Tuesday, September 27, 2022

ජීනිවා යෝජනා පරද්දන චෝදනා

සැප්තැම්බර් මස 12 වැනි දින ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරය ඔක්තෝබර් මස 7 වැනිදායින් නිමා වේ. එහෙත් මෙම සමුළුව ආරම්භ වීමට දින හයකට පූර්වයෙන් ශ්‍රී ලංකාව සම්බන්ධ වාර්තාව ප්‍රසිද්ධ කරනු ලැබිණි. එම වාර්තාව පිළිබඳව ලෝකයේ මෙතෙක් නොවූ විරූ සාකච්ඡාවක් ඇති විය. මෙවැනි වාර්තාවක් පිළියෙළ කිරීමේදී අදාළ රටෙහි විදේශ අමාත්‍යාංශයෙන් තොරතුරු විමසීම සාමාන්‍ය ක්‍රියා පිළිවෙතයි. පසුගිය කාලයේදී ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරුන් කිහිපදෙනකු විටින් විට පත් වුවද ඔවුනට අවශ්‍ය තොරතුරු අමාත්‍යාංශයේ නිලධාරීන් සපයන්නට ඇත. එහෙත් මගේ මතය අනුව, ලංකාවෙන් ලබාදෙන ලද තොරතුරු මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය එතරම් දුරට සැලකිල්ලට ගෙන නොමැත. මෙම වාර්තාව ඉදිරිපත් කිරීමෙන් පසු, එහි මුඛ්‍ය දේශනය නියෝජ්‍ය මහකොමසාරිස්වරයා විසින් ඉදිරිපත් කරනු ලැබීය. පිටු 16 කින් සමන්විත අදාළ වාර්තාවෙහි 71 හා 72 හි ඡේද මගින් ලංකාවට අදාළ නිර්දේශ ඉදිරිපත් කර ඇත. එහි 72 G හි ඇතුළත් නිර්දේශය තරමක් භයානක එකකි. ශ්‍රී ලංකාව ආර්ථික අපරාධ කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු කිරීමට මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය අපේක්ෂා කරන බවත් එහි සඳහන්ය. එය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ඉතිහාසය ඇතුළත මින් පෙර සිදුනොවුණු දෙයකි. එනම්, මානව හිමිකම් ක්ෂේත්‍රයෙන් ඔබ්බට ගිය කාරණයක් ගැන පළමු වරට අවධානය යොමුකර තිබීමය. ආර්ථික අපරාධ සිදුකරන ලැදැයි සඳහන් කර තිබුණද, එසේ කර ඇති ආර්ථික අපරාධ මොනවාද සහ නිශ්චිත කාලපරාසය මේ ආදී කිසිවක් ගැන සඳහනක් නැත. එය විවෘතව තබා ඇත. ආර්ථිකය සම්බන්ධ කාරණයේදී ශ්‍රී ලංකාව නියමු ව්‍යාපෘතියක් වශයෙන් යොදාගෙන තිබෙන බවත් කවුන්සිලයෙහි සෙසු සාමාජික රටවල් අරබයා ද එවැනි යෝජනා ගෙන ඒමේ ඉඩක් ඇති බවත් මගේ නිරීක්ෂණයයි. එක්සත් ජාතීන්ගේ 1966 ආර්ථික සමාජයීය සහ සංස්කෘතික අයිතිවාසිකම් සම්මුතියට ශ්‍රී ලංකාව ද අස්සන් තබා ඇත. එම සම්මුතිය යටතේ ආර්ථික අයිතිවාසිකම් කඩවීම් පිළිබඳ සොයාබැලීමට කමිටුවක් පිහිටුවා තිබේ. ශ්‍රී ලංකාවේ ආර්ථික අයිතිවාසිකම් කඩ වී ඇත්නම් අදාළ කමිටුවට ඒ ගැන සොයා බැලීමේ හැකියාව තිබිණි. එහෙත් එසේ නොකර සෘජුවම අදාළ චෝදනාව මානව හිමිකම් කවුන්සිලයේ වාර්තාවට ඇතුළත් කර තිබේ. අප මේ තත්ත්වය වඩාත් බැරෑරුම්ව සැලකිය යුතු අතර ප්‍රතිචාර ද දැක්විය යුතුය. අදාළ වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශය විසින් ලබාදෙන ලද ප්‍රතිචාරය ගැන සෑහීමකට පත් විය නොහැකිය. ප්‍රතිපත්තිමය ප්‍රතිචාරයක් ලබා දීමට ශ්‍රී ලංකාව අපොහොසත් වූ බව මගේ අදහසයි. මානව හිමිකම් කවුන්සිලය රැස්වීමට ආසන්න කාලයේදී පිළිතුරු වාර්තාව සැකසීම ප්‍රමාණවත් නැත. ඒ සඳහා කල්තියා සූදානම් විය යුතුය. අවශ්‍ය විමර්ශන කර ආර්ථිකය කඩාවැටීමට බලපෑ හේතු කවරේද යන්න නිශ්චිතව අප විසින් ඉදිරිපත් කරනු ලැබිය යුතුව තිබිණි. අපේ පැත්තෙන් ආර්ථිකය හැසිරවීම සම්බන්ධයෙන් ගැටලුවක් තිබෙන බව පැහැදිලිය. එය අප පිළිගත යුතුය. අදාළ ආර්ථික අපරාධ යන චෝදනාව ප්‍රතික්ෂේප කිරීම පමණක් ප්‍රමාණවත් නැත. ඒ අරබයා ඉදිරිපත් කරන දත්ත සාක්ෂි ශක්තිමත් ඒවා විය යුතුය. මානව හිමිකම් කවුන්සිලයේදී රුසියාව, චීනය, කියුබාව ආදී රටවල සහයෝගය ලැබෙන නිසා අපට එරෙහිව ඉදිරිපත් වන යෝජනාවලින් ආරක්ෂා විය හැකිය යන පූර්ව උපකල්පනය ඇතිව ලංකාව කටයුතු කරන බව පෙනේ. එය වෙනම කාරණයකි. එහෙත් දැන්වත් නිශ්චිත ආර්ථික සැලැස්ම අපි සකස් කර ගත යුතු වෙමු. මූලික මානව හිමිකම් උල්ලංඝනය වීම්වලට වඩා මේ වන විට ලෝකය ලංකාව සම්බන්ධයෙන් කතා කරන්නේ එහි සිදුව ඇතැයි කියන ආර්ථික අපරාධ ගැනය. 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත යටතේ සිදුකරන ලද අත්අඩංගුවට ගැනීම් ගැන ද ප්‍රශ්න කර තිබේ. එසේ අත්අඩංගුවට පත්වූවන් ත්‍රස්තවාදීන් වන්නේ ද යන්නත් ප්‍රශ්න කර ඇත. එම පනත යටතේ අත්අඩංගුවට ගෙන වසර 15 හා 16 වශයෙන් අත්අඩංගුවේ තබාගෙන සිටින සැකකරුවන් සිටින බව අප අමතක නොකළ යුතුය. එසේ අත්අඩංගුවේ තබා ගත නොහැකිය. එය සම්පූර්ණ වරදකි. එම සැකකරුවන්ට එරෙහි විමර්ශන අවසන් කර නඩු පැවරිය යුතුය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට 2022 අප්‍රේල් මස 1 වැනි දින සංශෝධනයක් ගෙන එන ලදී. එම සංශෝධනය ප්‍රකාරව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගන්නා සැකකරුවන්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා මහේස්ත්‍රාත්වරයකුට අවශ්‍ය ප්‍රවේශය ගැනීමටත් ඒ ඔස්සේ ඉදිරියට යෑමටත් සැකකරුවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇත්නම් ඊට