Saturday, September 10, 2022

ගෝලීය දේශපාලනයේ කක්ෂය වෙනස් කළ සැප්තැම්බර් 11 - සහන් තෙන්නකෝන්



ඒ 2001 සැප්තැම්බර් 11, අඟහරුවාදා දිනයයි. සුපුරුදු ලෙසම ඇමෙරිකානු ජනතාව උදෑසන තම රාජකාරි සඳහා පිටත්වීමට ලක ලැහැස්ති වෙමින් සිටියහ. දරුවෝ පාසල්වලට යමින් සිටියහ. එවකට ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ජෝර්ජ් ඩබ්. බුෂ් ද බාලාංශ පාසලක දරුවන් සමඟ කාලය ගතකරමින් සිටියේය. මේ ගතකරන්නේ මුළු මහත් ඇමෙරිකාවේම අඳුරුතම දිනය බව ඔවුන් කිසිවෙකුත් නොදැන සිටියහ.


එකල ලොව පැවති එතරම් ජනප්‍රිය නොවුණු ත්‍රස්තවාදී කණ්ඩායමක් වූ ඔසාමා බින් ලාඩන් ප්‍රමුඛ අල්-කයිඩා සංවිධානය විසින් ඇමෙරිකාවට අයත් බෝයිං 757 වර්ගයේ ගුවන් යානා දෙකක්‌ සහ බෝයිං 767 වර්ගයේ ගුවන් යානා දෙකක් යොදාගෙන මුළු මහත් ඇමෙරිකාව වෙතම ඔවුන් එතෙක් අත්දුටු බිහුසුණුම අත්දැකීම ලබා දීමට කටයුතු කරමින් සිටියහ. සියළු සැලසුම් යථාර්තයක්‌ බවට පත්කරමින් ඇමෙරිකාවේ ආර්ථික සහ ආරක්ෂක මර්මස්ථාන කිහිපයක් ඉලක්ක කරගනිමින් ඔවුන් ප්‍රහාර දියත් කරන්නට විය.


පළමු ප්‍රහාරය එල්ලවූයේ උදෑසන 8.46 ටය. ඒ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ නිවුන් ගොඩනැගිලි අතරින් උතුරු කුළුණ වෙතයි. ඉන් හරියටම මිනිත්තු 17 පසුව දකුණු ගොඩනැගිල්ල ඉලක්ක කර පෙරවරු 9.03ට ප්‍රහාරය එල්ල විය. තෙවන ප්‍රහාරය එල්ල වූයේ "පෙන්ටගනය" ඇමෙරිකා එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුවේ බටහිර කොටසටයි. ඒ පෙරවරු 9.37 පමණය.වාසනාවකට මෙන් සිව්වන ප්‍රහාරය අසාර්ථක වූ අතර එහි ඉල්ලකය වූයේ කැපිටෝල් හිල් ගොඩනැගිල්ල හෝ ධවල මන්දිරය බවට අනුමාන කෙරිණි.


එසේ ඇමෙරිකාව මුහුණ දුන්නේ ඔවුන් මුහුණ දුන් විශාලතම ඛේදවාචකයටයි. ප්‍රහාරය හේතුවෙන් මරණ 2996 වාර්තා වුණු අතර 6000 වැඩි පිරිසක් තුවාල ලැබූහ. ගණනය කළ නොහැකි පාඩුවක් ඇමෙරිකානු ආර්ථිකයට සිදුවිය.ඊටත් වඩා එයින් ගෝලීය දේශපාලන සන්දර්භය තුළ ඇමෙරිකානු ප්‍රතිරූපයට එල්ල වූ විශාල පැල්ලමක් විය.


ප්‍රහාරයෙන් පසුව සුළු වෙලාවකින් ජනාධිපති බුෂ් විසින් ජාතිය අමතන ලදී. ඒ වනවිටත් බුෂ් පරිපාලනයේ දැවැන්තයන් වූ ආරක්ෂක ලේකම් ඩොනල්ඩ් රම්ස්ෆෙල්ඩ්, ජාතික ආරක්ෂක උපදේශිකා කොන්ඩලීසා රයිස් වැනි අයගේ සැනසීම සහමුලින්ම අවසන් වී තිබුණි. ප්‍රහාරය වෙනුවෙන් පිඹුරුපත් සැකසූ තැනැත්තන් දඩයම් කිරීමට වෙනුවෙන් ඔවුන් සැලසුම් සකස් කළෝය. පසුව එම සැලසුම් ලොවට හෙළිකරමින් ත්‍රස්තවාදයට එරෙහිව ගෝලීය යුධ මෙහෙයුමක් ප්‍රකාශ කිරීමට බුෂ් ජනාධිපතිවරයා ක්‍රියා කළේය. එහි පළමු පියවර ලෙස ත්‍රස්තවාදීන් සොයා ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කිරීමට බුෂ් පරිපාලනය පියවර ගත්තේය.


