Wednesday, July 13, 2022

රනිල්ට කෙලවන රාජපක්ෂ ගැටේ







රනිල් පැන්නීමට රාජපක්ෂ කඳවුරේ සුක්ෂම සැලැස්මක් සුදානම් -  ඩලස් අලහප්පෙරුම ජනපති කිරීමේ සැලසුමට සජිත්තුත් පටලවා ගනී

පොහොට්ටු මන්ත්‍රී  ඩලස් හිටි හැටියේ රාජපක්ෂ විරෝධියෙකු බවට පත් කොට  වෙස් පෙරලවයි 


………………………………

 

පවතින දේශපාලන ව්‍යාකූලත්වය මධ්‍යයයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කොට පොහොට්ටුව නැවත වතාවක් වෙනස් මුහුණුවරකින් රාජ්‍ය බලය අත්පත් කර ගැනීමේ සූදානමක් පිළිබඳ තොරතුරු මේ වනවිට වාර්තා වෙමින් තිබෙනවා.

 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිල වශයෙන් ජනාධිපති ධුරයෙන් ඉවත් වීමෙන් පසු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපති ධූරයට පත් වීමට නියමිතව තිබෙනවා.

 

කෙසේවෙතත් ඉන්පසුව නව ජනාධිපතිවරයෙකු සහ අගමැතිවරයකු තෝරා පත් කර ගැනීමට නියමිතව ඇති අතර එම අවස්ථාවේදී පොදුජන පෙරමුණ හරහා රාජපක්ෂ පවුල සූක්ෂම ලෙස නැවත වතාවක් රාජ්ය් බලය අත්පත් කර ගැනීමට සැලසුමක් සකස් කර ඇති බවයි දැනගන්නට ඇත්තේ.

 

මේ සඳහා ආණ්ඩුවේ ප්‍රධාන හවුල්කාර පක්ෂ 11 ද සම්බන්ධ කර ගැනීමට කටයුතු සුදානම් කර ඇති අතර මේ කටයුතු සම්බන්ධිකරණ කිරීම සිදුකරන්නේ විසිරුවා හරින ලද රජයේ අමාත්‍යධුරයක් දරු මාධ්‍ය ආයතනයක් ද හිමි ව්‍යාපාරිකයෙකි.

 

එම සැලසුම ක්‍රියත්මක වන ආකාරය පිලිබඳ මේ වන විට අප වෙත් තොරතුරු ලැබී තිබෙනවා.

 

ජනතා අප්‍රසාදයට ලක්ව ඇති පොදුජන පෙරමුණ පක්ෂයේ බහුතර කැමැත්ත රනිල් වික්‍රමසිංහ මහතා ට ඇති බවට මාධ්‍ය ඔස්සේ පුවත් නිර්මාණය කොට ඔහු කෙරෙහි ජනතා අප්‍රසාදයක් නිර්මාණය කිරීම එහි පළමු සැලසුමයි.

 

එහිදී රනිල් වික්‍රමසිංහ මහතාට සහය පල කිරීම සඳහා මන්ත්‍රීවරුන් බිලී බා ගැනීමට රුපියල් කෝටි ගණනින් ලංසු දමා ඇති බව පවසමින් තව දුරටත් ජනතාව තුළ රනිල්    වික්‍රමසිංහ මහතා පිළිබඳව  ජනතා අප්‍රසාදය  දියුණු කිරීම  එහි අනෙක් සැලසුමයි.


 මේ වන විට  විපක්ෂයේ බහුතර බලය  හිමි සමගි ජන බලවේගය පක්ෂය ද එම කුමන්ත්‍රණයට  සම්බන්ධ කර ගැනීමට  ඔවුන් සූක්ෂමව  සැලසුම් කර  ඇති බවද  දැනගන්නට තිබෙනවා.


  එහිදී ඩලස් අලහප්පෙරුම සහ   සජිත් ප්‍රේමදාස පාර්ශවය අතර  සහයෝගීතාවයක්  නිර්මාණය කොට    ඩලස් අලහප්පෙරුම මහතා  ජනාධිපති ධුරයටත්   සජිත් ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍ය ධුරයටත්  පත්කර ගැනීමට  එකඟතාවය පළ කර ගෙන ඇති බවට ද  දැනගන්නට තිබෙනවා.

 

රාජපක්ෂ පාලනය පිළිබඳ කලකිරී  සිටින   පොහොට්ටුවේ කණ්ඩායම සහ  විපක්ෂයේ පිරිස  අතර ඒකාබද්ධ සන්ධානයක් ලෙස  මෙය ජනගත කිරීමට  නියමිතව තිබෙනවා.


මෙම  සූක්ෂම සැලසුම පොදුජන පෙරමුණේ සහ  විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් වසන් කරමින්   මාධ්‍ය  මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට ද  විශාල මුදලක් වැය කර ඇති බවට  තොරතුරු දැන ගන්නට ලැබෙනවා.


 එමෙන්ම  පොදුජන් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම   හිටිහැටියේම රාජපක්ෂ විරෝධියකු බවට පත් කර පෙන්වීමට අදාළ මාධ්‍ය ක්‍රියාන්විතයක් ද මීට සමගාමීව පසුගිය දින කිහිපයේ ක්‍රියාත්මක වුණා.

