Saturday, July 16, 2022

බැසිල්ගේ කුමන්ත්‍රණය හරියයි ද?

 


ශ්‍රී ලංකාවේ මීළඟ ජනාධිපතිවරයා තෝරා ගැනීමේ සටනට චීනය ප්‍රබල ලෙස මැදිහත් වී ඇති බවට මේ වන විට විශ්වාසනීය ආරංචි මාර්ග තහවුරු කරයි. ඒ වෙනුවෙන් චීන තානාපති කාර්යාලය විශාල වශයෙන් මුදල් වියඳම් කරන  බවත්, ප්‍රධාන දේශපාලන පක්ෂ නායකයන් සහ මාධ්‍ය ආයතන වෙත ඉතා යහමින් මුදල් පොම්ප කරන බවත් එම ආරංචි මාර්ග තවදුරටත් තහවුරු කරයි.

රටේ පවතින ආර්ථික අර්බුදයෙන් ගැලවීමට වෙනත් කිසිදු මගක් නොදුටු නිසා රනිල් වික්‍රමසිංහට අගමැති ධුරය ලබා දුන්න ද, ඔවුන් රනිල් කවුදැයි හොඳින් හඳුනාගෙන සිටිති. රනිල්ට බලය ලබා දීම හරහා තමන්ට කිසිදු ලෙසකින් වත් ආරක්ෂාවක් නොලැබෙන බව ඔවුන්ගේ විශ්වාසයයි. 

යහපාලන සමයේ පවා රනිල්ගෙන් රාජපක්ෂවරුන්ට සහනයක් ලැබුණේ නැත. මෛත්‍රීපාල සිරිසේනගේ ආරක්ෂාව නොලැබෙන්නට ගෝඨාභය පවා මෙ වන විට සිටින්නේ සිරගත වය.

රනිල්ගේ මැදිහත්වීම මත ඇති කළ මූල්‍ය අපරාධ කොට්ඨාශය FCID ආරම්භ කළ පරීක්ෂණ සිරිසේන අතර මග නවතා නොදමන්නට ඔවුන්ට විශාල අකරතැබ්බයන්ට මුහුණ දීමට සිදු ව තිබුණි. ඒ නිසා මේ මොහොතේ රාජපක්ෂවරුන්ට රනිල්ට වඩා සිරිසේනව විශ්වාසජනකය. ඊටත් වඩා ඔවුන් මහින්ද රාජපක්ෂගේ අතිජාත ශිෂ්‍යයෙකු වන ඩලස් අලහප්පෙරුම විශ්වාසජනක ය.

ඩලස් දේශපාලනික ව ගොඩනැගුවේ අනුර බණ්ඩාරනායක වුව ද, ඔහුගේ පූර්වාදර්ශය වූයේ මහින්දයි. ඒ නිසා ඩලස්ට මහින්ද වෙනුවෙන් කළ නොහැක්කක් නොමැත. චන්ද්‍රිකා පාලන සමයේ ඇමෙරිකාවට පැන ගොස් සිටි ඩලස් නැවත් බැසිල් සහ ‍ගෝඨාභය සමග ලංකාවට පැමිණෙන්නේ ද 2005 මහින්දගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය වෙනුවෙනි.

ඩලස්ගේ පමණක් නොව රාජපක්ෂවරුන්ගේ  ගැලවුම්කාරයා වන්නේ ද චීනයයි. ඩලස් පමණක් නොව විමල්, වාසු, සිරිසේන පෝෂණය කරන්නේ ද චීනයයි. ඒ නිසා මේ මොහොතේ රනිල්ට විරුද්ධව මේ සියලු පාර්ශව එකට කඳවුරු බැඳගෙන් සිටිති. ඔවුන් පහර ගසන්නේ මුහුණුට මුහුණ නොව ගරිල්ලා ක්‍රමයකට ය. පළමු පහර දීම සිදු කළේ පොහොට්ටුවේ සහාය රනිල්ට ලබා දෙන බව පවසමිනි. ඔවුන්ට සැබෑ ලෙසම රනිල්ට සහාය ලබා දීමට අවශ්‍යව තිබුණේ නම් මේ වන විට ඉතා දැඩිව ජනතා අප්‍රසාදයට ලක්ව සිටින පොහොට්ටුවේ සහාය රනිල්ට ලබා දෙන බව පවසන්නේ නැත. එවිට රනිල් ජනතා අප්‍රසාදයට ලක් වන බව ඔවුන් නොදන්නවා නොවේ. ඒ සියල්ල බැසිල්ගේ සූක්ෂ්ම සැලසුම් ය. මේ වන විට රාජප්කෂවරු ප්‍රමුඛ පොහොට්ටුවේ කොටසක්, සජිත් ප්‍රමුඛ සජබෙ කොටසක් වගේම සිරිසේන ද එකට එක්ව අවි අමෝරා ගෙන සිටිති.

