Thursday, April 11, 2024

 අත යා යුතු අත - දොඩම්ගස්ලන්දේ සරත් කුමාරසිරි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප), ශ්‍රී ලංකාවේ නිදහසින් පසු දේශපාලන ගමන් මාර්ගය විප්ලවීය දිශාවකට යොමුකළ දේශපාලන ව්‍යාපාරයකි. නිදහස් ශ්‍රී ලංකාවට රාජ්‍ය නායකයින් පස් දෙනෙකු බිහිකරමින්, වැඩිම කාලයක් ආණ්ඩුකරණයේ නියැළි දේශපාලන පක්ෂය වූත්, පොදුජන කේන්ද්‍රීය දේශපාලන සංස්කෘතියක්‌ මෙරටට දායාද කළා වූත්, ශ්‍රීලනිපය පසුගිය ආසන්නතම දශක දෙක තුළ පරිහානියේ අභිමුඛයට පත්වීම, සමස්ථ දේශපාලන සංස්කෘතියේ විනාශයද වඩාත් ඉක්මන් කරවීය.

සොලමන් බණ්ඩාරනායක විසින් මෙරට සියළු බලවේගයන් එකතු කරගනිමින් බිහිකළ ශ්‍රීලනිපය, ඔහුගේ වියොවින් පසුවද ප්‍රගතිශීලි වාමාංශික බලවේගයන්ට සෙවන සැපයූ නිවහන විය. මේ නිසාම ඇතැම් අන්ත වාමාංශික දේශපාලන කණ්ඩායම්වල සිටි ප්‍රගතිගාමී පුද්ගලයන් ද කැටුව, සිරිමාවෝ බණ්ඩාරනායකත්, එතැන් සිට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගත් සමඟින් ශ්‍රීලනිපය වඩාත් අධ්‍යතන දේශපාලන ව්‍යාපාරයක්‌ ලෙස ඉදිරියට ගමන් කළේය. මෙකල, ශ්‍රීලනිපය දේශීය වශයෙන් පමණක් නොව, විදේශීය වශයෙන්ද ප්‍රගතිශීලි දේශපාලන කඳවුරු අතර ප්‍රසිද්ධියක් උසලනු ලැබීය. 

ශ්‍රීලනිපයේ පරිහානිය ආරම්භ වන්නේ 2006 මැද භාගයේ සිට බව මගේ පෞද්ගලික මතයයි. බණ්ඩාරනායකවරුන්ගෙන් පක්ෂයේ බලය ගිලිහී යාමත්, ඒ හේතුවෙන් පක්ෂයෙ මුල් ආකෘතියෙන් පක්ෂය බැහැර වීමත් ආදිය මෙකී පරිහානියට බලපෑ ප්‍රධාන හේතු කාරණා වූ අතර, එයින් පසු ශ්‍රීලනිපය 'අසංවර' සොරමුලක දේශපාලන මංකොල්ලකයට ගොදුරු විය. 2009 වසරේ රජයේ හමුදා ලැබූ යුධ ජයග්‍රහණයත් සමඟින් රාජපක්ෂවරුන් ශ්‍රීලනිපයේ සදාකාලික උරුමකරුවන් ලෙස බෞතීස්ම ලැබීමත් සමඟින් ශ්‍රීලනිපයේ පරිහානිය තවත් වේගවත් විය. කල්යත්ම, දේශපාලන වටපිටාව උඩුයටිකුරු වී, ඇතැම් ඓතිහාසික වැරදි නිවැරදි කරගැනීමට අවස්ථාව උදාවුවත්, 2015 දී සිදුවූ දේශපාලන පෙරළිය රටට කෙසේවෙතත් පක්ෂයට නම් සුබ වූයේ නැත. සිදුවෙමින් පැවති විනාශය සැර බලවුවත් වුවත්, නායකත්වයේ පැවති ඇතැම් උද්දච්ච,ග්‍රාම්‍ය පැවතුම්, පරිහානිය නව මුහුණුවරකින් පක්ෂය තුළට නැවතවරක් ඇතුළු කරවීය.එක් පසෙකින් ශ්‍රීලනිපය පරිහානියට පත්වෙමින් පැවති විට, මෙරට අනෙක් දේශපාලන බලවේගය වූ එක්සත් ජාතික පක්ෂයද (එජාප) දේශපාලන වශයෙන් බෙලහීන වීම, සමස්ථ දේශපාලන ක්‍රමය ද විනාශමුඛයට ඇද දැමු අතර, එය ඇතැම් හරසුන්, අන්තගාමී දේශපාලන ව්‍යාපාරයන්වල ඉස්මතු වීමට බලපෑමක් විය.


 ශ්‍රීලනිපයේ වර්තමාන නායකත්වයට, විරුද්ධ පාර්ශවය මඟින් එල්ලවන ප්‍රධාන චෝදනාව නම්, ඔවුන් පක්ෂය වර්තමාන ආණ්ඩුවට හේත්තු කිරීමට උත්සාහ කරමින් සිටින බවයි. වර්තමාන ආණ්ඩුව යනු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි (පොහොට්ටුව) ද සහයෝගය ඇතිව පිහිටුවා ඇති ආණ්ඩුවයි. අපි දන්නා තරමින් සහ පෙර පාසල් අවධියේ පසුවන දරුවෙකුවට වුවද තේරෙන අන්දමින්, ශ්‍රීලනිපයට තනිවම ආණ්ඩු බලයක් ලබාගැනීමට හෝ ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ඉදිරිපත් කර ජයග්‍රහණය කරවීමට තරම් ශක්‍යතාවයක් මෙම අවස්ථාවේ නොමැති අතර පක්ෂයේ වැඩබලන මහලේකම් හෝ ගරු අධිකරණය විසින් වාරණය කළ සභාපතිවරයා සිහින මවන අන්දමින් ශ්‍රීලනිපය ගාමක බලවේගයක් බවට පත්කරමින් සන්ධානයක් නිර්මාණය කිරීමටද මෙම අවස්ථාවේ එම පාර්ශවයට නොහැකිය. එබැවින් ශ්‍රීලනිපය ඉදිරියේ ඉතිරිව ඇත්තේ ශක්තිමත් නායකත්වයක්‌ තුළ, සමාන ප්‍රතිපත්ති ඇති, දේශපාලන ව්‍යාපාරයක්‌ තුළ ක්‍රියාකාරී වීම පමණි. 

මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා පසුගිය සති කිහිපය තුළ සිදුකළ ඇතැම් ප්‍රකාශ සහ ඔහුගේ හැසිරීම, පක්ෂයක සභාපතිවරයාගෙන් තබා, ඩාර්ලි පාරේ යාචකයෙක්ගෙන් තරම්වත් බලාපොරොත්තු නොවන අමනෝඥ, නොදියුණු එකක්‌ වන විට ශ්‍රීලනිපයට මෙවැනි තීරණාත්මක මොහොතක අවශ්‍ය කරන ශක්තිමත් නායකත්වය ඔහු නොවන බව බහුතරයක් වූ සබුද්ධික පාක්ෂිකයන්ට අවබෝධ වී හමාරය. 2018 දී ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයේ සිදුවූ 'ලැජ්ජාසහගතම' ව්‍යවස්ථා කුමන්ත්‍රණය සිදුකරමින්, පෞද්ගලික දේශපාලන පෙරේතකම් වෙනුවෙන් රාජ්‍ය ආරක්ෂාව උගසට තබමින්, ජනාධිපති ධූරයේ වගකීම් පැහැරහැරි ඔහු කළයුතුව තිබුණේ පක්ෂ සභාපතිත්වයෙන් ඉල්ලා අස්වීමයි.නමුත් සිරිසේනගේ හීන පෞරුෂය ඇතුළු ඔහු තුළ පවතින දුර්වලතාවයන්ගේ පිහිටෙන් පක්ෂයේ බලය ඩැහැගැනීමට මානබලමින් සිටින දේශපාලන වශයෙන් අතරමන් වී සිටින කණ්ඩායම් ඔහුගේ නායකත්වය අපේක්ෂා කරන්නේ පක්ෂය වැහැරී ගියද එහි අන්තිම සාරයෙන් පවා තමන් ශක්තිමත් වීමට ඇති ආත්මාර්ථකාමී අරමුණු නිසාය.


මෙවැනි වටපිටාවක් තුළ, රට ආර්ථික මෙන්ම දේශපාලන වශයෙන්ද බංකොලොත් වී ඇති කාලයක, ශ්‍රීලනිපය වැනි ප්‍රගතිශීලි දේශපාලන ව්‍යාපාරයකට ඓතිහාසිකව පැවරී ඇති වගකීමක් ඇති බව වටහාගත යුතුය. ශ්‍රීලනිපය එම වගකීම අවබෝධ කර නොගෙන, ඒ වෙනුවෙන් සන්නද්ධ නොවන තාක්කල් අන්තගාමී වාමාංශික බලවේගත්, දැක්මක් නොමැති 'ළදරු' දේශපාලන කණ්ඩායමුත් එක්ව රට තවත් ගොඩගත නොහැකි දේශපාලන අර්බුදයක් වෙත ගෙන යාම වැළක්විය නොහැකිය. එබැවින් එක්විය හැකි අය සමඟ එක්වීමට ශ්‍රීලනිපය නොපසුබට විට යුතු අතර, නොගැලපෙන පාර්ශවයන් ඉවත්කර දැමීමට ද ඔවුන් නොපැකිලිව කටයුතු කළ යුතුය. ඒ මන්දයත් පක්ෂයට පෙර රට ගැන සිතා කටයුතු කිරීම ශ්‍රීලනිපයේ සදාකාලික ඉගැන්වීම වූ බැවිනි.


ඉතින් අපි 'සදාකල්ම මාතෘ භූමියට පෙමින් බැඳී' කටයුතු කරමු.

Friday, April 5, 2024

 ශ්‍රිලනිපය තුල අනීතික මෙහෙයුමක්


ශ්‍රිලනිපය ඇතුලේ ඇතිවෙලා තියන අභයන්තර අර්බුදය දවසින් දවස උඩු දුවමින් තියනවා.අර්බුදය විසදෙන්න නම් ශ්‍රිලනිපය ආයෙත් Reset කරන්නම ඕනි.ඒ වගකීම කොයිවෙලේ හරි පක්ෂ විධායක සහාවට,සමස්ථ ලංකා කාරක සභාවට පැවරෙයි.සමහරවිට ඒ ගන්න තීරණ පක්ෂ සම්මේලනයකින් අනුමත කරගන්නත් වෙයි.කොහොම උනත් ඒ ක්‍රියාවලිය අද හෝ හෙට සිද්ධවෙන එකක් නෙවෙයි.