වගකිවයුත්තන්ට එරෙහිව නඩු පැවරීමටත් නීතිමය අවකාශය නිර්මාණය කර තිබේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට 2022 දී සිදු කළ සංශෝධනය ඇසුරින් නව ජාතික ආරක්ෂක පනතක් සකස් කරන්නේ නම් එය යහපත්ය යන ස්ථාවරයේ මම සිටිමි. ඒ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සැකකරුවන් සිදුකරන පාපෝච්චාරණ ඔවුන්ට එරෙහි නඩුවල සාක්ෂි වශයෙන් යොදාගැනීමේ හැකියාව තිබෙන නිසාය. මෙම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පරණ එකකි. නූතනයේදී ත්‍රස්තවාදය පැමිණෙන්නේ අවි ආයුධවලින් පමණක් ම නොව අන්තර්ජාලය නවීන තාක්ෂණය ඔස්සේද එය පැමිණිය හැකිය. මේ පනතින් එම ක්ෂේත්‍ර ආවරණය වන්නේ නැත. එසේම මේ පනත යටතේ අත්අඩංගුවට ගන්නා සැකකරුවන් දින 90 ක කාලයක් රඳවා තබා ගත හැකි අතර මගේ අදහස අනුව, එම කාලය දින 14 ක් දක්වාවත් අඩු කළ යුතුය. ඉන්පසු සැකකරුවන් සම්බන්ධ ඉදිරි කටයුතු මහේස්ත්‍රාත් අධිකරණයක් හමුවේ සිදු කළ යුතුය. එහිදී අපට බ්‍රිතාන්‍යයේ ක්‍රියාත්මක වන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ආදර්ශයට ගත හැකිය. එම පනත ප්‍රකාරව අත්අඩංගුවට ගන්නා සැකකරුවන් දින 14 ක් රඳවා තබා ගැනීමෙන් පසු අධිකරණය හමුවට ඉදිරිපත් කෙරේ. අමෙරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය, ජර්මනිය ඇතුළු රටවල් හතක් එකතු වී 1/46 යෝජනාවට එහා ගිය යෝජනාවක් ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන ඒමට නියමිතය. එනම්, ඉකුත් 12 වැනි දින ඉදිරිපත් කළ ලිඛිත වාර්තාවෙහි ඇතුළත් 72 වැනි වගන්තියෙහි අන්තර්ගත කරුණු අතරින් කරුණු 18 ක් ගෙන මේ යෝජනාව සම්මත කිරීමට එම රටවල් උත්සාහ කරයි. එම යෝජනාව සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් පැවැත්වුවහොත් එය ජයග්‍රහණය කිරීමට නම් අප මූලික කරුණු කිහිපයක් සපුරා තිබිය යුතුය. චීනය, කියුබාව, සහ මැදපෙරදිග රටවල් අප වෙනුවෙන් ඡන්දය භාවිත කිරීමට ඉඩ තිබේ. එහෙත් ඉන්දියාව, දකුණු අප්‍රිකාව සහ ජපානය වැනි රටවල් ඡන්දය නොදී සිටි අවස්ථාවල අප පරාජයට පත් වූ අවස්ථා තිබේ. මෙවර සැසිවාරයේදී මේ යෝජනාව සඳහා ඡන්ද විමසීමක් පැවැත්වුවහොත් ශ්‍රී ලංකාව පරාජයට පත් වේ. 5/51 නමින් කෙටුම්පත් කර ඇති නවතම යෝජනාව මේ වන විට සාමාජික රාජ්‍යවලට ලබා දී ඇත. එහි දළ සැකැස්ම මෙරට විදේශ අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කර තිබේ. මෙහිදී අප කළ යුත්තේ එක්කෝ මේ වාර්තාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර අප කළ වැඩකටයුතු ඉදිරිපත් කිරීමය. ඒ සඳහා අපට තවම කල්වේලා තිබේ. උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභා වාර්තාවෙහි (LLRC) අන්තර්ගත ප්‍රධාන නිර්දේශ 12 ප්‍රයෝජනයට ගැනීමට පිළිවන. එසේම මැක්ස්වෙල් පරණගම කොමිෂන් සභා වාර්තාවද යොදාගත හැකිය. නැතිනම් පාකිස්තානය හරහා අතුරු වාර්තාවක් ගෙන ඒම කළ යුතුය. අප කරන්නේ ඒ අවස්ථාවට පැලැස්තර විසඳුම් ඉදිරිපත් කිරීමය. එයින් බැහැරව ව්‍යවස්ථාදායකය ඇතුළත වසර 10 ක් සඳහා ජාතික මානව හිමිකම් සැලැස්මක් සකස් කළ හැකිය. එසේම යුද අපරාධ සහ ආර්ථික අපරාධ සිදුකර ඇත්නම් ඒ ගැන සොයා බැලීමට ජාතික පරීක්ෂණයක් සිදු කළ හැකිය. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට ඒ අරබයා මුලපිරිය හැකිය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයෙන් ලංකාව සම්බන්ධයෙන් ගෙන එන වාර්තාවල අන්තර්ගත කරුණුවලින් අප භාර ගත යුත්තේ කවර ඒවාද යන්න සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට හිටපු ජනාධිපතිවරයා කොමිෂන් සභාවක් පත් කළ අතර එහි තොරතුරුද මේ සඳහා ඉවහල් කර ගත හැකිය. දෙමළ ඩයස්පෝරා සංවිධාන හයක තහනම ඉවත් කිරීමට ආණ්ඩුව ගත් තීරණය හොඳ එකකි. එසේම ත්‍රස්තවාදයට සම්බන්ධ බවට චෝදනා එල්ල වූ මුස්ලිම් සංවිධාන කිහිපයක තහනම ද ඉවත් කෙරිණි. එහෙත් මෙතෙක් ඒවායෙහි සහයෝගය ලංකාණ්ඩුවට ලැබී නොමැත. එම සහාය ලබා දීම වෙනුවෙන් දමිළ ඩයස්පෝරා සංවිධාන කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කර ඇත. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීම හෝ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම ආදිය ඒ අතර වෙයි. පෙර වසරවල පැවැති මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරවලදී ඉන්දියාව ලංකාව සම්බන්ධයෙන් දැක්වූ අදහස් සහ මෙවර සැසිවාරයේදී පළ කළ අදහස් අතර පැහැදිලි වෙනසක් දැකිය හැකිය. