Wednesday, June 29, 2022

 

රාජපක්ෂවරුන් යලි බලයට එන්න බලාගෙන මන්ත්‍රීන් ටික රනිල්ට ණයට දීලා ඉන්නවා


43 සේනාංකයේ නිර්මාතෘ, පාර්ලිමේන්තු මන්ත්‍රී 

පාඨලී චම්පික රණවක

අපිට විදේශීය දොරවල් වැහිලා. විදේශයෙන් ඔය ඩොලර් ට්‍රිලියන ගාන එයි කියලා විශ්වාස නෑ. ඒ වගේම විදේශීය වශයෙන් එන මුදල් නිසා අපේ ​දේශපාලන සහ ආර්ථික ස්වෛරීත්වය සම්පූර්ණයෙන්ම අහිමිවන තත්ත්වයක් තියෙන්නේ. ඒක අපිට දැන් පේනවා. ඒ නිසා අපි අපේ මාවතක් සොයාගත යුතුයි. ඒ නිසා තමයි 43 සේනාංකය හැටියට අපි වැඩපිළිවෙළක් ඉදිරිපත් කළේ.

 

සමගි ජන බලවේගය යටතේ මහ මැතිවරණයට තරග කර පාර්ලිමේන්තුවට ගිය 43 සේනාංකයේ නිර්මාතෘ පාඨලී චම්පික රණවක මහතා ඉකුත් ද‌ා පාර්ලිමේන්තුවේදී ස්වාධීන විය. ඒ ඇයි. මේ ඒ ගැන ඒ මහතා විමසමින් කළ සාකච්ඡාවකි. 

ප්‍රශ්නය:- ඔබ සජබෙන් ස්වාධීන වුණා. කවදද ඇමැති ධුරයේ දිවුරුම් දෙන්නේ?   


පිළිතුර:- ආණ්ඩුවේ ඇමැතිකමක් බාරගන්න කිසිම අවශ්‍යතාවක් නෑ.   


ප්‍රශ්නය:- එහෙම නම් ස්වාධීන වුණේ මොකටද?   


පිළිතුර:- මම ඉතාම පැහැදිලිවම කිව්වා. මේ රට වැටී තිබෙන බංකොලොත් භාවයෙන් මුදාගැනීමේ වගකීම බාර ගන්න කිසිසේත්ම බිය වෙන්නේ නෑ කියලා. ඒකට අවශ්‍ය හැකියාව, කුසලතාව හා පිරිස් ඉන්නවා. නමුත් මේ ගොඩනැගිලා තියෙන ආණ්ඩුව ප්‍රකාශ කරපු සර්ව පාක්ෂික ආණ්ඩුව නොවෙයි. ඒ වගේම දේශපාලන පක්ෂ බොහොමයක් ඉල්ලා හිටපු අන්තර්කාලීන ආණ්ඩුවත් නොවෙයි. 

 
ප්‍රශ්නය:- ඔබ හේතු දාලා ඇයි වගකීම් මග හරින්නේ?   


පිළිතුර:- වගකීම් හරියට ඉටු කිරීම පිණිසයි මේ කතා කරන්නේ. සර්ව පාක්ෂික ආණ්ඩුවක් කියන්නේ ජනපතිට අගමැතිට පුළුවන් වෙන්න ඕනෑ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ හා ඒවා සමග සන්ධානගතවෙලා ඉන්න පක්ෂ නායකයන් සමග පක්ෂ සමග විවෘත සංවාදයක් කරන්න. රට වැටිලා තියෙන තත්ත්වය මේකයි. ‘අපි සාමුහික උත්සාහයක් දරමු’ කියලා අවම වශයෙන් පොදු සරල එකඟතාවයක් ඇතිකරගත යුතුයි. ඒ වගේම ඒ අයට පුළුවන් වෙන්න ඕනෑ එළියේ මේ අරගලයෙ නියැලිලා ඉන්න පිරිස සමග යම් යාන්ත්‍රණයක් හදාගෙන රටේ ඉන්න වෘත්තීයවේදීන්ගේ සහයෝගය මේ ක්‍රියාවලියට ලබාගන්න, ඒකට පාර්ලිමේන්තුව ඇතුළේ යාන්ත්‍රණයක් හදන්න. පක්ෂ නායකයන්ගෙන් ඉහළ ගණයේ තීන්දු ගැනීමේ මණ්ඩලයක් වගේම අමාත්‍ය ධුරවලට අධීක්ෂණ කාරක සභා 20 ක් හදලා මන්ත්‍රීවරුන් 224 ම දොළොස් දෙනා බැගින් ඒවාට අනුයුක්ත කරන්න. 

 
ප්‍රශ්නය:- ඔය කාරණාවේදී ඔබ නිලධාරි මාෆියාවක් ගැනත් නිතරම කියනවා?   