  ජනාධිපතිවරයාගෙන් ඉල්ලා අස්විය යුතු බව  ඩලස් අලහප්පෙරුම ඇතුළු මන්ත්‍රීවරුන් 47 දෙනකු  සදහන් කරන බව දක්වමින්  නිර්මාණය වූ පුවත, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම හා කංචන විජේසේකර ගේ නිර්දේශ මත දකුණු පළාත් සභාවේ තනතුරු වලට පත් කර ඇති සියලු දෙනා වහා ඉවත් කරන්නැයි බැසිල් රාජපක්ෂ මහතා විසින් දැනුම් දීමක් කර ඇති බව දැක්වුණු පුවත මෙන්ම දකුණු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සභාපති ධුරය දරන ලද ක‍්‍රිෂාලි මුතුකුමාර වහාම ඉවත්කර ඒ වෙනුවට අරුණ ගුණරත්න නම්  රාජපක්ෂ පවුලේ හිතවතෙකු   පත්කර ඇති බවට  වාර්තා වූ පුවත ද  මේ අයුරින්  ඩලස් අලහප්පෙරුම පාර්ශවය සහ  රාජපක්ෂ පාර්ශවය අතර  විරසකයක් පවතින බව  සමාජයට ඒත්තු ගැන්වීම සඳහා  නිර්මාණය කරන ලද  සිද්ධි සහ අවස්ථා  මේ වන විට හෙළිව තිබෙනවා.

  මේ සියල්ල සිදුවන්නේ මැයි නව වැනිදා සිදුවූ ප්‍රහාරය සමඟ  රාජපක්ෂ කණ්ඩායම  රනිල් වික්‍රමසිංහ  සිය ගැලවුම්කරුවා බවට පත්කරගත් නමුත්  පසුව  ඔවුන් අතර දැඩි විරසකයක්  නිර්මාණය වී ඇති පසුබිමකයි.

   ආර්ථික කළමනාකරණයට  අදාළ ප්‍රධාන ආයතන වලට  ප්‍රධානීන් පත් කිරීම,මුදල් අමාත්‍යාංශයේ කටයුතු පාලනය කිරීම, පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන්  එක්සත් ජාතික පක්ෂයේ  හිටපු  ඇමතිවරුන්  කිහිපදෙනෙකුට  අවස්ථාව ලබා දීම  වැනි යෝජනා සහ තවත් සිදුවීම් කිහිපයක්  සම්බන්ධයෙන්  මෙම මත ගැටුම නිර්මාණය වී තිබුණා.


  මෙරට  ප්‍රකට කැසිනෝ ව්‍යාපාරිකයෙකු වන   ධම්මික පෙරේරා මහතා රනිල් වික්‍රමසිංහ මහතාට   බරපතළ ප්‍රහාරයක් එල්ල කරන්නේ   එම විරසකය ප්‍රතිඵලයක් ලෙසයි.


  අවසන් මොහොතේදී   රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත් වුවහොත් ඔහු  සිය දේශපාලන කීර්තිනාමය ආරක්ෂා කරගැනීම වෙනුවෙන්  රාජපක්ෂ  කඳවුරට බරපතල ලෙස බලපෑම් ඇති කළ හැකි  තීන්දු කීපයට අවතීර්ණ වීමට සූදානම් වන බවට  ලැබී ඇති තොරතුරු ද  රනිල් වික්‍රමසිංහ මහතාගේ  දේශපාලන ගමන අවසන් කිරීමට  රාජපක්ෂලා තීරණය කිරීමට ප්‍රධාන හේතුවක් වූ බවද පැවසෙනවා.


 රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස ගිනි තැබීම පිටුපසද  මීට සම්බන්ධ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බවට ද  කතාබහක්  මේ වන විට නිර්මාණය වී තිබෙනවා.


ඔන්න අහගනිං පැතුම් කර්නර් vs අනුරුද්ධ බංඩා ස්ටෝරිය





මේ වෙලාවෙ උබලා දන්නවා ලොකු තරඟයක් තියෙනවා පැතුම් කර්නර් සහ අනුරුද්ධ බංඩාර අතර.. 😂

දෙන්නා මුලින් එක පතේ බත් කෑවෙ.. අමුඩෙයි  ෆුෆයි වගෙ ලව් එකෙ හිටියෙ. පැතුමගෙ ගෝලයා ඒ කාලේ බංඩා. පස්සෙ පස්සෙ දෙන්නා එක එක ඒවට නොරොක් උනා.. ඒක පොඩ්ඩක් වැඩි උනා බංඩා ලොකප් උනාට පස්සෙ. බංඩා හිරේ ගිහින් ෆලෝවර්ස්ලා ටිකක් හැදුනම ඌ කල්පනා කරන්න ඇති

" කෞ ද ඩො පැතුම් කියන්නෙ? මමනෙ මෙතන ෆේමස්ම පොර " කියලා.😂

ඒ පාර පැතුම්ට මුක්කු ගහන් හිටපු බංඩා එලිපිටම වෙනම ගමනක් යන්න ගත්තා. ආරංචි විදියට බංඩා පෙරට්ටෙක් උනා!! ( රහසිගත ආරංචියක් අනූව මේ වෙද්දි බංඩා පෙරට්ටෙක්) 

දැන් දෙන්නම අරගලේ බොස්ලා.. එකිනෙකාට සෙකන්ඩ් වෙන්න පදිරි වෙන්න කැමති නැති බොස්ලා.

මුං දෙන්නගෙන් එකෙක්ටවත් සැබෑ අරගලයක් කරන්න ඕන්නෑ කියලා මන් උබලට මුල ඉදන් කිව්වා. උබලා මාව කන්න හැදුවනෙ. දැන්වත් මොලේ ඇතුව හිතහන්

මුල ඉදම් මංදිර අල්ලන පික් ශුව තදටම තිබ්බ මංදිර මේනියාකාරයා තමා බංඩා.. ඌ මංදිර ටික හිතේ හැටියට කෑවා.. ඌ හිතුවා ඒකෙන් ඌට දේශපාලන ප්‍රතිරූපයක් හදාගන්න. ඇත්තටම මොලේ කලදක් නැති අලබෝල අතර ඌ එහෙම ඉමේජ් එකක් හදා ගත්තා.. 😂

එක පාරම මේ මහා විනාසෙට මිනිස්සු එකා දෙන්නා එරෙහි වෙද්දි බංඩා කල්පනා කලා දැන් මේ වැඩේ ඇති. මේ මංදිර ඇල්ලීම දිගටම කලොත් උගෙ අනාගත දේශපාලන ජිවිතේට ලොකු අනාගතයක් නෑ කියලා.