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය වහාම ක්‍රියාත්මක කරන ලෙස මීට පෙර ප්‍රබල ලෙස ඉන්දියාව අවධාරණය කර නොතිබුණි. එහෙත් මෙවර එය දැඩිව අවධාරණය කළේය. පළාත් සභා මැතිවරණ පැවැත්වීම, ඉඩම් පොලිස් බලතල ලබා දීම, උතුරු පළාතෙන් හමුදාව ඉවත් කිරීම, ඉඩම් නැවත ලබා දීම නමැති කොන්දේසිවලට යටත්ව ලංකාවට ඉන්දියාවේ සහාය ලබා ගැනීමට සිදු වේ. ඉන්දියාවේ චෝදනාව වන්නේ 2009 දී සිවිල් යුද්ධය අවසන් කිරීමෙන් පසු මේ දක්වා උතුරු නැගෙනහිර දමිළ ජනතාවගේ ජීවිත යහපත් කර නොමැත යන්නය. එහෙත් අද වන විට එම ප්‍රදේශ සංවර්ධනය වී තිබේ. නිදහසේ ගමන් බිමන් යෑමට ඔවුන්ට පිළිවන. රැකී රක්ෂා පිරිනමා තිබේ. සාමාන්‍ය සිවිල් ජනතාවගෙන් විමසුව හොත් කළ යුත්තේ කුමක්ද කියා ඔවුන් පවසනු ඇත. උතුරේ ක්‍රියාත්මක දේශපාලන පක්ෂවලට ඡන්ද අවැසි බැවින් ඉන්දියාව පාවිච්චි කරන බව පෙනේ. හියුමන් රයිට්ස් වොච් ඇතුළු මානව හිමිකම් සංවිධාන හතරක් ලංකාව සම්බන්ධයෙන් දැඩි යෝජනාවක් සම්මත කළ යුතු බව ප්‍රකාශ කර තිබේ. එමගින් ඔවුන් ප්‍රධාන යෝජනා හතරක් ගැන අඟවයි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින තරුණයන් වහා නිදහස් කිරීම, ඊට හේතු දැක්වීම සහ එම පනතට එරෙහිව ගෙන එන විකල්පය ඉදිරිපත් කිරීම පළමුවැන්නය. දෙවැන්න නම්, එම පනත යටතේ 2009 සිට අත්අඩංගුවේ රඳවා තිබෙන සැකකරුවන්ට එරෙහි නීති කටයුතු ආරම්භ කිරීම හෝ ඔවුන් නිදහස් කිරීමය. මැයි මස 9 වැනි දින අරගලයේ ක්‍රියාකාරීන්ට පහර දුන් පිරිස් අත්අඩංගුවට නොගැනීම සහ අවසාන වශයෙන් යුද්ධයේදී සමූල ඝාතන සහ යුද අපරාධ කළ බවට එල්ල ව ඇති චෝදනා සම්බන්ධයෙන් සිදු කෙරෙමින් පැවති විමර්ශනය ඉදිරියට ගෙන යෑම යනු සෙසු ඒවාය. මෙවර සමුළුවට ඉදිරිපත් කරන යෝජනාව සම්මත කිරීමෙන් පසු එය ක්‍රියාත්මක කිරීම සඳහා ලබාදෙන කාලය මාස හයක් දක්වා අඩු කිරීම සහ එම වාර්තාව හේග් නුවර පිහිටි යුද අපරාධ අධිකරණය වෙත යොමු කිරීම යනාදී ක්‍රියාමාර්ග ඔවුන් දැඩි යෝජනාවක් යන්නෙන් අපේක්ෂා කරන බව මගේ අදහසයි. එහෙත් මෙහි දැඩි යෝජනා යන්නෙන් ඇඟවෙන යෝජනා විශේෂයක් නැත. සාමාන්‍ය පරිදි යෝජනාවක් සම්මත වනු ඇත. මෙවැනි යෝජනා කියුබාව, ඊශ්‍රායලය යන රටවලට එරෙහිව ද සම්මත කර ඇත. කෙසේවෙතත් එම යෝජනාවල අන්තර්ගත නිර්දේශ පිළිබඳ එම රටවල් කිසිදු අනුකූලතාවක් දැක්වූයේ නැත. මහා බ්‍රිතාන්‍යයේ හමුදා ඉරාකයේ සිදු කළ යුද අපරාධ අනාවරණය වූ පසු බ්‍රිතාන්‍යය කළේ වගකීමෙන් මිදවීමේ පනතක් සම්මත කොට චෝදනාවලට ලක්වූ අයට සම්පූර්ණ නිදහස ලබා දීමය. බලවත් රටවල් එසේ ක්‍රියා කළද එවැනි හැකියාවක් ලංකාවට නැත. හේතුව, එල්.ටී.ටී.ඊ. හිතවාදී දමිළ ඩයස්පෝරාව කැනඩාව, ඕස්ට්‍රේලියාව වැනි රටවල සිට මේ කටයුතු මෙහෙයවන නිසාය. මේ තත්ත්වය සමථයකට ගෙන එන්නේ කෙසේද යන්න ගැන අප අවධානය යොමු කළ යුතුය. ශ්‍රී ලංකාවට එරෙහිව රටවල් හතක් අස්සන් තබා ඇති යෝජනාවට එරෙහිව ලංකාවේ විදේශ අමාත්‍යවරයා කළ ප්‍රකාශයේදී ආර්ථික අර්බුදය සමනය කරන බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සීමාවලට යටත්ව භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කරන බවත් ජාතික ප්‍රතිසන්ධානය හා ඒකාබද්ධතාව ගොඩනැගීම අරබයා යාන්ත්‍රණයක් සකස් කරන බවත් අවධාරණය කළේය. එම අංශවලදී ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ප්‍රගතිය නිරීක්ෂණය කරන ලෙස ද අමාත්‍යවරයා සාමාජික රාජ්‍යයන්ගෙන් ඉල්ලා සිටියේය. වෙසෙසින්ම ආර්ථික අර්බුදය හේතුවෙන් මානව හිමිකම් උල්ලංඝනය වීම්වලට එරෙහිව ජනතාවට ප්‍රතිවිරෝධතා දැක්වීමට අයිතිය තිබෙන බවද විදේශ අමාත්‍යවරයා ඔහුගේ කතාවේදී පිළිගත්තේය. අමාත්‍යවරයා එම අයිතිය පිළිගත්තද ඉකුත් සෙනසුරාදා දින පැවැති සාමකාමී උද්ඝෝෂණයේදී උද්ඝෝෂණකරුවන් අත්අඩංගුවට ගැනීමේ සිදුවීම පිළිබඳ තොරතුරු මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ ලෝකයට ගලා ගොස් තිබේ. යෝජනාව සම්බන්ධයෙන් ලංකාව පාර්ශ්වයෙන් ඉදිරිපත් කරන කරුණු ප්‍රායෝගික විය යුතුය. අධිආරක්ෂිත කලාප සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවද වැදගත්ය. ඊට අදාළ අන පනත් නිසි පරිදි උපයෝගී කරගෙන තිබේද යන ප්‍රශ්නය අන්තර්ජාතික මානව හිමිකම් සංවිධාන මතු කරයි. විදේශ අමාත්‍යවරයාගේ විශිෂ්ට දේශනයෙහි අන්තර්ගත වූ හරබර වචන ප්‍රායෝගික තලයේදී ක්‍රියාත්මක වන්නේ ද යන්න ගැන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් 47 විසින් හොඳින් සලකා බලනු ලැබේ. විදේශ අමාත්‍යවරයාගේ කතාවෙන් ඡන්ද 24 ක් ලබාගත හැකි නම් අපට මෙම යෝජනාව ජයග්‍රහණය කළ හැකිය. එහෙත් තත්ත්වය ඊට වඩා වෙනස්ය. එබැවින් මෙවැනි සිදුවීම් මගින් අපට අවාසියක් සිදු වේ. මෙම යෝජනාවෙන් ලංකාව පරාජය වුවද එයින් විශාල බලපෑමක් සිදුවන්නේ නැත. ජනාධිපතිවරයා පොදු රාජ්‍ය මණ්ඩලීය මානව හිමිකම් අංශය හා එහි ලේකම්වරයා හමු විය. ඔවුන්ගේ ද සහාය ලබාගනිමින් හොඳ මානව හිමිකම් සැලැස්මකට යා හැකි නම් අපට මෙම යෝජනාව ජයග්‍රහණය කළ හැකිය. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස් නීතිඥ ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා උපුටාගැනීම - ලංකාදීප