 පිළිතුර:- ඔව්. මේ රට වැට්ටුවේ දේශපාලනඥයන් විතරක් නොවෙයි. රට වට්ටන්න බොහෝ දෙනෙක් දායක වුණා. ව්‍යාපාරික ප්‍රජාව, මාධ්‍යවල ඉන්නා අය, කලාකාරයන්, බුද්ධිමතුන් වගේම ආගමික නායකයොත් හිටියා. හැබැයි මේ රටේ ව්‍යාපාරික ප්‍රජාව කියන කණ්ඩායම හැරුණු විට විශාලම බලපෑම කළේ නිලධාරීන්. ඒ නිලධාරීන් තවමත් ඉන්නවා. ඒ නිලධාරීන් මේ අන්තිම මොහොතේදීත් නැව ගිලි ගිලී යද්දීත් කියපු කතා අපට මතකයි. ‘සල්ලි තියෙනවා ඕනෑ තරම්. සංචිත තියෙනවා ඕනෑ තරම්’ කිය කියා තමයි හිටියේ. ඒ නිලධාරින් මේ මහා මූල්‍ය වංචාවල බුද්ධි නිලධාරීන්. මතක තියාගන්න ‘රාජපක්ෂ පවුලේ එකෙකුටවත් ඕ ලෙවල් නෑ’ මේ මහා ජාතික මංකොල්ලයට මම නම් වශයෙන්ම කියන්නම්. පී.බී. ජයසුන්දර, අජිත් කබ්රාල්, ඒ වගේම හේමසිරි ප්‍රනාන්දු වගේ පිරිසක් හිටියා. ගාමිණී සෙනරත් ඒ කණ්ඩායමේ හිටියා. ඒ අය මේ ආණ්ඩුවේ තවමත් ඉස්සරහින් හරි පස්සෙන් හරි ඉන්නවා. මේ දූෂිත නිලධාරි පැළැන්තිය වෙනුවට වෘත්තීය මට්ටමේ නිලධාරි පැළැන්තියක් අපි දාගත්තේ නැත්නම් ප්‍රමුඛ රාජ්‍ය ආයතනවලට මේ රට ගොඩගන්න ලැබෙන්නේ නෑ.


ප්‍රශ්නය:- මොනවද ඔය ඔබ කියන ප්‍රමුඛ රාජ්‍ය ආයතන?   


පිළිතුර:- ශ්‍රී ලංකා මහ බැංකුව, මූල්‍ය මණ්ඩලය ප්‍රධාන ජාතික බැංකු තුන, ලංකා විදුලිබල මණ්ඩලය, ජල සම්පාදන මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ඖෂධ නීතිගත සංස්ථාව, පොහොර සමාගම්, ලිට්රෝ ආයතනය. මෙන්න මේ වගේ තැන්වලට වෘත්තීයවේදීන් ද‌ාන්න ඕන. ඒක තමයි රට පිළිගන්නා සර්ව පාක්ෂික විශ්වාසය කියන්නේ.


දැනට දාලා ඉන්නේ ඒ වගේ පිළිගන්න පුළුවන් වෘත්තීයවේදීන් දෙන්නෙක් විතරයි.   


ප්‍රශ්නය:- කවුද ඒ දෙන්නා?   


පිළිතුර:- මහ බැංකුවේ අධිපතිතුමයි, මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමයි. මුදල් අමාත්‍යාංශයේ ඉතාම දූෂිත නිලධාරීන් නිලධාරිනියන් රාශියක්ම ඉන්නවා. එතැන අරක්ගෙන... කොයි වෙලාවෙද ඔළුව උස්සන්නේ කියලා බලාගෙන. එහෙම වුණා නම් තමයි මේක නිවැරැදි සර්ව පාක්ෂික ආණ්ඩුවක් වෙන්නේ. අන්තර්කාලීන ආණ්ඩුවක් කියන්නේ... ​ ඔබට මතක ඇති 2015 දී ආණ්ඩුවක් ආවා. දින සියයක වැඩපිළිවෙළකින් පස්සේ ඡන්දයකට ගියා. ඒ විදියට නිශ්චිත දින කාල වකවානු සහිත වැඩපිළිවෙළක් තිබිය යුතුයි. ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරල මැතිවරණයකට යාම තමයි එතැන අරමුණ. එහෙම එකක් අපට මෙතැන පේන්නේ නෑ. මොකක්ද වැඩපිළිවෙළ කියලා අපට පේන්නේ නෑ.


අගමැතිතුමා විටින් විට විවිධ ප්‍රකාශ කරනවා. ජනාධිපතිවරයා විටින් විට විවිධ ප්‍රකාශ කරනවා. ඇත්තටම ජනාධිපතිවරයා තමයි මේ රට මේ තත්ත්වයට පත්වෙන්න පහුගිය අවුරුදු තුනේදී ලොකුම වැඩ කොටස කළේ. ඔහු ගත්ත ඇතැම් ක්‍රියාමාර්ග බදු අඩු කිරීම. ඩොලරය රුපියල් දෙසීයෙ හිරකර තබා ගෙන සංචිත ටික අවසන් කරගැනීම. පොහොර තහනම, සල්ලි අච්චු ගැසීම වැනි ඔහු ගත්ත ක්‍රියාමාර්ග ඉතාම බරපතළ විදියට මේ විනාශයට බලපෑවා. කෙසේ වෙතත් තමන් අයින් වෙලා යන දවස නොකියා ඉඳීම තුළ අපට පේන්නේ රාජපක්ෂවරු ආයෙමත් කිසියම් මොහොතක එළියට ඒමේ බලාපොරොත්තුවෙන් තාවකාලිකව බලය අතහැරලා තමන්ගේ මන්ත්‍රීවරුන් ටික රනිල් වික්‍රමසිංහට ණයට දීලා ඒ ණය ගනුදෙනුවේ පොළියෙන් ජීවත්වෙනවා නැවත වතාවක් රාජ්‍ය බලය අත්පත් කරගැනීමේ අරමුණෙන්.


