Sunday, July 17, 2022

කුමන්ත්‍රණය හෙළිවීමෙන් භික්ෂූන් අරගලයෙන් ඉවත් වේ

 


 

දූෂිත රාජපක්ෂ රෙජීමයට


එරෙහිව  මහජනතාවගේ නැගීටීම පෙරටුගාමී සමාජවාදී පක්ෂය වෙනත් දිශාවකට යොමු කරවීමට උත්සාහ කිරීමත් සමග ආගමික නායකයන්ගේ සහාය අරගලයට නොලැබෙන තත්ත්වයක් උද්ගත වී ඇති බවක් විශ්වාසනීය ආරංචි මාර්ග වාර්ථා කරයි.

චීනය සහ විවිධ අන්තවාදී සංවිධානවල මූළ්‍ය අනුග්‍රහය යටතේ  අරගලය වෙනත් මගකට යොමු කරන කුමන්ත්‍රණයේ මහා මොළකරු ලෙස ක්‍රියා කරන්නේ කුමාර් ගුණරත්නම් විසිනි. ඔහුගේ අපේක්ෂාව වී තිබෙන්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකත්වය යටතේ කොමියුනිට්ස් පාලනයක් ස්ථාපිත කිරීම වුවත්, ඊට ආධාර සපයන සංවිධානවල අරමුණ වන්නේ ශ්‍රී ලංකාව අසමත් රාජ්‍යයක් බවට පත් කිරිමයි.

තමිල්නාඩු හිටපු මහ ඇමති කරුණානිධිගේ පුත් සටාලින් ද අරගලයට ඉතා යහමින් මුදල් පොම්ප කරන්නේ දකුණේ සිංහලයන් සමග පවතින බද්ධ වෛරය හේතුවෙනි. දෙමළ ඩයස්පෝරාව, කතෝලික සහ මුස්ලිම් අන්තවාදී සංවිධාන මෙන් ම ලංකාවේ බුදුන් ඉපදුනා යැයි පවසන බෞද්ධ අන්තවාදී සංවිධාන ද අරගලයට ඍජුව අනුග්‍රහ දක්වන බව ද මේ වන විට හෙළි වී තිබේ.

මේ පිළිබඳ තම මුහුණු පොතේ සටහනක් තබමින් ආචාර්ය සුනිල් විමලගුණරත්න ද මේ පිළිබඳ සඳහනක් සිදු කර තිබේ.

ඒ සටහන මෙසේ ය.

“අරගලයට දීපු සහය ගැන සදාකාලික පසුතැවීමක් සමඟ ජීවත් වෙන්න සිදුවීම ඛේදවාචකයක්!”

“අවසාන වතාවට 1977 දී ජන්දය දුන්නට පස්සේ 1981 දී ලංකාවෙන් පිටවෙලා ආවට පස්සේ මම කිසි දිනක ලංකාවේ ජන්දය දීල නැහැ. හැබැයි ආර්ථික විද්‍යාව මගේ විෂය නිසාත් ලෝක බැංකුවේ සහ විවිධ අන්තර්ජාතික ආයතනහි වසර 35ට වඩා රැකියා කරපු නිසාත් බිඳවැටුණ රටවල් සමඟ කටයුතු කරපු නිසාත් මේ ප්‍රශ්නය හොඳටම තේරෙනවා. මට නොමිලේ අධ්‍යාපනය දීපු රටේ පුරවැසියෝ දුක් විඳිනකොට, රාජ්‍ය බිඳවැටෙනකොට මට මීට පෙර හිටියා වගේ නිහඬව ඉන්න මගේ හිත ඉඩ දෙන්නේ නැහැ. නැතුව මට කිසිම නායකයෙක් හෝ පක්ෂයක් සමඟ බැඳීමක් හෝ ගැටීමක් නැහැ. ලබාගැනීමට කිසිම දෙයකුත් නැහැ. මම මේ දේ ලියන්නේ ලංකාවේ මිනිස්සු වෙනුවෙන්. ඒ නිසා පක්ෂ පාට ගැන හිතන්නේ නැතිව විවෘත මනසකින් කියවන ලෙස ඉල්ලා සිටිනවා. (මම ලියන්න දක්ෂයෙක් නම් නෙමෙයි. වරදක් ඇතොත් සමාවෙන්න)”

“පටන් ගත්තේ කව්ද? කොහොමද?

“කුමාර් ගුණරත්නම් ට ඩයස්පෝරා එක ප්‍රමුඛ විදේශ බලවේග දුන්න කොන්ත්‍රාත් එක තමයි රට ආර්ථිකව සහ දේශපාලනිකව අස්ථාවර කරලා පරිපාලනය බිඳවට්ටන්න එක. කුමාර් ඒකට අන්තරේ සහ තරුණ දරුවෝ පාවිච්චි කලා.”

“දකුණේදී රට ව්‍යාකුල කරාට පස්සේ තබන ඊළඟ පියවර තමයි TNA හරහා දෙමල ජනතාව කුලප්පු කරල උතුරේ හමුදා කඳවුරු ලඟට යවන එක. හමුදාවට තියෙන බය නැති කරවල ඉවත් වෙන්න කියලා බල කරවනවා වගේ දේවල් කිරීම.”

“ඊට පස්සේ ආරක්ෂක අංශ සහ ‘ජනතාව’ අතර ගැටීම් වැඩි කරලා රටේ පාලනය නැතිවෙනකොට එක්සත් ජාතින්ගේ සාමසාධක හමුදා ගෙනත් දාන තැනට වැඩ සලස්වනවා.”

“දකුණ ‘අකමැති’ සහ පාලනය කරන්න බැරි ආණ්ඩුවකට කොහොමද උතුර පාලනය කරන්නේ කියන තර්කය මත ටික කාලයක් යනකොට ජනමත විචාරණයකට ගිහින් උතුරට වෙනම රාජ්‍යක් දෙන්න වෙන තැනටම රට ගේනවා. (මෑත කාලීනව නැගෙනහිර ටීමෝරය සහ දකුණු සුඩානය කැඩුවේ එහෙම)”

“ආර්ථික අර්බුදය එක්ක අරගලයට පාර හැදුන හැටි!”