අධි ආරක්ෂිත කලාපය රිවස්

ජනපති අධිආරක්ෂිත කලාප ඉවත් කිරීමට සැරසෙයි.? කොළඹ නගරයේ විශේෂ මර්මස්ථානයන් කිහිපයක් අධි ආරක්ෂිත කලාප ලෙස නම් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් නිකුත් කල ගැසට් පත්‍රය බල රහිත කිරීම සඳහා අවශ්‍ය කටයුතු සොයාබලන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නීතිපතිවරයා වෙත උපදෙස් දී ඇතැයි වාර්තා වේ. මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ඉහළ පෙලේ නිලධාරීන් පිරිසක් විසින් ඉදිරිපත් කල කරුණු හා නිර්දේශයන් මත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගියදා මෙම ගැසට් පත්‍රය නිකුත් කළේය. නමුත් මෙම ගැසට් පත්‍රය හේතුවෙන් කොළඹ නගරයේ කේන්ද්‍රීය ආර්ථික කලාපය තුල ව්‍යාපාර ක්‍රියාකාරකම් සඳහා දැඩි බලපෑමක් එල්ල වනු ඇති බවට ආර්ථික විශේෂඥයින් කණ්ඩායමක් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දීර්ඝ කරුණු දැක්වීමක් සිදුකර තිබේ. කොළඹ නගරය තුල වරින් වර ඇතිවන උද්ගෝෂණ නිසා ආර්ථිකමය වශයෙන් සිදුවන හානිය ඉතා ඉහළ බවත්, නමුත් මෙම අධි ආරක්ෂිත කලාප නම් කිරීම හරහා වෙනත් ගැටලු ඇතිවිය හැකි බවත් එම විශේෂඥ කණ්ඩායම පෙන්වා දී තිබේ. ඒ අනුව මෙම අධිආරක්ෂිත කලාප ඉවත් කොට ඒ වෙනුවට බුද්ධි අංශ සම්බන්ධිකරණය කරගනිමින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සකස් කරන ලෙස ජනාධිපතිවරයා මහජන ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රමුඛ අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබේ. කෙසේ වෙතත් මෙම ගැසට් නිවේදනය අවලංගු කිරීමට නම් ජනාධිපතිවරයාගේ අත්සනම යෙදිය යුතු බැවින් ජපාන සංචාරය අවසන් වී ජනාධිපතිවරයා මෙරටට පැමිණීමෙන් අනතුරුව මෙය සිදුකිරීමට නියමිත බව විශ්වසනීය ආරංචි මාර්ග තහවුරු කරයි.

Tuesday, September 13, 2022

ශ්‍රිලනිපයේ ව්‍යවස්ථා සංශෝධන පිළිගන්න එපා- මැතිවරණ කොමිසමට ඉල්ලීමක්

 ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාව ේසිදුකළ සංශෝධන භාර නොගන්නා ලෙස ඉල්ලමින් පකෂ් විධායක සභිකයෙක් මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් සි දුකර තිබේ. 

පක්ෂ සභාපති ධුරයේ නීත්‍යානුකූලභාවය සම්බන්ධයෙන් මේ වන විට අධිකරණයේ නඩුවක් පවතින බැවින් එය අවසන් වන තෙක් එම සංශෝධන භාර නොගන්නා ලෙස ඔහු  අධිකරණයෙන් ඉල්ලා සිටී.


එම සම්පූර්ණ ලිපිය පහත වේ. 