ඒ අතර මේ ආර්ථික අර්බුදය පිළිබඳ සැබෑ අවබෝධයක් සහිත එම පක්ෂ තුනේ මධ්‍යස්ථ මතධාරී පිරිසක් රනිල් සමග පෙරට පැමිණ තිබේ. මේ ආර්ථික අර්බුදය විසඳීමේ එකම හැකියාව ඇති පුද්ගලයා රනිල් පමණක් වන නිසා චීනය සහ රාජපක්ෂ රෙජිමයේ අපේක්ෂාවලට වඩා මහජන අවශ්‍යතාව ජයග්‍රහණය කරනු ඇති බන අපේ විශ්වාසයයි. එහෙත් ඒ දූරදර්ශී තීර්ණය ගත යුත්තේ 225ක් වන මහජන නියෝජිතයන් විසිනි. ඔවුන් ගන්නා වැරදි තීරණයක් නිසා මහජනයා කබලෙන් ලිපට වැටුනොත් ඔවුන්ගේ ගෙවල් පමණක් නොව උන් හිටි තැන් ද නැති වන තරමට මහජන විරෝධය දැඩි විය හැකි බව අපේ තක්සේරුවයි. අපට කළ හැක්කේ බලා සිටීම පමණි.

ජනාධිපති අපේක්ෂකත්වයට නවකයින් යොමුකර රට අරාජික කරන්න එපා - මහා සංඝරත්නය

 

 


 

මේ අවස්ථාවේ රටේ ජනාධිපති ධුරයට පත්විය යුත්තේ වර්තමාත තත්වය කළමණාකරණය කළ හැකි අත්දැකීම් සහිත පුද්ගලයෙක් බව  මහානායක හිමිවරුන්ගේ අදහස වී තිබේ.

නව පුද්ගලයෙකු ජනාධිපති ධුරයට පත්කරගනිමින් තවදුරටත් අත්හදා බැලිම් සිදුකිරීමට මේ අවස්ථාවේදී කාලයක් නොමැති බවත් රට බංකොළොත් බවින් ගලවාගැනීමට මෙන්ම ආර්ථික සමාජීය වශයෙන් ශක්තිමත් කිරිමත් විදෙස් සම්බන්ධතා ගොඩනගා ගනිමින් රාජ්‍යය ශක්තිමත් කිරීමත් අලුතින් පත්වීමට නියමිත ජනාධිපතිවරයා සතු අභියෝග බවද මහානායක හිමිවරන් ඇතුළු භික්ෂුන්වහන්සේලා අතර සාකච්ඡාවක් සිදුවී තිබේ.

ඒ අනුව විවිධ පුද්ගලයින් ජනාධිපති ධුරය සඳහා අපේක්ෂකත්වයට ඉදිරිපත් කිරීමට ප්‍රථම මේ සම්බන්ධයෙන් අවධානය යොමුකරන ලෙසත්  පුද්ගලික අපේක්ෂාවන් වෙනුවට රට පිළිබඳ සිතා තීරණ ගන්නා ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිමීට උන්වහන්සේලා අතර කතාබහක්  ඇතිවී ඇත.

ඒ අනුව රට ආරාජික කරන තීරණවලට එළඹෙන් වළකින ලෙස පොදුජන පෙරමුණ , සමගි ජනබලවේගය,  ජනතා විමුක්ති පෙරමුණ යන පක්ෂවල මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කිරීමට ද උන්වහන්සේලා එකගතාවයකට පැමිණි බවද වාර්තා වේ.