අර චමල් රාජපක්ෂ මහත්තයා කිව්වා වගේ බලය අතහැරලා යන්න අපි පුරුදු වෙන්න ඕනැ. මතක තියාගන්න මේ තියෙන්නේ අපායේ ඉන්ටවල් එක. මේ ඉන්ටවල් එකෙන් පස්සේ නැවත අපායට යනවා. මැයි 9, 10, 11 තිබිච්ච ඒ භීෂණකාරී තත්ත්වය නැවත වතාවක් මේ සමාජයෙන් මතුවෙන්න පුළුවන්. ආහාර කැරලි ඇතිවෙන්න පුළුවන්. මේ බිය නිසා මිනිස්සු නොයෙක් දේ කරනවා. ආහාර හිඟයක් එනවාය කියන බයට මිනිස්සු ආහාර රැස්කරනවා. ධනවත් මිනිස්සු ආහාර ගොඩගසා ගන්නවා. රටින් පලා යනවා. සර්ව පාක්ෂික ආණ්ඩුවක් ඇවිත් ජනතාවට ඇත්ත කියන ක්‍රියාවලියක් වුණාම අපි ලෑස්තියි සහයෝගය දෙන්න. එහෙම නැතිව මේ වගේ පාලනයකට අපි සම්බන්ධ වෙන්නේ නෑ. කොහොමත් අපි 2020 මාර්තු මාසයේදී ජාතික හෙළ උරුමය, සමගි ජන බලවේගයත් එක්ක අවබෝධතා ගිවිසුමක් අත්සන් කළා. ඒකේ බොහොම පැහැදිලිව සඳහන් වෙනවා ‘අපි ස්වාධීන මන්ත්‍රීවරුන් හැටියටයි වැඩ කරන්නේ’ කියලා. අපි ඒක ප්‍රසිද්ධියේ කිව්වේ නෑ. දැන් අපි ඒක ප්‍රකාශ කරලා ඒ අනුව කටයුතු කරනවා.   


ප්‍රශ්නය:-  ඇමැතිකම් බාරගන්නේ නැත්නම් ස්වාධීන වීමේ අර්ථය කුමක්ද?   


පිළිතුර:- අපි සමගි ජන බලවේගයේ ලාංඡනය යටතේ තමයි මන්ත්‍රීධුර අරගෙන තියෙන්නේ. ඒ ඡන්දය දීපු ජනතාවට අපි කිසිම ඇවැඩක් වෙන්න දෙන්නේ නෑ. නමුත් මේ රටට දැන් අවශ්‍ය වෙලා තියෙනවා නව දේශපාලන සංස්කෘතියත් සමග නව දේශපාලන ව්‍යාපාරයක්. මොකද මේ රට පවුල්වාදයෙන් පාදඩ දේශපාලනය කියන කොන් දෙකෙන්ම ඇතිවෙන්න බැට කාපු ජනතාවක් ඉන්නේ. මේ ජනතාවට අවශ්‍යයි පවුල් බලය නැතිව කුසලතාව මත ඉදිරියට යන්න. ඒ වගේම පාදඩ දේශපාලනය වෙනුවට අවංක කාර්යශූර දේශපාලනයක් රටට අවශ්‍යයි. විශේෂයෙන්ම මේ වෙලාවේ වැඩක් තියෙනවා පාර්ලිමේන්තුවෙන් පිට. ඒක විශාල වැඩක්. ඒ වැඩේදී ජනතාව හා ප්‍රතිපත්ති කුළුගැන්විය යුතුයි. ඒකට බාධාවක් පක්ෂයක ඉඳීම. දැන් අපි විවෘතයි. ඒක මේ ආණ්ඩුවට එකතුවීමක් නෙවෙයි. පාර්ලිමේන්තුවෙන් එළියෙ තියෙන දැවැන්ත අරගලය වඩාත් සාධනීය තැනකට රැගෙන යන්න ක්‍රියාමාර්ග අවශ්‍යයි. ඒ වෙනුවෙන් ඉදිරියේදී තවත් ඕනෑම ක්‍රියාමාර්ග ගන්න අපි සූදානම්.   


ප්‍රශ්නය:- ඔබට සජිත් ප්‍රේමද‌ාස සමගත් ප්‍රශ්න තියෙනවා? සර්ව පාක්ෂික ආණ්ඩුවකට නොගියෙ ඔහුයි. ඔබගේ මේ කරණම ඒ නිසයි?   


