Thursday, July 14, 2022

සජබෙන් අරගලකරුවන්ට අභියෝගයක්




 සමගි ජන බලවේලගයෙන් අරගලකරුවන්ට wNsfhda.hla


සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති වීමට නොහැකි යැයි පවසන අරගලකරුවන්ට නාම යෝජනා ඉදිරිපත් කර ජනාධිපති තරඟයට පැමිණෙන්නැයි ජාතික සමගි ජන බලවේගයේ පාර්ලිමේනතු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පැවසීය. 

විපක්ෂ නායක් කාර්යාලයේ ඊයේ පැවති මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මෙසේ පැවසීය. 

ඔහු වැඩිදුරටත් මෙසේ පැවසීය.

‘අරගයේ ඉතාමත් සුළු අන්තවාදී පිරිසක් තමයි ඔහොම කියන්නේ. මේ රටේ තියෙන නීතිය අනුව පාර්ලිමේන්තුවේ 225 න් කෙනෙක් තමයි ජනාධිපති ධුරයට පත් වෙන්න ඕනේ. එහෙම නැතුව අරගලකරුවන්ට හිතුමතේට ජනාධිපතිවරු පත්කරන්න බෑ. තමන්ගෙ නායකයා ව ජනාධිපති කරන්න ඕන නම් ඒ පුද්ගලයාට පාර්ලිමේන්තුව තුළ බහුතරය හදාගන්න කියන්න. එහෙම නැතුව මරනවා කියල හරි, පාර්ලිමේන්තුව වට කරනවා කියලා හරි බය කරලා රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැති කරන්න ඉඩ දෙන්න බෑ. ඒ නිසා අපි අරගලකරුවන්ට කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පිටන් ගිහින් රට අස්ථාවර නොකර ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් සථාපිත කිරීමට සහාය දෙන්න.’

ආදරයේ අරගලය විනාශ කරන්න එපා


මාධ්‍ය ආයතනවලට කඩා වැදීම අනුමත කරන්න බෑ

පොදුජන අරගලය අවභාවිත කරමින් ජාතික රූපවාහිනය සහ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට බලහත්කාරයෙන් ඇතුළු වී බලපෑම් කිරීම දැඩි ලෙස හෙළා දකින බවත්, ජනමාධ්‍යවලට ලබපෑම් කිරීම වහා නැවැත්විය යුතු බවත්, නිදහස් මාධ්‍ය ව්‍යපාරය සහ ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.


ජාතික රූපවාහිනි පරිශ්‍රයට ඇතුළු වී, එහි වැඩසටහන් සැකැසම පිළිබඳ නියෝග පනවමින්, සජීවී වැඩසටහනකට සහභාගී වෙමින් පළ කළ අදහස් පිලිබඳ දැඩිව අවධානය යොමු කරන නිදහස් මාධය ව්‍යාපාරය, එම බලහත්කාරී ක්‍රියා කලාපය හා ආන්තික අදහස් තරයේ ප්‍රතික්ෂේප කරන බව පවසයි.


මාධ්‍ය අන්තර්ගතය තීරණය කිරීම ඒ ඒ මාධ්‍ය ආයතනවල සංස්කාරක මණ්ඩලය සතු අයිතියක් වන අතර ඊට බලපෑම් කිරීම මාධ්‍ය නිදහස පිළිබඳව සලකා බැලෙන පිළිගත් නිර්ණායකවලට අනුව පැහැදිලිවම මාධ්‍ය නිදහස උල්ලංඝනය කිරීමක් යැයි ද එම සංගමය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

අරගලකරුවන් ලෙස පෙනී සිටි නියෝජිතයන් ජාතික රූපවාහිනිය තුළ නියෝග දෙමින් හැසිරුණු ආකාරය ශිෂ්ට සම්පන්න සමාජයක් කිසිසේත අනුමත නොකරන තත්ත්වයක් බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

ජාතික මාධ්‍ය ආයතන තුනකට ඇතුළු වීමත්, එක් ආයතනයක වාහනයකට අලාභහානීකිරීමත් පිළිබඳව බලවත් කනස්සල්ල කරන් බවත්, ආදරයේ ආරගලය නමින් ආරම්භ කළ දියුණු සංස්කෘතික විරෝධතා අවකාශය විනාශ වීමට ඉඩ නොතබන ලෙසත් දැඩිව අවධාරණය කර තිබේ.