“කොරෝනා වසංගතය, ලෝක බලශක්ති සහ ආහාර අර්බුධ, ඉන්දියන් සාගරයේ බල ගැටුම් වගේම ලංකාවේ ප්‍රධාන විදේශ ආදයම් මාර්ග බිඳ වැටීමත් අවාසනාවන්ත ලෙස බලපෑවා.”

“ගෝටාභයට දේශපාලන ආර්ථික විද්‍යාව ගැන හරි අදහසක් තිබුනේ නැහැ. ආණ්ඩුවට අර්බුද කළමනාකරණය ගැන සැලැස්මක් තිබුනේත් නැහැ.”

“අවාසනාවකට රටේ තිබුන පෝලිම් එක්ක පරිභෝජනයටම කෑදර මධ්‍යම පංතිය, ආගමික නිකායන් සහ කිසිම දේශපාලන අවබෝධයක් නැති තරුණ පිරිස් නළු නිලියෝ යූ ටියුබ් නාලිකා ( මුදල් වලට) වගේම පිටරටවල ඉන්න ශ්‍රී ලාංකික පිරිසක් මේ කුමන්ත්‍රණයට හොඳටම අහුඋනා.”

“දුර්වල රාජපක්ෂ පාලනය වගේම රට ගැන හිතන්නේ නැතිව හුදු බල ලෝභයට කෑදර අරමුණක් නැති සජබ - ජවිපෙ වැනි විපක්ෂයත් බලය ගැනීමේ කෑදර කමට ඍජුව සහ වක්‍රව සහය දුන්නා. කට්ටියම කුමාර් ගේ ප්‍රොජෙක්ට් එකට අහු උනා.”

“කුමාර් කරන්නේ දෙන්න බැරි - කරන්න බැරි දේවල් ඉල්ලමින් ’අරගලේ’ කියන මිරිඟුව අල්ලන් යන එක. ජවිපෙටත් වෙනවා  තමන්ගේ ප්‍රධාන සතුරා සහ තරඟකරු වෙන පෙරටුගාමීන්ව ඉක්මවා යන්න ඕනේ කමට අරගලේ තීව්‍ර කරන්න. එතන තියෙන අර්බුධය ජූලි 09 පස්සේ මාරාන්තික ගැටුම් එක්ක එලියට ආවා.”

“තාම ජාතිකවාදී කඳවුර ඉන්නේ අසංවිධානාත්මක අස්ථාවරයක. බෙදිලා. ඉතින් කවුරුත් නැහැ හරියට දෙයක් ජනතාවට කියන්න.”

“ඔක්කොටම ඉස්සෙල්ල ආර්ථික වශයෙන් ස්ථාවර වෙන්න ඕනේ.”

IMF - ණය ප්‍රතිව්‍යුහගත කිරීම් - අනෙක් රටවල් එක්ක සාකච්චා කිරීම් වගේ දැවැන්ත වැඩ කොටසක් තියෙනවා.”

“කව්රු විවේචන කලත් මොන පෙර වැරදි තිබුනත් රනිල් විතරයි පිළිවෙලකට ඒ වැඩේ පටන් ගත්තේ. රනිල් ට IMF / WB පැරිස් ක්ලබ් ADB ගනුදෙනු හොඳට තේරෙනවා.”

“කොටින්ම කිව්වොත් ආණ්ඩුව පඩි ගෙවන්නත් කැබිනට් එක රැස්වෙන්න පාර්ලිමේන්තුවක් ඕනේ. බැංකු පද්ධතිය වැඩ කරන්න ඕනේ. රාජ්‍ය පුද්ගලික ආයතන - සංචාරක කර්මාන්තය - අපනයන වැඩ කරන්න ඕනේ. අවශ්‍ය අමුද්‍රව්‍ය ගේන්න රට දුවන්න ඕනේ.”

“බලශක්තිය ඕනේ. ගල් අඟුරු ඊළඟ මාසේ ගෙනාවේ නැත්නම් ලබන අවුරුද්දේ පැය 18ක් ලයිට් කපන්න වෙනවාමයි. අනෙක ආණ්ඩුවක් එනකම් ඒවා කල්දාන්න පුලුවන් ද? එහෙම රටකට ආයෝජනය කරන්න එන්නේ කව්ද? දැනටමත් ආයෝජකයෝ රටින් යනවා.”

“ඒවා කරන්න බිල්ඩින් බලෙන් අල්ලන් ඉන්න අරගලකරුවන්ට පුලුවන්ද? අද වෙනකම් සහන දෙන්න කියල - ණය කපන්න කියල - රාජ්‍ය ආයතන පුද්ගලීකරණය කරන්න එපා කියලා උස් හඬින් සටන් පාඨ කිව්වට ඔවුන් කිසිම විකල්ප ආර්ථික වැඩ පිළිවෙලක් ඉදිරිපත් කරලා නැහැ. ඒකම ඇති මේ අරගලය බොරු එකක් කියන්න. විසඳුම් වෙනුවට අරගලකරුවෝ කරන්නේ ප්‍රශ්න උග්‍ර කරන එක.”

“හැබැයි මේ බොරු අරගලේට දීපු සහය වහාම ඉවත් කරගෙන ප්‍රධාන පක්ෂ වලට පාර්ලිමේන්තුව ඇතුලේම විසඳාගන්න ඉඩදීලා, දැන්වත් අරගල අතැරලා ආපහු හැරෙනවා නම් කට්ටිය තාම ප්‍රමාද නැහැ.”

“එහෙම උනේ නැත්නම් බොරු අරගලේට අහුවෙලා මහා විශාල පසුතැවීමක් එක්ක බෙදුන රටක - ලිබියාවක ජීවත් වෙන්න ලැහැස්ති වෙන්න!”

