හෝමාගම, පිටිපන පිහිටි ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය ලබන සඳුදා (19) සිට දින කිහිපයක් තාවකාලිකව වසා තබන බව එහි මහෝපාධ්‍ය මහාචාර්ය නෙළුවේ සුමනවංශ හිමියෝ පැවසූහ.
කාන්තාවන් සේම සමාජය තුළ දැඩි හිංසනයකට ලක්වන සංක්‍රාන්ත්‍රික ලිංගික ප්‍රජාවගේ (LGBTQ) අයිතිවාසිම් ආරක්ෂා කිරීම වෙනුවෙන් නීති ගෙන ඒමට
පාර්ලිමේන්තුව බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය
සඳහන් කළාය.
පාර්ලිමේන්තු කාන්තා මන්ත්‍රී සංසදයේ සංවාදයකදී
අමාත්‍යවරිය මේබව සඳහන්කර තිබේ. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරිය,
“අපි කොච්චර කාන්තා අයිතීන් දිනාගෙන තියෙනවා
කියලා කිව්වත් අදටත් අපේ රට ඇතුළු ලෝකයේ බොහෝ තැන්වලදී කාන්තාව වෙනස්කොට සැලකීමට
භාජනය වෙනවා. ඒවගේම ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පිළිබඳ තිබෙන සමානත්වය අතපසුවීම්
සිදුවෙනවා. මේ නිසා කාන්තාවෝ කිසියම් මානසික පීඩනයකට ලක්වෙනවා.
ඒවගේම කාන්තාවන් ගෘහස්ත හිංසනයට ලක්වෙනවා. ඒක
කාටවත් කියාගන්න බැහැ. පොලීසියකට යන්න බැහැ. යාලුවෙකුට හිතවතෙකුට කියන්න බැහැ.
ගෙදර ඇතුලේ හිංසනයකට ලක්වෙන අවස්ථා තිබෙනවා. නමුත් මොනවාහරි හේතු ඉදිරියට දාගෙන
අපේ රටේ කාන්තාවෝ එක දාරාගෙන ඉන්න පුරුදුවෙලා තියෙනවා. ඒ විදිහටත් දුක් විදිනවා.
ඒවගේම සංක්‍රාන්ත්‍රික ලිංගික ප්‍රජාව (LGBTQ) ලිංගික හිංසනයකටත් වඩා වැඩි දැඩි මානසික පීඩනයකට
ලක්වෙනවා. ඔවුන්ට සමාජයේ තැනැක් නැහැ. ජීව විද්‍යාත්මකව උපතින්ම ඇතිවුන යම්කිසි
සිදුවීමක් නිසා එයාට මේ අයිතිවාසිකම් නැතිවෙන්න විදිහක් නැහැ. එහෙමනම් මේ මානව
හිමිකම් කොහෙද තියෙන්නේ.
ඒවගේම වැඩකරන ස්ථානයේ කාන්තාව හිංසනයට ලක්වෙනවා.
මේ නිසා සංක්‍රාන්තික ලිංගිකයින් සම්බන්ධයෙන් ඔවුන්ට වන හිංසනයට එරෙහි නීති ගේන්න
කියලා අපි පාර්ලිමේන්තුවට කියලා තියෙනවා. ඔවුන්ගේ අයිතීන් රැකලා දෙන්න කියන කතාබහ
අපි මේවනවිට කතාරගෙන යනවා. ඒවගේම ශෘහස්ත හිංසනය අවම කිරීම සම්බන්ධයෙනුත් අපි
වැඩපිළීවෙලත් සකස් කරගෙන යනවා. මේ කටයුත්ත මන්ත්‍රීවරියන්ට පමණක් අයිති දෙයක්
නෙවෙයි. අපිට විතරක් මේක කරන්න බැහැ. මේ හිංසනයට ලක්වෙන
ඔනෙම ප්‍රජාවක් වෙනුනේ ඒ සියලුදෙනාට සමාන අයිතිවාසිකම් තියෙනවා කියන දේ තහවුරු
කරන්න අපි හැමෝම කටයුතු කළ යුතුයි කියලා මම හිතනවා”” යැයි පැවසුවාය.