රනිල් පොළඟෙක්

'මානවම්ම‘ පැරදු Netflix බලන වික්‍රමසිංහගේ මැරතන් ධාවනය


එජාප පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ වසර 27 මාස 6 ක මැරතන් ධාවනයකින් පසුව රාජ්‍ය නායකත්වයට අද පත්වන්නේය. 


‘මානවම්ම‘ කුමාරයා අවුරුදු 24 ක් උත්සහ කර, 659 වසරේ දී ‘දාඨෝපතිස්ස‘ නමින් ලංකාවේ රජවුණු බව ඉතිහාස කතාවල තියෙනවා. මේ කතාව ජනගත වුනේ, රනිල් වික්‍රමසිංහ රූපවාහිනී සාකච්ඡාවක දී මේ ගැන කියූ නිසාමයි.

 

රාජ්‍යත්වය පතා වැඩිම කාලයක් කැපවීම් කරපු ලංකාවේ නායකයා ලෙස ‘මානවම්ම‘ වෙනුවට ‘රනිල් වික්‍රමසිංහ‘ අද සිට පත් වෙනවා. දවස් පහකට ද, දහයකට, වසර දෙකකට ද යන්න කියන්නට නොහැකියි. 


රනිල් ගන්නේ ඩීසල් නැති, පේට්‍රල් නැති, දෙවැනි තෙල් නැවට ගෙවාගන්න සල්ලි නැති රටක්.  මේ පැයේ ක්‍රියාකාරීව ඉන්න දේශපාලනඥයින්ගෙන් බහුතරයක් ඔහුට මතවාදීව පමණක් නොව, මාරාන්තික විරෝධතාවයක ඉන්න මොහොතක. ඕනෑම ගොඩනැගිල්ලක්, විනාඩි කිහිපයකින් අත්පත් කර ගන්නට සමත් අරගලකරුවන් සිටින යුගයකය. 


2005 දි වරක් LTTE න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම් රනිල් වික්‍රමසිංහ සහ මහින්ද රාජපක්ෂ ගැන මෙහෙම කිව්වා.


" මහින්ද රාජපක්ෂ කියන්නේ නාගයෙක්. ඔහු වේගයෙන් පිඹියි. පෙණය පුප්පයි. ඉන්පසු ඔබට දෂ්ට කරයි. ඉතින්, ඔබට ඔබේ ආත්මාරක්ෂාව සඳහා බේරෙන්න යම් කාලයක් තිබෙනවා.


හැබැයි රනිල් වික්‍රමසිංහ කියන්නේ පොළඟෙක්. ඔබට පේන්නෙ ඔහු නිදි වගෙයි. සමහර විට මැරිලා වගේ. එහෙම පෙන්නුවත් නොසිතූ මොහොතක සැණෙකින් ඔහු පැන ඔබට දෂ්ට කරාවි. එවිට ඔබට බේරෙන්න තිබෙන අවස්ථා හරිම අඩුයි. "


රනිල්ගේ දේශපාලනය ගැන අපිට අලුතෙන් ලියන්නට දෙයක් නැත.  පහුගිය සමයේ දේශපාලනිකව පොඩි විවේකයක් ලබාගත් රනිල් දැන් Netflix බලා, අලුත් පොත්පත් කියවා  නව දැනුමෙන් සන්නද්ධ වී පැමිණ තිබේ. 


