Tuesday, July 19, 2022

ඡනාධිපතිවරයා තෝරාගැනීමේ රහස් ඡන්දය හෙළි කළොත් වසර හතකට මන්ත්‍රී ධුරය අහිමියි

 
 


අනුප්‍රාප්ත්‍රික ජනාධිතිවරයා තෝරාගන්නා ඡන්ද විමසීමට අදාළව ඡන්දය හෙළි කිරීමෙන් හෝ  යම් අයුරකින් වරදකරුවන පුද්ගලයෙකු  වසර හතක කාලයට තම මන්ත්‍රීධුරය අහිමිවන බව ජනාධිපතිවරණ මැතිවරණ විශේෂ විධිවිධාන පනතේ සඳහන්ය.
එමෙන්ම මැතිවරණය සම්බන්ධයෙන් අනිසි බලපෑම් හෝ අල්ලස් ලබාදෙන පුද්ගලයින් සම්බන්ධයෙන් දඩමුදලක් අයකරගැනීම හෝ මාස හයක සිරදඩුවමක් ලබාදිය හැකි බව 1981 අංක 02 දරන ජනාධිපති මැතිවරණ විශේෂ විධිවිධාන පනතේ සඳහන්වේ.
එමෙන්ම ජනාධිපතිවරයා තෝරණ ඡන්ද විමසීමේදී තම ඡන්දය ඡායාරූපගතකිරීම් නොකරන ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම්දී තිබේ.
අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම අද(20දා) පාර්ලිමේන්තුවේදී පැවැත්වේ. අදාළ ඡන්ද විමසීම සියලු නීතිරීතිවලට අනුකූලව පවත්ව බව කථානායක මහින්ද අබේවර්ධන මහතා සහ පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.





ජනබලය විනාශ කළේ සජිත්



 

අද වන විට සජිත් ප්‍රේමදාස පොහොට්ටුවේ ඩලස් අලහප්පෙරුමට සහාය දීම පිළිබඳ විශාල කථිකාවක් නිර්මාණය වී තිබේ. පාරම්පරික එක්සත් ජාතික පාක්ෂිකයින් පවසන්නේ සජිත් ප්‍රේමදාස යූඑන්පීකාරයන්ගේ සියලු අපේක්ෂා අමු අමුවේ විනාශ කළ බවයි. සජිත්ගේ මේ ආසයි බයයි තියරිය නිසා විනාශ වන්නේ සමගි ජන බලවේග පාක්ෂිකයන්ගේ අපේක්ෂා ය. අද සජිත් කිසි ලැජ්ජාවකින් තොරව රාජපක්ෂ සහචරයෙකු වන ඩලස් අලහප්පෙරුම ජනාධිපති ධුරය සඳහා යෝජනා කළේ මෙරට අරගලයේ යෙදුණු සියලු පාර්ශ්වවල ඉල්ලීම්වලට පයින් ගසා ය. ඔහුට අවශ්‍ය පහසු ක්‍රමයකින් බලය ලබා ගැනීම මිස ප්‍රතිපත්තිගරුක දේශපාලනයක යෙදීම නොවන බව ඔහු නැවත වරක් රට හමුවේ සනාථ කර පෙන්වනු ලැබීය.

රට මේ වන විට මුහුණ පා සිටන ආර්ථික අර්බුදයට, දේශපාලන අර්බුදයට සහ බලශක්ති අරබුදයට ඩලස් ඍජුව වගකිවයුතු පුද්ගලයෙකි. ඔහු රාජපක්ෂ රජයේ ප්‍රබල කැබිනට් ඇමතිවරයෙක් විය. 17,18, 19 සහ 20 යන සියලු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනවලට අත් එස වූ කිසිම ප්‍රතිපත්තියක් නැති මිනිසෙකි. විදුලි බල අර්බුදයට කිසිදු විසඳුමක් ‍සොයා ගැනීමට අපොහොසත් වූ අසාර්ථක විදුලි බල ඇමතිවරයෙකි. මේ රටේ පුරවැසියා විරුද්ධ වුණේ රාජපක්ෂවරුන්ට පමණක් නොවේ. රාජපක්ෂවාදයට ද ඔවුහු විරුද්ධ වූහ. එකට එකතු වී කළ හැකි සියලු වැරදි සිදු කර, අවසන ගෝඨාභය පමණක් එල්ලුම් ගස් යවා අනෙක් සියලු දෙනා ශුද්ධවන්තයන් ලෙස හැසිරීම මහජනතාව කොතෙක් දුරට ඉවසාවී දැයි සැකි සහිතය.