      මොන්ටේගු සරච්චන්ද්‍ර
774/ඩී, සිල්වා මාවත,
තලංගම උතුර,
මාලබේ
2022.09.09.
සභාපතිතුමා,
මැතිවරණ කොමිෂන් සභාව,
සරණ මාවත,
රාජගිරිය.
සභාපතිතුමනි,
ගරු අධිකරණයේ නියෝග ලැබෙන තුරු 2022 සැප්තැම්බර් මස 02 වන දින  ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ව්‍යවස්ථාවෙහි අනීතිකව සිදු කර ඇති  සංශෝධන පිළිගැනීමෙන් වළකින ලෙස ඉල්ලීමයි.
(01) ඉහත නම සහ ලිපිනයැති මම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ වත්මන් සභාපති මෛත්‍රිපාල 
සිරිසේන මහතාගේ සභාපති පදවියට පත්වීම පක්‍ෂයේ ව්‍යවස්ථාවට පටහැණිව සිදුව ඇති 
හෙයින්, ඔහුගේ එම පත්වීම අත්හිටුවීමේ නියෝගයක් ලබා දෙන ලෙස ගරු 
අධිකරණයෙන් ඉල්ලා සිටිමින්, කොළඹ දිසා අධිකරණයේ ෘීඡරැ197/2022 අංක දරණ 
නඩුව පවරා පවත්වාගෙන යමි.
(02) මගේ එම පැමිණිල්ල පිළිගත් ගරු අධිකරණය ඊට පිළිතුරු හා විරෝධතා ගොනු කරන 
ලෙස එහි වග උත්තරකරුවන් වන ශ්‍රීලනිප සභාපති මෛත්‍රිපාල සිරිසේන, එහි ලේකම් 
දයාසිරි ජයසේකර, එහි භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න සහ එහි ජාතික සංවිධායක 
දුමින්ද දිසානායක යන මහත්වරුන් වෙත නොතීසි නිකුත් කර තිබේ.
(03) උක්ත නඩුව මා විසින් පවරන ලද්දේ 2022/04/20 දින වන අතර, ඒ සඳහා පිළිතුරු හා 
විරෝධතා ඉදිරිපත් කිරීමට ගරු අධිකරණය විසින් වරින් වර අවසන් දින දෙකක්ම ලබා දී 
තිබියදීත් ගරු අධිකරණයට විවිධ හේතු දක්වමින් එය 2022/09/05 දින දක්වා ප්‍රමාද කළ 
වගඋත්තරකරුවන් 2022 සැප්තැම්බර් 02 දින පක්‍ෂයේ ව්‍යවස්ථාව අනීතිකව සංශෝධනය 
කරමින් පක්‍ෂ සභාපතිවරයාට ඒකාධිපති බලතල ලබාගෙන තිබේ.
(04) මෙකී ව්‍යවස්ථා සංශෝධන සම්මත කර ගැනීම සඳහා පක්‍ෂය විසින් කටයුතු කළ 
ක්‍රමවේදය පක්‍ෂයේ ව්‍යවස්ථාවට පටහැණි සහ අනීතික හෙයින් එකී සම්මත කර ගැනීමට 
ඉඩ ලබා නොදෙන ලෙස ගරු අධිකරණයෙන් ඉල්ලා 2022/09/02 දින මගේ උක්ත 
නඩුවට අතුරු පෙත්සමක් ගොනු කළෙමි. අධිකරණයේ දී ඊට විරෝධය දැක් වූ පක්‍ෂය 
එකී පෙත්සමෙහි සඳහන් කරුණු පිළිබඳව කිසිවක්ම ප්‍රකාශ නොකොට පෙත්සම ඉදිරිපත් 
කිරීමේ තාක්‍ෂණික දෝෂ පෙන්වූ අතර, එකී විරෝධතා පිළිගත්  ගරු අධිකරණය එම 
අතුරු පෙත්සම නිශ්ප්‍රභා කරන ලදී. කෙසේ වෙතත් පක්‍ෂය විසින් මා අධිකරණයට 
ඉදිරිපත් කළ කරුණු කිසිවක් පිළිබඳව කිසිදු විරෝධතාවයක් ඉදිරිපත් නොකළ හෙයින්,  
මගේ එම කරුණු පක්‍ෂය විසින් ද පිළිගෙන ඇති බව මගේ විශ්වාසයයි.
(05) මෙකී සංශෝධනයෙන් පක්‍ෂ ව්‍යවස්ථාවට අලුතින්ම එක් කර ඇති 12(1)අ වගන්තියට 
අනුව පක්‍ෂයේ විධායක සභාව විසින් කිසියම් නිලයකට පත් කරගනු ලබන ඕනෑම 
නිලධාරියකු අදාළ නිලයෙන් ඉවත් කිරීමට සභාපතිවරයාට බලය ලැබේ. එමෙන්ම 13(11) 
වගන්තිය සංශෝධනය කරමින් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවට සභාපතිවරයාගේ පත් 
කිරීම් 35 දක්වා වැඩිකරගෙන තිබේ. මෙම සංශෝධන පක්‍ෂයේ මෙතෙක් පැවති 
ප්‍රජාතත්ත්‍රවාදී පදනමට මරු පහරකි.
(06) මේ අනුව පක්‍ෂ ව්‍යවස්ථාවට පටහැණිව හා අනීතිකව පක්‍ෂයේ සභාපති පදවිය දරණ 
වත්මන් සභාපතිවරයා, ඔහුට එරෙහිවන පාක්‍ෂිකයන්ගෙන් පළිගැනීම සඳහා 
චේතනාන්විතවම සභ සැළසුම් සහගතව පාක්‍ෂිකයින් නොමඟ යවමින් මෙම නව බලතල 
ලබාගෙන ඇති බව ඉතා පැහැදිළිය.
07) 1981 අංක 1 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතෙහි 8 (2) අනු වගන්තිය ප්‍රකාරව පිළිගත් දේශපාලන පක්‍ෂයක් විසින් එහි ව්‍යවස්ථාවෙහි හෝ නිලධාරී මණ්ඩලයෙහි 
සිදුකරන සංශෝධනයක් හෝ වෙනස් කිරීමක් එසේ සංශෝධනය කිරීමෙන් දින 30 ක 
කාලයක් ඇතුළත මැතිවරණ කොමසාරිස්වරයා වෙත ලිඛිතව දැනුම් දිය යුතුය. ඒ අනුව 
අදාළ සංශෝධන පිළිගැනීම හෝ සහ ප්‍රතික්ෂේප කිරීම හෝ සහ අත්හිටුවීමේ පූර්ණ 
අයිතිය මැතිවරණ කොමිෂන් සභාව සතු වන බව මගේ විශ්වාසයයි.
(08) එහෙයින්, ඉහත දක්වා ඇති කරුණු පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ 
අවධානය යොමු කර කොළඹ දිසා අධිකරණයේ පවරා ඇති ෘීඡරැ197/2022 දරණ නඩුවේ 
අවසන් නියෝග ලැබෙන තුරු 2022/09/02 දින ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ව්‍යවස්ථාවට 
අනීතිකව සහ කුමන්ත්‍රණකාරී ලෙස එකතු කර ඇති සංශෝධන ක්‍රියාත්මක කිරීම 
අත්හිටුවා ඒ පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ලේකම්වරයා වෙත කඩිනමින් ලිඛිත 
දැනුම් දීමක් කරන ලෙස ගෞරවයෙන් ඉල්ලමි.
මේ පිළිබඳව ඔබ දක්වන සහයෝගය ඉතා අගය කරමි.
ස්තුතියි !
මෙයට,