 

මේ වන විට ඔමල්පේ සෝභීත හිමි, මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, මැදගොඩ අභයතිස්ස හිමි දිනපතා රැස් වෙමින් බෞද්ධ බලය රැක ගැනීම සඳහා සජිත්ව ජනපති කර, ඔහු ජනපති වීමෙන් හිස් වන මන්ත්‍රී ධුරය සඳහා කරු ජයසූරිය පාර්ලිමේනතුවට ගෙන ඒමට සාකච්ඡා කරමින් සිටිති. එහෙත් කණගාටුවට කරුණ නම් ඒ කිසිදු භික්ෂුවක් මේ මොහෙතේ මුහුණ පා සිටින ආර්ථික අර්බුදයෙන් ගැලවීමට සමත්කමක් ඇති නායකයෙකු නොසොයා තවමත් තමන්ට නැටවිය හැකි නායකයෙකු ම සෙවීමයි.

මේ පිළිබඳව සාකච්ඡා කිරීමට පසුගිය දිනෙක මහනුවර අසගිරි සහ මල්වතු මහා නායක හිමිවරුන් පවසා තිබුණේ මේ මොහොතේ රටේ ආර්ථික අර්බුදය ගැන මිස වෙනත් පටු අරමුණු වෙනුවෙන් ක්‍රියා කිරීමෙන් සිදු වන්නේ භික්ෂුන් වහන්සේලා කෙරෙහි ඉතුරු වී තිබෙන් ගෞරවය ද නැත්තටම නැති වී යා හැකි බවයි.

ආදරයේ අරගලය ම්ලේච්ඡත්වය සහ අන්තගාමීත්වය කරා ඇදී යාම නිසා මේ වන විට බෞද්ධ භික්ෂුන් වහන්සේලා අපේකෂා භංගත්වයට පත්ව සිටින බව ආරංචි මාර්ග සඳහන් කරයි.

ඇමැණ්ඩා චතුරංගනී

ඇමරිකාවෙන් ශ්‍රීලංකාවට ඩොලර් ලක්ෂ 10 ක හදිසි ඖෂධ ආධාර

 



 

ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් ඩොලර් ලක්ෂ 10 ක හදිසි ඖෂධ ආධාරයක් ඇමරිකාවෙන් පිරිනමා තිබෙනවා.

ප්‍රසිද්ධ ගෝලීය මානුෂීය සංවිධානයක් වන හාර්ට් ටු හාර්ට් සංවිධානය මගින් මෙම ඖෂධ තොගය  ඇමරිකාවේ ශ්‍රීලංකා තානාපති කාර්යාලය හරහා ශ්‍රීලංකාවේ සෞඛ්‍ය අංශ වෙත ලබාදී ඇත.

ඒ යටතේ සපයන පළමු ඖෂධ තොගය මේවනවිට කොළඹට ලගාවී ඇති අතර ඉතිරිය කඩිනමින් ලංකාවට ලබාදෙන බව හාට් ටු හාට් සංවිධානය සඳහන් කර තිබෙනවා.

මෙම ඖෂධ ශ්‍රීලංකාවේ ජනතාවට නොමිලයේ බෙදාහැරීමට නියමිතයි.

Saturday, July 16, 2022

රට ගොඩනගන්න පුළුවන් කාට ද?

 පාර්ලිමේන්තුව තුළින් නව ජනාධිපතිවරයෙක් පත් කරගැනීම ශ්‍රී ලංකාවට නෑඹුල් අත්දැකීමක්‌ නොවේ.1993 දී රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ඝාතනයෙන් පුරප්පාඩු වූ ජනාධිපති ධූරය සඳහා එවකට අග්‍රාමාත්‍ය ධූරය දැරූ ඩී.බී. විජේතුංග පත්කරගැනීමේ ඓතිහාසික පූර්වාදර්ශයක්‌ ඒ වෙනුවෙන් ඇත.


1993 දී මෙන් නොව, අද අප ඉදිරියේ ඇත්තේ දේශයක් ලෙස අප මුහුණ දෙන දැවැන්තම ආර්ථික අර්බුදයයි. එකී ආර්ථික අර්බුදය විසින් ඊට සමාන්තර සමාජීය -දේශපාලන වියවුලක් නිර්මාණය කර ඇති නිසාත් එකී අර්බුදකාරී තත්වයෙන් සමස්ථ රාජ්‍යය මුදාගැනීමේ වගකීම පත්වන ජනාධිපතිවරයා මත මුදාහැර ඇති නිසාත් මෙවර පිටිය ඉතිහාසයේ අන් කවරදාකටත් වඩා තරඟකාරී සහ සුවිශේෂී ස්වභාවයක්‌ ගනී. විජේතුංග ජනාධිපතිවරයා ඉදිරියේ තිබූ වටපිටාවට හාත්පසින්ම වෙනස් වටපිටාවක නව ජනාධිපතිවරයාට ධූරයේ කටයුතු කිරීමට සිදුවෙයි.


පත්වන නව ජනාධිපතිවරයා දැක පුරුද්දෙන් මෙන්ම කළ පුරුද්දෙන්ද සන්නද්ධ වූ කෙනෙක් වේ නම් එය මේ අවස්ථාවේ වඩාත් ධනාත්මක පිටුබලයක් ඔහුට හෝ ඇයට සපයාවි යැයි යන මතය සමාජයේ තරමක් දුර‍ට මුල් බැස ගෙන තිබේ. එතුළින් ගෝලීය ප්‍රජාවගේ විශ්වාසය තහවුරු කළ හැකි රාජ්‍ය යාන්ත්‍රණයක් තුළ ක්‍රියාත්මක වීමේ හැකියාව ඔහුට පවතී. අත්හදා බැලීම් කරන්නට ගතවන සෑම තත්පරයක් පාසාම රෝගියා මිය යාමේ සම්භාවිතාවය වැඩි වෙයි. තවදුරටත් මෙම අවස්ථාව අනාගත රාජ්‍ය නායකයන් පුහුණු කරන පාඨමාලාවක් සේ සුළුවෙන් තැකිය නොහැකිය.ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි අන්තර්ජාතික රාජ්‍ය සංවිධාන සමඟ කඩිනම් සහ විනිවිද පෙනෙන අයුරින් ගණුදෙනු කිරීමට හැකි විවෘත මනසක් පත්වන නව ජනාධිපතිවරයාට තිබිය යුතුය.


