Sunday, December 18, 2022

අද වගේ දවසක

 



 










ශක තුනකට ආසන්න කාලයක් පුරා පැවති බෙදුම්වාදී යුද්ධය හේතුවෙන් අපිට අහිමි වූ දෑ බොහෝය. බෝම්බවලට හසුවීමෙන් සුනුවිසුණු වූ ගොඩනැගිලිවල අබලිවලින් හෝ ගිනිගෙන දැවුණු බස්රථවලින් එය කිසිසේත්ම තක්සේරු කළ නොහැකිය. ඒ එම තිස්‌ අවුරුදු කාලය තුළ යුද්ධයට ගොදුරු වී මියගිය උතුරේ මෙන්ම දකුණේද දහස් සංඛ්‍යාත මිනිසුන්ගේ ජීවිතවල වටිනාකම මෙතෙකැයි කියා මිළ නොකළ බැවිනි. ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයෙක්‌, ඉන්දීය අගමැතිවරයෙක්, කීර්තිමත් විදේශ අමාත්‍යවරයෙක්, නාවුක හමුදාපතිවරයෙක්, ගාමිණී දිසානායක, ලලිත් ඇතුලත්මුදලි ආදී ප්‍රබල පුද්ගලයන් රැසක් එල්ටීටිඊය විසින් ඉතාමත් ආත්මාර්ථකාමී ලෙස බිලිගෙන තිබුණි.ඔවුන්ගේ මීළඟ ඉලක්කය වූයේ ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගයි.

 

1999 වර්ෂය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රමුඛ පොදු පෙරමුණු රජයට ඉතා සුවිශේෂී වසරක් විය. දෙසැම්බර් මාසයේ පවත්වන්නට තීරණය කර තිබූ ජනාධිපතිවරණය වෙනුවෙන්, එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක රනිල් වික්‍රමසිංහට එරෙහිව ප්‍රබල සටනක් ලබාදීම ඔවුන්ට සිදුවී තිබුණි.තවද 1995 වර්ෂයේදී යාපනය අර්ධද්වීපය ත්‍රස්ත ග්‍රහණයෙන් මුදාගැනීම, කුමාරතුංග රජය විසින් ගෙනගිය සාම ව්‍යාපාරය විසින් විශාල පු

 

පුරවැසියන් සංඛ්‍යාවක් සාම මාවත වෙත ආකර්ෂණය වීම ආදී හේතු නිසාවෙන් එල්ටීටීඊ සංවිධානය රජය සමඟ දැඩි වෛරයකින් පසුවිය. බුද්ධි අංශ විසින් මැතිවරණ ව්‍යාපාරය අතරතුර ජනාධිපතිනියගේ මෙන්ම විපක්ෂ නායකවරයාගේද ආරක්ෂාවට තර්ජනයක්‌ විය හැකි බවට ඔවුන්ගේ ආරක්ෂාව භාර වගකිවයුත්තන්ට දැනුම් දී තිබුණි.

 

ඒ දෙසැම්බර් 18 වැනිදාය.එදින උදෑසන සහ දහවල් කාලයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් කොළඹින් පිටත පැවති මහජන හමු කිහිපයකට සම්බන්ධ වූ අතර පසුව පොළොන්නරුව ප්‍රදේශයේ පාසලක ත්‍යාග ප්‍රදානෝත්සවයක් සඳහා සහභාගී වූවාය.මෙකල ජනාධිපතිනිය වෙත ඉතා විශේෂ ආරක්ෂාවක් සැපයීමට ජනාධිපති ආරක්ෂක අංශය කටයුතු කර තිබුණි. කාලයේ හැටියට ඕනෑම මිනිත්තුවක

එක් හුදකලා වෙඩික්කරුවෙකුට නැවත වතාවක් ශ්‍රී ලංකාවේ සමස්ථ ගමන් මඟ වෙනස් කිරීමේ හැකියාව පැවතුනි.ජනාධිපතිනිය පොළොන්නරුවේ සිට නැවත කොළඹ බලා පැමිණෙන්නේ එදින රාත්‍රියේ කොළඹ පුරහළ භූමියේදී සංවිධානය කර තිබුණු පොදු පෙරමුණේ අවසන් රැළිය සඳහා සහභාගී වීමටයි.නමුත් ප්‍රභාකරන් සහ පොට්ටු අම්මාන් ප්‍රමුඛ එල්ටීටීඊය විසින් එදින ඇයගේ ජීවිතයේ තීරණාත්මක දිනයක් බවට පත්කිරීමට සැලසුම් කොට තිබුණු බවට ඇය නොදැන සිටියාය.මෙම රැළිය අතරවාරයේ ජාඇල පැවති එක්සත් ජාතික පක්ෂ රැළියක් අතරතුර එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් හිටපු යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ලකී අල්ගම ඇතුළු කිහිපදෙනෙක් මරණයට පත්වී ඇති ආරංචිය පැමිණියේය.

