Thursday, January 5, 2023
කසකරුවන් එළි බැසීම - සහන් තෙන්නකෝන්
ඡන්දය පැවැත්වීම ගැන මැතිවරණ කොමිසම මත හතරක
මැතිවරණ කොමිසමේ සාමාජිකයන් සිව්දෙනෙක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (05) සන්ධ්‍යාවේ හමුවූහ.
මැතිවරණ කොමිසමේ සාමාජිකයන් මැතිවරණය සම්බන්ධයෙන් කොමිසමේ කටයුතු පිළිබඳ මත හතරක් දැරීම පිළිබඳ ජනාධිපතිවරයා පවසා ඇත්තේ, පළමුව ඔබ සිව්දෙනා බහුතර ඒකමතික කැමැත්තක් සහිතව කටයුතු කරන ලෙසයි. කොමිසමේ නිදහස කොමිසමට බාර දී ඇති බව ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත.
එය ස්වාධීනව පවත්වාගෙන යෑමට කිසිදු බාධාවක් නොමැති බවද ජනාධිපතිවරයා එහිදී පවසා ඇත. අවශ්‍ය නම් නීතිපතිවරයාගෙන්ද ලිඛිතව විමසීම් සිදු කරන ලෙස ද වික්‍රමසිංහ මහතා පිරිස දැනුවත් කර තිබේ. ඒ සඳහා නීතිමය සහයෝගය ලබා දීමට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කරනු ඇති බවද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පවසා ඇත.
නීතිපතිවරයා එහිදී දන්වා ඇත්තේ නිදහස් හා සාමකාමී මැතිවරණයක් පැවැත්වීම සඳහා පැවැතිය යුතු පසුබිම පිළිබඳ වන තත්ත්වයන් නීතිපතිවරයා වෙත දැනුවත් කරන ලෙසත් මැතිවරණ කොමිසමේ කටයුතු පිළිබඳ යම් නීතිමය ගැටලුවක් ඇතොත් එය විමසීමට අවශ්‍ය වන්නේ නම් සෘජුවම තමා වෙත දන්වා එවන ලෙස ද ප්‍රකාශ කර ඇත.
මැතිවරණ කොමිසමේ සාමාජිකයන් මත 4ක් දැරීම හේතුවෙන් සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන් වූ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
“ජාතික යොවුන් වේදිකාව” සඳහා අයදුම්පත් සහ යෝජනා කැඳවීම ඇරඹේ
75 වැනි ජාතික නිදහස් සැමරුමට සමගාමීව ගොඩනැගීමට නියමිත ජාතික යොවුන් වේදිකාව සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කර ඇත. 2048 වසර වන විට සමෘද්ධිමත් සහ බලගතු ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ ක්‍රියාවලියේ කොටස්කරුවෙකු වීමට ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට අවස්ථාව ලබා දීම සහ වසර 25ක සංවර්ධන න්‍යාය පත්‍රයට තරුණ ප්‍රජාව වගකිවයුතු හවුල්කරුවන් ලෙස දායක කර ගැනීම ජාතික යොවුන් වේදිකාව නිර්මාණය කිරීමේ අමුණයි.
වත්මන් තරුණ පරපුර 2048 වසර වන විට වැඩිහිටි වියට පත් වී රටේ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ප්‍රධාන භූමිකා ඉටු කරනු ඇත. ඒ අනුව අනාගත දේශපාලන ක්‍රමය සහ දේශපාලනඥයන් පිළිබඳ මැසිවිලි නොනගා දියුණු ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ වගකීම ඔවුන් වෙත පැවරේ.
රට තුළ සමාජ, ආර්ථික සහ දේශපාලන වෙනසක් ඇති කිරීමට නම් තරුණ ප්‍රජාව පෙරට පැමිණ නායකත්වය ගත යුතු බවත්, ජාතික යොවුන් වේදිකාව ඒ සඳහා ඔවුන්ට මහඟු අවස්ථාවක් බවත් ජනාධිපතිවරයාගේ අදහසයි.