ඉතිහාසය පසෙකින් තැබුවත් ඩලස්ට මේ අභියෝය ජය ගත හැකි ද යන ගැටළුව ඊළඟට පැන නගී. ඔහුට මේ ආර්ථික අර්බුදයට විසඳුම් ලබා දිය හැකි ද? ඔහුට ජාත්‍යන්තර සබඳතා කළමනාකරණය කළ හැකි ද?

මීට මාස කිහිපයකට පෙර ඕමල්පේ සෝභිත හිමි, කාඩිනල් මැල්කම් රංජිත් ඇතුළු ආගමික් සංස්ථාව, සිවිල් සමාජය ඹීට කදිම විසඳුමක් යෝජනා කළහ. ඒ කරු ජයසූරිය මහතා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තෝරා පත් කරගෙන පළමුව අගමැති ධුරයට ද, අනතුරුව ජනාධිපති ධුරයට ද පත් කර ගැනීමට වූ යෝජනාවයි. එහිදී මයන්ත දිසානායක ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වී, කරුට එම අවස්ථාව ලබා දීමට පවා සූදානම් විය. එහෙත් ඒ අවස්ථාව අවසාන මොහොතේ වැළකී ගියේ සජිති ඊට විරුද්ධ වීම නිසාය. ඔහු එජාපයේ වෙනත් කිසිදු නායකයෙකුට අවස්ථාව ලබා දුන්නේ නැත. බල්ලා පිදුරු කන්නෙත් නෑ කන ගොනාට දෙන්නෙත් නෑ යන තියරිය සජිත් පසුගිය කාලය පුරාම අනුගමනය කිරීම නිසා සමගි ජන බලවේගයට පමණක් නොව සමස්ත රටට මුහුණ දෙන්නට වූයේ බරපතල ඛේදවාචකයකට ය.  ඔහු එදා එම තීරණය ගනු ලැබුවේ නම් අද ජනපිති සටනේ දී මෙවැනි අරුබුදයක් පැන නගින්නේ නැත. සජිත්ට ආත්ම ගෞරවයක් හෝ ප්‍රතිපත්තියක් නොමැති වුවත්, හෘදය සාක්ෂියක් සහිත කිසිවෙකුට මේ මොහොතේ ඩලස් අලහප්පෙරුමට ඡන්දය ලබා දිය නොහැකිය. එහි වාසිය ලැබෙන්නේ රනිල් වික්‍රමසිංහටයි. අපට ආරංචි වන ආකාරයට සජිත්ගේ මේ තකතීරු තීරණයෙන් පසු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් විසි දෙ‍ෙනකු පමණ මේ වන විට රනිල්ට ඡන්දය ලබා දීමට තීරණය කර ඇති බව තහවුරු වී තිබේ.

මෙරට ඉතිහාසයේ බිහි වූ දුරවලම විපක්ෂ නායක භූමිකාව නිරූපණය කළ සජිත් ප්‍රේමදාස තමන්ගේ බියගුළුකම සහ උද්දච්චකම නිසා මෙරට තරුණ ප්‍රජාව අරගලයෙන් ලබා ගත් ජයග්‍රහණය ආපසු හරහා තිබේ. ඔහුගේ තකතීරුකමට කිසිදු සමාවක් ලබා චදිය නොහැක්කා සේම, අශ්වයා පැන ගිය පසු ස්තාලය වසා දැමීමේ නිරතවන සිටින සජිත් ප්‍රේමදාස මේ විපක්ෂ නායක ධුරයේ සිටින තාක් කල් අපට යහපත් පාලනයක් ඇති කිරීමට විපක්ෂයේ සහායක් නම් අපේක්ෂා කළ නොහැක. පටු අදහස් පුරවාගෙන සිටින ඔහු රාජප්කෂවරුන්ගේ පැවැත්මට සම්පතක් මිස කිසිදින ඔවුන්ට අභියෝගයක් නම් නොවන බව අපගේ වැටහීමයි.