මින් පෙර සෑම අවස්ථාවකදීම ඔහු අංක 2 විය. එය බොහෝ විට ඔහුගේ අසාර්ථක භාවයට හේතුව වන්නට විය හැක. අද ඔහු අංක 01 වී ඇති නමුත් පෙර අවස්ථා සියල්ලටම වඩා දරුණු  වටපිටාවක පළමුවෙනියා වීම අතිශය භයානකය.


අරගල, හදිසි නීතිය, ඇඳිරි නීතිය, සාගතය, පෝලිම්, ආර්ථික අර්බුද මැදින් හැමදාම රනිල් අගමැති විය. 


අද ඔහු ඒ සියල්ලම මැදින් රාජ්‍ය නායකත්වයට පත් වි තිබේ!   


වාර්තා වෙන අන්දමට එළඹෙන 20 වනදා ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වුනොත් මන්ත්‍රීවරු 225න් 132 කට වැඩි ප්‍රමාණයකගේ ජන්දයෙන් මේ රටේ විධායක ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්වීමටත් නියමිතව තිබේ.


හන්දියේ කඩ පිළේ, බෝක්කු අයිනේ කම්මැලිකමට කල් මැරීමට දාම් අදින ලද ක්‍රීඩකයින්ව, හොදින් සිතා බලා චෙස් අදින රනිල් වික්‍රමසිංහ සමඟ සටනට යැවීම අරගලකරුවනුත්, දේශපාලන පක්ෂත් නොකල යුතු දෙයකි. ඒ වෙනුවට චෙස් දන්න පිරිසක් පෙරට පැමිණිය යුතුව තිබේ. 


එය බොහෝ දෙනෙකුට වටහාගත හැකි යයි මම නොසිතමි. 



උපුටා ගැනීමකි.


ජනපති ඩලස් - විපක්ෂ නායක නාමල්

 

 


ගෝඨාභය රාජපක්ෂ මහතගෙන් ගිලිහුණ ජනාධිපති ධුරය නැවත රාජපක්ෂ කඳවුර වෙත ලබාගැනීමේ මෙහෙයුමක් රාජපක්ෂ කඳවුර හා පොදුජන පෙරමුණ ආරම්භකර ඇත.

ඒ අනුව දැනට රාජපක්ෂ විරෝධියකු ලෙස තාත්වික රංගනයක යෙදෙන ඩලස් අලහප්පෙරුම අනුප්‍රාප්තික ජනාධිපති ලෙස පත්කරගැනීමට පොදුජන පෙරමුණ තුළ මේවනවිට පොදු එකගතාවයක් ලබාගැනිමට බැසිල් රාජපක්ෂ මහතා ඊයේ(13දා) වනවිට කටයුතු කර තිබේ.

මේවනවිට පොදුජන පෙරමුණෙන් කැඩිගොස් ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස පෙනී සිටින මන්ත්‍රීවරුන්ද ඩලස් අලහප්පෙරුම ජනාධිපති ලෙස පත්කරගැනීමට ඡන්දය ලබාදීමට සුදානම් බවද බැසිල් රාජපක්ෂ මහතාට පෙරේදා පැවති සාකච්ඡාවකදී දැනුම්දී  ඇත.

මේ අතර අනුප්‍රාප්ත්‍රික ජනාධිපතිවරයා ලෙස ඩලස් අලහස්පෙරුම පත්කරගැනීමෙන් අනතුරුව විපක්ෂයේ ස්වාධීනව සිටින මන්ත්‍රී කණ්ඩායමට තවත් මන්ත්‍රීවරුන් පිරිසක් එකතුකර ගනිමින් නාමල් රාජපක්ෂ ද විපක්ෂයේ අසුන් ගැනීමට මේවනවිට රාජපක්ෂ කඳවුර සැලසුම් කර තිබේ.

ඒ අනුව විපක්ෂ නායක ධුරය සඳහා නාමල් රාජපක්ෂ පත්කර ගැනීමටත් මේ හරහා තීරණයකර ඇත.