අමෙරිකාව, ජපානය ප්‍රමුඛ බටහිර, ආසියානු ධනවාදී කඳවුරත්, චීනය, රුසියාව ප්‍රමුඛ සමාජවාදී බල කඳවුරත්  අනිත් පසින් කලාපීය බලවතා ලෙස ඉන්දියාව ප්‍රමුඛ නැගීඑන ආර්ථික බල කඳවුරත් ආදී වූ බහු ධ්‍රැවීය ලෝකය ආමන්ත්‍රණය කිරීමට නව ජනාධිපතිවරයාට හැකියාව පැවතිය යුතුය.සියල්ලන්ගේම උපරිම උදව් ලබාගත හැකි පුද්ගලයෙකු විය යුතුය.


කෙසේවෙතත් මෙම අවස්ථාවට වඩාත් හොඳින් අනුවර්තනය වෙමින් කඩිනම් විසඳුම් සෙවීමට හැකි විභවයක් සහිත සුදුසුම පුද්ගලයා ජනාධිපති ධුරයට පත්කර ගැනීම පාර්ලිමේන්තුව ඉදිරියේ ඇති අභියෝගයයි. එය අභියෝගයක්‌ මෙන්ම වගකීමකි.20 වෙනිදා පාර්ලිමේන්තුව විසින් ගනු ලබන තීරණය තවත් දශක ගණනාවකට ශ්‍රී ලංකාවේ ගමන් මග තීරණය කරනු ඇත.


මේක අත්හදාබැලීම් කරන වෙලාවක් නෙවෙයි - ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

 

- උද්ධමනය අපට විතරක් පාලනය කරන්න බෑ

- බදු ප්‍රතිපත්තිය වෙනස් කිරීම අනිවාර්යයයි

- කෙටිකාලීන ක්‍රියාමාර්ග දිගු කාලීනව රටට යහපතක්

 



ශ්‍රී ලංකාව මේ වන විට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටියි. එසේම විවිධ පාර්ශ්ව ඉන් මිදීමට යෝජනා ඉදිරිපත් කරයි. ඒ අනුව වත්මන් ආර්ථික අර්බුදයෙන් මිදීමට ගත යුතු ක්‍රියා මාර්ග පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සමඟ කළ විශේෂ කතාබහ.

  අපේ රටේ ඉදිරි මාස දෙක තුන නිමා වන විට 70% ක උද්ධමන වේගයක් ඇති වනු ඇතැයි ඔබ ඉකුත්දා ප්‍රකාශ කළා. මෙය ඉතා භයානක උද්ධමන මට්ටමක්. පළමුව ඒ ගැන පැහැදිලි කිරීමක් කළ හැකිද?

 ජූලි මාසයේ මූල්‍ය ප්‍රතිපත්ති විවරණය නැතිනම් අපේ රටේ ප්‍රතිපත්ති පොලී අනුපාතික සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව, මුදල් මණ්ඩලය ගනු ලැබූ තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී තමයි මම මේ ගැන මුලින්ම කීවේ. එදා මම කිවුවේ දැනට වාර්තා වන උද්ධමන වේගය 50% ඉක්මවා තිබෙනවා. එය පාලනය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තමන් සතු මූල්‍ය උපකරණ භාවිත කර ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. නමුත් උද්ධමනය අපට පමණක් තනිව පාලනය කිරීමට නොහැකි බවත් කිව යුතුයි.

 

උද්ධමනය පාලනය කිරීම හා විදේශ විනිමය අනුපාතිකය රටට හිතකර ලෙස පවත්වාගෙන යෑම ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන කාර්යභාරය වී තිබෙනවා නේද?

 ඔව්! ඒ බව අනිවාර්යයෙන්ම අප පිළිගන්නවා. නමුත් උද්ධමනය පාලනය කිරීමට හෝ විදේශ විනිමය අනුපාතිකය රටට ගැළපෙන මට්ටමකට පවත්වාගෙන යෑම කියන කරුණු දෙක තනිවම මහ බැංකුවට පමණක් සිදු කළ හැකි දෙයක් නෙවෙයි. ශ්‍රී ලංකා මහ බැංකුව සිය මූල්‍ය ප්‍රතිපත්ති මෙහෙයවමින් මේ කරුණු ජය ගන්නට ක්‍රියා කරන අතර, අපි වාගේම තවත් විශාල කාර්යභාරයක් පැවරී තිබෙන කොටසකුත් සිටිනවා.

 

කවුද ඒ වගකීම පැවරී සිටින අය?

 

එම වගකීම පැවරී තිබෙන්නේ රජයටයි. විශේෂයෙන් රජය වෙනුවෙන් මුදල් ඇමැතිතුමා, මුළු කැබිනට් මණ්ඩලයට, මුදල් අමාත්‍යාංශයට ඒ වගකීම පැවරී තිබෙනවා. ඔවුන් විසින් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති නිසි ආකාරයට ගළපා ගනිමින් මේ අර්බුදයෙන් ගොඩඒමට පිළියම්, විසඳුම්, ක්‍රියාත්මක කළ යුතුයි. අපට පමණක් ප්‍රතිපත්ති පොලී අනුපාතික දැඩි කිරීමෙන් පමණක් රටේ උද්ධමනය, විදේශ විනිමය අනුපාතිකය පාලනය කිරීමට බැහැ. අප ගන්නා ඇතැම් ක්‍රියාමාර්ග නිසා මේවායේ යම් පාලනයක් දැනට සිදු වෙමින් තිබෙනවා. නමුත් එය ඉතා තිරසර, අතිසාර්ථක ප්‍රතිඵල රටට, ජනතාවට දීමට නම්, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිවල විශාල වෙනස්කම් ගණනාවක් සිදු විය යුතුයි. ඒවා සිදු කළ යුතුයි.