 

නිර්මාල් සුරංග

ජනපති ගියාම ඊළඟ අනුප්‍රාප්තිකයා තමන් බව කියූ සජිත් පොහොට්ටු අපේක්ෂක ඩලස්ට මුවා වෙයි - අගමැති කමට ඩීල් දමයි





අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු පත්කිරීම සඳහා පැවැත්වීමට නියමිත ඡන්ද වීමසීම මේ වන විට තුන් කොන් සටනක් බවට පත්ව තිබෙනවා.

අද පාර්ලිමේන්තුව කැඳවන අවස්ථාවේ  අපේක්ෂකයින් සිව් දෙනෙකු ඉදිරිපත් වන බවට තොරතුරු  වාර්තතා වුව ද  විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා  එම ධුරයට තරග නොකරන බව දැනුම් දුන්නා.

 ඒ අනුව  ජනාධිපතිවරණ සටන තුන් කොටසක් බවට පත්ව තිබෙනවා.

 ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත් කිරීම සඳහා කටයුතු කළ පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් ම ඉදිරිපත් වන  ඩලස් අලහප්පෙරුම මහතාට සහාය දැක්වීමට  සජිත් ප්‍රේමදාස මහතා මේ දී තීරණය කර තිබෙනවා.

 ඒ   අගමැති ධුරය ලබා ගැනීමේ එකඟතාවය මතයි.

දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරන්නේ මෙම සිදුවීම් දාමය පිටුපස බැසිල් රාජපක්ෂ මහතා සිටින බවයි.

තමන් රටේ විපක්ෂනායකයා බවත් රටේ මීළඟ අනුප්‍රාප්තික පාලකයා තමන් විය යුතු බවටත් සජිත් ප්‍රේමදාස මහතා දැරූ අදහස මේ වන විට වෙනස් කරගෙන තිබෙන්නේ පොහොටුව පක්ෂයේ සාමාන්‍ය මන්ත්‍රීවරයෙකුට රාජ්‍ය පාලකයා වීමට අවස්ථාව ලබා දෙමින්.


රනිල් - සජිත් අතර බලය උරගා බැලීමට තිබු තවත් අවස්ථාවක් ද මේ හේතුවෙන්  ජනතාවට අහිමිව ගොස් ඇති අතර රනිල් හමුවේ පරාජය වුවහොත් තම දේශපාලනය සදහටම අවසන් වනු ඇති බවට බොහෝ දෙනෙකු අනතුරු ඇඟවීමද සජිත් ජනපති තරඟයෙන් ඉවත් වීමට බලපා ඇති බවද දැනගන්නට තිබේ.

රනිල්ට මෙච්ච්ර බය ඇයි?

 


ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙන් ම සමගි ජන බලවේගය ද එක පෙළට සිට රනිල් වික්‍රමසිංහට පහර දීම අරඹා තිබේ. ඔවුන් සපථ කරමින් කියා සිටින්නේ රනිල් හැර වෙනත් ඔනෑම අයෙකුට ජනාධිපති ධුරයට පත් වීමට සහාය ලබා දෙන බවයි. 

ඇයි ඔවුන් මෙතරම් රනිල්ට බය?

