Wednesday, July 13, 2022
ඔන්න අහගනිං පැතුම් කර්නර් vs අනුරුද්ධ බංඩා ස්ටෝරිය
අරගලයේ සැබෑ අරමුණ ජය ගැනීමට වෙහෙසෙමු
මාස තුනක අඛණ්ඩ අරගලයකින් පසු මෙරට පොදු ජනතාවට අති විශාල ජයග්‍රහණයක් අත්පත් කරගැනීමට හැකි විය. ඒ රාජපක්ෂ පවුල මෙරට දේශපාලන භූමියෙන් අතු ගා දැමීමට හැකිවීමයි. එහෙත් තවම අප ජය පැන් බී කිරිබත් කෑමට කලබල නොවිය යුතු ය. මන්ද අපට තව දිනා ගත යුතු දේ බොහෝ වන නිසාවෙනි. මෙහි දී අපි විශේෂයෙන්ම සැලකිලිමත් විය යුත්තේ රාජපක්ෂ පාලනය විසින් ගොඩ නැගූ රාජපක්ෂවාදය පරාජය කිරීමට කටයුතු කිරීමයි.
රාජපක්ෂවරු මේ රට පාලනය කළේ ජාතිවාදය, ආගම්වාදය හැකිතරම් අවුලුවාලමිනි. එහෙත් ඒ සියලු බේද අරගලයේදී සී සීකඩව බිඳ වැටුනි. මෙරට තරුණ ප්‍රජාව සියලු බේද පසෙක ලා එකා මෙන් එකට එකතු විය. වර්ගවාදය විනාශ විය. අපි එහි උතුම් පල මේ මොහොතේ නෙලා ගත යුතුය. මේ රට තුල ජාතිවාදයට, ආගම්වාදයට නැවත ඉඩක් නොමැති බව ලෝකයාට ඒත්තු ගැන්විය යුතු ය.
ඊට ඇති හොඳම විසඳුම M.A සුමන්තිරන් මහතා ජනාධිපති කරවීම ය. ඔහු උගතෙකි. බුද්ධිමතෙකි. අවංක දේශපාලඥයෙකි. ජාත්‍යන්තරය පිළිගත් නායකයෙකි. ඔහට්මෙත්න්තුර සඳහා ඇති එකම නුසුදුසු කම නම් දමිළ ජාතිකයෙකු වීම පමණි. අපි ජාතිවාදය ප්‍රතික්ෂේප කරන්නේ නම් අපි මේ මොහොතේ කළ යුත්තේ එවැනි නායකයෙකුට බලය ලබා දීමය.
දෙමළ ඩයස්පෝරාව සතු අරමුදල් අප රටේ සංවරධනයට දායක කර ගැනීමට ද ඔහුට හැකියාව පවතී. එසේ නම්. අපි අලුත් පරපුරේ දියුණු චින්තනය ලෝකයට ප්‍රදර්ශනය කරමු. අපේ රට වෙනුවෙන් ජාති ආගම් බේද පසෙක ලා එකා මෙන් නැගී සිටිමු.
මේ අපේ රටයි. දියුණු මිනිසුන් ලෙස අපි අපේ රට ගොඩනගමු. ජාති ආගම් බේද පසෙක ලමු.
Tuesday, July 12, 2022
ෆොනී රජ කරන්න පෙරටුගාමීන් උත්සාහයක
අන්තර් කාලීන රජයේ ජනාධිපති ධුරය සඳහා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පත් කිරීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂ අභ්‍යන්තරයේ කථිකාවතක් නිර්මාණය වී තිබේ.
මේ වන විට පෙරටුගාමී නායකයන් ෆොන්සේකා සමග සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා ඇති අතර රජපක්ෂවරු ඇතුළු සියලු දූෂිතයන්ට දඬුවම් කිරීමත්, එලඹෙන මහා මැතිවරණයේ දී පෙරටුගාමීන් සමග සන්ධානගතව මැතිවරණය පවත්වා අරගලත්රුණ පිරිසක් පාර්ලිමේතුවට ගෙන ඒමටත් එහි ිී එකඟතාවන්ට එළඹ තිබේ.
සජිත් ප්‍රේමදාසට බලය ලබා දී ඔහු අන්තර් කාලීන රජය තුළ අසතථ්ක්ත්වයට පත්වීමෙන් පසු මහා මැතිවරණයකින් බලය ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටින ජනතාවිමුක්ති පෙරමුණ මේ හේතුවෙන් ඉතාමත් කළබලයට පත්ව ඇති අතර මේ වන විට අරගල භූමියේ ඇතිවන ගැටුම් එහි ප්‍රතිපලයක් බව සැලකේ.
කෙසේ වෙතත් මේ වන විට අරගලයේ නායකයන් ත්ා ඔහල මිලකට අලෙවි වෙමින් පවතින බව ආරංචි ය. සජිත් ප්‍රේමදාස විසින් වැඩි මිලකට රැට්ටා මිලදී ගැනීමත් සමග තත්ත්වය තවත් දරුණු වූ බව ආරංචි මාර්ග පවසයි.
මහජනතාව විසින් මහත් පරිශ්‍රමයකින් දිනා ගත් මේ අරගල ජයග්‍රහණය ඈලියාවට යන්න නොදී හරි මාවතේ පවත්වා ගැනීම අරගල නායකයන්ගේ වගකීමකි.