නීතිය සහ ආර්ථිකය/ අධ්‍යාපනය, වෘත්තීය පුහුණුව, අනාගතය සඳහා කුසලතා/ තිරසාර සංවර්ධනය සහ දේශගුණික ක්‍රියාමාර්ග/ සෞඛ්‍ය, ආරක්ෂිත ආහාර සහ ජල ප්‍රමිතීන්/ ජාතික ආරක්ෂාව/ රාජ්‍යතාන්ත්‍රික හා ජාත්‍යන්තර සබඳතා/ කෘෂිකර්මය, ධීවර සහ සත්ව පාලනය/ ක්‍රීඩා/ සෞන්දර්යය – චිත්‍ර, සංගීතය, නාට්‍ය, චිත්‍රපට, ගෘහ නිර්මාණ ශිල්පය ආදිය/ කර්මාන්ත, නවෝත්පාදන සහ ව්‍යවසායකත්ව/ තිරසාර නගර සහ ප්‍රජාවන්/ ජලය, වාතය, ගොඩබිම සහ සත්ව ආරක්ෂාව/ පාලනය, පාලනය සඳහා තාක්ෂණය, විනිවිදභාවය සහ දූෂණ පිටුදැකීම/ ජාතික සංවර්ධනය සඳහා කෘතිම බුද්ධිය සහ යාන්ත්‍රික විද්‍යාව ඉගෙනීම/ සාධාරණ සමාජයක් යන ක්ෂේත්‍ර කෙරෙහි ජාතික යොවුන් වේදිකාවේ අවධානය යොමු කෙරේ.
සාමාජික, තරුණ සංවිධාන සහ උපදේශක වශයෙන් කාණ්ඩ තුනක් යටතේ ජාතික යොවුන් වේදිකාව සඳහා අයදුම්පත් කැඳවීම සිදු කෙරේ.
සාමාජිකයෙකු ලෙස අයදුම් කිරීමේ වයස් සීමාව 16 – 35 අතර විය යුතු අතර තරුණ සංවිධානය සඳහා අයදුම් කිරීමට වයස අවුරුදු 40ට අඩු විය යුතුය. උපදේශක තනතුර සඳහා වයස් සීමාවක් නොමැත.
ජාතික යොවුන් වේදිකාවේ සාමාජිකත්වය ලබා ගැනීමට අපේක්ෂා කරන්නන් ඔවුන් වසර ගණනාවක් තිස්සේ කර ඇති ව්‍යාපෘති සහ වැඩසටහන් පිළිබඳ විස්තර සහිත වාර්තාවක් ඉදිරිපත් කළ යුතුය.
ජාතික යොවුන් වේදිකාවේ අවධානය යොමු කරන ලද ක්ෂේත්‍රවල ප්‍රවීණත්වයක් සහිත පුද්ගලයින්ට උපදේශකවරයෙකු ලෙස අයදුම් කිරීමට හෝ එවැන්නන් වැඩසටහනේ උපදේශකයෙකු ලෙස නිර්දේශ කිරීමට හැකි අතර ඔවුන්ව තෝරා ගැනීම් සිදු කරන්නේ සම්මුඛ පරීක්ෂණ ක්‍රියාවලියකින් පසුවය.
සියලුම අයදුම්කරුවන් තමන් කටයුතු කිරීමට අපේක්ෂා කරන එක් ක්ෂේත්‍රයක් පමණක් තෝරාගත යුතු අතර තමා විසින් සකස් කළ අයදුම්පතක් 2023 ජනවාරි 31 හෝ ඊට පෙර dir.ysd@presidentsoffice.lk ඊමේල් ලිපිනය මගින් හෝ “අධ්‍යක්ෂ, තරුණ හා තිරසාර සංවර්ධන, ජනාධිපති කාර්යාලය, කොළඹ 01″ ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ යුතුය.