එක් සංවිධානයක ක්‍රියාවක් එලෙස සමස්ථ ගෝලීය භූ දේශපාලනය වෙනස් කිරීමේ පියවර තැබීය. අවසානයේ ජෝර්ජ් ඩබ්. බුෂ් ගෙදර යන තුරුත් ඔසාමා බින් ලාඩන් ඝාතනය කිරීමට නොහැකි විය. ඇෆ්ගන් යුද්ධයද වසර 20 ඇදී ගියේය.කොහෙවත් සිටි සදාම් හුසේන් පෝරකේට ගියේය.රම්ස්ෆෙල්ඩ්ට පිළිකාවක් වැළඳිය. කොන්ඩලීසා සුපුරුදු පරිදි විශ්ව විද්‍යාලයේ සේවයට එක්වූවාය.බුෂ් වෙනුවට බරක් ඔබාමාත් රයිස් වෙනුවට හිලරි ක්ලින්ටනුත් පුටුවල වාඩිවූහ.කාලය විසින් මේ බොහෝ දේ වෙනස් කළත් ඇමෙරිකාවේ පරම ඉලක්කය නොවෙනස්ව පැවතුනි.


බින් ලාඩන්ගේ ඉරණම විසඳෙන්නට පටන් ගන්නේ එතැන් සිටය.ඔබාමා පරිපාලනය විසින් "Operation Neptune Spear " යනුවෙන් මෙහෙයුමක් අරඹන්නේ මේ වෙනුවෙන්මය. දශකයක් පුරාවට ලොව අසහාය බලවතා විසින් හඹා යමින් සිටි අසාර්ථක දඩයම සාර්ථක වන්නේ 2011 මැයි 02 දායි. ඒ ඇමෙරිකානු හමුදා විසින් පාකිස්තානයේ නිවසක් තුළ ඔසාමා බින් ලාඩන් ඝාතනය කිරීමෙනි.එදිනම රාත්‍රියේ ජනාධිපති ඔබාමා විසින් ජාතිය අමතා "යුක්තිය" ඉටුකළ බව ලොවට දැනුම් දුන්නේය.


නමුත් වඩාත්ම සිත්ගන්නා සුළු නිගමනය නම් බින් ලාඩන් විසින් අදින් වසර 21 පෙර සැප්තැම්බර් 11 ප්‍රහාරය නොකරන්නට ඔහු තාමත්, ඇතැම් විට ඇමෙරිකාවේ ආධාර උපකාර සහිතවම ජීවත් වන බවයි. කෙසේ වෙතත් බින් ලාඩන්ගේ සහ ඇමෙරිකාවේ මෙම වියරුව විසින් දශක දෙකක් තිස්සේ මනුෂ්‍ය ජීවිත විශාල සංඛ්‍යාවක් වෙනුවෙන් මරණයේ දොරටු විවෘත කළ අතර එදා සැප්තැම්බර් 11 ප්‍රහාරයේ සිට, වසර 20 ක්‌ ඇදී ගිය ඇෆ්ගන් යුද්ධය, ඉරාක ආක්‍රමණය, සිරියානු යුද්ධය හරහා අරාබි වසන්තයක් දක්වා වූ සිද්ධි දාමයන් තුළ අහිමි වූ දහස් සංඛ්‍යාත ජීවිතවලට යුක්තිය කිසිම දින ඉටුකළ නොහැක.


අවසානයේ අපිට ප්‍රාර්ථනා කළ හැක්කේ බලය වෙනුවෙන් පවතින තණ්හාව සහ සදාකාලික තරඟයේ ගොදුරු බවට පත්වූ සියල්ලන්ටම විමුක්තිය උදා වේවා යන්න පමණකි.


#sahantwrites 

11.09.2022


#September11 #GeorgeWBush #OsamaBinLaden #BarakObama #condoleesarice


ගෝත්‍රිකත්වයෙන් මිදෙමු- සහන් තෙන්නකෝන්




එලිසබෙත් රැජින කලුරිය කළායින් පසුව ඒ වෙනුවෙන් තමන්ගේ ශෝකය ප්‍රකාශ කිරීමට ශ්‍රී ලාංකිකයෝද ඇතුළුව ලොව පුරා විසීරී සිටින ජනතාවගෙන් බොහොමයක් අමතක කළේ නැහැ. එසේ ශෝකය ප්‍රකාශ කරන අතරම දසහිස් රාවණා උතුමන්ගේ අසිරිමත් සිරිලක හෙළ දරු කැල ද වර්ෂ ගණනාවක් තිස්සේ තම යටි හිතේ බුර බුරා නැගෙමින් තිබූ දේශවාත්සල්‍යය ද මේ හා මුසු කිරීමට අමතක නොකළහ.