Saturday, July 2, 2022
කුලියාපිටිය නගර සභාව තාක්ෂණය භාවිත කරන හැටි
උතුරේ යුද්ධෙ කාලේ මුද්දරේට තෙල් දුන්න හැටි
ශ්‍රී ලංකාව රටක් ලෙස මුහුණ දී තිබෙන ඉන්ධන අර්බුදය ජාත්‍යන්තරයට ගිය කාරණාවක් වී තිබේ. ඉන්ධන අර්බුදයට පිළියම් යෙදීම සඳහා බලධාරිහු විවිධ තීන්දු තීරණ ගනිති. ඒ අනුව බලධාරින්ගේ අවධානය යොමු වූ එක් පිළියමක් වූයේ සළාක ක්‍රමයට පාරිභෝගිකයන්ට ඉන්ධන ලබා දීමයි. මෙය තවත් ලෙසකින් කිවහොත් කූපන් ක්‍රමයට ඉන්ධන බෙදා හැරීමයි. වැඩිහිටියන්ට මේ කූපන් ක්‍රමය අලුත් දෙයක් නොවේ. 1970-1977 පාලන සමයේදී පාන්, හාල්, සීනි, ආදී බොහෝ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට සිදුවූයේ කූපන් ක්‍රමයටය. නමුත් නව පරපුර මේ කූපන් ක්‍රමය අත්විඳ නොමැත. කෙසේ නමුත් මේ වනවිට කූපන් ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා මූලික පියවර ගෙන ඇත.
උතුරේ ජනතාව විශේෂයෙන් වව්නියාවේ ජනතාව යුද සමයේ සලාක මුද්දර ක්‍රමයට ඉන්ධන ලබාගත් බව රටේ බොහෝ දෙනා දන්නේ නැත. නමුත් සත්‍ය කතාව නම් වව්නියාව ජනතාව වසර ගණනාවක් තිස්සේ තම ඉන්ධන අවශ්‍යතාව සපුරාගනු ලැබුවේ රජයෙන් මුදලට දෙනු ලැබූ ඉන්ධන සලාක මුද්දරයෙනි.
මෙවැනි ඉන්ධන මුද්දරයක් නිකුත් කිරීමට සිදුවන්නේ එල්.ටී.ටී.ඊ. සංවිධානය එවකට පැවැති සාම ගිවිසුමෙන් ඒකපාර්ශ්වීයව ඉවත්වී 1990 දී හදිසියේම දෙවැනි ඊලාම් යුද්ධය ආරම්භ කිරීමත් සමගය. කොටි සංවිධානය විසින් ප්‍රහාරය එල්ල කරන අවස්ථාව වනවිට වව්නියාවේ ගම්මාන කිහිපයක දහස් ගණනක් සිංහල ජනතාව පදිංචිව සිටියෝය. එමෙන්ම කඳවුරු ගණනාවක මෙන්ම පොලිස් ස්ථාන රැසක හමුදා හා පොලිස් නිලධාරිහු ස්ථානගතවී සිටියහ. එවකට වව්නියාව ආඥාපතිව සිටි මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතා විසින් එකල අපූරු ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කරන ලදී. ඔහු විසින් වව්නියාව හා පදවිය ප්‍රදේශය මැදිකර ආරක්ෂක වැටක් ඉදි කිරීමට කටයුතු කරන ලදී. මෙම ආරක්ෂක වැටෙන් දකුණු ප්‍රදේශය සිංහල ගම්මාන හා ආරක්ෂක අංශ කඳවුරු පිහිටි අතර උතුරු ප්‍රදේශයේ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් හා කොටි කඳවුරු පිහිටා තිබිණ.
ආරක්ෂක වැට ඉදි කිරීමෙන් කොබ්බෑකඩුව මහතා බලාපොරොත්තු වූයේ කොටි සාමාජිකයන් සිය දහස් ගණනින් නිදහසේ පැමිණ සිංහල ගම්මාන හා හමුදා කඳවුරු වෙත එල්ල කරන ප්‍රහාර අවම කිරීමයි. එම සැලැස්ම සාර්ථක වූ අතර ආරක්ෂක වැට ඉදි කිරීමෙන් පසු කොටි සංවිධානයෙන් දැවැන්ත ප්‍රහාර එම ප්‍රදේශයට එල්ල වූයේ නැත. කෙසේ නමුත් ආරක්ෂක වැට ඉදි කිරීමත් සමඟ ඉදිරි ආරක්ෂක වළල්ල එසේත් නැතහොත් FDL යන වචනය ආරක්ෂක අංශ සාමාජිකයන් අතර මෙන්ම උතුරේ ජනතාව අතරද ව්‍යවහාර වන්නට විය. එමෙන්ම ඉදිරි ආරක්ෂක වළල්ල ආසන්නයේ පිහිටි සිංහල ගම්මාන මායිම් ගම්මාන ලෙස හඳුන්වන්නට විය.
කිලෝ මීටර් සියයක් (100ක්) පමණ දිගට ඉදිකර තිබූ ආරක්ෂක වැට තුළ මීටර් 100-200 පරතරයකින් ආරක්ෂක බංකර ඉදිකර තිබිණ. කොටි සාමාජිකයන් එහා මෙහා යෑම හා සැපයුම් වැළැක්වීම සඳහා දිවා රාත්‍රි දෙකෙහි යුද හමුදාව හා පොලිසිය ආරක්ෂක බංකරයන්හි රැකවල්ලා සිටියහ. කෙතරම් රැකවල්ලා සිටියද වැව් වගුරු බිම් ආදී ආරක්ෂක වැට ඉදිකර නොමැති ස්ථාන අතරින් කොටි සාමාජිකයින් සුළු පිරිස් එහා මෙහා යෑම සිදුවිය. ආරක්ෂක වළල්ලෙන් උතුර එනම් මුදා නොගත් ප්‍රදේශ වෙත ඩීසල් හා පෙට්‍රල් සැපයුම යුද හමුදාව විසින් තහනම් කර තිබිණ. එසේ වුවද ආරක්ෂක වළල්ලේ ඇතැම් ස්ථාන හරහා විවිධ උපක්‍රම භාවිතා කරමින් සංවිධානය විසින් ඔවුන්ගේ පාලන ප්‍රදේශ වෙත ඉන්ධන ප්‍රවාහනය කරන්නට වූහ.
