Saturday, July 16, 2022

මම අරගලයෙන් ඉවත් වුණේ ඇයි?


 ගෝඨාභය අතින් දරුණු ලෙසම  පීඩාවට පත්වූයේ මෙම සටහන ලියන කීර්ති රත්නායකය.ගෝඨාගේ සෘජු නියෝගයකින් මා   ත්‍රස්ත පනත යටතේ අත් අඩංගුවට ගෙන මාස 6ක් සිරගත කළේය


මා අරගලයය සමග එක්ව සිටි කාලය දින 7කි . එම අරගලයේ  ඇතුලාන්තය දැනගත් විගස ඉන් ඉවත් වීමි. අරගයයෙන් ඉවත්වීමට හේතු පහත පරිදිය


1. ආණ්ඩු පෙරලන  කුමන්ත්‍රණයේ මහ මොළකරු කුමාර් ගුණරත්නම්ය , ඔවු  දමිල ක්‍රිස්තියානියෙක්. සිංහල රෙජීමයට එරෙහි අයෙකි


2. මේ කුමන්ත්‍රණය මාධ්‍ය ආවරණය ලබා දෙන්නෙ රාජාමහේන්ද්‍රන් , ඔහු දෙමළ ක්‍රිස්තියානියෙක්. සිංහල රෙජීමයට එරෙහි අයෙකි


3. මේ කුමන්ත්‍රණයට නීති ආවරණය ලබා දෙන්නෙ නීතිඥ සංගමේ සභාපති සාලිය පීරිස් , ඔහු බොන් අගේන් ක්‍රිස්තියානියෙක්. මොහු බෞද්ධ රෙජීමයට එරෙහි අයෙකි


4. මෙම කුමන්තණයට විදෙස් තානාපති සහාය ලබා දෙන්නෙ ක‍තෝලික පල්ලියේ මැල්කම් රංජිත් , ඔහු සිංහල බෞද්ධයන්ට එරෙහිව දිය යටින් ගිණි ගෙනියන අයෙක්


5. මෙම කුමන්ත්‍රණයට මුදල් පොම්පකරන ප්‍රධනතම පාර්ශවය මුස්ලිම් ව්‍යාපාරිකයන්. ඔවුන් සිංහල බලකේන්ද්‍රය ගැන වෛරයෙන් සිටින පිරිසක් ( මාස්, බ්‍රන්ඩික්ස් , නෝ ලිමිට්, කූල් පැලැට්, ෆැෂන් බග්, හමීඩියා, බේරුවල ව්‍යාපාරික සංසදය  වැනි ආයතන පිළිබදව පුළුල් විමර්ෂන මේ වන විට සිදු වනවා.


6. කරුනානිධිගෙ පුතා ස්ටාලින් ( කලාපයේ  ක්රිස්තියානි ප්‍රධානියා) ලංකාවට කෙලවන්න ආධාර එව්වා. හිගා කන රටකට ණය දෙන්නේ නෑ . ඩොලර් ණයක් ගන්න තිබ්බ චාන්ස් එක නැති කළා


7. රවුෆ් හකිම්සහ  ස්ටාලින් උතුරු නැගෙනහිර එකතුකරන්න එකගයි. මේක මුස්ලිම් ජනයාට කරන ද්‍රෝහී වැඩක්. බෙදුම්වාදයේ පියවරක්


8. සිංහල බෞද්ධයෙක් අත ‍රැදෙන විධායකය අහෝසි කරන්න මුල් සියල්ල වලි කනවා.