පරිපාලනය, අන්තර්ගතය නිර්මාණය කිරීම, තොරතුරු තාක්ෂණය, අලෙවිකරණය, සැපයුම් සහ මූල්‍ය යන ක්ෂේත්‍රවල සිය සේවාව ස්වේච්ඡාවෙන් ලබාදීමට කැමති ඕනෑම අයෙකුට ජනාධිපති ලේකම් කාර්යාලයේ තරුණ හා තිරසාර සංවර්ධන අධ්‍යක්ෂවරයා සමඟ ඍජුව සම්බන්ධ වීමට ද අවස්ථාව පවතී.
Wednesday, January 4, 2023
බස් ගාස්තු අඩුකරන්න නොදෙන මාෆියාව
ඉන්ධන මිල අඩු කිරීමත් උද්දමනය
ක්‍රමයෙන් පහළ යාමත් හේතුකොටගෙන මේවනවිට ක්ෂේත්‍ර කිහිපයක මිල අඩුකිරීම් සිදුවිය. මගී
ජනතාවටද ඉන්ධන මිල අඩුවීමේ සහනය ලබාදිය යුතු උවද බස් ගාස්තු අඩුකිරීමට පෞද්ගලික බස්
හිමියෝ සූදානම් නැත. ඔවුන් එයට දැඩි විරෝධයක් දක්වමින් සිටිති.
මිල අඩුකළ දේවල්
අද මධ්‍යම රාත්‍රියේ
සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල පහළ දැමීමට රජය පියවර ගෙන ඇත. ඒ අනුව 12.5
ගෑස් සිලින්ඩරයක් රුපියල් 201 කින්
පහළ දමා තිබේ. එමෙන්ම කිලෝ ග්‍රෑම් 05 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 80කින්
මිල පහළ දමා තිබේ.
එමෙන්ම අද සිට ක්‍රියාත්මක
වන ආකාරයට අධිවේගී මාර්ග බස් ගාස්තු ද අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව
විසින් පියවර ගෙන තිබුණි.
අඩු නොකරන බස් ගාස්තු
කෙසේ උවද බස් ගස්තු අඩුකර සහන ලබාදීමට පෞද්ගලික බස් හිමියෝ දැඩි ලෙස
විරෝධය දක්වමින් සිටින අතර ගමනාගමන කොමිෂන් සභාවද මෙතෙක් ඒ සම්බන්ධයෙන් පියවරක් ගෙන
නොමැත. බස් මාෆියාවට හසු නොවී මෙවන් දුෂ්කර මොහොතක ජනතාව වෙනුවෙන් රජය පියවර ගනු ඇතැයි
ජනතාව අපේක්ෂාවෙන් සිටියි.
කොමිසමේ බෙදීමක් - ඡන්දය පැවැත්වීම අවුලක?
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ දින වකවානු ඉතාම ආසන්නව
තිබියදී ජාතික මැතිවරණ කොමිසම තුළ ඇතිව තිබෙන බෙදීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ
උපදෙස් ගැනීමට රජය තීරණය කර තිබේ.
රජය මෙම තීරණයට එළැඹ ඇත්තේ පළාත් පාලන මැතිවරණය කැදවීමේ
ගැසට්ටුව නිකුත් කිරීමට ආසන්න අවස්ථාවක ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ අභ්‍යන්තරයේ
ඇතිව තිබෙන බෙදීමක් සැලකිල්ලට ගෙනය. ඉහත බෙදීමට අනුව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ
නිමල් පුංචිහේවා මහතා සමඟ සුළුතුරයක් පමණක් සිටීම හේතුවෙන් ඉදිියේදී ගතයුතු පියවර
පිළිබඳව වහ වහාම උපදෙස් ගැනීමට රජය වැඩිදුරටත් අදහස් කර තිබේ.
මැතිවරණය පැවැත්විය යුතු බවට කොටසක් ප්‍රකාශ කරද්දී තවත්
පිරිසක් මුදල් නොමැතිකම නිසා මැතිවරණය නොපවැත්විය යුතු බවට ප්‍රකාශ කිරීම බරපතල
අභ්‍යන්තර බෙදීමක් ඇතිවීමට මූලික හේතුව බව දැනගන්නට තිබේ.