මුලින් ම අපි මේ ගැටළුව විසඳා ගත යුතු ය. එම පිරිසට අනුව රනිල් දූෂිතයෙකි, රාජපක්ෂ හිතවාදියෙකි, ඒකාධිපතිවාදියෙකි, දුර්වල නායකයෙකි, රට සංවර්ධනය කිරීම පිළිබඳ කිසිදු දැක්මක් නැත්තෙකි, පරාජිතයෙකි, වයොවෘද්ධයෙකි, බටහිර ගැති පෞද්ගලීකරණය වෙනුවෙන් පෙනී සිටින්නෙකි.

රනිල්ට මෙම චෝදනා එල්ල කරද්දී රනිල්ගේ ප්‍රධාන ප්‍රතිවාදියා වන්නේ ඩලස් අලහප්පෙරුමයි. ඩලස් අලහප්පෙරුම මහා ප්‍රජාතන්ත්‍රවාදීයෙකු ලෙස පෙනී සිටිය ද, ඩලස්ගේ කිල්ලෝටයේ තියෙන තරම් හුණු වෙන කා ළඟත් නැති තරම් ය.

ඩලස්ගේ කුණු වූ දේශපාලන ඉතිහාසය පිළිබඳ මංගල සමරවීර කළ ප්‍රකාශයක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් පවතී. හිටුපු අගවිනිසුරු ෂිරාණි බණ්ඩාරනායක ද වරෙක ප්‍රකාශ කළේ තමන්ට එරෙහිව දොශාභියෝගය ඉදිරිපත් වූ මොහොතේ ඩලස් අලහප්පෙරුම තමන්ගේ චරිතය ඝාතනය කරමින් විවිධ අපහාසාත්මක ලිපි ලියා වෙබ් අඩෙවිවල පළ කළ බවයි.

ඩලස් ගැන තතු දන්නෝ මේ සියල්ල දනිති. හරි හමන් අධ්‍යාපනයක් නොමැතිව ටැබ්ලොයිඩ් පත්තරයක විශේෂාංග රචකයෙකු ලෙස කොලඹ පැමිණි ඔහු, අනුර බණ්ඩාරනායක සමග මාධ්‍යවේදී භූමිකාව හරහා හිතවත්කමක් ගොඩනගා ගත්තේය. ඉන් පසු අනුර සහ මංගලගේ ආශිර්වාදයෙන් දේශපාලනයට පිවිසෙන ඔහු ටික කලකට පසු මහින්ද රාජපක්ෂගේ කැලෑ පත්තර රචකයා බවට පත් විය.

1993 චන්ද්‍රිකා ආගමනය වළක්වන්න මහින්ද තමන්ගේ මඩ බලකායේ ප්‍රධානියා බවය=ට පත් කර ගන්නේ ඩලස් අලහප්පෙරුමවයි. ඔහු ඒ කරතව්‍යය කොතරම් සාර්ථකව සිදු කළ ද කිවහොත්චන්ද්‍රිකා බලයට පැමිණීමෙන් පසු ඔහුට කිසිදු තනතුරක් ලබා දෙන්නේ නැත. මහින්ද සමග පැවති සමීප සබඳතාව නිසා මහින්දගේ අමාත්‍යංශයේ කටයුතුවලට අනියමින් සම්බන්ධ වන ඔහු, එහි එක්තරා ටෙන්ඩරයක් සම්බන්ධ කටයුත්තක දී සිදු කළ අකටයුත්තක් නිසා අවසානයේ දේශපාලනයෙන් පමණක් නොව රට ද අත් හැර යන්නට සිදු විය.

නැවත 2005 දී මහින්දාගමනයත් සමග මෙරටට පැමිණෙන ඔහු, මහින්දගේ ප්‍රධාන කසල ශෝධකයා ලෙස කටුයුතු කළ බව ප්‍රකටය. ඩලස් ජනපති වීමට උත්සාහ කිරීම පිළිබඳ ආරංචි වූ මගේ එක් මිතුරෙක් පැවසුවේ ජනාධිපති වෙන්න කලින් එයාට ‘උතුරු මිතුරු” කෝච්චි ටිකට් එකේ සල්ලි දීලා ඉන්න කියන්න කියලා ය.