ඒ අස්සෙ ටික දවසක් යට ගිහින් හිටපු පැතුම් කර්නර්ට මේක කාලා ඇදලා ඉන්න බැරි උනා. ඌ බය වුනා බංඩා ඌට වඩා අරගලේ පොරක් වෙයි කියලා.😂😂

ඒ බය වුන පාර පැතුමා පොඩ්ඩක් ටූ ලේට් වෙලා හිතුවා 

" මෙවෙලෙ අහිමි උන ජනප්‍රියත්වය රැකගන්න තියෙන හොදම විදිය බංඩා වගේ මංදිර අල්ලන්න යෑම කියලා"

පැතුමා ඒ ක්‍රියාමාර්ගයට අවතීර්ණ වෙලා තමුන්ගෙ ලයිව් වලින් මිනිස්සු මෙහෙයවන්න ගත්තා කථා නායක නිවස හා පාර්ලිමේන්තුව වටලන්න.. 😁

හැබැයි මේ වෙද්දි බංඩා තේරුම් අරන් හිටියේ තව තව මංදිර අල්ලන්න ගියොත් තමුන්ට යන එනමං නෑ කියලා. ඒ වගේම නීතීඥ සංගමෙන් බංඩාට අවවාද ලැබුනා 

" ඔහේ තව තව මංදිර අල්ලලා ලොකප් උනොත් ඔන්න මේ පාර අපි නෑ පුතෝ කියලත්"

මේ ඔක්කොම කල්පනා කරපු බංඩා පටස් ගාලා හොඳ බබා වෙලා තමුන්ගෙ ට්‍රැක් එක මාරු කලා😂😂

මෙච්චර කල් මංදිරමේනියාව ඉස්මුරුත්තාවට ගිහින් තිබුන බණ්ඩා පෝස්ට් දාන්න ගන්නවා මැරිලා ඉපදිලා වගේ

" ගොඩනැගිලි අත්පත් කරගැනීමෙන් අප ලබන ජයක් නැත @ කියලා😂😂

එහෙම දාලා පැතුමාගෙ පාර්ලිමේන්තුව වැටලීම අලකරන්න හදනවා..😂😂

එතකොට බණ්ඩාට දඹුලු ගිහින් තලගොයෙකුත් මරාගත්තෑකි..

මේ ස්ටෝරිය කියවලා උබලම තීරණෙ කරපන් අනුරුද්ධ බංඩාරද? පැතුම් කර්නර්ද වඩාත්ම කපටි කියලා 🤣🤣

මේවා උබලට කොටලා පෙව්වත් වැඩක් නෑ. තව ජාතික වීරයො දෙන්නට දිදී හිටපල්ලා.  මැටි භාජන ටික 😂😂

පුළුවන් නම් තේරුම් ගනින්! නැත්තම් මටම බැනපන්! 

Chanya Herath ✍🏻

අරගලයේ සැබෑ අරමුණ ජය ගැනීමට වෙහෙසෙමු


මාස තුනක අඛණ්ඩ අරගලයකින් පසු මෙරට පොදු ජනතාවට අති විශාල ජයග්‍රහණයක් අත්පත් කරගැනීමට හැකි විය. ඒ රාජපක්ෂ පවුල මෙරට දේශපාලන භූමියෙන් අතු ගා දැමීමට හැකිවීමයි. එහෙත් තවම අප ජය පැන් බී කිරිබත් කෑමට කලබල නොවිය යුතු ය. මන්ද අපට තව දිනා ගත යුතු දේ බොහෝ වන නිසාවෙනි. මෙහි දී අපි විශේෂයෙන්ම සැලකිලිමත් විය යුත්තේ රාජපක්ෂ පාලනය විසින් ගොඩ නැගූ රාජපක්ෂවාදය පරාජය කිරීමට කටයුතු කිරීමයි. 




රාජපක්ෂවරු මේ රට පාලනය කළේ ජාතිවාදය, ආගම්වාදය හැකිතරම් අවුලුවාලමිනි. එහෙත් ඒ සියලු බේද අරගලයේදී සී සීකඩව බිඳ වැටුනි. මෙරට තරුණ ප්‍රජාව සියලු බේද පසෙක ලා එකා මෙන් එකට එකතු විය. වර්ගවාදය විනාශ විය. අපි එහි උතුම් පල මේ මොහොතේ නෙලා ගත යුතුය. මේ රට තුල ජාතිවාදයට, ආගම්වාදයට නැවත ඉඩක් නොමැති බව ලෝකයාට ඒත්තු ගැන්විය යුතු ය. 


ඊට ඇති හොඳම විසඳුම M.A සුමන්තිරන් මහතා ජනාධිපති කරවීම ය. ඔහු උගතෙකි. බුද්ධිමතෙකි. අවංක දේශපාලඥයෙකි. ජාත්‍යන්තරය පිළිගත් නායකයෙකි. ඔහට්මෙත්න්තුර සඳහා ඇති එකම නුසුදුසු කම නම් දමිළ ජාතිකයෙකු වීම පමණි. අපි ජාතිවාදය ප්‍රතික්ෂේප කරන්නේ නම් අපි මේ මොහොතේ කළ යුත්තේ එවැනි නායකයෙකුට බලය ලබා දීමය. 


දෙමළ ඩයස්පෝරාව සතු අරමුදල් අප රටේ සංවරධනයට දායක කර ගැනීමට ද ඔහුට හැකියාව පවතී. එසේ නම්. අපි අලුත් පරපුරේ දියුණු චින්තනය ලෝකයට ප්‍රදර්ශනය කරමු. අපේ රට වෙනුවෙන් ජාති ආගම් බේද පසෙක ලා එකා මෙන් නැගී සිටිමු. 