 

රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිවල සිදු කළ යුතු ප්‍රධාන වෙනස්කම් මොනවාද?
 

අපි මෙහිදී අවංකව අපේ රට, රටේ ආර්ථිකය මුහුණ දී සිටින අර්බුදය පළමුව තේරුම් ගත යුතුයි. අපේ අර්බුදය රජයේ ආදායම් ඉතා විශාල ලෙස අඩු වීම, රජයේ වියදම් පැත්ත විශාල ලෙස ඉහළ යෑම ලෙස දැක්විය හැකියි. ඒ නිසා රජයේ ආදායම්, වියදම් අතර විශාල පරතරයක්, හිඟයක් ඇති වී තිබෙනවා. දෙවැනි කරුණ අපගේ ආනයන වියදම් වැඩියි. අපනයන ආදායම් අඩුයි. මේ නිසා විශාල ලෙස වෙළෙඳ හිඟයක් මතු වී තිබෙනවා. එය වැළැක්වීමට ගත් යම් යම් උපාය මාර්ගික වැඩපිළිවෙළ නිසා එය දැනට තරමක් දුරට අඩු වී තිබෙනවා. නමුත් එය තවදුරටත් අඩු කර ගැනීමට අපි කටයුතු කළ යුතුමයි.

 මෙන්න  කරුණු දෙක ජය ගන්න නම් මුලින්ම අපට රජයේ ආදායම් වැඩිකර ගන්න වෙනවා. දෙවනුව රජයේ වියදම් අඩුකර ගන්න වෙනවා. මෙතැනදී රජයේ ආදායම් වැඩි කරගන්න නම් මුදල් අමාත්‍යාංශය විසින් කළ යුතු විශාල කාර්යභාරයක් තිබෙනවා. ඒ සඳහා ප්‍රබල රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් රටට හඳුන්වා දී ක්‍රියාවට නැංවිය යුතුයි.

 

රජයේ ආදායම් වැඩි කර ගැනීමට බදු ප්‍රතිපත්ති, දැනට අයකරන ඇතැම් බදු ඉහළ දැමිය යුතු බවද ඔබ පවසන්නේ?

 බදු ප්‍රතිපත්ති වෙනස් කළ යුතුයි. බදු අනුපාත ඉහළ දැමිය යුතුයි. මා රජයට යෝජනා කර සිටිනවා එය යම් තරමකට මේ අර්බුදය වැඩි වූ අවස්ථාවේ පසුගියදා රජය සිදු කළා. නමුත් ඒවා මතු වී ඇති ආර්ථික ගැටලුවෙන් මිදීමට තරම් ප්‍රමාණවත් වන්නේ නැහැ. ඒ නිසා අපි ඊට වඩා ගැඹුරින් මේ ප්‍රශ්න ගැන සිතා අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කළ යුතුයි.

 

ඒ කුමනාකාරයේ වෙනස්කම්ද?

 පැහැදිලිවම කිවහොත් අපේ රටේ රාජ්‍ය ව්‍යවසායන් රාශියක් දැනට පවත්වා ගෙන යන්නේ මුදල් අමාත්‍යාංශයට, මහා භාණ්ඩාගාරයට අතිවිශාල බරක් පැටවෙන ආකාරයටයි. ඒ අනුව රටට, මහාභාණ්ඩාගාරයට බරක් වන රාජ්‍ය ව්‍යවසායන් අඩුම තරමේ තමන්ගේ ආදායම්,තමන්ගේ වියදම් පියවා ගන්නා තැනටවත් පත් කර ගැනීමේ ප්‍රතිසංස්කරණවලට යා යුතුම වෙනවා.

 එවැනි ව්‍යවසායන් කිහිපයක් ඔබට උදාහරණ ලෙස දැක්විය හැකිද?

 පිළිතුර:- මම ඒ ඒ ආයතන ගැන නම් වශයෙන් සඳහන් කිරීම එතරම් සදාචාරාත්මක වන්නේ නැහැ. නමුත් ඒවා ගැන සඳහන් නොකරත් බැහැ. අපි කියමු ශ්‍රී ලන්කන් ගුවන් සේවය කියා, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, විදුලිබල මණ්ඩලය වැනි ආයතන කියා ඒවායේ පාඩුව මේ වන විට මහා භාණ්ඩාගාරයට දැරිය හැකි මට්ටමක නැහැ. ඒවා පවත්වාගෙන යෑමට ඔවුන්ට මහා භාණ්ඩාගාරයෙන් මුදල් පොම්ප කළ යුතුයි. එය තවදුරටත් රටේ ජනතාවගේ බදු මුදලින් සිදු කිරීම අසීරුයි. ඒ නිසා තමයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අපි රජයට, මහාභාණ්ඩාගාරයට නිර්දේශ කරන්නේ මෙවැනි ආයතනවල අඩුම තරමේ මෙහෙයුම් අලාභයවත් අඩු කර ගැනීමට සමත්වන ප්‍රතිසංස්කරණ රාමුවක් යටතේ නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න කියලා.

 ඔබ සඳහන් කරන රාජ්‍ය ව්‍යවසායන්ගේ පාඩු අවම කිරීමට නම්, ඔවුන්ගේ සේවා සඳහා අය කරන මිල ඉහළ දැමිය යුතුයි. එය මේ අවස්ථාවේ ජීවන වියදම් බරින් දැඩිව පීඩාවට පත් වී සිටින ජනතාව මත තවත් විශාල බරක් පැටවීමක් නේද?