ඩලස්ට තවමත් රාජපක්ෂ ලැදියාව ඉතාමත් දරුණුව පවතී. ඔහු කිසි විටෙක රාජපක්ෂවරුන්ට එරෙහිව වචනයකින් හෝ විවේචනය නොකරන බව දන්නා මහින්ද, මේ මොහොතේ නාමල්ගේ දේශපාලන අනාගතය වෙනුවෙන් ඩලස්ගේ ජයග්‍රහණය මහින්දට ඉතාමත් වටින්නේ ය. ඔහු ඒ වෙුවෙන් සූක්ෂ්මව වැඩ කරන්නේ ය.

රනිල් රාජපක්ෂවාදියෙක් නම් ඩලස් ඊටත් වඩා රාජපක්ෂවාදියෙකි. රනිල් දූසිතයෙක් නම් ඩලස් ඊටත් වඩා දූෂිතයෙකි.

රනිල්ට එරෙහිව ගෙන එන අනෙක් චෝදනා දෙකත් එකිනෙකට පරස්පර විරෝධිය. එක් වරෙක් රනිල් දුර්වලයෙක් කියයි. තවත් වරෙක් රනිල් ඒකාධිපතියෙක් කියයි. අපට ඇති ගැටළුව රනිල් දුර්වලයෙක් නම් ඒකාධිපතියෙකු වන්නේ කෙසේ ද කියා ය.

අපි මේ මොහොතේ ඇත්ත ගැටළුව හඳුනාගත යුතු ය. මේ මොහොතේ අප මුහුණ දෙමින් සිටින්නේ ඉතාමත් බරපතල ආර්ථික අර්බුදයකට ය. ඒ තත්ත්වය විසඳීමේ උපාය මාර්ගික දැනුම සහ ජාත්‍යන්තර සම්බන්ධතා ඇත්තේ කාට දැයි අපි මැනවින් අවබෝධ කරගත යුතු ය.

පාඩු ලබන ශ්‍රී ලංකන්, සිපෙට්කෝ සහ විදුලි බල මණ්ඩලය වැනි ආයතන තවදුරටත් දූෂිත නිලධාරීන්ගේ පාලනයට නතු කර රාජ්‍ය ව්‍යවසායන් ලෙස ඒ බර මහජනතාව මත පටවා තබනවාට වඩා මා මම රනිල්ගේ පෞද්ගලීකරණ ප්‍රතිපත්තියට කැමති ය. ඈත වන්නියේ ජීවත් වන අහිංසක ගොවීන් ශ්‍රී ලංකන් ආයතනයේ පාඩුවට වගකිව යුතුවීමේ සාධාරණත්වයක් මට නොපෙනේ. එක්තරා නිලධාරී පිරිසක් වෙනුවෙන් දිගින් දිගට පාඩු ලබමින් තිබෙන රාජ්‍ය ආයතන අද වන විට මේරටේ උද්ගත වී ඇති ප්‍රශ්නයට වගකිව යුතු බව මගේ හැඟීමයි.

ඒ නිසා මම ඩලස්ගේ මුග්ධ ජාතිකවාදයට වඩා රවනිල්ගේ ජාත්‍යන්තරවාදය ප්‍රිය කරමි. මේ මොහොතේ රට ඇද වැටී ඇති තත්ත්වයෙන් මුදවා ගත හැක්කෙ එවැනි නායකයෙකු ටය.

 

සුනිමල් සිරිමෙවන්

Monday, July 18, 2022

 මවු බිමේ හෙට දවස?

====================


 ජුලී 9 ශ්‍රී ලංකාවේ සිදුවූ කැරැල්ල සාධාරණීකරණය කරන්න මේ දවස්වල බුකියේ ප්‍රබලවම යොදා ගැනෙන සංසිද්ධියක් "ප්‍රංශ විප්ලවය". නැත්නම් "රුසියානු විප්ලවය".