එකම පවුලේ අම්මයි තාත්තයි, දුවයි බෑනයි, ආච්චියි සීයයි එකම දවසේ විවාහ වූ පුවතක් යටිනුවර ප්‍රදේශයෙන් වාර්තාවෙයි. මෙම සුවිශේෂී විවාහය සංවිධානය කර ඇත්තේ යටිනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයි. එහිදී මෙතෙක් නීත්‍යානුකූල ලෙස විවාහ නොවී සිටි පවුල් 19කගේ විවාහ ලියාපදිංචිය සිදුකර තිබේ. නීත්‍යානුකූල ලෙස විවාහ නොවී සිටීම හේතුවෙන් එම පවුල්වල උපදින දරුවන් වෙත උප්පැන්න සහතික නිකුත් කිරීමේදී ඇතිවන ගැටලු, සේවක අර්ථසාධක අරමුදල් ලබාගැනීමේදී ඇතිවන ගැටලු අවම කරගැනීම සඳහා මෙම විවාහය සංවිධානය කර තිබුණි. එම අවස්ථාවේ සිදුකළ විවාහයන් සඳහා මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා සහ යටිනුවර ප්‍රාදේශීය ලේකම්වරයා සාක්ෂි සඳහා අත්සන් කර ඇත.
පාසල් සිසුන් ඇතුලු තරුණ ප්‍රජාව විවිධ මත්ද්‍රව්‍ය
සඳහා ගොදුරුවීමෙන් වළක්වාගැනීමට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම්කර තිබේ.
ඒ යටතේ පාසල් තුළට මත්ද්‍රව්‍ය පැමිණීම
වළක්වාගැනීම සඳහා දිවයිනේ විවිධ පෙදෙස්වල පාසල් සෝදිසි කිරීමේ මෙහෙයුම් දැනටමත්
ආරම්භකර ඇති අතර ඒවා මේදිනවල විවිධ දිස්ත්‍රික්ක වල ක්‍රියාත්මක වේ.
මාර්ග පරීක්ෂා
"මේ ගැන හංගන්න දෙයක් නැහැ. අපි
නිකන් හිටියේ නැහැ.. දැන් මාසෙකට දෙකකට කලින් ඉඳන් කොළඹ කලාපය මුල් කරගෙන
වැඩසටහනක් හැදුවා. දැන් අපි ඒක පුළුල් කරනවා මුළු දිවයිනටම. ජනවාරි සිට පටන්
ගන්නවා. මීට මාසයකට විතර කලින් අයිස් මත්ද්‍රව්‍ය නිසා පුනුරුත්ථාපනය සඳහා 81
දෙනෙක් යවලා තිබෙනවා."
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විදේස් රටවල සිට මෙරටට
මත්ද්‍රව්‍ය ගෙන්වන විවිධ ක්‍රමපිළිබඳව සොයාබලා අවශ්‍ය පියවරගැනීමට මේවනවිට රේගුව
ඇතුළු විශේෂ කණ්ඩායම් යෙදවීමටද රජය කටයුතු කර ඇත.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් 2022 මේ වසර තුළ දී හෙරෝයින් කිලෝ ග්රෑම් 1,425 ක් , ගංජා කිලෝ ග්රෑම් 11,665 ක් කොකේන් කිලෝ ග්රූම් 371 ක් හෂීස් කිලෝ ග්රූම් 40 ක් අයිස් කිලෝ ග්රූම් 107 ක් සහ මත්පෙත් 97,828 කරල් 21,023 අත්අඩංගුවට ගෙන ඇත.
එමෙන්ම විෂ මත්ද්‍රව්‍ය ලෙස භාවිත කරන
ඖෂධ සම්බන්ධයෙන් ක්‍රියාත්මකවීමද රජයේ අවධානය යොමුව ඇති බව අධිකරණ අමාත්‍යවරයා
සඳහන් කර සිටියා.
