Thursday, November 17, 2022

මන්ද පෝෂණය මැඩලීමට - චන්ද්‍රිකා නායකත්වය ගනියි

ජනාධිපති ලේකම් කාර්‍යාලය සහ සිවිල් සමාජ සංවිධාන හා ඒකාබද්ධ කරගෙන  දරුවන්ගේ මන්ද පෝෂණය මැඩලීමට යාන්ත්‍රණයක් නිරමාණය කිරීම හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය විසින් අරඹා තිබේ. එහි දෙවන රැස්වීම පෙරේදා (16) පැවති ඒ පිළිබඳ ඇයගේ කාර්‍යාලය නිවේදනයක් නිකුත් කර තිබේ. එය මෙසේය. -:

"






ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සඳහා වූ ජාතික ඒකාබද්ධ යාන්ත්‍රණයේ දෙවන රැස්වීම 2022 නොවැම්බර් 16 වන දින හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියගේ සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ ආහාර සුරක්ෂිතතා අංශයේ ජනාධිපති අතිරේක ලේකම් චාන්දනී විජේවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි. එම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් එම්.එන් රණසිංහ මහතා ද හිටපු අධ්‍යාපන ලේකම් වෛද්‍ය ටාරා ද මෙල් මහත්මිය ද දැනට පාසල් දරුවන්ට දිවා ආහාරය ලබා දීමේ නියුතු අවායා සංවිධානයේ විජිත නානායක්කාර සහ මේ වන විට පාසල් සිසුන්ට ආහාර ලබා දෙන සිවිල් සංවිධාන නියෝජිතයන් පිරිසක් ද සහභාගී වූහ.

වර්තමානයේ දරුවන් අතර පවතින මන්දපෝෂණය පිළිබඳ ගැටලුවට පිළියම් යෙදීමේ අවශ්‍යතාව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය අවධාරණය කළාය. රටවල් 200ක් අතරින් දරුණුම මන්දපෝෂණය පවතින රටවල් දහය අතරට ශ්‍රී ලංකාව මේ වන විට ඇතුළත්ව ඇති බවත් අවුරුදු පහට අඩු දරුවන්ගෙන් 20%කට අධික ප්‍රමාණයක් දැඩි මන්දපෝෂණ තත්ත්වයෙන් පෙළෙන බවත් ඇය මෙහිදී පෙන්වා දුන්නාය.

-         කිරි, බිත්තර සහ එළවළු නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා ක්‍රියාකාරී සැලසුම් කඩිනම් කිරීම.

-         විදේශ ආධාර මත අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන දරුවන්ට දිවා ආහාරය ලබාදීමේ වැඩසටහන විධිමත් කිරීම.

-         ආහාර සැපයීමේදී සිවිල් සංවිධානවල දායකත්වය පුළුල් ලෙස ලබා ගත හැකි ආකාරය.

යන කරුණු පිළිබද සාකච්ඡා වූ අතර එය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට   තීරණය විය.

රජයේ පාර්ශ්වකරුවකු ලෙස නොව සිවිල් සමාජ නායකයින් සමග නිස්සරණාධ්‍යාශයෙන් මේ වැඩසටහන සාර්ථක කර ගැනීම සදහා කැප වන බව ඇය අවධාරණය කළා ය.


2023 අයවැය සාරාංශ

 

2023 වර්ෂය සඳහා රජයේ අයවැය ලේඛණය සඳහා ජනාධිපති කාර්යාලය විසින් අයවැය සාරාංශයක් ඉදිරිපත් කර ඇත. අයවැය පිළිබද තේරැම් ගැනීමට එය වඩාත් පහසු වනු ඇත. රජයේ අයවැය ලේඛණය පසුගියදා ජනාධිපති මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.










Wednesday, November 16, 2022

උපන්දිනය සමරන්න ලංකාවට ආව ජනාධිපති






දකුණු අප්‍රිකාණු ජනාධිපති සිරිල් රම්පෝසා මහතාගේ 70 වැනි උපන්දිය ශ්‍රීලංකාවේදී සැමරීය.  විදෙස් සංචාරයකට එක්ව නැවත සිය රටට යන අතර තුරදී ශ්‍රී ලංකාවට පැමිණි රම්පෝසා මහතා කටුණායකදී උපන්දින සැමරුම් අවස්ථාවට එක්විය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද එම අවස්ථාවට එක්විය.
Visiting South African President Cyril Ramaphosa celebrated his 70th Birthday at the SLAF base, Katunayake yesterday during his short visit to the island. President Ranil Wickremesinghe joined in the celebration 













සියලු මන්ත්‍රීවරුන්ගේ වත්කම්බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කරන්න නීති වෙනස් කරමු

 


සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වත්කම්බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කිරීමට හැකිවන ආකාරයට නීතිය වෙනස් කිරීමට කටයුතු කරන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද(17දා) පාර්ලිමෙන්තුවට යෝජනාවක්  කළේය. අයවැය දෙවනවර කියවීමේ විවාදයට එක්වෙමින්

සියලු මන්ත්‍රීවරුන් ඒ සඳහා පක්ෂව ඡන්දය දෙනු ඇති බවත් සියලු මන්ත්‍රීවරුන්ගේ වත්කම්බැරකම් ප්‍රකාශ කිරීමට පාර්ලිමේන්තු වෙඩ්අඩවියේ අවස්ථාවක් ලබාදෙන ලෙසද හෙතෙම ඉල්ලීමක් කළේය.