දැනට ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ප්‍රකාශයට පත්කර ඇති ඩලස් අලහප්පෙරුම මහතා තවම ජාතික නායකයෙකු නොවන බවද ඒ සඳහා තවත් කාලයක් ගතවනු ඇති බවද  , සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපතිවීමට  තවත් අත්දැකීම් අවශ්‍ය වන බවද උන්වහස්ලා අතර සාකච්ඡාවී ඇති බවද වාර්තා වේ.

දළඳ වහනසේගේ භාරකරත්වය අස්ගිරි පාර්ශවයට භාරදිම පසුගියදා දළාදා මාලිගාවේදී  සිදුවුන අතර මල්වතු මහානායක හිමියන් සහ අස්ගිරි මහා නායකහිමියන් මේ අවස්ථාවට සහභාගී වු අතර එහිදි මේ සම්බන්ධයෙන් වැඩිවශයෙන් සාකච්ඡා වී තිබේ.

එදින පස්වරුවේ සියලු මහානායක හිමිවරුන්ගේ එකඟතාවයෙන් මාධ්‍ය නිවේදනයක් ද නිකුත් වු අතර රට අරාජික නොකරන ලෙස එහි සඳහන් කර තිබුණි.

 

-        සවිනි වීරසේකර

 

 

මම අරගලයෙන් ඉවත් වුණේ ඇයි?


 ගෝඨාභය අතින් දරුණු ලෙසම  පීඩාවට පත්වූයේ මෙම සටහන ලියන කීර්ති රත්නායකය.ගෝඨාගේ සෘජු නියෝගයකින් මා   ත්‍රස්ත පනත යටතේ අත් අඩංගුවට ගෙන මාස 6ක් සිරගත කළේය


මා අරගලයය සමග එක්ව සිටි කාලය දින 7කි . එම අරගලයේ  ඇතුලාන්තය දැනගත් විගස ඉන් ඉවත් වීමි. අරගයයෙන් ඉවත්වීමට හේතු පහත පරිදිය


1. ආණ්ඩු පෙරලන  කුමන්ත්‍රණයේ මහ මොළකරු කුමාර් ගුණරත්නම්ය , ඔවු  දමිල ක්‍රිස්තියානියෙක්. සිංහල රෙජීමයට එරෙහි අයෙකි


2. මේ කුමන්ත්‍රණය මාධ්‍ය ආවරණය ලබා දෙන්නෙ රාජාමහේන්ද්‍රන් , ඔහු දෙමළ ක්‍රිස්තියානියෙක්. සිංහල රෙජීමයට එරෙහි අයෙකි


3. මේ කුමන්ත්‍රණයට නීති ආවරණය ලබා දෙන්නෙ නීතිඥ සංගමේ සභාපති සාලිය පීරිස් , ඔහු බොන් අගේන් ක්‍රිස්තියානියෙක්. මොහු බෞද්ධ රෙජීමයට එරෙහි අයෙකි


4. මෙම කුමන්තණයට විදෙස් තානාපති සහාය ලබා දෙන්නෙ ක‍තෝලික පල්ලියේ මැල්කම් රංජිත් , ඔහු සිංහල බෞද්ධයන්ට එරෙහිව දිය යටින් ගිණි ගෙනියන අයෙක්


5. මෙම කුමන්ත්‍රණයට මුදල් පොම්පකරන ප්‍රධනතම පාර්ශවය මුස්ලිම් ව්‍යාපාරිකයන්. ඔවුන් සිංහල බලකේන්ද්‍රය ගැන වෛරයෙන් සිටින පිරිසක් ( මාස්, බ්‍රන්ඩික්ස් , නෝ ලිමිට්, කූල් පැලැට්, ෆැෂන් බග්, හමීඩියා, බේරුවල ව්‍යාපාරික සංසදය  වැනි ආයතන පිළිබදව පුළුල් විමර්ෂන මේ වන විට සිදු වනවා.