 

ඒ කරුණ අපි එසේ විග්‍රහ නොකළ යුතුයි. අපට, ඔබට මට සියලු දෙනාටම මේ අවස්ථාවේ දැරීමට සිදු වී තිබෙන්නේ විශාල අපහසුතා, අසීරුතා, අභියෝග තමයි. ඉන් මිදීමට කෙටි කාලීනව ගන්නා ක්‍රියාමාර්ගවලින් දිගු කාලීනව යහපතක් වන්නේ නම් අපි ඒ දේ කළ යුතුයි. අනිවාර්යයෙන්ම කළ යුතුයි. අපට මේ අන්දමේ අසීරුතා ඇති වී තිබෙනුයේත්, පසුගිය කාලයේ කළ යුතුව තිබූ ක්‍රියාමාර්ග ඒ කාලයේදී නොගැනීමයි. මම එක උදාහරණයක් කියන්නම්, අපි වැඩි මිලට ඉන්ධන මිලදී ගෙන අඩු මිලට ජනතාවට දීම නිසා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පාඩුව විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඒ වගේමයි විදුලි බිල සම්බන්ධයෙන් තත්ත්වයත්. එහෙත් අපි එදිනෙදා වෙළෙඳපොළ මිල මට්ටම්වලට අපේ මිල මට්ටම් ගැළපුවානම් මෙවැනි අර්බුද මතු වන්නේ අඩු බලපෑමක් එල්ල වන ආකාරයටයි.

 

අප සිතා බැලිය යුත්තේ ඒ ආකාරයටයි.

 

දැනට මිල සූත්‍ර හඳුන්වා දෙමින් විවිධ සේවා සඳහා මිල අඩු වැඩි කිරීම් ගැළපුවත් ඒවායේත් ප්‍රශ්න පැන නැඟී තිබෙනවා නේද?
 

ඔව්. ඒ අපි එවැනි වැඩපිළිවෙළ ආරම්භ කළ යුතුව තිබූ කාලයේ සිදු නොකිරීම නිසා. එදා කළ යුතුව තිබූ දේ දවසින්, සති, මාස නොව අවුරුදු ගණනින් ප්‍රමාද කොට සිදු කිරීම මේ අර්බුද සියල්ල වැඩි වීමට හේතුවයි. ඒ නිසා මේ අවස්ථාවේවත් අතීතයෙන් නිසි පාඩම් ඉගෙන වර්තමාන අර්බුදයෙන් ගොඩඒමට අපි සියලු දෙනා එක්වී වැඩ කළයුතුයි.

 

මේ අර්බුදයෙන් ගොඩඒමට අපේ රටේ ආනයන වියදම් සීමා කර ගනිමින් අපනයන ආදායම් වැඩි කර ගැනීමට කියා කළ යුතුයි නේද?
 

එය තමයි අපට මේ අභියෝගය ජය ගැනීමට තිබෙන තිරසරම විසඳුම. මේ අවස්ථාවේ හැකි තරම් ආනයන සීමා කර ගනිමින් රටේ ජනතාවත් ආනයන මත රැඳී සිටීම නවතා අපනයන ආදායම් වැඩි කර ගැනීමට කටයුතු කළ යුතුයි. රටේ ප්‍රශ්නය ඩොලර් හිඟය නම්, ඩොලර් හිඟය උග්‍ර කරන දේ වෙනුවට අප කළ යුත්තේ ඩොලර් සුලභ කරන දේ කිරීමයි. අපේ විදේශගත ශ්‍රමිකයෝ, රටෙන් පිටවී සිටින ජනතාව, අපනයනකරුවෝ මේ සියලු දෙනා මේ මොහොතේ රටට ඩොලර් නීත්‍යනුකූල මාර්ග ඔස්සේ වැඩි වශයෙන් එවීමට ක්‍රියා කළ යුතුයි. සංචාරක කර්මාන්තයේ වර්ධනයට දායක වන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ යුතුයි.

 

විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ඩොලර් හෝ විදේශ විනිමය වැඩි වශයෙන් එවීමට විවිධ සහන, වරප්‍රසාද, ප්‍රතිලාභ ඉල්ලා සිටිනවා. ඒ ගැන ඔබේ මතය කුමක්ද?

 

විදේශගත වූවන් අපේ රටට එවන සල්ලිවලට බදු අය කරන්නේ නෑ. අපේ රටේ ජීවත්වෙන අයගෙන් අය කරන බදු මුදලින් තමයි එලෙස බදු අය නොකරන පිරිසට සහන දෙන්නට මුදල් සපයා දෙන්න වෙන්නේ. එය එතරම් සදාචාරාත්මක කාර්යයක් නොවෙයි. පිටරට ගිය අය සල්ලි එවන්නේ තමන්ගේ පවුලේ සාමාජිකයින්ට, ඥාතීන්ට. ඒ අය අද මහ පාරේ තෙල් පෝලිමේ, ගෑස් පෝලීමේ දුක් විඳිනවා. ඒ අයට සහනයක් වෙන්න විදේශ මුදල් රටට නිසි ආකාරයෙන් එවන්නේ නැතිව රජයෙන් වරප්‍රසාද, සහන ලැබෙනවා නම් ඒ මුදල් එවනවා කීම මම නම් හොඳ දෙයක් ලෙස දකින්නේ නැහැ.

 
අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ණය පහසුකම ලබා ගැනීම පිළිබඳව වත්මන් තත්ත්වය කුමක්ද?

 

අපි මහ බැංකුවත්, රජයත් ඉතා ඉහළ සතුටුදායක ප්‍රතිඵල ලැබෙන ආකාරයට සාර්ථක සාකච්ඡා වට කිහිපයක් ඔවුන් සමඟ පැවැත්තුවා. දැන් එහි විධායක නිලධාරි මට්ටමේ සාකච්ඡා ඇරඹීමට නියමිතයි. ඒවා සාර්ථක වීමට රටේ දේශපාලන ස්ථාවරභාවය, සමාජ ස්ථාවරභාවය ඇති වීම ඉතා වැදගත් බව කිව යුතුයි.

 
මේ වන විට රටේ සමාජ, දේශපාලන ස්ථාවරභාවය පිළිබඳ දෙගිඩියාවක් මතු වී තිබෙන්නේ එවැනි පසුබිමක අපට අයි.එම්.එෆ්. ණය පහසුකම ලබා ගැනීමට හැකි වෙයිද?
 