 

රැළිය ආමන්ත්‍රණය කිරීමෙන් පසුව රාත්‍රී 9.30 පමණ ඇය වේදිකාවෙන් බැස ඊට නුදුරෙන් නවතා තිබුණු ඇයගේ නිල රථය වෙත ගමන් කරමින් සිටින අතරවාරයේ BBC මාධ්‍ය ජාලයේ මාධ්‍යවේදිනියක් විසින් ඇය වෙත මයික්‍රෆෝනය දිගු කරනවත් සමඟම මරාගෙන මැරෙන බෝම්බකාරිය විසින් බෝම්බය පුපුරුවා හැරියාය. ආරක්ෂක අංශ සාමාජිකයන් විසින් වහාම ජනාධිපතිනිය ජාතික රෝහලට රැගෙන යාමට පියවර ගත්තත් ජාතික රෝහලට ගෙනයන අවස්ථාවේදී දෙවන ප්‍රහාරයක් එල්ලවිය හැකි බැවින් නවලෝක රෝහල වෙත ගමන් කිරීමට ජනාධිපතිනිය විසින් උපදෙස් ලබාදී තිබුණි. විශේෂයෙන්ම එවැනි බරපතල අවස්ථාවක පවා ඉතා සංවේදී කාරණා පිළිබඳව ඇය විසින් අවධානයට ලක්‌ කිරීම පුදුමයට කරුණකි. එහිදී ඇයව ශල්‍යකර්මයකට භාජනය කෙරුණු අතර ඇයගේ දකුණු ඇසට බරපතල ලෙස හානි සිදුවී තිබුණි.කෙසේ වෙතත් ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ ඇය ජාතිය ඉදිරියේ පෙනී සිටිමින් සාමය වෙනුවෙන් වන ක්‍රියාදාමය ඉදිරියට ගෙනයාමට කැපවෙන බවට ජාතිය ඉදිරියේ පොරොන්දු වූවාය.

 

මේ අන්දමට ඉතිහාසයේ තවත් එක් දේශපාලන ඝාතනයක්‌ ඉතා දෛවෝපගත අන්දමට වැළකුණු බව පෙනෙන්නට තිබේ.රාජපක්ෂ රෙජීමයේ ආධාර ලැබූ ඇතැම් ව්‍යාජ සුචරිත මාධ්‍යවේදීන්ගෙන් ඇතැමෙක් මෙය කුමාරතුංග පාර්ශවයේම සැලසුම් සහගත ක්‍රියාවක් යැයි පැවසුවත් එම පදනම් විරහිත චෝදනාවලට, අධිකරණය විසින් මෙම සිද්ධිය සම්බන්ධව ලබාදුන් නඩු තීන්දුවලට අභියෝග කිරීමේ හැකියාවක් මෙතෙක් තිබී නැතිබවද කිවයුතුය.

 

අවසානයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් මෙම බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව පළමු වරට ජාතිය ඇමතීමේදී කළ කතාවෙන් කොටසක් උපුටා ගන්නේ එයින් ඇය විසින් සාමය පිළිබඳව තබා තිබූ නොබිඳුණු විශ්වාසය මොනවට පැහැදිලි වන නිසාය.

 

" I challenge them to say, if they dare, that Chandrika Bandaranaike Kumaratunga is not genuine in her desire to forge a permanent peace with the arms of compassion and love.

 

I will answer them, indeed the very wounds I bear will answer them that there is no individual on this Earth more determined than I am to end this country’s wretched and mindless bloodshed and destruction. I will answer them that there is no other political leader in this country who sees so clearly as I do the enemy that walks so freely about in our land. That enemy is hatred and he stands in front of me as I speak. I see him. I know him. I, and my family, and this nation, have felt his touch one too many times.

 

Indeed it is with unshakeable confidence that I declare that I have felt his touch for the last time. Because from this day forward I shall not rest until I have rid this land, of hatred and its curse of death and destruction."

 

- සහන් තෙන්නකෝන්

 

Friday, December 16, 2022

බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය වසා දමයි

 


හෝමාගම, පිටිපන පිහිටි ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය ලබන සඳුදා (19) සිට දින කිහිපයක් තාවකාලිකව වසා තබන බව එහි මහෝපාධ්‍ය මහාචාර්ය නෙළුවේ සුමනවංශ හිමියෝ පැවසූහ.