ඒකට යම් කාලයක් ගතවෙනවා. ඒක නිසා දැනට බෙදීමකට ලක්වෙලා තියන ශ්‍රිලනිප පාර්ශව දෙකම අධිකරණය විසින් දීලා තියන නියෝගවලට අනුව කටයුතු කරන්න ඕනි.පහුගිය 30 වෙනිදා ශ්‍රිලනිප සභාපති මෛත්‍රී විසින් නීති විරෝධී සහ සදාචාර විරෝධී විදිහට පක්ෂයේ ජේෂ්ඨ උප සභාපති මහින්ද අමරවීරත්,පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායකත්, ශ්‍රිලනිපය භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්නත් එයලා දරපු පක්ෂ තනතුරුවලින් අයින් කලා.


හැබැයි දුමින්දලා ඒ වෙලාවේ මෛත්‍රීගේ තීන්දුවත් එක්ක රණ්ඩු වෙවී හිටියේ නෑ.එයාලා කළේ තමන්ට උන අසාධාරණයට පිහිටක් ඉල්ලමින් අධිකරණයට ගිය එකයි. ඇත්තටම ඒක හරි.එයාලා අධිකරණයට ගිහින් එයාලා තනතුරුවලින් ඉවත් කිරීමට එරෙහිව වාරණ නියෝගයක් අරන් ආවා.දැන් ඒ අධිකරණ තීන්දුව පිලිගන්න ශ්‍රිලනිපයේ සියලු නායකකාරකාදීන් බැඳී සිටිනවා.


ඒ තීන්දුවට අනුව එයාලට ශ්‍රිලනිප ව්‍යවස්ථාවෙන් සහ කාර්යපටිටාටිය යටතේ ඒ තනතුරුවලට පැවරුණු වගකීම්වල නිරත වෙන්න පුළුවන්.ඒක සදහා නීතිමය බලයක් එයාලට තියනවා. හැබැයි ඒ සීමාව රැකගෙන වැඩ කරන්න එයාලත් දැනගන්න ඕනි.ඒ වගේම ගිය 04 වෙනිදා ශ්‍රිලනිප උපදේශිකා හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මෛත්‍රීට තවදුරටත් ශ්‍රිලනිප සභාපතිධූරයේ කටයුතු කිරීම තහනම් කරමින් තවත් වාරණ නියෝගයක් ගත්තා.


ඒ වාරණය නියෝග ගැනීම වෙනුවෙන් චන්ද්‍රිකා අධිකරණයට වාර්තා කරපු කරුණු  ශ්‍රිලනිප පාක්ෂිකයන්ට ඉතාමත් සංවේදී ඒවා.දැන් අප්‍රියෙල් 18 වෙනකම් මෛත්‍රීට ශ්‍රිලනිප සභාපතිධූරයේ කටයුතු කරන්න බෑ.ඒ නියෝගයත් ශ්‍රිලනිප නායකකාරකාදීන් පිලිගන්න ඕනි.මෛත්‍රී අප්‍රියෙල් 18 වෙනකම් ඉන්නම ඕනි.එදාට වාරණය දික් වෙන්න පුළුවන්, නොවෙන්නත් පුළුවන්.එදා වෙනකම් මෛත්‍රීගේ වචනවලින්ම කිව්වොත් ශීලාචාර විදිහට ඉන්න ඕනි.


මොකද මේ වෙලාවේ තමන්ගේ කොටස වෙන්කර ගන්න කවුරු හරි දඟලනවා නම් ඒක ශ්‍රිලනිපයේ ඉදිරි පැවැත්ම හිත සුව පිණිස වෙන්නේ නෑ.ඒ වගේම ඒ ක්‍රියාමාර්ග මේ දිලා තියන අධිකරණ තීන්දුවලට පරස්පර විරෝධී වෙන්න පුළුවන්. ඒවා නැවත අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් වෙන්නත් පුළුවන්.අනික ඔය ක්‍රියාමාර්ග අවසානයේ ශ්‍රිලනිපය නැවත එකතු කරන්න බැරි තැනට තල්ලුවෙලා තියෙන්නත් පුළුවන්.


ඒක නිසා මේ සියලු අධිකරණ තීන්දුවලට ගරු කරමින් කටයුතු කිරීම කාගේත් වගකීමක්.පක්ෂය ඇතුලේ ගැටුමක් නිර්මාණය නොවෙන විදිහට කටයුතු කිරීම පක්ෂයේ සෞඛ්‍යටත් හොදයි. නැත්තං වෙන්නේ හිර ගෙදර වගේ ශ්‍රිලනිප මූලස්ථානයට පොලිස් ආරක්ෂාව දාගෙන බංකර් ටයිප් එකට දේශපාලනයක් කරන්න. කොහොම උනත් දැනටත් අනීතික ක්‍රියාමාර්ග ‍රියාමාර්ග ගණනාවක් සිද්ධ වෙන බව රටේ රාළ බළකායට ශ්‍රිලනිප අභයන්තර ආරංචි මාර්ගවලින් තොරතුරු ලැබෙනවා.


හෙට ඒ කියන්නේ අප්‍රියෙල් 06 වෙනිදා සියලුම ආසන සංවිධායකයන් සහ දිස්ත්‍රික් සංවිධායකයින් උදේ 9.30 ට පක්ෂ මූලස්ථානයට කැදවලා තියනවා. මේකත් හරියට 2022 මැයි 09 වෙනිදා මහින්ද අරලියගහ මන්දිරයට මැරයෝ කැදෙව්වා වගේ වැඩක්.මහින්ද ඒ අය කැදෙව්වේ ගෝල්ෆොස් අරගලයේ ඉන්න තමන්ට හතුරු පාර්ශවයට පහර දෙන්න.හෙට මේ කැදවීම වෙන්නේ තමන් පාක්ෂිකයන් අතර ගැටුමක් හදන්නද කියන සැකය රටේ රාළට නං තියනවා.


මේ වෙලාවේ කාටවත් අධිකරණ තීන්දුවලට උඩින් යන්න බෑ.මේ හදන්නේ මූලස්ථානය ඇතුලේ අධිකරණ තීන්දුවට අනුව කටයුතු කරන පිරිසත් එක්ක ගැටුමක් හදාගන්නද?ඒ ගැන සැක මතුවෙන්නේ හෙට ආසන සහ දිස්ත්‍රික් සංවිධායකයන් කැඳවන්න දැනුම් දීලා තියන විදිහෙනුයි.ආසන සහ දිස්ත්‍රික් සංවිධායකයන්ට එවලා තියන කෙටි පණිවිඩයේ තියෙන්නේ පක්ෂ මහ ලේකම්තුමාගේ උපදෙස් පරිදි කියලා.


එතකොට මේ සැකය තවත් වර්ධනය වෙනවා.පක්ෂ ලේකම් ඇඟ බේරගෙන යවන පණිවිඩයක්ද මේක.නැත්නම් පක්ෂ ලේකම් නොදැන වෙන දෙයක්ද මේක කියන සැකය මෙතන තියනවා.එහෙම නිල කැදවීමක් මේ වගේ වෙලාවක කරනවා නම් ඒක පක්ෂ ලේකම්ගේ සෘජු වගකීම යටතේ සිද්ධ වෙන්න ඕනි.දැන හෝ නොදැන මේ ක්‍රියාවලිය අධිකරණ ක්‍රියාවලියකට පරස්පරව සිද්ධ වෙන දෙයක්.


ඒක නිසා සාරතී නොදැන නං මේක වෙන්නේ ඒ ගැන මැදිහත් වෙන්න වෙයි.මෙතන අනීතික තත්වයක් බැලූ බැල්මට තියනවා.ඊළඟට ශ්‍රිලනිප කොළඹ දිසා සමුළුව හෙට හවස දෙකට කඩුවෙලදී පැවැත්වෙනවා.තවමත් ඒකේ ප්‍රචාරක කටයුතු සිද්ධ වෙන්නේ ශ්‍රිලනිප සභාපති මෛත්‍රීගේ ප්‍රධානත්වයෙන් කියලා.මේක අධිකරණ තීන්දුවත් එක්ක කරන සෙල්ලමක්ද කියලත් එක වෙලාවකට හිතෙනවා.හෙට උදේ 09.30 ට මූලස්ථානයට රටේම ආසන සහ දිස්ත්‍රික් සංවිධායකයින් වගකීම් විරහිතව කැඳවන ගමන් හෙට මෛත්‍රීගේ ප්‍රධානත්වයෙන් කොළඹ දිසා සමුළුවත් තියනවා.


ඇත්තටම මේ වගේ වෙලාවක මොනම පක්ෂ සංවිධාන හෝ ප්‍රචාරක කටයුත්තක් කරන එක පක්ෂයක් හැටියට සුදුසු නෑ. මෛත්‍රීට සභාපති විදිහට ඒ කටයුතුවලට සහභාගී වෙන්න බෑ. හැබැයි නිමල් සිරිපාලට,දුමින්දට, මහින්ද අමරවීරට,ලසන්ත අලගියවන්නට ඒ රැස්වීම්වලට තමන් දරන වගකීම් යටතේ සහභාගීවෙන්න පුළුවන්.මේක ගැටුමක් ඇති කරන්න කරන වැඩක්ද?


මෛත්‍රීට සභාපතිකම රැකගන්න අතේ පයේ හයියෙන්වත්,අනීතික ක්‍රියාමාර්ගවලින්වත් බෑ.ඒකට මෛත්‍රී කරන්න ඕනි තමන්ගේ නිර්දෝෂීභාවයට අධිකරණය ඉදිරියේ ඔප්පු කරලා ඉස්සෙල්ලාම අධිකරණයෙන් සහනයක් ලබාගැනීමයි.ඊට පස්සේ පක්‍ෂය ඇතුලේ තියන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට අනුව බහුතර කැමැත්තෙන් නැවත තනතුරට පත්වීමයි.ඒ හැර උත්තරයක් මෛත්‍රීට නෑ.වෙන උත්තර හොයන්න ගියොත් මෛත්‍රී තවත් හිර වෙනවා.