ඇතැමෙක් යක්ඛයන්ගේ දේශය සූරා කෑම නිසා ඇයට බැණ වැදුණි. තවත් එකෙක් ජාතික කොඩිය අඩුකුඹු කොට පාර්ලිමේන්තුවේ නිශ්ශබ්දතාවයක් පැවැත්වීම වෙනුවෙන් බැණ වැදුණි. තව එකෙක් කිව්වේ මේ ගෑනි අපිව බෙදා වෙන් කළා යනුවෙන් ය.මේ සියළු ආකාරයේ හිච්චි රාවණා ආකෘතියේ මුග්ධ රැඩිකල් ක්‍රියාවන් දෙස බලාසිටීම එක් අතකින් හරිම විනෝදජනකය.


සුද්දාට රට දෙන්නේ මේ රටේ සිංහල බෞද්ධයන්ය. " අඥී අපිට දෙමළ රජෙක් යටතේ ඉන්ඩ බෑ, ඌ බේබද්දෙක් " කියා උඩ පන්සල් දෙකත් එක්ක උඩ පැනගෙන ගොස් බන්දේසියේ තබා සුද්දට රට දුන්නේ අපේ එවුන්මය.ඒ 1815 දීය.


එලිසබෙත් කුමරිය රජ වන්නේ 1952 වසරේ එනම් ශ්‍රී ලංකාව ඩොමීනියන් නිදහස ලබා වසර හතරක ඇවෑමෙන්ය. ඉන් වසර 20 කට පසුව 1972 දී ඒ මැතිණියගෙන් අපේ මැතිණිය කුට්ටියම ඉල්ලා ගත්තාය. අපේ වැඩ අපිටම කරගැනීම වෙනුවෙන් බලය ලබා දී අවුරුදු 50 ක්‌ ගත වී ඇත. කොටින්ම කිව්වොත් මේ රටේ අවුරුදු 50ක්‌ හෙළ යක්ඛ ආණ්ඩු පවතී. සිරිමාගේ පටන් මේ සිටින්නේ නවවෙනි ශ්‍රී ලාංකික රාජ්‍ය නායකයාය.


සුද්දා හදලා දීලා ගියපු රේල් පාරවල් අඟලක්වත් ඉස්සරහට ගිහින් නැත. අධ්‍යාපන ක්‍රමයද එසේමය. පම්පෝරි කෙළියට ඇතැම් දඬුවම් පාවා තවමත් සුද්දගේ දඬුවම්ය. සුද්දා තේ වගාව හඳුන්වා නොදුන්නා නම් අපනයන ආර්ථිකයක් නොවන අතරම ස්වයංපෝෂිතභාවය වැනි මරිමෝඩ රජ කාලේ ආතල් බැලීම හැර වෙනකක් ඉතුරුවන්නේද නැත. එසේනම් සිදුවන්නේ මැටි මුට්ටියකට වතුර බහා වෙලක් මැද තියාගෙන වැස්ස යදින්නය.සුද්දා අපිව බෙදුවා කියලා යට ගිරියෙන් කෑගහන යක්ඛයන් නොදන්නා කරුණ නම් සුද්දා එන්නට පෙර සිටම අපි හල් හත්තට බෙදී සිටි බවයි. සුද්දා අපිව බෙදුවේ භූමියේ පරිපාලන පහසුවට වුවත් අපි මුලින්ම බෙදී සිටියේ මිනිසුන් ලෙසය.


යටත්විජිතකරණය කිසිසේත්ම අනුමත කළ නොහැකි කරුණකි. තවත් රාජ්‍යයක ස්වෛරීභාවය කෙළසීමට කිසිම රටකට අයිතියක් නැත. නමුත් යටත්විජිතකරණයේ ධනාත්මක ප්‍රතිඵල බැහැර කිරීමට නොහැකිය.1972 සිට 2022 දක්වා ගෙවාගත නොහැකි තරම් ණය ගත්තේ එලිසබෙත් නොවේ. රට බංකොලොත් කලේද ඇය නෙවෙයි.ට්‍රිලියන ගණනක ණය බර අපි මේ උදම් අනන පශ්චාත් යටත් විජිත යුගයේ උරුමයයි.