9. 2009 පරාජය කළේ දෙමළ බෙදුම්වාදයේ මිලිටරි අංශය පමනයි. එහි දේශපාලන අංශය එදා සිට අද දක්වා ක්‍රියාත්මකයි. ඔවුන් මෙම කුමන්ත්‍රණයේ ප්‍රධාන භූමිකාවක් කරනවා


10. පාලකයන් ජාතිවාදී වයාපෘති වල ආයොජනය කිරීම නිසා සුළු ජාතීන්   සිංහල ජාතිය සමග වෛරයි. අවස්ථාව ලද විගස පලිගන්නවා. දැන් සිදු වන්නෙ එයයි


12. දෙමළ බෙදුම්වාදීන්  , ක්‍රිස්තියානි අන්තවාදීන් සහ   මුස්ලිම් අන්තවාදීන් සිංහලයාට එරෙහිව  ගරිල්ලා ප්‍රහාරයක් එල්ල කරමින් සිටී


13. කිසි දිනක ඡන්දයෙන් බලයට පැමිනීමට නොහැකි සජිත් , අනුර වැනි   දේශපාලකයන් රටේ පවතින අර්බුධය  බලය ලබා ගැනීම සදහා ඇමක් ලෙස භාවිතා කරමින් සිටී


බුද්ධිමත්ව සිතන්න, මේවා කාලාම සූත්‍රයට බහා බලන්න, මෙත් සිතිනි

රාජපක්ෂවාදය පරදවමු

 




රාජපක්ෂවරු පාලනයෙන් ඉවත් කළ පසු. රාජපක්ෂවාදය ද සම්පූර්ණයෙන් අවසන් වේ යැයි යමෙක් සිතන්නේ නම් එය මහ ම මහ විහිලුවකි. අපි පරාජය කළ යුත්තේ රාජපක්ෂවාදය මිස රාජපක්ෂවරු නොවේ. එසේත් නැති නම් රාජපක්ෂවරු විසින් මේ රටේ රෝපනය කර පෝෂණය කළ, මේ වන විට අතු ඉති වැඩී තිබෙන දූෂිත දේශපාලන , ආර්ථික සංස්කෘතියයි. 

රාජපක්ෂ කඳවුරට සිටි ප්‍රබල ප්‍රතිවාදීන් වූයේ චන්ද්‍රිකා කුමාරතුංග, මංගල සමරවීර සහ රනිල් වික්‍රමසිංහයි. චන්ද්‍රිකා දැන් ක්‍රියා කාරී දේශපාලනයේ නැත. එන බවක් ද නොපෙනේ.  ඇය වෙනත් චරිතයක් ගොඩනැගුව ද, ඇයට තිබෙන විශ්වාසය ඒ පුද්ගලයාට නොමැති බව රාජපක්ෂවරු දනිති. මංගල ජීවතුන් අතර නැත. එසේ නම් දැනට දේශපාලනයේ රාජපක්ෂවරුන්ට සිටින එකම ප්‍රතිවාදියා රනිල් වික්‍රමසිංහයි. 

අනුර කුමාර, සජිත් ප්‍රේමදාස ආදීන් එළියේ මහා දැවැන්ත ප්‍රතිවාදීන් ලෙස පෙනී සිටිය ද ඔවුන් හුදු නලුවන් පමණක් බව පරිණත දේශපාලනඥයෙකු වන මහින්ද රාජපක්ෂ හොඳින් ම දනියි. කිසිදු ලෙසකින් ප්‍රායෝගික නොවන මතවාද ගොන්නක් කර පින්නා ගෙන සිටින අනුර කුමාර හෝ, මහජනතාව අතර විහිලුවක් බවට පත්ව සිටින සජිත් තමන්ට අභියෝගයක් නොවන බව රාජපක්ෂවරුන්ගේ විශ්වාසයයි. 

කෙසේ හෝ රනිල්ගේ දේශපාලනය අවසන් කිරීමට රාජපක්ෂවරුන් කටයුතු කරන්නේ ඒ අනුව ය. එජාපය දෙකඩ වීමෙන් රනිල් නැමති හිසරදය අවසන් වූවා යැයි රාජපක්ෂවරු සිතුව ද, රනිල් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණියේය. එහෙත් තනි අලියා එතරම් අවදානමක් නැතැයි රාජපක්ෂවරුන්ගේ අදහස විය. 