හරි එහෙනම් ගිහින් එන්නම්.

ජයවේවා.

මිට

රටේ රාළ.



 නිදහස් පක්ෂය නැවත නිදහස්.. ද්විපාක්ෂික දේශපාලනය ක වගකීම.- සුභාෂිනී විස්පර්


ශ්‍රී ලංකාවේ පක්ෂ ක්‍රමය බහු විධය. දැනට ලියාපදිංචි පක්ෂ 86 ක් පවතී. එයින් එකම එක පක්ෂයකට වත් තනිව බලයට ඒමට හෝ තනිව ආණ්ඩු හැදීමට නොහැකිය. එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිරි ලංකාවේ ප්‍රධාන දේශපාලන ධාරාවේ පක්ෂයන්  විය. මේ වටා ගොඩ නැගෙන සංධාන මගින් විටින් විට රට පාලනය කරනු ලැබිණි. දක්ෂිනාංශික මාවත එක්සත් ජාතික පක්ෂය සමගත් වාමාංශික පක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමගත් සංධාන ගත විනි.මේ සම්ප්‍රදාය බිදෙන්නට වන්නේ මහින්ද රාජපක්ෂ යුධ විරුවකු වීම හා සරත් ෆොන්සේකා එයට අයිතිය කීමට පැමිණීමත් සමගය.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 1951 දී බිහි වන විට එහි සමාරම්භක සාමාජිකයකු වූ මගේ පියා තරුණයෙකි. එතැන් පටන් ඔහුගෙන් පක්ෂය ගැන ඉගෙන ගත් දේ බොහෝය.සිරිමාවෝ ගේ ප්‍රජා අයිතිය අහිමි කරන තුරු උද්යෝගී පාක්ෂිකයකු වූ ඔහුට නැවත තම පක්ෂය ගැන හය්යක් එන්නේ CBK ගේ ගේ නැවත ආගමනය ය. ඒ වන විටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බොහෝ දේශපාලනඥයන්, හා පක්ෂ කිහිපයක් බිහි කල දේශපාලඥයන් ට සෙවන හා දැනුම සපයා තිබුණු මධ්‍යස්ථානය විය. හොරගොල්ල යනු වලව්වක් පමණක් නොව 88-89  භීෂණයේදී ජවිපෙ සමාජිකයන්ගේ ජිවිත සියගණනක් බේරා ආරක්ෂා කරගත් තැනක් විය. කව්රුන් හෝ පක්ෂයෙන් ඉවත්ව යමින් වැඩෙමින් සිටියදී වුව ආපසු එන්නට ඒ හැමෝටම මහා ගෙදරක් තිබුණි. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි.


සෝදා පාළුවුනු සිරි ලංකාවේ දේශපාලන නායකත්වයන්ගේ අඩුව පිරවුණේ දේශපාලනයට සුදුසුම චරිත වලින් නොවේ.මේ ගැටළුව නිදහස් පක්ෂයටත්, එක්සත් ජාතික පක්ෂයටත් එක ලෙසම බලපෑවේය. නායකත්ව අර් බුධයන් හා දේශපාලන ගේම් නිසා එක්සත් ජාතික පක්ෂයද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද මුහුණ දුන්නේ එකම ඉරණමකටය. CBK ගේ දේශපාලන ගමන අවසන් කිරීමට සැකසුණු සියළු කරුණු හමුවේ රාජපක්ෂලා පක්ෂයේ බලය අල්ලා ගත්තද නිදහස් පක්ෂය තුල සිටින බුද්ධිමත් හා මද්‍යස්ථ ප්‍රජාව රාජපක්ෂ කරණයට සමස්ථ වශයෙන් නමා ගත හැකි නොවීම හා 2015 දී මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති වීම යන කරුණු හා ඔහු පක්ෂයේ සබාපති වීමත් සමග රාජපක්ෂ ලා ප්‍රතිවාදීන් වීම නිසාම පක්ෂයෙන් තවත් විශාල පක්ෂයක් බිහි කර ගැනීමට ඔවුන්ට සිදු විය. 

කෙටි කලකින් සෝඩා බෝතලයක් වී දේශපාලන ගේම් මතින් බලයට විත් දැන් පැවැත්ම උදෙසා සටන් කරන්නට වී සිටින තැනට පොහොට්ටුව පත් වී තිබේ. ඒ අනුව රටේ බිහි වූ මහජන පක්ෂය හා පොදු ජන පෙරමුණ වැනි සුවිශාල පක්ෂ වලට පදනම හා මුලීක සෙවන සැපයුවේ සිරි ලංකා නිදහස් පක්ෂයය.එක්සත් ජාතික පක්ෂය එක් වරක් ලලිත් ගාමිණි වෙන් වීම සමගද තවත් වරක් සජබය වෙන් වීම සමගද මේ අවස්ථාවන්ට මුහුණ දෙන ලදී. එහෙත් ඒ පක්ෂ දෙකටම රටේ බලය ලබා ගැනීමට නොහැකි විය.


මා එයින් කීමට උත්සාහ කලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිරි ලංකාවේ ජන සමාජයේ තදින්ම මුල් බැසගත් ගත් දේශපාලන මතවාදයේ මහා ගෙදර බව අපට වැටහිය යුතු බවය. මැද මාවතක සිටි පක්ෂය රාජපක්ෂ කරණයෙන් ලැබුවේ පසුගාමී බවකි. අනෙක් අතින් 2014 සිට එහි නායකත්වය පක්ෂය අවගමනයට ගෙන ගියේය. පක්ෂය ගොඩ නැගීමට වඩා එහි නායකයන්ට තිබුණේ පෞද්ගලික දේශපාලන පැවැත්ම ගැන ප්‍රශ්නය. දේශපාලන අර් බුධ වලට මුහුණ දීමේදී නිදහස් පක්ෂයේ පාදම ගැලවී ගොස් ග්‍රාම්‍ය බල අරගල වල සිටින චරිත කිහිපයකට එහි පරිපාලන බලය හිමි විය. ඉදින් ඇමති කම් වලට පක්ෂය මාරුකරමින් පක්ෂය ජිවත් වීමේ මාර්‍ගයක් බවට පත් කරගත්තා මිස මහා දැවැන්ත සෙවන සැපයු වෘක්ෂය යලි ගොඩ නැගීමට අවශ්‍ය කථිකාවත ගිලිහි යන ලදි. පක්ෂය ගොඩ නැගිමකට වඩා කඩා බිඳ දැමීමක් සිදු විය.


ගිය සතියේ සිට පක්ෂ සභාපති සිරිසේන මහතා පුවත් මවන්නට විය. පාස්කු ප්‍රහාරය ගැන අලුතින් ප්‍රහාරයක් සමාජයට පතිත කරන ලදී. ඒ ප්‍රහාරයත් සමග රටට දැයට හිතැති මැද මාවතේ පාක්ෂික යා තවත් පක්ෂය ගැන කල කිරි ඇති මොහොතක ඊයේ සබාපති ධුරය ගැන වාරණ නියෝගයක් ලැබී තිබුණි. පක්ෂයේ හැරගිය හෝ  නැවත ගොඩ වීමට අපේක්ෂාවෙන් එහෙත් දැනට සිටින නිලධාරීන් සමග එකතු වීමට නොහැකිව සිටි නිහඬ පිරිස් අවදි වූ බවක් පෙනුනි. වට්ස් ඇප් කණ්ඩායම් සක්‍රිය විය.මැසෙන්ජර් කණ්ඩායම් සක්‍රිය විය.ඇමතුම් හුවමාරු වෙන්නට පටන් ගත්තෝය. ඔවු.. ඔවුන් ගේ පක්ෂය වසර 10 ක අවගමනයෙන් පසු නැවත නිදහස්‌ වන ලකුණු පහල වීමෙන් ඔවුන්  අවදි වී සිටියහ.


 බොහෝ දෙනෙකුට ප්‍රශ්න තිබුනේ නිලධාරීන් සමග පෞද්ගලිකව නොවේය. පාස්කු ප්‍රහාරය සම්බන්ධව වන්දි ගෙවීමට නියම වූ අධිකරණ නියෝගයක් ලැබී තිබුණත් සිරිසේන පක්ෂයෙන් ඉවත් නොකිරීම ගැනය. ලෝකයේ ඕනෑම රටක මෙවැනි තීන්දුවකින් පසු සියළු තනතුරු වලින් ඉල්ලා අස්වීම කෘතහස්ත දේශපාලඥයකුගේ වගකීමය. ඔහු මන්ත්‍රී ධුරය මෙන්ම පක්ෂ තනතුරු වලද රැඳෙමින් සිටියේ විශාල මානසික අරගලයක බව ඔහුගේ ප්‍රකාශ හා ශරීර භාෂාව අධ්‍යනයේදී වැටහෙයි. කෘතහස්ත මිනිසුන් එවැනි නායකයකු සිටින  තැනකට ගොඩ වන්නේ නැත. 


 දිගුකාලින පාක්ෂිකයකු මෙන්ම පක්ෂයට සේවයක් කල අයකු වුවද ,පසුව එම අරමුණින් විවිධ හේතු නිසා  වියුක්ත වූවද  පක්ෂ සභාපතිත්වය දැරු සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටිය යුතු වන්නේ  දැන් ඔබ විශ්‍රාම ගත යුතු බවය. ඔබ විසින් වගකීම පැහැර හැරී පාස්කු ප්‍රහාරයන් වැළක්වීමේ වගකීම ගැන මට ඇත්තේ අපුලකි. එහෙත් එය ඔබට වඩා ආරක්ෂක විශේසඥයන් ,උපදේශකයන්, හමුදා පති වරුන්, බුද්ධි අංශ ප්‍රධානීන් රටේ ආරක්ෂක ඇමති වශයෙන් ආරක්ෂාව වෙනුවෙන් ම වැටුප් ලැබූ, රජයේ මුදලින් අධ්‍යාපනය ලැබූ , විදේශ පුහුණු ලැබූ  සැම වෙතම බෙදී යා යුතු වගකීමක්ද වන්නේය. ඒ වගකීම ඔහුට පමණක් ම පැවරීම මුග්ධ කමක් වුවත් ඔහු ඒ වගකීම ගැන පසුතැවෙන බව ඔහුගේ පැවැත්මෙන් හෙළි වේ. 