6. කරුනානිධිගෙ පුතා ස්ටාලින් ( කලාපයේ  ක්රිස්තියානි ප්‍රධානියා) ලංකාවට කෙලවන්න ආධාර එව්වා. හිගා කන රටකට ණය දෙන්නේ නෑ . ඩොලර් ණයක් ගන්න තිබ්බ චාන්ස් එක නැති කළා


7. රවුෆ් හකිම්සහ  ස්ටාලින් උතුරු නැගෙනහිර එකතුකරන්න එකගයි. මේක මුස්ලිම් ජනයාට කරන ද්‍රෝහී වැඩක්. බෙදුම්වාදයේ පියවරක්


8. සිංහල බෞද්ධයෙක් අත ‍රැදෙන විධායකය අහෝසි කරන්න මුල් සියල්ල වලි කනවා.


9. 2009 පරාජය කළේ දෙමළ බෙදුම්වාදයේ මිලිටරි අංශය පමනයි. එහි දේශපාලන අංශය එදා සිට අද දක්වා ක්‍රියාත්මකයි. ඔවුන් මෙම කුමන්ත්‍රණයේ ප්‍රධාන භූමිකාවක් කරනවා


10. පාලකයන් ජාතිවාදී වයාපෘති වල ආයොජනය කිරීම නිසා සුළු ජාතීන්   සිංහල ජාතිය සමග වෛරයි. අවස්ථාව ලද විගස පලිගන්නවා. දැන් සිදු වන්නෙ එයයි


12. දෙමළ බෙදුම්වාදීන්  , ක්‍රිස්තියානි අන්තවාදීන් සහ   මුස්ලිම් අන්තවාදීන් සිංහලයාට එරෙහිව  ගරිල්ලා ප්‍රහාරයක් එල්ල කරමින් සිටී


13. කිසි දිනක ඡන්දයෙන් බලයට පැමිනීමට නොහැකි සජිත් , අනුර වැනි   දේශපාලකයන් රටේ පවතින අර්බුධය  බලය ලබා ගැනීම සදහා ඇමක් ලෙස භාවිතා කරමින් සිටී


බුද්ධිමත්ව සිතන්න, මේවා කාලාම සූත්‍රයට බහා බලන්න, මෙත් සිතිනි

රාජපක්ෂවාදය පරදවමු

 




රාජපක්ෂවරු පාලනයෙන් ඉවත් කළ පසු. රාජපක්ෂවාදය ද සම්පූර්ණයෙන් අවසන් වේ යැයි යමෙක් සිතන්නේ නම් එය මහ ම මහ විහිලුවකි. අපි පරාජය කළ යුත්තේ රාජපක්ෂවාදය මිස රාජපක්ෂවරු නොවේ. එසේත් නැති නම් රාජපක්ෂවරු විසින් මේ රටේ රෝපනය කර පෝෂණය කළ, මේ වන විට අතු ඉති වැඩී තිබෙන දූෂිත දේශපාලන , ආර්ථික සංස්කෘතියයි. 

රාජපක්ෂ කඳවුරට සිටි ප්‍රබල ප්‍රතිවාදීන් වූයේ චන්ද්‍රිකා කුමාරතුංග, මංගල සමරවීර සහ රනිල් වික්‍රමසිංහයි. චන්ද්‍රිකා දැන් ක්‍රියා කාරී දේශපාලනයේ නැත. එන බවක් ද නොපෙනේ.  ඇය වෙනත් චරිතයක් ගොඩනැගුව ද, ඇයට තිබෙන විශ්වාසය ඒ පුද්ගලයාට නොමැති බව රාජපක්ෂවරු දනිති. මංගල ජීවතුන් අතර නැත. එසේ නම් දැනට දේශපාලනයේ රාජපක්ෂවරුන්ට සිටින එකම ප්‍රතිවාදියා රනිල් වික්‍රමසිංහයි. 

අනුර කුමාර, සජිත් ප්‍රේමදාස ආදීන් එළියේ මහා දැවැන්ත ප්‍රතිවාදීන් ලෙස පෙනී සිටිය ද ඔවුන් හුදු නලුවන් පමණක් බව පරිණත දේශපාලනඥයෙකු වන මහින්ද රාජපක්ෂ හොඳින් ම දනියි. කිසිදු ලෙසකින් ප්‍රායෝගික නොවන මතවාද ගොන්නක් කර පින්නා ගෙන සිටින අනුර කුමාර හෝ, මහජනතාව අතර විහිලුවක් බවට පත්ව සිටින සජිත් තමන්ට අභියෝගයක් නොවන බව රාජපක්ෂවරුන්ගේ විශ්වාසයයි. 

