Wednesday, November 30, 2022

සියලුම මන්ත්‍රීවරියන් තැඹිලි පැහැයෙන් සැරසෙයි

 

 


පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ විපක්ෂ සියලුම මන්ත්‍රීවරියෝ අද(01දා) පාර්ලිමේන්තුවට තැඹිලි පැහැති සාරසි වලින් සැරසී පැමිණ සිටිති.  

සියලුම මන්ත්‍රීවරුන් ඇමතිවරුන් තැඹිලි පැහැලි අත්පලනාවක් පැළද සිටිති.

කාන්තාවටන් එරෙහි සියලු ආකාරයේ හිංසනයට එරෙහිවීම සංඛේතවත් කිරීම වෙනුවෙන් මෙලෙස සියලුම මන්ත්‍රීවරියන් තැඹිලි පැහැයෙන් සැරසී පැමිණෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිනී කවිරත්න මහත්මිය පැවසුවාය.

කාන්තාවන්ට එරෙහි සියලුම හිංසනයන් යනු කායික, මානසික , ලිංගික , සහ  ආර්ථික හිංසනයයන් වලින් කාන්තාවක් මුදවාගැනීම වෙනුවෙන් පෙනීසිටින බවත් ඒ වෙනුනේ දින 16 මෙලෙස පැමිණෙන බවත් මන්ත්‍රීවරිය සඳහන් කළාය.

 

 

          

 

ගුරුවරුන් විෂය අනුව ස්ථානගත කිරීමේ වැඩපිළිවෙලක්

  



පොදුවේ රාජ්‍ය  සේවකයන් මාරු කරන ක්‍රමවේදයට අනුව ගුරුවරුන් මාරු කළහොත් දරුවන්ට විෂය ආවරණය කිරීමේ ගැටලු මතු වන බැවින් සිසු අවශ්‍යතා කේන්ද්‍ර කරගනිමින් ගුරුවරුන් උචිත පරිදි ස්ථානගත කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

ඩිජිටල් ධ්‍යාපන සංවර්නය සඳහා වූ ප්‍රතිපත්ති මත සැකසුණු ඩිජිටල් අධ්‍යාපනයේ ප්‍රධාන සැලසුම පිළිබඳ කෙටුම්පත ධ්‍යාපන අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමේ     අවස්ථාවට එක් වෙමින් මහතා මේ අදහස් පළ කළේ .

මෙහි දී වැඩිදුරටත් අදහස්   දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ස්ථානගත කිරීම්  ගුරු සංගම් හා මාරු මණ්ඩල ගැටුම් ආදි පරිපාලනමය ගැටලු බොහෝමයක් උද්ගත වී තිබෙන්නේ පරිපාලනය සඳහා තාක්ෂණය නිසි ලෙස භාවිත නොකිරීම නිසා බවය. තාක්ෂණය හඳුන්වා දී බොහෝ කලක් ගත වී තිබුණ එය නිසි ලෙස භාවිත වී නොමැති බවත් හතර වෙනි කාර්මික විප්ලවය අභියස තාක්ෂණික වශයෙන් අප බොහෝ පසුපසින් සිටින බවත් ඉදිරියේ දී ප්‍රතිසංස්කරණවලින් ඔබ්බට ගොස් පරිවර්තනීය වෙනසක් ඉලක්ක කරගනිමින්       අධ්යාපනය තුළ ක්‍රියාත්මක වන බවත් මහතා සඳහන් කළේ . සියලු ධ්‍යාපනික    පරිවර්තනවල පදනම රඳා පවතින්නේ තාක්ෂණික පරිපාලන ක්රමවේදය මත නිසා වහා විප්ලවීය තාක්ෂණික පරිපාලන වෙනසකට යා යුතු බව අමාත්යවරයා මෙහි දී පෙන්වා දුන්නේ ය.

 

Monday, November 28, 2022

රියදුරන්ගේ ලකුණු කැපෙන හැටි

 


 2023 වසරේ ජනවාරි මස සිට රියදුරු බලපත්‍රය සඳහා අකුසලතා ලකුණු ලබාදීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා   පාර්ලිමේන්තුවේ දී පැවැසීය.

මෙම ක්‍රමවේදයට අනුමැතිය හිමිව තිබුණත් වසර 8 ක කාලයක් පුරා ක්‍රියාත්මක වී නොමැති බවත් ගුණාත්මක රියදුරෙක් බිහිකිරීමේ අරමුණින් එම ක්‍රමවේදය හඳුන්වා දෙන බවත් ඇමැතිවරයා කීය.

ඒ අනුව රිය පැදවීමේ දී සිදුවන වැරදි 32 කට අදාළව ලකුණු කැපීම සිදුවන බවත් ලකුණු 24 ක් කැපී ගියහොත් අදාළ රියදුරාගේ රියදුරු බලපත්‍රය වසරක කාලයක් සඳහා අත්හිටුවන බවත් ලසන්ත අලගියවන්න මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.