 එයිනුත් සිංහල නැත්නම් ගමනක් බිමනක් ගිහිපු වෙලාවක හදිසියකට  වැසිකිළියකටවත් යාගන්න බැරිවෙච්ච දෙමවුපියන්ගෙ (මෙහෙම කිවුවෙ ඒ අහිංසක දෙමවුපියන්ට අපහාස කරන්න නම් නෙවෙයි.කාටත් හොඳට තේරෙන්න ඕන නිසයි. අනෙක මගේ අම්මයි, තාත්තයිත් ඒ වගේ දෙන්නෙක්) දරුවො වැඩියෙන්ම යොදාගන්නෙ "ප්‍රංශ විප්ලවය". මොකද ප්‍රංශය කියන්නෙ රුසියාවට  වඩා යුරෝපයට බර වගේම ඉංග්‍රිසියටත් බර රටක් කියල මේ කණ්ඩායමේ බහුතරයක් හිතන නිසා. සිංහල රාජ්‍ය භාෂාව කිරීමටත් ඒ හුඟක් 56 දරුවො විරුද්ධයි කියලයි මට හිතෙන්නෙ.


එහෙම  කරන බහුතරයක් පිරිස් වලට අනුව නූතන, දියුණු ප්‍රංශය ගොඩ නැගුනේ "ප්‍රංශ විප්ලවය" නිසා. 


ප්‍රංශ ඉතිහාසය ගැන අබමල් රේණුවක් නොදන්නා, රැළි වලට පහසුවෙන් ගසා ගෙන යන අතිබහුතරයක් එය විශ්වාස කරනවා.


මොකක්ද මේ ප්‍රංශ විප්ලවය ? කියවල තියෙන කෙනෙක් ඉන්නව නම් හිතල බලන්න.


ප්‍රංශ විප්ලවය 1789 වසරේ සිට මධ්‍යතන යුගයේ ප්‍රංශයේ සිදුවූ මේ වගේම දේශපාලනික කැරැල්ලක්.


අද ලංකාවේ  රාජපක්ෂවරුන්ටත් ටිකක් විතර ඉස්සරහින්  එවකට ප්‍රංශය පාලනය කරමින් සිටියේ 16 වැනි ලුවී රජු.


විප්ලවයෙන් පසු  ප්‍රංශ රජ පවුලම අත්අඩංගුවට ගත්තු අරගලකරුවන් රජ පවුල ඝාතනය කළා.


එපමණක් නොවේ,‍රටට එරෙහිවූවන් ලෙස හංවඩු ගසමින්  එවකට ඉඩම් හිමියන් සහ ප්‍රාදේශීය පාලකයන් වූ රදළයන්ද ඝාතනය කළා.


ඒ සඳහා ඔවුන් භාවිතා කළේ ඔවුන්ම සාදා ගත් ගිලටීනය නම් ඝාතක උපකරණයයි. තියුණු තලයක් බෙල්ලට වැට්ටවීම එයින් සිදුවුනා.


ප්‍රංශ විප්ලවයෙන් පස්සෙ ස්ථිර පාලනයක් ඇති කරගන්න විප්ලවකරුවන්ට සහ අරගලකරුවන්ට නොහැකි වුනා.


විප්ලවයෙන් නායකයො බිහි වුනත් රටක් පාලනය කිරීම පිළිබඳ ඔවුන්ට දැනුමක් තිබුනෙ නෑ. රාජ්‍ය යාන්ත්‍රණය හැසිරවීම සහ පරිපාලනය පිළිබඳ දැනුමක් ඔවුන්ට තිබුනේ නෑ. 


ඉඩම් හිමියන් වූ රදළයන්ගේ මැදිහත් වීමත් රටට අහිමි වූ නිසා වගාබිම් පාලුවට ගියා. රටේ ආර්ථිකය බිංදුවටම වැටුනා. දැඩි සාගතයක් ඇති වුනා.


ප්‍රංශ මිනිස්සු මේ කාලයේ කන්න නැතුව දුක් වින්දා.


රජ පවුලේ ඝාතනයෙන් පස්සේ ඇතිවුනේ අරාජික සමයක්. 