කෙසේ හෝ රනිල්ගේ දේශපාලනය අවසන් කිරීමට රාජපක්ෂවරුන් කටයුතු කරන්නේ ඒ අනුව ය. එජාපය දෙකඩ වීමෙන් රනිල් නැමති හිසරදය අවසන් වූවා යැයි රාජපක්ෂවරු සිතුව ද, රනිල් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණියේය. එහෙත් තනි අලියා එතරම් අවදානමක් නැතැයි රාජපක්ෂවරුන්ගේ අදහස විය. 

පසුගිය මැයි මස 09 ඇති වූ සිදුවීමෙන් පසු ආර්ථිකය ස්ථාවර කිරීමත්, ජාත්‍යන්තරය දිනා ගැනීමත් වෙනුවෙන් ගෝඨාභය රනිල්ට අකමැත්තෙන් හෝ අගමැතිකම ලබා දෙන්නේ ගෝඨාභයට අසාර්ථක නායකයෙකු ලෙස ඔහුට තිබූ අකමැත්ත හේතුවෙනි.

එහෙත් මහින්ද හෝ බැසිල් රනිලාගමනය ප්‍රිය කළේ නැත. ඒ හරහා බැසිල්ගේ හා නාමල්ගේ දේශපාලන අනාගතය අවසන් වන බව ඔවුන් දැන සිටියහ. රනිල් ප්‍රසිද්ධියේ සටන් නොකළත්, ඉතා සූක්ෂ්මව රාජපක්ෂවාදය පරදවන බව දේශපාලනඥයන් වන ඔවුන් දෙදෙනා දනිති. ධම්මික පෙරේරා පාර්ලිමේන්තුවට පත් කර අගමැති කරවීමට උත්සාහ දරන්නේ ඒ අනුවය. කෙසේ හෝ ජූලි නමය ඇති වූ සිදුවීමෙන් පසු එය ද සාර්ථක වූයේ නැත. 

රනිල් අගමැති වූ පසුව බොහෝ දෙනෙක් අපේක්ෂා කළ පරිදි රාජපක්ෂවරුන්ට පිහිට වූයේ නැත. රාජපක්ෂවරුන්ගේ අදූරදර්ශී ආර්ථික ප්‍රතිපත්‍ති රටට හෙළි කරන්නේ රනිල් ය. ඔහු අරගලය ද පෝෂණය කළේ ය. ඔහුගේ මේ හැසිරීම දණ්ඩෙන් පහර කෑ නයෙකු ලෙස බැසිල් කුපිත කිරීමට හේතු විය.

දැන් පොදු හතුරා වෙනුවෙන් බැසිල් අලුත් ගේමක් ආරම්භ කර තිබේ. ඒ ඩලස්ව රජ කරවා ඉදිරියටත් රාජ්‍ය පාලනයේ අදිසි හස්තය රාජපක්ෂවරු සන්‍ය්හකයේ තබා ගැනීමටයි. බැසිල්ගේ අපේක්ෂාව ඩලස් ජනපති කරවා සජිත්ට අගමැතිකමද, නාමල්ට විපක්ෂ නායක කමද ලබාදීමටයි. එවිට ඉදිරි ආර්ථික අර්බුධයන්ට මුහුණ දීමට සජිත්ට නොහැකි වූ විට ඩලස් මෙන් ම සජිත්ගේ දේශපාලන ගමන අවසන් වනු ඇත. එවිට විපක්ෂ නායක නාමල්ගේ ඉදිරිය ඉබේටම ගොඩනැගෙනනු ඇත. 
ඔවුන්ගේ සිහිනය 2024 දී එවිට ඉබේටම සාර්ථකත්වය කරා යොමු වනු ඇත. 

සිරිසේනගේ සහ සජිත්ගේ ද පොදු හතුරා රනිල් වීම නිසා ඔවුන්ට මේ කුමන්ත්‍රණය ඉතාමත් පහසු බව බැසිල්ගේ අදහසයි. මුල දී රනිල්ට පක්ෂ ලෙස හිඳ අවසානයේ ජනමතයට හිස නමා ඩලස් වෙනුවෙන් පෙනී සිටීම ඔවුන්ගේ උපක්‍රමයයි. 