එසේ නම් ඔබ විශ්‍රාම යාමෙන් මහා පක්ෂයක්,දේශපාලන බලවේග ගොඩ නගමින් රටේ බලය වැඩි පුර දරා සිටීමට පාදක වූ පක්ෂය මෙන්ම ලොව පළමු අගමැතිනිය බිහි කල පක්ෂයද වන නිදහස් පක්ෂය ඔබෙන් නිදහස ලැබිය යුත්තේ මේ මොහොතේය. ඒ මොහොත පමා වුවත් දැන් වුවද එය සිදු වන්නේ නම් රටට යහපතකි. මා එසේ කියන්නේ ඕනෑම රටක දක්ෂිනාංශික හා ඊට විරුද්ධ මාවතක දේශපාලන ප්‍රවාහයන් පැවතිය යුතු බව විශ්වාශ කරන නිසාවෙනි.  ලෝකයේ සියළුම දියුණු රටවල් එසේය. අපි එහි අච්චාරුවක් වීම නිවැරදි කරගත යුතුය.  දියුණු ප්‍රජාතන්ත්‍ර වාදයක් ගොඩ නැගිය හැක්කේ එවිටය. පක්ෂ 86 ක් ලියාපදිංචි කර ගැනීමට ඉවහල් වූ ජඩ දේශපාලනය අපි ප්‍රතික්ෂේප කරමු. ජනගහනයෙන් ලක්ෂ දෙකහමාරකට පක්ෂයක් තිබේ. ඉදින් රටක බෙදීම මෙතරම් සියුම් නම් රටක් ගොඩ ගන්නේ කෙලෙසද?  රටේ ප්‍රශ්නය නම් සාමුහික දේශපාලන මානසිකත්වයේ බෙදීම් වැඩි වීමය. ලංකාව නැවත ද්විපක්ෂ ක්‍රමයකට අනිවාර්‍යයෙන්ම නොයන්නේ නම් කල්පයකට හෝ දේශපාලන අර් බුද්ධ වලින් මිදිය නොහැකිය.


 අපේ රටේ ආරම්භයේදී පැවතී  දිව්ත්ව දේශපාලන ප්‍රවාහය කැඩී  බිඳී ,බෙදීම් සහිතව ආගම් වලට ,ජාතින් වලට ,  කුල වලට පක්ෂ බිහිවෙන්නට පටන් ගැනීමම මේ දේශපාලනය අච්චාරුවක් වීමට බලපාන ලදී. සිදු විය යුතුව තිබුනේ බලලෝභී ලෙස , වියපත් වීත් තමන් හා තමන්ගේ දරු මුණුපුරන් වෙනුවෙන් පක්ෂය ,ආසනය, රඳවා ගෙන දේශපාලනය කිරීම නොවේ. අලුත් වීමය. ගෝලීය පක්ෂ දෙස බලා  නවීකරණය වීමය. ජාත්‍යන්තර වීමය. එක්සත් ජාතික පක්ෂය නම් ජේ ආර් ගේ,රනිල්ගේ  ලෝක දේශපාලන බාවිතාව හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියළුම බණ්ඩාරනායකවරුන්ගේ ලෝක දේශපාලන බාවිතාව උදුරා දැමුණු ප්‍රධාන ප්‍රවාහයේ දේශපාලනය  ගැන අප ලැජ්ජා විය යුතුය. අප සුනාමි හොරුන්ට ලෝකයට මුහුණ දෙන්නට බැරිවීම භාර ගත්තේ යුද්ධය අවසන් කිරීමට ලෝකය එරෙහි වූ බවය. විමල් විරවංශ ලාගේ පච ලොරිවලින් සැකසුනු ජනමතය ලෝකයේ ප්‍රධාන රටවල් 32 ක් හා යුරෝපා සංගමයේ රටවල් 28 ක් කොටි සංවිධානය තහනම් කර තිබු බව ජනතාවට කිවේ නැත. අපි ලෝකයේ වසා දැමුවේ සුනාමි ආධාර හොරකම් මිස යුද්ධය අවසන් කිරීම නොවේ. ත්‍රස්ත සංවිධාන වලට නිත්‍යානුකුල ආණ්ඩු ක්‍රියා  මාර් ග ගත යුතුය. ඒවාට යුධ අපරාධ පරීක්ෂණ තිබු පමණින් ඒවායෙන් 100% අපි වැරදි කරුවන් වන්නේ නැත. මේ ප්රෝපගන්දා ව අපගේ සියළු ගෝලීය දේශපාලන හරයන් මුළු ගන්වා රට විනාශයට ගෙන ගියේය. ඒ ගමන් මග නවතාලන්නට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හා එක්සත් ජාතික පක්ෂයට නොහැකි වීම ගැන ස්වයං විවේචනයකට කාලය පැමිණ තිබේ.


 එපමනක් නොව නොසැලකිලිමත් දේශපාලන බාවිතාව විසින්  ඔවුන් මේ රටේ පැවැත්ම තීරණාත්මක කරන ප්‍රධාන පක්ෂ දෙකම පවුල් හා පරම්පරා වශයෙන් ප්‍රාදේශීය දේශපාලනය තුල පවා විනාශ කරගත්තේ  එම පක්ෂ සංස්කෘතිය තුල මනෝභාවයන් හැඩගසා ගත් උගත් බුද්ධිමත් ජනතාවද අසරණ කර කලකිරවිමෙන්ය.  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ,එක්සත් ජාතික පක්ෂයත් පොදුවේ මුහුණ දෙන මේ නවීකරණය නොකිරීමේ  අර් බුධය නිසාම මධ්‍යස්ත තරුණ නායකත්ව ප්‍රජාව අසරණ වී ඇත. ඔවුන් පක්ෂ දේශපාලනය ප්‍රතික්ෂේප කරන්නේ කැපිලි කෙටිලි වලට මුහුණ දීම හැර හරවත් දේශපාලනයක් කිරීමට මේ ප්‍රවාහයන් දෙක තුල ඉඩ මකා දැමීම තුලිනි. අරගලය කියා සිටි දෙය මේ පක්ෂ දෙක වටහා ගත්තේදැයි නොදනිමි. ඥාති සංග්‍රහ වලින් තොර තරුණ නායකයන්ට ඉඩ දීම අරගලයේ එක් අපේක්ෂාවකි. නව පක්ෂ සන්කෘතියක් අවශ්‍ය වන්නේ එබැවිනි.


මම ශ්‍රී ලංකාවේ දේශපාලනය අන්තවාදී ප්‍රවාහයන් ගෙන් මිදී මධ්‍යස්ත ප්‍රවාහයක සංවර්ධන ඉලක්ක කරා යන මාවතක් වෙනුවෙන් පෙනී සිටිමි. ඒ මාවත  ආර් ථික වෙනස්කම් සහිතව ඉදිරියට ගෙන  ආවේ ප්‍රධාන ප්‍රවාහයන් වන එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයය. 1971 න්  ආරම්භ වූ භූ දේශපාලන හා සමාජවාදී අන්ත වාදයත් එල් ටි ටි ඊ අන්තවාදයත්, රාජපක්ෂ ග්‍රාමය චෞරවාදයත්  මේ ප්‍රවාහයන් දෙකම  සුනු විසුණු කරමින් රට ද අගාධයට ගෙන ගිය බව අප පිළිගත යුතුය. එසේ වීමට හේතුව ඒ අර් බුධ කළමනාකරණය කිරීමට වඩාත් හොඳ ප්‍රවිශ්ටයක් ගැනීමට තිබුණු අපහසුතාය. අසමත් කම්ය. 70 දශකය ලෝකයෙන් තුනෙන් දෙකක් පමණ දිනපතා කුසගින්න සමග සටන් කරන ලදී. අද වන විට කොරියාව, චීනය ,ඉන්දියාව අප්‍රිකාව හා ඉතියෝපියාව පවා කුසගින්න ජයගෙන ඇත. අපට තවමත් නොහැකි වී ඇත.එදා කුසගින්නේ සිටි රටවල් අද ඩිගිටල් හතරවන යුගයේය. අපි තවමත් කෙකර ගාමු.අන්තවාදයන් තුනක් කළමනාකරණය කර ගැනීමට නොහැකි වීම හේතුවය.


සිරි ලංකා නිදහස් පක්ෂයට හා එක්සත් ජාතික පක්ෂය යන දෙකටම මේ මොහොතේ ජාතික වගකීමක් තිබේ. එහි නායකයන්ට ද එසේමය. ඒ පක්ෂ බලලෝභී දේශපාලනයෙන් මුදවා දක්ෂ, උගත් ,තරුණ හා ගෝලීය අත්දැකීම් ඇති පුරවැසියන් වෙත පක්ෂයන්  විවෘත කිරීමය. එමගින් මැද මාවතක රට ගෙන යාමය.  ඒ වගකීම පැහැර හැරීමෙන් විතැන් වන protest votes ගැන වගකීම ගැනීමය. ඒ වගකීම මේ මොහොතේ ගත යුතු දෙයකි. එවිට දේශපාලනය මඩ ගොහොරුවක් යයි දේශපාලනයෙන් විතැන් වී සිටින සුදුසු  පිරිස එකතු වූ යහපත් දේශපාලනයක් ගොඩ නැගීම කරනු ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නායකත්වය වෙනස් වීමෙන් පසු දේශපාලනයේ නව පරිච්චේදයක් ලියා තැබීමට සුදානම් බව අභ්‍යන්තර ප්‍රබෝධය කියා පායි. එය ඕනෑම මැද මාවතේ රටට හිතැති මිනිසකුගේ අපේක්ෂාවය. ඕනෑම අර් බුධයක් තුල විශාල හා පැහැදිලි අවස්ථාවන් පවතී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ද එසේය. මෛත්‍රිපාල සිරිසේන මහතාටද මේ අර් බුධය තුල අවස්ථාවන් තිබේ.ඒ දේශපාලන පිටිය තුල විහිළුවක් නොවී ගෞරවාන්විතව විශ්‍රාම යාමටය. 

Thursday, April 4, 2024

 ශ්‍රිලනිපය තුල මෛත්‍රී කොයිබටද?