ඒ සඳහා පිළිතුරු දෙමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එකතුව ඒ සඳහා යෝජනාවක් ගෙන එන ලෙසය.

රී ලංකාවේ ව්‍යාපාර පහසු කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තු කමිටුවක්

ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ නැංවීම සම්බන්ධයෙන් පැන නැඟී ඇති ප්රායෝගික ගැටලු හා දුෂ්කරතා අධ්‍යයනය කිරීමටත්, ඒ පිළිබඳව යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට සාමාජික මන්ත්‍රීවරයන් පත් කෙරේ...

ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ නැංවීම සම්බන්ධයෙන් පැන නැඟී ඇති ප්රායෝගික ගැටලු හා දුෂ්කරතා අධ්යයනය කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති ධූරය සඳහා පාර්ලිමේන්තු මන්ත්රී ගරු මධුර විතානගේ මහතා පත් කළ බව කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා අද (16) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

ඒ් අනුව එම කාරක සභාවේ සෙසු සාමාජිකයන් ලෙස   නසීර් අහමඩ්, අරවින්ද් කුමාර් නීතිඥ අනුර ප්රියදර්ශන යාපා, ධර්මලිංගම් සිද්ධාර්ථන්,  මොහමඩ් මුසම්මිල් , චමින්ද විජේසිරි, වරුණ ලියනගේ, සංජීව එදිරිමාන්න, නාලක බණ්ඩාර කෝට්ටේගොඩ ,කෝකිලා ගුණවර්ධන , ලලිත් වර්ණ කුමාර යන පාර්ලිමේන්තු මන්ත්රීවරයන් පත් කොට තිබේ.



සාංචි මහාබෝධි මහෝත්සවය

 


 
සාංචි චේතියගිරි  මහා විහාරය කේන්ද්‍ර කරගනිමින් වාර්ෂිකව පවත්වන සාංචි මහාබෝධි මහෝත්සවය මෙවර 26 සහ 27 යන දෙදින උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි ශ්‍රී ලංකා මහා බෝධි සංගමයේ  සභාපති හා සාංචි චේතියගිරි විහාරාධිපති  අති පූජ්‍ය බානගල උපතිස්ස නා හිමියෝ පවසති.

ඉන්දියානු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්  ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් කනිංහැම් මහතා 1851සාංචි නටබුන්වල කරන ලද ගවේශණයක දී සොයාගත්  සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවක  මහ රහතන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලා තැන්පත් කර 1952 සාංචි චේතියගිරි විහාරය ඉදිකර තිබේ.

එවකට බෝපාල් පාලක නවාබ්තුමා පරිත්‍යාග කළ ඉඩමක ඉදිකළ මෙම විහාර ගර්භයෙ  තැන්පත් කර ඇති අග්‍ර ශ්‍රාවක ධාතූන්  වහන්සේලා වසරකට වරක් එම විහාර ගර්භයෙන් විහාර මන්දිරයට වැඩම කර මහජනයාට වන්දනාමාන කිරීමට අවස්ථාව සලසාදීම  මහාබෝධි මහෝත්සවයේ ප්‍රධාන කාර්ය බව පූජ්‍ය බානගල උපතිස්ස නා හිමියෝ පවසති.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස මධ්‍ය ප්‍රදේශ් රජයේ සංචාරක හා සංස්කෘතික අමාත්‍ය ඌෂා තකූර් (Usha Thakur) මහත්මිය  සහභාගී වන බවත්,මධ්‍යප්‍රදේශ් රජයේ සෞඛ්‍ය හා මහජන සෞඛ්‍ය පිළිබඳ අමාත්‍ය වෛද්‍ය ප්‍රභූරාම් චෞද්‍රි මහතා (Dr.Prabhuram Choudhary) සහ මධ්‍ය ප්‍රදේශ අතිරේක පොලිස්පතිනි අනුරාධා ශංකර් සිංග් මහත්මිය ද සහභාගි වන බව සාංචි චේතියගිරි විහාරාධිකාරි බානගල විමලතිස්ස හිමියෝ පවසති.

ඉන්දියාවේ නවදිල්ලි ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා මෙවර සාංචි මහාබෝධි මහෝත්සවයේ සුවිශේෂී ගෞරවනීය ආරාධිතයා ලෙස සහභාගී  වන බව ද විමලතිස්ස හිමියෝ පවසති.

ඊට අමතරව වියට්නාමය ,තායිලන්තය ,සිංගප්පූරුව ,ජපානය සහ ශ්‍රී ලංකාව  යන රටවල බෞද්ධ සැදැහැවතුන් ද ඉංදියාවේ සෑම ප්‍රාන්තයකින්ම බෞද්ධ සැදැහැවතුන් ද මෙවර සාංචි මහබෝධි මහෝත්සවයට  සහභාගිවීමට නියමිත බව සාංචි විහාරවාසී උඩුගම තපස්සි  හිමියෝ පවසති.