අනික් කරුණ නම් අපි ජනරජයක් වුවත් පොදුරාජ්‍ය මණ්ඩලයේ සාමාජික රටකි. පොදුරාජ්‍ය මණ්ඩලයයේ නායිකාව වූයේ දෙවන එලිසබෙත් මහ රැජිනයි. එබැවින් ඇයගේ මරණය හා සබැඳි රාජ්‍ය තාන්ත්‍රික චාරිත්‍ර වාරිත්‍ර ඉටුකිරීමට අපි බැඳී සිටියි. මහින්දගේ කාලයේ පොදුරද මඬුළු සමුළුව මෙරට පවත්වද්දී  ආසියාවේ ආශ්චර්ය ලෙස හඳුන්වමින් මොර දුන් අපේ උදවිය අද ඒ වෙනුවෙන් කොඩියක් අඩුකුඹු වෙද්දී භූමිතෙල් වැදුණු ගැරඬි මෙන් කුපිත වී දඟලයි.


තවද බ්‍රිතාන්‍ය රජපවුල යනු ලොව පුරා මහත් රසිකයන් පිරිසක් සිටින පවුලකි. ඔබ කඩාෂියන්-ජෙනර් පවුලට ආදරය කරනවා සේම බ්‍රිතාන්‍ය රජපවුලට ආදරය කරන පිරිසක් ද සිටී.එහෙයින් රැජිනගෙ මරණය වෙනුවෙන් ශෝක වෙනවද නැද්ද යන්න යමෙකුගේ පෞද්ගලික කාරණයක්. මෙසේ සිදුවීම පුදුමයට කරුණක් නොවන්නේද බොහෝ කාලයක් ශ්‍රී ලංකික ජනතාව මෝඩ වාමාංශික සංකල්පවලට හුරු වී තිබෙන පසුබිමක්‌ ඇති නිසයි.


පෙබරවාරි 04 නිදහස් දවසට වීසා නැතුව එංගලන්තේ යන්න තිබුණු අවස්ථාව නැතිවෙලා අවුරුදු අච්චරයි මෙච්චරයි කියලා වැළලෙන උදවියගේ ද වෙස් පෙරළි ඇත. අරගල කරල වැඩක් නෑ ඉක්මනට පාස්පෝට් එකක් හදන් පාර අතුගාන්න හරි කමක් නෑ රට යමු කිව්ව අයත් දැන් පෙනෙන්න නැත. හැමදාම අපිට වැරදෙන්නේ මේ on the spot චූන් නිසාය. එය හෙට කියා වෙනසක් නැත.


තවත් ඉතාම වැදගත් කරුණක් මෙහි ලියන්නට අවශ්‍යය. එනම් ඉතිහාසය සියයට සියයක් සත්‍යය නොපවසයි. එයද රචනාවකි. වෙනස ඇත්තේ එය රචනා කරන්නේ එකිනෙකට වෙනස් මිනිසුන් දහස් ගණනකි. ඒ එකිනෙකට වෙනස් යුගවලදීයි.වෙනත් රටවල් ඉතිහාසයෙන් පාඩම් උගෙන ගනියි. මෙහෙ එසේ සිදු නොවෙයි.එබැවින් ඉතිහාසය මත යැපීමම අපේ මිනිසුන්ගේ අවස්ථාවාදයේ තවත් කොටසකි.


#sahantwrites 

10.09.2022


වැටෙන් එහා 04


https://m.facebook.com/story.php?story_fbid=456864796259998&id=100058094447735

Thursday, September 1, 2022

සිරිසේන හිටලර්ට අඳීයි - ශ්‍රීලනිපය කම්මුතුයි

 



ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ඔනෑම සාමාජිකයෙක් ඉවත් කිරීමේ බලය පක්ෂයේ සභාපතිවරයාට ලැබෙන පරිදි පක්ෂ ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කිරීමත් සමග ඔහුට පක්ෂ අභ්‍යන්තරයේ දැවැන්ත විරෝධයක් එල්ල වෙමින් තිබේ.

මෙම ව්‍යවස්ථා සංශෝධනයට ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම දැඩි ලෙස විරුද්ධවී ඇති අතර සිරිසේන මහතාට හිතවත් පිරිසක් පමණක් ඒ සඳහා පක්ෂ වී තිබේ.

පක්ෂ ව්‍යවස්ථාවට මෙලෙස සංශෝධන එකතුකරන බවට පෙර දැනුම්දීම් නොකර මධ්‍යම කාරක සභාව කැදවා ඇති අතර එහිදී මේබව දැනුමදී තිබේ. ඒ අවස්ථාවේදී මධ්‍යම කාරක සභාවේ විශාල පිරිසක් එයට විරුද්ධවී ඇති බවද වාර්තාවේ.

පක්ෂයේ සභාපති ඒකාධිපති බලය නිර්මාණය කරගත් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම එයට විරුද්ධ බවත් නිමල් සිරිපාලද සිල්වා ඇතුළු මන්ත්‍රීවරු රැසක් ඊයේ(01) පැවසුහ.