මීට දවස් කීපයකට උඩදී රටේ රාළ ලියපු " අයියෝ සිරිසේන " ලිපියෙන් කියපුවා දැන් ඔයාලගේ ඇස් පනාපිට සිද්ධ වෙන්න පටන් අරන්. රටේ රාළ කියන්නේ මෛත්‍රී ගිය 22 ක සහ 30 වෙනිදා පත්තු කරපු දේශපාලන බෝම්බ දෙකෙන් පුද්ගලයෙක් විදිහට මෛත්‍රීටත්, පක්ෂයක් විදිහට ශ්‍රිලනිපයටත්, රටක් විදිහට අපිටත් ලොකු හානියක් වෙලා කියලයි.පාස්කු ප්‍රහාරය කළේ කවුද කියලා සියලුදේ දන්නවා කියපු කතාවට අදලව දැන් අධිකරණමය ක්‍රියාවලියක් සිද්ධවෙමින් තියනවා. 


මෛත්‍රී ගිය 30 වෙනිදා විශේෂ තීන්දුවක් ගන්න කියලා ශ්‍රිලනිප සංවිධාන ස්ථර කීපයක සමාජිකයෝ ඩාලි පාරේ පක්ෂ මූලස්ථානයට කැදවලා තිබුණා. විශේෂ ආරාධිතයෙක් විදිහට එතනට ආපු අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂත් තියාගෙන තමයි මෛත්‍රී බෝම්බය පත්තු කළේ.මෛත්‍රී එතනදී කළේ නීති විරෝධී සහ සදාචාර විරොධී විදිහට පක්ෂයේ ජේෂ්ඨයන් වන මහින්ද අමරවීර,දුමින්ද සහ ලසන්ත තනතුරුවලින් අයින් කරපු එකයි.


ඒ ඉවත් කිරීමට රටේ රාළ කිව්වේ ඒක මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් කියලයි.දේශපාලන වශයෙන් ශ්‍රිලනිපයත් මරාගෙන මෛත්‍රීත් බ්ලාස්ට් වෙන්න කරපු ප්‍රහාරයක් ඒක.එතනින් පස්සේ ශ්‍රිලනිප නායකත්වය මෛත්‍රීමෙන් ගිලිහෙන්න තියන ඉඩ වැඩියි කියලා රටේ කිව්වා.දැන් ඊට අවශ්‍ය මූලික පදනම හැදෙමින් තියනවා. මහින්ද අමරවීර,දුමින්ද,ලසන්ත තමන් දැරූ තනතුරුවලින් අයින් කිරීමට එරෙහිව වාරණ නියෝගයක් අරන් තියනවා.


ඒ වගේම ඊයේ (04) චන්ද්‍රිකාත් මෛත්‍රීට ශ්‍රිලනිප සභාපතිධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් තවත් වාරණ නියෝගයක් අරන්.අප්‍රියෙල් 18 වෙනිදා වෙනකං ඒ නියෝගය වලංගුයි.පහුගිය කාලේ ශ්‍රිලනිප ව්‍යවස්ථාවට සංශෝධන ගණනාවක් සිද්ධවුනා.පුද්ගලයෝ ගණනාවක් අලුතෙන් එකතු වුනා. මේ ව්‍යවස්ථා සංශෝධන සහ පුද්ගල එකතු කිරීම් සියල්ල සිද්ධවුනේ මෛත්‍රීගේ උවමනාවට.ඒ හරහා මෛත්‍රී තමන්ට හිතවත් කණ්ඩායමක් පක්ෂය ඇතුළට ගත්තා.


ඒ ගැනීම්වල අරමුණ මොකද්ද කියලා හිතද්දී රටේ තියන දේශපාලන,ආර්ථික අර්බුදයට මුහුණ දෙන්න අවශ්‍ය ශක්තිය ගොඩනගා ගැනීමට මේ පිරිස ගත්තා කියලා කීයටවත් හිතන්න බෑ.


ඇත්තටම මෛත්‍රී ඒ පිරිස ගත්තේ මෛත්‍රීගේ සභාපතිකම ආරක්ෂා කරගැනීමට සහ ශ්‍රිලනිප බලය මෛත්‍රී අතේ තියා ගැනීමට කියලා තමයි හිතන්න වෙන්නේ.එහෙම දේවල් කලේ මෛත්‍රී විතරයි කියලා රටේ රාළ කියන්නේ නෑ.මේ රටේ හැම නායක,නායිකාවක්ම තමන්ගේ බලය රැකගන්න ඔය ජාතියේ වැඩ කළා.හැබැයි මෙතනදී මෛත්‍රී ඒ වෙනුවෙන් තොරගත්තේ කිසිම දේශපාලන කියවීමක් නැති ළමා සොල්දාදුවෝ පිරිසක්.එයාලා දිගමට කළේ මෛත්‍රී මොනවා කළත් ඒක අතිශෝක්තියෙන් වර්ණනා කරපු එකයි.


මෛත්‍රීගේ දේශපාලනය පෝෂණය වීමක් හරි ශ්‍රිලනිප දේශපාලනය පෝෂණය වීමක් එතනින් වුනේ නෑ. එකමදේ උනේ මෛත්‍රී ඉතාමත් පුංචි කවයකට කොටුවීම විතරයි. මෛත්‍රීගේ උපදේශකයන් විදිහට හිටපු සහ තවමත් ඉන්න අය ලෝකේ කාල වතුර බීපු ගේම්කාරයෝ.මේ සියලු දෙනා එක්ක මෛත්‍රීට ධාර ලණු දුන්නා. දයාසිරි පක්ෂයෙන් පන්නපු තැන ඉඳන් දුමින්දලාගේ තනතුරුවලින් ඉවත් කිරීම දක්වා මෛත්‍රී ගත්ත සියලු තීරණ දේශපාලනිකව වැරදියි.


රටේ වෙලා තියනදේ ගැන අදහසක් නෑ.වෙන්න නියමිතදේ ගැන හරි තක්සේරුවක් නෑ.ශ්‍රිලනිපයට දේශපාලන මතයක් නෑ, වැඩපිලිවෙලක් නෑ.ශ්‍රිලනිපය පහල සංවිධායකයන්ට වෙලා තියෙන්නේ  උඩ තියන රන්ඩු දිහා බලා ඉන්න විතරයි.මෛත්‍රී නිදාගෙන ඉන්න ශ්‍රිලනිප යෝධයා නැගිට්ටවන්න මොකුත් කළේ නෑ.ඇත්තටම ඒක යම් උත්සාහයක් දයාසිරි ගත්තා. රාජපක්ෂලා ශ්‍රිලනිපය දෙකට කඩලා ලොකු කෑල්ල අරන් ගියා.


ඒත් ඉතිරිවුන අයත් එක්ක පක්ෂය ගොඩගන්න පුළුවන්කම ඕනිවටත් වැඩිය තිබුණා.ඒ කිසිම අස්ථාවකින් ප්‍රයෝජන ගන්න මෛත්‍රී කටයුතු කළේ නෑ.මෛත්‍රී ශ්‍රිලනිපයට නායත්වය දුන්නේ රට පාලනය කරපු නායකයෙක් විදිහට නෙවෙයි. තමන්ගේ වසමේ වැඩටික බලා කියාගෙන ඉන්න ග්‍රාම නිළධාරී මහත්තයෙක් විදිහටයි.මෛත්‍රීට වටේ හිටියේ ග්‍රාම සේවක මහත්තයාගෙන් අස්වැසුම ඉල්ලගෙන ඇවිත් උදේ හවස කාර්යාලය ලඟ වැටිලා ඉන්න මිනිස්සු වගේ අසරණයෝ ටිකක්.  


මෛත්‍රී කළේ ශ්‍රිලනිපය තමන් අතේ තියාගැනීම වෙනුවෙන් ශ්‍රිලනිපය අසරණයන්ගෙන් සහ අදක්ෂයන්ගෙන් පුරවන එකයි. පුරවලා නිකං හිටියේ නෑ.එයාලා පාව්චිචි කරලා ජේෂ්ඨයන්ට ගහන එකයි.රාජපක්ෂලා ශ්‍රිලනිපය දුර්වල කරලා ගියාට පස්සේ ශ්‍රිලනිපය එක්ක රැඳුණු කණ්ඩායමක් හිටියා. ඒ අතර දක්ෂයෝ හිටියා,දයාසිරි, දුමින්ද,ලසන්ත,සාරතී.අංගජන් වගේ තරුණ නායකයෝ හිටියා.


එයාලා නායකයන් විදිහට ගොඩනැගීමේ හැකියාව ඕනි තරම් තිබුණා.ඒත් මෛත්‍රී කවදාවත් ශ්‍රිලනිපය ඇතුලෙන් ශක්තිමත් නායකත්ව පෞරුෂයයන් හැදුවේ නෑ,මෛත්‍රීගෙත් ටාගට් එක වෙන්න ඇත්තේ මෛත්‍රීගෙන් පස්සේ බැට්න් එක දහම්ට දෙන්න වෙන්නත් පුළුවන්.දැන් මෛත්‍රීගේ සභාපති ධූරයට වාරණයක් ක්‍රියාත්මක වෙනවා.සමහරවිට තව අවස්ථා කීපයක් ඔය වාරණය දික්වෙන්න පුළුවන්.


කොහොම උනත් අවසානයේ ශ්‍රිලනිප නායකයා තේරීමේ වගකීම එන්නේ පක්ෂයට.රටේ රාළ විශ්වාස කරන්නේ ආයෙත් මෛත්‍රීට ශ්‍රිලනිපය සභාපතිධූරය ගන්න ලේසි නෑ.මෛත්‍රී වෙනුවෙන් ඒ සටන කරන්න දැන් කවුරුවත් ඉතිරිවෙලා නෑ.මෛත්‍රී වෙනුවෙන් ඒ සටනට එන හැම කෙනාම බරපතල දේශපාලන අවධානමකට වැටෙනවා. 


රටේ රාළ කියන්නේ මෛත්‍රී එල්ල කරපූ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් මෛත්‍රී දේශපාලන වශයෙන් බ්ලාස්ට් වෙලා ශ්‍රිලනිපය බරපතල තුවාල ලැබුවා කියලයි.දැන් ඇත්ත ශ්‍රිලනිප සාමාජිකයාට ඉතිරිවෙලා තියෙන්නේ පණ අදින ශ්‍රිලනිපය බේරගන්න පුළුවන්ද කියලා අවසන් උත්සාහ දරන එක විතරයි.


ජයවේවා.

මිට

රටේ රාළ.


Thursday, March 7, 2024

මිහින්තලේ හිමි සුද්ධවන්තයෙක් ද?