පසුගිය මැයි මස 09 ඇති වූ සිදුවීමෙන් පසු ආර්ථිකය ස්ථාවර කිරීමත්, ජාත්‍යන්තරය දිනා ගැනීමත් වෙනුවෙන් ගෝඨාභය රනිල්ට අකමැත්තෙන් හෝ අගමැතිකම ලබා දෙන්නේ ගෝඨාභයට අසාර්ථක නායකයෙකු ලෙස ඔහුට තිබූ අකමැත්ත හේතුවෙනි.

එහෙත් මහින්ද හෝ බැසිල් රනිලාගමනය ප්‍රිය කළේ නැත. ඒ හරහා බැසිල්ගේ හා නාමල්ගේ දේශපාලන අනාගතය අවසන් වන බව ඔවුන් දැන සිටියහ. රනිල් ප්‍රසිද්ධියේ සටන් නොකළත්, ඉතා සූක්ෂ්මව රාජපක්ෂවාදය පරදවන බව දේශපාලනඥයන් වන ඔවුන් දෙදෙනා දනිති. ධම්මික පෙරේරා පාර්ලිමේන්තුවට පත් කර අගමැති කරවීමට උත්සාහ දරන්නේ ඒ අනුවය. කෙසේ හෝ ජූලි නමය ඇති වූ සිදුවීමෙන් පසු එය ද සාර්ථක වූයේ නැත. 

රනිල් අගමැති වූ පසුව බොහෝ දෙනෙක් අපේක්ෂා කළ පරිදි රාජපක්ෂවරුන්ට පිහිට වූයේ නැත. රාජපක්ෂවරුන්ගේ අදූරදර්ශී ආර්ථික ප්‍රතිපත්‍ති රටට හෙළි කරන්නේ රනිල් ය. ඔහු අරගලය ද පෝෂණය කළේ ය. ඔහුගේ මේ හැසිරීම දණ්ඩෙන් පහර කෑ නයෙකු ලෙස බැසිල් කුපිත කිරීමට හේතු විය.

දැන් පොදු හතුරා වෙනුවෙන් බැසිල් අලුත් ගේමක් ආරම්භ කර තිබේ. ඒ ඩලස්ව රජ කරවා ඉදිරියටත් රාජ්‍ය පාලනයේ අදිසි හස්තය රාජපක්ෂවරු සන්‍ය්හකයේ තබා ගැනීමටයි. බැසිල්ගේ අපේක්ෂාව ඩලස් ජනපති කරවා සජිත්ට අගමැතිකමද, නාමල්ට විපක්ෂ නායක කමද ලබාදීමටයි. එවිට ඉදිරි ආර්ථික අර්බුධයන්ට මුහුණ දීමට සජිත්ට නොහැකි වූ විට ඩලස් මෙන් ම සජිත්ගේ දේශපාලන ගමන අවසන් වනු ඇත. එවිට විපක්ෂ නායක නාමල්ගේ ඉදිරිය ඉබේටම ගොඩනැගෙනනු ඇත. 
ඔවුන්ගේ සිහිනය 2024 දී එවිට ඉබේටම සාර්ථකත්වය කරා යොමු වනු ඇත. 

සිරිසේනගේ සහ සජිත්ගේ ද පොදු හතුරා රනිල් වීම නිසා ඔවුන්ට මේ කුමන්ත්‍රණය ඉතාමත් පහසු බව බැසිල්ගේ අදහසයි. මුල දී රනිල්ට පක්ෂ ලෙස හිඳ අවසානයේ ජනමතයට හිස නමා ඩලස් වෙනුවෙන් පෙනී සිටීම ඔවුන්ගේ උපක්‍රමයයි. 

මේ සියලු බලවේගවල කුමන්ත්‍රණ රනිල්ට පරාජය කිරීමට හැකි වේදැයි නොදනිමු. එහෙත් එක දෙයක් දනිමු. රාජපක්ෂවරුන්ගේ අවසාන කුමන්ත්‍රණය අවසානයේ ජයගතහොත් එය අප සමස්ත රටේම පරාජයක් බව පමණක් දනිමු.