පිළිතුර:- නෑ. මෙහෙමයි. විපක්ෂයත් වරදක් කළා. සමගි ජන බලවේගය වරදක් කළා. ඒ තමයි නියම වෙලාවෙදි සියල්ලම සලකා බලා තීරණයක් නොගැනීම. ඒ වගේම සමගි ජන බලවේගයෙ ඇතැම් පිරිස් ගිහින් ඇගමැතිකම ගන්න කතා කිරීම.   


ප්‍රශ්නය:- කවුද එහෙම ගියේ?   


පිළිතුර:- ඒවා ඉදිරියේදී අනාවරණය වෙයි. සමගි ජන බලවේගය අවසන් මොහොතේදී තමයි ප්‍රායෝගික ක්‍රියාදාමයකට ආවේ. ඒ වෙනකොට රනිල් වික්‍රමසිංහට අගමැතිකම දෙන්න තීරණය කරලා ඉවරයි. ඒ වුණත් සමගි ජනබලවේගයට දොස් කියන්න බෑ. මොකද ආණ්ඩුවත් බැලුවේ අර මහින්ද රාජපක්ෂ සැලුන් දොර විදියෙ වැඩක් මිසක් පක්ෂ සමග තමන්ගෙන් කැඩිලා ගිහින් ස්වාධීන වෙලා ඉන්න හැට හැත්තෑවක් මන්ත්‍රීවරු සමග විවෘත සාකච්ඡාවක් කරලා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න නොවෙයි. මේ ගොල්ලෝ ගෙනාවේ මහින්ද රාජපක්ෂ සැලුන් දොර ව්‍යාපෘතිය.   


ප්‍රශ්නය:- සජිත්ට අගමැති ධුරයට ආරාධනා කළා. සරත් ෆොන්සේකා කියනවා ඔහුටත් ආරාධනා කළා කියලා. ඔබට එහෙම ආරාධනාවක් ආවේ නැද්ද?   


පිළිතුර:- නෑ. මට එහෙම ආරාධනාවක් ආවේ නෑ. ඒ වගේම සැලුන් දොර ව්‍යාපෘතිවලට මම සම්බන්ධ වෙන්නෙත් නෑ. නමුත් රට ඉදිරියට ගෙනියන්න ඉදිරි කාලයේදී මම විශ්වාස කරනවා පාර්ලිමේන්තුවට ලොකු වගකීමක් තියෙනවා පාර්ලිමේන්තුව විසුරුවන්න මන්ත්‍රීවරු එකඟ නෑ. මැතිවරණයක් පැවැත්වීමේ තත්ත්වයකුත් නෑ. නමුත් පාර්ලිමේන්තුවට වගකීමක් තියෙනවා සාමූහික ප්‍රයත්නයක් දැන් දරන්න. දේශපාලනඥයන්ට එරෙහිව ලොකු වෛරයක් එළියේ ගොඩනැගිලා තියෙනවා.


ඒ නිසා දේශපාලනඥයන් මීට වඩා වගකීමෙන් හැසිරිය යුතුයි කියන පණිවුඩය ජනතාව ලබා දීලා තියෙනවා. අහිංසක මන්ත්‍රීවරයෙක් මහ පාරෙදි ගහලා මරලා දැම්මා. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ඉරණම වුණත් ගඩාපිගෙ ඉරණම බවට පත්වෙන්න තිබුණා මැයි 9 වැනිදා. ඒක නොවුණේ යුදහමුදාව මැදිහත් වුණ නිසයි. අපි ඒ භයානක අත්දැකීම්වලින් පාඩම් ඉගෙන ගත යුතුයි. රාජපක්ෂලා පාඩම් ඉගෙන නෑ. නමුත් අපි පාඩම් ඉගෙන ගතයුතුයි. එසේ ඉගෙන ගෙන ඒ අනුව හැසිරිය යුතුයි.  


ප්‍රශ්නය:- ඔබ කිව්වා ‘අද තියෙන්නේ අපායේ ඉන්ටවල්’ කියලා. ඔබටත් වගකීමක් තියෙනවා මේ තත්ත්වය තුරන් කරන්න මැදිහත් වෙන්න. ඔබත් ඒ අවස්ථාව මග අරිනවා?  


පිළිතුර:- අර මම මුලින් කියපු තත්ත්වය හමුවේ කොහොමද වැඩ කරන්නේ. ගෝඨාභය රාජපක්ෂ මහත්තය කියනවා ‘එක නිලධාරියෙක් අස් කරන්නේ නෑ. මම දාලා තියෙන්නේ’ කියලා දූෂිත නිලධාරි කල්ලියක් මෙතැන ඉන්නවා. හැමෝම නොවෙයි. ඒ අයත් එක්ක කොහොමද වැඩ කරන්නේ? මොකක්ද තියෙන විවෘත භාවය. ඒ වගේම කොයි වෙලාවක හරි අර සාගර කාරියවසම් කියන විදියට කුලී වැඩටද අපි යන්න ඕනෑ. එහෙමනේ රනිල් වික්‍රමසිංහ මහත්මයාට අද සලකන්නේ. එහෙම වැඩට අපි ලෑස්ති නෑ. විවෘත වැඩපිළිවෙළකට, විවෘත පොදු වැඩපිළිවෙළකට යා යුතුයි. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මේ වසර තුළදීම ඉවත් විය යුතුයි. ඔහු වෙනුවට පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත දිනා ගන්නා කෙනා ජනාධිපති කරගන්න ඕනැ. ඔහු යා යුතුයි. මේ විනාශයට වගකිවයුතු කෙනෙක් මේ ධුරයෙ ඉඳීමේ කිසිම සදාචාරාත්මක අයිතියක් නෑ.  