මැතිවරණ කොමිසම තුළ පැහැදිලිව කණ්ඩායම් දෙකක් පැවැතීම
තුළ නාම යෝජනා කැදවූවත් මැතිවරණය පැවැත්වීමේ ගැටළු රාශියක් මතුවිය හැකි බව මැතිවරණ
නිරික්ෂණ සංවිධානවල අදහසවේ. මැතිවරණය පැවැත්වීම වෙනුවෙන් බිලියන 12 ට වැඩි මුදලක් අවශ්‍ය
වුවත් අය වැයෙන් මුදල් වෙන් කර ඇත්තේ බිලියන 10 ක් නිසා සම්පූර්ණ මුදල නොගෙන මැතිවරණ වියදම් කළමනාකරණය
කළ නොහැකි බව බහුතරයකගේ අදහස වී තිබේ.
ඔවුන් පෙන්වා දෙන්නේ රාජකාරි වෙනුවෙන් පැමිණෙන රජයේ සේවක
ගෙවීම් මෙන්ම ඉන්ධන වෙනුවෙන් ගෙවීම් සහ අහාර වෙනුවෙන් ගෙවීම් මහා භාණ්ඩාගාරයෙන් මුදල්
නොලද හොත් රාජකාරි ගැටළු රාශියක් උද්ගතවනු ඇති බවය. එම නිසා මෙම ගැටළු ගැන මුදල්
අමාත්‍යංශය සමඟ සාකච්ඡා කොට මුදල් ලැබෙන බවට සහතිකයක් නොගෙන මැතිවරණ දිනය ප්‍රකාශයට
පත් නොකරන ලෙස මැතිවරණ කොමිසමේ බහුතර සමාජිකයන්ගේ ඉල්ලීම වී තිබේ.
එහෙත් සභාපති හා ඔහු සමඟ සිටින සුළුතර කණ්ඩායම මැතිවරණය
පවත්වද්දී අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන මුදල් අමාත්‍යාංශය මගින් නිකුත් කරනු ඇතැයි යන
අන්ධ විශ්වාසයෙන් සිටින බව මැතිවරණ කොමිසමේ ජ්‍යෙෂ්ඨයෙකු සඳහන් කළේය.
නාම යෝජනා කැදවීමේ ගැසට් නිවේදනය පළ කලත් පවතින අභ්‍යන්තර
බෙදීම හේතු කොට ගෙන මැතිවරණ රාජකාරීන් හි ගැටළු මතු වනු ඇතැයි මැතිවරණ කාර්යාල
නිලධාරීන්ගේ අදහසවේ. ඉහත සියළු කරුණු සැලකිල්ලට ගෙන මැතිවරණ කොමිසමේ ඇතිව තිබෙන
වත්මන් බෙදීමට අදාළව ගතයුතු පියවර ගැන වහාම උපදෙස් ගැනීමට තීරණය කර ඇතැයි ජ්‍යෙෂ්ඨ
අහාත්‍යරයෙකු සඳහන් කළේය.
Monday, January 2, 2023
මැතිවරණයට වියදම් කළොත් රට තවත් අර්බුදයකට?
ආර්ථික අවපාතයක පසුවන ශ්‍රී
ලංකාව මෙවනවිට ආර්ථික ප්‍රතිසංස්කරණ රැසක් ආරම්භකිරිමේ අවස්ථාවක සිටින අතර ඒසේ
නොකළහොත් රට තවදුරටත් අවධානමකට ලක්වන බව සියලුදෙනා මේවනවිට අවබෝධකරගෙන තිබේ. එවන්
අවස්ථාවක මැතිවරණ පැවැත්වීම සඳහා මුදල් වැය කිරීම ආර්ථික අර්බුදය තවත් උග්‍රකරවීමට
හේතුවක් විය හැකිය.