..................................
මොන්ටේගු සරච්චන්ද්‍ර
ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ විධායක සභික
දුරකථන : 0714721366

පිටපත : නීතිඥ දයාසිරි ජයසේකර මහතා (දැ.ගැ.පි)
ලේකම් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය




ශ්‍රී ලංකාවේ කඩා වැටීමට හේතු ඇමරිකාව කියයි





 දේශපාලකයන්ගේ සහ රජයේ ඇතැම් ඉහළ නිලධාරීන් තම නිලය භාවිත කරමින් වාසි ලබා ගැනීමට තැත්කිරීම ඇතුළු කරුණු රාශියක් ශ්‍රී ලංකාවේ කඩා වැටීමට හේතු වූ බව ජාත්‍යාන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිත ආයතනයේ ප්‍රධානී සමන්තා පවර් මහත්මිය පැවැසුවාය.

ඇමෙරිකා තනාපති කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පවර් මහත්මිය මේ බව පැවැසුවාය.

ශ්‍රී ලංකාවේ  ආර්ථික අර්බුදය හේතුවෙන් ජනවාව විදින දුෂ්කරතා දැක තමන් කනගාටුවට පත් වූ බව ද ඇය ප්‍රකාශ කළාය.

අධික ණය බර,වංචා හා දූෂණ, රසායනික පොහොර භාවිතය තහනම් කිරීම මෙන්ම දේශපාලකයන්ගේ ක්‍රියාකලාපය මෙම තත්ත්වයට මූලික හේතුව බව ද පවර් මහත්මිය වැඩිදුරටත් පැවැසුවාය.

ශ්‍රී ලංකාවට ආධාර ලැබූ පමණින් මෙම අර්බුදයෙන් ගොඩ ඒමට නොහැකි බවත් ඒ සඳහා ආර්ථික  සහ දේශපාලනික ප්‍රතිසංස්කරණ සමාන්තරව ක්‍රියාත්මක විය යුතු බව ද කී ඇය ආර්ථික හා දේශපාලනික වගවීම අවශ්‍ය බවත් කීවාය. දේශපාලකයන් මෙන්ම රජයේ ඇතැම් ඉහළ නිලධාරීන්  තම නිලය භාවිත කරමින් වාසි ලබාගැනීමට තැත්කරන බව ද ඇය අවධාරණය කළාය.

ශ්‍රී ලංකාවට අතිරේක  සහායක් ලෙස ඇමෙරිකා ඩොලර් කෝටි 6ක මුදලක් ලබා දෙන ලබා දෙන බව ද සමන්තා පවර් මහත්මිය පැවැසුවාය.

Saturday, September 10, 2022

ගෝලීය දේශපාලනයේ කක්ෂය වෙනස් කළ සැප්තැම්බර් 11 - සහන් තෙන්නකෝන්



ඒ 2001 සැප්තැම්බර් 11, අඟහරුවාදා දිනයයි. සුපුරුදු ලෙසම ඇමෙරිකානු ජනතාව උදෑසන තම රාජකාරි සඳහා පිටත්වීමට ලක ලැහැස්ති වෙමින් සිටියහ. දරුවෝ පාසල්වලට යමින් සිටියහ. එවකට ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ජෝර්ජ් ඩබ්. බුෂ් ද බාලාංශ පාසලක දරුවන් සමඟ කාලය ගතකරමින් සිටියේය. මේ ගතකරන්නේ මුළු මහත් ඇමෙරිකාවේම අඳුරුතම දිනය බව ඔවුන් කිසිවෙකුත් නොදැන සිටියහ.


එකල ලොව පැවති එතරම් ජනප්‍රිය නොවුණු ත්‍රස්තවාදී කණ්ඩායමක් වූ ඔසාමා බින් ලාඩන් ප්‍රමුඛ අල්-කයිඩා සංවිධානය විසින් ඇමෙරිකාවට අයත් බෝයිං 757 වර්ගයේ ගුවන් යානා දෙකක්‌ සහ බෝයිං 767 වර්ගයේ ගුවන් යානා දෙකක් යොදාගෙන මුළු මහත් ඇමෙරිකාව වෙතම ඔවුන් එතෙක් අත්දුටු බිහුසුණුම අත්දැකීම ලබා දීමට කටයුතු කරමින් සිටියහ. සියළු සැලසුම් යථාර්තයක්‌ බවට පත්කරමින් ඇමෙරිකාවේ ආර්ථික සහ ආරක්ෂක මර්මස්ථාන කිහිපයක් ඉලක්ක කරගනිමින් ඔවුන් ප්‍රහාර දියත් කරන්නට විය.


පළමු ප්‍රහාරය එල්ලවූයේ උදෑසන 8.46 ටය. ඒ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ නිවුන් ගොඩනැගිලි අතරින් උතුරු කුළුණ වෙතයි. ඉන් හරියටම මිනිත්තු 17 පසුව දකුණු ගොඩනැගිල්ල ඉලක්ක කර පෙරවරු 9.03ට ප්‍රහාරය එල්ල විය. තෙවන ප්‍රහාරය එල්ල වූයේ "පෙන්ටගනය" ඇමෙරිකා එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුවේ බටහිර කොටසටයි. ඒ පෙරවරු 9.37 පමණය.වාසනාවකට මෙන් සිව්වන ප්‍රහාරය අසාර්ථක වූ අතර එහි ඉල්ලකය වූයේ කැපිටෝල් හිල් ගොඩනැගිල්ල හෝ ධවල මන්දිරය බවට අනුමාන කෙරිණි.


එසේ ඇමෙරිකාව මුහුණ දුන්නේ ඔවුන් මුහුණ දුන් විශාලතම ඛේදවාචකයටයි. ප්‍රහාරය හේතුවෙන් මරණ 2996 වාර්තා වුණු අතර 6000 වැඩි පිරිසක් තුවාල ලැබූහ. ගණනය කළ නොහැකි පාඩුවක් ඇමෙරිකානු ආර්ථිකයට සිදුවිය.ඊටත් වඩා එයින් ගෝලීය දේශපාලන සන්දර්භය තුළ ඇමෙරිකානු ප්‍රතිරූපයට එල්ල වූ විශාල පැල්ලමක් විය.