මේ අපේ රටයි. දියුණු මිනිසුන් ලෙස අපි අපේ රට ගොඩනගමු. ජාති ආගම් බේද පසෙක ලමු.

Tuesday, July 12, 2022

ෆොනී රජ කරන්න පෙරටුගාමීන් උත්සාහයක


 අන්තර් කාලීන රජයේ ජනාධිපති ධුරය සඳහා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පත් කිරීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂ අභ්‍යන්තරයේ කථිකාවතක් නිර්මාණය වී තිබේ. 

මේ වන විට පෙරටුගාමී නායකයන් ෆොන්සේකා සමග සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා ඇති අතර රජපක්ෂවරු ඇතුළු සියලු දූෂිතයන්ට දඬුවම් කිරීමත්, එලඹෙන මහා මැතිවරණයේ දී පෙරටුගාමීන් සමග සන්ධානගතව මැතිවරණය පවත්වා අරගලත්රුණ පිරිසක් පාර්ලිමේතුවට ගෙන ඒමටත් එහි ිී එකඟතාවන්ට එළඹ තිබේ. 

සජිත් ප්‍රේමදාසට බලය ලබා දී ඔහු අන්තර් කාලීන රජය තුළ අසතථ්ක්ත්වයට පත්වීමෙන් පසු මහා මැතිවරණයකින් බලය ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටින ජනතාවිමුක්ති පෙරමුණ මේ හේතුවෙන් ඉතාමත් කළබලයට පත්ව ඇති අතර මේ වන විට අරගල භූමියේ ඇතිවන ගැටුම් එහි ප්‍රතිපලයක් බව සැලකේ. 

කෙසේ වෙතත් මේ වන විට අරගලයේ නායකයන් ත්ා ඔහල මිලකට අලෙවි වෙමින් පවතින බව ආරංචි ය. සජිත් ප්‍රේමදාස විසින් වැඩි මිලකට රැට්ටා  මිලදී ගැනීමත් සමග තත්ත්වය තවත් දරුණු වූ බව ආරංචි මාර්ග පවසයි. 

මහජනතාව විසින් මහත් පරිශ්‍රමයකින් දිනා ගත් මේ අරගල ජයග්‍රහණය ඈලියාවට යන්න නොදී හරි මාවතේ පවත්වා ගැනීම අරගල නායකයන්ගේ වගකීමකි.




Saturday, July 2, 2022

කුලියාපිටිය නගර සභාව තාක්ෂණය භාවිත කරන හැටි

 

රාජ්‍ය ආයතනවල වැඩ කටයුතු කාර්යක්ෂමව කරගෙන යාම සඳහා තාක්ෂණය භාවිතයට ගත යුතු බවත් රාජ්‍ය ආයතනවල අධික තදබදය අඩුකිරීමට මෙන්ම
  මහජනතාවගේ කාලය ඉතුරු කිරීම සඳහා ඒ වෙත යොමුවීම සිදුකළ යුතු බවත් කැබිනට් මණ්ඩලය තීරණය කරමින් ඒපිළිබඳ ක්‍රියාත්මක වීමට අනුමැතිය ලැබී වසර ගණනාවක් ගෙවී තිබේ. එසේ උවද රාජ්‍ය ආයතන එය අනුගමනය කිරීම මන්දගාමී තත්වයක පවතී.  තාක්ෂණය භාවිත කරමින් වැඩකිරීමට අවශ්‍ය මුලික සේවාවන් පවා ඇතැම් රාජ්‍ය ආයතන පවත්වාගෙන නොයෑම කණගාටුවට කරුණකි. අමාත්‍යාංශවල සිට පළාත් පාලන ආයතන දක්වාම තත්වය එසේය. මේ අතර තාක්ෂණය උපරිමයෙන් භාවිතාකරන රාජ්‍ය ආයතන ද නැතුවාම නොවේ.
මහජනතාවගේ කටයුතු කාර්යක්ෂමව කරගැනීමට සහ මහජනතාවගේ කාලය ඉතිරිකරගැනීම සඳහා පළාත්පාලන ආයතනයක් වන  කුලියාපිටිය නගර සභාව තාක්ෂණය භාවිතයට ගෙන ඇති ආකාරය පිළීබඳ ගවේෂණය කළ අතර මේ ඒ පිළිබඳ අනාවරණයකි.
තාක්ෂණය භාවිතකිරීම සම්බන්ධයෙන් කුලියාපිටිය නගර සභාව මීට වසර දෙකකට පෙර පැවති තත්වයට වඩා පියවර ගණනාවක් ඉදිරියෙන් සිටින බව සිදුකළ සොයාබැලීම් වලදී අනාවරණය විය.
 
විද්‍යුත් තෑපැල (email) භාවිතය
 
කුලියාපිටිය නගර සභාව kuliyauc@gmail.com යන විද්‍යුත් තැපැල් ලිපිනය භාවිතකරන අතර ඒමගින් ප්‍රතිචාර දැක්වීම ඉහල මට්ටමක පවතී.  මෙම විද්‍යුත් ලිපිනය හරහා ලැබෙන මහජන ඉල්ලීම් හෝ දැනුවත්වීම් ආදිය සඳහා හැකි ඉක්මණින් ප්‍රතිචාර දැක්වීමට කටයුතු කරන බව මේ සම්බන්ධයෙන් විමසීමේදී නගර සභාවේ ලේකම් එච්.එම්.පී කේ හේරත් මහතා පැවසීය. එමෙන්ම තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම යටතේ තොරතුරු ඉල්ලීම් මේම විද්‍යුත් ලිපිනය  හරහා යොමුවීමේදී ඒ සඳහා ඉක්මණින් තොරතුරු සැපයීමද සිදුකරන බව හෙතෙම සඳහන් කළේය. ලියුම්කරුද එම විද්‍යුත් තැපෑල හරහා තොරතුරු ඉල්ලීම් කිහිපයක්ම සිදුකළ අතර ඒ සඳහා ද ඉක්මන්  ප්‍රතිචාර ලැබීමෙන් එය තහවුරු විය.
 