වව්නියාවේ ඉන්ධන පිරවුම්හල් වෙතින් මිලදී ගන්නා ඉන්ධන කොටි පාලන ප්‍රදේශ වෙත මෙලෙස ප්‍රවාහනය කෙරිණ. මේ තත්ත්වය වැළැක්වීම සඳහා වව්නියාවේ ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන සැපයීම සීමා කෙරිණි. මෙම සීමා කිරීම නිසා වව්නියාවේ පිරවුම්හල් වෙත ඉන්ධන පැමිණියේ ඉතා කලාතුරකිනි. එසේ පැමිණි දින අද දකින්නට තිබෙනවාක් මෙන් දිගු ඉන්ධන පෝලිම් ඇතිවිය. එහිදී ජනතාව විශාල ලෙස පීඩාවට පත්වූහ. ඉන්ධන ගැටලුවට විසඳුම් ලබා දෙන ලෙස විවිධ සංවිධාන රජයෙන් ඉල්ලීම් කරන්නට වූහ. එකල උතුරේ පරිපාලන කටයුතු සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්නා ප්‍රධාන පාර්ශ්වයක් වූයේ ආරක්ෂක අංශයන්ය.
වව්නියාවේ ඉන්ධන ගැටලුවට විසඳුම් ලබාදීම සඳහා ආරක්ෂක අංශ හා පරිපාලන නිලධාරින් අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව වව්නියා ජනතාවට ඉන්ධන ලබාදීමේ ක්‍රමවේදය හඳුන්වා දෙනු ලැබිණි. එහිදී ඉන්ධන සලාක මුද්දර ලබා ගැනීම සඳහා රථවාහන හිමියෙකු සපුරාලිය යුතු මූලික සුදුසුකම වූයේ සිය රථය සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් ලබා දී තිබෙන පොත, වලංගු ආදායම් බලපත්‍රය හා වලංගු රක්ෂණ සහතිකය අනිවාර්යයෙන්ම තිබිය යුතු වීමය.
අනතුරුව අදාළ ලියවිලි ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිගෙන් සහ අදාළ ප්‍රාදේශීය ලෙක්ම්වරයා වෙතින් සහතික කරගත යුතුය. රජයේ නිලධාරින් වෙතින් සහතික කරන ලද ලියවිලි රැගෙන යුද හමුදා සිවිල් සම්බන්ධීකරණ කාර්යාලය වෙත යා යුතුවේ. 211 බලසේනා මූලස්ථානයේ සිවිල් සම්බන්ධීකරණ කාර්යාලය වව්නියාව නගර ආසන්නයේ ‘රම්‍ය නිවස’ නම් ස්ථානයේ පිහිටා තිබුණි.
එම ස්ථානයේ රාජකාරි කරන නිලධාරීන් වෙත ලියවිලි භාරදුන් විට ඉන්ධන සලාක මුද්දර ලැබේ. යතුරු පැදියකට මසකට පෙට්‍රල් ලීටර 15ක්ද ත්‍රි රෝද රථ, මෝටර් රථ සඳහා මසකට ලීටර් 25කද මුද්දර ලැබේ. මෙම මුද්දර ලීටරය හා ලීටර 2 වශයෙන් තිබිණ. සාමාන්‍යයෙන් ලැබෙන ප්‍රමාණයට අමතරව ඉන්ධන අවශ්‍යවන පිරිස් සිටී නම් වැඩි ඉන්ධන ප්‍රමාණයක් ලබා ගැනීම සඳහා හේතු සාධක සනාථ කර වැඩි මුද්දර ප්‍රමාණයක් ලබාගත හැකිය.
එකල වව්නියාවේ ඉන්ධන පිරවුම්හලේ අනිවාර්යයෙන් හමුදා සෙබළු දෙදෙනෙක් රාජකාරිය සඳහා යොදවා තිබිණ. එක් අයකු අයකැමි මේසය අසල අසුන්ගෙන සිටි අතර අනෙක් සෙබළා පොම්පකරු අසල රාජකාරි කළේය. පාරිභෝගිකයා අයකැමි අසල සිටින සෙබළාට මුද්දර ලබාදුන් පසු මුද්දර හා සමාන වටිනාකමට සමාන ඉන්ධන ප්‍රමාණයකට බිලක් ලියන ලෙස අයකැමිට දැනුම් දේ.
අදාළ මුදල් ගෙවූ බිල පොම්පකරු අසල සිටින සෙබළාට දිය යුතුය. සෙබළා පවසන ඉන්ධන ප්‍රමාණය පොම්පකරු පාරිභෝගිකයාට ලබා දේ. මෙම ක්‍රමයේදී අනවශ්‍ය ඉන්ධන පෝලිම් තිබුණේ නැත. තමන්ට හිමි ඉන්ධන සලාකය නිදහසේ ලබාගත හැකිවිය. ඉන්ධන ලබාදීමේදී අව භාවිතා වීම්ද සිදුවූයේ නැත. ඒ මක් නිසාද යත් පිරවුම්හලේ ඉන්ධන සංචිතය උදේ සවස යුද හමුදාව ලබාගන්නා අතර දිනය අවසානයේදි නිකුත් කළ ඉන්ධන ප්‍රමාණයට සමානව සලාක මුද්දර තිබිය යුතු විය.
එමෙන්ම සලාක මුද්දරය ලබාගත යුතු බැවින් සියලු දෙනා ආදායම් බලපත්‍ර හා රජයේ සහතික නිසි වේලාවට ගත්තෝය. එල්.ටී.ටී.ඊ. තර්ජන නිසා යා හැකි ප්‍රදේශ හා ගමන් සීමාවී තිබීම නිසා ලැබුණ ඉන්ධන සලාකය හොඳටම ප්‍රමාණවත් විය. හදිසියේ හෝ මුද්දර අවසන් වුවහොත් මිතුරෙකුගෙන් ණයට ඉල්ලාගෙන ඊළඟ මාසයේ සලාකයෙන් ගනුදෙනුව පියවීමේ දේවල්ද සිදුවිය. මේ ඉන්ධන සලාක මුද්දර ක්‍රමය 2002 වසරේදී එල්.ටී.ටී.ඊ.ය සමග සටන්විරාම අවබෝධතා ගිවිසුම අත්සන් කරන තෙක් ක්‍රියාත්මක විය.