මේ අරාජික කාලයේ විප්ලවකාරයො අතර ගැටුම් ඇති වුනා. විප්ලවයේ නායකයො, ක්‍රියාකාරිකයො උන් උන් මරා ගැනීම ආරම්භ කළා.


ප්‍රංශ විප්ලවයේ ප්‍රධාන නායකයෙක් වූ රොබෙස්පෝයර්, සෙසු විප්ලකරුවන් අතින් ගිලටීනයේදීම ඝාතනය කෙරුනා.


රජ පවුල සහ රදළයන් ඝාතනය කිරීමේදි විප්ලවකරුවන් වෙනුවෙන් නීතිපති ලෙස කටයුතු කළ විප්ලවයේ නායකයාත් ඔවුන් විසින්ම ගිලටීනයෙන්ම  මරා දැමුනා.


ප්‍රංශ විප්ලවයේ තවත් කැපී පෙනෙන නායකයෙක් වගේම  රජ පවුල සහ රදළයන් ඝාතනය කිරීමට ගිලටීනයත් හදපු ජෝශෆ් ගිලටීන්, ගිලටීනයෙන් ගැලවුනේ නූලෙන්.


ඒ විදියට විප්ලවකරුවො එකා එකා නැති වෙද්දි කන්න නැතුව, බෙහෙත් නැතුව, බඩගින්නේ දුක් විඳපු මිනිස්සු අවුරුදු ගණනාවක් තිස්සේ රටට නායකයෙක් හෙව්වා. 


රජ පවුල නැති කරත් විප්ලවයෙන්  රටට නායකයෙක් හොයාගන්න බැරිවුණු ඔවුන්ට අවසානයේ නායකයෙක් හමුවුනා.


ඔවුන් එම නායකයා අධිරාජ්‍යයෙක් කරලා කිරුළු පැළැන්දුවා.


එම නායකයා තමයි නැපෝලියන් බොනපාර්ට්. 


පුද්ගලිකව මම මේ ප්‍රංශ විප්ලවය සහ නැපෝලියන් බොනපාර්ට් ගැන කතාකරන්න, ප්‍රංශ විප්ලවයේ රටට හානිකර තත්වයන් ගැන කතාකරන්න අකමැති උනත් සිද්ධියේ යතාර්ථය දැනගත යුතු නිසයි මේ ගැන ලියන්න හිතුවේ.


ඔහු අධිරාජ්‍යයා වශයෙන් බලයට පත් වී ප්‍රංශ විප්ලවයෙන් ඇති වූ අරාජිකත්වය අවසන් කොට යළිත් ප්‍රංශයට සමෘද්ධිය ගෙන ඒමට කටයුතු කළා.


ඔහු තමන්ට පක්ෂපාතී රදළයන් පිරිසක් ඇති කර ඒ ඔස්සේ වගාබිම් සහ හමුදාවන් යළි නඩත්තු කළා. සාගතය අවසන් වුනා.


නැපෝලියන් බොනපාර්ට් ලෝක යුද්ධයෙන් පරාජය වීමෙන් පස්සේ ප්‍රංශ පාලනය යළිත් ලුවී රජ පවුලටම හිමි වුනා.


18 වෙනි ලුවී නැපෝලියන් බොනපාර්ට්ගෙන් පසුව ප්‍රංශයේ රජ වුනා.


ඒ තමයි ‍රටට දැඩි හානියක් සිදු කර පරාජයකින් අවසන් වූ ප්‍රංශ විප්ලවයේ කතාව.


ප්‍රංශ විප්ලවය නිසා ප්‍රංශය දියුණු වූ බව කිසිවෙකුත් කියනවා නම් ඔහු ඉතිහාසය නොදන්නා, ෆේස්බුක් රැලි විශ්වාස කරනා පුද්ගලයෙක්.


මෙහි දෙවැනි සංදර්භය වන රුසියානු විප්ලවයේත් කතාව තරමක් සමානයි.


