Sunday, November 20, 2022

ශ්‍රී ලංකාවේ සෞඛ්‍යයට සහය ලබාදීමට“MIKTA” රටවල් සූදානම

 


 

ශ්‍රී ලංකාවේ සෞඛ්‍යයට සහය ලබාදීමට“MIKTA”  රටවල් කැමැත්ත පළකර තිබේ.  මෙක්සිකෝව, ඉන්දුනීසියාව, කොරියාව, තුර්කිය සහ ඔස්ට්‍රේලියාව යන රටවල් වලින් සැදුම්ලත් මික්ටා “MIKTA” සංවිධානය ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ විශේෂ බහුපාර්ශවීය හමුවක් කොළඹදී පැවැත්විය.

ලෝකය මුහුණ දෙන මූලික ගැටලු සාකච්ඡා කරමින් ඒ වෙනුවෙන් පෙනී සිටීමට මික්ටා “MIKTA”සංවිධානය පිහිටුවා ගෙන ඇති අතර මෙවර ගෝලීය වශයෙන් මුහුණ දෙන සෞඛ්‍ය තත්ත්වයන් හා එහි ගැටලු පිළිබඳව මේ තුළ  සාකච්ඡා කෙරේ.

ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති සන්තුෂ් වූන්ජින් ජියෝං (Santhush Woonjin JEONG) මහතාගේ ආරාධනයෙන් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මෙම අවස්ථාවට එක්ව සිටියේය.  ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මූලික අවශ්‍යතා වෙනුවෙන් සහයෝගය ලබා දීමටත්,ඒ වෙනුවෙන් පෙනී සිටීමටත් මේ සඳහා එක් වූ මික්ටා “MIKTA”  සංවිධානයේ නියෝජිතවරු එකඟතාවය පළ කළහ.

විශේෂයෙන් කොවිඩ් ව්‍යසනයේදී එම රටවල් ශ්‍රී ලංකාව කෙරෙහි දැක්වූ ඉහළ දායකත්වයට සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රසාදය පළ කළ අතර ගෝලීය ව්‍යසනය සාර්ථකව පාලනය කිරීම පිළිබඳව ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට එම නියෝජිතයින් ඉහළ ප්‍රසාදය පළ කළහ.

ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපති දේවි ගස්ටිනා ටෝබිං ( Dewi Gustina Tobing),ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති දිමෙත් සිකර්සෝග්ලු  (Demet Sekercioglu),ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටෙෆන්ස් (Paul Stephens) ශ්‍රී ලංකාවේ මෙක්සිකානු කොන්සල් ජනරාල් මොහාන් පණ්ඩිතගේ යන මහත්වරුන්ද, එම රටවල නියෝජිතයින් පිරිසක් හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන් මේ අවස්ථාව සඳහා එක්ව සිටියහ.

Friday, November 18, 2022

ආයෙත් රටේ පාලනය සුද්දන්ට භාරදෙමු

 


මෙරට පාර්ලිම්න්තුව මන්ත්‍රීවරුන් ඇතුළු සියලු යළිත් වරක් විදේශිකයින්ට භාරදීමෙන් රට දියුණුවනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා අද(18දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

එලෙස යලිත් ලංකාව විදෙස් රටක පාලනයට ලක්උවහොත් නිදහස අහිමිඋවද දුෂණයෙන් තොර පාලනයක් ඇතිවෙනු ඇති බවද ඩොලරය සහ රුපියල එකට සමාන වනු ඇති බවද ෆොන්සේකා මහතා පැවසීය.

රාජ්‍ය සම්පත් පෞද්ගලීකරණය කර විදෙස් ජාතීන්ට විකුණනවානම් පාර්ලිමෙන්තුව ඇතුළු රටම විදෙස් ජාතීන්ට විකිණීම කළ හැකි බවද හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය

 

Thursday, November 17, 2022

ආර්ථිකය ගොඩ ගන්නනම් රජය ව්‍යාපාර වලින් ඉවත්විය යුතුයි

 

රටේ ආර්ථිකය ගොඩ ගැනීමට නම් රජය ව්‍යාපාර කිරීමෙන් වහාම ඉවත්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සඳහන් කළේය.

රාජ්‍ය සම්පත් යැයි කියා ගනිමින් රජය ව්‍යාපාර බදාගැනීම මගින් දිගින් දිගටම සිදුවන්නේ විශාල වශයෙන් පාඩු සිදුවීම බවද හෙතෙම පෙන්වා දුන්නේය. එබැවින් ව්‍යාපාර සිදුකිරීම පෞද්ගලික අංශ වෙත පවරා නිවැරදි බදු කරණයක් මගින් රාජ්‍ය පවත්වාගෙන යාම සිදුකළ යුතු බවද මන්ත්‍රීවරයා කීවේය.