වෙඩ් අඩවිය
 
මුලික වශයෙන් පැවති වෙබ් අඩවියේ අඩුපාඩු රැසක් ඇති බව හදුනාගනිමින් කුලියාපිටිය නගර සභාව මෑත කාලයේදී නගර සභාව සඳහා නව වෙබ් අඩවියක් නිර්මාණය කර ඇත.      www.kuliyapitiya.uc.gov.lk    නමින් එය ක්‍රියාත්මක වේ . වසර දෙකකට පෙර පැවති තත්වයට සාපෙක්ෂව මෙම වෙබ් අඩවිය ක්‍රියාත්මත වීමේ සාර්ථකත්වයක් දැකිය හැකි අතර සංවර්ධනය විය යුතු ක්ෂේත්‍රද කිහිපයක් ඇත.
මේවනවිට නගර සභාව වෙබ් අඩවිය හරහා ආයුර්වේද ප්‍රතිකාර ලබාගැනීම් සම්බන්ධ තොරතුරු ලබාගැනීම , සේවාවන් සැපයීම,  කොම්පොස්ට් පොහොර ලබාගැනී සහ අලෙවිය සම්බන් සේවා සැපයීම  පෙර පාසල් සේවාවන් සහ පුස්තකාල සේවාවන් පිළිබඳ දැනුවත් කිරීම සිදුකරයි.
එමෙන්ම අනුකූලතා සහතික නිකුත් කිරීම ,  ජල බවුසර ලබාදීමේ සේවාව  ක්‍රියාත්මක  කිරීම ,  පාරිසරික බලපත්‍ර ලබාදීමේ සේවා කිරීම සහ මාර්ග පිළිබඳ සේවා ලබාදීම සිදුකරයි.
තවද වෙබ් අවවිය හරහා  කර්මාන්ත බදු අයකර ගැනීම , වෙළද බදු අයකර ගැනීම , කසල බදු අයකරගැනීම , ආදී බදු අයකිරීම වෙනුවෙන්ද ක්‍රමවේද සකස් කර තිබේ.
සහිතක පිටපත් නිකුත් කිරීමේ ක්‍රියාවලියද වෙබ් අඩවිය හරහා සිදුකරන අතර වරිපනම් ලේඛනයේ සහතික පිටපත් ලබාගැනීම,  විථි රේඛා නොපවරා ගැනීමේ සහතික නිකුත් කිරීම , අනතුරුදායක ගස් ඉවත්කිරීම පිළිබඳ ඉල්ලීම් කිරීමේ සේවාව,  දැන්වීම් බැනර් කටවනුට් සම්බන්ධ තොරතුරු ලබාදීම සහ මුදල් ගෙවීමේ සේවාව ද මේහරහා සිදුකරයි.
බිම් කට්ටි සැලසුම් අනුමත කරගැනීමේ සේවා, වෙළද බලපත්‍ර ලබාදීමේ සේවාව , ඝණ අපද්‍රව්‍ය කළමණාකරන්‍ය සම්බන්ධ තොරතුරු ලබාදීම , නගර ශාලාව වෙන්කර ගැනීම ,  ආදාහණාගාරය වෙන්කරගැනීම සහ මුදල් ගෙවීම , වීථී පහන් ඉල්ලුම්කිරීම , ක්‍රිඩාපිටි ලබාගැනීම , ගලි රථ ලබාගැනීම ‍,ජල බවුසර ලබාගැනීම ආදී සේවාවන් වෙඩ් අඩවිය හරහාද ලබාගැනීමටද අවස්ථාව සලසා තිබීම සාර්ථකත්වයකි.
 
අයවැය යෝජනා ලබාගැනීම
 
2023 වර්ෂය සඳහා කුලියාපිටිය නගර සභාවේ අයවැය සකස් කිරීම සඳහා මහජන යෝජනා ලබාගැනීම මේ දිනවල සිදුවන අතර ඒ සඳහා සාමාන්‍ය තැපැලෙන් යෝජනා ලබාදීමට අමතරව දුරකථන මාර්ගයෙන් ෆැක්ස් මාර්යෙන් මෙන්ම ඊමේල් හරහා වෙබ් අඩවිය හරහා ද යෝජනා ලබාගැනීම අවකාශය සලසා තිබීම මගින් එම කාර්ය ජනතාවට තවදුරටත් පහසු වී තිබේ.
 