විපක්ෂ නායක ධුරය ලබාගැනීමේදී සමගි ජනබලවේගයෙන් එල්ලවන විරෝධය වළක්වා ගැනීමේ ආකාරයද රාජපක්ෂ කඳවුර අතර සාකච්ඡා වී ඇති අතර එහිදී මෙතෙක් රාජපක්ෂවරුන් විසින් සඟවාගෙන සිටින සජිත් ප්‍රේමදාස විසින් සිදුකර ඇති රුපියල් බිලියන ගණනක වංචා වන මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් පෞද්ගලික පරිහරණයට ලබාගැනීම සහ නිවාස සංවර්ධන අධිකාරියේ මුදල් වංචා සමාජ ගතකිරීමටද සාකච්ඡා කර ඇත.

 

- ධනංජය රළපනාව

 

 

 

 

 

  

 

 

Wednesday, July 13, 2022

රනිල්ට කෙලවන රාජපක්ෂ ගැටේ







රනිල් පැන්නීමට රාජපක්ෂ කඳවුරේ සුක්ෂම සැලැස්මක් සුදානම් -  ඩලස් අලහප්පෙරුම ජනපති කිරීමේ සැලසුමට සජිත්තුත් පටලවා ගනී

පොහොට්ටු මන්ත්‍රී  ඩලස් හිටි හැටියේ රාජපක්ෂ විරෝධියෙකු බවට පත් කොට  වෙස් පෙරලවයි 


………………………………

 

පවතින දේශපාලන ව්‍යාකූලත්වය මධ්‍යයයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කොට පොහොට්ටුව නැවත වතාවක් වෙනස් මුහුණුවරකින් රාජ්‍ය බලය අත්පත් කර ගැනීමේ සූදානමක් පිළිබඳ තොරතුරු මේ වනවිට වාර්තා වෙමින් තිබෙනවා.

 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිල වශයෙන් ජනාධිපති ධුරයෙන් ඉවත් වීමෙන් පසු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපති ධූරයට පත් වීමට නියමිතව තිබෙනවා.

 

කෙසේවෙතත් ඉන්පසුව නව ජනාධිපතිවරයෙකු සහ අගමැතිවරයකු තෝරා පත් කර ගැනීමට නියමිතව ඇති අතර එම අවස්ථාවේදී පොදුජන පෙරමුණ හරහා රාජපක්ෂ පවුල සූක්ෂම ලෙස නැවත වතාවක් රාජ්ය් බලය අත්පත් කර ගැනීමට සැලසුමක් සකස් කර ඇති බවයි දැනගන්නට ඇත්තේ.

 

මේ සඳහා ආණ්ඩුවේ ප්‍රධාන හවුල්කාර පක්ෂ 11 ද සම්බන්ධ කර ගැනීමට කටයුතු සුදානම් කර ඇති අතර මේ කටයුතු සම්බන්ධිකරණ කිරීම සිදුකරන්නේ විසිරුවා හරින ලද රජයේ අමාත්‍යධුරයක් දරු මාධ්‍ය ආයතනයක් ද හිමි ව්‍යාපාරිකයෙකි.

 

එම සැලසුම ක්‍රියත්මක වන ආකාරය පිලිබඳ මේ වන විට අප වෙත් තොරතුරු ලැබී තිබෙනවා.

 

ජනතා අප්‍රසාදයට ලක්ව ඇති පොදුජන පෙරමුණ පක්ෂයේ බහුතර කැමැත්ත රනිල් වික්‍රමසිංහ මහතා ට ඇති බවට මාධ්‍ය ඔස්සේ පුවත් නිර්මාණය කොට ඔහු කෙරෙහි ජනතා අප්‍රසාදයක් නිර්මාණය කිරීම එහි පළමු සැලසුමයි.