 මේ අතර පරිවාස කාලය තුළ දී යම් රියදුරෙකුගෙන් ලකුණු 12ක් කැපී ගියහොත් එම රියදුරාට වසරක කාලයක් බලපත්‍රය ලබාගත නොහැකි බව ද රාජ්‍ය අමාත්‍යවරයා කීය.

 නව ක‍්‍රමය යටතේ පොලිසියට සහ සියලුම මහේස්ත‍්‍රාත් සහ දිසා අධිකරණවලට දෝෂ පද්ධති ලකුණු වෙත ප‍්‍රවේශ වීම සඳහා ජංගම දුරකතන ලබාදීමට නියමිතව ඇත.

 එමඟින් දඩ මුදල එම ස්ථානයේදීම හෝ තැපැල් කාර්යාලයකින්, අන්තර්ජාලය හරහා හෝ ගෙවිය හැකි බවයි රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවැසීය.

 

මහින්ද නීතිඥයෙක් වුණ හැටි කිරිඇල්ල කියයි

 


 


 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද නීති විද්‍යාලයට ගොස් නීතිය ඉගෙන ගැනීමට අවස්ථාව ලබාදෙන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (28දා) පාර්ලිමේන්තුවේදී කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

“මේ මන්ත්‍රීවරුන්ට නීතිය ඉගෙන ගන්න නීති විද්‍යාලයට යන්න අවස්ථාව දෙන්න .  මහින්ද මහත්තයත් නීති විද්‍යාලයට ගියේ විභාග පාස්කරලා නෙවෙයි. කථානායකතුමාගෙන් ලියුමක් අරගෙන නීතිවිද්‍යාලයට ගියේ. ඒ නිසා මේ මන්ත්‍රීවරුනුත් උපාධි ආයතනයකට ඇතුල්වෙලා මොනවාහිරි ඉගෙන ගන්න නිකම් කෑගගහ ඉන්නේ නැතිව. මමත් එක්ක අපේ පවුලේ නීතිඥයෝ හතර දෙනෙක් ඉන්නවා” යැයි මන්ත්‍රීවරයා කීවේය


සජිත් ඊලඟට ගුටිකන හැටි ඩයනා කියයි

 

  


විවිධ කඩාකප්පල්කාරී කටයුතු සිදුකර රට ගොඩගැනීමේ මෙහෙයුම කඩාදැමීමට කටයුතු නොකරන ලෙස රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය අද(28දා) පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලා සිටියාය.

“ විපක්ෂ නායකතුමා දැන් ආයෙමත් නුවර ඉදන් කොළඹට පෙළපාලියක් එන්න යනවා කියලා මට ආරංචි වුනා. මේදෙවල් වලින් පෙන්නන්නේ ඔබතුමාගෙ නොහැකියාව . ලියුම් ලිය ලිය හිටපු වෙලාවේ  ඔබතුමාට රට භාරඅරගෙන කරන්න තිබුණනෙ. එහෙම භාරගත්තේ නැත්තේ බැරි නිසා. ඒනිසා ඒ අවස්ථාවේ වගකීම් භාරඅරගෙන අභියෝගය භාරගත්තු ජනාධිපතිතුමාට රට කරගෙන යන්න ඉඩදෙන්න ඔන.  සංචාරකයෝ පැමිණෙන මේ වෙලාවේ අයෙත් රට අවුල් කළොත් එහි සම්පුර්ණ වගකීම විපක්ෂ නායකතුමා භාරගන්න ඔනේ. අනිත් එක මම තව එක දෙයක් කියන්නම් මේ විදිහට විපක්ෂ නායකතුමා රට අවුල කරන්න ගියෝත් ආයේ ගුටි කන්නේ පාරෙ ඉන්න මිනිස්සුන්ගෙන්” යැයි පැවසුවාය.





Sunday, November 27, 2022

උතුරු දුම්රිය මාර්ගය මාස 05 ක් වසා දමයි

 



මහව සිට යාපනය දක්වා උතුරු දුම්රිය මාර්ගය මාස 05 ට වසා දැමීමට සිදුවන බව අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා අද(28දා) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

මේ වනවිට මහව- යාපනය අතර උතුරු දුම්රිය මාර්ගය භාවිත කිරීමේ දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුවන බවත් එබැවින් අත්‍යවශ්‍ය නඩත්තු කිරීම් වෙනුවෙන් මෙලෙස දුම්රිය මාර්ගය වසා දැමීමට සිදුවන බවද අමාත්‍යවරයා කීවේය.

ඒ අනුව ජනවාරි 15 දා සිට මැයි මාසය දක්වා දුම්රිය ගමනාගමනය නවත්වීමට සිදුවන බවත් ඉන් අනතුරුව ඉතාම හොද දුම්රිය මාර්ගයක් බවට උතුරු දුම්රිය මාර්ගය පත්කළ හැකි බවටත් අමාත්‍යවරයා වැඩිදුරටත් දැනුම්දුන්නේය.