මේ සම්බන්ධයෙන් ඊයේ(02දා)
දිනයේදී විශ්‍රාමික කර්නල්වරයකු වන ඩබ්ලිව් ආර් එම් විජේසුන්ර මහතා විසින් ශ්‍රේෂ්ඨාධිරකණයට
රිට් පෙත්සමක් යොමුකර ඇති අතර අධික මුදල් වැය කරමින් පළාත් පාලන ඡන්දයක් පැවැත්වීමෙන්
ආර්ථික අර්බුදය තවත් උග්‍රවන බව සඳහන් කර තිබේ.
මේ මොහොතේ අවශ්‍ය පළාත් පාලන
ඡන්දයක් ද?
මේවනවිට විපක්ෂය ඇතුළු දේශපාලන
පක්ෂ බොහොමයක් සඳහන් කරන්නේ පළාත් පාලන ඡන්දය ඉක්මණින් පවත්වන ලෙසයි. නමුත් පවතින ආර්ථික
අර්බුදය තුළ පළාත් පාලන ඡන්දයක් පැවැත්වීමෙන් රටට හෝ ජනතාවට සිදුවන යහපත කුමක්දැයි
මේ කිසිදු පක්ෂයක් සඳහන් කරන්නේ නැත.
පාර්ලිමේන්තු මැතිවරණයක්
හෝ ජනාධිපතිවරණයකින් රටේ පාලන බලය වෙනස් වන අතර ඒසේනම් ඉල්ලිය යුතුව ඇත්තේ ඒවැනි මැතිවරණයකි.
නමුත් එම මැතිවරණ දෙකම පැවැත්වීමට තවත් බොහෝ කාලයක් තිබේ.
රට පවත්වාගෙන යාමට බැරි මට්ටමක
සිටින අවස්ථාවක මෙවැනි නිශ්ඵල මැතිවරණයක් පැවැත්වීමට සම්බන්ධයෙන් යලිත් වරක් සිතිය
යුතු වන්නේ ඒනිසාය.
බිලියන 10 කට වඩා වැඩි මුදලක්
මේ අවස්ථාවේ පළාත් පාලන මැතිවරණය
පැවැත්වීමට රුපියල් බිලියන 10 ට වැඩි මුදලක්
වියදම් වන බව ගණන් බලා ඇති අතර එසේ උවද මහා භාණ්ඩාගාරය තුළ එතරම් මුදල් ප්‍රමාණයක්
නොමැති වීම හේතුවෙන් මුදල් අච්චු ගැසීමට සිදුවේ.
එකවර එවන් මුදල් ප්‍රමාණයක්
අච්චුගැසීම හේතුවෙන් රට තුළ උද්දමනය තවදුරටත් වැඩිවිය හැකි අතර එවිට රට යළිත් අර්බුදයකට
ගමන් කරයි.
තවත් මහජන නියෝජිතයෝ
8000 ක්
වත්මන් පළාත් පාලන අණපනත්
යටතේ දිවයිනේ පලාත් පාලන ආයතන සියල්ල සඳහාම මහජන නියෝජිතයින් 8711 ක් පත්කර ගත යුතුව
ඇත. එලෙස ඔවුන් පත්කර ගැනීමේන් පසුව ඔවුන්ට වැටුප් , ඉන්ධන , දීමනා, ආදීය ලබාදිය යුතුය.
ඒමෙන්ම පළාත් පාලන ආයතන ආරම්භකළ විට ඒ්වායෙන් විවිධ ව්‍යාපෘති කළ යුතු වේ. මේ කිසිවක්
සඳහා මුදල් නොමැති කාලයකි. එසේනම් වැඩ නොකර පුටු රත්කරමින් සිටීමට තවත් මහජන නියෝජිතයෝ අවශ්‍යද?