දුෂ්කරතා
 
වෙබ් අවඩිය සිංහල දෙමල ඉංග්‍රිසි භාෂා ත්‍රිත්වයම ආවරණය වන ආකාරයට සකස්කර තිබුණද දෙමල සහ ඉංග්‍රිසි වෙබ් අඩවිය යාවත්කාලීන විම අඩු බවක් පෙනෙන්නට තිබේ. සිංහල වෙබ් අවඩියේ ඇති ඇතැම් කරුණු වලට සමාන ඉංග්‍රිසි සහ දෙමල තොරතුරු නොමැති වීමද එක් හේතුවකි. එමෙන්ම වෙබ් අඩවියට තොරතුර ඇතුලත්කිරීමේදී ඇතැම් අවස්ථාවල යම් යම් ප්‍රමාදයන් සිදුවන බව  මාසයක් පුරාවට වෙඩ් අඩවිය නිරීක්ෂණය කිරීමේදී හදුනාගන්නා ලදී. තවද නගර සභාවේ මාසික සභා වාර්තාව වෙබ් අඩවියට ඇතුළත් කිරීම මෙතෙක් සිදුකර නොමැත.  මෙම කරුණු සම්බන්ධයෙන් නගර සභාවේ වෙබ් අඩවිය භාරව කටයුතු කරන නිලධාරිනියගෙන් විමසු අවස්ථාවේදී ඇය පැවසුවේ මේවනවිට ජනතාව වැඩි වශයෙන් වෙබ් අඩවිය භාවිතයට හුරුවී ඇති බවත් ඒහා සමානව අවශ්‍ය සේවා සැපයීමට නගර සභාවට නොහැකිවී ඇත බවත්ය. කෙසේවෙතත් අදාල යාවත්කාලීන කිරීම් සිදුකිරීමට සහ වෙබ් අඩවිය තුළින් තවත් අලුත් සේවාවන් හදුන්වාදිමට කටයුතු කිරීමට සැලසුම්කර ඇති බව ඇය වැඩිදුරටත් පැවසුවාය.
කුලියාපිටිය නගර සභාව තාක්ෂණය භාවිතා කර මහජනතාවගේ කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් සභාවේ ලේකම් එච්.එම්.පී හේරත් මහතාගෙන් කළ විමසීමේදී හෙතෙම පැවසුයේ නගර සභාවේ වෙබ් අඩවිය ආරම්භකර කෙටි කාලයක් තුළ ඒහරහා සේවා ලබාගැනීමට ජනතාව යොමුවී ඇති බවයි. ජනතාවට ලබාදෙන සේවාවන් කාර්යක්ෂම කිරීමට සහ ඔවුන්ගේ කාලය ඉතිරිකිරීම සඳහා තාක්ෂණය වැඩි වශයෙන් භාවිතා කිරීමටත් තවත් සේවා හදුන්වාදීමටත් නගර සභාව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද හෙතෙම පැවසීය. කුලියාපිටිය නගර සභාව තාක්ෂණය භාවිතාකර ජනතා සේවය සැලසීමේ ආරම්භක අවධියේ පසුවෙන බැවින් ඇතැම්විට විවිධ අතපහුවීම් සිදුවිය හැකි බවත් එම කටයුතු සියල්ල ඉතා ඉක්මණින් යථාතත්වයට පත්කරන බවද හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මහජනතාවට අවශ්‍ය සේවා සැපයිමට තාක්ෂණය භාවිතා කිරීම මගින් කාලය මුදල් ශ්‍රමය මේ සියල්ල ඉතිරිකරගත හැකිය. වර්ථමානයේ රට මුහුණ දෙන අභියෝග හමුවේ සේවා සැපයීම සඳහා තාක්ෂණය භාවිතා කිරීම ඉතාමත් ප්‍රායෝගික විසඳුමක් වනු ඇත. තාක්ෂණය භාවිතා කර සේවා සපයන පළාත් පාලන ආයතන අතර කුලියාපිටිය නගර සභාව ඉදිරියෙන් සිටින පළාත් පාලන ආයතනක් බවද සඳහන් කළ හැක.
 
-        චාමර සම්පත්
 
 
 
 
 
 
 
 

 


උතුරේ යුද්ධෙ කාලේ මුද්දරේට තෙල් දුන්න හැටි



 ශ්‍රී ලංකාව රටක් ලෙස මුහුණ දී තිබෙන ඉන්ධන අර්බුදය ජාත්‍යන්තරයට ගිය කාරණාවක් වී තිබේ. ඉන්ධන අර්බුදයට පිළියම් යෙදීම සඳහා බලධාරිහු විවිධ තීන්දු තීරණ ගනිති. ඒ අනුව බලධාරින්ගේ අවධානය යොමු වූ එක් පිළියමක් වූයේ සළාක ක්‍රමයට පාරිභෝගිකයන්ට ඉන්ධන ලබා දීමයි. මෙය තවත් ලෙසකින් කිවහොත් කූපන් ක්‍රමයට ඉන්ධන බෙදා හැරීමයි. වැඩිහිටියන්ට මේ කූපන් ක්‍රමය අලු‍ත් දෙයක් නොවේ. 1970-1977 පාලන සමයේදී පාන්, හාල්, සීනි, ආදී බොහෝ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට සිදුවූයේ කූපන් ක්‍රමයටය. නමුත් නව පරපුර මේ කූපන් ක්‍රමය අත්විඳ නොමැත. කෙසේ නමුත් මේ වනවිට කූපන් ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා මූලික පියවර ගෙන ඇත.

උතුරේ ජනතාව විශේෂයෙන් වව්නියාවේ ජනතාව යුද සමයේ සලාක මුද්දර ක්‍රමයට ඉන්ධන ලබාගත් බව රටේ බොහෝ දෙනා දන්නේ නැත. නමුත් සත්‍ය කතාව නම් වව්නියාව ජනතාව වසර ගණනාවක් තිස්සේ තම ඉන්ධන අවශ්‍යතාව සපුරාගනු ලැබුවේ රජයෙන් මුදලට දෙනු ලැබූ ඉන්ධන සලාක මුද්දරයෙනි.


මෙවැනි ඉන්ධන මුද්දරයක් නිකුත් කිරීමට සිදුවන්නේ එල්.ටී.ටී.ඊ. සංවිධානය එවකට පැවැති සාම ගිවිසුමෙන් ඒකපාර්ශ්වීයව ඉවත්වී 1990 දී හදිසියේම දෙවැනි ඊලාම් යුද්ධය ආරම්භ කිරීමත් සමගය. කොටි සංවිධානය විසින් ප්‍රහාරය එල්ල කරන අවස්ථාව වනවිට වව්නියාවේ ගම්මාන කිහිපයක දහස් ගණනක් සිංහල ජනතාව පදිංචිව සිටියෝය. එමෙන්ම කඳවුරු ගණනාවක මෙන්ම පොලිස් ස්ථාන රැසක හමුදා හා පොලිස් නිලධාරිහු ස්ථානගතවී සිටියහ. එවකට වව්නියාව ආඥාපතිව සිටි මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතා විසින් එකල අපූරු ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කරන ලදී. ඔහු විසින් වව්නියාව හා පදවිය ප්‍රදේශය මැදිකර ආරක්ෂක වැටක් ඉදි කිරීමට කටයුතු කරන ලදී. මෙම ආරක්ෂක වැටෙන් දකුණු ප්‍රදේශය සිංහල ගම්මාන හා ආරක්ෂක අංශ කඳවුරු පිහිටි අතර උතුරු ප්‍රදේශයේ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් හා කොටි කඳවුරු පිහිටා තිබිණ. 