 එහි නේවාසිකාගාරවල සිටින සිසුන් අද (16) සවස 4න් පසු නේවාසිකාගාරවලින් පිටවී යා යුතු අතර, නේවාසිකාගාර යතුරු නේවාසිකාගාර උපපාලකවරුන්ට භාරදෙන ලෙස ඔවුන්ට දැනුම් දුන් බව ද මහෝපාධ්‍ය හිමියෝ සඳහන් කළහ.

 සඳුදා සවස 4.00 න් පසු නේවාසිකාගාරවලින් සියලු සිසුන් ඉවත්විය යුතු බවත්, අනවසරයෙන් රැඳී සිටියහොත් නීති රීති රෙගුලාසි අනුව කටයුතු කරන ලෙස පොලිස්පතිවරයා ඇතුළු නීතිය ක්‍රියාත්මක කරන අයගෙන් ඉල්ලා සිටින බව ද උන්වහන්සේ කීහ.

Thursday, December 15, 2022

සංක්‍රාන්ත්‍රික ලිංගික ප්‍රජාවගේ (LGBTQ) අයිතිවාසිම් ආරක්ෂා කරන්න නීති ගේනවා

  


කාන්තාවන් සේම සමාජය තුළ දැඩි හිංසනයකට ලක්වන සංක්‍රාන්ත්‍රික ලිංගික ප්‍රජාවගේ (LGBTQ) අයිතිවාසිම් ආරක්ෂා කිරීම වෙනුවෙන් නීති ගෙන ඒමට පාර්ලිමේන්තුව බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය සඳහන් කළාය.

පාර්ලිමේන්තු කාන්තා මන්ත්‍රී සංසදයේ සංවාදයකදී අමාත්‍යවරිය මේබව සඳහන්කර තිබේ. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරිය,  

“අපි කොච්චර කාන්තා අයිතීන් දිනාගෙන තියෙනවා කියලා කිව්වත් අදටත් අපේ රට ඇතුළු ලෝකයේ බොහෝ තැන්වලදී කාන්තාව වෙනස්කොට සැලකීමට භාජනය වෙනවා. ඒවගේම ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පිළිබඳ තිබෙන සමානත්වය අතපසුවීම් සිදුවෙනවා. මේ නිසා කාන්තාවෝ කිසියම් මානසික පීඩනයකට ලක්වෙනවා.

ඒවගේම කාන්තාවන් ගෘහස්ත හිංසනයට ලක්වෙනවා. ඒක කාටවත් කියාගන්න බැහැ. පොලීසියකට යන්න බැහැ. යාලුවෙකුට හිතවතෙකුට කියන්න බැහැ. ගෙදර ඇතුලේ හිංසනයකට ලක්වෙන අවස්ථා තිබෙනවා. නමුත් මොනවාහරි හේතු ඉදිරියට දාගෙන අපේ රටේ කාන්තාවෝ එක දාරාගෙන ඉන්න පුරුදුවෙලා තියෙනවා. ඒ විදිහටත් දුක් විදිනවා.

ඒවගේම සංක්‍රාන්ත්‍රික ලිංගික ප්‍රජාව (LGBTQ) ලිංගික හිංසනයකටත් වඩා වැඩි දැඩි මානසික පීඩනයකට ලක්වෙනවා. ඔවුන්ට සමාජයේ තැනැක් නැහැ. ජීව විද්‍යාත්මකව උපතින්ම ඇතිවුන යම්කිසි සිදුවීමක් නිසා එයාට මේ අයිතිවාසිකම් නැතිවෙන්න විදිහක් නැහැ. එහෙමනම් මේ මානව හිමිකම් කොහෙද තියෙන්නේ.

ඒවගේම වැඩකරන ස්ථානයේ කාන්තාව හිංසනයට ලක්වෙනවා. මේ නිසා සංක්‍රාන්තික ලිංගිකයින් සම්බන්ධයෙන් ඔවුන්ට වන හිංසනයට එරෙහි නීති ගේන්න කියලා අපි පාර්ලිමේන්තුවට කියලා තියෙනවා. ඔවුන්ගේ අයිතීන් රැකලා දෙන්න කියන කතාබහ අපි මේවනවිට කතාරගෙන යනවා. ඒවගේම ශෘහස්ත හිංසනය අවම කිරීම සම්බන්ධයෙනුත් අපි වැඩපිළීවෙලත් සකස් කරගෙන යනවා. මේ කටයුත්ත මන්ත්‍රීවරියන්ට පමණක් අයිති දෙයක් නෙවෙයි. අපිට විතරක් මේක කරන්න බැහැ. මේ හිංසනයට ලක්වෙන ඔනෙම ප්‍රජාවක් වෙනුනේ ඒ සියලුදෙනාට සමාන අයිතිවාසිකම් තියෙනවා කියන දේ තහවුරු කරන්න අපි හැමෝම කටයුතු කළ යුතුයි කියලා මම හිතනවා”” යැයි පැවසුවාය.



