Monday, January 2, 2023

බස් එළවන එක රටේ ජනාධිපතිවීමට සුදුසුකමක් නෙවෙයි - ෆොන්සේකා සජිට කියයි

 


බස් පැදවීමෙන් හෝ බස් ගිණි තැබීමෙන් කිසිවෙකුට රටේ නායකයෙකු වීමට නොහැකි බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ්මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.

අද(02දා) පැවති උත්සවයකට ඒක්වෙමින්

“බස් එළවන එක රටේ ජනාධිපතිවීමට සුදුසුකමක් නෙවෙයි”  යැයි සරත් ෆොන්සේකා මහතා කීවේය.

බස් රථයක් පරිත්‍යාගකර ඇතැමෙක් යම් තෘප්තියක් ලබනවා වෙන්නට පුළුවන්. ඒසේ උවද බස් පැදවීමෙන් හෝ බස් ගිනි තැබීමෙන් රටේ නායකයෙකු විය නොහැකි බවද හෙතෙම කීවේය.

“රටේ දේශපාලනය සංස්කෘතිය අනුව මෙහෙම දේවල් වෙනවා. කොහොම උනත් මගේ පුද්ගලික අදහස නම් රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් විය යුතුයි” යැයිද ෆොන්සේකා මහතා වැඩිදුරටත් කීවේය.

 

මේඅතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය මාසය තුළ පාසල් කිහිපයකටම බස්රථ පරිත්‍යාගය සිදුකළ අතර එම අවස්ථාවලදී ඔහු එම බස්රථය පදවමින් අවට සිටින පුද්ගලයින්ට ආචාර කරමින් පැමිණීම සෑම අවස්ථාවකදීම දැකගත හැකි විය.





Sunday, January 1, 2023

අපි හැමෝම වැඩියෙන්ම වැඩ කළ යුතු වර්ෂයක්

 
රට සම්පුර්ණයෙන්ම සාමාන්‍ය තත්වයකට පත්කිරීමට සියලුදෙනා වැඩියෙන්ම වැඩ කළ යුතු වර්ෂය 2023 වර්ෂය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

නව වසරේ වැඩ ආරම්භකමින් ජනාධිපති කාර්යාලයේ සේවකයින් අමතමින් අද(02දා) උදෑසන ජනාධිපතිවරයා මේබව කීවේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා මෙසේද පැවසීය,

“මාස 05 ක් තුළ රට සාමාන්‍ය බවට හරවන්න අපි පියවර ගත්තා. 2023 වර්ෂය තමා වැදගත්ම වර්ෂය. රට ණය උගුලෙන් බේරාගෙන ණය ප්‍රතිව්‍යුහ ගතකරලා වැඩ කරන්න තියෙන්නේ මේ වර්ෂයේ. ඒ් වගේම රටේ මුලික ප්‍රතිපත්ති මාලාව ක්‍රියාත්මක කරන්න හැමෝම බැදලා ඉන්නවා. ආණ්ඩුව ඒක ප්‍රතිපතිත් මාළාවකට අනුව කටයුතු කරන්නේ. ඒ්ව‌ගේම මම කියන්න කැමතියි තමන්ගේ වැඩ දවසේ පැය 08  ට සතියේ දවස් 05 ට සීමා වෙන්නේ නැහැ. අපි සියලු දෙනා කැපවෙලා වැඩ කරමු.  2023 වනවිට රට සාමාන්‍ය තත්වයක් බවට පත්කරමු.” යැයි ජනාධිපතිවරයා පැවසීය.

 



Friday, December 30, 2022

මෝදි මැතිණියගේ අහාවය පිළිබඳ ශ්‍රී ලංකා මහාබෝධි සංගමය ශෝකය පළ කරයි

 ලෝවට මහා ආදර්ශමත් උත්තම පුරුෂ මාතාවක් වූ ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රීමත් නරේන්ද්‍ර මෝදි මැතිතුමන්ගේ මෑණියන් වූ  හීරාබෙන් මෝදි මැතිණියගේ අහාවය  පිළිබඳ ශ්‍රී ලංකා මහාබෝධි සංගමය සිය බලවත් හෘදයාංගම ශෝකය පළ කරයි.

 


ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ  සභාපති   දඹදිව සාංචි චේතියගිරි විහාරාධිපති හා ජපානයේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියෝ මෝදි මාතාවගේ  අභාවය පිළිබඳ ශෝක ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටින්නේ ,

" වයස අවුරුදු 99 ක් ආයු වළඳා  අභාවප්‍රාප්ත වූ හීරාබෙන් මෝදි මාතාව රටට ලෝකයට වැඩදායි දරුවන් බිහි කරලීමේ උත්තුංග ආදර්ශය ලබා දුන් ගෞරවනීය භාරත මාතාවක් බවයි.

ඇය කිසිවිටෙකත් තම   පුතුනුවන් මහා ඉන්දියාවේ

අගමැති බව නොසැලකූ ,එම වරප්‍රසාදයන් තම ජීවිතයේ කොටසක් කර නොගත්,තමා  ගතකළ සාමාන්‍ය ජීවිතයෙන්  මතකට හෝ ඔබ්බට නොගිය මහා ආදර්ශමත් මාතාවකි.