 මිහින්තලය රාජමහා විහාරාධිපති වලවා හැංගුණ වැවේ ධම්මරතන හිමියන් මේ වන විට අලුත් නාට්‍යයක් රඟපෑමට පටන් ගෙන තිබේ. ඒ දූෂිතයන් එළවා නැවතත් භික්‍ෂුන්ට කීකරු පාලක පන්තියක් ගොඩනැගීම වෙනුවෙනි. එය බැලූ බැල්මට ඉතා හොඳ කර්තව්‍යයකි. එහෙත් මතුපිටට නොපෙනෙන සත්‍යය නම් දුස්සීල භික්‍ෂු පිරිසකට නතු වූ පාලකයන් රට කුමන දිසාවකට ගෙනයා දැයි යන ගැටළුවයි.

මීට කදිම නිදසුනක් 2019 ජනාධිපතිවරණයේ දී මෙරට බෞද්ධ බලවේග කියා ගන්නා වාණිජවාදී භික්‍ෂුන් පිරිසක් සහ සේරිවාණිජ කුලයේ බෞද්ධ වෙළඳ පන්තියක් විසින් සිදු කළ විනාශය තවම මෙරට ජනතාවට අමතක නැත. දියසෙන් කුමරා, බෝධි සත්ත්වයකු ලෙස පිළි අන්දා රජ පුටුවේ තැබූ පාලකයා අමුම අමු ගවයෙකු බව මෙරට ජනතාවට අවබෝධ වන විට ප්‍රමාද වැඩිය. ඒ අත්වැරැද්ද නිසා සිදු වූ විනාශයට මේ රටේ ජනතාව අසීමාන්තිකව වන්දි ගෙවමින් සිටී. එහෙත් ඒ මොහොතේ මේ රටේ ජනතාව මුලාවට පත් කළ කිසිදු ගිහි හෝ පැවිදි බෞද්ධ නායකයෙකු සිදු කළ විනාශය පිළිබඳ ජනතාවගෙන් සමාව ගත්තේ නැත.
ඉතිහාසය විමසීමේ දී මෙරට භික්‍ෂු සමාජය ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් හඳුනාගත හැකිය. ඉන් පළමු පිරිස බුදුන් වදාළ පරිදි ශාසනික මගෙහි ගමන් කරමින් පිළිවෙත් සරු මහ සඟ රුවනයි. දෙවන පිරිස දේශපාලනික භික්‍ෂුවයි. මොවුන් ශාසනික ද නොවේ. ඔවුන් සිය පෞද්ගලික ආත්ම ලාභය වෙනුවෙන් බුද්ධ ශාසනය සහ භික්‍ෂුත්වය අළෙවිකරණයෙහි යෙදෙන පිරිසයි. ඔවුන්ට අවශ්‍ය තමන්ට නතු රූකඩ පාලකයෙක් බිහි කර ගැනීමටයි. ලංකා ඉතිහාසය විමසීමේ දී භික්‍ෂු නායකත්වයේ සහ අනවශ්‍ය මැදිහත්වීමෙන් පත්කළ රජවරු බහුතරයක් සාර්ථක වූයේ නැත. නිදහසින් පසු ලාංකේය දේශපාලනයේ ද එය පැහැදිලිව හඳුනාගත හැකි වේ.
නිදහසින් පසු භික්‍ෂු මැදිහත් වීමෙන් බලයට ගෙන ආ පළමු නායකයා වූයේ බණ්ඩාරනායක අගමැතිතුමායි. එතුමා බලයට පැමිණි පසු තමන්ට අවශ්‍ය පරිදි හැසිරවීමට නොහැකි වූ පසු එතුමාව ඝාතනය කරන්නේ ද භික්‍ෂුවක විසිනි. ඒ මේ රටේ සුප්‍රසිද්ධ ප්‍රධාන විහාරස්ථානයක් වන කැලණිය රජමහා විහාරයේ නායක හිමියන්ගේ අවශ්‍යතාවයකටය.
බණ්ඩාරනායක ඝාතනයෙන් පසු මෙරට භික්‍ෂු බලය ඉතා බරපතල සෝදා පාළුවකට ලක් වන අතර ඒ අනුව භික්‍ෂු මැදිහත්වීමෙන් තොර පාලකයන් පිරිසක් බලයට පත්වූහ. එහෙත් නැවතත් ප්‍රේමදාස ජනාධිපතිවරයා වෙනුවෙන් ඒ භික්‍ෂු බලය ගොඩනැගුණි. ඔහුගෙන් ලැබුනු වරදාන හා වරප්‍රසාද නිසා ප්‍රේමදාස පාලනයේ ජඩබව ඒ භික්‍ෂුන් දුටුවේ නැත.
2005 වසරේ දී මහින්ද රාජපක්‍ෂ බලයට එන්නේ ද භික්‍ෂු බලයෙන් බව සියලු දෙනා දන්නා සත්‍යයකි. ඔහුගේ දූෂිත, භීෂිත පාලනය වසා සිවුරු ඔතා, ඔහුව රැකගත්තේද, තවමත් ඔහුගේ ජඩකම්වලට සුදු හුණු ගාන්නේ ද ඉහත කී දේශපාලනික භික්‍ෂුව විසිනි. ඒ වෙනුවෙන් ඔවුන් අසීමාන්තික සැප සම්පත් ද භූක්ති විඳිති. අප්‍රමාණ ලාභ ප්‍රයෝජනද ලබාගනිති.
අවසන් වශයෙන් 2019 දී බලයට ගෙනා ගෝඨාභය මේ රට නැත්තටම නැති කර දමා තිබේ.
එතරම් විනාශයක් සිදු කර තිබිය දීත්, තවමත් විලි ලැජ්ජා නැතිව රජවරු තනන්නට මොවුන් දරණ උත්සාහය නම් පිළිකුල් සහගත ය.
මේ රටේ ධනවත්ම විහාරස්ථාන කිසිවක් මේ මෑතක් වනතුරු විදුලිබිල් ගෙව්වේ නැත. සියලු වැඩ කටයුතු සඳහා සිවිල් ආරක්‍ෂක අංශය සිටියේ ය. ඉදිකිරීම් සිදු කළේ ත්‍රිවිධ හමුදාව විසිනි. තීරු බදු රහිත වාහන බලපත්‍ර එසේ කඩේ ගිය බහුතරයකට ලැබුණි. පොලිස් ප්‍රභූ ආරක්‍ෂකයන් සිටී. මේ සියල්ලට වැය වන්නේ අහිංසක ජනතාවගේ බදු මුදල් නොවේ ද?
මිහින්තලේ නාහිමියන් පවසන ආකාරයටම ඔවුන් 1979 වසරේ සිටම විදුලි බිල් ගෙවා නැත. එහෙත් මිහින්තලය ඇතුළු ප්‍රධාන විහාරස්ථාන වල විදුලි බිල වෙනුවෙන් දායකත්ව මුදල් අයකරයි. මිහින්තලා නගරයේ සහ පූජා භූමියේ ඇති වෙළෙදසැල් වලින් මාසිකව කුලී ලබා ගනී. පූජා භූමියට අයත් අක්කර දහස් ගණනක ආදායම් ලබයි. එහෙත් පන්සල නඩත්තු කරනු ලැබුවේ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ ත්‍රිවිධ හමුදාවයි.
එසේ නම් මේවා මහජන මුදල් අවභාවිත කිරීම් නොවේ ද? සුචරිතවාදී භික්‍ෂුන් තමන් අනීතිකව මෙලෙස මහජන මුදලින් වරප්‍රසාද භූක්ති විඳින්නේ ඇයි?
මිහින්තලේ හාමුදුරුවන් ඇතුළු දේශපාලන භික්‍ෂුන් වහන්සේලා සිදු කරන්නේ මුදලට තම භික්‍ෂුත්වය විකිණීමකි. ඔවුන්ට වඩා වීදි ගණිකාව සිය ගුණයකින් වැදගත් ය.
මේ රටේ ආගමික ස්ථානවලින්ද ආදායම් බදු අයකර, භික්‍ෂුන්ට අනවශ්‍ය වරප්‍රසාද ලබාදීමට මහජන මුදල් නාස්ති නොකරන පාලනයක මේ රට වඩා යහපත් වනු ඇත. ධම්මරතන හිමියනි, ඔබවහන්සේ නිරුවතින් සිට අන් අයගේ නිරුවත සොයනු වෙනුවට තමා මුලින් ම ප්‍රතිපත්ති ගරුක වී අවංකව කටයුතු කරනු මැනවි. එය බුද්ධ ශාසනයේ චිරස්ථිතියට ද මහත් සේවයක් වනු ඇත.

සමන් ගණකධාර

Monday, February 26, 2024

 #ඔබ_කලා_විෂයන්_හැදෑරිය_යුතු_ඇයි -


- මහාචාර්ය ලියනගේ  අමරකීර්ති


(පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙහි ශාස්ත්‍ර පීඨයට ප්‍රවේශ වූ නවක සිසුන්ගේ නම්නීකරණ වැඩසටහන සඳහා පෙබරවාරි 10 වනිදා ලියනගේ අමරකීර්ති මහතා පැවැත්වූ දේශනය ඇසුරිණි)