උඩරට ලොකුම විවාහය

 

එකම පවුලේ අම්මයි තාත්තයි, දුවයි බෑනයි, ආච්චියි සීයයි එකම දවසේ විවාහ වූ පුවතක් යටිනුවර ප්‍රදේශයෙන් වාර්තාවෙයි.                                                                                                                                                                 මෙම සුවිශේෂී විවාහය සංවිධානය කර ඇත්තේ යටිනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයි.    එහිදී මෙතෙක් නීත්‍යානුකූල ලෙස විවාහ නොවී සිටි පවුල් 19කගේ විවාහ ලියාපදිංචිය සිදුකර තිබේ. නීත්‍යානුකූල ලෙස විවාහ නොවී සිටීම හේතුවෙන් එම පවුල්වල උපදින දරුවන් වෙත උප්පැන්න සහතික නිකුත් කිරීමේදී ඇතිවන ගැටලු, සේවක අර්ථසාධක අරමුදල් ලබාගැනීමේදී ඇතිවන ගැටලු අවම කරගැනීම සඳහා මෙම විවාහය සංවිධානය කර තිබුණි. එම අවස්ථාවේ සිදුකළ විවාහයන් සඳහා මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා සහ යටිනුවර ප්‍රාදේශීය ලේකම්වරයා සාක්ෂි සඳහා අත්සන් කර ඇත.





අයිස් මඩින අලුත්ම මෙහෙයුම

 

  

පාසල් සිසුන් ඇතුලු තරුණ ප්‍රජාව විවිධ මත්ද්‍රව්‍ය සඳහා ගොදුරුවීමෙන් වළක්වාගැනීමට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට රජය  සැලසුම්කර තිබේ.

ඒ යටතේ පාසල් තුළට මත්ද්‍රව්‍ය පැමිණීම වළක්වාගැනීම සඳහා දිවයිනේ විවිධ පෙදෙස්වල පාසල් සෝදිසි කිරීමේ මෙහෙයුම් දැනටමත් ආරම්භකර ඇති අතර ඒවා මේදිනවල විවිධ දිස්ත්‍රික්ක වල  ක්‍රියාත්මක වේ.  

 මාර්ග පරීක්ෂා

 ඊට අමතරව විශේෂ පොලිස් මෙහෙයුම් එක්ක මේ සඳහා යොදවා ඇති අතර එමගින් මාර්ග වල ධාවනය වන වාහන සම්බන්ධ සෝදිසි කිරීම් සිදුවේ. බස්නාහිර පළාත තුළ එවැනි මෙහෙයුම් කිහිපයක් මේවනවිට සිදුකළ බව පොලීසියය සඳහන් කළේය.

 විශේෂ කාර්ය බලකායේ මෙහෙයුම්

 මත්ද්‍රව්‍ය සම්බන්ධ මෙහෙයුම් සිදුකිරීම සඳහා ජනාධිපතිවරයා විසින් විශේෂ කාර්ය බලකායට බලය පැවරූ අතර මේවනවිට විශේෂ කාර්ය බලකාය වෙනම මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ. ඒ අනුව නිවාස පරීක්ෂාව සහ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම මේ යටතේ සිදුවේ

 ජනවාරි සිට විශේෂ වැඩපිළිවෙලක්

 අධ්‍යාපන පද්ධතිය තුළ මත්ද්‍රව්‍ය මැඩලීමට ජනවාරී සිට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියත්මක කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයත්ත මහතා සඳහන් කළේය,

"මේ ගැන හංගන්න දෙයක් නැහැ. අපි නිකන් හිටියේ නැහැ.. දැන් මාසෙකට දෙකකට කලින් ඉඳන් කොළඹ කලාපය මුල් කරගෙන වැඩසටහනක් හැදුවා. දැන් අපි ඒක පුළුල් කරනවා මුළු දිවයිනටම. ජනවාරි සිට පටන් ගන්නවා. මීට මාසයකට විතර කලින් අයිස් මත්ද්‍රව්‍ය නිසා පුනුරුත්ථාපනය සඳහා 81 දෙනෙක් යවලා තිබෙනවා."