එයින් පසුව උතුරේ ඉන්ධන සලාක ක්‍රමයක් ක්‍රියාත්මක වූයේ 2006 දී යාපනය අර්ධද්වීපය තුළය. 2006 අගෝස්තු මාසයේදී එල්.ටී.ටී.ඊ.ය විසින් මුහමාලෙයි හමුදා මුරපොළ වෙත එල්ල කරන ලද එල්.ටී.ටී.ඊ. ප්‍රහාරයෙන් පසුව යාපනය අර්ධද්වීපය හා රජයේ පාලන ප්‍රදේශ අතර ගොඩබිම් සබඳතා ඇණ හිටියේය. එහිදී මුහුදු මගින් රැගෙන එන සීමිත ඉන්ධන ප්‍රමාණය බෙදා හැරීම සඳහා ඉන්ධන කූපන් ක්‍රමයක් යාපනයේ ජනතාවට හඳුන්වා දෙනු ලැබිණි.
2009 දී යුද්ධය අවසාන වනතෙක් යාපනය තුළ ඉන්ධන කූපන් ක්‍රමය ක්‍රියාත්මක විය. මීට අමතරව යුද්ධය පැවැති දශක දෙකක කාලය තුළ උතුරු පළාත තුළ ධීවරයින් ඇතුළු විවිධ වෘත්තිකයන්ට මෙන්ම ජනතාවට ඉන්ධන ලබාදීම සඳහා විවිධ නීති ක්‍රම හඳුන්වා දී තිබිණ. ඒ අනුව බලන විට සීමිත ඉන්ධන සංචිත ඉන්ධන බෙදා හැරීමේදී කටයුතු කරන්නේ කෙසේද යන්න උතුරු පළාත තුළින් පාඩම් ඉගෙන ගත හැකි බව කිවහොත් නිවැරැදිය.
සටහන
ඕමන්ත ප්‍රියන්ත හේවගේ (ලංකාදීප) (උපුටාගැනීමකි)
Wednesday, June 29, 2022
රාජපක්ෂවරුන් යලි බලයට එන්න බලාගෙන මන්ත්‍රීන් ටික රනිල්ට ණයට දීලා ඉන්නවා
43 සේනාංකයේ නිර්මාතෘ, පාර්ලිමේන්තු මන්ත්‍රී
පාඨලී චම්පික රණවක
අපිට විදේශීය දොරවල් වැහිලා. විදේශයෙන් ඔය ඩොලර් ට්‍රිලියන ගාන එයි කියලා විශ්වාස නෑ. ඒ වගේම විදේශීය වශයෙන් එන මුදල් නිසා අපේ දේශපාලන සහ ආර්ථික ස්වෛරීත්වය සම්පූර්ණයෙන්ම අහිමිවන තත්ත්වයක් තියෙන්නේ. ඒක අපිට දැන් පේනවා. ඒ නිසා අපි අපේ මාවතක් සොයාගත යුතුයි. ඒ නිසා තමයි 43 සේනාංකය හැටියට අපි වැඩපිළිවෙළක් ඉදිරිපත් කළේ.
සමගි ජන බලවේගය යටතේ මහ මැතිවරණයට තරග කර පාර්ලිමේන්තුවට ගිය 43 සේනාංකයේ නිර්මාතෘ පාඨලී චම්පික රණවක මහතා ඉකුත් දා පාර්ලිමේන්තුවේදී ස්වාධීන විය. ඒ ඇයි. මේ ඒ ගැන ඒ මහතා විමසමින් කළ සාකච්ඡාවකි.
ප්‍රශ්නය:- ඔබ සජබෙන් ස්වාධීන වුණා. කවදද ඇමැති ධුරයේ දිවුරුම් දෙන්නේ?
පිළිතුර:- ආණ්ඩුවේ ඇමැතිකමක් බාරගන්න කිසිම අවශ්‍යතාවක් නෑ.
ප්‍රශ්නය:- එහෙම නම් ස්වාධීන වුණේ මොකටද?
පිළිතුර:- මම ඉතාම පැහැදිලිවම කිව්වා. මේ රට වැටී තිබෙන බංකොලොත් භාවයෙන් මුදාගැනීමේ වගකීම බාර ගන්න කිසිසේත්ම බිය වෙන්නේ නෑ කියලා. ඒකට අවශ්‍ය හැකියාව, කුසලතාව හා පිරිස් ඉන්නවා. නමුත් මේ ගොඩනැගිලා තියෙන ආණ්ඩුව ප්‍රකාශ කරපු සර්ව පාක්ෂික ආණ්ඩුව නොවෙයි. ඒ වගේම දේශපාලන පක්ෂ බොහොමයක් ඉල්ලා හිටපු අන්තර්කාලීන ආණ්ඩුවත් නොවෙයි.
ප්‍රශ්නය:- ඔබ හේතු දාලා ඇයි වගකීම් මග හරින්නේ?