රුසියානු විප්ලවය රුසියාවට දැඩි තද ඒකාධිපති පාලකයෙක් ගෙන ඒමට පාර කැපුවා. ඒ මිලියන ගණනකගේ ජීවිත බිලිගත් ජෝශෆ් ස්ටාලින්. 


අනෙක් අතට යූරෝපාකරයේ පිහිටි, ලෝකයට දැනුම සොයා ගත් යුරෝපිය ජාතිකයන් සිටින, ලෝකය පුරා යටත් විජිත නඩත්තු කළ රටවල්වලට දියුණු වෙන්න විප්ලව කරන්න ඕන උනේ නැහැ. 


ඒවා දියුණුවුනේ ඒ රටවල මිනිසුන් මුලින්ම ආකල්පමය  වශයෙන් දියුණුවූ නිසා. ඒ රටවල මිනිස්සු මුලින්ම මිනිස්කම් අගය කරන සැබෑ මිනිසුන් වූ නිසා. හැම මුතුවලටම වඩා "එකමුතු" වටින බව තේරුම් ගත්තු නිසා.


කවදාවත් ප්‍රංශය සහ ශ්‍රී ලංකාව සසඳන්න එපා. ජීවත් වන මිනිස්සු, ඔවුන්ගේ දැනුම, සිතුම් පැතුම් ඉදලා භූ දේශපාලනය දක්වා ඒ රටවල් හාත්පසින් වෙනස්.


ප්‍රංශ විප්ලවයේ වුනා වගේ මාළිගා අත් පත් කරගෙන, කඩලා, කුඩු කරාට අපිට ප්‍රංශය වගේ වෙන්නවත්, දියුණු වෙන්නවත් බෑ.


මට හිතෙන හැටියට නම් ඒවායෙන් අපි ලං වෙන්නේ ලිබියාවට, හයිටියට මිසක් ප්‍රංශයට හෝ රුසියාවට නම් නෙවෙයි.


මට බැන්නට කමක් නෑ, මේ ගැන හිතන්න කියලයි මගේ ඉල්ලීම. හැබැයි තීරණ ගැනීමේ පූර්ණ අයිතිය ඔබ සතුමයි.

-මොන්ටේගු සරච්චන්ද්‍ර-

ශ්‍රීලනිප විධායක සභික,

මනෝ විද්‍යා උපදේශක.


පාස්කු ප්‍රහාරයට රනිල් අතගසයි - පරීක්ෂණ ජාත්‍යන්තර පොලිසියකට

 



 

රටෙහි ජාතීන් අතර අසමගිය ඇති කිරීමට තුඩුදුන් සිදුවීමක් වන පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන කඩිනම් කරන බවත් ඒ සම්බන්ධ විමර්ශ මෙහෙයවීමට බ්‍රිතාන්‍යයේ ස්කොට්ලන්ඩ් පොලිසියට භාරදෙනබවත් වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අද(18දා) විශේෂ ප්‍රකාශයක් කරමින් වික්‍රමසිංහ මහතා මේබව සඳහන් කළේය.

ජාතීන් අතර අසමගිය ඇතිකිරීමට තුඩුදෙන ක්‍රියාවන් වැළැක්විය යුතු බවත් මේවනවිට මන්දගාමි තත්වයක පවතින පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන කටයුතු ඉතා කඩිනම් කිරීමට කටයුතු කරන බවද වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

පාස්කු ඉරිදා බොම්බ ප්‍රහාරය පිළිබඳ විමර්ශන කටයුතු අවසන් නොවීම පිළිබඳව ජනතාවට ප්‍රශ්නයක් තිබෙනවා. මේ ප්‍රශ්නය විසඳලා දාන්න මම කැපවෙනවා. හැමදාම අපි මේ ප්‍රශ්නය ඇදගෙන යන්න අවශ්‍ය නැහැ. කොමිසමේ වාර්තාවලට අමතරව තවත් වාර්තා තියෙනවා. මේ නිසා මම කැමතියි යළිත් මේ පිළිබඳව සමාලෝචනයක් කරන්න. යැයිද හෙතෙම වැඩිදුරටත් පැවසිය.