උද්දමනය අහස උසට
රටතුළ පෝලිම් යුගය නිමාවී
තිබුණද ආර්ථීක අර්බුදය තවමත් උඩුදුවමින් පවතී. මෙවන් යුගයක දරුවන්ට පාසල් යාමට පොත්පත්
ලබාදීමට නොහැකි තත්වයක් සේම ආහාර ලබාදීමට නොහැකි තත්වයක්ද රටතුළ උද්ගතවී තිබේ. එවන්
අවස්ථාවක මහජන බදු මුදල් අර්ථවත්ව යෙදවීම සිදුකළ යුතුව ඇති අතර මහජන මුදල් කාබාසිනියා
කරන ක්‍රියා සිදුකිරීමෙන් වන්නේ උද්දමනය තවත් ඉහළ යාම පමණකි.
ඒමෙන්ම මේ දින කිහිපය තීරණාත්මක
දින කිහියක් වන්නේ IMF සංවිධානය විසින් ශ්‍රීලංකාව ණය ගෙවීමේ සුදානම නිරීක්ෂණය කරමින් සිටින කාලවකවානුවක්
වීම හේතුවෙනි.
ඒවන් අවස්ථාවක මුදල් අනවශ්‍ය
ලෙස වියදම් කරමින් රජයේ වියදම තවත් වැඩිකරගැනීමෙන් සිදුවන්නේ ලැබීමට ආසන්නව පවතින IMF ණය මුදල ද නොලැබී යාම පමණකි.
ඒලෙස ගත්කළ මෙම පළාත් පාලන
මැතිවරණය පැවැත්වීමෙන් රටට හෝ ජනතාවට සිදුවන සෙතක් නොමැත.
රට අර්බුදයකට මුහුණ දෙන අවස්ථාවක තනත් මහජන නියෝජිතයෝ 8000 ක් නඩත්තු කිරීමට
අවශ්‍යද
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නිවැරදි කාලය මෙය නොවන බවට හේතු මෙන්න
1. මැතිවරණය
පැවැත්වීමට අවමය රුපියල් බිලියන 10 ක මුදලක් අවශ්‍ය වේ. නමුත් එවැනි මුදල් ප්‍රමාණයක් භාණ්ඩාගාරයේ නැත
2. මැතිවරණ
පැවැත්වීම සඳහා මුදල් ලබා ගත යුත්තේ ලැබෙන ආදායම හෝ ණය මගින් මුදල් ලබා ගැනීම මත
බව මැතිවරණ කොමිෂන් සභාව පැහැදිලිවම ප්‍රකාශ කර ඇත. ඒ සඳහා මුදල් අච්චු ගැසීමට මහ බැංකුවට
සිදුවන බැවින් එමගින් රටේ උද්ධමන තවත් ඉහළ යයි
3. පළාත් පාලන මැතිවරණ
පවත්වා සාමාජිකයන් තෝරා පත් කර ගත්තද ඔවුන්ට කිසිදු ව්‍යාපෘතියක් කිරීමට මුදල්
නැත.
4. මැතිවරණයෙන්
තේරීපත්වන මන්ත්‍රීවරුන්ගේ දීමනා සහ වියදම් සඳහා රජයට විශාල
මුදලක් වැය කිරීමට සිදුවනු ඇත. ඒ්වා ලබාදීමට යළිත් බදු සංශෝධනක් සිදුකළ යුතුවේ
5. සාමාන්‍ය
ජනතාවට අමතර බරක් පටවා මැතිවරණ පැවැත්වීම සඳහා දරන වියදම රටේ සිදුවන ආර්ථික ප්‍රතිසංස්කරණවලට
යළි ආපසු හැරවීමක් ය
6. ආර්ථික අර්බුදයෙන් මිදීමට IMF ණය ලබාගැනීමට, ණය
ආපසු ගෙවීමේ හැකියාව රජය පෙන්වීමේ ක්‍රියාවලියක යෙදී සිටින අවස්ථාවක පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට බිලියන 10ක් වැය කිරීම IMF වෙතින් ඉල්ලා
සිටින මූල්‍ය ආධාර නොලැබීමට හේතුවන් වීමට පුළුවන