ඇයගේ ඒ නිහතමානිත්වයට ඉන්දියානුවන් පමණක් නොව ලෝකවාසී ජනතාව ද මහත් ගෞරවයෙන් සැලකූහ.

ශ්‍රීමත් නරේන්ද්‍ර මෝදි  අගමැති තුමන් සිය  මෑණියන්ගේ අභාවයේ දී ප්‍රාර්ථනා කළ පරිදිම  "මහිමාන්විත ශතවර්ෂයක් දෙවියන් වහන්සේගේ පාමුල රැඳේවා" යන්න අපිදු ඇයට ප්‍රාර්ථනා කරමු.

බුදු දහමට අනුව අපි ඇයට නිවන් සුව පතමු.

 

පූජ්‍ය බානගල උපතිස්ස

සභාපති

ශ්‍රී ලංකා මහාබෝධි සංගමය

Thursday, December 29, 2022

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පත්කරනවාට සජිත් විරුද්ධයි?

 


විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ බාධාකිරීම් හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සිවිල් සාමාජිකයින් පත්කිරිම කල්දැමීට සිදුව ඇති බව පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සඳහා සිවිල් සාමාජිකයින් පත්කිරීම අග්‍රාමාත්‍යවරයා කතානාකවරයා සහ විපක්ෂ නායකවරයාගේ ඒකඟතාවයෙනි.

21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් සංඛ්‍යාව 10 කි. එයින් සිවිල් සාමාජිකයින් සංඛ්‍යායාව 03 කි.  සිවිල් සාමාජිකයින් සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට ඊයේ(29දා) පාර්ලිමේන්තු සංකීරණයේදී සාකච්ඡාවක් පැවති නමුත් එයද එකඟතාවයකින් තොරව අවසන්වී ඇත.

 මේවනවිට මැතිවරණ කොමිෂන් සභාවේ නිල කාලය අවසන්වී ඇති අතර ඒ් සඳහා සාමාජිකයින් පත්කිරීමටනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්විය යුතුය. මැතිවරණ කොමිසමට නව සාමාජිකයින් පත්කිරීමට සමගි ජනබලවේගය විරුද්ධ වීම හේතුවෙන් විපක්ෂ නායකවරයා මේ සඳහා ඒකඟතාවය ලබානොදී ඇත.

 

රතු තටු විදහා මත්තලට පැමිණි ගුවන් කුරුල්ලා


සංචාරකයින් 412 කු රැගත්  බෝයිං 777 වර්ගයට අයත් රෙඩ් වින්ග්ස් රුසියානු ගුවන් යානය අද පෙරවරුවේ මත්තල ගුවන් තොටුපළට පැමිණියේය.

මොස්කව් සිට පැමිණි මෙම ගුවන් යානය රැසියාවේ ජාතික ගුවන් සමාගමට අයත් ඒකකි. අද සිට සතියට ගුවන් ගමන් වාර දෙකක් මොස්කව් සහ මත්තල අතර පියාසර කිරීමට නියමිතව ඇති බව ගුවන්තොටුපොළ කළමණාකරු පැවසීය.

සිරිසේන කෑගැහුවට වැඩක් නැහැ - පක්ෂෙ තියෙන්නේ අපි ලඟ

 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේවනවිට කොටස් කිහිපයකට කැඩී ගොස් ඇති අතර නිදහස් පක්ෂ මුලස්ථානයේ ඉතිරිව ඇති මෛත්‍රීපාල සිරිසේන පාර්ශවයේ  පිරිස ක්‍රමයෙන් අඩුවෙමින් පවතී. මේ අතර විවිධ පාර්ශව විසින් ශ්‍රිලනිප සභපති ලෙස කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ක්‍රියාකලාපය විවේචනයට ලක්වෙමින් තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තිබෙන්නේ තම කණ්ඩායම අතේ මිස ශ්‍රී.ල.නි.ප බෝඩ් එකේ හෝ ඩාලි පාරේ ගොඩනැගිල්ලේ නොවෙන බව කෘෂිකර්ම වන ජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙසැම්බර් 31 දින 60 වන වරටත් කතරගම කිරිවෙහෙර අබියස පවත්වන  පිරිත් පිංකම පිළිබඳව දැනුවත් කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යංශයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මේ බව කීය.

මෙම මාධ්‍ය හමුවට පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාද සහභාගී විය.

මෙහිදී ප්‍රශ්නයක් නැගූ මාධ්‍යවේදියෙක් විමසූයේ ශ්‍රිලනිප  පිරිත් පිංකම පිරිසක් විසින් ආක්‍රමණය කරන ලද බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් මහලේකම්වරයා ප්‍රකාශයක් කර ඇති බවයි.

ඊට පිලිතුරු දුන් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා කීවෙි ශ්‍රිලනිප මහලේකම්වරයා එම කාරණය පිළිගැනීම ම හොඳ දෙයක් බවයි.