Saturday, July 16, 2022

ජනාධිපති අපේක්ෂකත්වයට නවකයින් යොමුකර රට අරාජික කරන්න එපා - මහා සංඝරත්නය

 

 


 

මේ අවස්ථාවේ රටේ ජනාධිපති ධුරයට පත්විය යුත්තේ වර්තමාත තත්වය කළමණාකරණය කළ හැකි අත්දැකීම් සහිත පුද්ගලයෙක් බව  මහානායක හිමිවරුන්ගේ අදහස වී තිබේ.

නව පුද්ගලයෙකු ජනාධිපති ධුරයට පත්කරගනිමින් තවදුරටත් අත්හදා බැලිම් සිදුකිරීමට මේ අවස්ථාවේදී කාලයක් නොමැති බවත් රට බංකොළොත් බවින් ගලවාගැනීමට මෙන්ම ආර්ථික සමාජීය වශයෙන් ශක්තිමත් කිරිමත් විදෙස් සම්බන්ධතා ගොඩනගා ගනිමින් රාජ්‍යය ශක්තිමත් කිරීමත් අලුතින් පත්වීමට නියමිත ජනාධිපතිවරයා සතු අභියෝග බවද මහානායක හිමිවරන් ඇතුළු භික්ෂුන්වහන්සේලා අතර සාකච්ඡාවක් සිදුවී තිබේ.

ඒ අනුව විවිධ පුද්ගලයින් ජනාධිපති ධුරය සඳහා අපේක්ෂකත්වයට ඉදිරිපත් කිරීමට ප්‍රථම මේ සම්බන්ධයෙන් අවධානය යොමුකරන ලෙසත්  පුද්ගලික අපේක්ෂාවන් වෙනුවට රට පිළිබඳ සිතා තීරණ ගන්නා ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිමීට උන්වහන්සේලා අතර කතාබහක්  ඇතිවී ඇත.

ඒ අනුව රට ආරාජික කරන තීරණවලට එළඹෙන් වළකින ලෙස පොදුජන පෙරමුණ , සමගි ජනබලවේගය,  ජනතා විමුක්ති පෙරමුණ යන පක්ෂවල මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කිරීමට ද උන්වහන්සේලා එකගතාවයකට පැමිණි බවද වාර්තා වේ.

දැනට ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ප්‍රකාශයට පත්කර ඇති ඩලස් අලහප්පෙරුම මහතා තවම ජාතික නායකයෙකු නොවන බවද ඒ සඳහා තවත් කාලයක් ගතවනු ඇති බවද  , සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපතිවීමට  තවත් අත්දැකීම් අවශ්‍ය වන බවද උන්වහස්ලා අතර සාකච්ඡාවී ඇති බවද වාර්තා වේ.

දළඳ වහනසේගේ භාරකරත්වය අස්ගිරි පාර්ශවයට භාරදිම පසුගියදා දළාදා මාලිගාවේදී  සිදුවුන අතර මල්වතු මහානායක හිමියන් සහ අස්ගිරි මහා නායකහිමියන් මේ අවස්ථාවට සහභාගී වු අතර එහිදි මේ සම්බන්ධයෙන් වැඩිවශයෙන් සාකච්ඡා වී තිබේ.

එදින පස්වරුවේ සියලු මහානායක හිමිවරුන්ගේ එකඟතාවයෙන් මාධ්‍ය නිවේදනයක් ද නිකුත් වු අතර රට අරාජික නොකරන ලෙස එහි සඳහන් කර තිබුණි.

 

-        සවිනි වීරසේකර

 

 

No comments:

Post a Comment