එමෙන්ම රටට පැහැදිලි ආර්ථික ප්‍රතිපත්තියක් අවශ්‍ය බවත් එම ආර්ථික ප්‍රතිපත්තිය වෙනුවෙන් පක්ෂ විපක්ෂ සියලුදෙනා සිටගත යුතු බවද පෙන්වා දුන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කීවේය. එකට එක්වී ආර්ථිකය ගොඩදමමින් වෙන වෙනම දේශපාලනය කිරීමට දැන්වත් සියලුදෙනා සුදානම් විය යුතු බවද වජිර අබේවර්ධන මන්ත්‍රීවරයා වැඩිදුරටත් කීවේය.




මන්ද පෝෂණය මැඩලීමට - චන්ද්‍රිකා නායකත්වය ගනියි

ජනාධිපති ලේකම් කාර්‍යාලය සහ සිවිල් සමාජ සංවිධාන හා ඒකාබද්ධ කරගෙන  දරුවන්ගේ මන්ද පෝෂණය මැඩලීමට යාන්ත්‍රණයක් නිරමාණය කිරීම හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය විසින් අරඹා තිබේ. එහි දෙවන රැස්වීම පෙරේදා (16) පැවති ඒ පිළිබඳ ඇයගේ කාර්‍යාලය නිවේදනයක් නිකුත් කර තිබේ. එය මෙසේය. -:

"






ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සඳහා වූ ජාතික ඒකාබද්ධ යාන්ත්‍රණයේ දෙවන රැස්වීම 2022 නොවැම්බර් 16 වන දින හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියගේ සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ ආහාර සුරක්ෂිතතා අංශයේ ජනාධිපති අතිරේක ලේකම් චාන්දනී විජේවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි. එම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් එම්.එන් රණසිංහ මහතා ද හිටපු අධ්‍යාපන ලේකම් වෛද්‍ය ටාරා ද මෙල් මහත්මිය ද දැනට පාසල් දරුවන්ට දිවා ආහාරය ලබා දීමේ නියුතු අවායා සංවිධානයේ විජිත නානායක්කාර සහ මේ වන විට පාසල් සිසුන්ට ආහාර ලබා දෙන සිවිල් සංවිධාන නියෝජිතයන් පිරිසක් ද සහභාගී වූහ.

වර්තමානයේ දරුවන් අතර පවතින මන්දපෝෂණය පිළිබඳ ගැටලුවට පිළියම් යෙදීමේ අවශ්‍යතාව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය අවධාරණය කළාය. රටවල් 200ක් අතරින් දරුණුම මන්දපෝෂණය පවතින රටවල් දහය අතරට ශ්‍රී ලංකාව මේ වන විට ඇතුළත්ව ඇති බවත් අවුරුදු පහට අඩු දරුවන්ගෙන් 20%කට අධික ප්‍රමාණයක් දැඩි මන්දපෝෂණ තත්ත්වයෙන් පෙළෙන බවත් ඇය මෙහිදී පෙන්වා දුන්නාය.

-         කිරි, බිත්තර සහ එළවළු නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා ක්‍රියාකාරී සැලසුම් කඩිනම් කිරීම.

-         විදේශ ආධාර මත අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන දරුවන්ට දිවා ආහාරය ලබාදීමේ වැඩසටහන විධිමත් කිරීම.

-         ආහාර සැපයීමේදී සිවිල් සංවිධානවල දායකත්වය පුළුල් ලෙස ලබා ගත හැකි ආකාරය.

යන කරුණු පිළිබද සාකච්ඡා වූ අතර එය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට   තීරණය විය.

රජයේ පාර්ශ්වකරුවකු ලෙස නොව සිවිල් සමාජ නායකයින් සමග නිස්සරණාධ්‍යාශයෙන් මේ වැඩසටහන සාර්ථක කර ගැනීම සදහා කැප වන බව ඇය අවධාරණය කළා ය.


2023 අයවැය සාරාංශ

 

2023 වර්ෂය සඳහා රජයේ අයවැය ලේඛණය සඳහා ජනාධිපති කාර්යාලය විසින් අයවැය සාරාංශයක් ඉදිරිපත් කර ඇත. අයවැය පිළිබද තේරැම් ගැනීමට එය වඩාත් පහසු වනු ඇත. රජයේ අයවැය ලේඛණය පසුගියදා ජනාධිපති මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.










Wednesday, November 16, 2022

උපන්දිනය සමරන්න ලංකාවට ආව ජනාධිපති






දකුණු අප්‍රිකාණු ජනාධිපති සිරිල් රම්පෝසා මහතාගේ 70 වැනි උපන්දිය ශ්‍රීලංකාවේදී සැමරීය.  විදෙස් සංචාරයකට එක්ව නැවත සිය රටට යන අතර තුරදී ශ්‍රී ලංකාවට පැමිණි රම්පෝසා මහතා කටුණායකදී උපන්දින සැමරුම් අවස්ථාවට එක්විය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද එම අවස්ථාවට එක්විය.
Visiting South African President Cyril Ramaphosa celebrated his 70th Birthday at the SLAF base, Katunayake yesterday during his short visit to the island. President Ranil Wickremesinghe joined in the celebration