සර්ව පාක්ෂික ආණ්ඩුවේ අමාත්‍යධුරයන් ගැනීම වැළක්වීමට සභාපතිවරය මෙලෙස හිතුමතේ කටයුතු කරන බවද නව පක්ෂ ව්‍යවස්ථා සංශෝධනයෙන් උප සභාපතිවරුන් 14 ක් පත් කිරීමටත් උපලේකම්වරුන් 08 ආදී නිලධාරීන් 40 ක් පත්කිරීමට යෝජනා කර ඇති බවද , පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා අදහස් දක්වමින් පැවසීය.

පක්ෂයේ ව්‍යවස්ථාව සංශෝධනය කරන්නේනම් එය සමස්ත ලංකා කාරක සභාව වෙත යොමුකර සංශෝධනය කළ යුතු අතර එසේනොකරන්නේනම් විශේෂ කාරක සභාවක් රැස්කර එය සිදුකළ යුතුය. විශේෂ කාරක සභාවක් රැස්කිරීමේදී අදාළ කාරණය දැනුම්දී සාමාජිකයින් කැදවිය යුතු අතර මෙහිදී ඒ කිසිවක් සිදුවී නොමැති බව ශ්‍රිලනිප පාර්ලිමේන්තු කණ්ඩායම සඳහන් කරයි. අවශ්‍යනම් මේ සඳහා නිතිමය ක්‍රියාමාර්ග ගතහැකි බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේය. පක්ෂ සභාපති සිරිසේන මහතාගේ මෙම තීරණය සමග පක්ෂය යළිත් දෙකඩ වීමේ අර්බුධයක් ඇතිවී තිබේ.

 

උද්දමනය තුන්ගුණයකින් වැඩිවෙලා




 රුපියල් හැට තුන් දහසක් ලෙස පැවති ශ්‍රී ලංකාවේ සාමාන්‍ය පවුලක 2019 වර්ෂයේ මාසික පරිභෝජන වියදම (ආහාර ඇතුළු විවිධ භාණ්ඩ සඳහා වැය කරන මුදල) උද්ධමනකාරී තත්ත්වය හේතුවෙන් අද ​ෙවනවිට රුපියල් එක් ලක්ෂ දස දහස දක්වා රුපියල් 47,000කින් පමණ ඉහළ ගොස් ඇතැයි විශේෂ අධ්‍යයනයකින් පෙනීගිය බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා  පැවැසීය.   

රුපියල් දාහතර දහස් පන්සියයක් (14,500ක්) ලෙස පැවති මෙරට අන්ත දුගී පවුලක 2019 වර්ෂයේ මාසික පාරිභෝජන වියදම උද්ධමනකාරී තත්ත්වය හේතුවෙන් අද ​ෙවනවිට රුපියල් විසිපන් දහස් පන්සියයක් (25,500) දක්වා රුපියල් එකොළොස් දහසකින් (11,000) පමණ වැඩි වී ඇතැයි පවසන මහාචාර්යවරයා මෙම දුගී පවුල් සමාජයට ලක්ෂ 21ක ජනගහනයක් ඇතුළත් වන බව ද සඳහන් කළේය.   


රුපියල් එක්ලක්ෂ අනූ අට දහසක් ලෙස පැවැති මෙරට ඉහළ ආදායම් ලබන පවුලක 2019 වර්ෂයේ මාසික වියදම උද්ධමනකාරී තත්ත්වය හේතුවෙන් මේ ​ෙවනවිට රුපියල් තුන්ලක්ෂ හතළිස් පන්දහසක් දක්වා රුපියල් එක්ලක්ෂ හතළිස් දහසකින් වැඩිවී ඇතැයි ඔහු පෙන්වා දුන්නේය.   


එම ඉහළ ආදායම් ලබන පිරිසට ලක්ෂ 20ක ජනගහනයක් ඇතුළත් ​ෙවන බව ද වසන්ත අතුකෝරළ මහතා කීවේය.   


එසේම රුපියල් හතළිස් අට දහසක් ලෙස පැවැති මෙරට මැදි ආදායම් ලබන පවුලක මාසික වියදම උද්ධමනකාරී තත්ත්වය හේතුවෙන් මේ ​ෙවනවිට රුපියල් අසූතුන් දහසක් දක්වා රුපියල් තිස් පන්දහසකින් වැඩි වී ඇති බව එම අධ්‍යයනයේදී පෙනීගියේ යැයිද මහාචාර්යවරයා පැවැසීය.