ප්‍රහාරයෙන් පසුව සුළු වෙලාවකින් ජනාධිපති බුෂ් විසින් ජාතිය අමතන ලදී. ඒ වනවිටත් බුෂ් පරිපාලනයේ දැවැන්තයන් වූ ආරක්ෂක ලේකම් ඩොනල්ඩ් රම්ස්ෆෙල්ඩ්, ජාතික ආරක්ෂක උපදේශිකා කොන්ඩලීසා රයිස් වැනි අයගේ සැනසීම සහමුලින්ම අවසන් වී තිබුණි. ප්‍රහාරය වෙනුවෙන් පිඹුරුපත් සැකසූ තැනැත්තන් දඩයම් කිරීමට වෙනුවෙන් ඔවුන් සැලසුම් සකස් කළෝය. පසුව එම සැලසුම් ලොවට හෙළිකරමින් ත්‍රස්තවාදයට එරෙහිව ගෝලීය යුධ මෙහෙයුමක් ප්‍රකාශ කිරීමට බුෂ් ජනාධිපතිවරයා ක්‍රියා කළේය. එහි පළමු පියවර ලෙස ත්‍රස්තවාදීන් සොයා ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කිරීමට බුෂ් පරිපාලනය පියවර ගත්තේය.


එක් සංවිධානයක ක්‍රියාවක් එලෙස සමස්ථ ගෝලීය භූ දේශපාලනය වෙනස් කිරීමේ පියවර තැබීය. අවසානයේ ජෝර්ජ් ඩබ්. බුෂ් ගෙදර යන තුරුත් ඔසාමා බින් ලාඩන් ඝාතනය කිරීමට නොහැකි විය. ඇෆ්ගන් යුද්ධයද වසර 20 ඇදී ගියේය.කොහෙවත් සිටි සදාම් හුසේන් පෝරකේට ගියේය.රම්ස්ෆෙල්ඩ්ට පිළිකාවක් වැළඳිය. කොන්ඩලීසා සුපුරුදු පරිදි විශ්ව විද්‍යාලයේ සේවයට එක්වූවාය.බුෂ් වෙනුවට බරක් ඔබාමාත් රයිස් වෙනුවට හිලරි ක්ලින්ටනුත් පුටුවල වාඩිවූහ.කාලය විසින් මේ බොහෝ දේ වෙනස් කළත් ඇමෙරිකාවේ පරම ඉලක්කය නොවෙනස්ව පැවතුනි.


බින් ලාඩන්ගේ ඉරණම විසඳෙන්නට පටන් ගන්නේ එතැන් සිටය.ඔබාමා පරිපාලනය විසින් "Operation Neptune Spear " යනුවෙන් මෙහෙයුමක් අරඹන්නේ මේ වෙනුවෙන්මය. දශකයක් පුරාවට ලොව අසහාය බලවතා විසින් හඹා යමින් සිටි අසාර්ථක දඩයම සාර්ථක වන්නේ 2011 මැයි 02 දායි. ඒ ඇමෙරිකානු හමුදා විසින් පාකිස්තානයේ නිවසක් තුළ ඔසාමා බින් ලාඩන් ඝාතනය කිරීමෙනි.එදිනම රාත්‍රියේ ජනාධිපති ඔබාමා විසින් ජාතිය අමතා "යුක්තිය" ඉටුකළ බව ලොවට දැනුම් දුන්නේය.


නමුත් වඩාත්ම සිත්ගන්නා සුළු නිගමනය නම් බින් ලාඩන් විසින් අදින් වසර 21 පෙර සැප්තැම්බර් 11 ප්‍රහාරය නොකරන්නට ඔහු තාමත්, ඇතැම් විට ඇමෙරිකාවේ ආධාර උපකාර සහිතවම ජීවත් වන බවයි. කෙසේ වෙතත් බින් ලාඩන්ගේ සහ ඇමෙරිකාවේ මෙම වියරුව විසින් දශක දෙකක් තිස්සේ මනුෂ්‍ය ජීවිත විශාල සංඛ්‍යාවක් වෙනුවෙන් මරණයේ දොරටු විවෘත කළ අතර එදා සැප්තැම්බර් 11 ප්‍රහාරයේ සිට, වසර 20 ක්‌ ඇදී ගිය ඇෆ්ගන් යුද්ධය, ඉරාක ආක්‍රමණය, සිරියානු යුද්ධය හරහා අරාබි වසන්තයක් දක්වා වූ සිද්ධි දාමයන් තුළ අහිමි වූ දහස් සංඛ්‍යාත ජීවිතවලට යුක්තිය කිසිම දින ඉටුකළ නොහැක.


අවසානයේ අපිට ප්‍රාර්ථනා කළ හැක්කේ බලය වෙනුවෙන් පවතින තණ්හාව සහ සදාකාලික තරඟයේ ගොදුරු බවට පත්වූ සියල්ලන්ටම විමුක්තිය උදා වේවා යන්න පමණකි.


#sahantwrites 

11.09.2022


#September11 #GeorgeWBush #OsamaBinLaden #BarakObama #condoleesarice


ගෝත්‍රිකත්වයෙන් මිදෙමු- සහන් තෙන්නකෝන්




එලිසබෙත් රැජින කලුරිය කළායින් පසුව ඒ වෙනුවෙන් තමන්ගේ ශෝකය ප්‍රකාශ කිරීමට ශ්‍රී ලාංකිකයෝද ඇතුළුව ලොව පුරා විසීරී සිටින ජනතාවගෙන් බොහොමයක් අමතක කළේ නැහැ. එසේ ශෝකය ප්‍රකාශ කරන අතරම දසහිස් රාවණා උතුමන්ගේ අසිරිමත් සිරිලක හෙළ දරු කැල ද වර්ෂ ගණනාවක් තිස්සේ තම යටි හිතේ බුර බුරා නැගෙමින් තිබූ දේශවාත්සල්‍යය ද මේ හා මුසු කිරීමට අමතක නොකළහ.


ඇතැමෙක් යක්ඛයන්ගේ දේශය සූරා කෑම නිසා ඇයට බැණ වැදුණි. තවත් එකෙක් ජාතික කොඩිය අඩුකුඹු කොට පාර්ලිමේන්තුවේ නිශ්ශබ්දතාවයක් පැවැත්වීම වෙනුවෙන් බැණ වැදුණි. තව එකෙක් කිව්වේ මේ ගෑනි අපිව බෙදා වෙන් කළා යනුවෙන් ය.මේ සියළු ආකාරයේ හිච්චි රාවණා ආකෘතියේ මුග්ධ රැඩිකල් ක්‍රියාවන් දෙස බලාසිටීම එක් අතකින් හරිම විනෝදජනකය.