Friday, July 15, 2022

අරගලකරුවන්ට පක්ෂයි, කැරලිකරුවන්ට විරුද්ධයි. - රනිල්


 19 කඩිනමින් බලාත්මක කරනවා - වැඩබලන ජනපති ලෙස දිව්රුම් දෙමින් රනිල් කියයි.

19 වන ව්‍යවස්ථා සංශෝධනය නැවත වරක් කඩිනමින් බලාත්මක කිරීමට පියවර ගන්නා බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

වැඩ බලන ජනාධිපතිවරයා ලෙස අද පෙරවරුවේ දිව්රුම් දෙමින් අනතුරුව වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේබව සඳහන් කළේය.

, ලබන සතියේ පත් වන ජනාධිපතිවරයාට අදාළ කටයුතු ඉදිරියට සිදු කර ගෙන යාමට හැකි වන පරිදි අවශ්‍ය මූලික කටයුතු ආරම්භ කරන බවත්, මින් ඉදිරියට ජනාධිපතිවරයා හැඳින්වීමට අතිගරු යෙදීම සහ ජනාධිපති ධජය නීත්‍යානුකූලව ඉවත් කරන බවත්, වඩා ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ස්ථාපිත කරන බවත් වික්‍රමසිංහ මහතා මෙහිදී  වැඩිදුරටත් පැවසීය.


අරගලය ආරම්භයේ සිට සිටි පිරිස් අද වන විට ප්‍රචණ්ඩ ක්‍රියාවල නියුතුව සිටින කලහකාරීන්ගේ ක්‍රියා අනුමත නොකරන බවත් හෙතෙම පැවසීය. බිඳ වැටී ඇති දේශය ගොඩනැගීමට මේ මොහොතේ සියලු දේශප්‍රේමී පිරිස් එකට එක්තු විය යුතු බව අවධාරණය කළ වැඩ බලන ජනාධිපතිවරයා, පාර්ලිමේන්තුවෙන් පත්වන නව ජනාධීපතිවරයාට රට ගොඩ නැගීමට සහාය ලබා දිය යුතු බවත් අවධාරණය කළේ ය.

ගෝටා ඉවත් වීමෙන් පසු නැවතත් ඩොලර් එයි.


ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉවත් වූ පසු විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයන් රැසක් මේ වන විට නැවත නීත්‍යානුකූල ක්‍රමයට ඩොලර් මෙරටට එවීමට පටන් ගෙන බවට ආරංචි මාර්ග පවසයි.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉවත් වීමත්, රනිල් වික්‍රමසිංහ වැඩබලන ජනාධිපති ලෙස පත්වීමත් හරහා මෙරට ව්‍යාපාරිකයන්ට ද යම් විශ්වාසයක් ගොඩ නැගී ඇති අතර මෙරට ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක් ම මාධ්‍යයට අදහස් දක්වමින් ප්‍රකාශ කළේ මේ ජයග්‍රහණයෙන් උදම් නොවී පුළුල් ආර්ථික ප්‍රතිසංස්කාරණ සඳහා යොමු විය යුතු බවයි. ඒ සඳහා මෙරට සහ විදේශයන්හි ජීවත් වන ශ්‍රී ලංකිකයන්ගේ ද සහයෝගය අත්‍යවශ්‍ය වන බව ද ඔවුන්ගේ අදහසයි.

මේ මොහොතේ විදේශගත ශ්‍රී ලාංකිකයන් පොරොන්දු වූ පරිදි නැවත නියමිත ක්‍රමයට රටට මුදල් එවීමට කටයුතු කිරීම පිළිබඳ අප සැමගේ ස්තූතිය හිමි විය යුතු ය.