පිළිතුර:- වගකීම් හරියට ඉටු කිරීම පිණිසයි මේ කතා කරන්නේ. සර්ව පාක්ෂික ආණ්ඩුවක් කියන්නේ ජනපතිට අගමැතිට පුළුවන් වෙන්න ඕනෑ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ හා ඒවා සමග සන්ධානගතවෙලා ඉන්න පක්ෂ නායකයන් සමග පක්ෂ සමග විවෘත සංවාදයක් කරන්න. රට වැටිලා තියෙන තත්ත්වය මේකයි. ‘අපි සාමුහික උත්සාහයක් දරමු’ කියලා අවම වශයෙන් පොදු සරල එකඟතාවයක් ඇතිකරගත යුතුයි. ඒ වගේම ඒ අයට පුළුවන් වෙන්න ඕනෑ එළියේ මේ අරගලයෙ නියැලිලා ඉන්න පිරිස සමග යම් යාන්ත්‍රණයක් හදාගෙන රටේ ඉන්න වෘත්තීයවේදීන්ගේ සහයෝගය මේ ක්‍රියාවලියට ලබාගන්න, ඒකට පාර්ලිමේන්තුව ඇතුළේ යාන්ත්‍රණයක් හදන්න. පක්ෂ නායකයන්ගෙන් ඉහළ ගණයේ තීන්දු ගැනීමේ මණ්ඩලයක් වගේම අමාත්‍ය ධුරවලට අධීක්ෂණ කාරක සභා 20 ක් හදලා මන්ත්‍රීවරුන් 224 ම දොළොස් දෙනා බැගින් ඒවාට අනුයුක්ත කරන්න.
ප්‍රශ්නය:- ඔය කාරණාවේදී ඔබ නිලධාරි මාෆියාවක් ගැනත් නිතරම කියනවා?
පිළිතුර:- ඔව්. මේ රට වැට්ටුවේ දේශපාලනඥයන් විතරක් නොවෙයි. රට වට්ටන්න බොහෝ දෙනෙක් දායක වුණා. ව්‍යාපාරික ප්‍රජාව, මාධ්‍යවල ඉන්නා අය, කලාකාරයන්, බුද්ධිමතුන් වගේම ආගමික නායකයොත් හිටියා. හැබැයි මේ රටේ ව්‍යාපාරික ප්‍රජාව කියන කණ්ඩායම හැරුණු විට විශාලම බලපෑම කළේ නිලධාරීන්. ඒ නිලධාරීන් තවමත් ඉන්නවා. ඒ නිලධාරීන් මේ අන්තිම මොහොතේදීත් නැව ගිලි ගිලී යද්දීත් කියපු කතා අපට මතකයි. ‘සල්ලි තියෙනවා ඕනෑ තරම්. සංචිත තියෙනවා ඕනෑ තරම්’ කිය කියා තමයි හිටියේ. ඒ නිලධාරින් මේ මහා මූල්‍ය වංචාවල බුද්ධි නිලධාරීන්. මතක තියාගන්න ‘රාජපක්ෂ පවුලේ එකෙකුටවත් ඕ ලෙවල් නෑ’ මේ මහා ජාතික මංකොල්ලයට මම නම් වශයෙන්ම කියන්නම්. පී.බී. ජයසුන්දර, අජිත් කබ්රාල්, ඒ වගේම හේමසිරි ප්‍රනාන්දු වගේ පිරිසක් හිටියා. ගාමිණී සෙනරත් ඒ කණ්ඩායමේ හිටියා. ඒ අය මේ ආණ්ඩුවේ තවමත් ඉස්සරහින් හරි පස්සෙන් හරි ඉන්නවා. මේ දූෂිත නිලධාරි පැළැන්තිය වෙනුවට වෘත්තීය මට්ටමේ නිලධාරි පැළැන්තියක් අපි දාගත්තේ නැත්නම් ප්‍රමුඛ රාජ්‍ය ආයතනවලට මේ රට ගොඩගන්න ලැබෙන්නේ නෑ.
ප්‍රශ්නය:- මොනවද ඔය ඔබ කියන ප්‍රමුඛ රාජ්‍ය ආයතන?
පිළිතුර:- ශ්‍රී ලංකා මහ බැංකුව, මූල්‍ය මණ්ඩලය ප්‍රධාන ජාතික බැංකු තුන, ලංකා විදුලිබල මණ්ඩලය, ජල සම්පාදන මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ඖෂධ නීතිගත සංස්ථාව, පොහොර සමාගම්, ලිට්රෝ ආයතනය. මෙන්න මේ වගේ තැන්වලට වෘත්තීයවේදීන් දාන්න ඕන. ඒක තමයි රට පිළිගන්නා සර්ව පාක්ෂික විශ්වාසය කියන්නේ.
දැනට දාලා ඉන්නේ ඒ වගේ පිළිගන්න පුළුවන් වෘත්තීයවේදීන් දෙන්නෙක් විතරයි.
ප්‍රශ්නය:- කවුද ඒ දෙන්නා?
පිළිතුර:- මහ බැංකුවේ අධිපතිතුමයි, මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමයි. මුදල් අමාත්‍යාංශයේ ඉතාම දූෂිත නිලධාරීන් නිලධාරිනියන් රාශියක්ම ඉන්නවා. එතැන අරක්ගෙන... කොයි වෙලාවෙද ඔළුව උස්සන්නේ කියලා බලාගෙන. එහෙම වුණා නම් තමයි මේක නිවැරැදි සර්ව පාක්ෂික ආණ්ඩුවක් වෙන්නේ. අන්තර්කාලීන ආණ්ඩුවක් කියන්නේ... ඔබට මතක ඇති 2015 දී ආණ්ඩුවක් ආවා. දින සියයක වැඩපිළිවෙළකින් පස්සේ ඡන්දයකට ගියා. ඒ විදියට නිශ්චිත දින කාල වකවානු සහිත වැඩපිළිවෙළක් තිබිය යුතුයි. ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරල මැතිවරණයකට යාම තමයි එතැන අරමුණ. එහෙම එකක් අපට මෙතැන පේන්නේ නෑ. මොකක්ද වැඩපිළිවෙළ කියලා අපට පේන්නේ නෑ.