සුද්දාට රට දෙන්නේ මේ රටේ සිංහල බෞද්ධයන්ය. " අඥී අපිට දෙමළ රජෙක් යටතේ ඉන්ඩ බෑ, ඌ බේබද්දෙක් " කියා උඩ පන්සල් දෙකත් එක්ක උඩ පැනගෙන ගොස් බන්දේසියේ තබා සුද්දට රට දුන්නේ අපේ එවුන්මය.ඒ 1815 දීය.


එලිසබෙත් කුමරිය රජ වන්නේ 1952 වසරේ එනම් ශ්‍රී ලංකාව ඩොමීනියන් නිදහස ලබා වසර හතරක ඇවෑමෙන්ය. ඉන් වසර 20 කට පසුව 1972 දී ඒ මැතිණියගෙන් අපේ මැතිණිය කුට්ටියම ඉල්ලා ගත්තාය. අපේ වැඩ අපිටම කරගැනීම වෙනුවෙන් බලය ලබා දී අවුරුදු 50 ක්‌ ගත වී ඇත. කොටින්ම කිව්වොත් මේ රටේ අවුරුදු 50ක්‌ හෙළ යක්ඛ ආණ්ඩු පවතී. සිරිමාගේ පටන් මේ සිටින්නේ නවවෙනි ශ්‍රී ලාංකික රාජ්‍ය නායකයාය.


සුද්දා හදලා දීලා ගියපු රේල් පාරවල් අඟලක්වත් ඉස්සරහට ගිහින් නැත. අධ්‍යාපන ක්‍රමයද එසේමය. පම්පෝරි කෙළියට ඇතැම් දඬුවම් පාවා තවමත් සුද්දගේ දඬුවම්ය. සුද්දා තේ වගාව හඳුන්වා නොදුන්නා නම් අපනයන ආර්ථිකයක් නොවන අතරම ස්වයංපෝෂිතභාවය වැනි මරිමෝඩ රජ කාලේ ආතල් බැලීම හැර වෙනකක් ඉතුරුවන්නේද නැත. එසේනම් සිදුවන්නේ මැටි මුට්ටියකට වතුර බහා වෙලක් මැද තියාගෙන වැස්ස යදින්නය.සුද්දා අපිව බෙදුවා කියලා යට ගිරියෙන් කෑගහන යක්ඛයන් නොදන්නා කරුණ නම් සුද්දා එන්නට පෙර සිටම අපි හල් හත්තට බෙදී සිටි බවයි. සුද්දා අපිව බෙදුවේ භූමියේ පරිපාලන පහසුවට වුවත් අපි මුලින්ම බෙදී සිටියේ මිනිසුන් ලෙසය.


යටත්විජිතකරණය කිසිසේත්ම අනුමත කළ නොහැකි කරුණකි. තවත් රාජ්‍යයක ස්වෛරීභාවය කෙළසීමට කිසිම රටකට අයිතියක් නැත. නමුත් යටත්විජිතකරණයේ ධනාත්මක ප්‍රතිඵල බැහැර කිරීමට නොහැකිය.1972 සිට 2022 දක්වා ගෙවාගත නොහැකි තරම් ණය ගත්තේ එලිසබෙත් නොවේ. රට බංකොලොත් කලේද ඇය නෙවෙයි.ට්‍රිලියන ගණනක ණය බර අපි මේ උදම් අනන පශ්චාත් යටත් විජිත යුගයේ උරුමයයි.


අනික් කරුණ නම් අපි ජනරජයක් වුවත් පොදුරාජ්‍ය මණ්ඩලයේ සාමාජික රටකි. පොදුරාජ්‍ය මණ්ඩලයයේ නායිකාව වූයේ දෙවන එලිසබෙත් මහ රැජිනයි. එබැවින් ඇයගේ මරණය හා සබැඳි රාජ්‍ය තාන්ත්‍රික චාරිත්‍ර වාරිත්‍ර ඉටුකිරීමට අපි බැඳී සිටියි. මහින්දගේ කාලයේ පොදුරද මඬුළු සමුළුව මෙරට පවත්වද්දී  ආසියාවේ ආශ්චර්ය ලෙස හඳුන්වමින් මොර දුන් අපේ උදවිය අද ඒ වෙනුවෙන් කොඩියක් අඩුකුඹු වෙද්දී භූමිතෙල් වැදුණු ගැරඬි මෙන් කුපිත වී දඟලයි.


තවද බ්‍රිතාන්‍ය රජපවුල යනු ලොව පුරා මහත් රසිකයන් පිරිසක් සිටින පවුලකි. ඔබ කඩාෂියන්-ජෙනර් පවුලට ආදරය කරනවා සේම බ්‍රිතාන්‍ය රජපවුලට ආදරය කරන පිරිසක් ද සිටී.එහෙයින් රැජිනගෙ මරණය වෙනුවෙන් ශෝක වෙනවද නැද්ද යන්න යමෙකුගේ පෞද්ගලික කාරණයක්. මෙසේ සිදුවීම පුදුමයට කරුණක් නොවන්නේද බොහෝ කාලයක් ශ්‍රී ලංකික ජනතාව මෝඩ වාමාංශික සංකල්පවලට හුරු වී තිබෙන පසුබිමක්‌ ඇති නිසයි.


පෙබරවාරි 04 නිදහස් දවසට වීසා නැතුව එංගලන්තේ යන්න තිබුණු අවස්ථාව නැතිවෙලා අවුරුදු අච්චරයි මෙච්චරයි කියලා වැළලෙන උදවියගේ ද වෙස් පෙරළි ඇත. අරගල කරල වැඩක් නෑ ඉක්මනට පාස්පෝට් එකක් හදන් පාර අතුගාන්න හරි කමක් නෑ රට යමු කිව්ව අයත් දැන් පෙනෙන්න නැත. හැමදාම අපිට වැරදෙන්නේ මේ on the spot චූන් නිසාය. එය හෙට කියා වෙනසක් නැත.


තවත් ඉතාම වැදගත් කරුණක් මෙහි ලියන්නට අවශ්‍යය. එනම් ඉතිහාසය සියයට සියයක් සත්‍යය නොපවසයි. එයද රචනාවකි. වෙනස ඇත්තේ එය රචනා කරන්නේ එකිනෙකට වෙනස් මිනිසුන් දහස් ගණනකි. ඒ එකිනෙකට වෙනස් යුගවලදීයි.වෙනත් රටවල් ඉතිහාසයෙන් පාඩම් උගෙන ගනියි. මෙහෙ එසේ සිදු නොවෙයි.එබැවින් ඉතිහාසය මත යැපීමම අපේ මිනිසුන්ගේ අවස්ථාවාදයේ තවත් කොටසකි.


#sahantwrites 

10.09.2022


වැටෙන් එහා 04


https://m.facebook.com/story.php?story_fbid=456864796259998&id=100058094447735