ශාස්ත්‍ර පීඨ


මානව ශාස්ත්‍ර සහ සමාජයීය විද්‍යා යනුවෙන් හැඳින්වෙන්නේ අප ශාස්ත්‍ර පීඨ යැයි සාමාන්‍යයෙන් හඳුන්වන පීඨවල ඉගැන්වෙන විෂයයන්. සාහිත්‍ය කලා, භාෂාව, ඉතිහාසය, දර්ශනය, ලලිත කලා ආදී විෂයයන් මානව ශාස්ත්‍ර ලෙසත්, ආර්ථික විද්‍යාව, සමාජවිද්‍යාව, මනෝ විද්‍යාව, භූගෝල විද්‍යාව, මානවවිද්‍යාව ආදිය සමාජයීය විද්‍යා ලෙසත් සාමාන්‍යයෙන් හැඳින්වෙනවා. නමුත් මේවා මෙතරම් පැහැදිලිව බෙදුම්කරණය කරන්න අමාරුයි. භූගෝල විද්‍යාව, පුරාවිද්‍යාව, සහ වාග්විද්‍යාව ගන්න. ඒවා අර බෙදුම්කරණයෙන් තේරුම්ගන්න බෑ. භූගෝල විද්‍යාව එක පැත්තකින් රසායන විද්‍යාව, භෞතික විද්‍යාව ආදියටත් තව පැත්තකින් සාහිත්‍ය කලා ආදියටත් සම්බන්ධයි. අද ලලිත කලා වැනි විෂයයන් භෞතික විද්‍යා, ඉංජිනේරු විද්‍යා ආදිය සමග සම්බන්ධයි. පුරාවිද්‍යාව සඳහා රසායන විද්‍යා ආදිය අවශ්‍යයයි. වාග්විද්‍යා ක්ෂේත්‍රයේ ඇති වූ එක්තරා විප්ලවීය චින්තන සම්ප්‍රදායක් වන ව්‍යූහවාදය මානවශාස්ත්‍ර විෂයයන් විතරක් නෙමේ, සාමාජීය විද්‍යාවලටත් විශාල බලපෑමක් කළා. එපමණක් නොවෙයි විද්‍යා පීඨවල ඉගැන්වෙන ස්වභාවික විද්‍යා ගැන අප කල්පනා කරන ආකාරය ව්‍යූහවාදය නිසා තීරණාත්මක වෙනස්වීම්වලට ලක් වුණා. භාෂා අධ්‍යයන ක්ෂේත්‍රයෙහි ඇති වූ චින්තන විධියක් ස්වභාවික විද්‍යාවලටත් බලපෑම් කරන ආකාරය දැන් අපි කවුරුත් දන්නවා. ඒ විතරක් නෙමේ ස්නායු විද්‍යා, ජාන විද්‍යා ක්ෂේත්‍රයේ ඇති වූ අලුත් වර්ධනය අපේ විෂය ක්ෂේත්‍ර වෙතත් බලපෑම් කරලා තියෙනවා. මනුෂ්‍යයන් අතර පවතින ආදරය යනු කුමක්දැයි යන්න ගැන කවීන් විතරක් නෙමේ රසායන විද්‍යාඥයන්, ජීව විද්‍යාඥයන් කතා කරනවා. “ආදරය” විඳින විට, “ආදරය” කරන විට මොළයෙහි සිදුවන රසායන ක්‍රියාවලි ගැන අපූරු පර්යේෂණ කෙරී තිබෙනවා. ඒ නිසා මනුෂ්‍ය ඥානය ගැන විද්‍යා සහ කලා යනුවෙන් කර ඇති මෙම බෙදීම් ඉතාම කෘත්‍රිම බෙදීම්.


අපේ රටේ මානවශාස්ත්‍ර සහ සමාජයීය විද්‍යා යනුවෙන් හැඳින්වෙන අධ්‍යාපනයට ඇමරිකා එක්සත් ජනපදයෙහි භාවිත කරන නම තමයි ලිබරල් ආර්ට්ස් හෙවත් නිදහස් කලා යන්න. නමුත් ලොකු වෙනසක් තියෙනවා. එහි නිදහස් කලා යන්නට විද්‍යාව, ගණිතය වගේ දේවලුත් අයිතියි. ලිබරල් හෙවත් නිදහස් යනුවෙන් එතනදි අදහස් කරන්නේ වැදගත් දෙයක්. මනුෂ්‍ය චින්තනයේ නිදහස, මනුෂ්‍යයාගේ නිදහස සාධනය කරන ඥානය තමයි නිදහස් කලා යන්නෙන් අදහස් කෙරෙන්නේ. අද වන විට ලංකාවේ විශ්වවිද්‍යාලවලත් මානව ශාස්ත්‍ර සහ සමාජයීය විද්‍යා ඉගෙනීමට එන අයටත් ගණිතය, සංඛ්‍යානය වගේ විෂයන් ඉගෙනගන්න වෙනවා. විද්‍යාව පිළිබඳ මූලික ඥානය ලැබෙන පාඨමාලාවක් දෙකක් වත් තවමත් ඔබට හදාරන්නට අවකාශ නැති වුවත් මේ පීඨයේදී ඔබට ලැබෙන අධ්‍යාපනය විශාල වශයෙන් පුළුල්.


සාමාන්‍යයෙන් අපේ රටේ ඔබ වැනි අය ඉගෙනගන්න විෂය දිහා බලන්නෙ අවතක්සේරු ස්වරයෙන්. “කලාව කෙරුවොත් මළා” තමයි කියල සෝමලතා සුභසිංහගෙ විකෘති නාට්‍යයෙදි කියවෙන්නෙ ඔබ ඉගෙනගන්න විෂය ගැන අපේ සමාජයේ තියෙන අවබෝධයේ තරම. මානව ශාස්ත්‍ර විෂයවලට පරිභෝජන ධනවාදී ලෝකයේදී අත්වන ඉරණම පිළිබඳ ලංකාවේදී දක්වන ලද මුල්කාලීන ප්‍රතිචාරයක් තමයි විකෘති නාට්‍යය.


කලා විෂයන් කියන්නෙ චිත්‍ර, සංගීත, නැටුම් හෝ සිව්පද ආදිය ගැන කියල හිතන අය චිත්‍ර, සංගීත, නැටුම් වැනි ලලිත කලාවලටත් කරන්නෙ දරුණු නිගරුවක්. මේ විෂයට බැහැරින් ඉන්න අය මොනව හිතුවත් කමක් නෑ කියමු. විෂය ඇතුළෙ ඉන්න අපිත් බොහෝ විට හිතන්නෙ කලා කියන්නේ සාමාන්‍ය පෙළ හොඳින් සමත් වෙන්න බැරි, ගණිතය, ඉංග්‍රීසි වගේ ඒවත් බැරි අය ඉගෙන ගන්න විෂයක් කියලා. ඒ නිසා අපි ඉගෙනගන්න කාලෙත්, ඉගෙනගත්තට පස්සෙත් හිතන්නෙ වෛද්‍ය, ඉංජිනේරු, විද්‍යා වගේ පීඨවලට යන්න බැරි වුණ අය සම්පූර්ණයෙන් අනාථ වෙන එක වලක්වන්න තියෙන පීඨයක් තමයි ශාස්ත්‍ර පීඨය කියලා. මේ අවබෝධය වැරදියි. විද්‍යා, වානිජ වැනි විෂයධාරා හදාරන්නට තරම් ඉහළින් සාමාන්‍ය පෙළ විභාගය සමත් වූ අයත් මෙතන ඉන්න නිසා අර ප්‍රකාශය කොහොමත් වැරදියි.


අපි මේ පීඨයෙ ඉගෙනගන්න කිසිම විෂයයක් අනික් පීඨවල උගන්වන කිසිම විෂයකට වඩා හරයාත්මකව පහළ වන්නේවත් වැදගත්කමින් අඩුවන්නේවත් නෑ. මනුෂ්‍ය ඥානයේ විවිධ ප්‍රභේද සහ ශාඛා තියෙනවා. ඉන් එකක් වත් අනිකට වඩා පහළවත් ඉහළවත් නෑ. යම් යම් විෂයයන් නිසා අත්පත් කරගත හැකි ප්‍රාග්ධනය හා සංකේත ප්‍රාග්ධනය අතර පරතරයක් තියෙනවා. ඉතා ඉක්මනින් විශාල නිවසක්, මෝටර් රථයක් ආදිය අත්පත් කරගන්නට ඉඩ දෙන විද්‍යාව වෛද්‍ය විද්‍යාව වී තිබෙන්නේ ඒ විද්‍යාවේ නෛසර්ගික උසස්කමක් නිසා නොවේ. අනික වෛද්‍ය විද්‍යාව ලෝකයට පහළ වී ඇත්තේ එය ඉගෙනගත්ත පිරිසට ඉක්මනින් විශාල කාර් සපයන්න නොවේ. මානව වර්ගයා සුවපත් කරන්න. අනික අපේ රටේ සෑම පාසලකම පාහේ විද්‍යා විෂයයන් හදාරන්න ඉඩ තිබුණා නම්, වෛද්‍ය පීඨවලට බඳවා ගන්නා ශිෂ්‍ය පිරිස විශාල වශයෙන් වැඩි කළා නම් ඒ විද්‍යාව ඉක්මනින් කාර් සපයන විද්‍යාවක් වෙන්නේ නෑ.


දැන් මම ඉහත කිව්වා වෛද්‍ය විද්‍යාවත් අනික් ඥාන පද්ධතිත් පහළ වී තියෙන්නෙ මනුෂ්‍ය ජීවිතය සුවපත් කරන්න, නිදහස් කරන්න. ඕනෑම විද්‍යාවක් පහළ වී ඇත්තේ කුමකටද කියන ප්‍රශ්න අහන එක අපේ පීඨයේ ඉගැන්වෙන විෂයවල එක කාර්යක්. මනුෂ්‍ය ඥානයේ එක අරමුණක් තමයි මනුෂ්‍ය නිදහස සාධනය කරගැනීම. මනුෂ්‍ය දැනුම භාවිත කරලා මනුෂ්‍යයා ලෙඩරෝගවලින් නිදහස් කරගැනීම වෛද්‍ය විද්‍යාවේ කාර්යක්. අප අවට තියෙන භෞතික සම්පත් වෙනස් කරලා මනුෂ්‍ය නිදහස වර්ධනය වෙන ආකාරයේ නිෂ්පාදන කිරීම, ස්වභාව ධර්මයේ ඇතැම් නියාම නිසා මනුෂ්‍යයාට ඇති වන බාධා ජයගැනීම ඉංජිනේරු විද්‍යාවේ කාර්යක්. මෙහෙම හිතමු. අව්ව වැස්ස අපට තියෙන ස්වභාවික බාධා. අපි අපගේ ඉංජිනේරු ඥානය භාවිත කරලා නිවාස හදා ගත්තම ඒ ස්වභාවික බාදා ඉවත් කරලා අපේ නිදහස වැඩිවෙනවා. මහා සාගරය කියන්නේ මනුෂ්‍යයා හමුවේ තියෙන දරුණු ස්වභාවික බාධාවක්. මනුෂ්‍යයා තමන්ගෙ ඉංජිනේරු ඥානය භාවිත කරලා නැව් හැදුවම අපට ඒ මහා සාගරය තරණය කරන්න පුළුවන්. ඒ නිසා මනුෂ්‍ය නිදහස වැඩි වෙනවා.