Thursday, July 14, 2022

පෙරෙට්ටන්ගේ මීළඟ ඉලක්කය පන්සල්

 පෙරෙට්ටන්ගේ ඊළඟ ඉලකක්ය පන්සල්


අරගල ජයග්‍රහණයෙන් උද්දාමයට පත්ව සිටින අරගලකරුවන්ගේ මීළඟ ඉලක්කය පන්සල් සහ අනෙකුත් ආගමික ස්ථාන බව මේ වන විට රාවයක් පැතිරෙමින් තිබෙනවා. 


දළදා මාළගාව ඇතුළු බොහෝ ප්‍රසිද්ධ විහාරසථාවල සිදු කරන පෙරහැර මේ මොහොතේ අනවශ්‍ය වියදමක් බවත්, ඒ සියලු වියදම් නවත්වා, පන්සල් සහ අනෙකුත් ආගමික ස්ථාන සතු වත්කම් මහජනතාවට ලබා දිය යුතු බව ඔවුන්ගේ අදහසයි. මේ මොහොතේ ලද පොදු ජන ජයග්‍රහණය වඩාත් ඵලදායී වන්නේ ඒ ප්‍රත්සංස්කරණ ක්‍රියාවලියට ද කඩිනමින් යොමුවීමෙන් පමණක් බවයි ඔවුන්ගේ අදහස වී තිබෙන්නේ.

අරගලයට සම්බන්ධව වැඩකටයුතු කළ එක්තරා ස්වාමීන් වහන්සේ නමක් වට්ස් ඇප් හරහා යවන ලද පනිවිඩයක් මේ දිනවල  සංසරණය වෙනවා. එහිදී උන්වහන්සේ පවසන්නේ අරගලය තුළ මේ වන විට ක්‍රියාත්මක වන ආගම් විරෝධය සමස්ත අරගලයට ම මහත් විනාශයක් බවයි. උන්වහන්සේ විසින් යවන ලද පනිවිඩයයි මේ.


‘ගරුතර ස්වාමීන් වහන්ස


මම හැකි සෑම විටම අරගලයට ගියා. ඒ රාජපක්ෂවරුන්ට විරුද්ධවයි.නමුත් 11 වෙනිදා අරගලයේ දී මගේ කන වැකුණු ප්‍රකාශයක් පිළිබඳවයි මේ. 


එතන අයියා කෙනෙක් තවත් කීප දෙනෙක්ට කියනවා"මචං අරගලය ඉවර නෑ. දැන් තමයි පටන් ගත්තේ. දැන් අපි බලන්න ඕන කොහොමද පන්සල් ටික, පල්ලි ටික වහලා දාන්නේ කියලා. බලහං දළදා පෙරහැර කියලා කොච්චර සල්ලි නාස්ති කරනවා ද ? මේවා නවත්වන්නෙ නැතුව රටක් හදන්න බෑ. මේ සංස්කෘතිය, සභ්‍යත්වය නිසා රට හදන්න බෑ. ඒක නිසා ඕවා නැති කරලා දාන්න ඕනේ. 


JVP පෙරටුගාමී ද මම දන්නේ නැහැ. හැබැයි අරගලයෙ NGO නඩ, කල්ලතෝනි නාඩගම් ඒකෙ මුල ඉදන්ම තිබ්බ. ජෙහාන් කලෙත් නාඩගමක්.  මේවා මුල සිටම අපි දැක්කා. මේවා share කරලා බයියො කියලා හංවඩු ගැහුනා. මේ දේවල් දැන ගෙන අරගලය මග ඇරියා. නමුත් 9,11 කියන දවස්වල ගියා. මේවා ඇහුනම හිතුනා  ඇයි අපි තුනුරුවනට ගරහන්න පාරට ආවෙ. කියලා. ඒකට සමාව අයදිනවා. දැන් මොනවා කරන්නද ඒත්😥 