ආරක්ෂක වැට ඉදි කිරීමෙන් කොබ්බෑකඩුව මහතා බලාපොරොත්තු වූයේ කොටි සාමාජිකයන් සිය දහස් ගණනින් නිදහසේ පැමිණ සිංහල ගම්මාන හා හමුදා කඳවුරු වෙත එල්ල කරන ප්‍රහාර අවම කිරීමයි. එම සැලැස්ම සාර්ථක වූ අතර ආරක්ෂක වැට ඉදි කිරීමෙන් පසු කොටි සංවිධානයෙන් දැවැන්ත ප්‍රහාර එම ප්‍රදේශයට එල්ල වූයේ නැත. කෙසේ නමුත් ආරක්ෂක වැට ඉදි කිරීමත් සමඟ ඉදිරි ආරක්ෂක වළල්ල එසේත් නැතහොත් FDL යන වචනය ආරක්ෂක අංශ සාමාජිකයන් අතර මෙන්ම උතුරේ ජනතාව අතරද ව්‍යවහාර වන්නට විය. එමෙන්ම ඉදිරි ආරක්ෂක වළල්ල ආසන්නයේ පිහිටි සිංහල ගම්මාන මායිම් ගම්මාන ලෙස හඳුන්වන්නට විය. 
කිලෝ මීටර් සියයක් (100ක්) පමණ දිගට ඉදිකර තිබූ ආරක්ෂක වැට තුළ මීටර් 100-200 පරතරයකින් ආරක්ෂක බංකර ඉදිකර තිබිණ. කොටි සාමාජිකයන් එහා මෙහා යෑම හා සැපයුම් වැළැක්වීම සඳහා දිවා රාත්‍රි දෙකෙහි යුද හමුදාව හා පොලිසිය ආරක්ෂක බංකරයන්හි රැකවල්ලා සිටියහ. කෙතරම් රැකවල්ලා සිටියද වැව් වගුරු බිම් ආදී ආරක්ෂක වැට ඉදිකර නොමැති ස්ථාන අතරින් කොටි සාමාජිකයින් සුළු පිරිස් එහා මෙහා යෑම සිදුවිය. ආරක්ෂක වළල්ලෙන් උතුර එනම් මුදා නොගත් ප්‍රදේශ වෙත ඩීසල් හා පෙට්‍රල් සැපයුම යුද හමුදාව විසින් තහනම් කර තිබිණ. එසේ වුවද ආරක්ෂක වළල්ලේ ඇතැම් ස්ථාන හරහා විවිධ උපක්‍රම භාවිතා කරමින් සංවිධානය විසින් ඔවුන්ගේ පාලන ප්‍රදේශ වෙත ඉන්ධන ප්‍රවාහනය කරන්නට වූහ. 
වව්නියාවේ ඉන්ධන පිරවුම්හල් වෙතින් මිලදී ගන්නා ඉන්ධන කොටි පාලන ප්‍රදේශ වෙත මෙලෙස ප්‍රවාහනය කෙරිණ. මේ තත්ත්වය වැළැක්වීම සඳහා වව්නියාවේ ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන සැපයීම සීමා කෙරිණි. මෙම සීමා කිරීම නිසා වව්නියාවේ පිරවුම්හල් වෙත ඉන්ධන පැමිණියේ ඉතා කලාතුරකිනි. එසේ පැමිණි දින අද දකින්නට තිබෙනවාක් මෙන් දිගු ඉන්ධන පෝලිම් ඇතිවිය. එහිදී ජනතාව විශාල ලෙස පීඩාවට පත්වූහ. ඉන්ධන ගැටලුවට විසඳුම් ලබා දෙන ලෙස විවිධ සංවිධාන රජයෙන් ඉල්ලීම් කරන්නට වූහ. එකල උතුරේ පරිපාලන කටයුතු සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්නා ප්‍රධාන පාර්ශ්වයක් වූයේ ආරක්ෂක අංශයන්ය.
වව්නියාවේ ඉන්ධන ගැටලුවට විසඳුම් ලබාදීම සඳහා ආරක්ෂක අංශ හා පරිපාලන නිලධාරින් අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව වව්නියා ජනතාවට ඉන්ධන ලබාදීමේ ක්‍රමවේදය හඳුන්වා දෙනු ලැබිණි. එහිදී ඉන්ධන සලාක මුද්දර ලබා ගැනීම සඳහා රථවාහන හිමියෙකු සපුරාලිය යුතු මූලික සුදුසුකම වූයේ සිය රථය සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් ලබා දී තිබෙන පොත, වලංගු ආදායම් බලපත්‍රය හා වලංගු රක්ෂණ සහතිකය අනිවාර්යයෙන්ම තිබිය යුතු වීමය. 


අනතුරුව අදාළ ලියවිලි ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිගෙන් සහ අදාළ ප්‍රාදේශීය ලෙක්ම්වරයා වෙතින් සහතික කරගත යුතුය. රජයේ නිලධාරින් වෙතින් සහතික කරන ලද ලියවිලි රැගෙන යුද හමුදා සිවිල් සම්බන්ධීකරණ කාර්යාලය වෙත යා යුතුවේ. 211 බලසේනා මූලස්ථානයේ සිවිල් සම්බන්ධීකරණ කාර්යාලය වව්නියාව නගර ආසන්නයේ ‘රම්‍ය නිවස’ නම් ස්ථානයේ පිහිටා තිබුණි.


