත්‍රීවරුන් ජයග්‍රහණය කළේ පහත පරිදිය.

 

පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ගයාශාන් නවනන්ද මහතා චෙස්, කැරම් සහ ස්නුකර් යන තරඟ අංශ 03 හිම ශූරතාව දිනා ගැනීමට සමත්වීම විශේෂත්වයකි.

 

පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නලීන් බණ්ඩාර මහතා චෙස් සහ ස්නුකර් යන තරඟ අංශවල අනුශූරතාව දිනා ගැනීමට සමත් විය.

 

 දාම්  තරඟ අංශය

 ශූරතාව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ඩබ්.එච්.එම් ධර්මසේන

අනුශූරතාව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ගයාෂාන් නවනන්ද

 

මේසපන්දු තරඟ අංශය

 ශූරතාව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු වරුණ ලියනගේ

අනුශූරතාව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ගයාශාන් නවනන්ද

 

කැරම් අනුශූරතාව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු දුමින්ද දිසානායක

 

පූල් ක්‍රීඩා

ශූරතාවද  පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ගයාශාන් නවනන්ද

අනුශූරතාව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු දුමින්ද දිසානායක

 

ජයසංකේත සහ සහතික පත් ප්‍රදානය කිරිමේ අවස්ථාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ , කථානායක මහින්ද යාපා අබේවර්ධන , නියොජ්‍ය කථානායක  අජිත් රාජපක්ෂ, විපක්ෂ නායක  සජිත් ප්‍රේමදාස යන මහත්වරු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රිවරු පිරිසක්ද, පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක, වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු යන මහත්වරු ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ.



























Thursday, December 8, 2022

සිරිසේනත් අයවැයට විරුද්ධ වෙලා නැහැ


 








පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  මහතා ඊයේ(08දා) පැවති අයවැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීමේදී  ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර නොමැත.

විපක්ෂය නියෝජනය කරන සමගි ජනබලවේගය , ජාතික ජනබලවේගය සහ පොදුජන පෙරමුණෙන් ස්වාධීන වු කණ්ඩායම අයවැයට විරුද්ධව ඡන්දය භාවිතා කළ අතර දෙමල ජාතික සන්ධානය අයවැය ඡන්ද විමසීමට සහභාගී නොවීය.

සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ඡන්දය විමසන අවස්ථාවේ පාර්ලිමේන්තුවේ නොසිටි අතර මෛත්‍රීපාල සිරිසේන මහතා ද අයවැය ඡන්ද විමසීමේ අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ නොසිටියේය.

ආණ්ඩුවේ ප්‍රතිපත්ති අගය කරමින් පසුගියදා සිරිසේන මහතා දීර්ඝ කතාවක් ද පැවැත්විය. කෙසේවෙතත් ආණ්ඩුවට සහය දැක්වීමට ඉදිරිපත් වු නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සමාජිකත්වය තහනම් කිරීම ද සිරිසේන මහතා කටයුතු කර තිබුණි.

 

සජබ ට ලබන සතියේ වෙනදේ

 







සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන්ට සිය මන්ත්‍රීධූර ආරක්ෂා කරගැනීමට කටයුතු කරන ලෙස රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය. සමගි ජනබලවේගය ලෙස පක්ෂයක් නොමැති බවත් එය අපේ ජාතික පෙරමුණ බවත් එය තමාගේ පක්ෂය බවද අමාත්‍යවරිය පැවසු අතර මෙසේද පැවසුවාය,

“මගේ පුරවැසිකම හොයන අයට මම කියනන් ඔනේ. මට මේ රටේ පුරවැසිකමක් නැතිනම් ඔතන(විපක්ෂයේ) 54 දෙනෙක් වාඩිවෙලා ඉන්නවා ඒ සියලුදෙනාටම මෙතන ඉන්න බැහැ. අන්න ඒක මතක තියාගන්න. ඒපක්ෂයේ මම මහලේකම් වෙලා හිටපු විදිහට ඒ සියලු දේම අහිමි වෙනවා.  වැඩි දවස් යන්න ඉස්සරවෙලා තියෙන බෝධි පුජා ටික තියාගන්න . මන්ත්‍රීධුර ටික බලාගන්න. එච්රයි මට කියන්න තියෙන්නේ. මම පක්ෂය දුන්නේ නැතිනම් අද සජබයක් ඔතන නැහැ. මම දැක්කා මේ සජබෙ දෙවැනි වසර සමරන්න යනවලු. එහෙම එකක් නැහැ. මේ පක්ෂය අපේ ජාතික පෙරමුණ. ඒකට දාහත් වසරක් ගතවෙලා තියෙනවා. සජිත් ජලනි බලවේගය කියලා හදාගත්තට මේක අපේ ජාතික පෙරමුණ. ඒක මතක තියාගන්න. ඒවට ලැස්තිවෙන්න එපා කවුරුත් . ජලනි තමයි ඔය පක්ෂය මෙහෙයවන්නේ. ඔය නම් දැම්මේ ආර්යාව කියා ගත්තු අය. අපි ඒක දන්නවා. ලබන සතිය වෙනකොට මොකද වෙන්නේ කියලා අපි බලාගම්මු. ඔය 53 ට වීසා දුන්නේ මම. ඉතින් මට වීසා එකක් තියාගන්න බැරිද?. ඔය පක්ෂයේ කිසිම තවතුරක් නීත්‍යානුකූල නැහැ”  යැයි සඳහන් කළාය.


අයවැය වැඩි ඡන්දයෙන් සම්මතයි

 

2023 අයවැය යෝජනාවලිය වැඩි ඡන්ද 43 කින් අද(08දා) පාර්ලිමේන්තුවේදී සම්මත විය. අයවැය තුන්වැනිවර කියවීමේ විවාදය අද පස්වරුවේ අවසන් වු අතර අනතුරුව ඡන්ද විමසීම පැවැත් විණ. අයවැයට පක්ෂව ඡන්ද 123  ලැබුණු අතර විපක්ෂව ඡන්ද 80  ලැබුණි. ඒ අනුව ලබන වසර සඳහා වු අයවැය යෝජනාවලිය පාර්ලිමේන්තුවේ සම්මත විය.


ආර්ථික ඝාතකයින් සෙවීමට පාර්ලිමේන්තු කමිටුවක්

 


 

ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් බවට පත්වීමට හේතුවු ආර්ථික තීරණ සහ ඒවා සම්බන්ධයෙන් කටයුතු කළ පුද්ගලයින් පිළිබඳව සොයා බැලීමට පාර්ලිනේතු තේරීම් සභාවක් පත්කිරීමට අද(08දා) පාර්ලිමේන්තුවේදී යෝජනා විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුව අමතන අවස්ථාවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් ආර්ථික ඝාතකයින් සෙවීමට කමිටුවක් පත්කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළේය.

 මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා එකඟ වු අතර අවශ්‍යවන්නේ ජනාධිපති විශේෂ කොමිසමක් හෝ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ද යන්න පිළිබඳව පාර්ලිමේන්තුව විසින් තීරණයකට එළැඹෙන ලෙස ජනාධිපතිවරයා විසින් ඉල්ලා සිටියේය.

ඒ අනුව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කිරීමට පාර්ලිමේන්තුවේ එකඟතාවය හිමිවිය. ඒ අනුව රට බංකොලෙත් කළ ආර්ථික ඝාතකයින් පිළිබඳව සෙවීමට මෙම කමිටුව විසින් කටයුතු කරනු ඇත.