ප්‍රශ්නය:-  ජනාධිපති ගෝඨාභය කිව්වා ‘මම අස්වෙන්නෙත් නෑ. නැවත ඉල්ලන්නෙත් නෑ’ කියලා?  


පිළිතුර:- නැවත ඔහුට කොහොමත් ඉල්ලන්න බෑ. ඔහු අස්විය යුතුයි. ඔහු මේ රට බංකොලොත් කළා. මේ රටේ පවුල් පනස්පන් ලක්ෂයක් තනි පවුලක ධන තණ්හාව වෙනුවෙන් ගිල දැම්මා. ඒ ජනතාවගෙත් අනාගතය නැති කළා. අපේ රට 1960 ට ගෙනිච්චා. අපේ දරු පරපුරේ බලාපොරොත්තු විනාශ කරලා දැම්මා. මේ අපායේ ඉදිරිය ඔබට දැකගන්න ලැබේවි. මේක මෙහෙම වෙන්න ඕනැ රටක්ද? තමිල්නාඩුවේ හිඟන්නන්ගේ සල්ලි එකතු කරලා කෝච්චිවලට තෙල් ගහන කාලකන්නි තැනකට වැටෙන්න ඕන රටක්ද? මෙහෙමයි මෙතැන අග්‍රාමාත්‍යවරයා ආර්ථික ක්ෂේත්‍රයේ ඉන්න හැම කෙනාම විශේෂයෙන්ම මූල්‍ය අරමුදල ගැන අකලංක විශ්වාසය තියෙන හැම දෙනාම කියන මාර්ග සිතියමක් තියෙනවා. ඒ මාර්ග සිතියමට අපි බාධා කරන්නේ නෑ. 


සජබෙ කියන්නෙත් ඒ මාර්ග සිතියමයි. රනිල් වික්‍රමසිංහ මහත්මයා දැන් ප්‍රකාශ කරලා තියෙන්නෙත් ඒ මාර්ග සිතියමයි. කලින් ඒ මාර්ග සිතියම පිළිනොගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දැන් පිළිඅරගෙන තියෙන්නෙත් ඒ මාර්ග සිතියමමයි. බන්දුල ගුණවර්ධන ශූරීන් පොත් පවා ලිව්වා ‘අයි එම් එෆ් උගුල’ කියලා. ඒ පොත තාම තියෙනවා පාර්ලිමේන්තුවේ. මම බන්දුල ඇමැතිතුමාට පාර්ලිමේන්තුවේදී කිව්වා ඒ පොත රනිල් වික්‍රමසිංහ මහත්මයාට කියවන්න දෙන්න කියලා. මේ හැමෝම මේ මාර්ග සිතියම පිළිඅරගෙන තියෙනවා. අපි ඒකට බාධා කරන්නේ නෑ. ඒ මාර්ග සිතියම මොකක්ද? අගමැතිවරයා කියනවා ඉදිරි මාස 60 රටට අවශ්‍යයි කියලා ඩොලර් මිලියන හයදාහක්. රුපියල් ට්‍රිලියනයක සල්ලි. ඩොලර් මිලියන හයදාහ අවශ්‍ය වෙලා තියෙන්නේ අත්‍යවශ්‍ය බෙහෙත්, ඉන්ධන, අත්‍යවශ්‍ය ආහාර ලබා ගන්න මිසක් සංවර්ධනයට නොවෙයි. ඒ ඩොලර් මිලියන හයදාහ හොයා ගන්න ඔහු ඉදිරිපත් කරන මාර්ගය තමයි අපේ මිත්‍රරටවල ආධාර සමුළුවක් මූල්‍ය අරමුදලත් එක්ක සම්බන්ධ වෙලා කැඳවීම. ඊට පස්සේ මූල්‍ය අරමුදලත් එක්ක මාණ්ඩලික මට්ටමින් එකඟතාවකට යාම. ඊට සමාන්තරව අපේ ණය හිමියන් සමග සාකච්ඡා කරන්න ණය ප්‍රතිව්‍යූහගත කරන්න. ඒක හය මාසයක් තුළ කළාට පස්​සේ අයි එම් එෆ් එක අපිව ඒ ගොල්ලන්ගේ ප්‍රෝග්‍රෑම් එකකට ඇතුළු කරගන්නවා. ඊට පස්සේ මූල්‍ය ලෝකයේ විශ්වාසය අපට එනවා. ලෝකයේ රට රටවලින් අපට යම්කිසි ණය ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඒක තමයි දැනට දීලා තියෙන මාවත. ඒ මාවත සාර්ථක වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.  