මත්ද්‍රව්‍ය සියල්ල ශරීරයට අහිතකර වන අතර සමාජයටද
හානී පමුණුවයි. වර්තමානයේ පාසල් සිසුන් ගොදුරුකරගන්නා අයිස් මත්ද්‍රව්‍ය භාවිතය
තුළින් මතකය අඩුවීම , මෙලේ ශෛල විනාශ කිරීම, නින්ද නොයෑම , විවිධ රෝග වලට ගොදුරුවීමේ අවධානම
වැඩිවීම, මුඛය තුවාල වීම, අධික ලෙස
කෙට්ටුවීම , ලේ හිඟවීම ආදී අවධානම් රුසකට මුහුණ දීමට සිදුවන බව වෛද්‍යවරුන් ප්‍රකාශ
කර තිබේ.
මෙම මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවුවෙකුගේ ජීවත්වීමේ කාල
සීමාව වරස දෙකකට තරම් කෙටි කාලයක් වන බවද සෞඛ්‍ය අංශ සඳහන් කරති.
පාසල් ප්‍රජාව අතර මත්ද්‍රව්‍ය භාවිතය ඉහළගොස් ඇති බැවින් පාසල් සහ ඒ අවට හදිසි සෝදිසි මෙහෙයුම් නිරන්තරයෙන් සිදුකිරීමට සහ ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.
ඒ
අනුව දිවයිනේ විවිධ ප්‍රදේශවල හදිසි මෙහෙයුම් සිදුකිරීමට මෙන්න පාසල් ළමුන්
පරීක්ෂාකිරීමේ කටයුතු මේ දිනවල පොලිසිය විසින් සිදුකරමින් සිටියි.
එමෙන්ම
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විදේස් රටවල සිට මෙරටට මත්ද්‍රව්‍ය ගෙන්වන විවිධ ක්‍රමපිළිබඳව
සොයාබලා අවශ්‍ය පියවරගැනීමට මේවනවිට රේගුව ඇතුළු විශේෂ කණ්ඩායම් යෙදවීමටද රජය
තීරණය කර තිබේ.
මත්ද්‍රව්‍ය
ජාවාරම මැඩලීමේ ක්‍රියාවලිය විශේෂ කාර්ය බලකායට ලබාදිමට තීරණය කර ඇති බව ජනාධිපති
රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සතියේ ප්‍රකාශ කර තිබු අතර විශේෂ කාර්ය බලකාය ද එම
මෙහෙයුම් ආරම්භකිරීමට සුදානමින් සිටින බව
වාර්තා වේ.
ඊයේ (14) පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී පොලී අනුපාතිකවල පහළ යාමක් වාර්තා වී තිබේ.
ඒ අනුව දින 91 ක බිල්පත් පොලිය 32.91% සිට 32.80% ක් දක්වා කැපී පනෙන පහළ යාමක් වාර්තා කර ඇත.
මීට අමතරව දින 182ක බිල්පත් පොලිය 32.27% සිට 32.26% ක් දක්වාත්, දින 364 ක බිල්පත් පොලිය 29.33% සිට 29.32% දක්වාත් සුළු වශයෙන් පහළ ගොස් තිබේ.
මෙම වෙන්දේසිය සඳහා රු. මිලියන 98,000 ක භාණ්ඩාගාර බිල්පත් ප්රමාණයක් ඉදිරිපත් කර තිබුණු අතර ඒ සඳහා රු. මිලියන 220,708 ක ලංසු ප්රමාණයක් ලැබී තිබුණි. එහිදී වෙන්දේසිය සඳහා ඉදිරිපත් කළ ප්රමාණයටම සමපාත වන අයුරින් රු. මිලියන 98,000 ක ලංසු පිළිගැනීමට කටයුතු කර තිබුණි.