 

එහිදී රනිල් වික්‍රමසිංහ මහතාට සහය පල කිරීම සඳහා මන්ත්‍රීවරුන් බිලී බා ගැනීමට රුපියල් කෝටි ගණනින් ලංසු දමා ඇති බව පවසමින් තව දුරටත් ජනතාව තුළ රනිල්    වික්‍රමසිංහ මහතා පිළිබඳව  ජනතා අප්‍රසාදය  දියුණු කිරීම  එහි අනෙක් සැලසුමයි.


 මේ වන විට  විපක්ෂයේ බහුතර බලය  හිමි සමගි ජන බලවේගය පක්ෂය ද එම කුමන්ත්‍රණයට  සම්බන්ධ කර ගැනීමට  ඔවුන් සූක්ෂමව  සැලසුම් කර  ඇති බවද  දැනගන්නට තිබෙනවා.


  එහිදී ඩලස් අලහප්පෙරුම සහ   සජිත් ප්‍රේමදාස පාර්ශවය අතර  සහයෝගීතාවයක්  නිර්මාණය කොට    ඩලස් අලහප්පෙරුම මහතා  ජනාධිපති ධුරයටත්   සජිත් ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍ය ධුරයටත්  පත්කර ගැනීමට  එකඟතාවය පළ කර ගෙන ඇති බවට ද  දැනගන්නට තිබෙනවා.

 

රාජපක්ෂ පාලනය පිළිබඳ කලකිරී  සිටින   පොහොට්ටුවේ කණ්ඩායම සහ  විපක්ෂයේ පිරිස  අතර ඒකාබද්ධ සන්ධානයක් ලෙස  මෙය ජනගත කිරීමට  නියමිතව තිබෙනවා.


මෙම  සූක්ෂම සැලසුම පොදුජන පෙරමුණේ සහ  විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් වසන් කරමින්   මාධ්‍ය  මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට ද  විශාල මුදලක් වැය කර ඇති බවට  තොරතුරු දැන ගන්නට ලැබෙනවා.


 එමෙන්ම  පොදුජන් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම   හිටිහැටියේම රාජපක්ෂ විරෝධියකු බවට පත් කර පෙන්වීමට අදාළ මාධ්‍ය ක්‍රියාන්විතයක් ද මීට සමගාමීව පසුගිය දින කිහිපයේ ක්‍රියාත්මක වුණා.

  ජනාධිපතිවරයාගෙන් ඉල්ලා අස්විය යුතු බව  ඩලස් අලහප්පෙරුම ඇතුළු මන්ත්‍රීවරුන් 47 දෙනකු  සදහන් කරන බව දක්වමින්  නිර්මාණය වූ පුවත, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම හා කංචන විජේසේකර ගේ නිර්දේශ මත දකුණු පළාත් සභාවේ තනතුරු වලට පත් කර ඇති සියලු දෙනා වහා ඉවත් කරන්නැයි බැසිල් රාජපක්ෂ මහතා විසින් දැනුම් දීමක් කර ඇති බව දැක්වුණු පුවත මෙන්ම දකුණු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සභාපති ධුරය දරන ලද ක‍්‍රිෂාලි මුතුකුමාර වහාම ඉවත්කර ඒ වෙනුවට අරුණ ගුණරත්න නම්  රාජපක්ෂ පවුලේ හිතවතෙකු   පත්කර ඇති බවට  වාර්තා වූ පුවත ද  මේ අයුරින්  ඩලස් අලහප්පෙරුම පාර්ශවය සහ  රාජපක්ෂ පාර්ශවය අතර  විරසකයක් පවතින බව  සමාජයට ඒත්තු ගැන්වීම සඳහා  නිර්මාණය කරන ලද  සිද්ධි සහ අවස්ථා  මේ වන විට හෙළිව තිබෙනවා.

  මේ සියල්ල සිදුවන්නේ මැයි නව වැනිදා සිදුවූ ප්‍රහාරය සමඟ  රාජපක්ෂ කණ්ඩායම  රනිල් වික්‍රමසිංහ  සිය ගැලවුම්කරුවා බවට පත්කරගත් නමුත්  පසුව  ඔවුන් අතර දැඩි විරසකයක්  නිර්මාණය වී ඇති පසුබිමකයි.