අගමැතිතුමා විටින් විට විවිධ ප්‍රකාශ කරනවා. ජනාධිපතිවරයා විටින් විට විවිධ ප්‍රකාශ කරනවා. ඇත්තටම ජනාධිපතිවරයා තමයි මේ රට මේ තත්ත්වයට පත්වෙන්න පහුගිය අවුරුදු තුනේදී ලොකුම වැඩ කොටස කළේ. ඔහු ගත්ත ඇතැම් ක්‍රියාමාර්ග බදු අඩු කිරීම. ඩොලරය රුපියල් දෙසීයෙ හිරකර තබා ගෙන සංචිත ටික අවසන් කරගැනීම. පොහොර තහනම, සල්ලි අච්චු ගැසීම වැනි ඔහු ගත්ත ක්‍රියාමාර්ග ඉතාම බරපතළ විදියට මේ විනාශයට බලපෑවා. කෙසේ වෙතත් තමන් අයින් වෙලා යන දවස නොකියා ඉඳීම තුළ අපට පේන්නේ රාජපක්ෂවරු ආයෙමත් කිසියම් මොහොතක එළියට ඒමේ බලාපොරොත්තුවෙන් තාවකාලිකව බලය අතහැරලා තමන්ගේ මන්ත්‍රීවරුන් ටික රනිල් වික්‍රමසිංහට ණයට දීලා ඒ ණය ගනුදෙනුවේ පොළියෙන් ජීවත්වෙනවා නැවත වතාවක් රාජ්‍ය බලය අත්පත් කරගැනීමේ අරමුණෙන්.
අර චමල් රාජපක්ෂ මහත්තයා කිව්වා වගේ බලය අතහැරලා යන්න අපි පුරුදු වෙන්න ඕනැ. මතක තියාගන්න මේ තියෙන්නේ අපායේ ඉන්ටවල් එක. මේ ඉන්ටවල් එකෙන් පස්සේ නැවත අපායට යනවා. මැයි 9, 10, 11 තිබිච්ච ඒ භීෂණකාරී තත්ත්වය නැවත වතාවක් මේ සමාජයෙන් මතුවෙන්න පුළුවන්. ආහාර කැරලි ඇතිවෙන්න පුළුවන්. මේ බිය නිසා මිනිස්සු නොයෙක් දේ කරනවා. ආහාර හිඟයක් එනවාය කියන බයට මිනිස්සු ආහාර රැස්කරනවා. ධනවත් මිනිස්සු ආහාර ගොඩගසා ගන්නවා. රටින් පලා යනවා. සර්ව පාක්ෂික ආණ්ඩුවක් ඇවිත් ජනතාවට ඇත්ත කියන ක්‍රියාවලියක් වුණාම අපි ලෑස්තියි සහයෝගය දෙන්න. එහෙම නැතිව මේ වගේ පාලනයකට අපි සම්බන්ධ වෙන්නේ නෑ. කොහොමත් අපි 2020 මාර්තු මාසයේදී ජාතික හෙළ උරුමය, සමගි ජන බලවේගයත් එක්ක අවබෝධතා ගිවිසුමක් අත්සන් කළා. ඒකේ බොහොම පැහැදිලිව සඳහන් වෙනවා ‘අපි ස්වාධීන මන්ත්‍රීවරුන් හැටියටයි වැඩ කරන්නේ’ කියලා. අපි ඒක ප්‍රසිද්ධියේ කිව්වේ නෑ. දැන් අපි ඒක ප්‍රකාශ කරලා ඒ අනුව කටයුතු කරනවා.
ප්‍රශ්නය:- ඇමැතිකම් බාරගන්නේ නැත්නම් ස්වාධීන වීමේ අර්ථය කුමක්ද?
පිළිතුර:- අපි සමගි ජන බලවේගයේ ලාංඡනය යටතේ තමයි මන්ත්‍රීධුර අරගෙන තියෙන්නේ. ඒ ඡන්දය දීපු ජනතාවට අපි කිසිම ඇවැඩක් වෙන්න දෙන්නේ නෑ. නමුත් මේ රටට දැන් අවශ්‍ය වෙලා තියෙනවා නව දේශපාලන සංස්කෘතියත් සමග නව දේශපාලන ව්‍යාපාරයක්. මොකද මේ රට පවුල්වාදයෙන් පාදඩ දේශපාලනය කියන කොන් දෙකෙන්ම ඇතිවෙන්න බැට කාපු ජනතාවක් ඉන්නේ. මේ ජනතාවට අවශ්‍යයි පවුල් බලය නැතිව කුසලතාව මත ඉදිරියට යන්න. ඒ වගේම පාදඩ දේශපාලනය වෙනුවට අවංක කාර්යශූර දේශපාලනයක් රටට අවශ්‍යයි. විශේෂයෙන්ම මේ වෙලාවේ වැඩක් තියෙනවා පාර්ලිමේන්තුවෙන් පිට. ඒක විශාල වැඩක්. ඒ වැඩේදී ජනතාව හා ප්‍රතිපත්ති කුළුගැන්විය යුතුයි. ඒකට බාධාවක් පක්ෂයක ඉඳීම. දැන් අපි විවෘතයි. ඒක මේ ආණ්ඩුවට එකතුවීමක් නෙවෙයි. පාර්ලිමේන්තුවෙන් එළියෙ තියෙන දැවැන්ත අරගලය වඩාත් සාධනීය තැනකට රැගෙන යන්න ක්‍රියාමාර්ග අවශ්‍යයි. ඒ වෙනුවෙන් ඉදිරියේදී තවත් ඕනෑම ක්‍රියාමාර්ග ගන්න අපි සූදානම්.
ප්‍රශ්නය:- ඔබට සජිත් ප්‍රේමදාස සමගත් ප්‍රශ්න තියෙනවා? සර්ව පාක්ෂික ආණ්ඩුවකට නොගියෙ ඔහුයි. ඔබගේ මේ කරණම ඒ නිසයි?
පිළිතුර:- නෑ. මෙහෙමයි. විපක්ෂයත් වරදක් කළා. සමගි ජන බලවේගය වරදක් කළා. ඒ තමයි නියම වෙලාවෙදි සියල්ලම සලකා බලා තීරණයක් නොගැනීම. ඒ වගේම සමගි ජන බලවේගයෙ ඇතැම් පිරිස් ගිහින් ඇගමැතිකම ගන්න කතා කිරීම.