ප්‍රශ්නය:- නමුත් ඔබ හිතන්නේ අසාර්ථක වෙයි කියලයි?  


පිළිතුර:- මෙහෙමයි. මේ මාවත හරි නොගියොත් මොකද කරන්නේ කියලා කවුරුවත් මුකුත් කියන්නේ නෑ. ඒ නිසා තමයි අපි වැඩපිළිවෙළක් ඉදිරිපත් කළේ. අපි​ දේශීය වශයෙන් අපි විසඳුම හොයාගමු කියලා. අපිට විදේශීය දොරවල් වැහිලා. විදේශයෙන් ඔය ඩොලර් ට්‍රිලියන ගාන එයි කියලා විශ්වාස නෑ. ඒ වගේම විදේශීය වශයෙන් එන මුදල් නිසා අපේ ​දේශපාලන සහ ආර්ථික ස්වෛරීත්වය සම්පූර්ණයෙන්ම අහිමිවන තත්ත්වයක් තියෙන්නේ. ඒක අපිට දැන් පේනවා. ඒ නිසා අපි අපේ මාවතක් සොයාගත යුතුයි. ඒ නිසා තමයි 43 සේනාංකය හැටියට අපි වැඩපිළිවෙළක් ඉදිරිපත් කළේ. එතැනදී අත්‍යවශ්‍ය ඖෂධ, ආහාර, ඉන්ධන, ආර්ථිකය කොහොමත් සංකෝචනය වෙලා තියෙන්නේ. අපි සැලසුම් සහගත විදියට අපේ ආර්ථිකයෙ බර​ අඩු කරගෙන අපේ රුපියල් ගිණුමත්, අපේ ඩොලර් ගිණුමත් සමාන කරගෙන කටයුතු කළ යුතුයි. මේ ස්වාධීන වීමෙන් මම කළේ මේ අපේ වැඩපිළිවෙළ වෘත්තීයවේදීන් එක්ක සමාජගත කිරීම සඳහා ක්‍රියා කිරීමයි. 



(උපුටාගැනීම ලංකාදීප)

 

Tuesday, June 28, 2022

ළමා මන්දපෝෂණය සියයට විස්සකින් ඉහළට



 ආහාර හිඟය නිසා දරුවන් මන්දපෝෂණයට ගොදුරුවීම සියයට 20කින් පමණ වැඩිවී ඇතැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවැසීය.

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කෙරෙන ළමයින්ගෙන් සියයට 15ත් 20ත් අතර සංඛ්‍යාවක්ද මන්දපෝෂණයෙන් පෙළෙන බව හඳුනාගෙන ඇතැයි හෙතෙම සඳහන් කළේය. 

මේ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු සොයා බැලීම සඳහා විශේෂ පරීක්ෂණයක් ආරම්භ කළ බවද විශේෂඥ වෛද්‍යවරයා කීවේය.  
 
මේ අතර රටේ ආර්ථික තත්වය හමුවේ දරුවන්ගේ පෝෂණ මට්ටම ඉතා විශාල වශයෙන් පහළට වැටෙමින් පවතින හෙයින් මත්පැන් සිගරට් සඳහා වැය කෙරෙන මුදල දරුවන්ට බිත්තරයක් හෝ වෙනත් පෝෂ්‍යදායී ආහාරයක් ලබාදීමට කැප කරන්නැයි මවුපියන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරන බව දීපාල් පෙරේරා මහතා පැවසීය.  
 
එක සිගරට්ටුවක් සඳහා වැය කෙරෙන මුදලින් දරුවන්ට බිත්තර දෙකක් මිලදී ගැනීමට හැකියාව පවතින බවද හෙතෙම සඳහන් කළේය.  
 
ආහාර හිඟය නිසා නියමිත පෝෂ්‍ය පදාර්ථ අවශ්‍ය ප්‍රමාණයට නොලැබෙන  තත්ත්වයක් පවතින  හෙයින් දරුවන් මන්දපෝෂණයට ගොදුරුවීම  ශීඝ්‍රයෙන් වැඩිවන තත්ත්වයක්  පෙනෙන්නට ඇතැයි පැවසූ වි​ශේෂඥ වෛද්‍යවරයා  දරුවන්ගේ පෝෂණය ගැන මේ අවස්ථාවේදී මවුපියන් දැඩි අවධානයක් යොමු කළ යුතු බවද පෙන්වා දුන්නේය.  
 
මන්දපෝෂණයට ගොදුරු වන දරුවන් පහසුවෙන්ම වෙනත් රෝගාබාධවලට ලක් වන බවද ඔහු සඳහන් කළේය.  
 
වත්තපිටියේ වැවෙන කොළ වර්ග පලාවර්ග මේ අවස්ථාවේදී දරුවන්ට වැඩි වැඩියෙන් ලබාදීමද ඉතා වැදගත් බවත් විශේෂයෙන්ම මුරුංගා කොළ දෛනික ආහාර වේලට එකතු කර ගැනීමෙන් ඉන් පෝෂ්‍ය පදාර්ථ රැසක් ලබා ගත හැකි වන බවත් ඔහු පැවසුවේය.  
 