   ආර්ථික කළමනාකරණයට  අදාළ ප්‍රධාන ආයතන වලට  ප්‍රධානීන් පත් කිරීම,මුදල් අමාත්‍යාංශයේ කටයුතු පාලනය කිරීම, පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන්  එක්සත් ජාතික පක්ෂයේ  හිටපු  ඇමතිවරුන්  කිහිපදෙනෙකුට  අවස්ථාව ලබා දීම  වැනි යෝජනා සහ තවත් සිදුවීම් කිහිපයක්  සම්බන්ධයෙන්  මෙම මත ගැටුම නිර්මාණය වී තිබුණා.


  මෙරට  ප්‍රකට කැසිනෝ ව්‍යාපාරිකයෙකු වන   ධම්මික පෙරේරා මහතා රනිල් වික්‍රමසිංහ මහතාට   බරපතළ ප්‍රහාරයක් එල්ල කරන්නේ   එම විරසකය ප්‍රතිඵලයක් ලෙසයි.


  අවසන් මොහොතේදී   රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත් වුවහොත් ඔහු  සිය දේශපාලන කීර්තිනාමය ආරක්ෂා කරගැනීම වෙනුවෙන්  රාජපක්ෂ  කඳවුරට බරපතල ලෙස බලපෑම් ඇති කළ හැකි  තීන්දු කීපයට අවතීර්ණ වීමට සූදානම් වන බවට  ලැබී ඇති තොරතුරු ද  රනිල් වික්‍රමසිංහ මහතාගේ  දේශපාලන ගමන අවසන් කිරීමට  රාජපක්ෂලා තීරණය කිරීමට ප්‍රධාන හේතුවක් වූ බවද පැවසෙනවා.


 රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස ගිනි තැබීම පිටුපසද  මීට සම්බන්ධ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බවට ද  කතාබහක්  මේ වන විට නිර්මාණය වී තිබෙනවා.


ඔන්න අහගනිං පැතුම් කර්නර් vs අනුරුද්ධ බංඩා ස්ටෝරිය





මේ වෙලාවෙ උබලා දන්නවා ලොකු තරඟයක් තියෙනවා පැතුම් කර්නර් සහ අනුරුද්ධ බංඩාර අතර.. 😂

දෙන්නා මුලින් එක පතේ බත් කෑවෙ.. අමුඩෙයි  ෆුෆයි වගෙ ලව් එකෙ හිටියෙ. පැතුමගෙ ගෝලයා ඒ කාලේ බංඩා. පස්සෙ පස්සෙ දෙන්නා එක එක ඒවට නොරොක් උනා.. ඒක පොඩ්ඩක් වැඩි උනා බංඩා ලොකප් උනාට පස්සෙ. බංඩා හිරේ ගිහින් ෆලෝවර්ස්ලා ටිකක් හැදුනම ඌ කල්පනා කරන්න ඇති

" කෞ ද ඩො පැතුම් කියන්නෙ? මමනෙ මෙතන ෆේමස්ම පොර " කියලා.😂

ඒ පාර පැතුම්ට මුක්කු ගහන් හිටපු බංඩා එලිපිටම වෙනම ගමනක් යන්න ගත්තා. ආරංචි විදියට බංඩා පෙරට්ටෙක් උනා!! ( රහසිගත ආරංචියක් අනූව මේ වෙද්දි බංඩා පෙරට්ටෙක්) 

දැන් දෙන්නම අරගලේ බොස්ලා.. එකිනෙකාට සෙකන්ඩ් වෙන්න පදිරි වෙන්න කැමති නැති බොස්ලා.