 රේගුව මගින් පරීක්ෂා කිරීම්

 මීට අමතරව සාමාන්‍ය පරිදි සිදුකළ මත්ද්‍රව්‍ය මැඩලීමේ මෙහෙයුම් එලෙස ක්‍රියාත්මක වන අතර ඒ යටතේ රේගුවද එම කටයුතු සිදුකරමින් පවතී.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විදේස් රටවල සිට මෙරටට මත්ද්‍රව්‍ය ගෙන්වන විවිධ ක්‍රමපිළිබඳව සොයාබලා අවශ්‍ය පියවරගැනීමට මේවනවිට රේගුව ඇතුළු විශේෂ කණ්ඩායම් යෙදවීමටද රජය කටයුතු කර ඇත.

 වැටලීම් සිදුකිරීම

 පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් 2022 මේ වසර තුළ දී හෙරෝයින් කිලෝ ග්රෑම් 1,425 ක් , ගංජා කිලෝ ග්රෑම් 11,665 ක් කොකේන් කිලෝ ග්රූම් 371 ක් හෂීස් කිලෝ ග්රූම් 40 ක්   අයිස් කිලෝ ග්රූම් 107 ක් සහ මත්පෙත් 97,828 කරල් 21,023  අත්අඩංගුවට ගෙන ඇත.

 නීති සංශෝධන

 මත්ද්‍රව්‍ය සම්බන්ධ නීති සංශේධන කිහිපයක් වත්මන් රජය විසින් මෑතකාලයේදී සිදුකළ අතර ඒ අනුව විෂ වර්ග අභිං සහ අන්තරරායකාර ඖෂධ පනත සංශෝධනය කර “අයිස්” මත්ද්‍රව්‍යක් ලෙස ඇතුළත් කිරිම සිදුවිය.

එමෙන්ම විෂ මත්ද්‍රව්‍ය ලෙස භාවිත කරන ඖෂධ සම්බන්ධයෙන් ක්‍රියාත්මකවීමද රජයේ අවධානය යොමුව ඇති බව අධිකරණ අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

 සෞඛ්‍ය හානී

මත්ද්‍රව්‍ය සියල්ල ශරීරයට අහිතකර වන අතර සමාජයටද හානී පමුණුවයි. වර්තමානයේ පාසල් සිසුන් ගොදුරුකරගන්නා අයිස් මත්ද්‍රව්‍ය භාවිතය තුළින් මතකය අඩුවීම , මෙලේ ශෛල විනාශ කිරීම,  නින්ද නොයෑම , විවිධ රෝග වලට ගොදුරුවීමේ අවධානම වැඩිවීම, මුඛය තුවාල වීම,  අධික ලෙස කෙට්ටුවීම , ලේ හිඟවීම ආදී අවධානම් රුසකට මුහුණ දීමට සිදුවන බව වෛද්‍යවරුන් ප්‍රකාශ කර තිබේ.

මෙම මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවුවෙකුගේ ජීවත්වීමේ කාල සීමාව වරස දෙකකට තරම් කෙටි කාලයක් වන බවද සෞඛ්‍ය අංශ සඳහන් කරති.

පාසල් අවට හදිසි සෝදිසි මෙහෙයුම්

 



පාසල් ප්‍රජාව අතර මත්ද්‍රව්‍ය භාවිතය ඉහළගොස් ඇති බැවින් පාසල් සහ ඒ අවට හදිසි සෝදිසි මෙහෙයුම් නිරන්තරයෙන් සිදුකිරීමට සහ ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.

ඒ අනුව දිවයිනේ විවිධ ප්‍රදේශවල හදිසි මෙහෙයුම් සිදුකිරීමට මෙන්න පාසල් ළමුන් පරීක්ෂාකිරීමේ කටයුතු මේ දිනවල පොලිසිය විසින් සිදුකරමින් සිටියි.

එමෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විදේස් රටවල සිට මෙරටට මත්ද්‍රව්‍ය ගෙන්වන විවිධ ක්‍රමපිළිබඳව සොයාබලා අවශ්‍ය පියවරගැනීමට මේවනවිට රේගුව ඇතුළු විශේෂ කණ්ඩායම් යෙදවීමටද රජය තීරණය කර තිබේ.

මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමේ ක්‍රියාවලිය විශේෂ කාර්ය බලකායට ලබාදිමට තීරණය කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සතියේ ප්‍රකාශ කර තිබු අතර විශේෂ කාර්ය බලකාය ද එම මෙහෙයුම් ආරම්භකිරීමට සුදානමින් සිටින  බව වාර්තා වේ.