 -‘ඉරිදා ලංකාදීප’

Wednesday, August 31, 2022

කසල වලින් මුදල් මවන කුලියාපිටිය නගර සභාව

 




ශ්‍රී ලංකාව තවමත් කසල කළමණාකරනය නිවැරදිව සිදුකිරීමට යොමුවී නොමැත . එලෙස යොමු නොවීමේ වරද ජනතාව සහ පාලකයන් යන දෙකොට්ඨාශයටම අදාල වන අතර නිවැරදි කසල කළමණාකරනයකට යොමුවන්නේනම් කසල යනු මහා ගැටළුවන් නොව ආදායම් උපයන සම්පතක් කරගැනීමට හැකිවේ.
විශේෂයෙන්ම ශ්‍රීලංකාවේ තෙත්බිම් ආශ්‍රිතව , ජලාශ ආශ්‍රිතව වැඩිවශයෙන් කසල බැහැර කිරීම් දක්නට ලැබෙන අතර මේවනවිට ලංකාව පුරා කසල කදු 200 වැඩි ප්‍රමාණයක් නිර්මාණය වී තිබේ. මෙම කසල කදු අවසන් කරනවා වෙනුවට දවසින් දවස එම කසල කදු වර්ධනය වීම දක්නට ලැබීම කණගාටුවට කරුණකි.



නිවැරදි කසල කළමණාකරන ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේනම් මෙම ප්‍රශ්නය සැබැවින්ම විසදාගැනීමට පහසු ප්‍රශ්නයකි. කසල ආදායමක් බවට පත්කරගනිමින් එයින් ලාබ ලබන රටවල් රැසක් ලෝකයේ ඇත. එම රටවල් ආදර්ශයට ගනිමින් ශ්‍රී ලංකාවද මේවනවිට  ව්‍යාපෘති කිහිපයක් සිදුකර ඇති අතර ඒවායින් ඇතැම් ඒවා සාර්ථක වී තිබේ.

කුලියපිටිය නගර සභාව ද ඒ අතරින් එක් ව්‍යාපෘතියකි.  එම නගර සභාව කසල කළමණාකරනය ව්‍යපෘතියක් දීර්ඝ කාලයක් පුරාවට සාර්ථකව සිදුකරමින් පවති.

කුලියාපිටිය නගර සභාවට අයත් මීගහකොටුව වසමේ කනදුල්ල ප්‍රදේශයේ අක්කර 06 ක පමණ භුමි ප්‍රමාණයක පරිසර සංරක්ෂණ සහ කාබනික පොහොර මධ්‍යස්ථානය නමින් මෙම කසල කළමණාකරන ව්‍යාපෘතිය 2009 වර්ෂයේදී ආරම්භකර ඇත.



 කුලියාපිටිය නගර බල ප්‍රදේශය ආවරණය වන පරිදි ප්‍රදේශයේ එකතුවන කසල යොදාගනිමින් මෙම ව්‍යෘපාතිය සිදුකරන අතර මේවනවිට දෛනික කසල එකතුකිරීම කාලසටහනකට අනුව සිදුකිරීම විශේෂත්වයකි. ආරම්භයේදී මෙන් නොව මේ වනවිට කසල එක් කිරීමේදී කසල වර්ගීකරණය කර ලබාගැනීමට කුලියාපිටිය නගර සභාව කටයුතු කරන අතර පොදු ස්ථානවල කසල බැහැර කිරීමට වර්ගීකරණය කරන ලද කසල බඳුන් තබා තිබීම ද විශෙෂත්වයකි. එමගින් නගරයේ තැනින් තැන කසල විසිකිරීම වළැක්වීමට එය සාර්ථක පිළියමක් වී තිබේ.

කුලියාපිටිය නගර සීමා බල ප්‍රදේශය තුළ ජනනය වන කසල ප්‍රමාණය වාර්ෂික වැඩිවීමක් පෙන්නුම්කරන අතර එසේ උවද මෙම කළමණාකරණ මධ්‍යස්ථානය මගින් සාර්ථකව කසල කළමණාකරනය කරගැනීමට හැකිවී ඇතැයි නගර සභාව සඳහන් කළේය. පසුගිය වර්ෂ වල ජනනය වී ඇති කසල ප්‍රමාණය  (ටෙන් වලින් ) මෙසේය

වර්ෂය

2019

2020

2021

දිරන කසල

4.9

5.505

5.505

ප්ලාස්ටික්

0.0522

0.0336

0.0336

කඩදාසි

0.4456

0.389

0.389

වීදුරු

0.0322

0.0310

0.0310

වෙනත්

1.57

0.963

0.963

 

කසල එකතුකිරීමේ දත්ත වලට අනුව කුලියාපිටිය නගර සභා බල ප්‍රදේශය තුළ දෛනිකව දිරන කසල මෙට්‍රික්ටොන් 5.5 ක් පමණ සහ නොදිරන කසල මෙට්‍රික් ටොන් 1.41 පමණ මේවනවිට එකතුවන බව නගර සභාව සඳහන් කරයි. වර්ෂ කිහිපයක කසල එකතුවී ඇති ප්‍රමාණය එකම අගයක් ගෙන ඇත්තේ මන්ද යනන පිළිබඳව විමසීමේදී නගර සභාව සඳහන් කළේ කසල එක්වන ප්‍රමාණය එලෙස වී ඇති බවයි.