මුං දෙන්නගෙන් එකෙක්ටවත් සැබෑ අරගලයක් කරන්න ඕන්නෑ කියලා මන් උබලට මුල ඉදන් කිව්වා. උබලා මාව කන්න හැදුවනෙ. දැන්වත් මොලේ ඇතුව හිතහන්

මුල ඉදම් මංදිර අල්ලන පික් ශුව තදටම තිබ්බ මංදිර මේනියාකාරයා තමා බංඩා.. ඌ මංදිර ටික හිතේ හැටියට කෑවා.. ඌ හිතුවා ඒකෙන් ඌට දේශපාලන ප්‍රතිරූපයක් හදාගන්න. ඇත්තටම මොලේ කලදක් නැති අලබෝල අතර ඌ එහෙම ඉමේජ් එකක් හදා ගත්තා.. 😂

එක පාරම මේ මහා විනාසෙට මිනිස්සු එකා දෙන්නා එරෙහි වෙද්දි බංඩා කල්පනා කලා දැන් මේ වැඩේ ඇති. මේ මංදිර ඇල්ලීම දිගටම කලොත් උගෙ අනාගත දේශපාලන ජිවිතේට ලොකු අනාගතයක් නෑ කියලා.

ඒ අස්සෙ ටික දවසක් යට ගිහින් හිටපු පැතුම් කර්නර්ට මේක කාලා ඇදලා ඉන්න බැරි උනා. ඌ බය වුනා බංඩා ඌට වඩා අරගලේ පොරක් වෙයි කියලා.😂😂

ඒ බය වුන පාර පැතුමා පොඩ්ඩක් ටූ ලේට් වෙලා හිතුවා 

" මෙවෙලෙ අහිමි උන ජනප්‍රියත්වය රැකගන්න තියෙන හොදම විදිය බංඩා වගේ මංදිර අල්ලන්න යෑම කියලා"

පැතුමා ඒ ක්‍රියාමාර්ගයට අවතීර්ණ වෙලා තමුන්ගෙ ලයිව් වලින් මිනිස්සු මෙහෙයවන්න ගත්තා කථා නායක නිවස හා පාර්ලිමේන්තුව වටලන්න.. 😁

හැබැයි මේ වෙද්දි බංඩා තේරුම් අරන් හිටියේ තව තව මංදිර අල්ලන්න ගියොත් තමුන්ට යන එනමං නෑ කියලා. ඒ වගේම නීතීඥ සංගමෙන් බංඩාට අවවාද ලැබුනා 

" ඔහේ තව තව මංදිර අල්ලලා ලොකප් උනොත් ඔන්න මේ පාර අපි නෑ පුතෝ කියලත්"

මේ ඔක්කොම කල්පනා කරපු බංඩා පටස් ගාලා හොඳ බබා වෙලා තමුන්ගෙ ට්‍රැක් එක මාරු කලා😂😂

මෙච්චර කල් මංදිරමේනියාව ඉස්මුරුත්තාවට ගිහින් තිබුන බණ්ඩා පෝස්ට් දාන්න ගන්නවා මැරිලා ඉපදිලා වගේ

" ගොඩනැගිලි අත්පත් කරගැනීමෙන් අප ලබන ජයක් නැත @ කියලා😂😂

එහෙම දාලා පැතුමාගෙ පාර්ලිමේන්තුව වැටලීම අලකරන්න හදනවා..😂😂

එතකොට බණ්ඩාට දඹුලු ගිහින් තලගොයෙකුත් මරාගත්තෑකි..

මේ ස්ටෝරිය කියවලා උබලම තීරණෙ කරපන් අනුරුද්ධ බංඩාරද? පැතුම් කර්නර්ද වඩාත්ම කපටි කියලා 🤣🤣

මේවා උබලට කොටලා පෙව්වත් වැඩක් නෑ. තව ජාතික වීරයො දෙන්නට දිදී හිටපල්ලා.  මැටි භාජන ටික 😂😂

පුළුවන් නම් තේරුම් ගනින්! නැත්තම් මටම බැනපන්! 

Chanya Herath ✍🏻