මේ වෙනකොටත් ස්වාමීන් වහන්සේලා කෝච්චිවල හිටගෙන වඩිනවා. ඒක හොඳ දෙයක් කියලා මිනිස්සු share කරනවා. බෝධින් වහන්සේ විශාලවට හැදෙද්දි   බෝ මලුවේ බෝ පැල හැදුනම ගලවනවා මහ ගහ විතරක් හැදුනම ඇතිද කියලා බෝධින් වහන්සේට ගරහනවා. බුද්ධ පූජාවට, ත්‍රිපිටකයට ගරහනවා. ස්වාමීන් වහන්සේලාට සම්මා heroes, සම්මා selfie, කිය කියා ගරහනවා. ස්වාමීන් වහන්සේලාට දානෙ දෙන එකටත් ගරහනවා. තෙරුවන් කෙරෙහි ඇති අසීමිත ගෞරවය නිසා මට නම් පුදුමාකාර සංවේගයක් තියෙනවා. 


ආර්ථික, දේශපාලන ස්ථාවරත්වය වෙනුවෙන් මේ නිරාගමික අන්තවාදීයොන්ට රටේ නායකත්වය යයි. අනේ මගේ account එකේ ඉන්නෙ ගොඩක් තරුණ ජව සම්පන්න, උගත් , පණ්ඩිත හාමුදුරුවරු, සමහර දෙනා වහන්සේලා අස්ගිරිය, ගල්දූව ආරණ්‍ය, මහරගම වජිරඥාන ධර්මායතනය , පන්නිපිටිය දෙව්රම් වෙහෙර, කප්පින වලව්ව ,කළුපළුවාව තපෝවනය,වගේ සංඝ මූලස්ථාන වල වාසය කරනවා, අනේ මහ නාහිමිවරු දැනුවත් කරනු මැනවි නිරාගමිකකරනය ගැන,  


ඔබ වහන්සේලාගේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාත්, දායක සභාවනුත්, ගම් වැසි, රට වැසි හැමදෙනාම දැනුවත් කරනු මැන, 


ගිහියන්ගේ තුනුරුවන් පිළිබඳව ඇති ශ්‍රද්ධාව වැඩිදියුණු කිරීමට කටයුතු කරනු මැන,

එසේ කටයුතු කිරීමට ඔබ වහන්සේලාට ශක්තිය ධෛර්යය නීරෝගී සම්පත ලැබේවා!’


සජබෙන් අරගලකරුවන්ට අභියෝගයක්




 සමගි ජන බලවේලගයෙන් අරගලකරුවන්ට wNsfhda.hla


සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති වීමට නොහැකි යැයි පවසන අරගලකරුවන්ට නාම යෝජනා ඉදිරිපත් කර ජනාධිපති තරඟයට පැමිණෙන්නැයි ජාතික සමගි ජන බලවේගයේ පාර්ලිමේනතු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පැවසීය. 

විපක්ෂ නායක් කාර්යාලයේ ඊයේ පැවති මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මෙසේ පැවසීය. 

ඔහු වැඩිදුරටත් මෙසේ පැවසීය.

‘අරගයේ ඉතාමත් සුළු අන්තවාදී පිරිසක් තමයි ඔහොම කියන්නේ. මේ රටේ තියෙන නීතිය අනුව පාර්ලිමේන්තුවේ 225 න් කෙනෙක් තමයි ජනාධිපති ධුරයට පත් වෙන්න ඕනේ. එහෙම නැතුව අරගලකරුවන්ට හිතුමතේට ජනාධිපතිවරු පත්කරන්න බෑ. තමන්ගෙ නායකයා ව ජනාධිපති කරන්න ඕන නම් ඒ පුද්ගලයාට පාර්ලිමේන්තුව තුළ බහුතරය හදාගන්න කියන්න. එහෙම නැතුව මරනවා කියල හරි, පාර්ලිමේන්තුව වට කරනවා කියලා හරි බය කරලා රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැති කරන්න ඉඩ දෙන්න බෑ. ඒ නිසා අපි අරගලකරුවන්ට කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පිටන් ගිහින් රට අස්ථාවර නොකර ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් සථාපිත කිරීමට සහාය දෙන්න.’