 මෙලෙස එකතුවන කසල වලින් වෙන්කිරීමෙන් පසුව දිරන කසල මෙම කසල කළමණාකරන මධ්‍යස්ථානය යටතේ කොම්පොස් පොහොර නිෂ්පාදන ක්‍රියාවලියට යොමුකරන අතර එමගින් කොම්පෝස්ට් පොහොර නිපදවීම සිදුකරයි. මෙලෙස නිපදවන පොහොර ලුණුවිල පොල් පර්යේෂණ ආයතනය මගින් තත්ව පරීක්ෂාවට ලක්කරන අතර පසුව සාධාරණ මිල ගණන් යටතේ ජනතාවට අලෙවි කිරීම කරන බවද නගර සභාව සඳහන් කළේය. ඒ අනුව මේවනවිට කොම්පෝස්ට් පොහොර කිලෝග්රූම් එකක් රුපියල් 15 ට නගර සභාව විසින් අලෙවි කරයි.



මෙලෙස පොහොර අලෙවිකිරීම හරහා ද නගර සභාවට ආදායම් උත්පාදන මාර්ගයක් නිර්මාණය වී ඇති බව නගර සභාවේ ලේකම්වරයා සඳහන් කළේය. ඒ අනුව පොහොර අලෙවි කිරීමෙන් 2018 වර්ෂයේ රුපියල් 443720.00 ක් , 2019 වර්ෂයේ 909130.00 ක මුදලක්ද ලබාගෙන ඇත.  2020 වර්ෂයේ 1874000.00 මුදලක්ද එමෙන්ම 2021 වර්ෂයේ 1845600.00 ක මුදලක් ද ලබාගැනීමට නගර සභාවට හැකියාව ලැබී ඇත.

මේ අතර නගර සභා බල ප්‍රදේශය තුළ ඉවත දමන ප්ලාස්ටික් බෝතල් දැමීම සඳහා පමණක් ස්ථාන 14 ක වෙනම බදුන් තබා ඇති අතර නොදිරන කසල ප්‍රතිචක්‍රීකරණය සඳහා යොමුකිරීමද නගර සභාව මගින් සිදුකරයි. ඒ අනුව ප්‍රතිචක්‍රීකරණ ද්‍රව්‍ය විකිණීම හරහා 2019 වර්ෂයේ රුපියල් 45300.00 ක ආදායමක් , 2020 වර්ෂයේ රුපියල් 50250.00 ක ආදායමක් මෙන්ම 2021 වර්ෂයේ  173035.00 ක ආදායමක් නගර සභාව ලබාගෙන තිබේ.

නොදිරන පොලිතින් පුත්තලම සිමෙන්ති කම්හලට යොමුකර විනාශ කිරීම සිදුකරන අතර 2020 වර්ෂයේදී පොලිතින් කිලෝග්රූම් 30240 ක් 2021 වර්ෂයේ පොලිතින් කිලෝග්රූම් 77160 ක් ඒ වෙත යොමුකර ඇත.

නගර තුළ කසල කළමණාකරනය මනාව සිදුකිරීම මෙන්ම කසල කළමණාකරන මධ්‍යස්ථානය නිසි පරිදි පත්වාගෙන යාම හේතුවෙන කුලියාපිටිය නගර සභාව සම්මානයට පාත්‍රවී ඇති අතර 2016 වසරේදී හොදම ඝන අපද්‍රව්‍ය කළමණාකරන ව්‍යාපෘතියට හිමි සම්මානය , 2016  ජනාධිපති පරිසර සම්මාන රීදි සම්මානය ,  2017 වර්ෂයේ සහ 2018 වර්ෂයේ හොදම ඝන අපද්‍රව්‍ය කළමණාකරණ ව්‍යාපෘතිය සඳහා වන පළමු ස්ථානය හිමිකර ගැනීමටද කුලියාපිටිය නගර සභාව සමත්ව ඇත. 2019 වර්ෂයේ ජනාධිපති පරිසර සම්මාන රීදී සම්මානය ද කුලියාපිටින නගර සභාව හිමිකරගෙන තිබේ.