ආර්ථික අර්බුද හමුවේ සිය ගෙවත්තේ එළවළු පලා වර්ග වගා කිරීමටද මවුපියන් වැඩි වැඩියෙන් උනන්දු විය යුතු බව පෙරේරා මහතා පෙන්වා දුන්නේය.  

Saturday, June 25, 2022


ශ්‍රීලංකන් ගුවන් සේවය තෙල් රටකට ? ණය පොදිය කෝටි තිස්එක් දහස් පන්සියය පනී



 ශ්‍රීලංකන් ගුවන් සේවය පවත්වාගෙන යෑම සඳහා මැදපෙරදිග රටකට ලබාදීම කෙරෙහි රජයේ ඉහළ අංශවල අවධානය යොමු වී ඇත.   


ශ්‍රීලංකන් ගුවන් සේවය ඉන්ධන වැඩි වශයෙන් අවශ්‍ය කෙරෙන ආයතනයක් වන හෙයින් තෙල් පවතින රටකට ලබා දුනහොත් ඉතා පහසුවෙන් පවත්වාගෙන යෑමට හැකියාව ලැබෙන නිසා ඒ ගැන මෙසේ වැඩි අවධානය යොමුවී ඇති බව රජයේ ආරංචි මාර්ගවලින් දැන ගන්නට ඇත.

ශ්‍රීලංකන් එයාර් ලයින් ආයතනය පවත්වාගෙන යන්නේ රුපියල් කෝටි තිස් එක්දහස් පන්සියයක ණය කන්දරාවක් යටතේ හෙයින් මේ ආයතනය මේ රටේ ජනතාවට තවදුරටත් බරක් නොවනු පිණිස ප්‍රතිව්‍යුහගත කිරීම මේ වසරේදී අවසන් කළ යුතුව ඇතැයි වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවැසීය.  


ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ලැබී ඇති විවිධ විකල්ප හා ගැටලු පිළිබඳ විස්තරාත්මක වාර්තාවක් තමාට සති දෙකක් ඇතුළත ලබාදෙන ලෙස ශ්‍රීලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට දැනුම් දී ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.  


මෙම ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළේදී කිසිදු සේවකයකු බලෙන් ඉවත් කිරීමට ඉඩ ​නොදෙන බව පැවසූ නිමල් සිරිපාල ද සිල්වා මහතා ඔවුන්ට ගෞරවනීය ස්වර්ණමය වන්දි ප්‍රතිලාභයක් (Golden Shakehand) ලැබෙන පරිදි ස්වෙච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීම යෝජනා කරන ලෙස ශ්‍රීලංකන් පාලනාධිකාරියට දැනුම් දුන් බවද ප්‍රකාශ කළේය.

Monday, June 6, 2022



 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ හටගෙන ඇති අර්බුදය සම්බන්ධයෙන් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා නොමැතිව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිවසේ පසුගියදා සාකච්ඡාවක් කැඳවා තිබුණා.


මෙම සාකච්ඡාවට අමාත්‍ය ධූර භාරගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර යන මන්ත්‍රීවරුන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රංජිත් සියඹලාපිටිය, ජගත් පුෂ්පකුමාර, ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක ඇතුළු පිරිසක් එක්ව තිබෙනවා.


ජනාධිපති ධූරය දරන සමයේ ගොඩනැංවීමට නොහැකි වූ නිදහස් පක්ෂය, මන්ත්‍රී ධූරයක් දරමින් ගොඩනැගිය හැක්කේ කෙසේදැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන්, එහි ජ්‍යෙෂ්ඨයන් විමසා ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කළේ.


එහිදී නිමල් සිරිපාලද සිල්වා අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ පක්ෂයේ තනතුරුවලින් ඉවත් කරමින් ලිපි නිකුත් කර ඇති බැවින් යළිත් මෙවැනි සාකච්ඡාවලට තමන්ට හෝ මහින්ද අමරවීර අමාත්‍යවරයාට පැමිණෙන ලෙස දැනුම් නොදෙන ලෙසයි.

එහිදී පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර ඇත්තේ එවැනි ලිපි නිකුත් කර නොමැති බවයි.


ඒවා එක් එක් පුද්ගලයින්ගේ අවශ්‍යතා මත සිදුකර ඇති බව සඳහන් කර හිටපු ජනාධිපතිවරයා පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා අදාළ ලිපිය යොමු කර ඇති බව ද හෙළි කර තිබෙනවා.


මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තීරණයට පටහැනිව යමින් අමාත්‍ය ධුර ලබා ගත් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ මහින්ද අමරවීර මහතාට එරෙහිව විනය ක්‍රියාමාර්ග නොගන්නා බව ද පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුම් දී තිබෙනවා.


කෙසේ වෙතත්, පසුගියදා පක්ෂ සභාපතිවරයා ප්‍රකාශ කර තිබුණේ නිදහස් පක්ෂයේ තීරණයට පටහැනිව යමින් අමාත්‍ය ධුර ලබා ගැනීම සම්බන්ධයෙන් ඔවුන් පක්ෂය තුල දරණ තනතුරුවලින් ඉවත් කරන බවයි.