ප්‍රශ්නය:- කවුද එහෙම ගියේ?
පිළිතුර:- ඒවා ඉදිරියේදී අනාවරණය වෙයි. සමගි ජන බලවේගය අවසන් මොහොතේදී තමයි ප්‍රායෝගික ක්‍රියාදාමයකට ආවේ. ඒ වෙනකොට රනිල් වික්‍රමසිංහට අගමැතිකම දෙන්න තීරණය කරලා ඉවරයි. ඒ වුණත් සමගි ජනබලවේගයට දොස් කියන්න බෑ. මොකද ආණ්ඩුවත් බැලුවේ අර මහින්ද රාජපක්ෂ සැලුන් දොර විදියෙ වැඩක් මිසක් පක්ෂ සමග තමන්ගෙන් කැඩිලා ගිහින් ස්වාධීන වෙලා ඉන්න හැට හැත්තෑවක් මන්ත්‍රීවරු සමග විවෘත සාකච්ඡාවක් කරලා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න නොවෙයි. මේ ගොල්ලෝ ගෙනාවේ මහින්ද රාජපක්ෂ සැලුන් දොර ව්‍යාපෘතිය.
ප්‍රශ්නය:- සජිත්ට අගමැති ධුරයට ආරාධනා කළා. සරත් ෆොන්සේකා කියනවා ඔහුටත් ආරාධනා කළා කියලා. ඔබට එහෙම ආරාධනාවක් ආවේ නැද්ද?
පිළිතුර:- නෑ. මට එහෙම ආරාධනාවක් ආවේ නෑ. ඒ වගේම සැලුන් දොර ව්‍යාපෘතිවලට මම සම්බන්ධ වෙන්නෙත් නෑ. නමුත් රට ඉදිරියට ගෙනියන්න ඉදිරි කාලයේදී මම විශ්වාස කරනවා පාර්ලිමේන්තුවට ලොකු වගකීමක් තියෙනවා පාර්ලිමේන්තුව විසුරුවන්න මන්ත්‍රීවරු එකඟ නෑ. මැතිවරණයක් පැවැත්වීමේ තත්ත්වයකුත් නෑ. නමුත් පාර්ලිමේන්තුවට වගකීමක් තියෙනවා සාමූහික ප්‍රයත්නයක් දැන් දරන්න. දේශපාලනඥයන්ට එරෙහිව ලොකු වෛරයක් එළියේ ගොඩනැගිලා තියෙනවා.
ඒ නිසා දේශපාලනඥයන් මීට වඩා වගකීමෙන් හැසිරිය යුතුයි කියන පණිවුඩය ජනතාව ලබා දීලා තියෙනවා. අහිංසක මන්ත්‍රීවරයෙක් මහ පාරෙදි ගහලා මරලා දැම්මා. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ඉරණම වුණත් ගඩාපිගෙ ඉරණම බවට පත්වෙන්න තිබුණා මැයි 9 වැනිදා. ඒක නොවුණේ යුදහමුදාව මැදිහත් වුණ නිසයි. අපි ඒ භයානක අත්දැකීම්වලින් පාඩම් ඉගෙන ගත යුතුයි. රාජපක්ෂලා පාඩම් ඉගෙන නෑ. නමුත් අපි පාඩම් ඉගෙන ගතයුතුයි. එසේ ඉගෙන ගෙන ඒ අනුව හැසිරිය යුතුයි.
ප්‍රශ්නය:- ඔබ කිව්වා ‘අද තියෙන්නේ අපායේ ඉන්ටවල්’ කියලා. ඔබටත් වගකීමක් තියෙනවා මේ තත්ත්වය තුරන් කරන්න මැදිහත් වෙන්න. ඔබත් ඒ අවස්ථාව මග අරිනවා?
පිළිතුර:- අර මම මුලින් කියපු තත්ත්වය හමුවේ කොහොමද වැඩ කරන්නේ. ගෝඨාභය රාජපක්ෂ මහත්තය කියනවා ‘එක නිලධාරියෙක් අස් කරන්නේ නෑ. මම දාලා තියෙන්නේ’ කියලා දූෂිත නිලධාරි කල්ලියක් මෙතැන ඉන්නවා. හැමෝම නොවෙයි. ඒ අයත් එක්ක කොහොමද වැඩ කරන්නේ? මොකක්ද තියෙන විවෘත භාවය. ඒ වගේම කොයි වෙලාවක හරි අර සාගර කාරියවසම් කියන විදියට කුලී වැඩටද අපි යන්න ඕනෑ. එහෙමනේ රනිල් වික්‍රමසිංහ මහත්මයාට අද සලකන්නේ. එහෙම වැඩට අපි ලෑස්ති නෑ. විවෘත වැඩපිළිවෙළකට, විවෘත පොදු වැඩපිළිවෙළකට යා යුතුයි. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මේ වසර තුළදීම ඉවත් විය යුතුයි. ඔහු වෙනුවට පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත දිනා ගන්නා කෙනා ජනාධිපති කරගන්න ඕනැ. ඔහු යා යුතුයි. මේ විනාශයට වගකිවයුතු කෙනෙක් මේ ධුරයෙ ඉඳීමේ කිසිම සදාචාරාත්මක අයිතියක් නෑ.
ප්‍රශ්නය:- ජනාධිපති ගෝඨාභය කිව්වා ‘මම අස්වෙන්නෙත් නෑ. නැවත ඉල්ලන්නෙත් නෑ’ කියලා?