මේ සියලු බලවේගවල කුමන්ත්‍රණ රනිල්ට පරාජය කිරීමට හැකි වේදැයි නොදනිමු. එහෙත් එක දෙයක් දනිමු. රාජපක්ෂවරුන්ගේ අවසාන කුමන්ත්‍රණය අවසානයේ ජයගතහොත් එය අප සමස්ත රටේම පරාජයක් බව පමණක් දනිමු.


Friday, July 15, 2022

අරගලකරුවන්ට පක්ෂයි, කැරලිකරුවන්ට විරුද්ධයි. - රනිල්


 19 කඩිනමින් බලාත්මක කරනවා - වැඩබලන ජනපති ලෙස දිව්රුම් දෙමින් රනිල් කියයි.

19 වන ව්‍යවස්ථා සංශෝධනය නැවත වරක් කඩිනමින් බලාත්මක කිරීමට පියවර ගන්නා බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

වැඩ බලන ජනාධිපතිවරයා ලෙස අද පෙරවරුවේ දිව්රුම් දෙමින් අනතුරුව වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේබව සඳහන් කළේය.

, ලබන සතියේ පත් වන ජනාධිපතිවරයාට අදාළ කටයුතු ඉදිරියට සිදු කර ගෙන යාමට හැකි වන පරිදි අවශ්‍ය මූලික කටයුතු ආරම්භ කරන බවත්, මින් ඉදිරියට ජනාධිපතිවරයා හැඳින්වීමට අතිගරු යෙදීම සහ ජනාධිපති ධජය නීත්‍යානුකූලව ඉවත් කරන බවත්, වඩා ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ස්ථාපිත කරන බවත් වික්‍රමසිංහ මහතා මෙහිදී  වැඩිදුරටත් පැවසීය.


අරගලය ආරම්භයේ සිට සිටි පිරිස් අද වන විට ප්‍රචණ්ඩ ක්‍රියාවල නියුතුව සිටින කලහකාරීන්ගේ ක්‍රියා අනුමත නොකරන බවත් හෙතෙම පැවසීය. බිඳ වැටී ඇති දේශය ගොඩනැගීමට මේ මොහොතේ සියලු දේශප්‍රේමී පිරිස් එකට එක්තු විය යුතු බව අවධාරණය කළ වැඩ බලන ජනාධිපතිවරයා, පාර්ලිමේන්තුවෙන් පත්වන නව ජනාධීපතිවරයාට රට ගොඩ නැගීමට සහාය ලබා දිය යුතු බවත් අවධාරණය කළේ ය.

ගෝටා ඉවත් වීමෙන් පසු නැවතත් ඩොලර් එයි.


ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉවත් වූ පසු විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයන් රැසක් මේ වන විට නැවත නීත්‍යානුකූල ක්‍රමයට ඩොලර් මෙරටට එවීමට පටන් ගෙන බවට ආරංචි මාර්ග පවසයි.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉවත් වීමත්, රනිල් වික්‍රමසිංහ වැඩබලන ජනාධිපති ලෙස පත්වීමත් හරහා මෙරට ව්‍යාපාරිකයන්ට ද යම් විශ්වාසයක් ගොඩ නැගී ඇති අතර මෙරට ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක් ම මාධ්‍යයට අදහස් දක්වමින් ප්‍රකාශ කළේ මේ ජයග්‍රහණයෙන් උදම් නොවී පුළුල් ආර්ථික ප්‍රතිසංස්කාරණ සඳහා යොමු විය යුතු බවයි. ඒ සඳහා මෙරට සහ විදේශයන්හි ජීවත් වන ශ්‍රී ලංකිකයන්ගේ ද සහයෝගය අත්‍යවශ්‍ය වන බව ද ඔවුන්ගේ අදහසයි.

මේ මොහොතේ විදේශගත ශ්‍රී ලාංකිකයන් පොරොන්දු වූ පරිදි නැවත නියමිත ක්‍රමයට රටට මුදල් එවීමට කටයුතු කිරීම පිළිබඳ අප සැමගේ ස්තූතිය හිමි විය යුතු ය.