මනුෂ්‍ය නිදහස සාක්ෂාත් කරගැනීම විතරක් මදි වෙන තත්ත්වයක් අද ඇති වී තිබෙනවා. මනුෂ්‍යයා සහ අනෙකුත් ජීවය පිණිස මෙතරම් උචිත වූ ග්‍රහලෝකයක් අපට ළඟා විය හැකි දුරක තවම හොයාගෙන නෑ. ඒ නිසා පෘතිවිය නමැති අපේ ලෝකය වඩා වැඩි කාලයක් මනුෂ්‍යයන්ට සහ අනෙක් සතා සිව්පාවන්ට උචිත ලෙස පවත්වා ගනිමින් මනුෂ්‍ය නිදහස සාක්ෂාත් කරගන්නේ කොහොමද කියන ප්‍රශ්නෙ තියෙනවා. ඒක අද ලොකු ප්‍රශ්නයක්. එවන් පසුබිමක ඔබ මෙම පීඨයට පැමිණ හදාරන්නේ මොනවාද? ඒවා හැදෑරිය යුත්තේ ඇයි? යනාදී ප්‍රශ්න ගැන අදහස් කිහිපයක් මම ඔබට කියනවා. 

අපි මෙම පීඨයේ ඉගෙනගන්නා දේවල වටිනාකම වටහා ගන්න කොට අපි ප්‍රවේශ තුනක් ගන්න පුළුවන්.


නෛසර්ගික අගය ( intrinsic value)

2. ශාස්ත්‍රාලයෙන් එපිටදී ප්‍රයෝජනවත් වන්නා වූ බුද්ධිමය ගුණාංග සහ ප්‍රායෝගික ගුණාංග වර්ධනය-


3.චරිත සංවර්ධනය සහ යම් උත්තර පරමාර්ථයක් පිළිබඳ හැඟීමක් වර්ධනය කිරීම


අපි දැන් මේ ප්‍රවේශ තුන ගැන තරමක් සවිස්තරව සාකච්ඡා කරමු. පළමු වැන්න තමයි අපි ඉගෙනගන්න දේවල්, විශේෂයෙන් ශාස්ත්‍රපීඨයේ ඉගෙනගන්න දේවල් අපි ඒවාගේ නෛසර්ගික අගය නිසා. ඉන් අදහස් වෙන්නෙ මෙහෙම දෙයක්. .එයින් අදහස් කරන්නේ ඉගෙනීම සඳහාම ඉගෙනීම. ජීවිතය ගවේෂණය කිරීමේ ප්‍රීතිය. ජීවිතයෙහි අර්ථ පිළිබඳ මහා ප්‍රශ්න ඇසීම, ගවේෂණය කිරීම. මෙම බුද්ධිමය ප්‍රයාමය ප්‍රීති ඇති කරන එකක්. ශාස්ත්‍ර පීඨයේ අපි අපේ අධ්‍යයන කටයුතු අවංකව කරන වෙලාවට මෙම ප්‍රීතිය අත්වෙනවා. අපි ඒක විඳිනවා. නමුත් මේ සඳහා ඥාන ගවේෂණයට කැපවුණු ගුරුවරු වගේම ශිෂ්‍යශිෂ්‍යාවනුත් ඉන්න ඕනෙ.


අපි පුරුදු වෙලා ඉන්නව අපේ අධ්‍යාපනයේ අගය මනින්න ඒ නිසා අපට ලැබෙන ප්‍රායෝගික දේවල් මොනවද කියන එක අනුව. ඉහළ ආර්ථික තත්ත්වයකට යන්න ඒ අධ්‍යාපනයෙන් මොනවද ලැබෙන්නෙ කියන එක අනුව. අධ්‍යාපන දර්ශනයෙදි මේකට කියනවා කරණීය තර්කනය කියලා. ඒ කියන්නේ අධ්‍යාපනය වෙනත් ප්‍රායෝගික වාසියක් ලබාගන්න උපකරණයක් ලෙස භාවිත කරන්නෙ කොහොමද කියන එක. අපේ අධ්‍යාපනය විශාල වශයෙන් අද මේ තර්කනයට යටවෙලා තියෙන්නෙ. අධ්‍යාපනය ඔස්සේ හොඳ වෘත්තියකට ප්‍රවේශවීම නරක දෙයක් නෙමේ. මම ඒ ගැන ඉදිරියෙදි කතා කරනවා. නමුත් අපේ පීඨයේ ඉගැන්වෙන බොහෝ දේවල් කරණීය තර්කනයෙන් මැන්නොත් වරදිනවා. ඒ නිසා අධ්‍යාපන දර්ශනයෙදී අපේ වගේ විෂයයන් අගය කරන්නෙ වටිනාකම පිළිබඳ තර්කනය අනුව. එතන වටිනාකම කියන්නෙ රුපියල් සත වටිනාකම හෝ ප්‍රායෝගික වටිනාකම නොවේ.


අපේ විෂයයන්වලදි අපි අහන්නෙ උපරිම වටිනාකම් පිළිබඳ ප්‍රශ්න. මනුෂ්‍ය ජීවිතය යනු කුමක්ද? ජීවිතයක හරය යනු කුමක්ද? මරණයෙන් මතු ජීවිතය කුමක්ද? ආදරය යනු කුමක්ද? සහෝදරත්වය යනු කුමක්ද? මනුෂ්‍යයන් විවිධාකාරයෙන් සමාජය සංවිධානය කරගන්නේ ඇයි? මනුෂ්‍යයන් එකිනෙකා වෙත සම්බන්ධ වන ආකාරය ඉතිහාසය ඔස්සේ වෙනස් වී ඇත්තේ ඇයි? වඩා හොඳ ආදරවන්තයන්, ආදරවන්තියන් වන්නේ කෙසේද? වඩා හොඳ ස්වාමි පුරුෂයන් හෝ භාර්යාවන් වන්නේ කෙසේද? විවාහය නමැති ආයතනය තුළ ආධිපත්‍යය හිමිව ඇත්තේ කාටද? ඒ ඇයි? මනුෂ්‍ය ලෝකයෙහි ඇති පළමු බෙදීම වන ස්ත්‍රී-පුරුෂ භේදයේදී ඉහළ පහළ යනාදී වශයෙන් ධුරාවලි සම්බන්ධයක් පවතින්නේ ඇයි? මේ බෙදීම වඩා ප්‍රජාතාන්ත්‍රික කළ නොහැකිද? සමාජයක පවතින ධනය සහ සම්පත් ඒ සමාජයේ බහුතරයක් දෙනාගේ නිදහස සාක්ෂාත් වන ආකාරයට බෙදා හරින්නේ කෙසේද? හුදෙක් ධනය සමානව බෙදා හැරීමෙන් පමණක් සාධාරණය සහ සමානත්වය ඇති වන්නේද? ධනයෙන් ඉහළ වුවත් වෙනත් අනන්‍යතා නිසා පහත් කොට සලකනු ලබන ජනයා නොසිටීද? ආර්ථික සංවර්ධනයෙන් පමණක් එවන් ජනයා වෙනුවෙන් සාධාරණය ඉෂ්ට කළ හැකිද? මේවා ඉහළ තලයක පිහිටන ප්‍රශ්න. ඒ ඉහළ බවේ විවිධතා තියෙන්න පුළුවන්. සම්භාව්‍ය විශ්වවිද්‍යාලය යනු කුමක්දැයි පැහැදිලි කරමින් ජෝන් හෙන්රි කාඩිනල් නිව්මන් 1863 දී මෙහෙම කිව්වා:


“යම් යම් දැනුම් තියෙනවා හුදෙක් ඒවාගෙන් කෙරෙන්නේ මොනවාද යන්න නොසලකා ඒවා ඒවා පිණිසම අත්පත් කරගැනීම වැදගත් වන.” There is a knowledge worth possessing for what it is not merely for what it does.” දර්ශනය, සාහිත්‍යය, ඉතිහාසය, සමාජවිද්‍යාව, මනෝවිද්‍යාව, දේශපාලන විද්‍යාව ආදිය අපි ඉගෙනගන්න පළමු හේතුව ඒවා අපිව අර වගේ වැදගත් ප්‍රශ්න වෙත යොමු කිරීම. ඒ ප්‍රශ්න වෙත යොමු කරන නිසාම පමණක් අර විෂයයන් වටිනවා විතරක් නෙමේ, ඒ ප්‍රශ්නත් නෛසර්ගිකව වටිනවා.


ඒවගේම ශාස්ත්‍රපීඨයේ අපි භාෂා සාහිත්‍ය ආදිය ඉගෙනගන්නවා. ව්‍යක්ත, අලංකාර, අර්ථවත් භාෂා භාවිතවල අගය අපි ඉගෙනගන්නවා. මනුෂ්‍ය භාෂා භාවිතයෙහි ඇති සංකීර්ණතා, සියුම් අර්ථ, ඇඟවුණු අර්ථ ආදිය ගැන අපි සංවේදී වෙනවා. කවිය වැනි ඇතැම් භාෂා භාවිත අසළ වැඩි වේලාවක් ගත කර, සෙමින් කියවමින් බහුවිධ අර්ථ මතු කරගන්නා සැටි අපි ඉගෙන ගන්නවා. කාලය යනු මුදල් යැයි සිතන සමාජයක හා යුගයක කවියක් කියවන්නට එපමණ වෙලා ගත කරන්නේ ඇයි? අන්තර්ජාලයෙන් හරි බිස්නස් එකක් කරලා කීයක් හරි හොයාගන්න කැප කළ හැකි වෙලාවෙ අපි හෙට (පෙබරවාරි 11) මහාචාර්ය සරච්චන්ද්‍ර එළිමහන් රංපීඨයේදී ජර්මානු නාට්‍යකරු බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ හුණුවටයේ කතාව නරඹන්නේ ඇයි? එය නැරඹීමම වටිනාකමක් නිසා. සංකීර්ණ දේශපාලන අවස්ථාවක මනුෂ්‍ය චර්යාව කෙසේ වන්නේද? පන්තිමය වශයෙන් බෙදී වෙන්වුණු මනුෂ්‍ය සමාජය තුළ මනුෂ්‍ය වටිනාකම් විපරීත වන්නේ කෙසේද? මේ ප්‍රශ්න ගැන හිතන්නට අපට ඉඩ ලැබෙන නිසා.


- මහාචාර්ය ලියනගේ අමරකීර්ති