පිළිතුර:- නැවත ඔහුට කොහොමත් ඉල්ලන්න බෑ. ඔහු අස්විය යුතුයි. ඔහු මේ රට බංකොලොත් කළා. මේ රටේ පවුල් පනස්පන් ලක්ෂයක් තනි පවුලක ධන තණ්හාව වෙනුවෙන් ගිල දැම්මා. ඒ ජනතාවගෙත් අනාගතය නැති කළා. අපේ රට 1960 ට ගෙනිච්චා. අපේ දරු පරපුරේ බලාපොරොත්තු විනාශ කරලා දැම්මා. මේ අපායේ ඉදිරිය ඔබට දැකගන්න ලැබේවි. මේක මෙහෙම වෙන්න ඕනැ රටක්ද? තමිල්නාඩුවේ හිඟන්නන්ගේ සල්ලි එකතු කරලා කෝච්චිවලට තෙල් ගහන කාලකන්නි තැනකට වැටෙන්න ඕන රටක්ද? මෙහෙමයි මෙතැන අග්‍රාමාත්‍යවරයා ආර්ථික ක්ෂේත්‍රයේ ඉන්න හැම කෙනාම විශේෂයෙන්ම මූල්‍ය අරමුදල ගැන අකලංක විශ්වාසය තියෙන හැම දෙනාම කියන මාර්ග සිතියමක් තියෙනවා. ඒ මාර්ග සිතියමට අපි බාධා කරන්නේ නෑ.
සජබෙ කියන්නෙත් ඒ මාර්ග සිතියමයි. රනිල් වික්‍රමසිංහ මහත්මයා දැන් ප්‍රකාශ කරලා තියෙන්නෙත් ඒ මාර්ග සිතියමයි. කලින් ඒ මාර්ග සිතියම පිළිනොගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දැන් පිළිඅරගෙන තියෙන්නෙත් ඒ මාර්ග සිතියමමයි. බන්දුල ගුණවර්ධන ශූරීන් පොත් පවා ලිව්වා ‘අයි එම් එෆ් උගුල’ කියලා. ඒ පොත තාම තියෙනවා පාර්ලිමේන්තුවේ. මම බන්දුල ඇමැතිතුමාට පාර්ලිමේන්තුවේදී කිව්වා ඒ පොත රනිල් වික්‍රමසිංහ මහත්මයාට කියවන්න දෙන්න කියලා. මේ හැමෝම මේ මාර්ග සිතියම පිළිඅරගෙන තියෙනවා. අපි ඒකට බාධා කරන්නේ නෑ. ඒ මාර්ග සිතියම මොකක්ද? අගමැතිවරයා කියනවා ඉදිරි මාස 60 රටට අවශ්‍යයි කියලා ඩොලර් මිලියන හයදාහක්. රුපියල් ට්‍රිලියනයක සල්ලි. ඩොලර් මිලියන හයදාහ අවශ්‍ය වෙලා තියෙන්නේ අත්‍යවශ්‍ය බෙහෙත්, ඉන්ධන, අත්‍යවශ්‍ය ආහාර ලබා ගන්න මිසක් සංවර්ධනයට නොවෙයි. ඒ ඩොලර් මිලියන හයදාහ හොයා ගන්න ඔහු ඉදිරිපත් කරන මාර්ගය තමයි අපේ මිත්‍රරටවල ආධාර සමුළුවක් මූල්‍ය අරමුදලත් එක්ක සම්බන්ධ වෙලා කැඳවීම. ඊට පස්සේ මූල්‍ය අරමුදලත් එක්ක මාණ්ඩලික මට්ටමින් එකඟතාවකට යාම. ඊට සමාන්තරව අපේ ණය හිමියන් සමග සාකච්ඡා කරන්න ණය ප්‍රතිව්‍යූහගත කරන්න. ඒක හය මාසයක් තුළ කළාට පස්සේ අයි එම් එෆ් එක අපිව ඒ ගොල්ලන්ගේ ප්‍රෝග්‍රෑම් එකකට ඇතුළු කරගන්නවා. ඊට පස්සේ මූල්‍ය ලෝකයේ විශ්වාසය අපට එනවා. ලෝකයේ රට රටවලින් අපට යම්කිසි ණය ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඒක තමයි දැනට දීලා තියෙන මාවත. ඒ මාවත සාර්ථක වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.
ප්‍රශ්නය:- නමුත් ඔබ හිතන්නේ අසාර්ථක වෙයි කියලයි?
පිළිතුර:- මෙහෙමයි. මේ මාවත හරි නොගියොත් මොකද කරන්නේ කියලා කවුරුවත් මුකුත් කියන්නේ නෑ. ඒ නිසා තමයි අපි වැඩපිළිවෙළක් ඉදිරිපත් කළේ. අපි දේශීය වශයෙන් අපි විසඳුම හොයාගමු කියලා. අපිට විදේශීය දොරවල් වැහිලා. විදේශයෙන් ඔය ඩොලර් ට්‍රිලියන ගාන එයි කියලා විශ්වාස නෑ. ඒ වගේම විදේශීය වශයෙන් එන මුදල් නිසා අපේ දේශපාලන සහ ආර්ථික ස්වෛරීත්වය සම්පූර්ණයෙන්ම අහිමිවන තත්ත්වයක් තියෙන්නේ. ඒක අපිට දැන් පේනවා. ඒ නිසා අපි අපේ මාවතක් සොයාගත යුතුයි. ඒ නිසා තමයි 43 සේනාංකය හැටියට අපි වැඩපිළිවෙළක් ඉදිරිපත් කළේ. එතැනදී අත්‍යවශ්‍ය ඖෂධ, ආහාර, ඉන්ධන, ආර්ථිකය කොහොමත් සංකෝචනය වෙලා තියෙන්නේ. අපි සැලසුම් සහගත විදියට අපේ ආර්ථිකයෙ බර අඩු කරගෙන අපේ රුපියල් ගිණුමත්, අපේ ඩොලර් ගිණුමත් සමාන කරගෙන කටයුතු කළ යුතුයි. මේ ස්වාධීන වීමෙන් මම කළේ මේ අපේ වැඩපිළිවෙළ වෘත්තීයවේදීන් එක්ක සමාජගත කිරීම සඳහා ක්‍රියා කිරීමයි.
(උපුටාගැනීම ලංකාදීප)