එම ස්ථානයේ රාජකාරි කරන නිලධාරීන් වෙත ලියවිලි භාරදුන් විට ඉන්ධන සලාක මුද්දර ලැබේ. යතුරු පැදියකට මසකට පෙට්‍රල් ලීටර 15ක්ද ත්‍රි රෝද රථ, මෝටර් රථ සඳහා මසකට ලීටර් 25කද මුද්දර ලැබේ. මෙම මුද්දර ලීටරය හා ලීටර 2 වශයෙන් තිබිණ. සාමාන්‍යයෙන් ලැබෙන ප්‍රමාණයට අමතරව ඉන්ධන අවශ්‍යවන පිරිස් සිටී නම් වැඩි ඉන්ධන ප්‍රමාණයක් ලබා ගැනීම සඳහා හේතු සාධක සනාථ කර වැඩි මුද්දර ප්‍රමාණයක් ලබාගත හැකිය.


එකල වව්නියාවේ ඉන්ධන පිරවුම්හලේ අනිවාර්යයෙන් හමුදා සෙබළු දෙදෙනෙක් රාජකාරිය සඳහා යොදවා තිබිණ. එක් අයකු අයකැමි මේසය අසල අසුන්ගෙන සිටි අතර අනෙක් සෙබළා පොම්පකරු අසල රාජකාරි කළේය. පාරිභෝගිකයා අයකැමි අසල සිටින සෙබළාට මුද්දර ලබාදුන් පසු මුද්දර හා සමාන වටිනාකමට සමාන ඉන්ධන ප්‍රමාණයකට බිලක් ලියන ලෙස අයකැමිට දැනුම් දේ. 


අදාළ මුදල් ගෙවූ බිල පොම්පකරු අසල සිටින සෙබළාට දිය යුතුය. සෙබළා පවසන ඉන්ධන ප්‍රමාණය පොම්පකරු පාරිභෝගිකයාට ලබා දේ. මෙම ක්‍රමයේදී අනවශ්‍ය ඉන්ධන පෝලිම් තිබුණේ නැත. තමන්ට හිමි ඉන්ධන සලාකය නිදහසේ ලබාගත හැකිවිය. ඉන්ධන ලබාදීමේදී අව භාවිතා වීම්ද සිදුවූයේ නැත. ඒ මක් නිසාද යත් පිරවුම්හලේ ඉන්ධන සංචිතය උදේ සවස යුද හමුදාව ලබාගන්නා අතර දිනය අවසානයේදි නිකුත් කළ ඉන්ධන ප්‍රමාණයට සමානව සලාක මුද්දර තිබිය යුතු විය. 


එමෙන්ම සලාක මුද්දරය ලබාගත යුතු බැවින් සියලු‍ දෙනා ආදායම් බලපත්‍ර හා රජයේ සහතික නිසි වේලාවට ගත්තෝය. එල්.ටී.ටී.ඊ. තර්ජන නිසා යා හැකි ප්‍රදේශ හා ගමන් සීමාවී තිබීම නිසා ලැබුණ ඉන්ධන සලාකය හොඳටම ප්‍රමාණවත් විය. හදිසියේ හෝ මුද්දර අවසන් වුවහොත් මිතුරෙකුගෙන් ණයට ඉල්ලාගෙන ඊළඟ මාසයේ සලාකයෙන් ගනුදෙනුව පියවීමේ දේවල්ද සිදුවිය. මේ ඉන්ධන සලාක මුද්දර ක්‍රමය 2002 වසරේදී එල්.ටී.ටී.ඊ.ය සමග සටන්විරාම අවබෝධතා ගිවිසුම අත්සන් කරන තෙක් ක්‍රියාත්මක විය.
එයින් පසුව උතුරේ ඉන්ධන සලාක ක්‍රමයක් ක්‍රියාත්මක වූයේ 2006 දී යාපනය අර්ධද්වීපය තුළය. 2006 අගෝස්තු මාසයේදී එල්.ටී.ටී.ඊ.ය විසින් මුහමාලෙයි හමුදා මුරපොළ වෙත එල්ල කරන ලද එල්.ටී.ටී.ඊ. ප්‍රහාරයෙන් පසුව යාපනය අර්ධද්වීපය හා රජයේ පාලන ප්‍රදේශ අතර ගොඩබිම් සබඳතා ඇණ හිටියේය. එහිදී මුහුදු මගින් රැගෙන එන සීමිත ඉන්ධන ප්‍රමාණය බෙදා හැරීම සඳහා ඉන්ධන කූපන් ක්‍රමයක් යාපනයේ ජනතාවට හඳුන්වා දෙනු ලැබිණි. 


2009 දී යුද්ධය අවසාන වනතෙක් යාපනය තුළ ඉන්ධන කූපන් ක්‍රමය ක්‍රියාත්මක විය. මීට අමතරව යුද්ධය පැවැති දශක දෙකක කාලය තුළ උතුරු පළාත තුළ ධීවරයින් ඇතුළු විවිධ වෘත්තිකයන්ට මෙන්ම ජනතාවට ඉන්ධන ලබාදීම සඳහා විවිධ නීති ක්‍රම හඳුන්වා දී තිබිණ. ඒ අනුව බලන විට සීමිත ඉන්ධන සංචිත ඉන්ධන බෙදා හැරීමේදී කටයුතු කරන්නේ කෙසේද යන්න උතුරු පළාත තුළින් පාඩම් ඉගෙන ගත හැකි බව කිවහොත් නිවැරැදිය.

 

සටහන
ඕමන්ත ප්‍රියන්ත හේවගේ (ලංකාදීප) (උපුටාගැනීමකි)