විනය ක්‍රියාමාර්ග නොගන්නා බවට ප්‍රකාශ කිරීමෙන් පසු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සඳහන් කර ඇත්තේ ඒ පිළිබඳව තමන්ට ලිඛිතව දැනුම් දෙන ලෙසයි.


එසේ නොවුනහොත් ඉදිරි සතිය තුල නෛතික ක්‍රියාමාර්ගවලට එළඹෙන බව ද ඔහු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැනුම්දී තිබෙනවා.


එහිදී කලබල නොවන ලෙසත්, විනය ක්‍රියාමාර්ග නොගන්නා බවත් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කර තිබෙන බව එම ආරංචි මාර්ග පැවසුවා.


එසේම, සර්ව පාක්ෂික ආණ්ඩුවක යෝජනාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනාවක් බවත්, එය ඉදිරියට පවත්වාගෙන යෑම වගකීමක් බවත් මෙහිදී ප්‍රකාශ කර ඇතැයි වාර්තා වනවා.


මේ සම්බන්ධයෙන් අදහස් දැන ගැනීමට අප දයාසිරි ජයසේකර මහතා සම්බන්ධ කර ගැනීමට කිහිප වතාවක් උත්සාහ කළද නොහැකි විය.


Wednesday, June 1, 2022

දයාසිරිගෙන් අමරවීරට බෝම්බයක්


දයාසිරි වසර ගණනාවක සිටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රබලයන් පැත්තකට කර, පක්ෂ නායකත්වය සඳහා බාධා ඉවත් කරගනිමින් සූක්ෂ්ම ගමණක නිරත් වන බව බොහෝ දෙනෙකුට නොරහසකි. එහි අලුත්ම උත්සාහය වන්නේ මහින්ද අමරවීරව පක්ෂ අභ්‍යන්තරයේ විශාල විරෝධයක් නිර්මාණය වන ආකාරයේ ගැටලු ඇති කිිීමයි. 


දයාසිරි පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කර ඔවුන්ගේ මන්ත්‍රී  ධුර වලින්පන්නා දැමීමටයි. එහි වගකීම මහින්ද අමරවීර වෙත පවරා තිබේ. නීත්‍යානුකූල ව එලෙස ඔවුන්ගේ මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රද්ධුර ඉවත් කළ නොහැකි බවදදයාසිරි නොදැන ඉඳීදැක් සිතිය නොහැකිය. මන්ද මීට මාස කීපයකට පෙරත්ද්යාසිරි එවැනි තීරණවලට එරෙහිව එම මන්ත්‍රීවරුන්  පනවා තිබූ නඩු කිහිපයක් ම දයාසිරි පරාජයට පත්වූ බැවිනි. 

කෙසේ හෝ මීට අමරවීර මැදිහත් වන්නේ නම් ඔහුගේ සන්ධාන ලේකමද්ධුරය පවා ප්‍රශ්න කිරීමට ලක්වනු ඇත. මන්ද ඔහු ම ේමොහොතේත් අමාත්‍ද්ධුරයක් භාර ගැනීමමපක්ෂ වුවහොත්




 මෛත්‍රීපාල සිරිසේනගේ දෙපිට කාට්ටු වැඩපිළිවෙළ නිසා මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රාදේශීය මට්ටමේ නායකයන් වෙනම ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙන බව වාර්ථා වී තිබේ. 

එක් පසකින් රාජපක්ෂවරු දේශපාලනිකව විනාශ වෙද්දී අනෙක් පැත්තෙන් වත්මන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නයකයින් ද දරුණු ලෙස සෝදාපාලුවට ලක්ව තිබේ. මේත්ත්වය මත ශ‍රි ල්ංකා නිදහස් පක්ෂ නායකයින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා ට පනිවිඩ යවමින් ඉල්ලා තිබෙන්නේ පක්ෂය ගොඩ නැගීමට නැවත ඉවුන් සමග එකතු වන ලෙසයි. 

එහිදී ඇය එම යෝජනාව පිළිකුලෙන් යුතුව බැහැර කර ඇති අතර වත්මන් පක්ෂ නායකයාට හෝ ලේකම්වරයාට මේ පක්ෂැයැ ණවත ගොඩනැගීමට කිසිස්දු හැකියාවක් නොමැති බවත්, ඔවුන් එමත්නතුරුවල සිටින තාක් කල් පක්ෂයට අනාගතයක් නොමැති බවත් ප්‍රකාශ කර තිබේ. පක්ෂය තුළ ඉදිරිදෙේපාලන අනාගතයක් බලාපොරොත්තු වන කිසිවෙකු හෝ සිටී නම් මේ මොහොතේ කළ යුත්තේ පක්ෂ නායකයන්  වෙනුවට මිනිසන්ු පිලිගන්නා නායකයන් පිරිසක් පත් කර ගැනීම බව ප්‍රක්රශ කර තිබේ.