අද වන විට ඔබ කියන ආකාරයේ තත්ත්වයක් රටේ මතු වී තිබෙනවා. ඒ කුමන තත්ත්වයක් මතු වූවත් අපට ඉදිරි මාස තුන, හතර, කිසිදු බාධාවකින් තොරව අඩුම තරමේ ඉන්ධන, ගෑස්, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, බෙහෙත් වැනි දේ ලබා ගැනීමට නම් අප දැනට සැලසුම් කර තිබෙන මූල්‍ය සම්පාදන පහසුකම් ලබා ගැනීමේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යා යුතුයි. එසේ නොමැතිව එක් පුද්ගලයකුට, කණ්ඩායමකට, එක් දේශපාලන පක්ෂයකට තනිව මේ අර්බුදය ජය ගන්න බැහැ. ඒ නිසා සියලු දේශපාලන පක්ෂ නායකයෝ, ආගමික සාමාජික පිරිස් පොදු මහත් ජනතාව එකට එක්වී ජය ගත යුතු අර්බුදයක් ඉදිරියේයි අපි ඉන්නේ. මෙය ජය ගැනීමට අත්හදා බැලීම් කරන්න සුදුසු වේලාවක් නොවෙයි දැන් තියෙන්නේ. අප කරන වැඩපිළිවෙළ කවුරු හෝ කළයුතුයි. එය සියලු දෙනා එක්වී සිදු කළ හොත් රටේ ජනතාවට පීඩා විඳීමට සිදු වන කාල සීමාව අඩු කර ගත හැකියි. එසේ නොවන්න, නොවන්න අපේ රටේ ජනතාවට පීඩාවෙන් ඉන්න තිබෙන කාලය වැඩි වෙනවා මිසක් අඩු වන්නේ නැහැ.

 

මේ මොහොතේ රටේ පුරවැසියෝ, නායකයෝ සියලු දෙනා කළ යුත්තේ කුමක්ද?

 

පිළිතුර : සියලු වාදභේද මඳකට දුරුකොට රට ගැන සිතා රටේ බිඳවැටීම වැළැක්වීමට එකට එක්ව අවංකව, කැපවීමෙන් සමඟියෙන් ක්‍රියා කිරීම තමයි කළ යුත්තේ. ඉන් එහා අපට, රටට, ජනතාවට ජයග්‍රහණයක් අත්කර ගත නොහැකියි.

බැසිල්ගේ කුමන්ත්‍රණය හරියයි ද?

 


ශ්‍රී ලංකාවේ මීළඟ ජනාධිපතිවරයා තෝරා ගැනීමේ සටනට චීනය ප්‍රබල ලෙස මැදිහත් වී ඇති බවට මේ වන විට විශ්වාසනීය ආරංචි මාර්ග තහවුරු කරයි. ඒ වෙනුවෙන් චීන තානාපති කාර්යාලය විශාල වශයෙන් මුදල් වියඳම් කරන  බවත්, ප්‍රධාන දේශපාලන පක්ෂ නායකයන් සහ මාධ්‍ය ආයතන වෙත ඉතා යහමින් මුදල් පොම්ප කරන බවත් එම ආරංචි මාර්ග තවදුරටත් තහවුරු කරයි.

රටේ පවතින ආර්ථික අර්බුදයෙන් ගැලවීමට වෙනත් කිසිදු මගක් නොදුටු නිසා රනිල් වික්‍රමසිංහට අගමැති ධුරය ලබා දුන්න ද, ඔවුන් රනිල් කවුදැයි හොඳින් හඳුනාගෙන සිටිති. රනිල්ට බලය ලබා දීම හරහා තමන්ට කිසිදු ලෙසකින් වත් ආරක්ෂාවක් නොලැබෙන බව ඔවුන්ගේ විශ්වාසයයි. 

යහපාලන සමයේ පවා රනිල්ගෙන් රාජපක්ෂවරුන්ට සහනයක් ලැබුණේ නැත. මෛත්‍රීපාල සිරිසේනගේ ආරක්ෂාව නොලැබෙන්නට ගෝඨාභය පවා මෙ වන විට සිටින්නේ සිරගත වය.

රනිල්ගේ මැදිහත්වීම මත ඇති කළ මූල්‍ය අපරාධ කොට්ඨාශය FCID ආරම්භ කළ පරීක්ෂණ සිරිසේන අතර මග නවතා නොදමන්නට ඔවුන්ට විශාල අකරතැබ්බයන්ට මුහුණ දීමට සිදු ව තිබුණි. ඒ නිසා මේ මොහොතේ රාජපක්ෂවරුන්ට රනිල්ට වඩා සිරිසේනව විශ්වාසජනකය. ඊටත් වඩා ඔවුන් මහින්ද රාජපක්ෂගේ අතිජාත ශිෂ්‍යයෙකු වන ඩලස් අලහප්පෙරුම විශ්වාසජනක ය.

ඩලස් දේශපාලනික ව ගොඩනැගුවේ අනුර බණ්ඩාරනායක වුව ද, ඔහුගේ පූර්වාදර්ශය වූයේ මහින්දයි. ඒ නිසා ඩලස්ට මහින්ද වෙනුවෙන් කළ නොහැක්කක් නොමැත. චන්ද්‍රිකා පාලන සමයේ ඇමෙරිකාවට පැන ගොස් සිටි ඩලස් නැවත් බැසිල් සහ ‍ගෝඨාභය සමග ලංකාවට පැමිණෙන්නේ ද 2005 මහින්දගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය වෙනුවෙනි.