ඝනඅපද්‍රව්‍ය කළමණාකරන මධ්‍යස්ථානයේ සිදුකරන ක්‍රියාවලිය සම්බන්ධයෙන් නගර සභාවේ සභාපති ඒ.එම් ලක්ෂ්මන් අධිකාරී මහතා සහ නාගරික ලේකම් එච්.එම්.පී.කේ හේරත් මහතා ප්‍රමුඛ වැඩ අධිකාරී, මහජන සෞඛ්‍ය පරීක්ෂක , ඝන අපද්‍රව්‍ය කළමණාකරන නිලධාරී ඇතුළු කණ්ඩායමේ දිනපතා අධික්ෂණයට ලක්වේ. එමෙන්ම මෙම කසල කළමණාකරන ව්‍යාපෘතිය පළාත්පාලන හා පළාත් සභා අමාත්‍යාංශයේ , ජාතික ඝන අපද්‍රව්‍ය කළමණාකරණ සහායක මධ්‍යස්ථානයේ සහ මධ්‍යම පරිසර අධිකාරියේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වෙමින් පවතී.

මෙරට කසල සම්බන්ධ වගකීම නීතිමගින්ම පළාත් පාලන ආයතන වෙත පවරා තිබුණද නිසිඅයුරින් කසල කළමණාකරණය වීම් සිදුවන්නේ ඉතා අල්ප වශයෙනි. ඒබැවින් මෙවැනි සාර්ථක ව්‍යාපෘති ආදර්ශයට ගනිමින්  කසල බැහැර කිරීමට නිවැරදි ජාතික ප්‍රතිපත්ති හදුන්වාදී අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට මෙන්ම කසල බැහැර කිරීම නිසිපරදි  සිදුකිරීමට නිතිරීති හදුන්වාදීමත් යුගයේ අවශ්‍යතාවයක් වී තිබේ . මහජන මුදල් නිසිලෙස භාවිත කරමින් ඔවුන්ගේ ප්‍රශ්නවලට විසදුම් ලබාදීමට මෙන්ම අනාගතය සඳහා පරිසරය රැකගැනීමට කසල කදු නැතිකිරීමට මෙවැනි ව්‍යෘපෘති තවතවත් සාර්ථකව දියත් කිරීමේ කාලය එළැඹ ඇත.

-        - චාමර සම්පත්


Monday, August 29, 2022

බලහත්කාරයෙන් අතුරුදහන් කරවීමෙන් ගොදුරු බවට පත්වූවන්ගේ ජාත්‍යන්තර දිනය: ''මම මැරෙන්න කලින් මගේ පුතාලා එන්න ඕනා''

 




අතුරුදහන් වූ පුතුන් දෙදෙනාගේ මුහුණු තමන් මිය යෑමට පෙර දැකීම එකම සිහිනය බව වවුනියාවේ ජීවත්වෙන අන්නලක්ෂ්මි  පැවසුවාය.

අතුරුදහන්වූවන් සොයා දෙන්නැයි ඉල්ලා දින 2000කට වැඩි කාලයක සිට වවුනියාවේ පැවැත්වෙන අඛණ්ඩ උපවාසයට ද ඇය ආරම්භයේ පටන් එක්ව සිටින්නීය.

ශ්‍රී ලංකාවේ බලයට පත්වෙන පුද්ගලයන් විසින් අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ව දිගින් දිගටම රැවටීමට ලක්කර ඇති නිසා ජාත්‍යන්තර මැදිහත්වීමකින් පිළිසරණක් අපේක්ෂා කරන බව ඇය වැඩිදුරත් පැවසුවාය.

අතුරුදහන්වූවන්ගේ දෙමාපිය සංගමයේ ලේකම් රාජ්කුමාර් පවසන්නේ උපවාස අතරතුර උතුරු නැගෙනහිර මවුවරු 120ක් පමණ මියගිය බවයි.

මේ අතර බලහත්කාරයෙන් අතුරුදහන් කරවීමෙන් ගොදුරු බවට පත්වූවන්ගේ ජාත්‍යන්තර දිනය, අගෝස්තු 30 වන දින එනම් අදට යෙදී තිබේ.

ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පෙන්වාදෙන ආකාරයට ශ්‍රී ලංකාව බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම් වැඩිම රටවල් අතරින් 2වැනි ස්ථානයේ පසුවෙයි.

1992 දෙසැම්බර් 18 වැනි දින 47/133 දරන යෝජනාවෙන් එක්සත් ජාතින් විසින් සියලුම රාජ්‍යයන් සඳහා වූ ප්‍රතිපත්ති මාලාවක් ලෙස එහි මහා සභාව විසින් ප්‍රකාශයට පත් කරන ලද බලහත්කාර අතුරුදහන්වීම්වලින් සියලු පුද්ගලයන් ආරක්ෂා කිරීම පිළිබඳ යෝජනාවලිය ප්‍රකාශනයට පත් කොට තිබේ.

ඒ අනුව එය බරපතල මානව හිමිකම් උල්ලංඝණයක් ලෙස හැඳින්වේ.


- BBC