ඩලස්ගේ පමණක් නොව රාජපක්ෂවරුන්ගේ  ගැලවුම්කාරයා වන්නේ ද චීනයයි. ඩලස් පමණක් නොව විමල්, වාසු, සිරිසේන පෝෂණය කරන්නේ ද චීනයයි. ඒ නිසා මේ මොහොතේ රනිල්ට විරුද්ධව මේ සියලු පාර්ශව එකට කඳවුරු බැඳගෙන් සිටිති. ඔවුන් පහර ගසන්නේ මුහුණුට මුහුණ නොව ගරිල්ලා ක්‍රමයකට ය. පළමු පහර දීම සිදු කළේ පොහොට්ටුවේ සහාය රනිල්ට ලබා දෙන බව පවසමිනි. ඔවුන්ට සැබෑ ලෙසම රනිල්ට සහාය ලබා දීමට අවශ්‍යව තිබුණේ නම් මේ වන විට ඉතා දැඩිව ජනතා අප්‍රසාදයට ලක්ව සිටින පොහොට්ටුවේ සහාය රනිල්ට ලබා දෙන බව පවසන්නේ නැත. එවිට රනිල් ජනතා අප්‍රසාදයට ලක් වන බව ඔවුන් නොදන්නවා නොවේ. ඒ සියල්ල බැසිල්ගේ සූක්ෂ්ම සැලසුම් ය. මේ වන විට රාජප්කෂවරු ප්‍රමුඛ පොහොට්ටුවේ කොටසක්, සජිත් ප්‍රමුඛ සජබෙ කොටසක් වගේම සිරිසේන ද එකට එක්ව අවි අමෝරා ගෙන සිටිති.

ඒ අතර මේ ආර්ථික අර්බුදය පිළිබඳ සැබෑ අවබෝධයක් සහිත එම පක්ෂ තුනේ මධ්‍යස්ථ මතධාරී පිරිසක් රනිල් සමග පෙරට පැමිණ තිබේ. මේ ආර්ථික අර්බුදය විසඳීමේ එකම හැකියාව ඇති පුද්ගලයා රනිල් පමණක් වන නිසා චීනය සහ රාජපක්ෂ රෙජිමයේ අපේක්ෂාවලට වඩා මහජන අවශ්‍යතාව ජයග්‍රහණය කරනු ඇති බන අපේ විශ්වාසයයි. එහෙත් ඒ දූරදර්ශී තීර්ණය ගත යුත්තේ 225ක් වන මහජන නියෝජිතයන් විසිනි. ඔවුන් ගන්නා වැරදි තීරණයක් නිසා මහජනයා කබලෙන් ලිපට වැටුනොත් ඔවුන්ගේ ගෙවල් පමණක් නොව උන් හිටි තැන් ද නැති වන තරමට මහජන විරෝධය දැඩි විය හැකි බව අපේ තක්සේරුවයි. අපට කළ හැක්කේ බලා සිටීම පමණි.

ජනාධිපති අපේක්ෂකත්වයට නවකයින් යොමුකර රට අරාජික කරන්න එපා - මහා සංඝරත්නය

 

 


 

මේ අවස්ථාවේ රටේ ජනාධිපති ධුරයට පත්විය යුත්තේ වර්තමාත තත්වය කළමණාකරණය කළ හැකි අත්දැකීම් සහිත පුද්ගලයෙක් බව  මහානායක හිමිවරුන්ගේ අදහස වී තිබේ.

නව පුද්ගලයෙකු ජනාධිපති ධුරයට පත්කරගනිමින් තවදුරටත් අත්හදා බැලිම් සිදුකිරීමට මේ අවස්ථාවේදී කාලයක් නොමැති බවත් රට බංකොළොත් බවින් ගලවාගැනීමට මෙන්ම ආර්ථික සමාජීය වශයෙන් ශක්තිමත් කිරිමත් විදෙස් සම්බන්ධතා ගොඩනගා ගනිමින් රාජ්‍යය ශක්තිමත් කිරීමත් අලුතින් පත්වීමට නියමිත ජනාධිපතිවරයා සතු අභියෝග බවද මහානායක හිමිවරන් ඇතුළු භික්ෂුන්වහන්සේලා අතර සාකච්ඡාවක් සිදුවී තිබේ.

ඒ අනුව විවිධ පුද්ගලයින් ජනාධිපති ධුරය සඳහා අපේක්ෂකත්වයට ඉදිරිපත් කිරීමට ප්‍රථම මේ සම්බන්ධයෙන් අවධානය යොමුකරන ලෙසත්  පුද්ගලික අපේක්ෂාවන් වෙනුවට රට පිළිබඳ සිතා තීරණ ගන්නා ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිමීට උන්වහන්සේලා අතර කතාබහක්  ඇතිවී ඇත.

ඒ අනුව රට ආරාජික කරන තීරණවලට එළඹෙන් වළකින ලෙස පොදුජන පෙරමුණ , සමගි ජනබලවේගය,  ජනතා විමුක්ති පෙරමුණ යන පක්ෂවල මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කිරීමට ද උන්වහන්සේලා එකගතාවයකට පැමිණි බවද වාර්තා වේ.

දැනට ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ප්‍රකාශයට පත්කර ඇති ඩලස් අලහප්පෙරුම මහතා තවම ජාතික නායකයෙකු නොවන බවද ඒ සඳහා තවත් කාලයක් ගතවනු ඇති බවද  , සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපතිවීමට  තවත් අත්දැකීම් අවශ්‍ය වන බවද උන්වහස්ලා අතර සාකච්ඡාවී ඇති බවද වාර්තා වේ.

දළඳ වහනසේගේ භාරකරත්වය අස්ගිරි පාර්ශවයට භාරදිම පසුගියදා දළාදා මාලිගාවේදී  සිදුවුන අතර මල්වතු මහානායක හිමියන් සහ අස්ගිරි මහා නායකහිමියන් මේ අවස්ථාවට සහභාගී වු අතර එහිදි මේ සම්බන්ධයෙන් වැඩිවශයෙන් සාකච්ඡා වී තිබේ.

එදින පස්වරුවේ සියලු මහානායක හිමිවරුන්ගේ එකඟතාවයෙන් මාධ්‍ය නිවේදනයක් ද නිකුත් වු අතර රට අරාජික නොකරන ලෙස එහි සඳහන් කර තිබුණි.

 

-        සවිනි වීරසේකර